WebNovels

Chapter 4 - අපි යාලුවෝද?

Honey Beach club එක ඇත්තටම හරිම ලස්සන තැනක් නේ. මන් ක්ලබ් එකක් කියලා කියනකොට හිතුවේ රතු පාට, නිල්පාට ලයිට් කැරකෙන, කොල්ලෝ කෙල්ලෝ බීගෙන නටන තැනක් කියලා. කෝ එහෙම එකක් ළඟින්වත් තියන්න පුලුවනෑ මෙතන. මැදම තියනවා පූල් එකක්. අහසට විවෘත වෙච්ච අවකාශය සරසලා තිබ්බ ලනු වලින් හදපු රවුම් හැඩැති ලාම්පු වල කහපාට විදුලි බුබුලු අමුත්තන්ට උඩින් දිලිසුනා. මන් ඉඳගෙන හිටපු තැනට ඉස්සරහටම පේන පඩිපෙල දැපැත්තේ වතුර මල් දෙකක් තිබුනා. හැබැයි මගේ ඇස් බැඳගත්තේ 'HONEY' කියලා බල්බ් දාලා තිබ්බ මහ විසාල නාම ආධාරකයට. 

"Hi honey!" මාව එකපාරට ගැස්සුනා පිටිපස්සෙන් ඇහුන ගොරහැඬි අස්ථාවර කටහඬට. 

"සයෝද් මල්ලි?" එයා මගේ ඉස්සරහින් ඇවිත් වාඩි වුනා. 

"මොනාද අනේ කල්පනා කරන්නේ? අරක විකුනනවද කියලද?" නාම ආධරකය පෙන්නලා ඇහැකුත් පොඩි කරලා ඇහුවම මට හිනා ගියා.

"ඇයි විකුනනවනම් අරන් දෙන්නද?" එච්චර හිතන්නේ නැතුව මන් විහිලුවට විහිලුවක් කලා ඉතින්. හැබැයි...

"ඔයාට ඒක ඕනෙද? ඔහොම ඉන්න!" කියලා මේ මිනිහා නැගිටලා ගියේ නැතැයි. මාවත් නැගිට්ටුනා. මූට විහිලු තේරෙන්නේ නැද්ද? ඒ පාර මූ එතන ඉන්න ස්ටාෆ් එකේ එකෙක් එක්ක අර අකුරු ටික පෙන්න පෙන්න හෙන බර කතාවක්. ඒ මිනිහා 'බෑ බෑ' කිය ඔලුව වනන කොට මන් ඉක්මනට එතනට ගියේ වෙන්න යන විනාසය වලක්වා ගන්න 

"නෑ නෑ ගාන ප්‍රශ්නයක් නෑ! ඒක මන් බලාගන්නම්. ඕක ඔතලා දෙනවා හලෝ" 

"බෑ බෑ සර් ඒක විකුනන්නේ නෑ!" යකෝ මූ ඇත්තටම මේක සල්ලි වලට ගන්නද හදන්නේ?

"මේ, මේ සයෝද් මල්ලි මන් විහිලුවක් කලේ. මට ඒක ඕන නෑ! අපි යමු!" මන් එතන බැගෑපත් වුනාම අර කොල්ලත් මන් දිහා කන්න වගේ බලා හිටියා.

"නෑ නෑ අයියේ ඔහොම ඉන්නකෝ!" ඒ මූනෙ තිබ්බ යක්සාවේස ස්වරූපයටනම් මගේ බඩ පපුව දාලා ගියා. හැබැයි වලියනම් ඉවර නෑ

"මේ තේරෙන්නේ නැද්ද? මන් තමුසෙට කිව්වනේ ඕන ගානක් ගෙවන්නම් කියලා? දැන්ම දානවා ඕක වාහනේට!" දැන් සයෝද් මල්ලී, අර ඉන්න කොල්ලයි ගේමේ ඉන්නේ. සයෝද්ගේ ඇස් දෙක තරහෙන් පුපුරනවා. අත් දෙකත් මිට මොලවන් තියන තදට නහරත් ඉලිප්පිලා.

