WebNovels

Chapter 31 - 30

අප්පච්චි මං මිනාල්ට කැමතියි...

මං දන්නෙ නෑ දෙයියනෙ මගෙ පපුව මේ තරම්ම නපුරු උනෙ කොහොමද කියලා.....දෙයියනෙ ඒ විතරක් නෙවෙ එයත් කිව්වා එයත් කිව්වා මිනාල් මාව බලාගනී කියලා හිතනවා කියලා.....

ඌ....ඌ කොහෙ කියලා මාව බලාගන්නද....ඇරත්....ඇරත් මගෙ හීනෙකවත් ඒකා ඉන්නවද.....??

හ්ම්....උඹ දැන් මිනාල්ටද කැමති.....එහෙමද උඹ දැන් කියන්නෙ....උඹ අර අරක්කු කාරයට කැමතියි.....

ඔව්....මං මිනාල්ට කැමතියි අප්පච්චි ..මං මිනාල්ට ආදරෙයි....එක රැයක් මාව තනියෙන් තියපු මිනිහෙක් එක්ක මට ජීවිතයක් තියනවද...හැමදේම දාලා මං මේ මනුස්සයව විස්වාස කරන් එලියට බැස්සා...එහෙම බැස්ස මට මොකද උනෙ අප්පච්චි ....මගින් අතරමන් උන එක.....මිනිස්සු කවුරුත් අතරමන් වෙන්න බලන් ආදරෙ කරන්නෙ නෑ...

අනික අරක්කු කාරයා කියන්නෙ...ඌ අරක්කු විකුනලා හරි මට කන්න දෙයි....

ඇත්තට කන්න දෙයි....උඹටත් දවස ගානෙම ඒකා එක්ක කූඩුවෙ ලැගන් හිරබත් කල්දේරම් බත් කන්න නම් පුලුවන් වෙයි.... උඹට ඒකවනෙ ඕනා....

එහෙනම් මේකත් මතක තියාගනින්...මිනිස්සුන්ට ආදරෙ කරලා මදිවට උන්ගෙනුත් ආදරේ අරගන මගදි ඒ හිත මරන එකත් එච්චර හොද නෑ කියන එක....එච්චර නෙවෙ කොහොමත් හොද නෑ කියන එක...මිනිස්සු මැරෙන්න බලන් බිදෙන්න බලන් ආදරෙ කරන්නෙ නෑනෙ.....එහෙමනෙ.....

තේජක....

.සුදූ....තමුසෙත් දැන් පාන්දර ඉදන් ඇහැරිලානෙ....??ගිහින් නිදාගන්නවා.... මූට අරක්කු කාරයෙක් එක්ක යන්න ඕනවෙලාලු.....ඔව්වා අහ අහ ඇහැරන් ඉන්න ඕනද??සමනල් යනවා ගිහින් අම්මා එක්ක දොයියපන්...උඹ හින්දා උඹගෙ බඩදරු අම්මත් නයිට් ඩියුටි....මල්ලි මේ වයසක මිනිස්සු ඔක්කොම...එතකොට මෙව්වා සාදාරනද සිහත්.....???හරි...ඒවලින් වැඩක් නෑ...උඹ මිනාල්ට ආදරෙයිනෙ...ආදරෙයිද කැමතිද...දෙකෙන් එකක් කියපන්....කමක් නෑ...මමම ඒකට උත්තරෙ දෙන්නම්.....කැමැත්ත ඇතිවෙලානෙ ආදරෙ ඇතිවෙන්නෙ...හරි උඹගෙ ඔය වචන වෙනස් වෙන්න බෑ හරිද...

උඹ කිව්වනෙ ඒකට ආදරෙයි කියලා....ඕකවත් හරියට කරන් යන්න බලනවා....තමුසෙට ඌව හොද නම් එච්චරයි ....ආය වචන එහා මෙහා කරන්න බැ....සිහත් හරිද...?

මට නෙවෙ හුස්මක් වැටුනෙ....මට නෙවෙ දෙයියනෙ ඇහැක් ඇරලා බලන්න හිතුනෙ ...නොදැන වැරදි කරන එක වෙනයි....ඒත් මං දැන් දැන දැනම කරන්නෙ හිතුවක්කාර කමට වැරද්දක්.....මම දැන දැනම කරන්නෙ ගමකට අඩන්න වෙන බව දැන දැන වැරද්දක්....මට ඕන උනෙ එක දෙයයි...කවුරුම හරි එකෙක් මගෙ පැත්තට ඇවිදින් ඔව්...සමුද්‍රත්වැරදි කියලා එක පාරක් මන් වෙනුවෙන් මගෙ ආදරෙ වෙනුවෙන් අනුකම්පාවක් පාන එකක් වෙනකොට මං ඒ වෙනුවෙන් දැන දැනම ගින්නට පැන්නා....

..අප්පච්චි හුස්මක් නැතුව බනිනවා...මගෙ අප්පච්චි මමයි එයාගෙ පුතා කියන එක අමතක කරලා දෙස් තියනවා...එහෙන් මගෙ සමුද්‍ර...වචන නැති ගොලු උනත් අනෙ ඒ ඇස් කදුලුවලින් තෙත් වෙවී යන හැට් මං ඇස් පනා පිටම දැක දැක කොහෙවත් යන එකෙක්ටයි කැමති කිව්වා...

...මගෙ වචන එහා මෙහා වෙන්නෙ නෑ අප්පච්චි .....මං මිනාල්ට කැමතියි....මං මිනාල්ට ආදරෙ කරන්න උත්සහ කරනවා....

ඕහ්....මයි...ගුඩ්...නස්....සිහත් අමාකර සෝලංගාරච්චි...බේබි... බේබි...බේබි...!!!....දයාසිරි...ඇහුනද මගෙ හුරතල් ප්‍රේමවන්තයා මොකක්ද කිව්වෙ කියන්න...එක්කො මට ඇහුනා වැරදිද........මේක නම් තනිකරම මිරකල් එකක් එහෙම නේද දයාසිරි?????

එ..එහෙමයි පුංචි බේබි.....

මාව රත්වෙලා ගියා...මං විතරක් නෙවෙ...මං හිතන්නෙ එක තත්පර ගානකට මුලු ගෙදරම හිටපු උන් හොල්මන් වෙලා යන්න ඇති....අප්පච්චි ගෙ දෙස් අහ අහ උන්න මගෙ කන පිටිපස්සෙන් එක දිහට ඇහුන අත්පුඩි සද්දෙත් එක්ක ආව කටහඩත් එක්ක පස්ස හැරිලා බලපු මට යනඑනමන් නැති උනා.....

