WebNovels

Chapter 15 - අන්‍රපුර

"අපි අනුරාධපුරේ යනවා ජනවාරි පලවෙනිදා සමරන්න" සයෝද් කැම් එකත් බෑග් එකට දාන් කියනකොට මට මතක් වුනේ මාතර ගමේ අය එක්ක අන්තිමට අනුරාධපුරේ ගියපු වාරේ. ඒ අවුරුදු 5කට විතර කලින්.

"ශෝක් නේ. ඔයාලා අවුරුද්දට ට්‍රිප් කීයක් යන්වද මල්ලි?"

"අනිවාර්‍ය ට්‍රිප් දෙකයි. තව ඉතින් ඔන්කෝල් ට්‍රිප්ස් උත් වැටෙනවා දෙකක් තුනක්."

"ඒ කිව්වේ?"

"ඒ කිව්වේ එකපාරට කෝල් කරලා 'කතරගම යන්වා හෙට හයට ලෑස්ති වෙලා ඉන්න' කියලා වගේ ට්‍රිප්ස් උත් යනවා"

"මරු නේ!"

"තවුසෙවත් එක්කන් යන්නම් දවසක"

"මාව එක්කන් යනවද?"

"ඔව්! රුක්මනීව එක්කන් ගියේ!" තාන්‍ය අයියා ගියේ එයා තුර්ශගේ බෝයිෆ්‍රෙන්ඩ් නිසානේ. මාව මොන එහෙකට එක්කන් යන්නද? 

කොල්ලෝ නිවාඩුව එනකන් බලාගෙන ඉන්නේ. ට්‍රිප් යන්න, රෝන්දේ යන්න, කේල්ලෝ එක්ක ලව් කරන්න යන්න, නිදහසේ මාසයක් හොඳට පුකට එලිය වැටෙනකන් නිදා ගන්න. හැබැයි නිවාඩු මාසේ කියන්නේ සවේන්ට එපා කරපුම කාලයක්. මගේ හිත තනිකමේ ගිලෙන්නේ මේ කාලෙදී. ඉස්කෝලේ යනකොට මට හිතන්න වෙලාවක් නෑ. තුර්ශ, දේශාන්, හශිර, විහඟ එක්ක කාලේ යනවා තේරෙන්නේ නෑ. මන් ආසම ඉස්කෝලේ යන්න, ක්ලාස් යන්න. යාලුවෝ එක්ක ඉන්නකොට මට අයුශ්ව මතක් වෙන්නේ අඩුවෙන්. සයෝද්ව දකින්න බැරි එක මාව ඕනවටත් වඩා රිද්දුවා. ඒ ඇයි? මන් එයාට බැඳිලද? මට එහෙම වෙන්න ඕන නෑ ආශු! 

හිත දුර හන්දා නෙතු ළග හංගා

සිහින ගණින හින්දා

තනිකම හංගා ඈතක රන්දා

මතක හිත ඇහින්දා

අරුත කියන සෙනෙහේ

නුඹම වේද මන්දා

ඈත අතීතෙක අමතක සෙනෙහේ

හිතවත් කරනා

සිහින පොතේ කවි දහසක් අතරේ

නුඹමයි හිදිනා

නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ

අළුතෙන් පතනා

Play list එකේ තියෙන්නේ බූට් සින්දු විතරමයි කියලා තුර්ශ බනිනවා. ඒත් හිත යන්නේ ඒවටමයි. පොඩි කෑල්ලක් screen record එකක් අරන් ස්ටේටස් දැම්මම,

'මගේ පන 😘 Calling' මන් දන්නවා ඉතින් දැන් කෝල් කරන්නේ මොකටද කියලා

"මොකෝ?"

"මොකෝ අහන්නේ තෝ මොනාද අර බූට් සින්දු ස්ටේටස් දාන්නේ?"

"ලස්සන නිසා දැම්මේ අයියෝ!"

"හෙට අපි අනුරාධපුරේ යනවා. දවස් තුන හතරකට ඇඳුම් අරන් හයට කොට්ටාවට වරෙන් එච්චරයි!"

"පිස්සුද තොට?"

"තාත්තට දීපං phone එක!"

"පිස්සුද?"

"දීපං කැ$යෝ!" අසරණයි. තුර්ශට කිව්වොත් කිව්වමයි. මන් ගිහින් speaker phone දාල්ලා තාත්තට phone එක දුන්නා.

"හෙලෝ අංකල්, මන් තුර්ශ"

"ආ... දොඩ... කියන්න පුතේ" අම්බෝ තව ටිකෙන් තාත්තට ව්‍යවහරය පැටලෙනවා

"අංකල් හෙට අපි අනුරාධපුරේ දන්සලක් දෙන්න යනව. සවේන්ව අරන් ගියාට කමක් නැද්ද?" තාත්තා මන් දිහා බලං රැව්වා. ඕකනේ බැරි!

"තාත්තලා අම්මලා යනවද පුතා?"

"ඔව් අංකල්. ඔහොම ඉන්න අංකල්. තාත්තේ මේ සවේන්ගේ තාත්තා. සවේන්ව අරන් යන්නද අහන්නකෝ හෙට"

"හෙලෝ සවේන් ගේ තාත්තා මන් තුර්ශගේ තාත්තා රිවිර කතා කරන්නේ"

"අහ් හෙලෝ රිවිර. මන් සාගර"

"අහ් සාගර, අපි හැම අවුරුද්දෙම යන වන්දනා ගමනක්. සවේන් පුතාවත් එක්කන් යන්න පුලුවන් නම් අපි සතුටුයි. පුතාගේ වගකීම මන් භාරගන්නවා" තුර්ශගේ තාත්තා තුර්ශ වගේමයි. ඒ පවුලේ හැමෝම එහෙම වෙන්න ඕනා. නුවනි ආන්ටි, මිහිරි ආන්ටි ඔක්කොමලා හරිම ආදරණීය මිනිස්සු වගේ.

