WebNovels

Chapter 32 - තවුසේ රහයි

"සුදයියේ ඔයත් වොශ් එකක් දාගෙන එන්න එහෙනම් කේක් කන්න." රෙශක්‍ය මගේ ඇඟේ ඉටි ඔක්කොම ගලවලා අයින් කරා. තැන් තැන්වල ටිකක් රතු වෙලා තමයි ඒත් ඉතින් ලොකුම ආලභහානියක් නෑ. මොක වුනත් අපි දෙන්නම ඒක enjoy කරානේ. ඒ නිසා මට සතුටුයි. 

"හාකෝ!" කිව්වම රෙශඛ්‍ය,

"තවුසේ මටත් වඩා වැඩිපුර දැන් 'හාකෝ' කියනවනේ?" කියලා මගේ නහය මිරිකලා මාව උස්සලා ඇඳ උඩින් බිමින් තියලා පස්සට එකක් ගැහුවා. 

රෙශඛ්‍යගේ බාතෲම් එකේ බොඩි වොශ් එකේ ඉඳලා මාර හොට්. Dior Sauvage එකේ සුවඳ! ඕක තමයි එයා ළඟට ගියාම මාව නිකන්ම ඇවිස්සෙන්නේ. නාලා කරලා එලියට ආවමයි මතක් වුනේ අඳින්න ඇඳුමක් නෑ කියලා. ටවල් එක ඉනේ බැඳන් රෙශඛ්‍යගේ ක්ලෝසෙට් එකට ගිහින් තුර්ශගේ ඇඳුමක් හෙව්වත් හොයාගන්න බැරි වුනා. දැන් මොකද කරන්නේ ඔලුව කස කස කල්පනා කරනකොට රෙශඛ්‍යගේ ශර්ට්ස් ලස්සනට එල්ලලා තියනකොට එව්වයේ සුවඳ බලන්නමයි හිතෙන්නේ. ඉතින් නිල් පාට ශර්ට් එකක් අරන් ඒකේ සුවඳ බලාලා ඒක අල්ලගෙන කපල් ඩාන්ස් එකකුත් කරා කණ්නාඩියෙන් බලාගෙන. මටනම් පිස්සු! ඊටපස්සේ ඒක එල්ලලා සුදු ශර්ට් එකකුත් අරගත්තම, 

"මේ තියෙන්නේ මරු ඇඳුමක්!" උරහිසෙන් තිබ්බම දණිස්සට ටිකක් උඩට වෙනකන්ම වැහෙනවා. ඒකත් ඇඳගෙන ඔලුවත් තව පිහිදගෙන රෙශඛ්‍ය හොයන් කාමරෙන් එලියට ගියාම

"බබා ඔයා කොහෙද?!"

"මන් මෙහේ!!!" උඩම තට්ටුවෙන් සද්දේ ආවම මන්,

"හරී!" කියලා රූෆ් ටොප් එකට යනකොට රෙශඛ්‍ය ස්විං එකේ ඉඳගෙන කේක් එකයි හැන්දයි තියන් බලන් ඉන්නවා.

"හේ!" මන් උලුවස්සට හේත්තු වෙලා ඇහිබැමක් උඩ දාලා හේත්තු වුනාම!

"ෆක්!" රෙශඛ්‍යගේ කට බිම.

"සර්ප්‍රයිස් එකක් නොදීම යන්න බෑනේ මල්ලි බබෝ!"

"මෙහෙ වරෙං!" 

"බෑ!" මන් දිව එලියට දැම්මම,

"හැබැයි මාව ඔතනට ගෙන්න ගන්න එපා සුදයියේ!" කේක් එක ස්විං එකේ මෙට්ටේ උඩින් තියන්න යනකොට මන්,

"නෑ නෑ ඉන්න මන් එන්නම්! කේක් එක මෙට්ටේ ඇලවෙන වැඩක් කරන්න යන්නේ!" 

රෙශඛ්‍යගේ ළඟට ගිහින් ඇස් දෙක දිහා බලාගෙනම එක අතකින් එයාගේ උරිස්ස අල්ලගත්තම එයා කේක් එකයි හැන්දයි දෙපැත්තට කරාම මන් කකුල් දෙක දෙපැත්තෙන් දාලා එයාගේ ඔඩොක්කුවේ ඉඳගන්නකොට රෙශඛ්‍ය,

"මාව හොස්පිටල් දාන්න අයියෝ!" මට හිනා යනවා දැන්! 

