ඩැඩා...
නිර්වාන්ගෙ කැබ් එක යනවත් එක්කම මන් ඵෝන් එක කනේ තියාගත්තා....
මං දන්නෙ නෑ..මගෙ ඔලුව ගිනි ගත්තු කම්මල වගේ.....එයා මේ දවස් ටිකේම මීක් නොගා උන්නා...හෙට ලොකූලා යනවා...ඒක නිසා අම්මා එනවා....මට දැන් අම්මා එන එකත් හිසරදයක් වගේ....
ම්ම්ම්ම්...
එහා පැත්තෙ උන්න අංකල් සුරේන්...වෙලාවකට මට අංකල් සුරේන් වෙන.....හිටපු ගමන් මට ඩැඩා වෙන නිර්වාන්ගෙ තාත්තා එක දිගට කියවගන කියවගන යනවා මට නෙවෙ මෙලෝ මගුලක් තේරෙන්නෙ....මං කියන කියන එකට හ්ම්....හ්ම්....ඔව්.....නෑ....ගානවා විතරයි .....
එතකොට....එයත් එනවද....අද.....පාර්ලිමේන්තුවට....?
මං ආයම හූ මිටි තිබ්බා...චන්දෙ ළඟ හින්දා ගෑනි මීක් නැති උනත්.....මගෙ හිතට මහ අමුත්තක් දැනෙනකොට එහා පැත්තෙ උන්න්න් ඩැඩා හැමදාම වගේ අදත් මට කත කරලා මගෙ හිත හැදුවා...මොකද ....නිර්වාන් ඉස්සරහා එලි නොදැම්මා උනත්....එදා දෙපාරක්ම ජීප් සවාරියක් ගියපු මගෙ ඔලුව අස්ස එන්න එන්නම නරක් වේගන ආවා.....
හෙට....හවස....තුනයි තිහයි....හයයි තිහයි....මං සංජනට ටිකට්ස් තුන දුන්නා...
හ්ම්....
මං දන්නෙ නෑ.....
අවසානෙදි මං ඇද උඩ ඉදගත්තා....අංකල් සුරේන් කොච්චර මගෙ හිත හදන්න හැදුවත්...බය වෙන්න එපා අපි ඉන්නවා කිව්වත්...අනෝමා පිස්ටල් එක තියපු පාරට තාම මගෙ ඔලුව ඇදුම් කනවා...තාම මගෙ පපුව ඇදුම් කනවා....
ටික්.....ටික්.....ටික්....
නිර්වාන් නිදියන පැත්තෙ තිබුන බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තියන එලාර්ම් ඔරලෝසුවෙ කටු කැරකෙනවා...ටික්....ටික්...ටික්...ඒක ඔරලෝසුව...කැර කෙන්නෙ පුංචි කටු උනත්..මගෙ හිත ටයිමින් බෝම්බයක්...
ටික්.....ටික්....ටික්....ටික්....
මන් ආයම ඇද උඩට පෙරලුනා.....මුලු කොට්ටෙම්ම නිර්වාන්ගෙ සුවදයි....එයාගෙ පැත්ත එයාගෙ සුවදයි....මගෙ පැත්තත්...ඇත්තටම මගෙ පැත්තත් එයාගෙ සුවදයි....මොකද...මං නිදියෑවෙම ඒ අත් අස්සෙ....ඉතින් කොහෙන් කියලා නම් මගෙ සුවද එන්නද.....
තුන පහු වෙලා..හතරට කිට්ටුයි.....එන කොට රෑ වෙයි.....
බ්ර්...ර්....
නිර්වාන්ගෙ සුවද අස්සෙ එහා මෙහා වෙවි උන්න මගෙ කන ගාවම තිබුන ඵෝන් එක වයිබ්රේට් වෙන්න ගත්තා....ගෲප් එකෙන්ද..නැත්තන් ...කොස්ටියුම් හදන මයුර අයියගෙන්ද.....
මේ ඔක්කොම දමලා ගහලා...අනේ මට අද එන්න බෑ කියන්න හිතුනා.....
මට නොකන් බඩ බුරුල් වෙන්න වගෙ...
ඔලුවත් කැක්කුමයි.....
කොටිම්ම මං උන්නෙ අමු සිංහලෙන් කියනවා නම්...අම්මටම සිරි වෙන පීඩනේක....
මෙක මට කරන්න පුලුවන්ද ...
යටි හිත මගෙන් එහෙම අහනවා.....ඒත් ..ඒ යටි හිතම කියනවා...උඹට කරන්න බැරි නම්...මේක කාටත් බෑ කියලා ...