"හොඳයි එහෙමනම් රිවිරගේ විශ්වාසෙට මන් පුතාව එවන්නම්"

"හොඳයි. එහෙනම් හෙට 6ට කොට්ටාවට ගෙනත් දෙන්නකෝ සවේන්ව"

"හොඳයි" මගේ බඩේ අමුතු මොනා හරි පොපියනවා! මන් හිනා වෙනකොට තාත්තත් හිනා වුනා.

"පරිස්සමට ගිහින් එන්ටැ එහෙනම් සුදුමහත්තයා"

සයෝද් ට කියන්නත් හදලා ආයේ ඕන නෑ කියලා හිතුවේ තුර්ශ දැනටම කියලා ඇති කියලා දන්න නිසා. ඇඳුම් පැක් කරගන්නත් එපැයි. අනේ කොයි තරම් කාලෙකින්ද මේ ට්‍රිප් එකක් යන්නේ? 

"අන්‍රපුර අන්‍රපුර අන්‍රපුර නගින්න නගින්න ටිකට් බුක් කරපු පුතා නගින්න!!!" සුදු උස උඩු රැවුල තියන අංකල් කෙනෙක් කිරි කෝපී පාට රෝසා බස් එකක ෆුට් බෝර්ඩ් එකේ එල්ලිලා කෑ ගහනකොට තාත්තටත් හිනා ගියා. මන් තාත්තට වැඳලා බස් එකට ගොඩ වෙනකොට තුර්ශ එතනම ඉඳලා මාව අල්ලගත්තා. ඒත් මගේ ඇස් හෙව්වේ සයෝද් ව. 

මිනිහා මන් දිහා බලලා ආයේ මූන phone එකේ ඔබා ගත්තා ගත්තා. වැරැද්දක් තමා වෙලා තියනවා.... 

"අනේ පුතා ආපු එක කොච්චර දෙයක්ද?" මිහිරි ආන්ටි මගේ අතින් අල්ලගත්තා මන් හිනාවක් දුන්නා.

"කොල්ලගේ ඇස් දෙකටනම් වහ වැටෙනවා නේද ලොකු අක්කේ!" සයෝද් ගේ අම්මා කිව්වම මට හෙන ලැජ්ජ හිතුනා. සයෝද් මන් දිහා බලලා ආයේ ටක් ගාලා phone එක දිහා බලාගත්තා.

"කෙල්ලෝ ටික එහෙම බලන්නේ නෑ මේ අයියා දිහා!" කියලා තව අංකල් කෙනෙක් හිනා වුනා. මට නම් දැන් පොලව පලන් යන්න හිතිලා තියෙන්නේ.

"අහ් නෑ නෑ එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා වජිර බාප්පේ!" කියලා තුර්ශ කෑ ගැහුවම මගේ ඇස් දෙක දොට්ට පැන්නා.

"තුර්ශ!" මන් හෙමින් කිව්වම,

"අහ් ඒවා අවුලක් නෑ මෙහේ. ගනන් ගන්න එපා!" කිව්වම

"ආ එහෙනම අපේ ලොකු බබාගේ ගේ ජාතියේ රසවිදීමක් තියන එක්කෙනෙක්. හොඳයි හොඳයි එක වගේ කුරුල්ලෝ එක අත්තේ වහනවලුනේ" කියලා තව බඩ ලොකු අක්කි කෙනෙක් හිනා වෙනකොට තුර්ශ මාව ඇදන් ගිහින් සයෝද්ට ඉස්සරහ සීට් එකෙන් වාඩි කරවලා අයිනට තල්ලු කරලා ඉඳගත්තා. ටිකක් වෙලා යද්දි පිටිපස්සෙන් "සුදු නංගි මේ පැත්තට වරෙන්. මට ඕන ජනේලේ පැත්ත"

"අනේ මේ මට බෑ මංජු අයියේ!" 

"තුර්ශ්‍යා පලයං එහාට!!!" වැඩේ දික් ගැස්සෙන්න කලින් 

"තුර්ශ මට ඒසී එක සීතල වැඩී, මන් ඔය පැත්තට එන්නද?"

"අහ් මන් උඹව බදාගන්නද පනේ?" කියලා තුර්ශ අනික් පැත්තට ආවාම මන් අයිනට ගිහින් මහේ කර වටේ අත දාගෙන උරහිසකට ඔලුව තියා ගත්තා.

"අහ් එහෙනම් එනවකෝ. තමුසෙලාගෙන් මාර වදේ මංජු අයියේ!"

"නෑ නෑ ඕන නෑ ඔය කුණ්ඩවාල අවුස්සගන්න ඕන නෑ. මන් මෙතන ඉන්නම්" සයෝද් ගේ කතාවට මට දැන් හිනා යන්න එනවා. තුර්ශ මගේ උරහිස උඩ නිදි කිරණ නිසා මගේ මූන දැක්කේ නැති එකනම් හොඳට ගියා. 

"කෝ මේ සින්දුවක් එහෙම කියලා ගමුකෝ කට්ටිය බුදි නේ! මෙහෙමද මයුරවංශලා ට්‍රිප් යන්නේ?" කියලා අර කොන්දොස්තර වැඩේ කරපු අංකල් ඩොල්කියක් අරන් තාලේ ඇල්ලලා "මංජු පුතා! ආනේ ඩිංගක් ඉන්නකෝ!" සයෝද් පිටිපස්සෙන් නැගිටලා ඉස්සරහට ගිහින් අංකල් ලඟින් ඉඳගෙන ඩොල්කිය අතට අරං කකුල් දෙක අස්සට හිර කරගෙන ඒකෙන් තාලේ ඇල්ලුවා ඇල්ලිලක්. යකෝ මූ මාර බෙර කාරයෙක් නේ ඒවගේමයි කටහඬත්! 

"ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය

දෑත පොඩ්ඩක් දෙන්නකෝ

ඇයිද කලබල අහක බලබල

යන්නෙ ඩිංගක් ඉන්නකෝ

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය

දෑත පොඩ්ඩක් දෙන්නකෝ

ඇයිද කලබල අහක බලබල

යන්නෙ ඩිංගක් ඉන්නකෝ" 

"ලොකූ නැගිටපන්!!!!!" කියපු ගමන් තුර්ශ නැගිටලා තුශ්නිම්භූත වෙලා ටිකක් ඉඳලා නැගිටලා

"පුංචි මාමගෙ කුඹුරෙදී පැලක් ඉන්දන දවසෙදී

පුංචි මාමගෙ කුඹුරෙදී පැලක් ඉන්දන දවසෙදී

හැමෝම අත්පුඩි ගහනකොට මාත් ඒකට එකතු වුනා

දනක් මඩයේ එරි එරී එදා පැල සිට වූ සැටී

දනක් මඩයේ එරි එරී එදා පැල සිට වූ සැටී

තාම මතකයි රීයෙ වගෙමයි

දෙතොල් අව්වේ සැලි සැලී

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය

දෑත පොඩ්ඩක් දෙන්නකෝ

ඇයිද කලබල අහක බලබල

යන්නෙ ඩිංගක් ඉන්නකෝ" 

බස් එක නැවැත්තුවම මන් බෑග් එකත් අරන් බහින්න යනකොට බෑග් එක මගේ අතින් ඇදුනා. බස් එකේ එනකන්ම වචනයක් කතා කලේ නැති මිනිහා මෙන්න මගේ බෑග් එකයි තව දහයක් විතර උස්සන් බස් එකෙන් බහිනවා. මූ ගිලින්නේ මොන මස් ද දන්නේ නෑ.

තුර්ශත් කලින්ම බැස්සේ හටිටි පුට්ටි සාස්පානවල්, කෑම ටික බාන්න ඕන කියලා. මන් අතේ බෑග් එකත් නැති නිසා අත් දෙක සාක්කුවේ දාන් බැහැලා බලද්දි අපි හිටියේ හෝටලේක නෙමේ. තට්ටු තුනේ ගේක. වයසක අංකල් කෙනෙක් එක්ක සයෝද් ගේ තාත්තා කතා කර කර ඉන්නකොට තුර්ශ මට ඇතුලට එන්නයි කියලා සන් කරා.

"උඹට ටොයිලට් යන්න ඕන්නම් 2nd floor එකේ 1වෙනි කාමරේ වොශ් රූම් එකට පලයං"

"අප්පේ සූ බර!" කවුදෝ මන්දා කෑ ගහන් දිව්වා.

"පුක නම් ෆ්ලැට් වෙලා නිමල් අයියේ!"

"චන්ද්‍රා ඔය ආප්ප හැන්ද ගෙනාවනම් සුදු මහත්තයාගේ පුක ඇලිලලු!"

"සැන්දෑ වලාවන් පා වුනාවේ..."

"කවුද රිවිර අයියේ වලා?"

"ඔය කියන්නේ ලොකු අක්කා NTS යන කාලේ පස්සෙන් ආපු දොස්තර මහත්තයා ගැන" සයෝද් ගේ අම්මා එහෙම කියල අතින් කට තද කරගත්තා.

"ඔය බිත්තරේ ගනිං!" 

"අම්මෝ බිත්තරේ!!! කොහෙද දන්නේ නෑ ඒ බිත්තරේ!"

"ඒක සිතුල් පව්වේ කන්ද පාමුල ඇත්තේ!" 

මෙයාලා මොනා කියනවද කියලා මටනම් තේරෙන්නේ නෑ! 

"ලොකු බබා, මංජු මේ සැරේ මොන දෙයියන්ටද බාර වුනේ?"

"ඝණ දෙවියන්ට!" තුර්ශ කිව්වම ඔක්කොම හිනා වුනා. සයෝද් නම් මන් දිහා උලුහව්වට හේත්තුවක් දාන් බලං ඉන්නකොට මාත් ගිහින් ගෙට ගොඩ වුනා. හෙමින් හෙමින් හැමෝම ඇතුලට එනකොට වයසක ඇන්ටි කෙනෙක් අපිට වැලි තලපයි තේයි ඇල්ලුවා. තුර්ශ කුස්සියට ගිහිං එන්නම් කියලා ගියාම මිහිරි ආන්ටි මාව සෝෆා එකේ මැද්දෙන් ඉන්දගෙන වැලි තලප කවන්න පටන් ගත්‍තම සයෝද්ගේ අම්මා එහා පැත්තෙන් ඉඳන්

"අනේ ශෝක් කොල්ලා" කියලා මගේ මූන මිරිකුවා. එතකොටම තුර්ශත් ආවා.

"ඉතින් ඉතින් පුතාගේ බෝයි ෆ්‍රෙන්ඩ් මොන වගේද? ඔයා වගේම හැඩ ඇති!" එක ආන්ටි කෙනෙක් ඇහුවම මට කවදාවත් නැතුව මේ පවුලත් එක්ක හරි පහසුවක් දැනුනා. අන්තිමට මගේ හැඟීම් පිලිගන්න වැඩිහිටියෝ ටිකක් මට හම්බුනා. මන් phone එක අරන් ආශුගේ photo එකක් එයාලට පෙන්නුවා.

"මේ ඉන්නේ ආන්ටි!"

"අනේ හරි සිරියාවන්ත, දැකුම් කලු කොල්ලෙක් නේ!" තුර්ශගේ ලොකු නැන්දා වෙන්න ඕන මේ ලස්සන ආන්ටි

"ඔයාලගේ තානු බෑන තරම් ලස්සන නෑ නේ" තුර්ශ මැද්දට කඩා 

පැන්නා. හපෝ මූගේ පැලියාව. මන් ඌට ඇද කරා. 

"තානු බෑනා තමයි! ඊයේ මට කෝල් කරලා කියනවා 'අනේ සුදු චම්මේ මට මාලු ඇඹුල් තියල් ඕනා' කියලා" 

"අනේ සුදු නංගි කට්ට සම්බල් එකකුත් ඔය ගමන් හදලා යවන්නකො. දවස් ගානක් තිස්සේ නහයෙන් අඬනවා අම්මා කට්ට සම්බල් එව්වේ නෑ කියලා" තුර්ශගේ අම්මා එහෙම කිව්වම

"නෑ නෑ දැන් මෑන් අප්සට් එකේ ඉන්නේ අපි එයා නැතුව මේ ට්‍රිප් එක ආවා කියලා" තුර්ශගේ ලොකු නැන්දට කිව්වා.