"ආආ" කේක් කවන්න කියලා කට ඇරියම එයා මගේ ඔලුවට උසින් කේක් එක අල්ලලා හැන්දෙන් කේක් අරන් මගේ කටේ එබුවාම තොල් වල ඉතුරු වුන ක්‍රීම් මන් ඇඟිල්ලෙන් අරන් කටේ ගහගන්නකොට රෙශඛ්‍යගේ මූන තිබ්බේ අසරණ කම විතරයි.

"කෝ එන්න ඔයාටත් කවන්න!" මන් එයාගේ අතින් හැන්ද අරන් කේක් එකෙන් ටිකක් අරන් එයාටත් කවනකොට එයාගේ ඇස් තිබ්බේ මගේ ඇස් අස්සෙම විතරයි. රෙශඛ්‍යගේ කට අයිනේ ඉතුරු වුන ක්‍රීම් මන් දිවෙන් ගන්නකොට රෙශඛ්‍ය ගෙරෙව්වා.

"තවුසෙ මෙහෙමයි කියලා මන් හීනෙකින්වත් හිතුවේ නෑ සුදයියේ!" කිව්වම මට හිනා ගියා.

"කේක් එක රසද?" මන් ඇහුවම

"තවුසෙත් රහයි, කේක් එකත් රහයි!"

"ම්ම්ම් මන් හැදුවේ!" මන් එයාගේ කම්මුලක් අල්ලන් කිව්වම, එයාගේ ඇස් දෙක උඩ ගියා.

"ඇත්තටමද?"

"ම්ම් ඔව්!" කිව්වම එයා කේක් එක බිම තියලා මාව තද කරලා බදාගෙන එයාගේ මූන මගේ පපුව අස්සේ ගහගත්තම මන් එයාගේ ඔලුව හෙමින් අත ගෑවා. 

"ඒක නෙමේ! මට තියනවා විසඳගන්න ප්‍රශ්නයක් තවුසේ එක්ක!" කියලා මාව එහාට කරලා මූන දිහා ඔරවන් බැලුවා.

"මොකක්ද?" 

"මොනාද අර තාන්‍ය අයියා ආවේ නැත්තම් ලොකූව බඳින කතාව?" හත්තුකේ!!! ඒක මතක් වෙලාද? මේ වෙලාවට අවශ්‍ය 'සිග්නල සිනා බෝ වේවා'

"පේර ගහේ එල්ලන් කනවා පකයගේ ඇට වල්ල!" අම්මෝ තරහා ගිහින්! මන් ටක් ගාලා බෙල්ල බදාගත්තා,

"මන් ඔයාට ආදරෙයිනේ! මන් ඔයාට උම්මා! මන් ඔයාට අල ගෙනල්ල දෙන්නම්..." 

"ඕන්න ඕක තමයි ප්‍රශ්නේ!" කියලා හිනා වෙලා,

"කෝ ඉන්නවා!" කියලා මාව එහාට තල්ලු කරලා දාලා රෙශඛ්‍ය නැගිටලා ගිහින් ටිකකින් ආවේ ඩිශ් එකක් අතේ තියන්.

"මොනාද ඔය?"

"කෝමාරිකා කෝ ශර්ට් එක ගලවන්න" අනේ මෙයාගේ ආදරේ! මන් හිනා වෙලා ශර්ට් එක ගැලෙව්වම ආයේ ඉතින් යට කලිසම පිටින් නේ. රෙශඛ්‍ය හිනා වෙලා පහලට නැවිලා මගේ තොල් වලින් කිස් එකක් තියලා කෝමාරිකා අරන් රතු වෙච්ච තැන් වල හෙමින් ගෑවා. 

"ඊළඟ දවසේ මන් play wax candles ගෙනල්ල තියන්නම් ඒවට පිච්චෙන්නේ නෑලු" 

"කොහොමද දන්නේ?" මන් sus මූණ දැම්මම රෙශඛ්‍යට හිනා ගියා.

"internet කියලා එකක් තියනවා උඹ දන්නේ නැද්ද සුදයියේ?" 

"අහ්... ඔයාගේ favourite category එක BDSM ද?"

"ඒක අහන්නේ උත්‍තරේ දැනගෙනනේ සුදයියේ?" මට ශර්ට් එක ආයේ අන්දන ගමන් ඇහුවම මන් රෙශඛ්‍යගේ අත අරන් හොඳ මස් ගොබයක් හපලා දැම්මා 

"බුදු අම්මෝ!!!! බඩගිනී නේද?" රෙශඛ්‍ය මන් හපපු තැන අත ගගා ඇහුවම, ඇත්ත බඩගිනී හොඳටම ඒකනේ මූව කන්න හිතෙන්නේ. මන් 'ඔව්' කියන්න ඔලුව වැනුවම 

"යන් එහෙනම්. කලිසම දාගෙන පහලට එන්න."