මිනාලයා....වෙන කවුරුත් නෙවෙ...අච්චරත් ගුටි කාපු මිනාලයා....!!

මේ කාලකන්නියා උදේ පාන්දර කොහෙ යනවද දෙයියනෙ.....

වැදුන පාරවල් වල සැරෙ හැටියට තවමත් දම්ගැහුන තැන්වල පාට මැකෙන්නවත් හිතල නැති උනත් ඒකගෙ මූනෙ තිබුනෙ පුදුමාකාර අහංකාර හිනාවක් වෙනකොට උදේ පාන්දරම ජිම් හරි මොන රෙද්දක හරි ගියපු diesel බ්‍රෑන්ඩ් එකෙ තනි කලු බොටමක් වගේම ආර්ම් කට් එකයි ඒකෙන්ම ස්පෝර්ට් ශූස් දෙකයි දාන් උන්න මිනාලයා ඒකගෙ උරිස්ස උඩ තිබුන කෙටි තුවායෙන් මූන පිහන ගමන් මගෙ ගාවට ඇවිදින් හිටගත්තා....මං බලාගන ඒ සමුද්‍ර යටි තොල් හපාගන අහක බලනවා

ගුඩ් මෝර්නින් බේබ්....හෑව් අ වොන්ඩර්ෆුල් ඩේ කියලා මම ඔයාට කියනවට වඩා.....මේ ඇහුන දේවල් එක්ක ඔයා මට හෑව වොන්ඩර්ෆුල් ඩේ කියලා මට විශ් කරන එකයි නේද ගැලපෙන්නෙ ????අංකල්....ආන්ට්....ගුඩ්මෝර්නින්.....ආ.මගෙ චූටි මස්සිනත් ඉන්නෙ....

ම්හු...ක්....පප්පා.....තාත්තියේ....

මිනාලයා කියවනවා....ඒකා මගෙ අප්පච්චි අම්මා දිහා බලල ගුඩ්මෝර්නින් කියන ගමන් කට කොනින් හිනවේගනම ආයමත් මගෙ දිහා බලනවත් එක්කම මං ඒකගෙන් අඩියක් අහකට වෙන්න හැදුවත් ඌ කෙරුවෙම මගෙ සුදු අයියා දිහා බල බලම මගෙ ඉන වටේ අතක් යවලා මාව ඇදලා අරන් ඒකගෙ ඇගට තද කරගන මිරිකගත්ත එක ...ඒ විතරක් නෙවෙ මූ බයක් හැකක් නැතුවම මගෙ චූටි මල්ලිටත් කතා කරපු එක..ඒකා කතා කෙරුවත් හරි අනෙ සමනල් දූවලා ගිහින් සමුද්‍රගෙ අතේ එල්ලුනා....

මිනා....ල්...අතෑරපන්...

මොකටද.....???අතෑරපන්....බේබි...බේබි....දැන් තත්පරේකට කලින් මට කැමතියි කියපු උඹම අතාරින්න කියන්නෙ....මොකො....මාව සෙල්ලම්බඩුවක් වගේ පේනවද...දුන්න වචන අහම්බෙන් හරි මට ඇහුනා කියන්නෙ....දැන් ඒවා ස්තීර වෙලා ඉවරයි සිහත්....අනික තමුසෙගෙ මල්ලිව ලගට ගන්නවා....මං ඉන්න තැනම පොඩි එකා ගිහින් මොකද අරූගෙ ඇගේ එල්ලෙන්නෙ?

කිව්වම....අහලා...මාව.....අතෑරපන්.....මෙතන අම්මා අප්පච්චි ඔක්කොම ඉන්නවා මිනාල්...

මං දත්මිටි කාගන කෙදිරුවා...දෙයියනෙ....අනෙ අප්පච්චි පවා අහක බලනවා.....යටි තොල හපාගත්ත මගෙ සුදු අය්යා අත්වල නහර ඉලිප්පිලා පුපුරලා යනතරමට අතෙ ඇගිලි කිට් කිටියට මිටමොලවනකොට අර යකා මගෙ වචන තඹේකට මායින් නොකර මගෙ සමුද්‍රට පේන්නම මාව තව තවත් ඒකගෙ ඇගට තෙරපගත්තා.....

අම්මා අප්පච්චි උන්න දෙන්....දැන් මගෙනෙ...අරූ එක්කත් යනකොට එනකොට අම්මා අප්පච්චි උන්නනෙ නේද බබො???ඇයි දැන් මං එක්ක ඉන්න විතරක් ලැජ්ජාවක්??මටනෙ ආදරෙ කිව්වෙ....ඒක නිසා දුන්න වචන දැනෙන්න දීපන්....නැතුව ලැජ්ජ කරන්න ලෑස්ති වෙන්න එපා....

හැන්නදිගේ....පේනවනෙ....බඹරෙ කැරකෙන්නෙ ගැලපෙනම එකාගෙ පැත්තට...මං කිව්වනෙ...තමුසෙ කරනෙ කාලෙ කන වැඩක් කියලා...තමුසෙ සිහත්ගෙ පස්ස පාරෙ වැටුන වෙලේ ගිහින් සාල දැලක් වත් එලුවා නම් අඩුම ගානෙ අල්ලන සාලයින්ගෙන් කීරමින් වත් හදන්න තිබුනා.....

මිනාල්!!!

ශ්ශ්.....බේබි.....බේබි....මං දන්නවා...

ex ට බනිනකොට තවම රිදෙනවා කියලා...ඒත් දැන් ඒ ඉන්නෙ තමුන්ගෙ පරන කෑල්ලනෙ.....කරුනාකරලා නැති උන එකෙක් හන්දා මට සද්දෙන් කතා කරන එක නවත්තන්න හොදද....මං කැමති ඔය කට්න් මට ආදරෙන් කතා කරනවා අහන්න විතරයි ...ඇරත් මං කිව්වනෙ සිහත්....ගැලපෙන මිනිස්සු එක්කයි ඉන්න ඕන කියලා...කමක් නෑ පහු වෙලා හරි තේරුම් ගත්තනෙ . .ඒකත් ඇතිනෙ........මිනිස්සුන්ට වරදිනවා.....ඒක සාමාන්‍යයි

...හැන්නදිගෙ .....මොකෝ තවම මෙතන බුලත් දෙන්න ඕනද....???මං හිතන්නෙ සෝලංගාරච්චිගෙ පවුලට පිලිහිඩ්ඩෙක් ගැලපෙන්නෙ නෑ කියලා ආය ආය මතක් කරන්න ඕන නෑ....එහෙමනෙ ?????ආය ආය මතක් කරන්න ඕනා නම් මං මතක් කරන්නම් හැබැයි තමුන් තව ටැග් ගැහෙන එකෙ වෙන්නෙ හතර වට පිලිහිඩි ගද ගහන එක.....