"අනේ මන්දා මුන් දෙන්න කසාද බැඳපු දවසක මට රස්සාවෙන් අස් වෙන්න වෙන්නේ ලොකු පුතාව බලාගන්න" මොනවා? ඒ තරම් ආදරෙයිද මිහිරි ආන්ටි තාන්‍ය අයියට?

"හෑං? අම්මා දැන් ලොකු පුතා බලාගන්න රස්සාවෙනුත් අස් වෙන්නද කල්පනාව? අනේ දෙයියනේ! මේවා දෙයියොම බලන්න ඕනා! මාව මාස 6න් සුදු චම්මට බලාගන්න දීලා රස්සාවට ගිය මනුස්සයා නේද අවුරුදු 20ක අලි බබෙක් බලාගන්න ගෙදර නවතින්න හදන්නේ? ටෙක්නිකලි 20කුත් නෙමේ. ඔය කියන කාලේ වෙනකොට අවුරුදු 20 ගනන් වල අගභාගේ!" තුර්ශ කියපු කතාවට මට හිනා ගියත් මගේ හිතේ සියුම් වේදනාවාක් ඇති වෙනවා. ඇයි මට මෙහෙම නැත්තේ? ඇයි ආශුට මෙහෙම නැත්තේ? ඇයි මගේ දෙමව්පියෝ මගේ හැඟීම් පිලිගන්නේ නැත්තේ? ඒක ලෙඩක් නෙමෙයි කියලා පිලිගන්නේ නැත්තේ ඇයි? 

"උඹව අවුරුදු 17ක්ම බැලුවේ ඒ මදැයි. ඒ දරුවා මගේ ළඟ හැදුනේ නෑ නේ. ඒ නිසා දැන් බලනවා!" මේ කතා මට තව අහන් ඉන්න අමාරුයි. ඉරිසියාවට නෙමෙයි. මට මේ මිනිස්සුන්ගේ සුන්දර හදවත් දරාගෙන ඉන්න බෑ. මන් නැගිටලා උඩට ගියේ ටොයිලට් එකට යන්න ඕනා කියලා. මන් කාමරේට ගිහින් ටිකක් ඇඳක් උඩින් වාඩි වුනා. මට හිත එකලස් කරගන්න ඕනා. ඒත් තුර්ශ,

"සවේන්! උඹ ඇතුලෙද?" මන් කඳුලු පිහිදාන් නැගිටලා ගිහින්, 

"අහ් ඔව් ඔව්" කියන ගමන් දොර ඇරියා.

"මකෝ සීන් එක?" තුර්ශ ඇඳ උඩින් ඉඳගත්තා.

"මුකුත් නෑ බන්!"

"අනේ මේ මරිසි දාන්න එපා බන්! මන් උඹේ හොඳම යාලුවා නේ? මොකද උඹට වෙන හොඳම යාලුවෙක් ඉන්න කොහෙත්ම විදිහක් නෑ!"

මන් තුර්ශ ළඟින් වාඩි වෙලා උගේ කරට අතක් දාගත්තා.

"වෙලාවකට මට උඹ එක්ක ඉරිසියයි බන්! උඹට පැලෙන්න ආදරය කරන්න තාන්‍ය ඉන්නවා, ඌ උඹ වෙනුවෙන් පන වුනත් දෙනවා, ඊටපස්සේ බලහං උඹේ පවුල! මන් මේ වගේ පවුලක් ගැන කතා පොතකවත් කියෝලා නෑ බන්. බලහං එකාට එකා පන ඇරන් ඉන්නේ. ඒ මදිවට තියන තේරුම් ගැනීම. උඹේ අම්මා, තාත්තා විතරක් නෙමේ උඹේ මුලු පරම්පරාවම තාන්‍යව තමන්ගේ කරන්. තාන්‍යයි උඹයි දෙන්නම මාර වාසනාවන්තයි බන්!"

"උඹ කියන කතාවට, අනේ බන් එහෙම නෑ. අපිටත් ප්‍රශ්න කියලා වැල් වටාරම් කියලා උඹේ හිත හදන්න මට බොරු කියන්න බෑ බන්. ඇත්තටම අපි දෙන්නා වාසනාවන්තයි තමයි. ඒ වුනාට බන් එහෙම කියලා උඹවයි අපිවයි compare කරන්න යන්න එපා බන්."

"වරෙන් යන් මගෙයි මංජුගෙයි වැවට නාන්න!" නාන්න? ඔව් ඒකත් හොඳ අදහස. දුක වතුරේ දිය කරමු.

තුර්ශ කබඩ් එකෙන් ටවල් දෙකක් ගන්නකොට මාත් බෑග් එකෙන් මගේ ටවල් එක ගත්තා.

මතු සම්බන්ධයි...

ටවල් එකත් කරේ දාන් තුර්ශ එක්ක පඩි පෙල බැහැලා පහලට යනකොට,

"ලොකු බබා අනේ මෙන්න මේ පොඩ්ඩක් එන්න හට් එක ගන්න එලියට. මංජු කොහේද මන්දා!" සුදු මාමා කියන අංකල් තුර්ශට කතා කරාම තුර්ශ මගේ කර උඩට අනික් ටවල්ස් දෙකත් දාලා ටිකක් ඉන්න කියලා ආයේ බස් එක ළඟට ගිය.

එකපාරට මගේ අතින් ඇදන් පිටිපස්සේ කුස්සිය පැත්තෙන් එලියට බැහැපු පාර සම්බෝල පාට පුසෙක් නැට්ට උස්සන් දිව්වා. 

"ඇයි තවුසේ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ?" මූට මොංගල්ද? මමද කතා කරේ නැත්තේ? 

"මන්?"

"ඔව් ඔයා තමයි. අඩු ගානේ message එකක්වත් දාන්න බැරි වුනාද ට්‍රිප් එක යන්න එනවා කියලා කියන්න?" සයෝද් ගේ මූන තරහෙන් පුපුරනවා

"මන් හිතුවා ඔයා දන්නවා ඇති කියලා." මන් අත් දෙක බැඳගෙන අහක බලා ගත්තා.