"කොහෙද?" 

"එනවකෝ පඬියා නොවී!" 

උසම උස තාප්ප වලින් වටකරපු මහ විසාල කලු ගේට්ටුවක් ඉස්සරහා වාහනේ නතර කරා. ගේට්ටුව දෙපැත්තේ කණුවල ඇත්තම ඇත්ත වගේ මොනරු දෙන්නෙක් හිටියා. කතරගම දේවාලේ ඇවිත්ද? මන් කවදාවත් ඇවිත් නැති තැනක්. බල්ලෙක් බුරනවා ඇහෙනවා. රෙක්ස් වගේමයි බුරන්නේ හැබැයි. තාප්පේ ගහල තිබ්බ රිදී පලකය දැක්කේ පස්සේ 'R. Mayurawansha'. රෙශඛ්‍ය හෝන් එක ගැහුවම gate එක ඇරුනා.

"බහින්න මැණික!" ආව්! මැණික කිව්වම මාව දියවෙනවා! මූණෙ තිබ්බ කෝලේ දැකලා රෙශඛ්‍යටත් හිනා ගියා. 

"අනේ සවීත් ඇවිත් නේ!" දම්සාරී ලොකු නැන්දා මාව ඇවිල්ලා බදාගත්තම රෙශඛ්‍ය හිටියේ නෑ. මන් වටපිට බලද්දි,

"ආහ් එයා දැන් ඇත්තේ කුස්සියේ. එන්න අපි යමු. අද සුදු මාමා නම් නෑ. එයා ශෝ රූම් එකේ. නංගිලා ඉන්නවා. පාඩම් කරණවා. ඉන්නකෝ මන් එන්න කියන්නම්." මාවත් අරන් ඇතුලට යනකොට ඒක රෙශඛ්‍යලාගේ ගේ තරම්ම මාලිගාවක්. 

"මෙහෙත් ඉන්නවද ඩැල්මේශන් කෙනෙක්?" බව්වා තාම බුරන නිසා මන් ඇහුවම,

"අහ් ඔව්. එයාගේ නම රෙක්සි" මගේ ඇස් දෙක උඩ ගියා

"මගේ බලු මහත්තයගේ නම රෙක්ස්" කිව්වම නැන්දට පුදුම හිතුනා. 

"අපේ එක්කෙනා නෝනා කෙනෙක් හැබැයි" ලොකු නැන්දා මාව පුටුවක වාඩි කරන ගමන් කියලා,

"දැන් බත්ම කමු සවී. නුවී, සෙනූ!!!! මේ සවේන් අයියත් ඇවිල්ලා!!! පහලට එන්න!" කියලා මගේ උරහිසට තට්ටු කරලා ගේ ඇතුලට ගියා.

මේ ගෙදර රෙශ්ක්‍යලාගේ තරම්ම ලොකු වුනත් වෙනම වයිබ් එකක් තිබ්බේ. අලි කලු පාට ග්‍රෑන්ඩ් පියානෝ එකකුයි, තව වීදුරු වලින් හදපු ග්‍රෑන්ඩ් පියානෝ එකකුයිත් තිබ්බා. ඒවගේ එකක් නම් මන් කවදාවත් දැකලා නෑ. ඒ පියානෝ එකට එහා පැත්තේ ගිටාර් එකකුත් තිබ්බා. එයාලගේ ලොකුම ලොකු ෆැමිලි photo එකක් ඒ පියානෝ දෙක මැද්දේ තිබ්බා. සාලේ නිකන් හෝල් එකක් වගේ.

"සවේන් අයියේ!!!" නුවී නංගි ඇවිත් මාව බදාගත්තා.

"කොහොමද අනේ?" මන් ඇහුවම සෙනූ මගේ දිහා උඩ ඉඳන් පහලට බලලා මගේ අත අරන් ශර්ට් එකේ අත් වාටිය අනික් පැත්ත හරෝලා බලලා

"මේක මංජු අයියාගේ නේද?" මට හිනා ගියාම උන් දෙන්නත් මූනට මූන බලන් හිනා වුනා.

"මංජු!!! තනියෙන් කන්නේ? යනවා ගිහින් සවීව අරන් එන්න කන්න!" ගේ ඇතුලෙන් ආපු සද්දෙට මට හොඳටම හිනා.

