WebNovels

Chapter 3 - අයුශ්ගේ සවේන්?

උදේ හතරට නැගිටලා පාඩම් කරන්න ගත්තේ තුර්ශට ඊයේ දීපු පොරොන්දුව නිසාමයි. මේ සැරේ වාර විභාගයට කලින් වගේම ලකුණු ගන්නවා කියලා ඌ මාව පොරොන්දු කරගත්තා. ඌට නම් ඉතින් ගුරෙක් ඉන්නවනේ. අපිට වගේ නෑ. අපි ඉතින් තනියම ගහන ගේමක් ගහගන්න ඕනා. තේ එකක් තිබ්බනම් හොඳයි! නැත්තම් දැන් මේ ඉතිහාසය පාඩම් කරන්න ගියාම පළවෙනි පරාක්‍රමභාහු, හය වෙනි පරාක්‍රමභාහු එක්ක බාල් නටනවා. 

හෙමින් සැරේ කාමරෙන් එලියට ඇවිත් කුස්සිය පැත්තට යද්දි තේ ජොග්ගුවට ගහන කට කට කට සද්දේ ඇහුනා. මන් හෙමින් කුස්සියට ඔලුව දාන්නත් කලින් රෙක්ස් ඇවිල්ලා ඌගේ තෙත හොම්බ මගේ කකුල් දෙකේ ගෑවා.

"පුතා ඇහැරුනාද?" අම්මා ඇහුවට ඉස්සරම මූනේ තිබ්බ හිනාව හොරු අරන් ගිහින්. ඒත් අම්මා ඒ සිද්ධියෙන් පස්සේ තාත්තට වඩා කරුණාවෙන් මට සැලකුවා. ඒත් තුර්ශ කියපු විදිහට මන් හොඳට ලකුණු ගත්තොත්, A9 යක් දා ගත්තොත් තාත්තයි අම්මයි මට සමාව දෙයිලු. ඉතින් මන් උත්සහ කරනවා. මොකද මන් ක්ලාස් යන එකත් නවත්තලා ගොඩක් කල්. තාත්තා කිව්වේ මඟුල් නටන එවුන්ට පංති වලට වියදම් කරන්න එයාට සල්ලි නෑ කියලා. ඉතින් මන් මුකුත් නොකියා ක්ලාස් යන එක නැවැත්වුවා. 

උදේට ඇහැරෙනවා, අම්මා දෙන දෙයක් අරන් ඉස්කෝලේ යනවා, හවසට එනවා, තියන දෙයක් කනවා, හවස් වරුවෙම වත්ත පහල අයුශ් එක්ක සෙල්ලම් කරපු තැන් වලට වෙලා රෙක්ස් එක්ක සෙල්ලම් කරනවා. කල්පනා කරනවා, කාටත් ඇහෙන්නේ නැති වෙන්න මට දැන් අඬන්නත් පුලුවන්, තුර්ශ නිසා. ඌ කියන්නේ උඹට එපා වෙනකන් අඬපන්. හැබැයි හිතේ හිරකරන් ඉන්න එපා කියලා. රෙක්ස් ට මන් දුකින් ඉන්නේ කියලා තේරෙනවා. ඒ නිසා ඌ මන් ආයේ හවසට ගෙදර යනකන්ම මගේ ළඟට වෙලාම ඉන්නවා. 

රෑ වුනාම බඩගිනි තිබ්බොත් කනවා නැත්තම් ඔහේ නිදාගන්නවා.

මාත් එක්ක අම්මා කතා කරන වචන දෙක තුන ඇරුනම කතා කරන්න වෙන කවුරුත් හිටියේ නෑ. රෙක්ස් එක්ක කොයි තරම් කතා කරත් ඌ මන් දිහා බලන් හිටියා මිස මට වෙන උත්තරයක් හම්බුනේ නෑ. ඒත් එහෙම අහන් ඉන්න හරි මගේ කලු සුදු ඩැල්මේශම් මහත්තයා ඉන්න එක කොයි තරම් දෙයක්ද? තාත්තව මන් පුලුවන් තරම් මඟ හැරියේ මූණට මුන ගැහුනම කියන ආඩපාලි අහගන්න ඕන නැති නිසා. අයුශ්ව කොහේ හරි රටකට අරන් ගියා කියලා විතරයි මන් දන්නේ. අන්තිමටම මට කිව්ව වචනේ අමතක කරන්න බෑ

"සවී මන් එනකම් ඉන්න වස්තුව!" ඉතින් එහෙම කියලා ගියාම මන් ඔයා එනකන් ඉන්නම් ආශු...