"හරි එහෙම හිතුවා හරි උනත් මට කියන්න තිබ්බනේ!" සයෝද් සාක්කුවේ අත් දෙක දමාගෙන මූන රතු කරන් ඉන්නකොට,

"ඉතින් මල්ලිට තිබ්බනේ මට කෝල් කරන්න! මට message එකක්වත් දැම්මේ නෑ නිවාඩු දුන්නයෙන් පස්සේ!" 

"කොහොමද ඕයි තවුසෙට කතා කරන්නේ?" ඒ පාර අහක බලාගත්තා.

"ඇයි මොකද?"

"මොකද? තවුසේ ඕන වෙලාවක අඬාගත්තු ගමන්නේ ඕයි! බූට් සින්දුයි, බූට් මීම්ස් උයි ස්ටේටස් දාගෙන! තවුසෙට මන් ඉන්නවා කියලා ගානක් නැත්තම් මන් මොකටද නිකන් තවුසෙට ඇනයක් වෙන්නේ අයියේ?" ඒ පාර මූ හැරිලා යන්න ගියාම යන්තන් මන් අතින් අල්ලගත්තම එයාම නැවතුනා මිසක්, කෙලින්ම ගමනේම ගියා නම් මාව මුනින් අතට පොලවට පතිත වෙනවා.

"මොකද?" තාමත් පිටිපස්ස හැරිලා හැබැයි තාමත් මැණික් කටුව මගේ ග්‍ර්හණයේ

"සොරි!" ඒත් මන් මොකටද ඇත්තටම කණගාටු වෙන්නේ? ස්ටේටස් දැම්ම එකටද නැත්තම් අසතුටෙන් ඉන්න එකටද?

"සොරි?" ඒ ගමන ආයේ හැරුනාම මන් අත අත ඇරියා.

"තෞසෙගේ හැඟීම් වලට ගරු කරණ නිසයි මන් ඉවසන් ඉන්නේ සවේන් අයියේ. අයියට මන් ගැන තවත් යාලුවෙක් ට වඩා කිසිම ගානක් නෑ කියලා දන්නවා. හැබැයි මට එහෙම නෑ! හැබැයි එහෙමයි කියලා මට තෞසෙව අයුශ් ගෙන් උදුරගන්න කිසිම උවමනාවකුත් නෑ. තවුසෙ ඕන තරම් කල් ඌ එනකන් හිටපං හැබැයි නහයෙන් අඬන්නේ නැතුව. නැති වුනොත්...."

"නැති වුනොත්?" බාගෙට නවත්තන්නේ ඇයි?

"නැති වුනොත්!" සයෝද් තරහා පිරිච්ච ඇස් දෙකෙන් මන් දිහා බලන් අත මගේ ඔලුව පිටිපස්සට තියලා එයා ළඟට ඇදලා අරන් ආයේ අත අරන් 'ශිට්' කියලා අත මිට මොලෝගෙන පිටිපස්ස හැරිලා යන්න ගියා.

ඇයි මට බැරි මිනිස්සුන්ව කලනොකිරවා ඉන්න? සයෝද් මන් ගැන මෙහෙම හිතන් ඉන්නකොට අන්තිමට ඒ ළමයට මන් දෙන්නේ දුකක් නෙමේද? ඒත් මට සයෝද් ව නැති කරගන්න ලෝභයි. මට එයා ගැන ආදරයක් තරම් දෙයක් තියනවද කියලවත් මන් දන්නේ නෑ. ඒත් එයා මන් ගැන බලන විදිහට මන් ලෝභයි. මාව බලාගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතෙනකොට එන ආරක්ශාකාරී හැඟීමට මන් ලෝභයි. මන් මහ ආත්මාර්ථකාමී එකෙක්! අඩුම ගානේ මට එයාව කලනොකිරවාවත් ඉන්න බැරි ඇයි? ඇයි මන් කලකිරිලා ඉන්නේ? ආශු නැතුව මට සතුටෙන් ඉන්නම බැරිද? ස්ටේටස් දාන එක නතර කරා කියමු. ඒ වුනත් ඇතුලේ ඉන්න කලකිරිච්ච මනුස්සයව සතුටු කරන්නේ කොහොමද? කොහොමද මන් තුර්ශ වගේ, සයෝද් වගේ ඉන්නේ? මට දුකෙන් ඉඳලම එපා වෙලා! ඒත් මට තේරෙන්නේ නෑ සතුටෙන් ඉන්න. අඩුම ගානේ මිනිස්සුන්ට පේන්නවත් සතුටෙන් ඉන්න බැරිද මට?

"සවේන්!!! උඹ මෙතනද? වරෙන් යන්න!" තුර්ශ කුස්සියේ උලුඅස්ස ළඟ ඉදන් කතා කරාම මන් ටවල් එකෙන් ඇස් දෙක පිහිදන් ඌගේ පස්සෙන් ගියා.

"එම්බල සවේන් පනුව! තොපට පෙනේද? අර පෙනෙන්නේ මේ අති උත්තම පළවෙනි තුර්ශභාහු රජතුමා සහ කොලොප්පන්දූවේ මහ රජතුමා වන කාබාසිනිමංජුපකා රජතුමා විසින් මංගල කැටපිලර් රාජයා උපයෝගී කරගනිමින් රජ්‍යයේ තොප වැනි මහජනයා හට මහත් අනුකම්පාවෙන් නිම කරගන්නා ලද මයුරවංශ වැව් රාජයායි!" තුර්ශ ළඟ තිබ්බ අඹ ගහෙන් අත්තක් කඩන් එක අතක් ඉනට තියාගෙන රාජකීය ලීලාවෙන් පෙන්නන 'වැව් රාජයා' දිහා බලන් ඉඳලා,

"එසේයි එසේයි දේවයන් වහන්ස!" කියලා හතරට නැවිලා 'තුර්ශභාහු රජතුමාට' වැන්දා. 