............

අංකල් එයාෆ්‍රෙශ්නර් එකක් තියනවද???ශිහ් .මේ මුලු ගේත් එක්කම පිලිහිඩි ගදයි...ශිහ්...අංකල්ලාටත් පිස්සුනෙ ඕන එකාවයි එපා එකාවයි ඔක්කොම ගෙට දාගන්නවා...දයාසිරි අර කැබ් එකෙ තියන එයාෆ්‍රෙශ්නර් එක ගේනවා.....හැම් එකාවම ගෙට ගන්ඩ එපා අංකල්....බල්ලොත් එක්ක ලැග්ගම බලු මැක්කො එක්ක් නැගිටින්න වෙනවා වගේ තමයි පිලිහිඩ්ඩො එක්ක උන්නම තමන් ගාවින් එන්නෙත් අර පිලිහිඩි ගද....

මගෙ පපුව පුපුරන්න ආවා මගෙ පපුව වීදුරුවක් කුඩුකුට්ටන් වෙලා යන්න බිදෙන්නා හා සමානාව මගෙ හදවත කුඩුපටම් වෙලා ගියා...

හිතෙ තරහ පිරිමැහිල්ල කොහොම උනත් අර ජඩයා ගේත් එක්ක පිලිහිඩි ගදයි කියන ගමන් එයාෆ්‍රෙශ්නර් එකක් ඉල්ලනකොට හිතේ තිබුන ආවේගෙටම මන් මිනාල්ව තල්ලු කරලා ඇරියා...ඒකව අඩි දෙක තුනක් මගෙන් ඈතට විසි උනත් මොකද ඌ ආඩම්බරේට හිනා උනා....ආඩම්බරේට හිනා වෙවී ආයමත් මගෙ ගාවට ඇවිදින් හිටගත්තා.....

අප්පච්චි උන්නෙ තනිකරම මේ කිසිම දෙයක් ඇහෙන්නෙ නැති එකා ගානට වෙනකොට අම්මත් මගෙ දිහ බලාගන ඉදලා ඉදලා දෑතින්ම ඔලුව බදාගන සෝෆාවට වැටෙනවත් එක්කම සමුද්‍ර වෙන කාදිහාවත් නොබලා කටකොනින් හිනා වෙනගමන් මගෙ දිහා බලලා ලාවට ඔලුව දෙපැත්තට හෙලෙව්වා...හරියටම උඹටත් ඒ පිලිහිඩි ගද එනවද අහන්න වගේ.....ඒ එක්කම අරකා ආයම උරුම්පූට්ටු උනා.....

ඒ හැන්නදිගේ.....මොකො බුලත් දෙන්න ඕනද...?සිහත්ගෙ කටින්ම කිව්ව එක ඇහුනනෙ...??තමුසෙ දැන් කැපිලා අහවරයි....තමුසෙ මට දාපු පාර්ට් මං තමුසෙට ආපිට දාන්නෙ නෑ...හැබැයි තමුසෙ මගෙ මූනට කෙරුවෙ එසේ මෙසේ ඩැමේජ් එකක් නෙවෙ නෙ...ඒක නිසා සමාව අරන් පාඩුවෙ යනවා....මං තමුසෙට පිනට සමාව දුන්නා කියලා හිතාගන යන්න පුලුවන් ....අර ගැම්මට තියන ගැම්ම බල්ලට දාලා හරි කමක් නෑ සමාවෙන්න කියලා කියපන්....එතකොට මට පුලුවන් උඹට සමාව දෙන්න....

මිනාල්....ඕක ඇති...ඕක ඇති... තව තව ඇදන් යන්න එපා මිනාල්...

මං මින් එහාට භ්භ්භ්භ්භ්.....

ශ්ශ්...ඔයා හැන්නදිගෙ නෙවෙනෙ බබො ....මන් කතා කෙරුවෙ තමුන්ගෙ එක්ස් බෝයිට.... තමුන් හැන්නදිගේද.....නෑනෙ....???දැන් සෝලංගාරච්චි...බොහෝම ඉක්මනින් අමාකර රඹුක්වැල්ල....

හැබැයි කවදාවත් කාටත් කියන්න එපා මාලුකාරයෙක් එක්ස් කෙනෙක් කියලා....අංකල්ගෙ නමබුවටත් ඒක හොද නෑ... ඒ වගේම මගෙ නම්බුවටත් හොද නෑ....ඒක හන්දා හැන්නදිගේ තමුන්ගෙ එක්ස් කියන එක අපි සදහටම අමතක කරමු හොදද.....හොද ළමයා .....දැන් පැත්තකට වෙලා ඉන්න...මං දෙවනිපාර කියන්නෙ නෑ....වචන වලට වඩා මගෙ අතපය සෑහෙන වේගවත්.....මං කිව්වනෙ.....හතරවටම පිලිහිඩි නාවන්න එපා හොදද...මං කැමති නෑ....පිලිහිඩ්ඩගෙ මූන දකින්ඩ වත් මං කැමති නැ.....මාව තරහා ගස්සවන්න එපා....හැබැයි මගෙ තරහව වැඩි උනහම බබාටමයි රිදෙන්නෙ....

චටාස්!!!

හාදුවක්...ඒකා බයක් හැකක් නැතුවම බබාටමයි රිදෙන්නෙ කියන ගමං මට හාදුවක් තිබ්බා විතරයි මං අත දිගෑරලා ඒකගෙ කම්මුලට ගැහුවා

මගෙ අත වෙව්ලනවා....කොට්න්ම මගෙ ඇගිලි පවා පුපුරු ගහනවා....මිනාල්ටයි කැමති කියලා කියපු මමම හිතට ආව ආවේගෙත් එක්ක මිනාලයගෙ කන්ගැටේ රත් වෙන්න

.හහ්.....කැමතියි කියලා පැයක් යන්න කලින් ගහනවද...???කමක් නෑ..... දැන් මගෙනෙ නේ....කම්මුල් පාර අමතක වෙන්න මට ආදරෙ කරපන් හොදද....??