"අනේ සයෝද්! ඕක ඇති අපි යන්. මට ඒක ඕන නෑ. මේ ඇත්තමයි!" මන් එයාගේ එක අතකින් ඇද්දට ඒක නිකන් අලියෙක්ට ඇල්පෙනෙත්තකින් ඇන්නා වගේ. හෙල්ලුනේ වත් නෑ. මන් තව ටිකක් වීරිය අරගෙන එක කකුලක් පිටිපස්සට කරන් ඇද්දත් හෙල්ලුනේ වත් නැති සයෝද් එකපාරට මහ හයියෙන් හිනා වෙන්න ගත්තා. ඒ පාර අර කොල්ලත් හිනා වෙනවා. මට විකාරයි ඇත්තට. 

"ඔයා විහිලු කරනවනම්, මන් ඒවගේ දෙගුණයක් විහිලු කරනවා අයියේ. මේ ඉන්නේ අපේ හොටෙල් චේන් එකේ ට්‍රේනින් ආපු අයියා කෙනෙක්. එයා මෙහේ වැඩ කරන්නේ දැන්." එහෙම කියලා මූ මට ඇහැක් ගැහුවා. ඒ ඇස් ගැහිල්ල කිසිම ආයාසයකින් කරපු දෙයක් නෙමේ. හරිම පහසුවෙන් එයා ඒක කරා. 

"මොනා කරනවද මන්දා! මේ මගේ පපුවත් ගැහෙනවා!" එහෙම කියලා මන් පපුවට අත තියන් හොඳ හුස්මක් ගන්නකොට, 

"කෝ බලන්න" කියලා මගේ අත උඩින් සයෝද් එයාගේ අත තිබ්බා. ආයේත් මන් දැක්කේ එයාගේ අතෙන් මගේ මුලු අතම වහන්න පුලුවන් කියලා විතරයි. මන් පුදුම වෙලා එයා දිහා බලන් හිටියා විතරයි.

"හොඳටම ගැහෙනවා වගේ. කමක් නෑ, කාලෙකින් ගැහුනේ නැති හදවතක් වෙන්න ඇතිනේ" තාමත් එයාගේ අත පපුව උඩ තියෙන මගේ අත උඩමයි. ආයෙම මට ඇහැක් ගැහුවා. 

"ඔයා නම් තුර්ශටත් වඩා පිස්සෙක්ද කොහෙද!" මන් හිනා වෙලා අත පහලට ගන්නකොට එයත් අත ගත්තා.

"ලොකූ පිස්සෙක් නම් මන් පිස්සන් කොටුවක් කියලා තමයි අපේ ලොකු අම්මා කියන්නේ. අපි දැන් ගිහින් හැංගෙමු. තාන්‍ය අයියලා එයි." සයෝද් මගේ අතින් අල්ලන් ඇදගෙන ගියා. ඒත් මට රිදෙනවා. එයාගේ ග්‍රිප් එක කියනවා වගේ සැරයි. ඒත් පොඩ්ඩක් සංයමයක් තියෙන්නෙ ඕන නැද්ද වෙන කෙනෙක්ව අතින් අල්ලන් යනකොට?

"මල්ලි මට රිදෙනවා!" දොරෙන් එලියට යන්න කලින් මන් මගේ අත එයාගෙ අතින් අයින් කරගන්න උත්සහ කරන ගමන් මන් කෑ ගැහුවා. 

"ඕහ්! Sorry අයියේ. මන් හෙමින් අල්ලන්නම්!" 'හී' ගාලා දත් ටික පෙන්නනකොට ඇරපු අතක් නෑ තුර්ශමයි. ඉතින් දැන් ග්‍රිප් එක සොෆ්ට්.