නොදන්න නම්බර් එකකින් ආව මැසේජ් එකක්.....
වෙලහට ටීම් එකෙන් වෙන්න ඇති....
මං.මැසේජ් එක ඕපන් කෙරුවා ...
"කතාව අවසානෙදි රෝමියෝ මැරෙනවලු නේද...?"
කතාව අවසානෙදි රෝමියෝ මැරෙනවලු නේද...?කව්ද මේ....මොකාද මේ...
" ඒ උනාට...උන් දෙන්නම නිස්කාරනෙ මැරිලා ගියා.....අවස්තාව දුන්නනෙ ඔය රෝමියෝටත් බේරෙන්න ...ඇයි බේරුන් නැත්තෙ...?
තවත් මැසේජ් එකක්...
මම නෙවෙ රිප්ලයි කෙරුවෙ...
මොන යකාද මේ.....
" මං නම් කියන්නෙ උන්ට පටන් ගන්න කලියෙන් හිතන්න තිබුනා..මේක මරනෙකින් කෙරවල වෙයි කියලා...."
උඹ ටානියා නේද...??..උඹ ටානියා නම්....මෙන්න මේකත් හොදට අහගනින්...මං දන්නවා....මෙවෙලෙ....ආසි හතරම ඉන්නෙ උඹගෙයි උඹගෙ වෙන්න නැන්දම්මගෙයි අතේ ....උඹලගෙ කැරම් බෝර්ඩ් එකෙ...ඉන්න එකම ඉත්තත් මම...හරි...මං ඒකත් දන්නවා...හැබැයි...උන් මැරෙන බව නොදැන ආදරේ කරපු උන් නෙවෙ.....ඒ වගේම උඹලත් නොමැරි ඉන්න උන් නෙවෙ.....
ටානියා...උඹ දන්නවද....උඹයි...අනෝමයි කියන්නෙ එකට ගල් කඩන්න යන්න ඉන්න උන්.....උඹ කියන්නෙ...මං මැරෙනවා කියලා නම්...හරි.....මං මැරෙන්නම්.....හැබැයි....උඹටත්....සුභ පැතුම්.....නිර්වාන්ව උඹට හම්බුනා කියලා හිතා ගනින්.....
මගෙ ඇගිලි දෙකට කරන්ට් වැදුනා වගේ...නන්නාදුනන නම්බර් එකෙන් ආව මැසේජ් දැකපු මගෙ ලේ රත් වෙන්න ගත්තා...හිතේ තිබුන පීඩනෙ ඉවසගන්නම බැරි තැන මං ඒකිට මැසේජ් එකක් කොටාගන කොටාගන ගිහින් අවසානෙදි ඵෝන් එක අල්ලා වීසිකරල බාතෲම් එකට ගියා.....

චූටි....ඔයා කොහෙද...
බස් එකේ ඉන්නෙ.....
ඇයි දරුවො මං එක්ක යන්න එනවනෙ...
කමක් නෑ නිරූ.....තව චුට්ට දුරයි..අන් එනකොට රෑ වෙයි...මැසේජ් එකක් දාන්නම්...මාව ගන්න එන්න සුදූ...ආදරෙයි...පරිස්සමින් ඉන්න මගෙ නිරූ....
මං උන්නෙ බස් එකෙ.....හතරත් පහුවෙලා...ගෙයින් එලියට බහින තත්පරේ වෙනකන් මට බඩ බුරුල් උනා...දෙහි දදා කී පාරක් නම් මං තේ කහට බිව්වද ...කී පාරක් නම් නම් මං කෝපි බිව්වද...අවසානෙදි මන් එක හුස්මට අසමෝදග්ම් බෝතලේම බීලා එලියට එනවත් එක්කම මගෙ උරහිස උඩට හූනෙක් වැටුනා....
මං දන්නෙ නෑ....මට අද අපලයි නොසෑහෙන්න....
නිර්වාන් ගෙන් කෝල් එක කට් වෙනවත් එක්කම මං මගෙ ඔලුව ජනේලෙට ගහගත්තා...මගෙ බඩ තාම කොරවෙනවා....මගෙ ඔලුව තවම කකියනවා....නිර්වාන් ගෙ කෝල් එකත් එක්ක මං ආයම කල්පනාවට වැටුනා.....එහෙන් දියවන්නා කුමාරියෙ යනවා...අනිත් පැත්තෙන් මට ටානියගෙ මැසේජ් ටික මතක උනා....ඒ ඔක්කොමත් එක්ක මට බහින තැනත් අමතක උනා....