ඒත් මගේ පුදුමෙට සයෝද් ඉනට අත් දෙක තියන් කොට කලිසමක් විතරක් ගහගෙන වේදිකා නාට්‍යක රජතුමෙක් සම්ප්‍රාප්ත වෙන ගානට නාට්‍යානුසාරයෙන් බෙර පද වලට වගේ කකුල් තිය තිය කෝට්ටකුත් කරක කරක ඇවිත්,

"හොඳයි එසේනම්! මේ වැව් තලයේ ජල ස්නානයට ප්‍රථම මේ එම්බල නර පණුවා රජුන් ඉදිරියේ නර්ථනයක් දැක්වීම මැනවයි!" කීවම, මට පුදුම සතුටක් ආවේ, ඒ කියන්නේ එයා මා එක්ක තරහා නෑ. ඉතින්,

"එසේය එසේය මංජුපකා දේවයන් වහන්ස!" මේ වෙලාවේ මගේ රජතුමන් ඉස්සරහා ප්‍රශස්තියකටම නැටීමයි වටින්නේ, ටවල් තුන 

අඹ ගහේ එල්ලලා ඩෙනිමයි ටීශර්ට් එක පිටින්ම නටන්න ගත්තම ඈත හිටපු තුර්ශගේ මුලු සනුහරේම නැටුම බලන්න එතනට ආවා.

වරමාති සුභ චරිතේ

ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ

භෝජරාජ සම තේජ භි රාමා

ත්‍යාජ කාම රණ භූෂණ සෝමා

වාජිත කුල ධෘති වන්තභි රාමා

නරේන්ද්‍ර සිහ නර නායක භූමා

සයෝද් ගේ ඇස් දිලිසෙනවා මට පේනවා. එයා සතුටු වෙන එක මාව පුදුම විදිහට සතුටු කරා. ඇයි කියලා මන් දන්නේ නෑ. ඒත් කෝට්ටත් කරක කරක හිනා වෙවී මන් දිහා බලන් ඉන්නකොට මට තවත් ලස්සනට නැටවුනා. මේ හැඟීම කාලෙකට කලින් විදපු හැඟීමක්. මන් නටනවා ආශු බලන් ඉන්නකොටත් මට මේ විදිහටම දැනුනා.

වරමාති සුභ චරිතේ

ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ

දුජ්ජන දුෂ්ට විභජ්ජන කෝපා

සජ්ජන සත්ත සුරක්ෂ මනාපා

වජ්ජිත රිෂ්ටා වද්‍ය සුපාපා

අජ්ජුන භූ භුජ ශ්‍රීධර චාපා

වරමාති සුභ චරිතේ

ලංකා පති නරේන්ද්‍ර සිංහ නෘපතේ

"අති විශිෂ්ඨයි පුතා!" සයෝද් ගේ තාත්තා අත්පුඩි තලනකොට චූටි මාමා විසිල් එකකුත් දුන්නා.

"අනේ බලන්නකෝ නිලංග අයියේ බබා කික් කරනවා! එයාත් ආස වෙලා වගේ සවේන්ගේ නැටුමට!" තුර්ශගේ නාදි නැන්දා බඩ අල්ලන් හිනා වුනා.

නාන්න බහින්න කලිසම ගලවන්න යනකොට මාව වැටෙන්න ගියාම සයෝද් මාව අල්ලගත්තා. එයාගේ අතින් අල්ලන්ම කලිසම ගැලෙව්වා. යටට ශොර්ට් එකක් ඇඳන් ආපු එක හොඳට ගියා. තුර්ශ නම් බැහැලත් ඉවරයි. තාන්‍ය අයියවත් වීඩියෝ කෝල් එකේ දාගෙන ඌ එතන වෙනම ආතල් එකක් ගන්නවා. උන් දෙන්න දුරින් ඉන්නකොට ළඟින් ඉන්නවටත් වඩා ආදරෙන් ඉන්න එක ගැන මට නම් මාර පුදුමයි. 

සයෝද් ඉස්සෙල්ලාම බැහැලා මට එන්න කිව්වම මාව ඉනෙන් අල්ලලා උස්සලා වැවට බැස්සුවම මට ආයේ විලි ලැජ්ජයි! 

'තුර්ශ වැඩිය වතුරේ ඉන්න එපා රෑට නිදි මරන්නත් තියනවා නේද?'

"රුක්මනී... ඔයා බය වෙන්න එපා මන් ඔයාට තියන ආදරේ මේ වතුරට පෙඟෙන්න දෙන්නේ නෑ පන" 

"හලෝ තාන්‍ය අයියේ!" මන් තුර්ශ පිටිපස්සෙන් ගිහින් තානය අයියට අත වැනුවා

'හලෝ සවේන් මල්ලි! නානවා වගේ!'

"නෑ අයියේ අපි මේ බත් තම්බනවා!" කොහේදෝ ඉඳන් ආපු සයෝද් කෑ ගැහුවම තානය අයියට හිනා ගියා.

'අහ් හරි ඔයාලා නාන්න! මන් යනවා චූටියෝ! මන් ආදරෙයි!'

"ආදරෙයි මගේ සරත් සුවඳ ප්‍රේමවන්තයෝ!!! උම්මා උම්මා උම්මා!" තුර්ශ තොල් උල් කර කර උම්මා දෙනකොට තාන්‍ය අයියා හිනා වුනා. තුර්ශ වැව අයිනට ගිහින් සෙරප්පුවක් උඩ phone එක තියලා එනකොට එක පාරට සයෝද්ට චූන් එකක් ගිහින් මට වතුර පාරක් ගැහුවා. ඒ පාර මාත් වතුර ගැහුවා ඒ ගමන එතන එකම ජල සටනක්, තුර්ශ ඒ අස්සේ කොටු කොටු ශෝර්ට ඇඳපු පුක දික් කරන්,

"මේ ගුරුකෝ බොලේ 

මගේ බෝල කැටේ

මේ ගුරුයි බොලේ

මගේ සුන්දර බෝල කැටේ

සඳ වතුරේ වලේ නාන වෙලේ 

මට හිතුනා වේලිලා මදි 

ශෝර්ට වැලේ" 