පැය දෙකක් එක දිගට පාඩම් කරලා පොඩ්ඩක් ඒක පැත්තකින් තියලා පොඩිම වෙලාවකට මන් කබඩ් එකේ පතුලේ යටට වෙන්න හංඟලා තිබ්බ යකඩ පෙට්ටිය ඇදලා එලියට ගත්තේ මේ ටික කාලෙකට පස්සේ. පෙට්ටිය ඇඳ උඩට හිස් කරාම ඒකේ තිබ්බේ මගෙයි අයුශ් ගෙයි පුංචිම කාලේ ඉඳන් මතක. සිප්පි කටු, ක්‍රීම් සෝඩා බෝතල් වල මූඩි වලින් හදපු කරත්තයක්, යෝගට් හැඳි කිරල ඇබයකට ගහලා මට අයුශ් පහ වසරෙදි වතුරට අල්ලලා කරකවන්න හදලා දුන්න සුළං මෝල. අපි දෙන්න ඉස්සෙල්ලම ට්‍රේන් එකේ මහරගම ඉඳලා කොටුවට ගත්තු ට්‍රේන් ටිකට් එක. මේ අයුශ් ගේ එක. මගේ එක එයා ළඟ. මට හිනා ගියේ ඉස්සර ඉන්ටර්වල් එකක් දවසේ අයුශ් කියපු කතාවක් මතක් වෙලා,

'සවේන් බලපං උඹේ ඇඟේ හැටී නටනවා විතරයි කන්න බොන්න වුමනාවක් නෑ. කරපිංචා නොදා කෑම උයන්න බෑනේ ගොනෝ! අනික හැමදාම 'මගේ මාලු' කිය කිය තලපත් ගිලින්න බෑ. තලපත් කන්න බෑ ඉස්සරහට මයින්ද සහ ෆැමිලි එක හොඳටම කරලා තියෙන්නේ.'

'අනේ හු$තෝ මට ඔය කටු මාලු කන්න බෑ!'

'හරි ඉඳපන් මන් අයින් කරලා දෙන්නම්!' 

ඉතින් කටුත් අයින් කරලා විතරක් නැවතුනා නම් මදැයි අනලා කවනවත් එක්ක. අනේ මගේ නේත්‍ර...ඔයා මාව කොයි තරම්

සතුටෙන් තිබ්බද? මනෝ ගැහුවා වගේ නෙමෙයි. වෙලාව හයයි. ලෑස්ති වෙලා ඉස්කෝලේ යන්න ඕනා. මන් පෙට්ටියට ආයේ සේරම අඩුක් කරලා වහලා ඒක අල්මාරිය අස්සට එබුවා.

"අඩෝ ගු.මො!! මෙහෙ වරෙං!" උදේ පාන්දර දේශාන් මාවත් ඇදගෙන බුදු මැදුර පිටිපස්සට රිංගුවේ වට පිටාවට ඇස් යව යව හෙන හොර වැඩක් කරන්න වගේ.

"මොකෝ?" මන් බය වෙලා හිටියේ ඇත්තටම මේ වෙලේ, ඇයි අප්පා මේ උදේ පාන්දර ගේට් ඩියුටි අස්සේ මාව ඇදන් ගිහින් බුදු ගේ අස්සේ ලබ්බක් කරනවද?

"තුර්ශගෙ හෙලුකුට්ටං ඩේ එක එනවනේ බන්!" දේශාන් ඔය කියන කන් මන් එහෙම එකක් දැනන් උන්නේ නැති නිසා මට තේරුමක් තිබ්බේ නෑ මොකක්ද වෙන්නේ කියලා

"ආහ් එහෙමද?"