සයාශ්....ඔයාගෙ කලිසම හරිද....
හරි.....
ශර්ට් එක ඒකත් හරිද.... කෝ අර කෙල්ල....කෝ මේ ජූලියට් කෙල්ල...
සයාශ් ඉය කොහෙද යන්නෙ...
වොශ් රූම් එකට....ගිහි....න්....එන්න....ම්
මං ආයම දිව්වා...මාව සුදු මැලි වෙලා...බහින තැන වැරදුනා...මං ආයම ලයනල් වෙන්ට් එක ගෑටුවා....නිර්වාන් අම්මව එක්කන් ලොකු නැන්දලාගෙ ගෙදර ගියා කියලා මැසේජ් එකක් එවලා තිබුනා....චූටියා...රෑට ගෙදර වරෙන්....අපි පාන්දර යනවා.....කිය කිය ලොකුවගෙන් වොයිස් මැසේජ් කෝටියක් විතර තිබුනා...අප්පච්චිගෙන් දෙපාරයි..ඩැඩාගෙන් එක පාරයි.....කවදාවත් නැතුව ශෙනිරුගෙ අප්පච්චි ගත්තු කෝල් එකත් එක්ක මට තව දුරටත් අර ඉවසන් උන්න එවා තදකරගන්න බැරි උනා....තිබුන පීඩ්නේටම මට ආයම බඩ බුරුල් වෙන්න ගත්තා....
මං ආය දිව්වා....සැරයක්...දෙකක් තුනක්....අරහෙන් ඇදුම් අදිනවා....අනිත් පැත්තෙන් සින්දු ටික බලනවා..මොකද...හෙට උදේ වරුවම අපි නිදහස්....කිසිම බරක් නැතුව ඉදලා වෙඩි වගේ දීලා අරින්න තියෙන්නෙ....ඒත්.....මට දැම්ම වෙඩි වැදිලා වගෙ....
සයාශ් ....
සර්.....
මොකද මේ...මුනත් එක්ක සුදු මැලි වෙලා.....
මට පොඩ්ඩක් සනීප නෑ...බඩ බුරුල් වෙනවා....
කොල්ලො....උඹ මේ ඔක්කොම කටෙ තියාගන අනාත කරන්න නම් ලෑස්ති වෙන්ඩ එපා ....
සර්...දෙයක් අහන්නද.....
මොනවද .....අහපන් බලන්ඩ....
සර්....මං අහන්නෙ.....රෝමියෝ මැරෙන්නම ඕනෙද....ජුලියටුත් මැරෙන්නම ඕනෙද.....උන් දෙන්නට.....මැරෙන්න නැති වෙන්න කතාව අපිට අපහු හදන්න බැරිද...??
උඹට මාව ශේක්ස්පියර් වගේ පේනවද කොල්ලො.....කෝ උඹගෙ ඇදුම් ටික හරි නම් තියපන්....
......
සයාශ් .....
මං උන්නෙ ඉදගන....රෝමියෝගෙ ඇදුම් ටික පැත්තකට කරපු මගෙ ගාවින් ඉදගත්තු මගෙ ගුරා මගෙ අත උඩින් අත තිබ්බා...
උඹ ඉන්නෙ බය වෙලාද...හිතන්න එපා.....වෙනදා කරනවා වගෙම කරපන්...හැබැයි....උඹට පුලුවන් උපරිම කරපන්.....මොකද.....උඹට දැනටමත් දෙතුන් දෙනෙක්ට ඇහැ වැටිලා ඉවරයි සයාශ් ....උඹට මම කියන්න ඕන් නෑ...උඹට අඩන හැටි මං ඇගිල්ලෙන් ඇනලා කියන්න ඕන් නෑ....උඹට පුලුවන් රොමාන්තික වෙන්න.....වෙලාවකට හොටු පෙරාගන අඩන්න....උඹව අඩවන්න අපි කාටවත් ග්ලිසරින් ඕන නෑ සයාශ් .....මොන දේ උනත්....මං හරි සතුටු වෙනවා....උඹව කුලුදුලේම එලි දාන්නත් කලියෙන්....උඹව ඇහැවැටුන මිනිස්සු උඹ ගැන බලාපොරොත්තු තියන් ඉන්න විදිහ දැක්කම.....