"අපි කොහෙද යන්නේ? දොරෙන් එලියට ඇවිල්ලා වම් පැත්තට තිබ්බ පියානෝ එක තියන හෝල් එකට ඇතුල් වෙනකොට මන් ඇහුවා.

"අපි එයාලා එනකන් හැංගිලා ඉන්න ඕනා. එතකන් අපි මොනා හරි කමු. මන් පැයකට කලින් කෑවට පස්සේ තාම කෑවේ නෑ හලෝ. ගැස්ට්‍රයිටිස් හැදෙයිද මන්දා!" මූට මොංගල්ද? පැයකට කලින් කෑවාමත් ආයේ බඩගිනි එනවද? ඒත් දැන් අපි හිටියේ ශෝ කේසස් වගයක් ඉස්සරහ. ඒවා ඇතුලේ එක එක පාට පාට කෑම ජාති තිබ්බා.

"අයියා මොනාද කන්නේ?" මගෙන් ඇහුවට මට දැන් කන්න ඕන නෑ. 

"මට බඩගිනි නෑ මල්ලි. ඔයා කන්න" ඒත් ඉතින් මේ කොල්ලා තුර්ශ වගේ නෙමේ. මුරණ්ඩු කාරයෙක්.

"එහෙම බෑ. මාත් එක්ක ඉන්නවනම් කන්න ඕනා!" ඒක සුහද ආයාචනයකින් එහාට ගිය විධානයක්.

"හරි!" ඒක යටත් වෙන්න පොළඹවන විධානයක්

"Good boy! දැන් කියන්න මොනාද කන්නේ?" 

එහෙම ඇහුවම මන් ඒ ලොකු ඇස් වලින් ඇස් අහක් කරන් ශෝ කේසස් දිහා ඇස් ගෙනිච්චා.

"Eclair එකක් කන්නම්" එක්ලේයර්ස් කියන්නේ මන් ආසම කෑමක්. ඉස්සර තාත්තා මන් මොන්ටිසෝරි යනකොට හැමදාම P&S එකෙන් එක්ලෙයර් එකක් අරන් දෙනවා. 

"Eclairs කන්න ආසයිද?" 

"ඔව්" 

"හ්ම්ම්ම් හාකෝ!" 

ඉතින් එක්ලයර්ස් එකකට 5ක් ගත්තා. අරගෙන ඉස්සරහ තිබ්බ මේසෙකින් පුටුවකුත් ඇදලා දුන්නම මන් ගිහින් ඉඳගත්තාම එයත් මේසය උඩින් අතුරුපස පිඟාන තියලා මගේ ඉස්සරහින් ඉඳගත්තා.

"මේකෙන් දෙකක් ඔයාට, තුනක් මට. හාම්ද?" එහෙම කියලා එකක් අරන් කටේ දාගත්තා. 

"මට එකක් ඇති." කියලා මාත් එකක් අරන් අරන් කන්න ගත්තා. මන් එකක් කනකොට මූ තුනම කාලා ඉවරයි. එකක් ඉතුරුයි.

"උඹලා මෙහෙද?" ඒ දේශාන්. 

"ඇයි ඇවිල්ලද?" සයෝද් ඉක්මනට නැගිටලා ටිශූ එකකින් කටත් පිහිදලා ඒකෙන්ම මගේ කටත් අතුල්ලලා දැම්මම මට ශොක් වෙන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. 

"ඉක්මනට යන්!" සඳරු අපිට පාටි හැට්ස් දෙකක් දික් කරාම සයෝද් දෙකම අරන් එකක් මගේ ඔලුවේ දැම්මා. මෙහෙම ලං වෙලා බලද්දි මගේ ඇස් කෙලින් තියෙන්නේ එයාගේ පපුව විතරයි. ඔලුව උඩින් හැට් එක තියලා රබර් එකත් ඇදලා මගේ මූනේ යටින් ඇඟිල්ල ගෙනිහින් රබර් එක අත ඇරපු පාර ඒක ඇවිත් මගේ නිකටේ වැදුන පාර කිස් කෑවා.