ඒ ගමන සයෝද් බීට් බොක්සින් දෙනවා

 "චිකන් චිකන්"

තුර්ශ:

"මගේ ශෝර්ට වැලේ"

සයෝද්: 

"චිකන් චිකන්" 

හරිම විනෝදයි මටනම් දැන් මන් තව උන් දෙන්නට වතුර ගැහුවා. සයෝද් ඒත් වතුර කාගෙන,

"පැනි වරකා කැලේ මදුල අතේ

හොද්ද ලිපේ

රුක්මණි නම් හෙනම ඇනේ

අනේ හරිම ඇනේ"

කියලා මාව අත් දෙකට උස්සගෙන කරකනකොට තුර්ශ ක්ලියෝපැට්‍රා වගේ අත් දෙකෙන් දෙපැත්තට කොක්කු ගෙනියන ගමන්

"දෙන්නගේ සිකුරා හතේ

ගුරු කොතැනද බෝලේ ඇතේ

අයියෝ නෑ කහට හිතේ

දිව්වා හතර අතේ 

වැඩක් නැතේ" 

සයෝද් මාව ජබෝස් ගාලා වතුරට අත ඇරලා හෙනම ගෑනු කට හඬකින්

"තාන්‍ය අශ්වින් එයා"

තුර්ශ: 

"ජූලී හතේ

ජූලී... හතේ"

සයෝද් එක අතක් කනේ තියන් අනික් අත ඉස්සරහට දික් කරන්,

"දනි සා නිසා නිසා නිසා...."

තුර්ශ දැන් උඩ ඉඳන් පහලට අත් දෙක හැඩ කර කර පහලට ගේනවා

"මේ අලුත් වැඩේ 

නොබැලුවොතින් දෙනවා තදේ

ඔන්න පුතේ දෙනවා තදේ"

ඒ පාර මාව අතින් අල්ලන් වැවේ එහාට ඇවිදින ගමන්,

"අපි යමුද කඩේ

ආශු, රුක්මණී එක්ක 

බිකක් කමුද

දහයේ වඩේ

මගේ කොටු කොටු"

සයෝද්: 

"ශෝර්ට වැලේ"

තුර්ශ:

"වැලේ වැලේ"

සයෝද්:

"දහයේ වඩේ"

තුර්ශ:

"වඩේ වඩේ වඩේ"

සයෝද්:

"නෑ නෑ ජූලී හතේ"

තුර්ශ: 

"හතේ හතේ"

සයෝද්:

"අයුශ් නම් හෙනම ඇනේ" 

"ඇනේ?" මට කියවුනාම

සයෝද් හිනා වෙලා,

"සින්දුව නැගලා යතේ"

රුවන් වැලි මහා සෑයේ පඩි නගිනකොට තුර්ශ, ආච්චි අම්මාව උස්සගත්තම සයෝද් ආච්චි අම්මාගේ පුටුව අරන් එහා පැත්තෙන් නැග්ගා. මන් හිටියේ තුර්ශ ළඟ. අනෙක් පවුලේ උදවිය අපිට පිටිපස්සෙන් මල් අරන් පඩිපෙල නැග්ගා. 

දෙසැම්බර් 31 රෑ නිසා මලුවේ සෙනඟ පිරිලා. තුර්ශ තානය අයියට වීඩියෝ කෝල් එකක් අරන්,

"හෙලෝ තාන්‍ය අයියේ! කිරි උතුරන්නයි යන්නේ!"

රතිඤ්ඤා, මල් වෙඩි හඬ මැද්දේ මලුවේ කිරි උතුරණකොට මේ පවුලේ උදවිය සේරමල්ලා එකට 'භවතු සබ්බ මංගලම්' කියන්න ගත්තා. ඒක හරිම සුන්දර දර්ශනයක්. මාත් වැඳගත්තා.

"භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා

සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ" 

සයෝද් ඇවිත් මට සුදු නෙලුම් මල් මිටක් අතට දීලා මගේ ශර්ට් එකේ වාටියෙන් අල්ලන් මල් පූජා කරන්න අරන් ගියා. සෑයට මල් පූජා කරලා ගාථා කියනකොට මන් මේ පවුල දිහා ආසාවෙන් බලන් හිටියා. එයාලා හැමෝම බිම ඉඳන් ආච්චි අම්මා කියන ගාථාම කියනවා. මන් ටිකකට එහාට ගිහින් වලාකුළු බැම්මට හේත්තු වුනේ සෑයට උඩින් පායලා තියන හඳ බලන්න. 

'ඉර බැස්සොත් හඳ පායයි සවී' 

මේ වගේ වෙලාවක ආශු මතකෙට එන එක නවත්තන්න දෙයියන්ටවත් බැරුව ඇති. අපි අන්තිමට පන්සල් ගිය හැටි මතක් වුනා. බෙල්ලන්විල රජමහා විහාරේ. මල් පූජා කරලා, පහන් පත්තු කරලා, හඳුන් කූරු පත්තු කරලා, මේ විදිහටම අපි දෙන්නා වලාකුලු බැම්මට හේත්තු වෙලා ගාථා කිව්ව මතකද ආශු? ඔයාට ඒවා අමතක වෙලාද නේත්‍ර? මේ තරම් කල් මාව සම්බන්ධ කරගන්නවත් ඇයි ඔයා උත්සහ නොකරන්නේ ආශු? හැමෝම කියනවා වගේ ඔයාට මාව එහෙම් පිටින්ම අමතක වෙලාද? එහෙම වෙන්නේ කොහොමද දෙවියනේ? ආදරේ කරපු කොල්ලාව අමතක වුනත් අවුරුදු දහයක් එකට හිටපු යාලුවව ඔයා කොහොමද අමතක කරන්නේ නේත්‍ර? 

තුර්ශ මගේ එහා පැත්තෙන් ඇවිත් ඉඳගත්තාම මට අහන්න දෙයක් තිබ්බා

"තුර්ශ!"