මේක නෙවෙ....උඹගෙ අවසානෙ...යන්න පුලුවන් උපරිම පලයන් ...කතාවෙ රෝමියෝ මැරුනට....සයාශ්ට මැරෙන්න බෑ....උඹට තේරුනාද...
මං මගෙ අත අල්ලන් කියවපු මගෙ මාස්ටර් දිහාව බලාගන උන්නා.....අවසානෙදි රෝමීයෝට මැරෙන්න ඉඩ දුන්නත්...සයාශ්ට මැරෙන්න ඉඩ දෙන්න බෑ කියපු සර් යන්න යනකොට මං මගෙ ඵෝන් එක අරගන මැසේජ් එකක් ගැහුවා ....
කාටවත් නෙවෙ ...නිර්වාන්ට...!කරුමෙක මහත.....එයා ඔන්ලයින් නෑ.....පැයකට කලින් ඉදලා....දැන් නෑ...වැඩ ඇති....අරුන්ගෙ බඩු ලැහැස්ති කරනවා ඇති....
මං යවපු මැසේජ් එක දිහාව බලපු මන් අනිත් පාර ඵෝන් එක ආපිට සාක්කුවෙ ඔබා ගත්තා....
"ඇත්ත...රෝමියො මැරුනට සයාශ්ට මැරෙන්න බෑ.....රෝමියෝට මැරෙන්න ඉඩ දුන්නට ...සයාශ්ට මැරෙන්න එපා ඉඩ තියන්න...."

නිරූ.....එනවද මාව එක්ක යන්න ...
මං උන්නෙ කොළඹ අහස යට.....ගෙයින් එලි බහිනකොට වැස්සක ලකුනක් වත් නොදුන්න අහස ගුගුරනවා ..... අහසට මක්ක වෙලාද....නොකියම වහින්න හදන්නෙ...කුඩයක් වත් නැතුව ආවෙ බව අහස දන්නෙ නැද්ද...
වෙලාව රෑ නවය පහු උනා...දහයට කිට්ටුයි...නිර්වාන් තවම ඔන්ලයින් නෑ.....
මැසේජ් එක බලලා වත් නෑ.....ඔව්...එයාට අද ඔන්ලයින් එන්න වෙලාවක් නැතුව ඇති....අරුන් දෙන්නව එක්කන් එහා මෙහා යනවා ඇති...උන් පාන්දර ජාමෙ යනවා නම්....කොච්චර දේවල් තියනවද කරගන්න....අනික මං පාර නොදන්න එකාද...නෑනෙ.....
මැසේජ් එක ...බැලුවත්....නැතත්.....එයාට මාව දකින්න වෙන්නෙ නෑ...
හිත කොන අස්සෙ ඉදන් තවත් කව්ද එහෙම කියනවා...
උරහිසට වැටුන හූනගෙ බර තවමත් මහෙ උරහිස් ඇට කැක්කුම් කරනකොට කහ පාට ලයිට් එලි පෝලිම් ගනන් වමට දකුන්ට යන්න ගත්තා...එකින් එක එකින් එක...එකින් එක කඩ සාප්පු වැහෙනකොට .....සදලු තලේකට නගින්න බලන් ඉන්න රෝමියෝ උන මම මගෙ රෝමියෝ එනකන් බස් හෝල්ට් එක ළඟ නතර උනා...එයා එයි.....ඒත්...වෙලාවක් කලාවක් දන්නෙ නෑ...
ඒ.ආවෙ නැතත්..මං යනවා.....
මගෙ හිත ඒ අස්සෙන් බහු බූත කියවනවා.....
නිර්වාන් ...මං තමුසෙට හරි ආදරෙයි ඕයි....
අන් ආයම මැසෙජ් එකක් ටයිප් කෙරුවා...මට ඇඩෙන්න එනවා.....නිකන් පිස්සුත් වගේ...බඩ පපු දනවා.....ඔලුව කකියනවා...
සීතලයි ...
මගෙ අත් වල හිරිගඩු පිපුනා....
ගුගුරන අහස හිමින් සීරුවෙ මාව අසරන කරන්න ගත්තා....කලු වලාකුලු හිමි හිමින් දිය වෙන්න ගත්තා....අව් කාස්ටකේට පුපුරු ගහපු ගෙනදගම් පොලවෙන් දූවිලි සුවද මතු වෙන්ඩ ගත්තා...
අහසින් වැහි බින්දු කඩාගන වැටෙනකොට මං බස් හෝල්ට් එකේ ඉදන් නිර්වාන් එනකන් බලන් උන්නා....ඒ එක්කම මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...නිරූගෙන්....ඇති යන්තන්....
