WebNovels

Chapter 12 - යන්න ඕන අයට යන්න දෙන්න

"හුස්ම ගියොත්?"

"හුස්ම යන්න කලින් මන් අත අරිනවනේ!" කියලා දඟල දඟලා හිටපු මාලුවාව ආයේ පොන්ඩ් එකටම අත ඇරලා සාක්කුවට අත දාලා පැකට් එකක් අරන් කටින් කඩලා

"කෝ අත දෙනවා මෙහාට!" කියපු ගමන් මන් අල්ලක් දික් කරාම ඒකට රතු පාට මාලු කෑම වැටුනාම මන් හිනා වෙලා ඒවා පොන්ඩ් එකට විසික් කරාම මාලුවෝ උඩට ඇවිත් ඒවා සේරම ගිලලා ගිලලා දැම්මා. මට මතක් වුනේ ඉස්කෝලේ මැද මිදුලේ පොන්ඩ් එකේ කෝයි මාලු, කෝයි මාලු මතක් වුනා කියන්නේ මට අයුශ් මතක් වෙනවා. සයෝද් එක්ක ඉන්නකොට අයුශ් මතක් වුනාම මට මන් ගැන මහා කලකිරීමක් ඇති වෙනවා. මහ වරදකාරී හැඟීමක් එනවා. මේ දැන් මට එහෙමයි! කඳුලු එනවා! එක්කෝ තුර්ශ මාව එදා බදා ගන්නේ නැතුව ඉන්න තිබ්බා. මන් තුර්ශගේ පපුව අස්සේ නොහඬා ඉන්න තිබ්බා. එහෙනම් මේ කඳුලු එන්නේ නෑ නේ. 

"සවේන් අයියේ? ඔයා අඬනවද?" මන් අහක බලාගත්තා. මට අඬන්න ඕන නෑ. ඒත් සයෝද් මාව උරහිස් වලින් අල්ලලා එයාගේ පැත්තට හරවන් ඉවරයි.

"අඬන්න ඕන නම් අඬන්න අයියේ. මන් ඔයාව අල්ලන් ඉන්නම්!" ඇයි මේ පවුලේ ඔක්කොම මෙහෙම? මන් 'බෑ' කියලා ඔලුව වැනෙනකොටත් කඳුලුනම් හිතට අවනත වුනේ නෑ. 

"තුර්ශ ඕනා!" අත් ගැහෙන කොට ඒ ටික හරි කියාගත්තේ අමාරුවෙන්. ඒත් මගේ ගැහෙන අත් අල්ලන් මාව තුරුල් ගත්තම මන් ඇඬුවා හොඳටම. තුර්ශගේ වැළඳගැනීම තරම්ම මේ වැළඳගැනීමත් හර්දයාංගමයි. ඒ සයෝද් තුර්ශගේ සහෝදරයා නිසාද නැත්තම්, ඊටත් වඩා වෙනස් කාරණයක් නිසාද කියලා තෝරන්න බෑ. ඒත් මේ වෙලාවේ තුර්ශට විවෘත කල හදවතම සයෝද් ට විවෘත වුනේ නිරායාසයෙන්මයි.

"මන් මහ නරක කෙනෙක් මල්ලි! මගේ හිත අයුශ්ගෙන් ඈතට යනවා වගේ." තාමත් ඒ ශක්තිමත් බාහු මගේ වටේ එතිලා. 

"ඉතින් ඒක ඔයාව නරක කෙනෙක් කරේ කොහොමද?"

"මන් පොරොන්දු වුනා අයුශ් ට එයා එනකන් ඉන්නවා කියලා"

"ඉතින් දැන් ඔයා පොරොන්දුව කැඩුවද?" මන් ඒ පපුවෙන් ගැලවෙනකොට බාහුත් ලිහිල් වෙලා මගේ උරහිස් උඩට යැවුනා.

"මන් දන්නේ නෑ මල්ලි! මන් එයාට ආදරෙයි!" මන් සයෝද් ගේ මූන බලන් කියනකොට එයා හිනා වෙලා පෙඟිච්ච මාස්ක් එක මගේ කන් දෙකෙන් පන්නලා අතට ගත්තා.

"ඔයා එයාට ආදරෙයි අයියේ. ඔයා මන් දැකපු ආදරණීයම, අවංකම ප්‍රේමවන්තයෙක්. ඔයාට මන් නිසානම් මෙහෙම දැනෙන්නේ... අපි යාලුවෝ විතරයි කියලා මන් කිව්වොත් ඔයාගේ හිත හැදෙයිද?" 

