WebNovels

Chapter 35 - වස පුසුඹයි

"හේ බබා!" මන් බාතෲම් එකෙන් එලියට ඇවිල්ලා උලුවස්සට හේත්තු වුනාම ඇඳ උඩට වෙලා phone එක ඔබ ඔබ හිටපු මිනිහා හැරිලා බැලුවා. ඇති යන්තන් ඇඳුම් ඇඳගෙන.

"ආව්!" රෙශඛ්ය නැගිටලා මගේ ලඟට ඇවිලා රෝස පාට බාත්‍රෝබ් එකේ හුඩී එක ඔලුවට දාලා පිට අල්ල මගේ කම්මුල දිගට ගෙනිහින් මාව උස්සලා අරන් ගිහින් ඇඳෙන් ඉන්දුවා. 

"ඔහොම්මම ඉන්න" රෙශඛ්‍ය මේසේ උඩ තිබ්බ එයාගේ කැම් එක අරන් දණගහගෙන,

"කෝ හිනා වෙන්න my cute little pink rabbit!" කිව්වම මට ලැජ්ජාවටම හිනා ගියාම එයා photo එකක් ගත්තා. 

"කොහෙන්ද මේක?" 

"අම්මා ගෙනාවේ. මන් කලින්ම අරන් ඇතුලෙන් තිබ්බා ඔයාට අඳින්න. ලස්සනයි!" රෙශඛ්‍ය මගේ මූනට එබිලා හුඩී එක උඩ තිබ්බ හා කන් දෙක හොල්ලලා

"රෝස පාට හාවා පැන පැන ආවා,

එලවලු කොටුවේ තණකොල කෑවා" එහෙම කියලා අත අරන් එයාගේ කලිසම මැද්දෙන් තියලා

"දැක මගේ පඹයා බියවී වෙවුලා

වැටට උඩින් ඌ පැනලා දිව්වා"

"රෙශඛ්‍ය!!!!!!! නවතිනවා!!! මන් ද දැන් දුවන්නේ. උඹනේ කාමරේ වටේ දුවන්නේ!"

"බෑ බෑ අහු වුනොත් උඹ මාව හපනවා!"

"හපන්නේ නෑ නවතිනවා. හැබැයි දිව්වොත් හපනවා!"

"අපෝ අම්මත් ඔහොම තමයි කියන්නේ! මන් නම් ඕවට අහුවෙන්නේ නෑ!" ක්ලෝසට් එකට ගිහින් දොර වහගත්තා.

"අහ් හරි උඹ ඕකෙම හිටපන්. මන් යනවා!" එසැනින් දොර ඇරුනා. 

"කොහෙ යන්න.... හයියෝ හැමිනෙනවා!!!"

අහ්! ඒක තමයි මට බලාගන්න ඕන වුනේ. මගේ මල්ලි බබාගේ ඇස් දෙක එලියට පැනලා කට බිම තියන එක. එහෙම වෙන්න එපැයි මෙහෙම ඇඳ පත්තට හේත්තු වෙලා රෝස පාට හා කන් දෙකක් තියන බාත්‍රෝබ් එකක්, එක උරහිසක් පේන්න පහලට දාල ඇඳන් එක කකුලක් සුදුපාටට එලියට දාගෙන ඇඟිල්ලක් කටේ දාගෙන් ඉන්නකොට. 

"මන් මෙච්චර වෙලා චන්ඩි ටෝක් දැම්මේ මන් දැන් එනවා ඔතනට!" 

"මොකක්ද?" 

"අඩෝ තොට පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද මෙතන?" 

මගේ බාත්‍රෝබ් එක මෑත් වෙලා එයා මගේ පපුවට මූන ඔබාගත්තම මගේ ඇස් දෙක නිකන්ම පියවෙනවා. පපුව කිති කවන සියුමැලි දෙතොල් මාව පිස්සෙක් කරනවා. පුඩු උඩ යවන දිව උනුසුම් ඒත් අයිස් වතුරක ගිල්ලුනාම වගේ ඇඟම හිරිවට්ටනවා. 

"ආආආ රෙශඛ්‍ය!" 

එයාගේ කෙස් මගේ අතට මිරිකිලා. රෙශඛ්‍ය මගේ මූන උඩට ඇවිත් නලල ඉඹගෙන ඉඹගෙන ගිහින් මගේ කම්මුල වලගැහෙන තැන හෙමින් හපලා ඇස් අස්සට එබුනම මන් එයාගේ කොලර් එකෙන් ඇදලා ඒ තොල් එක්ක පැටලුනා. රෙශඛ්‍ය ආයෙමත් මගේ පපුව අස්සට ඔලුව ඔබාගත්තම මන් කොට්ටෙන් ඔලුව තියා ගත්තාම රෙශඛ්‍ය,

"අද උඹ ළඟ වස පුසුඹයි ඉඳං" මට හිනා යනවා අප්පා! මූට නම් ඇත්තටම පිස්සු. ට්‍රෙන්ඩ් එක කඩන්න හොඳ නෑනේ

"ඔයා ගෙනත් දුන්න සබන් තමයි මම ගාන්නේ" 

"ගානකොට මාව මතක් වෙනවද?"