හෙලෝ...නි..රූ.....කොහෙ...ද...
වස්තුව ...මං එනගමන්.....වහිනවා නේ...විනාඩි පහයි.....අරුන් දෙන්නව මහරගමට එක්ක ගිහින් දැන් ආවෙ චූටි...අයියට ඵෝන් එක අල්ලන්නවත් බැරිව ගියා....අම්මව අරන් ඔහොම්ම මං ලොකු නැන්දගෙ ගෙදර ගියා....ඒ ආව වෙලේ ඉදන් එහෙට්ට යනවා මෙහෙට්ට යනවා.....අර පිස්සු කොල්ලා මේ අන්තීම මොහොතෙ පාස්පෝර්ට් එක නැති
කරන් වරුවක් තිස්සෙ ඒක හොයනවා.....මොන සිහියෙන් ඉන්නවද මන්දා.....ඔයා ඔහොම්ම ඉන්න තැනම ඉන්න....ඇතුලෙන් ඉන්න වැස්සට තෙමෙන්න එපා..... අසනීප වෙයි ....විනාඩි පහයි....හොදද.....ආදරෙයි අලි වෙඩිල්ලට හුගක්....!! උඹව මං අල්ලගන්නම්...උඹ පන්ඩිත වෙලා අප්පා....ගොබ්බ මැසේජ් එවනවා.....මෝඩ චූටියා...
පරි....ස්සමින්....එන්න....නිර්...
මගෙ ඇස් වලින් කදුලු වක්කෙරුනා....නිර්වාන් එහෙන් කියවගන ඉන්නවා...මෙහෙන් මගෙ යටි බඩට පිස්ටල් එකක් තද වෙලා.......මට පරිස්සමින් ඉන්න කියන එක වත් සම්පූර්න කරන්න හම්බ උනේ නෑ....මගෙ කනෙ තිබුන ඵෝන් එක වෙන එකෙක් උදුර ගත්තා....
මං හිතන්නෙ කවදාවත් නැතුව නිර්වාන්ට මාව මග ඇරෙනවා.....
ඵෝන් එක ආන්ස්වර් කරපු මට උත්තර බදින්නවත් බැරි උනා....අහස ගුගුරන මහ වැස්ස ඇවිදින් පාරෙ උන්න මිනිස්සුන්වත් මගෙන් උදුරන් මාව තට්ට තනි කරලා දාද්දි පය පාමුල නැවතුන කලු කැබ් එකෙන් බැහැපු උන් එලියට බැස්සෙම සද්ද එපා කියන සිග්නල් එක එක්ක වෙනකොට මට කරන්න පුලුවන් එකම දේ නිර්වාන් මාව බේරගනින් කියන එක වෙනුවට පරිස්සමින් වරෙන් කියන එක විතරක් උනා...මොකද .....මගෙ හැසිරීම උඩ මගෙ පවුල රැකෙන සම්බාවිතාව වැඩීයි කියන්න තවමත් කොටුවෙ කැරකෙන චූටි අයියගෙයි ගුත්තිල මස්සිනාගෙයි පින්තූරයක් වගේම ...හන්දියෙ කෝප් සිටි එක ඉස්සරහා ඉන්න ලොකු මාමගෙ පින්තූර දෙකක් මට අමු අමුවෙ ඇස් ගාවට ලන් කරනකොට මන් ලාවට ඔලුව වැනුවා .....
ඉතින්.....කොහොමද ....
මං කොහොම ඉන්නවා වගේද තමුන්ට පේන්නෙ.....??
තවමත් කට නම් අඩුවක් වෙලා නෑ ආන්ටි බලන්නකො.....
මං කොටු උනා.....මෙච්චර දවස් මීක් නොගා උන්න අනෝමා අද මට දුවන්න ඉඩක් දෙන්න කලින් ඇමති මැරයො සෙට් එකක් දම්මලා මගෙ පවුල වට කරවලා.....
අනෝමා....ටානියා...
උන් දෙන්නගෙම මැද මම.....
ඉතින් සයාශ් .....දුන්න දවස් ගාන අහවරයි.....හෙට නිර්වාන්ගෙ එන්ගේජ් එක.....තමුන්ට තියෙන්නෙ එක පාරයි.....කෑ ගහන්නත් බෑ.....දුවන්නත් බෑ..උදව් ඉල්ලන්නත්බෑ..මොකද ...තමුන් දැක්කනෙ.....මං ලේසියකට අනුන්ගෙ පවුල් රකින එකෙක් නෙවෙ....තමුන්ට ඕනම...නම්...දුවන්න පුලුවන්...හැබැයි ඉතින්....එකපාරම මිනි දෙක තුනකට....