මාව වෙව්ලනවා...මිනලයා මගෙ කටට අත තියලා සුදු අයියා මගෙ එක්ස් කියන එක විතරක් කිව්වා මදිවට ඌ මගෙ සුදු අයියා බලාගන ඉන්නකොටම මගෙ කම්මුලට හාදුවක් තිබ්බා...ඒ එක්කම මං අතදිගෑරලම ඒකගෙ කම්මුලට පාරක් ගැහුවා...

ඒත් ඌ නෙවෙ ඒ කම්මුල් පාරට සැලන්ඩර් උනෙ...දෙයියනෙ මගෙ ඉහ පුපුරන්න වගෙ....මට දැනෙන්නෙම මාව මගෙම මිනිස්සු අතර අතරමන් උනා වගෙ හැගීමක්...මට දැනෙන්න් මුලු ලෝකයක් ඉස්සරහා නිරුවත් වෙලා ගියා වගේ හැගිමක්...අප්පච්චි .....වෙන කවුරුත් ඕන නැ....අරකා ඉඹිනකොට අප්පච්චි පවා කෙරුවෙ නොදැක්කා වගෙ උන්න එක වෙද්දි මගෙ පව් මටම තනියෙන් ගෙවන්න සිද්ද උනා...

හැන්නදිගේ...මොකද තමුසෙට තවම මං කියපුවා ඇහුන් නැද්ද....????

පිට අල්ලෙන් කම්මුල පිරිමැද පිරිමැද උන්න මිනාලයා මගෙ සමුද්‍ර දිහාවට හැරිලා ආයම ගිගිරුවා....

අනෙ එ ඇස් මගෙ දිහා බලන් ඉන්නවා...යකාට වගෙ තරහ යන සමුද්‍ර මිනාලයා මගෙ කම්මුලට හාදුවක් තියනකොටත් එයා ඔහෙ බලන් උන්නා මිසක් වචනයක් වත් නොකියා ඉන්න තරමට සමුද්‍රව නිවිලා ගිහින් තිබුනා....මගෙ බැල්මක් වත් එයාගෙන් පිට වැටෙනවට ලෝබ මගෙ සුදු අයිය මේ දේවල් දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා.....කොටින්ම මරාගන මැරෙන්න ඕන තැන එයා දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා....

...........ම්න්...ඇහුනා....මන් තත්පරයක් දෙකක් උනත් ලෝබකමින් වියදම් කරන් කල්පනා කෙරුවෙ තමුන් වගේ එකෙක්ට මගෙ නම කියලා කතා කරන්න තරම් මොකක් හරි සුදුසුකමක් තියනවද කියලා....උඹ මා එක්ක කතා කරන්න තරම් කොලිෆයිඩ් නෑ මිනාල්...මාමෙ මං යනවා හරි.....

.......

එච්චරයි ....මිනාලයා වැල්වටාරම් කියෙව්වත් මගෙ සමුද්‍ර දුන්න උත්තරෙ ඔය ටික විතරක්ම වෙද්දි මා දිහාවත් නොබලපු එයා කෙලින්ම අප්පච්චිට යනවා කියාගන යන්න යනවත් එක්කම අප්පච්චි දොරකොඩ ගාවට ගිහින් හිටගත්තා....

සුදුපුතා...ගිහින් ටිකක් නිදාගනින්...උඹ ඔය පව් ගෙවන්නෙ පාන්දර ඉදන්නෙ....ගිහින් නිදියපන්

ම්න්... ....බලමු

සුදුපුතා....අප්පච්චි තවම එයාට සුදු පුතා කියනවා....අනෙ සත්තයි මට මේ දැන් දූවලා ගිහින් ආපිට පස්සවත් නොබලා යන එයාව බදාගන්න හිතුනා...ඇගේ එල්ලීගන අනෙ සුදු අයියෙ මට ඕන මිනාලයෙක් නෑ...මන් උඹ එක්ක තිබ්බ තරහටයි කිව්වෙ.මගෙ අයියෙ එහෙම කිව්වෙ කියන්න හිතුනා.....ඒත් කරුමෙ කියන්නෙ මට තිබුනෙ පුදුමාකාර හිතුවක්කාර මෝඩ හිතක්.....

මං මේ තත්පරෙ පවා එයාට මාව මිනාලයා ඉඹිනකොට තරහා ගියෙ නැද්ද හිතුනා....මට අර තරහ දුක ඔක්කොම එකතු කරන් සමුද්‍රගෙ මූන රතුවෙනකන් ගහ ගහ උඹට වෙන එකෙක් මාව ඉඹිනකොට ගානක් වත් ගියෙ නැත්තෙ ඇයි යකො කිය කිය මරාගන්න හිතුනා...අවසානෙදි ඒ පපුවට මූන ගහන් අනෙ අයියෙ මට සමාවෙයන් මට උඹගෙන් එහා ලෝකයක් නෑය කියන්න හිතුනා...

ඒත්....ඒත් මට මේ හැමදේම හිතෙනවා විතරයි.....මේ හැම දේම මගෙ යටි හිත මාත් එක්ක කතා කරනවා විතරයි....මට අහන්න මගෙ කටට පන තිබුන් නෑ.....මගෙ අප්පච්චි සුදු පුතා කියනවත් එක්කම හැරිලා බලපු එයා ම්න් බලමු කියපු එයා මං වෙනුවෙන් අල්පමාත්‍රික බැල්මක් වත් නොදා ආපිට යන්න යනවත් එක්කම මං බලාගන එකපාරම මොකක් හරි දෙයක් පියාඹගන වගෙ ගිහින් එයාගෙ බෙල්ලට වැදිලා කුඩුවෙලා ගියා....මං යටිගිරියෙන් කෑ ගැහුවා....කෑ ගැහුවා විතරක් නෙවෙ මං එයා ගාවට දුවන්න හැදුවා....

ඒත්....

ඒත් මට බැරිව ගියා .....මගෙ අත දඩු අඩුවකට අහු උනා හා සමානව මිනාල්ගෙ අතට තද වෙලා තියනකොට ඒකා දුවන්න හදපු මාව ආපිට උගෙ ගාවට ඇදලා ගත්තා.....