"ආව්!" 

"ඕ සොරි! ආයේ රිද්දුවනේ?" 

අපි විතරක් නෙමෙයි දැන් එතන මහ ගොඩක් හිටියා. මන් දන්නේවත් නෑ ඒ මිනිස්සුන්ව. ඒත් දැන් පිටපතේ විදිහට අපි වොශ් රූම් එක අස්සේ හැංගිලා ඉන්නේ. දේශාන් තුර්ශයි, තාන්‍ය අයියයි එනවද බලන්න රබර් ඇහැ දාගෙන ඉන්නවා.

"අන්න අන්න ආවා!!!" දේශාන් ඔක්කොටම දැනුම් දුන්නම සයෝද් කේක් එකත් උස්සන් යන්න රෙඩි වෙලා හිටියේ. "යමු!" දේශාන් කියපු පාර සේරෝම සයෝද් ඉස්සරහ කරන් එලියට යනකොට Happy birthday song එක ප්ලේ වෙන්න ගත්ත. අපිව දැක්ක ගමන් තුර්ශගේ ඇස් ගෙඩි එලියට පැන්නා. එතකොටම තුර්ශගේ ඔලුව උඩින් confetti වැස්සක් වැස්ස. ඒ කලේ තාන්‍ය අයියා. තුර්ශ තාන්‍ය අයියගේ පස්සට පාරක් දුන්නා.

සයෝද් කේක් එක අල්ලන් ඉන්නකොට මන් ඒකේ කැන්ඩ්ල්ස් පත්තු කරාම එයා තුර්ශයි තාන්‍ය අයියයි ළඟට කේක් එකත් උස්සන් ගිහින් ඒක තාන්‍ය අයියා අතේ තිබ්බම හැමෝම 'Happy birthday song' එක කියනකොට තුර්ශ රතු ස්ට්‍රෝබෙරි, චොක්ලට්, ක්‍රීම් වලින් හැඩකරපු තාන්‍ය අයියා අතේ තියන් හිටපු ලස්සනම ලස්සන කේක් එකේ ඉටිපන්දම් ටික නිව්වා. පලවෙනි කේක් කෑල්ල තුර්ශ තාන්‍ය අයියට කවලා කේක් කෑල්ල ආයේ බෝඩ් එකෙන්ම තිබ්බට පස්සේ තාන්‍ය අයියා තුර්ශගේ මැනික් කටුව ලඟින් ආයේ අල්ලලා එයාගේ ඇඟිලි වල තිබ්බ අයිසින් ටික ලෙව කන්න ගත්තම මට හෙන ලැජ්ජාවක් එක්කම සතුටක් ආවා. ඒත් හැමෝම හූ තියන්න ගත්තම මමත් උන්ටම එකතු වෙලා හුරේ තිබ්බා.

ඊටපස්සේ සයෝද් මාව ඇඟිල්ලකින් අල්ලන් තුර්ශ ළඟට යනකොට දේශාන්, සඳරුයි උගේ කෑල්ලයිත් අපේ පස්සේ ආවා.

"ලොකු අයියේ... මට කියන්න තියෙන්නේ බන් උඹ තමයි දවසකටවත් මිනිහා නැද්ද දේශාන් අයියේ?" සයෝද් එහෙම ඇහුවම දේශානුත් ඔලුව වැනුවා.

"ඒ මොකෝ?" තුර්ශගේ ඇස් උඩ තියන බල්බ් වලට වඩා දිලිසෙනවා. තාන්‍ය අයියා ඌ දිහා බලන් ඉන්න විදිහට මට මතක් වුනේම අයුශ්ව. ඒ බැල්මමයි. ඒ කියන්නේ තාන්‍ය අයියාගේ තුර්ශට තියන ආදරේ ඇත්තම ඇත්ත එකක් කියලා ඔප්පු වෙන සාධකයක්. 