"සයෝද්!" ඒ ඇස් වල තිබ්බේ වෙනදට තියන සෙල්ලක්කාර, කිසි දෙයක් ගානකට ගන්නේ නැති දඟකාර බව නම් නෙමෙයි. දුකක් එක්ක එක්ක එකතු වෙච්ච සතුටක්. 

"ඕන්න ඕකයි ප්‍රශ්නේ! සරුංගල් අරින්න ඇවිත් බබ්බු නලවන්න වෙලා තියෙන්නේ. ඔහෙත් එකයි ඔහේගේ යාලුවත් එකයි!" මූන ඇද කරන් කිව්වම මට හිනා ගියා. මන් ශර්ට් එකේ කර උඩට කරන් මූන පිහිදනකොට සයෝද් හිනා වුනා.

"ඔය සාක්කුවේ ලේන්සුවක් නෑනේ ඕන වෙලාවක අඬන බබාලා ගේ. ලේන්සුවක් දෙකට නවලා මේන්න මෙතන බේබි පින් එකකින් ගහන්නයි තියෙන්නේ!" කියලා මගේ පපුවට ඇඟිල්ලෙන් ඇන්නා. 

 ඊටපස්සේ සාක්කුවෙන් phone එක අරන් කාටද මන්දා කෝල් එකක් ගත්තා.

"හෙලෝ කුමේ මාමේ, මැශින් නවත්තන්න. දූවිලි ඇවිස්සෙනවා"

"නෑ නෑ ඕන නෑ. මන් කියන්නම් තාත්තට. මගේ යාලුවට දූවිලින යනවා නහයට. ඒ නිසා දැන්ම නවත්තලා මාමලා ගිහින් තේ බොන්න!" එහෙම කියලා ආයේ සාක්කුවට phone එක දාගත්තා.

"එනවා යන්න!" මගේ අතින් අල්ලන් බිම තිබ්බ සරුංගලෙත් අරන් ගල් කොරිය උඩට නඟිනකොට එයාටනම් තැන්නේ ඇවිදින ගානයි. මන් පන බයේ කකුල් තිබ්බේ දැන් ලිස්සයි, දැන් ලිස්සයි කියලා හිත හිත. හැබැයි ආබාධයක් නැතුව උඩටම ආවා. ගල උඩට ආවම පැත්තම පේනවා. හුළඟ අපි දෙන්නගෙම කොන්ඩ ඇවිස්සුවා. 

"සවේන් අයියේ අර පේනවද? ඒක තමයි ගලේ පන්සල." ඈතට ඇඟිල්ල දික් කරාම මන් ඒ පැත්ත බැලුවා. ඇත්තටම හරිම ලස්සන පන්සලක් නේ ඒක. කලු ගල උඩ සුදු පාට චෛත්‍ය, ඝණ්ඨාර කුලුන, සුදු බුදු පිලිමය කැපිලා පෙනුනා. ටිකකට කලින් මගේ හිතේ තිබ්බ වේදනාව පන්සල පිහන් එන හුළඟ ඈතට අරන් ගියා.

සයෝද් සරුංගලේ උඩ යවන්න ගත්ත. 

"පොඩිම කාලේ ගමේ වෙලේ සරුංගල් ඇරියට පස්සේ මේ සරුංගල් අරින්න ආවමයි. "

"හොඳයිනේ! කෝ එන්න එහෙනම්" සරුංගල් නූල මගේ අතට දීලා පිටිපස්සට ගිහින් මගේ දෙපැත්තෙන් අත් යවලා මගේ අත් දෙකම අල්ලන් නූල හසුරවන්න ගත්තාම මගේ ඔලුව එයාගේ පපුවටම හේත්තු වුනා. ගල් වගේ ශක්තිමත් මස් ගොබ වලත් සනීපයක් දැනෙනන කොට 'අපි යාලුවෝ විතරයි' මන් තව තව මටම කියාගත්තා. අයුශ් ඉන්න තැනකින් එන්න වස්තුවේ!

"ඇතිද?" කියලා අහද්දි සරුංගලේ දැන් පේන නොපෙනෙන ගානයි. උදේ අවුව බැහැලා දැන් ඉර මුදුන් වෙලා. අවුව සැරයි. මන් 'ඇති' කියලා සන් කරාම එයා ආයේ සරුංගලේ පහලට අද්දගන්නකොට මට අහන්න ප්‍රශ්නයක් තිබුනා.