අනෙ සුදු අයියේ!!!!

සුදු අයියෙ....හහ්.....තවම සුදු අයියද????.හිටපු සුදු අයියට කට පන නෑ වගෙ නැත්තන් කන් බීරියි වගේ....හැන්නදිගෙ....මං කිව්වෙ සමාව අරගන යන්න කියලා.....උඹට සින්හල තේරෙනවද නැත්තන් මං අමුතුවෙන් තේරුන් කරන්න ඕනද .....දයාසිරිගෙ ඉදම්ම සමාව ගනින්.....

මිනාල්....මිනාල් උඹ නම් ඉල්ලන් කන්න හදන්නෙ...එයා මට කියලා දුන්නා සුනාමියක් එන්නත් කලින් මහ මුහුදත් නිවිලා ගියා කියලා....මිනාල් උඹ නිහඩ මුහුදක් අවුස්සවගත්තා මිනාල්.....

අතෑර...ප...න්...

මං මගෙ අත ගලවගන්න හැදුවා...අප්පච්චි දිහා බල බල මං මගෙ අත මිනාලයගෙ අතින් ගලවගන්න හැදුවා...කිව්වට විස්වාස කරන්න අනෙ අප්පච්චි නෙවෙ මගෙ දිහා ඇහැක් ඇරලා බැලුවෙ....අප්පච්චි කෙරුවෙ මා දිහාවත් නොබලා තවමත් බෙල්ල අල්ලගන ඔලුව පහත් කරන් උන්න සමුද්‍ර දිහාව වෙද්දි මේ හැම දේකින්ම මිනාල් උපරිම ප්‍රයෝජන ගන්න පටන් ගත්තා.....

ආතාරින්න.....ඇයි ඇහුනද තමුන්ගෙ අප්පච්චිම කිව්වා දුන්න වචන ආපිට ගන්න එපා කියලා...එහෙම නේද මිස්ටර් සෝලංගාරච්චි???ආ...සොරි.....වෙන්න මාමන්ඩි...හැබැයි මිස්ටර් සෝලංගාරච්චි දැන් ඔය සුදුපුතා කියන එක එන්න ඕන මට නේද??පිලිහිඩ්ඩෙක්ට සුදු....

එච්චරයි....අර මිනාලයට කතා කරන්න හම්බ උනේම ඔය ටික විතරයි....කන් අඩි හිල් කරගන පියාඹන මූනිස්සන් දෙක තුනක් කන් ගාවින් පියාඹන් යනවත් එක්කම ඒකට මාව අතෑරුනා ඒ එක්කම අප්පච්චි අඩියට දෙකට මිනාලයා ලගට ඇවිදින් ඒකගෙ අත අඹරලා අල්ලගත්තා....

ස්...සර්....ස....ර්....බ්...බේබිගෙ අත....යකො උඹට පිස්සුද මැරෙන්ඩ ආස වෙලාද යකො බේබිට පිස්තෝලෙ ඉස්සුවෙ....සර් බේබිගෙ අත අතාරින්ඩ සර්...

මොකො අදත් උදෙම්ම කූරු ගනින්ඩ යන්ඩ ආසද බොසාට......සද්දෙ වහල පැත්තකට වෙලා ඉමු දයාසිරි.....නැත්තන් අම්මට සිරි දයාසිරිට පුලුවන් බේබිගෙ අත වෙනුවට...මට කියලා දයාසිරිගෙ අත අඹරගන්න.....මොකද දයා....මේ අතට ඔය අත රීප්ලේස් කරමුද...අනික බොසා මේ අත ඉස්සෙන එක බොසාත් දැක්කනෙ නේ.....???ඒක හන්දා සද්දෙ වහාලා පැත්තට වෙමු...බේබිගෙ පඥ්ඥෙ අහන් උන්නට මට සම්මානයක් දියන්...මං මෙච්චර වෙලා ඉවසන් උන්නෙ මගෙ පලවෙනි ශොට් එක උඹගෙ බේබිට ආදරෙයි බේබිවම ඕන කියපු හින්දා...ඒ පැත්තත් හිතන්න එපැයිනෙ.....රෙද්දෙ රෙවෙයි ඔයාටත් ඒක හන්දා ඔයත් පැත්තකට වෙලා ඉන්නකො රත්තරන් ...

අප්...පච්චි....

මං උඹ එක්ක කතා කරන්නම් සිහත්.....දැන් නෙවෙ තව චුට්ටෙන් හරි....එතකන් සද්දෙ වහලා පැත්තකින් ඉමු.....

මං නෙවෙ ආය වචනයක් කිව්වෙ....මට නෙවෙ ආය කතා කරන්න පුලුවන් කමක් තිබුනෙත්....මොන කුප්ප කතාව කිව්වත් ගල් ගිලල වගේ උන්න දයාසිරියගෙ කටට පන ආවෙත් අප්පච්චි මිනාලයගෙ අත අඹරවලා අල්ලගත්ත තැනදි වෙද්දි අප්පච්චි එක බැල්මක් එක්කම දයාසිරියවත් ගොලු කෙරුවා මදිවට මාවත් ගොලු කරලා දැම්මා....

මන් බලාගන උන්නා...

වෙන කා දිහාවත් නෙවෙ...අප්පච්චි අතින් ගැලවිලා යන්න හදන මිනාලයා දිහාවත් ඵෝන් එකට කොට කොට උරුම්පූට්ටු වෙන දයාසිරිය දිහාවත් නෙවෙ....පිස්ටල් එක කරකව කරකව...ආපිට ඒ පිස්ටල් එකේ මුදුනිනෙන් කම්මුල කස කස මහ පොලවටත් නොරිදෙන ගමනින් ඉස්සරහට එනගමන් ඇදන් උන්න සරමෙ කොනක් කකුලෙන් උස්සලා අතින් මිරිකගත්ත සමුද්‍ර දිහාව...

Self defense ...මිස්ටර් සෝලංගාරච්චි....මං වැරදි නෑනෙ නේ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්......මම මාවම ආරක්ශා කරගන්න හදන එක වැරදි නෑනේද මිස්ටර් සෝලංගාඅරච්චි.....