.
උඹට ඕන ලබ්බ කරගනින්...හැබැයි...මගෙ පවුලට අත නොතියා....මං දන්නවා....උඹ මෙච්චර කල් මීක් නොගා උන්නෙ මොකටද කියන්න මං නොදන්නවා නෙවෙ.. හැබැයි .. උඹ හිතන්නෙ....උඹ මාව අරන් ගිහින් මැරුවයි කියලා .....නිර්වාන් මේකිව බදී කියලද.....මේලොකෙට ඉතුරු වෙන එකම ගෑනි මේකි උනත්.....මගෙ නිර්වාන් කවදාවත් මේකිව බදින් නෑ....මේකිව බදිනවා තියා....අඩුම ගානෙ මේකි දිහා හැරිලා...ආ....ව්හ්.....
කටවහපන් ....නිර්වාන් ...කරන්නෙ මොනාද....කර...ගන්නෙ කොහොමද කියන්න තීරනේ කරන්නෙ මම.....උඹත් හරියටම අරකගෙ අම්මා වගේමයි.....නිස් කාරනෙ මැරිලා යනවා ....
මං මගෙ නලල අල්ල ගත්තා....උන්නත් දාහයි...මලත් දාහයි කියන්න දන්න මං මගෙ ගාව උන්න අනෝමගෙ මූන දිහා බලාගන කියවනවත් එක්කම අනෝමා මගෙ නලලටම පිස්ටල් එකෙන් ගැහුවා.....
ඒ කියන්නෙ...උඹ අදටත් පිලිගන්නවා අනෝමා....උඹයි සංජනගෙ අම්මව මැරුවෙ කියලා ...
මං කවදාවත් උඹ්ට නෑ කිව්වද ....නෑනෙ...ඔව්....මමයි...මැරුවෙ...හැබැයි...මං උඹට වගේම....ඒ ගෑනිටත් අවස්තාව දුන්නා........සුරේන්ව මට දෙනවද...නැද්ද....මං ඒ මෝඩ ගෑනිටත්.....නොසෑහෙන්න කල් දුන්නා....ඒත්....ඒ ගෑනිත් උඹ වගේම මෝඩයි.....ආදරෙන් අන්දයි....ආදරේ මත්තෙමයි....සුරේන්ව ඕනෙමයි...ඔන්න.ගෑනි දුන්න උත්තර ...හරියටම උඹ වගේම.....නිර්වාන්ව ඕනෙමයි.....දෙන්නෙක් මැදට තුන් වෙනියෙ ආවම.....පවුල් කොහොමත් අවුල් යනවා සයාශ් .....සුරේන්ගෙයි...මගෙයි...මැදට ආව ඒකිව මන් කොහොමද හොදින් අත අරින්නෙ....බෑනෙ ඒක කරන්න....ඒ වගේමයි....මං කැමති නෑ..අපි මැදට තුන් වෙනියෙක් ආවා වගේම.....මගෙ දුවගෙ පුතාගෙ මැදටත් තුන්වෙනියෙක් එනවට...
මං නලල අල්ලගන උන්නා....ගහපු පාරට නලල පැලිලා ගියා.....ඒ තරම් වේගෙකින් ඒකි මගෙ නලලට ගැහුවා....අනෝමා තනිකරම උන්මන්තකයෙක් වෙලා....මාව වෙව්ලනවා...මගෙ නහර ඔක්කොම එක පාර ගහලා යන්නා ආවා.....මට ඉවසගන ඉන්න අමාරු උනා.....ටානියගෙ මුනෙ තිබුන උද්දච්ච ගතිය ...අනෝමගෙ මුනෙ තිබුන උන්මනතක ගතිය දැක්කම මට වාවන්න බැරි උනා...
මොකීද අනුන්ගෙ පවුල් මැදට ආවෙ කියන්න..මට වඩා උඹ දන්නවා අනෝමා.....ඒවගේම...අරකි දන්නවා.....මං ඒකිගෙ මැදට ආවද.....ඒකි මගෙ මැදට ආවද කියලා...ඇත්ත කතාව...සුරේන් අංකල් කවදාවත් උඹට ආදරේ කෙරුවෙ නෑ....ඇත්තම කතාව.....උඹ ඉස්කෝලෙ යන කාලෙ ඉද්ම්ම සුරේන් අංකල්ට වහ වැටුනා....හරිටයටම මේකි මගෙ නිර්වාන්ගෙ පස්සෙන් වැටුනා වගෙ.....