"සරුංගලේ කැඩෙන්නේ නෑ?" 

"කැඩෙන්න පුලුවන්. එහෙම වෙලා තියනවා ඕන තරම්!"

"එතකොට දුක නැද්ද?" ඉස්සර මන් සරුංගල් හදලා හදලා ඒවා කඩන් ගියාම අඬනවත් එක්ක.

"නෑ..." 

"ඇයි?" හරි පුදුමයි නේ. දුක නෑ කියන්නේ.

"ඒකට කැඩෙන්න ඕන නිසානේ කැඩුනේ. කිසිම දෙයක් බලෙන් තියාගන්න හොඳ නෑ අයියේ. යන්න ඕන අයට යන්න දෙන්න ඕනා! කොයි තරම් දුක දැනුනත්, මොකද ගිය අයව බලෙන් තියාගන්න හදන එක කෙනෙක්ව අත හැරීමකට වඩා තුවාල කරන්න පුලුවන්!"

"ඔයා ඒක කිව්වේ මටද සයෝද් මල්ලි?" 

"තොප්පිය හරිනම් දාගන්න සහෝ!" නූලෙ අන්තිම ටිකත් ලී කෑල්ලේ ඔතලා, සරුංගලෙත් කරේ තියන් ඉස්සර වුනාම මාත් පස්සෙන් වැටුනා. හෙමින් හෙමින් අඩිය තියද්දි එයාට ඉක්මනින්ම යන්න පුලුවන් උනත් එයා මගේ අත අල්ලන් හෙමින් පහලට බැස්සා.

"ආව්!" තියුණු චිප් ගලක් සුළැඟිල්ලේ වැදුන පාර මට කෑ ගැස්සුනා.

"මොකද වුනේ?" සයෝද් නැවිලා බලලා,

"තුවාල වෙලානේ! ශික්! එන්න ඉක්මනට හෝදමු" හෙමින් ඉතුරු ටිකත් බැහැලා පහල අඹ ගහක් යට ඔහේ දාලා තිබ්බ පරණ වාහනේක දොරක් ඇරලා මට ඉඳගන්න සන් කරාම, මාත් ඉඳගත්තා. දූවිල්ල එමට! 

"අල්ලන්න එපා කොහෙවත්. ඔහොම ඉන්න" කියලා එතනම තිබ්බ ටැප් එකෙන් බේසකමට වතුර පුරෝලා අරන් ඇවිත් බිමින් තියලා එක දණහිසක. බිමට තියන් නැවිලා මගේ තුවාල වෙච්ච කකුල අත් දෙකටම අරන් වතුර දම දමා හෝදනකොට, 'අපි යාලුවෝ විතරයි!'

"ගෙදර ගිහින් බෙහෙත් දාගමු!" සයෝද් ඔලුව උස්ස්සලා කිව්වම මන් 'හා' කියලා ඔලුව වැනුවා.

'ස්ස්ස්ස්ස්ස්'

"මොකක්ද ඒ සද්දේ?" කියලා මන් පිටිපස්ස බලද්දි,

"හත්තුකේ!!!!!" කියලා පැන්නා පැනිල්ලක් කෙලින්ම සයෝද් ගේ කරේ.

"නයා! නයා මල්ලි නයා!!!! අනේ මාව අරන් පලයන්!!!" කර උඩ නැගලා බෙරිහන් දෙද්දිත් මේ යකා තාම බිම! 

"බෙරිහන් නොදී හිටපංකෝ!" සයෝද් මාව අත් දෙකටම අරන් වාහනේ දොර වහලා දැම්මා.

"ආ.... පැටියෝ... කොහොමද?" කියලා ජනේලෙන් ඔලුව දාලා පෙනේ කරන් ඉන්න අර නයා එක්ක දොඩවන්නේ මූට ඔල්මාදෙද?