"බෝතලේ අතට ගත්තම මතක් වෙනවා"

"ආ ඒ වෙලාවේ තමයි මට නැග්ගේ" 

"රෙශඛ්‍ය!" 

"ලෝබ කමට නොගා ඉන්න එපා හොඳට ගා ගනින්!" කියලා මගේ කලවා අල්ලනකොට මටත් නගිනවානේ ඉතින්!

"ඉස්සෙල්ලා ගෙනල්ල දුන්න සබන් වලට වඩා මේවයේ පෙන වැඩී"

"ඕවා ජනප්‍රිය කතා ලියන ඔතරියොත් ගාන සබන්නේ! ඒකයි පෙන වැඩී. බොන්න මුකුත් නැද්ද?"

"තියනවා දෙන්නද?" කියලා මන් ආයේ පපුව පෙන්නුවම ආයේ කට ඒකේ ගහගත්තා.

"කෝ දැන් මන් කොකිස් දහයක් බැද්දා දැන් තියෙන්නේ දෙකයි! මුන් එක්ක මේක කරන්න බෑ ලොකු අක්කේ!" නුවනි අම්මාගේ මූණ රතු වෙලා. රෙශඛ්‍යයි තුර්ශයි බලල්ලු ලවා කොස් ඇට බාවනවා. පවු අප්පා අම්මලා. 

"රෙශඛ්‍ය ඔය කන එක නතර කරනවා!" මාව ඔඩොක්කුවේ ඉන්දගෙන හොරා කාපු කොකිස් ගිලින රෙශඛ්‍යගේ අතට එකක් ගැහුවා.

"එහෙම පුලුවන්ද සවේ? දැන් කාපු දෙයක් තමයි. දැන් බලහන් අපි වයසට යනකොට කන්න පුලුවන්ද කියලා. මංජුට කොලෙස්ටරෝල්, මට පෙසර්, උඹට සීනී! එතකොට කොහොමද අපි කන්නේ? ඔන්න දැන් වැලි තලපයක් ගේන එකා තමයි මේ ලෝකෙ වැඩිම පවර් එක තියන සුපර් මෑන් හරි සුපර් වුමන් හරි!" 

"තුර්ශ!" ඒත් අර ගොන් දොඩං ගෙඩි දෙක දුවලත් ඉවරයි.

"මංජු අයියේ collection එකක් දාමු?" විනූ ඇවිත් ඇහුවම

"දාමු දාමු! මොනාද ගේන්නේ?"

"කේක් ගේමු?" ලිනූ කිව්වම

"මරු! එහෙනම් ලොකූ උඹ පලයං. ඔය ඇස් දෙක හොඳට ලොකු කරගනිං. කෝ බලන්න" රෙශඛ්‍ය කිව්වම තුර්ශ ඇස් දෙක ලොකු කරලා පෙන්නුවම.

"එල එල පොඩ්ඩක් තව කඳුලු ටිකක් තිබ්බනම් හරි. ඔහොම හිටපං" කියලා ඇඟිල්ල කටේ දාලා තුර්ශගේ ඇස් දෙක යටින් කඳුලු ඇන්දාම තුර්ශ තම්බ්ස් අප් එකක් කරා.

"ඊයා රෙශඛ්‍ය!" 

"හනේ..... මේ අසරණ දරුවන්ට කීයක් හරි දෙන්නෝ!!!!" ගාගෙන තුර්ශ දුවලත් ඉවරයි. 

"ඔන්න බලන්න සුදයියේ අපේ ලොකූගේ හිඟා කෑමේ ප්‍රවීණතාවය. කප් පිට කප් ගහන්නේ"

කිව්වා වගේම ටික වෙලාවකින් අතේ සල්ලි මිටියක් අරන් මිනිහා ආවේ කොලර් එකත් උස්ස උස්ස.

"යන්!" ඉතින් කියන පරක්කුවට ඔක්කොම ජීප් එක අස්සේ. එකා පිට එකා ඔඩොක්කු උඩ.

"ඩෝනටුත් තියනවා" විනූ තුර්ශට කොට්ටාවේ Mano Bakers එකේ ශෝ කේස් එක පෙන්න පෙන්න කියනකොට

"ඩෝනට්?" 

"මේ කිලෝ පහේ කේක් එක ගමු. ඔක්කොටම කන්න පුලුවන් නේ" මන් කිව්වම හැමෝම ඒකට කැමති වුනා. 

"අයියේ ඕකේ ලියන්න 'Mayurawansha family forever' කියලා" තුර්ශ කිව්වම ලොකු කේක් එකේ කහපාට අයිසින් වලින් එහෙමත් ලියලා රතු පාට heart එකකුත් තියලා දුන්නා.