සයා.....ශ්..
ඇයි.....උඹට අහන් ඉන්න අමාරුද.....නෑනෙ.....උඹ කොහොමත් මාව මරන එක....හැබැයි වැඩි ප්රසිද්ද නැති තිත්ත ඇත්ත මං උඹට කියලා මැරෙන්නම්.....ඒක තවත් හොදයි.....
මං හිනා උනා....මට හිනා ගියා.....මොකද නිර්වාන්ගෙ අම්මට දරන්න අමාරුම දේ සුරේන් අංකල් ආදරෙ කෙරුවෙ සංජනගෙ අම්මට කියන එක....
උඹ කෙරුවෙ සුරේන් අංකල්ගෙ පස්සෙ වැටුන එක....උඹ උන්න එකම හොද යාලුවයි....ඒ මේකිගෙ අම්මා...උඹව ඇමති පුටුවට වෙනකම්ම අරන් එන්න පිටිපස්සෙනුන්නා,වගේම ඒකි උඹගෙ ඕනම තුප්පහි වැඩකට අත දුන්නා..
උඹ සංජනගෙ අම්මව මරන්න හදපු පලවෙනි වතාව ඕක නෙවෙ.....මං හරිනෙ.....උඹ අංකල් සුරේන්ව දැලේ දාගන්න හදපු පලවෙනි වතාවත් ඕක නෙවෙ.....සුරේන් අංකල් උඹට සැලකුවෙ යාලුවෙක්ට වගේ උනත්.....උඹ හැසිරුනෙ ඊට එහා යන්න....උඹයි....මේකිගෙ අම්මයි එකතු
චටාස්....
උඹට තව තත්පරයක් හරි හුස්ම ගන්න තියන කාලෙ.....උඹ ...නිස්කාරනේ.....කා ගන්ඩ එපා.....ඔව්...උඹ හරි.....සුරේන්ට මාව යාලුවෙක් විතරයි...ඒත්....මට එහෙම බැරි නම්...මං මොනවා කරන්නද කියපන්....පොඩි කාලෙ ඉදන්..මට ඕන කරන හැමදේම..මං ආස කරන හැමදේටම .....වෙන උන් අයිතිවාසිකම් කිව්වා....මුලිම්ම.....මගෙ අම්මට....අප්පච්චි නැති උනත් හරි.....අම්මගෙ දෙවනි කසාදෙන් ආව උන් මට අම්මගෙ ආදරේ නැති කෙරුවා....මන් ඇඩුවා ...ඉල්ලුවා.....කලින් අම්මව....ඕනෙ කියලා මං ඇඩුවා ...
ඒ ගෑනිට මගෙ ගැන ගානක් තිබුන් නෑ..මන් පුංචි කෙල්ල.....මට ආදරේ ඕනම වයස...ඒකිට ලොකු උනේ ඒකිගෙ අලුත් මිනිහව...උගෙ ලමයිව.....ඇයි මං...මට විතරක්....උඹ දන්නවද...මට කියලා මෙේ ලෝකෙ දෙයක් නොදුන්න එකම ගෑනි මගෙ අම්මා කියන්ඩ.....අම්මා...මගෙ ජීවිතෙ අහන්ඩ අකමැතිම වචනෙ.....
මං වැඩ කාරි උනා....මමත් ඒකිගෙ දරුවා නොහිතා...ඒකිට අලුත උපන් උන් ලොකු උනා....ඒකිට මගෙ මූන අමතක උනා...ඒකිට මගෙ වයස..මග බර.....ඒකිට ඒකිගෙ අලුත් මිනිහා ගාව...අලුත් ළමයි ගාව.....මාව අමතක උනා...මාව ඒකිගෙ ලෝකෙන්ම එලිය විසි උන....
උඹට ඇහෙනවද.....උඹට ඇහෙනවද...ආ...උඹට මං කියන දේවල් ඇහෙනවද...
කැහ්...කැහ්.....අ..අතෑරප...න්...කැහ්.....