"නයෙක් එක්ක කියවන්නේ තමුසෙට පිස්සුද මල්ලි?" තාමත් බෙල්ල බදන් සයෝද්ගේ අත් දෙක උඩ ඉඳන් කිව්වම,

"නයෙක් නෙමේ අයියේ නයි කෑල්ලක්. පේනවද පෙනේ කෑල්ලයි තියෙන්නේ!" ඔය කිව්වට ඌගේ ලිංගේ තෝරන්න මටනම් බලන්න කිසිම අවශ්‍යතාවයක් නෑ

"එහෙනම් නම්කි අපි ගියා! ඔබතුමියගේ සුවර්ගරාජයට පැමිණ ඔබ නැති කරන්න හදන දුශඨයන් අපි නොවෙමු! ගිහින් එන්නම්!" කියලා මාවත් අරන් ගල් වලෙන් උඩට එනකොට

'කූඩුව ගං වතුරේ ගියා පැටව් එක්කම ශා ශා ශා!' අංකල් ලා දෙන්නා රේඩියෝ එක දාගෙන හෙන කයියක්

"මේ මොකෝ මංජු බේබී යාලුවාව වඩාන?"

"අයියට පොඩ්ඩක් තුවාල වුනා මදිවට නයි කෑල්ල සෙට් වෙලා බය වෙලා ඉන්නේ!"

"හප්පද බොල! කොහේද බේබි ඌ ඉන්නේ?" 

"පරන කාර් එක ඇතුලේ" 

"අප්පට සිරි! ඕකට බූමිතෙල් ටිකක් ගහමු!"

"පිස්සුද පිස්සුද? සුදු මාමා ඇවිත්, ඌව අල්ලලා සංස්ථා වත්තට දායි" 

"අහ් සුදු මහත්තයා ඉන්න වග අමතක වුනානේ!" 

"අයියේ මගේ පිටිපස්සේ සාක්කුවෙන් phone එක ගන්නවකෝ!" මගේ දිහා බලන් කිව්වම මන් පහලට අත දැම්මම රේඩියෝ එකේ ඩෙරූලෝ අයියත් ආතල් දෙනවා

'Haha, I got one question

Haha, how do you fit all that in them jeans? haha

You know what to do with that big fat butt

Wiggle, wiggle, wiggle

Wiggle, wiggle, wiggle

Wiggle, wiggle, wiggle

Just a little bit (Swing)'

"මොකද ඕයි පස්ස අල්ලන් කරන්නේ? ඕක අරන් දෙනවකෝ!"

හත්තුකේ!!!! මන් මූගේ පුප අල්ලන් මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ? මන් හරි සිහියට ඇවිත් phone එක අරන් දුන්නම,

"Siri call Sudu Maama"

'Calling Sudu Maama'

"speaker දාන්න අයියේ!" මන් ඉතින් ඒකත් කරා

"හෙලෝ, මංජු පුතේ"

"හෙලෝ සුදු මාමේ ශෝ රූම් එකේද?"

"නෑ පුතේ හාර්ඩ්වෙයර් එකේ!"

"මේ නයි නම්කියෙක් ඉන්නවා බිත්තර එක්ක."

"හුටා! කොහෙද?"

"ගල් වලේ, පරණ කාර් එකේ"

"ආ හරි. කොහොමත් එන්න හිටියේ ලොකු නැන්දා අල ටොපි වගයක් හදලා. අරන් එන්නම් හවසට. කොක්කත් අරන්ම එන්නම්"

"කොක්ක නම් නැති වුනත් කමක් නෑ මාමේ ටොපි ටික ගේන්නකෝ"

කෝල් එක කට් වුනාම සයෝද් ආයේ මාවත් උස්සන් ගමනේ ගියා. බෙලි ගස් මැද්දෙන් වැටුනු පාර දිගේ එනකොට සයෝද් මන් දිහා බලාගෙන හිනා වුනා.

"මොකෝ?" මන් බොරු තරහක් පෙන්නුවම

"උඩින් යන්න පාස්පෝර්ට් තියනවද?"

"නෑ!"

"එහෙනම් බිමින් තියන්න වෙනවා"

"එපා!"

"ඇයි?" මගේ කකුල රිදෙනවා. 

"ඒක නිසාම විතරයි කියලා sureද මනරු සහෝ?"

"මනරු? ඒ කවුද?"

"ඔයා අපේ සුදු නංගි හම්බුන දවසක අහන්නකෝ. එයා කියයි"

කතාවෙන් කතාව අපි කුස්සිය පැත්තටත් ඇවිත්. මෙහේ කුස්සියක් ගෙට වෙනම පිටිපස්සෙන් තියනවා. ආන්ටි ගුවනින් සම්ප්‍රාප්ත වෙන මාව දැකලා ඉදලත් අත ඇරලා දුවන් ආවා.

"මොකෝ වුනේ මංජු?"