"නෑ බලහං ඉතිං උඹ හිතේ හිටපු කොල්ලවත් දාගෙන, ඌ උඹට පන ඇරං ආදරේ කරන්නත් අරගෙන නේ බං" සයෝද් කියපු කතාව ඇත්ත. තුර්ශ ගොඩක් වාසනාවන්තයි.

"තුර්ශ උඹ මාර ලකි බන්. තාන්‍ය අයිය උඹට මාර අදරෙයිනේ බන්" මන් ඌට කිව්වේ ඇත්තටම හෙන සතුටෙන්. මගේ අයුශ් මන් ළඟ නැති වුනත් තුර්ශ, තාන්‍ය වෙන් වෙන්න හොඳ නෑ.

"අහ් තුර්ශ මල්ලි! කොහොමද?" ඉඳුවර අයියා කොහෙන්ද කඩා පාත් වුනේ? මන් දැක්කෙවත් නෑ නේ. මන් තරම්ම තුර්ශත් පුදුම වෙලා.

"ඉඳුවර අයියේ ඔයා?" තුර්ශගේ කටත් ඇරිලා 

"I see you have already met" තාන්‍ය අයියා ඉඳුවර අයියගේ කරට අතක් දාගත්තා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? එතකොට ඉඳුවරයි තාන්‍යයි යාලුවොද?

"තාන්‍ය අයියේ මේ ඉඳුවර අයියා..." තුර්ශට ඉවර කරන්න හම්බුනේ නෑ.

"ඉඳුවරව මන් දන්නේ පහ වසරේ ඉඳන්. නැද්ද බන්?" එහෙම කියලා තාන්‍ය අයියයි ඉඳුවර අයියයි ෆිස්ට් බම්ප් එකක් share කරගත්තා.

"අහ් මෙයාද අර චීත්තේ?" තුර්ශ ඇහුවම මටත් බකස් ගාලා හිනා ගියා. හරි ලස්සනයි හෙමීට ඉඳන් හී මිච්චා වගේ සතරකන් මන්ත්‍රණ කරලා අර පසත් අයියා නිරපරාදේ ගුටිත් කෑවා. හැබැයි 

 ඉශාරයා තුර්ශගෙන් බඩ පිරෙන්න කාපු එකනම් කියලා වැඩක් නෑ. ඌට නම් තුර්ශ කියනවා වගේ දෙන්න තියෙන්නේ! තුර්ශ හොඳ වැඩේ කරේ මට නම් ඕක අහපු වෙලේ ඉඳන් හද පොපියනවා ක්‍රීම් සෝඩා වගේ. ඕක තමයි මගේ ලියුමත් උස්සන් ගිහින් පිනාට පෙන්නුවේ. 

"චීත්තේ? දෙනවා පොඩි පගයට! තාන්‍යගේ නොවුනනම් බලාගන්න තිබ්බ කරන වැඩේ මං" එහෙම කියලා ඉඳුවර අයියා අතක් මිට මොලෝලා බොරුවට තුර්ශට ගහන්න පැන්නා

"ආ කොරයි කියලා තමයි බය." තුර්ශගේ මූන රතු වෙලා. ඒත් ඌ හිනා වුනාම අපි ඔක්කොටම හිනා ගියා.

තුර්ශ, තාන්‍ය අයියා එක්ක එහාට ගියාම සයෝද්, මම, දේශාන්, සඳරුයි ඌගේ කෑල්ලයි අපිට reserve කරලා තිබ්බ ටේබල් එකේ ගිහින් ඉඳගත්තම අපිට මාගරීටා පීසා, ප්ලැටර, චිකන් විංස්, මැක් ඇන්ඩ් චීස් බෝල්ස්, කෙබාබ්, එකී මෙකී නොකී කෑම එක්ක වර්ජින් මොහිටෝ හැම ෆ්ලේවර් එකෙන්ම මේසෙට ආවා. 

"අහ් කන්න!" සයෝද් පීසා කෑල්ලක් ප්ලේට් එකකට දාලා මගේ ඉස්සරහින් තිබ්බා.