"ඔව් ඔව් එහෙම තමයි! මේ තාන්‍ය බොසා එල සර්ප්‍රයිස් එකක් ලෑස්ති කරලා තියෙන්නේ කොම්ලට!" දේශාන් නිකටත් අත ගගා කිව්වේ හෙන සෙල්ලක්කාර විදිහට.

"හා මරු එලනේ බන්!" තුර්ශට ඇත්තටම ආදරය කරන කොල්ලෙක් ලැබිලා තියන එක ගැන මට ගොඩක් සතුටුයි. ඌ සතුටින් ඉන්න ඕන එකෙක්. ඌට හරියන්නම ඕනා.

"Honey Beach Club එකේ තියෙන්නේ. උඹටත් invitation එකක් තියනවා. තාන්‍ය අයියා කිව්වේ උඹට කියන්න කියලා. තුර්ශගේ කටේම තියෙන්නේ සවේන්, සවේන්, සවේන් ලු. ඌට ආසයිලු උඹව බලන්න. කොහෙද ඉතින් අපිව බලන්න ආසාවක් නෑ. අපි ගැන කතාවක් නෑ. ඔහොම තමයි පස්සේ ආපු අඟවල් තමයි තුර්ශටත් ලොකු වුනේ!" දේශාන් මට ඇද කරා. ඔය කිව්වට ඌගේ හිත හෙන හොඳයි. 

"සොරි බොම්ක! තාන්‍ය තුර්ශව අත ඇරියොත් මන් ඌව කසාද බඳින්න ඉන්නේ!" මූගෙනුත් ආතල එකක් ගන්න එපැයි. 

"ඈ යකෝ! උඹනම් මහ ඒසාවෙක්!" දේශාන් ගේ කට කියවිල්ල පවුලෙන්ම ආපු එකක්. මොකද තුර්ශත් ඔය පවුලට දහ අට වංගුවේ ගිහින් හරි කොනකින් සම්බන්ධයිලුනේ. ඒකත් දැනගන්න ඕන කම තියනවා. ආයේ බුදු මැදුර ළඟ ඉඳලා ගේට් එක ළගට යනකොට මන් ඒකත් විසදගත්තා.

"මේ බන් දේශාන් කොහොමද බන් උඹයි තුර්ශයි නෑයෝ වෙන්නේ?" දේශාන් එකෙක්ගේ බෑග් එකක් අස්සෙන් ගත්ත ලන්ච් බොක්ස් එකක් හොල්ලනවා.

"ආ ඒක මෙහෙමයි බන්, තුර්ශගේ තාත්තාගේ, තාත්තාගේ නංගිගේ පොඩි දුවගේ පුතා තමයි බන් මම. තවත් විදිහකට කියනවනම් බන් තුර්ශගේ අම්මගේ, තාත්තගේ මල්ලිගේ නෝනාගේ අම්මගේ අක්කගේ දුවගේ පුතා තමයි බන් මන්."

"උඹේ අම්...මට!!!" වෙන මොනා කියන්නද? මීට වඩා හොඳයි පැනි බඹරේ කැරකුනා නම්. අම්මගේ අක්කගේ රෙද්ද!

"අම්බෝ උඹ ආවද? කෝල් එකක්වත් දීගන්න විදිහක් නැතුව මන් බල බල හිටියේ උඹ ඒවිද කියලා!" දේශාන් කිංස්බරි එකේ පාකින් එකේ phone එකත් තියන් මන් එනකන් සඳරුවයි උගේ විශාඛාවයි එක්ක බලන් ඉඳලා මාව දැක්ක ගමන් කඩා පැන්නා.

"පරක්කු නෑ නේ?" මන් ඇහුවේ අතේ තිබ්බ ඔරලෝසුවේ වෙලාව ආයේ බලලා.

"නෑ නෑ. මේ සදරුවා මල් ටික ඇවිල්ලා කියලා message එකක් ඇවිත්. යන්ද ගන්න?" 