"හ්ම්?" තුර්ශ මට උත්තර දුන්නත් මන් හිටියේ කොත දිහා බලන්,

"මන් මහාසෑයෙන් අයුශ්ව ඉල්ලුවොත් මට එයා හම්බෙයිද?"

"මහා සෑයෙන් එකම දෙයක් ඇර වෙන මොනම දෙයක්වත් ඉල්ලන්න එපා සවේන්" 

"හා? මොනාද තුර්ශ කියන්නේ? මට කවුරුත් එහෙම කියලා නෑ. මිනිස්සු පන්සල් ඇවිත් කොයි තරම් දේවල් ඉල්ලවද? ආශු එක්ක මන් ඉල්ලුවා අපි දෙන්නව එකතු කරන්න කියලා ඒත් තුර්ශට තිබ්බේ වෙනම අදහසක්.

"බුදුහාමුදුරුවොන්ට අපිට දෙන්න පුලුවන් කිසිම බෞතික වස්‍තුවක් නෑ සවේන්. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ මාර්ගයක්. ඒ මාර්ගයේ ගියොත් අපිට සැනසීම ලැබෙනවා. නමුත් ඒ සැනසීම උඹ හිතන් ඉන්න සැනසීම නෙමේ."

"ඒ කිව්වේ?"

"සවේන් හිතනවද අයුශ් ආයේ උඹ ළඟට ආවොත් උඹට සැනසීම ලැබෙයි කියලා?"

"මන් හිතන්නේ"

"එහෙම වෙන්නේ නෑ බන්. බැඳීම් කවදාවත් සැනසීමක් අරන් එන්නේ නෑ." 

"එතකොට තාන්‍ය ළඟ උඹට සැනසීම නැද්ද?" 

"ඇත්තටම කිව්වොත් නෑ බන්"

"හා?" තුර්ශ කියන්නේ මන් හිතන් ඉන්නවට වඩා වෙනස් චරිතයක් කියලා මට මේ වෙලාවේ හිතුනා, ඒක තව තවත් ඔප්පු වුනේ එයා දිගටම කතා කරන් ගිය නිසාමයි.

"මගේ හිත හැම වෙලේම එයාව හොයනවා, එයා ළඟ නැති නිසා මට වෙලාවකට පිස්සු වගේ, මගේ ළඟ හිටියත් කොයි වෙලේ ආයේ යයිද කියලා බයයි. තාන්‍ය අයියා අත අරින්නකෝ. බලන්න අපේ පවුල. අපි තදින් අපිට බැඳිලා. කිසිම දවසක සම්පූර්ණ සැනසුම අපිට නෑ සවේන්. මොකද අපේ ගෙදර කිසිම ප්‍රශ්නයක් නැති දවසට වෙන ගෙදරක පර්ශ්නයක් තියෙන්න පුලුවන්. ඒ නිසා අපි හැමෝම විඳවනවා. ප්‍රශ්න අමතක කරන්න අපි ආතල් ගන්නවා තමයි. ඒත් ඒ සේරම තාවකාලිකයි. ඒත් අපි මේ ආත්මේ එකිනෙකාට ගොඩක් බැඳිලා. මන් තාන්‍යට බැඳිලා, උඹ අයුශ්ට බැඳිලා. උඹ හිතනවා මමයි තාන්‍යයි හෙන වාස්නාවන්තයි අපිට කිසිම කරදරයක් නෑ කියලා. ඒත් බන් හිතපන් හෙට උඹ ඉන්න තැනම මම ඉන්න පුලුවන්. අපේ ජීවිතේ හරි අස්ථීරයි බන්."

"තුර්ශ උඹ නම්..." තුර්ශ පිටට පේන්නේ කිසිම දෙයක් ගානට ගන්නේ නැති හැම වෙලේම ජොලියේ ඉන්න හරිම නිදහස් චරිතයක් වගේ ඒත් එයා ඊට වඩා මහ ගැඹුරු මනුස්සයෙක්!

"ඒ නිසා සවේන්ට මහ සෑයෙන් මොනා හරි ඉල්ලන්නම ඕන්නම්, නිවන් සුවය ඉල්ලන්න!"

"තුර්ශ!" මට පුදුමයි. එච්චරයි!

කාමරේ ග්‍රිල් ගහලා නැති ජනෙල් පඩිය උඩ ඉඳගෙන කකුල් දෙක එහා පැත්තට දාගෙන් මන් airpods දෙකත් ගහගෙන හඳ දිහා බලන් හිටියේ අද තුර්ශ කිව්ව දේවල් තව තව මතක් කර කර, ඒත් තුර්ශ ඇවිත්,

"සවේන් වරෙන් නිදාගන්න. එලි වෙලා කිරිබත් බෙදන්න යන්නත් එපැයි. මොනාද උඹ අහන්නේ?" කියාන මගේ එහා පැත්තෙන්ම වාසි වුනාම මන් ඌගේ කනේ එක පොඩ් එකක් ගැහුවා.

අස්ථාවර ස්වර පෙලක්

අන්තරාවක පටලලා

නොලී පෙම් කවක් 

ලියන්නට සිදු වුනා

විරාගී ආලයට

ප්‍රේමයම රස වෙලා

නාඳුනන ක්ෂිතිගයක් 

හිත ළඟම

වැතිරුනා

හෝ....

හ්ම්....

ගිනි ගන්නා මතක වලට

තනු පටලන්න ආසයි

ළඟ නැතත් නුඹ මගේ

ළඟ උන්නා වාගෙයි

පාවෙන්න

ගුලිවෙන්න

මතක නම්

බෝමයි

නුඹ හමුවුන නිමේශය

නිදි වරුවක් ගානයි

අස්ථාවර ස්වර පෙලක්

අන්තරාවක පටලලා

නොලී පෙම් කවක් 

ලියන්නට සිදු වුනා

අස්ථාවර ස්වර පෙලක් (අස්ථාවර ස්වර පෙලක්)

අන්තරාවක පටලලා (අන්තරාවක පටලලා)

නොලී පෙම් කවක් (නොලී පෙම් කවක් )

ලියන්නට සිදු වුනා (ලියන්නට සිදු වුනා)

මතු සම්බන්ධයි....

More Chapters