"චීස් කේකුත් ගමු" සුදු නංගි කිව්වම චීස් කේකුත් බිලට ඇඩ් වුනා. 

"කන්න ඕනා බොන්න ඕනා ආතල් එකේ ඉන්න ඕනා. ලොකූ අයිස් කොෆීත් දාපන් බිලට" රෙශඛ්‍යට නම්! මන් එරෙව්වම නැවිලා මගේ හිස් මුදුනට උම්මා එකක් දීලා හිනා වුනා.

වාහනේ එනකොටම චීස් කේක් එකෙන් හැන්ද හැන්ද හැම එකාගෙම කටවල් වලට එබුනා. Drive කරන ගමන්ම රෙශඛ්‍යගේ කටටත් සුදූ පිටිපස්සෙන් චීස් කේක් හැන්දක් එබුවම, 

"ස්ටෝබෙරි එකෙන් දීපන්!" ඉතින් ස්ට්‍රෝබෙරි එකෙනුත් හම්බුනා. 

"ආආආ කියන්න සවේන් අයියේ!" සෙනූ මගේ කටෙත් චීස් කේක් ඔබනකොට

"ඔන්න හැමෝම අහගනිල්ලා හැම එකාටම එකා ගානේ අයිස් කොෆී නෑ. බට දෙක දෙක දාලා තියෙන්නේ ශෙයර් කරගනිල්ලා!" විනූ එකා එකාට අයිස් කොෆී පාස් කරාම දෙන්න දෙන්නා අයිස් කොෆී බෝතල් වලට බට දෙක දෙක දමාගෙන කම්මුල් ලන් කරන් අයිස් කෝපි උරනවා. 

"ඔබට වලං නැති මටද වලං නැති සෙනෙහස කොතැනද සැඟව ගියේ ලොකු අයියේ?"

"ලිප්බොක්කේ..." 

"ආ.....දරියේ කුචි රාණනියේ" කියලා රෙශඛ්‍ය මගේ ඉන හරියට ඇඟිලි දාලා කුචි කැව්වම

"රෙශඛ්‍ය!" 

මයුරවංශ මහ ගෙදරට ආයේ එනකොට බිම පැදුරු දාන් කට්ටිය බුදි. 

"කේක් ගෙනාවා!!!" කියාගෙන කේක් එක තියලා ආච්චි අම්මට පිහියක් ගෙනත් දීලා ඒක කෑලි 22කට කපලා කට්ටියට බෙදුවාම එකා එකා තැන් තැන් වල ඉඳන් කේක් කනවා. බිමත් ඉඳන් කනවා. මට හම්බුන කෑල්ල අරන් මන් රෙශඛ්‍යගේ ඔඩොක්කුව උඩින් වාඩි වුනාම තුර්ශ තානය අයියට යවන්න සේරම වීඩියෝ කරනවා.

"සුදයියේ කේක් රසයි හැබැයි දැන් ඔයාගේ කට වටේ තියන අයිසින් ඊටත් වඩා රස ඇති. So bad I can't have a taste!" කියලා එයාගේ කට ටිශූ එකකකින් පිහිදලා ඒකෙන්ම මගේ කටත් පිහිදලා දැම්මම මට හිනා ගියා.

"මොකෝ?"

"මට අපි දෙන්න හම්බුන පලවෙනි දවස මතක් වුනා. එදත් ඔයා ඔය වගේම මගේ කට ඔයා පිහිදපු ටිශූ එකෙන්ම පිහිදුවා"

"ම්ම්ම්ම් ඔයාට ඒකත් මතකද?" හෙමින් කාටත් නොපෙනෙන්නෙ මගේ ශර්ට් එක අස්සෙන් අත යවනකොට මන් රවලා අත අයින් කරා.

"පිස්සු කරන්න එපා රෙශඛ්‍ය!" කිව්වම කේක් එක උඩ තිබ්බ හාට් එක අරන් මට පෙන්නලා කට උල් කරලා උම්මා එකක් පෙන්නුවා. හපන්නයි තියෙන්නේ.

කේක් කාලා මත් වෙලා සේරමල්ලා පිබුරෝ වගේ වැටිලා. මාත් ගිහින් තුර්ශගෙයි සුදු නංගිගෙයි මැද්දෙන් ඇල වුනාම,

'පූක්!' ගාලා සද්දයක් ආවා.

"ඊයා!!!! සුදු මාමේ!!!!" සුදු නංගි උඩ පැනගෙන නැගිට්ටම පුටුවක් උඩට වෙලා හිටඖ රෙශඛ්‍ය,

"ලස්සන නම් නෑ පෙනෙන්නේ, බිත්තර සුවඳයි දැනෙන්නේ...."

මතු සම්බන්ධයි....

More Chapters