"හා යමු. එතකොට කේක් එක?" සඳරු දේශාන් පස්සේ යන්නත් හදලා ආයේ ඇහුවම

"හම්මට! ආ නෑ නෑ ඒක හරි. ඒක සයෝද් බලයි. අඩේ සවේන් උඹට පුලුවන්ද ක්ලබ් එකට ගිහින් පොඩ්ඩක් ඌත් ඒක ඇරේන්ජ් කරගන්න?" දේශාන් එහෙම කියලා ගියාෆ ඇරෙන්ජ් කරගන්න එක හරි! ඒත් කවුද සයෝද් කියන්නේ? මන් අඳුරන්නෙවත් නෑ නේ! මුන් මේ ගිනි පෙලෙල්ල පුකේ ගහන් මට මුකුත් කියන්නත් කලින් හත් ගව්වක් ගිහින් ඉවරයි අර ටොක් ටොක් ගාන කෙල්ලවත් ඇදගෙන ඒකී දහ අතේ වැනෙනවා. 

දැන් මොනා කරන්නද? කොහෙන් හරි ඔය සයෝද් කියන එකා හොයා ගන්න එපැයි. මොන වගේ එකෙක්ද කියලවත් කිව්වනම් අඩු ගානේ. කලුද සුදුද කියලවත් කියලා යන්න එපැයි පාන්කඩයෝ දෙන්නා! මන් පාකින් එකෙන් උඩට තියන සිමෙන්ති පඩි ටික නැග්ගේ මුහුදු හුළඟට අවුල් වෙන කෙස් ටික හද හද. සමර් වයිබ් එකට ප්‍රින්ට් වෙච්ච සපත්තු මල්, හබරල කොල වැටුන තද කොල පාට ශර්ට් එකට වොශ්ඩ් ඕෆ් බ්ලූ ජීන්ස් වල එක දණහිසක් පේන්න නූල් ඇදිලා තිබ්බේ. වයිට්, ඩාර්ක් ග්‍රීන් ස්නීකර්ස් ශර්‍ට් එකට මැච් කරලම ඇන්දේ කාලෙකින් පාටියකට ඉන්විටේශන් ලැබුන නිසා හිතේ තිබ්බ පොපියන ෆීලිං එක නිසාමයි. 

Honey Beach Club එක ආයුශ් ගෙයි මගෙයි බකට් ලිස්ට් එකේ තිබ්බ තැනක්. ඒත් අපිට එන්න බැරි වුනා. ඉතින් මන් අද මෙතනට පය තියන පලවෙනි වතාව නිසා මාව කරකවලා අත ඇරලා වගේ. හොඳ වෙලාවට ස්ටාෆ් එකේ කොල්ලෙක් හිටියා. 

"Hi! Honey beach club?"

"That way sir!" කියලා වම් පැත්ත පෙන්නුවම මන් ඒ පැත්තට අඩිය තිබ්බා. එහා පැත්තේ වීදුරුවෙන් එහා තිබ්බ හෝල් එකේ පියානෝ එක ප්ලේ කරන දිහා බලාගෙන මන් ඇතුලට යනකොට 'දඩාස්!'