එයා කතා කරනවා...පුදුමයි ඒ කටහඩ නිවිලා....තවටත්...මේ තත්පරෙත් ඒ කටහඩ නිවිලා....ඒත් ඒ ඇස්.....නෑ...ඒ ඇස් මොනවදො හන්ගනවා.....හිනවෙනකොට දිලිසන මහ මුහුදක රහස් කතා කියන ඒ ඇස් නිවිල වගේ උන්නට ඇවිලෙන ආත්මෙ නරකම පැත්ත පෙන්නනකොට මගෙ කටෙ කෙල හිදිලා ගියා....

මිස්ටර් රඹුක්වැල්ල....තමුන් දන්නවද මිනිස්සු කාටත් කොලිටියක් තියනවා හරි.....හැබැයි ඒ තියෙන්නෙ මිනිස්සුන්ට විතරයි....යන්ඩ ඇරලා අරින එක...මිනිස්සුන්ට එන කොලිටියක් නෙවෙ.....උඹ මට යන්න ඇරලා ගැහුවා.....හැබයි මං උඹගෙ මූන දිහා බලාගන ඇරියා....එතනදි මේ පිලිහිඩ්ඩට තියන කොලිටිය උඹට නෑ කියලා මේ ඕඩියන්ස් එකම දැක්කා...මොකෝ ම්ම්ම්.....නාට්‍යම් පෙන්නනවද?

සෝලංගාරච්චි....මාව...අතෑරපන්...

.........තව චුට්ටක් මෙහෙම ඉමු...ඇයි අත ගලවගන්න ඔය තරම්ම හදිස්සි.....ආ දයාසිරී...ලොකු වැඩක් වගෙ නේ...මොකො වෙන්ඩ ඇමතිට කියනවද...

සර්.....බේබිට.....මොකක්ද....මේ...දයාසිරි සර් කියලා ටයිප් කරලා තියනවා වැරදි...එස් එ ආර් සාර් බන්.....සර් කියනකොට එන්නෙ එස් අයි ආර්...අමතක වෙනවා නම් මෙහම පඩම් කරගන්නවකො "සිර් කියලා....එතකොට ටයිප් කරන්න ලේසි....මොනාද බන් මෙ මැසේජ්..දාගනින් හෙළකුරු කීපෑඩ් එක.....

සුදු ...විහාරා...මෙන්න මේකෙන් ප්ලේස්ටෝර් ගිහින් හෙළකුරු එක බාලා දෙනවා....

.දයාසිරියා වෙව්ල වෙව්ල ඵෝන් එකට කොටනවා....ඒත් ඒ කෙටිල්ල තිබ්බෙ තත්පර ගානයි...ඒකගෙ අතේ තිබුන ඵෝන් එක උදුරගත්ත අප්පච්චි අනිත් පාර අරූගෙ මැසේජ් එකත් තටම තටම කියවලා අනිත් පාර හෙළකුරු දාල දෙන කියලා අම්මට දෙනවත් එක්කම මං බලාගන මෙච්චර වෙලාම පිස්ටල් එකෙන් මූන කස කස උන්න සමුද්‍ර ඒ පිස්ටල් එක මිනාලයගෙ පපුවෙ වම්පැත්තට තියනවා...

මෙහෙමයි රඹුක්වැල්ල.....මං චුට්ට චුට්ට ඉගනගත්ත දෙයක් තියනවා...මට එන අවේගෙ තරහවක් නැතුව ඉවසගන්න....හරි....මං ඉගනගන තිබුන දෙයක් තිබුනා මොනවා කිව්වත් පොඩි හිනාවක් දීලා හිතෙ තරහකවක් තියාගන්නෙ නැතුව ආපිට හැරිලා යන්න..මොකද තරහවල් පිරිමහන්න තරම් ජීවිතේ දිග නෑ...මං ඉගනගන තිබුන දෙයක් තිබ්බා පිස්සො කියෙව්වට මගෙ වචන පිස්සෙක් වෙනුවෙන් වියදම් නොකර ඉන්න.....හැබැයි ඔය ටික කරන එක පට්ට අමාරුයි ..දකින තරම් සුන්දර නෑ...හැබැයි විනෝදයි හරි....

මං කටවහගන ගියා කියන එකෙන් කියවෙන්නෙ නෑ....මං උඹට බයයි කියලා ...මං ඔලුව නවන් උන්න එකෙන් කියවෙන්නෙ නෑ මං උඹට බයයි කියලා...එහෙම දැනුනද ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....හැබැයි මං එහෙම නොකරන්න හේතුවක් තිබුනා.....මරාගන්න ඕන තැනදිත් මං මගෙ නම්බුව ගැන හිතනවා....මා එක්ක මරාගන්න එන විරුද්ද පාර්ශවෙට මා එක්ක කතා කරන්න තරම් සුදුසුකමක් තියනව නම් විතරයි මං මරාගන්නෙ...උඹ වගේ එකෙක් එක්ක කටගහන් යන එක මට අයිති යුද්දයක් නෙවෙ.....

බෝල්ට් එකක් නිස්කාරනෙ වියදම් උනා...මා එක්ක ඇරගන්න ඕන නම්...එකටම කොලිටියක් හදාගනින් ...එතකොට මං ඇරගන්න එන්නම් ම්ම්ම්ම්ම්ම්ම්....මගෙන් සමාව ගනින්....

උඹගෙන්.....හහ්....උඹගෙන්....

ම්න්.....

හහ්.....උඹගෙන්.....උඹගෙන් මම සමාව ගන්න????උඹ....උඹ...ආහ්....ආහ්හ්හ්හ්හ්හ්හ්හ්

මං උන්නෙ හුස්ම හිරකරගන....නෑ...වැරදි මට හිරවෙන්න වත් හුස්මක් තිබුන් නෑ...කතාකරපු වචනයක් වචනයක් ගානෙම නිවිලා වගේ කතා කරපු සමුද්‍ර අරකට සමාව ඉල්ලන්න කියලා ඌ හිනාවෙනවත් එක්කම ඒකගෙ යටි තොල උගෙම දත්වලට තද කෙරුවා මං බලාගන ඉන්නකොටම ලේ බින්දුවක් ඒ කටින් කාන්දු උනා....

ම්න්....ස මා ව....ගනින් ...වෙන මොකටවත් නෙවෙ....මං වත් හීරිමක් නොකර බලාගත්ත මගෙ පරන ආදරේව මෙච්චර තදින් ඇල්ලුවට...