"එන්න අයියේ අපි යන් කන්න. අර උලමා නම් කිසි කමකට නෑ. මහත්තයාව මෙහෙ දාලා ගිහින් තනියම කනවා" නුවී මගේ අතින් අල්ලන් ගේ ඇතුලට යනකොට කිව්වම

"ඔව්වා ජම්මෙන් එන පුරුදු. ඔව්වා නවත්තන්න බෑ අක්කේ." 

ඩයිනින් ඒරියා එකට ගියාම ඒකත් පුදුම ලස්සනයි. ඩයිනින් ඒරියා එකට යන්කොට ඇතුල් වෙන තැනම ලොකුම ලොකු හාර්ප් එකක් ප්ලේ කරන සුරංගනාවියකගේ ප්‍රතිමාවක් තිබ්බා. ඒක නම් හරිම ලස්සනයි. නිකන් රජ මාලිගාවක ඩයිනින් ඒරියා එකක් වගේ. අනේ මටත් ඕනා මෙහෙම ගෙයක්. රෙශඛ්‍යට කියන්න ඕනා සුදු මාමලාගේ වගේ ගෙයක් ඕනා කියලා. මතක් කරනකොටම මිනිහා එනවා අතේ ලොකු පුඩින් ඩිශ් එකක් අරන් හැන්දත් කටේ ගහන්. මන් එරෙව්වම හැන්ද එලියට අරන් අලි ලොකු බොරු හිනාවක් දැම්මා. 

"කන්න පුතේ." ගෙදර වැඩට ඉන්න කෙනෙක්ද කොහෙදෝ ඇවිත් කෑම මේසේ ඇරියම ලොකු නැන්දා කිව්වම රෙශඛ්‍ය ඇවිත් මට පුටුවක් ඇදලා දුන්නා. ඔය ශේප් වෙන්නනේ. බටර් ගාන්නේ. ඔය මරිසි අපිට තේරෙනවා ශුදු මහත්තයෝ! මන් ඉඳගන්න ගමන් තව එරෙව්වා. ඊටපස්සේ මිනිහා පුඩින් එකත් මේසේ උඩින් තියලා මගේ අත් අරගෙන ඇඟිලි වලිනුත් පහලට වැටෙන ශර්ට් එකේ අත් නවලා නවලා උඩට කරලා පිඟානක් අරන් බතුත් බෙදනවා. මන් අත් දෙක බැඳන් බලාගෙන හිටියේ මූගේ මරිසි දිහා.

"අහ් මංජු අයියේ දැන් ශේප් වෙන්න හෙන ගේමක් දෙනවා වගේ" 

"සෙනූ පලයං එහාට!" 

බත් කාලා ඉවර වෙලා මෙහේ ඉන්න රෙක්සි නෝනා එක්ක සෙල්ලම් කරා. එයා මාත් එක්ක හරියට එකතු වුනා ලොකු නැන්දනම් කිව්වේ ඒ එයාට මටත් බව්වෙක් ඉන්නවා කියලා එයාට තේරිලා නිසා කියලා. ඊටපස්සේ සෙනූ නංගී, නුවී නංගී පියානෝ එක ප්ලේ කරලා පෙන්නුවා. එයාලා මාර දක්ශයි අප්පා. සෙනූ නංගිට ඕනම සින්දුවක් අහන් ඉඳලා ප්ලේ කරන්න පුලුවන්. 

ආයේ ගෙදර යනකොට රෙශඛ්‍ය එක අතකින් steering wheel එක අල්ලන් අනික් අතෙන් මගේ අත අල්ලගෙන හිතිච්ච, හිතිච්ච වෙලාවට අතට උම්මා දුන්නා. 

"සුදයියේ, ඔයා මගේ බර්ත් ඩේ එකට කේක් එකකුත් හදලා මාව බලන්නත් ආවා! Thank you! ඔයත් එක්ක තව ගොඩාක් උපන්දින සමරණවා. ඒත් මේ උපන්දිනේ ඒ එන හැම උපන්දිනේකටම වඩා මට වටිනම උපන් දිනය." 

"මන් ඔයාට ආදරෙයි බබා!" මන් එයාගේ අත අරන් ඉම්බම,

"ආයේ අපේ දිහා යන්ද? මට උඹව ගෙදර දාන්න බෑ වගේ!"

"රෙශඛ්‍ය!" 

මතු සම්බන්ධයි!...

More Chapters