"හුක්!!! කොහෙ යනවද මන්දා! තව ටිකෙන් පුකේ අයිසින් ගාගෙන දික් කරන් කේක් එකට ඉන්න වෙන්නේ මට!" කේක් එකක් උස්සන් මන් ඉස්සරහා හිටපු සුදුම සුදු කොල්ලව දැක්කම මට එක පාරට හිතට මහ බයක් ආවා. මේ කොල්ලා හරිම උසයි, මහතයි, හරිම හැඩි දැඩි පෙනුමක් තිබ්බේ. ඒක පැනලා දුවලා ජීවිතේ බේරගනිං කියලා හිතෙන බයකුත් නෙමේ හැබැයි. කුතුහලය දනවන බයක්. ඒ ඇස් ලොකුයි. මට ඒ ඇස් දැක්කම කෙනෙක් මතක් වුනා. තුර්ශ! ඔව් තුර්ශගේ ඇස් දෙකමයි. ඒත් මූන තුර්ශගේ වගේ අහිංසක කම ගෑවිලාවත් නෑ. හරිම නපුරු පාටයි. ඇහි බැමි කලුයි, ඝණකමයි යන්තන් බැමි හා වෙලත් වගේ. නහයත් තුරශගේ වගේ නෙමෙයි. ඊට වඩා හීනීයි දිගයි. ඒත් තුර්ශගේ වගේ උඩ තොලට වඩා යටි තොල මහතයි රෝස පාටයි. කොන්ඩෙත් වෙනස්. මෙයාගේ කොන්ඩේ කලු පාටයි. ජෙල් කරලා පිටිපස්සට පීරලා කොන්ඩ කෑලි දෙක තුනක් නලලට වැටෙන්න හදලා. කොන්ඩේ පාටින්ම හිසේ සිට දෙපතුල දක්වා ඇදන් හිටියේ කලු පාට. දිග අත් දිග ශර්ට් එකේ අත් නවලා වැලමිටට පොඩ්ඩක් පහලින් ස්තානගත කරලා තිබ්බා. ශර්ට් කොලර් එක අස්සෙන් වැටුන කලු ගලක් අල්ලපු පෙන්ඩන්ට් එක සුදුම සුදු පාට හමට කැපිලා පෙනුනා. ඇඟිලිවල මුදු. එකකට මිනී ඔලුවක මුද්දක් දලා, අතේ කලු පාට ලෙදර් බෑන්ඩ් එකට ටයිගර අයි බීඩ්ස් බ්‍රේස්ලට් එකට, අනික් අතේ කලු වොච් එකට යටින් පෑදිලා තිබ්බ නහර කොල පාටට සුදුම සුදු හම යටින් ඉලිප්පිලා පේනකොට වයසට වඩා හැඩි දැඩි පෙනුමක් මේ කොල්ලට දීලා තිබ්බා.

."මොනාද බලන්නේ?" හත්තිලව්වයි! මෙච්චර වෙලා මන් මූ දිහා බලන් ඉඳලද?

"සොරි! මල්ලි මේ මන් දැක්කේ නෑ!" මන් ඒක කිව්වේ එයාගේ ඇස් දෙක දිහා බලන් නෙමේ. බිම බලන්.

"ආ ඒකට කමක් නෑ. ඔයා පාටියටද ආවේ?" ඒ කොල්ලා මගෙන් ඇහුවේ වෙච්ච කිසි දෙයක් මතක නෑ වගේ.

"අහ් ඔව්! මේ මන් තුර්ශගේ යාලුවෙක් සවේන් කියලා" මන් යන්තන් ඇස් දෙක දිහා බලලා ආයේ බිම බලාගත්තා.

"ආ!!! ඔයාද සවේන් අයියා? අයුශ්ගේ සවේන්?" අර නපුරු පෙනුම අයින් වෙලා දැන් ඒ මූනේ හඳ පායලා වගේ. තුර්ශ වගේමයි. ඉක්මනට කේන්ති යනවා, ඉක්මනට නිවෙනවා.

"අහ් ඔව්! මන් තමයි!" මන් බෙල්ල කස කස හිනා වුනා. 

"Nice to meet you! මන් සයෝද්. ඔයාගේ යාලුවගේ කසින් බ්‍රදර්!" මේ ළමයා කේක් එක අනික් අතට අරන් මන් ඉස්සරහට අත දික් කරාම මන් ඒ අත අල්ලගත්තත් ඒ අත මගේ අත වගේ දෙකක් සයිස් ඇති කියලා තේරෙනකොට මගේ අත එයා අල්ලපු පාර සැර වැඩී වගේ. මගේ ඇස් දෙක පුන්චි වුනා.

"ඔහ්! සොරි මගේ ග්‍රිප් එක ටිකක් සැරයි. දවසෙම හෙවී ඩියුටි නේ" 

ඒ කියපු කිසිම දෙයක් මට තේරුනේ නෑ. ඒත් කමක් නෑ මගේ අත අත ඇරියනේ. අම්බෝ!!! මන් පිට අල්ලත් ආයේ බැලුවේ අලාභහානියක් තියේද බලන්න. ශේප් අවුලක් නෑ ටිකක් රතු වෙලා.

"එන්න අයියේ අපි යමු!" සයෝද් දොර මන් වෙනුවෙන් ඇරලා මන් ඇතුලට යනකන් අල්ලන් හිටියා. 

මතු සම්බන්ධයි.....

More Chapters