මාව සීතල වෙලා ගියා...මිනාලයට සමාව ගන්න කියපු එයා අනිත් පාර මගෙ දිහා බලලා මාව එයාගෙ පරන ආදරෙ කියලා අදුන්නලා දෙනවත් එක්කම මට පන යන්න ආවා....ඒත් මං දරාගන උන්නා.....ඒත් මං මගෙ වචන හිරකරගන ඒ ඇස් දිහා බලාගන උන්නා.. 

මිස්‍ටර් සෝලංගාඅරච්චි.....සුරුට්ටු තහනම්ද ම්ම්ම්ම්.....

......

අප්පච්චිගෙන් උත්තර ඉල්ලුවට එයා නෙවෙ අප්පච්චි උත්තරයක් දෙනකන් නැවතුනෙ .. ඇදන් උන්න සරමට යටින් තිබුන කලිසම් සාක්කුවට අතදාපු සමුද්‍ර ඇගිල්ලක් තරම් මහත සුරුට්ටුවක් අවුලගන දිව රෝල් කරලා දුම් පාර අහකට යවන ගමන් හිනා උනා....

කොන්ද ක් නෑ....සමාව ගන්නත් ..සමාව දෙන්නත් කොන්දක් තියෙන්ඩ ඕන.....සිහත්...මාව එපා කියලා තමුන්ව තෝරගත්තා ....ඒ කොල්ලගෙ තෝරාගැනීමට අවමාන කරන්න එපා හරි...ලැජ්ජා වෙන එක අරක්කු කාරයන්ට නතින් උනාට....මොනරවිලලාට නම්බුව වටිනව එහෙම නේද මොනරවිල ම්ම්ම්ම්ම්ම්ම්????

එයා යන්න ගියා....නම්බුව වට්නවා නේද මොනරවිල කියලා සීයත්තගෙන් අහපු මගෙ සමුද්‍ර සුරුට්ටුව උරව උරව යන්න යනවත් එක්කම අප්පච්චි මිනාලයගෙ මැනික් කටුව දිහා බලාගන ඉදාලා ඉදලා එකපාරම ඌව අතෑරියා....හැබැයි ඒකගෙ උරහිසින් අල්ලගත්තා.....

මොනවද උදෙම්ම අරගත්තෙ?....

උදෙම්ම මොනවා අරගන්නද ....අංකල් මගෙන් හේතු නැති ප්‍රශ්න නාහා මට පිස්ටල් එක තිබ්බ අරකගෙන් ප්‍රශ්න කෙරුවා නම් නරකද.....ශිහ් .....ඒකා මට අත ඉස්සුවා නම් මං නිකමා වගේ ගුටි කන්න ඕනද.....ඇරත් තවමත් ඌට සුදු පුතා කියන්නෙ???

මං තව එක පාරක් අහන්නඩද....හ්ම්ම්ම්...මොනවද අරගත්තෙ .......දෙපාරයි අහන්නෙ.....දෙපාරට වඩා අහනවා නම්.....මං උත්තරෙ දැනන්මයි අහන්නෙ පොඩි රඹුක්වැල්ල...මං යුනිෆෝම් ඇදලා මේ ප්‍රශ්නෙ ඇහුවොත් අහන විදිහට රිදෙන්න ගනී.....හැබැයි මං ගෙදර ඉදන් අහන්නෙ....අනික තමුසෙ මගෙ පුතා තමුසෙව ඕන කිව්වනෙ.....ඌව දෙන්ඩ කලින් මං වෙන්ඩ බෑන ගැන දැනගන්න එපැයිනෙ....මොනවද ගත්තෙ...

......මොනවත් නෑ.....

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...මං අත උස්සලා ඕඅයිසි උනෙ නෑ .....මොකො මාව ජෝකර් වගේ පේනවද වෙන්ඩ බෑනට හ්ම්ම්ම්??හරි...උත්තර ඕන නෑ.....තමුසෙ අඩන්න වගෙ අහපු එක ප්‍රශ්නෙකට මන් උත්තර දෙන්නන්.....පොඩි රඹුක්වැල්ල අහනවනෙ මොකද අරූට තාම සුදුපුතා කියන්නෙ කියලා....උඹටත් සුදු පුතා කියන්න පුලුවන් ...හැබැයි උඹට සිද්ද වෙනවා මාව ඒ තැනට ගේන්න...ට්‍රයි කරල බලපන්....එතකොට හරි.... හැබැයි සෝලංගාරච්චිගෙ සුදුපුතා වෙන එක ලේසි නෑ හරි.....මගෙ බෑනා ඇවිත් මොකෙක් හරි මට හැහුවොත් මට ගහපු එකාගෙ අත වෙන් කරන තරම් නසරානියෙක් වෙන්න ඕන හැන්දා එහෙම එකෙක්.....හැන්දා දැන් ලිස්ට් එකෙන් කැපුනනෙ...ට්‍රයිකරලා බලනවා...දයාසිරි....

..ස්..සර්....

අරන් ගිහින් දෙහි එකක් පොවපන්...දෙහිවලට නන් පත්තියන් වෙන්නෙ නෑ ...නාවපන්....

ස්....ස්...

ගොතහගන්ඩ එපා...අරන් පලයන්...මගෙ ලිමිට් පැන්නෙ නෑ.....පනින්න කලින් අරන් පලයන්.....

*

*

*

හැමදේම අහවරයි ...මන් තනිකරම ඇවිදින මලකදක් වගේ....මලකදට අන්තයි....

ශවර් එක යට හිටගත්ත මගෙ ඇස්වලින් වැටුන කදුලු කැටවලන් මහ මුහුදක් හදන්න පුලුවන් ...ඒ තරමට මගෙ ඇස් ඇඩුවා ....තට්ට තනියෙන් දුක කිය කිය උන්න මං අවසානෙදි අඩලා අඩලා බාතෲම් එකෙන් එලියට එනකොට අප්පච්චි දොරකොඩට වෙලා හිටගන ඉදල මගෙ ඇස් දෙකදිහා බලන් ඉදලා යන්න ගියා.....

.ඒ ඇරුනම වචනයක් ඇහුවෙ නෑ...

මං ඇඩුවා....ඇස්වල කදුලු කැට වේලෙන්න හිතලවත් නැතිවෙනකොට කදුලු කැටවල බරටම ඇස් ගෙඩි පුපුරන්න ආවා.....