"Thank you!" 

"යාලුවොන්ට තෑන්ක් කරන්නේ නෑ!" සයෝද් කියපු දේට ප්ලේට් එකට වැටිලා තිබ්බ ඇස් එයා දිහාට හැරුනා.

"අපි යාලුවොද?" මන් ස්ට්‍රෝබෙරි මොහිටෝ එකෙන් උගුරක් බිව්වා

"ඇයි යාලුවෝ නෙමෙයිද?" දැන් නම් ඇස් දෙකේ තුර්ශගේ වගේම කලු ඉංගිරියාව පොඩි වෙනවා.

"නෑ ඉතින් ඔයා මගෙන් එහෙම යාලු වෙන්න ඇහුවේ නෑ නේ?" මන් ඇහුවේ මූව තව අවුස්සන්න.

"එහෙනම් මන් ඔයාට දැන් propose කරන්න ඕනද? එහෙමනම් කියන්න. මන් ඔයාට අර name stand එක සල්ලි වලට අරන් දීලා propose කරන්නම්!" කැහ් කැහ් කැහ්! ඒකටනම් මට මොහිටෝ එක පිට උගුරේ ගියා.

"මොකෝ මේ?" දේශාන් මගේ පිට අතගාන්න ගත්තම සයෝද් නැගිට්ට පාර මේසෙත් හෙල්ලුනා

"දේශාන් පලයං එහාට!" කියලා දේශාන් ව තල්ලු කරලා මගේ පිටට තඩි බාන්න ගත්ත පාර මගේ නහයේ ගිය මොහිටෝ නහයෙන්ම එලියට ආවා. බුදු අම්මෝ! යකෝ යකඩ තලනවා වගේ නේ මූ!!!

"ආව් ආව් ඔය ඇති රිදෙනවා මල්ලි ගහන්න එපා!" මන් කැස්ස් පැත්තකින් තියලා කෑ ගැහුවා.

"Good evening ladies and gentleman!" එකපාරට ඇහුන announcement එක නිසා හැමෝම කතා වහලා 'Honey' කියලා බල්බ් ඔබ්බලා ලොකුවට හිටෝලා තිබ්බ අකුරු තිබ්බ පඩිය දිහා බැලුවා. 

"Hi I am Irfan! Thanya's best friend."

"අනේ පලයං කොනක පාලුවා! මමයි තාන්‍යගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. උඹ කොනේ හිටපං" කියලා එකෙක් කෑ ගැහුවා.

එතකොට අර පඩිය උඩ ඉඳන් announcement කරන ඉර්ෆාන් කියන එකා මැද ඇඟිල්ල පෙන්නලා ඒ ඇඟිල්ල දෙකට නවලා ඇඟිල්ලේ භාගයක් විතරක් දික් කරා. මන් සයෝද්ගේ පිටට පාරක් ගහලා හිනා වුනා.

"Today we are gathered here to celebrate our beloved friends' boy friend Thursha's sweet 16th birthday." 

"යෝහ්!!!!" හැමෝම කෑ ගහනකොට මමත් එකතු වුනා.

"To make this special day a remarkable one, I invite Thursha Ruseeha and Thanya Ashwin to the stage" 

වෙන්නේ මොනාද කියලා හිතන්නත් කලින් තාන්‍ය අයියා තුර්ශවත් ඇදන් එතනට ගියා. උන් දෙන්නා පිටිපස්සේ ලොකු screen එකක Youtube එක මට පේනවා. තාන්‍ය අයියා මයික් එක අරන්

"Good evening everyone! Thank you all for joining us to celebrate the birthday of the love of my life. Today I will be releasing my first ever solo to the world. Chuutiyo this one is for you!"

"දෙවියනේ මල්ලි!!!" කියලා එහා පැත්ත බලද්දි සයෝද් හිටියේ නෑ.

මතු සම්බන්ධයි.....

More Chapters