"නෑ අම්මේ මේ පොඩ්ඩක් අයියගේ කකුල තුවාල වුනා" කියලා මාව බිමින් තිබ්බා.

"කාපං කාපං ඒ කොල්ලවත් කාපං! උඹ ලෙලි ඇරගන්නවා මදිවට අනුන්ගේ දරුවොන්ගෙත් ලෙලි යවපං!" කියලා කෑ ගහනකොට සයෝද් අහස බලාගෙන උරහිස් හැකිලුවා.

"මෙහෙ එන්න පුතේ. මේ මලක් වගේ අහිංසක කොල්ලව අර දූවිලි වාකරේ අරන් ගිහින්! දෙන්න තියෙන්නේ මූට!" කියලා අත මිටමොලවලා සයෝද් ට ගහන්න ගියාම එයා අහකට පැන්නා. මට ආයේ තුර්ශ මතක් වෙලා හිනා.

"ගිහිං ගේනවා බෙහෙත් පෙට්ටිය මෙතන බලං ඉන්නේ! එන්න පුතේ මෙතනින් ඉඳගන්න. නන්දා ඔය බත් ටික මේසෙට අරින්න බේබිලාට" සයෝද් ගේ ඇතුලට යනවා බලන් ඉඳලා මන්,

"අනේ එපා එපා ආන්ටි මට පිඟානට බෙදලා දෙන්න ඒ ඇති. තුර්ශ කියනවා චම්මලා දිහා ආවම හටිටි වලින්ම අත දාලා ලු එයාලා කන්නේ. මාත් ආසයි එහෙම!" කිව්වම

"අපෝ මොනාට කියන්නද දරුවෝ ඒවා ගැන නම්. මුන්ට ඉතින් රැයක් දවාලක් නෑ නේ හිතුන හිතුන වෙලාවට කොහෙ කොහේ ඉන්නවද දන්නේ නෑ. ඉතින් අපි ඕන වෙලාවක කුස්සියේ කෑම තියන්න ඕනා. එහෙනම් ඉන්නකෝ..." කියලා කුස්සියට යනකොට සයෝද් බෙහෙත් පෙට්ටියත් අරන් ඇවිත් මාව කුස්සිය ඉස්සරහ දිග ලී බංකුවෙන් ඉන්දුවා.

"කෝ කකුල තියන්න මෙතනින්!" කියලා බිමට නැවිලා එයාගේ කලවක් උඩට තට්ටු කරාම මන් කියපු විදිහටම කරාම එයා තුවාලේ ඩෙටෝල් වලින් පිහිදලා, බෙටඩින් ක්‍රීම් ගාලා, ගෝස් කෑල්ලක් තියලා ප්ලාස්ටර් එකක් දැම්මා.

"දැන් හරි!" කකුල ආයේ අරන් බිම තියනකොට ආන්ටි බත් පිඟන් දෙකක් අරන් එලියට ඇවිත්,

"ආ පුතේ. හොඳට කන්න ඕනා ඔන්න ලොකු බබාලා වගෙ කන්න ඕන්නම්. අයේ බෙදාගෙනත් කන්න ඕන. මන් නම් ඔන්න ආයෙ බලන්නේ නෑ ඉතින්" 

"හරි ආන්ටි!" මන් හිනා වෙලා පිඟාන ගත්තම සයෝදුත් පිඟාන අරන් මගේ එහා පැත්තෙන් ඉඳගෙන කන්න පටන් ගත්තා.

"අඹ තියනවා නන්දා. කපලා මේ පුතාට දෙන්න. මන් යනවා පොඩි බේබිට බත් කවන්න!" කියලා ආන්ටි ගියා

සයෝද් මට කලින් කාලා කුස්සියට ගියාම මන් කාලා ඉවර වුනාම නන්දා කියන අත් උදව්වට ඉන්න මැදි වයසේ ගෑනු කෙනෙක් මගෙන් පිඟානත් අරන් වතුර වීදුරුවකුත් අතට දීලා ගියා.

"කෝ දෙන්න මංජු බේබි මන් කපන්නම් අඹ" ඇතුලේ අඹ කැපෙනව වගේ. මාත් ඇතුලට ගියා

"අනේ මංජු බේබි මේ අඹ වල පනුවොනේ!"

"අපෝ ඕවා මොනාද නන්දා නැන්දේ දෙහිවල අලි ඉන්නේ!" 

මතු සම්බන්ධයි....

More Chapters