බාතෘම් එකෙන් ආව මං අඩ අඩම යුනිෆෝම් එක ඇන්දා.....වෙනදට එයා එක්ක යන්න ඇගිලි ගනින මං මලකද වගේ බෑග් එකත් එල්ලගන එලියට එනකොට මං බලාගන අම්මා නින්ද යාගන එන සමනල්ගෙ පස්සට තට්ටු කරනවා...

අප්පච්චි .....

ගිහින් වාහනේට නගිනවා...

තේත් නෑ...මොකුත් නෑ .වතුර උගුරක් වත් උගුරෙන් පහලට නොයනකොට මොන තේද.... පඩිපෙල බැහැන් පහලට එනවත් එක්කම මන් දැක්කෙ අප්පච්චිව ..වෙනදට මෙ වෙලාව එනකොට යුනිෆෝම් එක ඇදන් ඉන්න අප්පච්චි අද ශෝටකට ටී ශර්ට් එකක් දාගන වොච් එක බැද බැදම වාහනේට නගින්න කියාගානම මගෙ පස්සෙන් එලියට බැස්සා...

පුදුමයි ...පුදුමෙනුත් පුදුමයි....අද සුසංගතාගෙත් කට වැහිල ගිහිල්ලා.....මුලු ගේම පලුවට ගිහින් ...ගෙදරට වඩා කොටින්ම මගෙ මුලු ආත්මෙම පාලුවට ගිහිල්ලා.....

වෙනදා වගේමයි....හැමදාම ගහන මුහුදු රැල්ල අදත් ගහනවා....ඒත් වෙනදට දකින ලස්සන අද නෑ...

සිහත් උඹට සින්දුවක් අහන්න ඕනද...

මන් උන්නෙ ගින්නක් උඩ.....මං උන්නෙ අමුවෙන් මැරි මැරි වෙනකොට මගෙ දිහා බලාගන උන්න අප්පච්චි සින්දුවක් අහන්න ඕනද අහනකොට මන් එහෙම්ම මගෙ ඔලුව ශීට් එකට ගහගත්තා... ඒ එක්කම අපිව පහු කරන් හැන්නදිගෙ බඩි ලොරියක් ගියා...

සිහත්....මන් උඹට දෙයක් කියන්නඩද දෙයියො වගේ පිරිමි හොයන්ඩ හදන්ඩ එපා සිහත්...දෙයියන්ව ගෙන්නන්ඩ කන්නලව් කරන්න ඕන.....හොයාගනින් යකෙක් වගේ පිරිමියෙක් හැබැයි දේවගති තියන....

..දැන් උඹ අර පොල්කාවයියෙක් වගේ ඉන්න මිනාලයට කැමති උනෙ....උඹට උගෙනුත් උඹගෙ අප්පච්චි ව දැනුද සුදුමහත්තයා.....???

.අ....අප්....පච්චි...

කලබලේට උත්තර එපා.....සින්දුවක් අහන ගමං නිවිහැනහිල්ලෙ ගොන් කම් මතක් කරන් මට උත්තර දියන්කො...උඹට පුලුවන්ද සිහත් ඌ නැතුව ඉන්ඩ මන් අහන්නෙ....උඹට පුලුවන් ද.....

අනෙ අප්පච්චි .....

උඹ අද ඉස්කෝලෙ යන්නෙ නැ....ඉස්කෝලෙ ගියා කියලා උඹලට ජීවිතෙ උගනනෙ නෑනෙ.....අද මන් උඹට ජීවිතෙ උගන්නන්නම්...මගෙ පුතා උනත් උඹ වැරදි සිහත් ...උඹ මොකුත් කරන්න එපා...වෙන මොකුත්ම නොකර හැන්දා මොනවද කරන්නෙ කියන එක විතරක් බලන් ඉදින් ..ඊට පස්සෙ උඹ උගෙ නින්ද සාදරනද නැද්ද හිතපන්....ම්ම්ම්....හැබැයි උඹට මෙතන ඉදගන නින්ද ගියොත් මම උඹව උස්සලා විසි කරනවා මූදට....

උඹට හූල්ලන්න කාරනා නෑ සුදුමහත්තයා.....උඹට තරහ ඌ නාව එකට...ඇස්දෙකෙන් බලන් ඉදලා පස්සෙ තරහ ගනින්....අනික මන් මගෙ එක ලමයෙක්ව වත් ආතල් එකට හදලා නෑ....මට මගෙ ලමයිව නැති කරගන්න කොහොමත් බෑ සුදුමහත්තයා.....

උඹට අඩන්න ඕනා නම් අඩපන්.....

කෑගහන්න ඕනා නම් කෑ ගහලා දුක තරහා පිට කරපන්.....

උඹට ශොට් එකක් දාන්න ඕනා නම්....ඒකත් හා.....

උඹට තිබුනා එහෙම නොකියා ඉන්ඩ.....ඌ එක්ක මරාගනින්.....අවුලක් නෑ.....ඌත් මන් ඒ කාලෙ උඹලගෙ අම්මගෙ කරච්චලෙ අහන් උන්නා වගේ අහන් ඉන්න ගියා...

.හැබැයි ඒ ගෑනි මන් හින්දා පාරවල් ගානෙ රස්තියාදු උන හැටියට වෙන එකෙක් හොයා ගත්තා නම්.....උඹගෙ අම්මා ඒ ගෑනිත් නෙවෙ.....

කමක් නෑ.....උඹම බලන් ඉදින් අරූ දවසකට මොන තරම් නැහෙනවද කියලා....දෙයියන්ට හැමදාම උඹලගෙ කන්නලව් අහන්න වෙලා නෑ...ඒක හින්දා ලැබුන යකාව පරිස්සම් කරගනින් සුදුමහත්තයා...දැන් බලන් ඉදින්...

මිනිස්සුන්ට තුන්වේලම බඩගින්න උන්නත් එක ඉවසන්න පුලුවන් සුදුමහත්තයා....හැබැයි වේලක්වත් ආදරෙ නොලැබුනොත්.....ඒක ඉවසන්න බෑ....මට ඕන මෙච්චරයි පුතෙ...උඹගෙ අම්මා සැනසීමෙන් ඉන්නවා වගේ උඹත් සැනසීමෙ ඉන්නවා දකින්න...

....

ජොබී ආවනෙ...ම්හුක්.....

ආතරෙයි අප්පා...

More Chapters