ඇයි....මං...විතරක් කැප කරන්ඩ ඕනෙ.....මුලින් අම්මා...දෙවනියට...මගෙ ආදරේ....මං ඌට ආදරෙ කෙරුවා....ඌට මං පන දෙන්න තරම් ආදරේ කෙරුවා....ඒත්....ඒත්. .ඌ මොනාද කිව්වෙ....යාලුවෙක් විතරයි ...යාලුවෙක් විතරයි...කොහෙන්දෝ ආව මිනිහෙක් අම්මව උදුර ගත්තා....ඒකගෙම ළමයි ඇවිදින් මට ඉන්ඩ හිටින්ඩ තැන නැති කෙරුවා ...එච්චරත් ඉවසුවා....මං ඒකත් ඉවසුවා...ජීවිතේ මුල්ම වතාවට ආදරේ කරාපු මිනිහට වෙන එකියෙක් ලොකු උනා...කියපන්.....මටකියපන්...මට කියපන්...
එතනින් එහාට මට වැදුනෙ කම්මුල් පාරවල් විතරමයි.....
මම දැකලා තිබුන් නෑ...මං මේ වෙනකන් දැකලා තිබුන් නෑ....අනෝමා අඩනවා....අනෝමා මෙහෙම පිස්සුවෙන් කෑ ගහනවා.....ඇයි...ඇයි...ඇයි....මටම මෙහෙම උනේ ගගා අනෝමා කෙරුවෙ මගෙ කම්මුල් පලපු එක...මාව නොමරා මරන්න හදාපු එක....
අනෝමව ගැහෙනවා.....අම්මගෙ දෙවනි කසාද මිනිහා ඇව්දින් අම්මව උදුර ගත්තා ගගා අනෝමා පොඩි එකෙක් වගේ කෑ ගැහුවා.....උගෙ ළමයි ඇවිදින් අවසානෙදි අම්මා ළඟ තිබුන ඉඩත් මට නැති කෙරුවා ගගා මට ගගහ අනෝමා බෙරිහන් දුන්නා...
මගෙ තොල කට පැලුනා...මොකද ඒ අතරන් ආවේගෙයක් අනෝමා මගෙ මූනෙන් පිට කෙරුවා....
මන් අම්මගෙ චරිතෙටවෛර කරනවා.....ඇයි....ඇයි මට නොලැබුන අම්මෙක්...කාටත් ගගා අනෝමා මගෙ ඔලුව ශීට් එකේ ඔබාගන උන්නා.....මගෙ හුස්ම හිර උනා....මන් අත පය ගැහුවා.....මන් දැගලුවා ....අනෝමව මන් තල්ලු අරන්න හැදුවා.....ජීවිතේ පලවෙනි වතාවට මන් දෙයක් තේරුම් ගත්තා.....උමතුවෙන් සහසික උන ගෑනියෙක්ට පවා පිරිමි යට වෙනවා කියන්න මන් පලවෙනි වතාවට අනෝමගෙන් තේරුම් ගත්තා.....
මුලින්ම අම්මව....පස්සෙ සුරේන්ව....දැන් උඹත් ඇවිදින් මගෙ සතුට විනාශ කරනවා ගගා අනෝමා කෑගැහුවා......
මන් හැම දේම කෙරුවා...ඌව මගෙ කරගන්ඩ....මන් ඌ වෙනුවෙන් මිනි මරුවෙක් උනා.....ඌ ආවා....ඌ ලන් උනා.....ඒත්....ඌ ආවෙ...නිර්වන් හන්දා....කෝ...කෝ...කියපන් එතකොට මට ඕන ආදරේ...ඌ මාව රැවටුවා....ඌ මාව රැවටුවා.....උගෙ කොල්ලව ඌට ගන්නකම්....මාව රැවැට්ටුවා .....ඒකා...අරකිගෙන් ඈත් වෙන්නම්..ගගා....ඒකිව පරිස්සම් කෙරුවා....ඇයි....ඇයි කියපන්...අහපන්...උගෙන්...මන් හොයපු ආදරේ ඇයි මට නොදුන්නෙ කියලා..... .....ඇයි කියපියව්...ඇයි....තොපි....එකෙක් වත් මට ආදරේ නොදුන්නෙ....ඇයි කියපියව්.....ඒකගෙ පුතා....ඒකගෙ....පුතා.....ඔක්කොම....ඒකගෙ පුතා...ඇයි...මන් සතුටින් ඉන්න ඕන නැද්ද.....මං හූල්ලනකොට....තොපි හිනා වෙන්නද...
....මගෙ ඔලුව නෑ වගේ....මගෙ මූන කට නෑ වගේ.....අමෝ මගෙ යටි තොල් පැලිලා ඉදිමෙනකම මට ගැහුවා...ගහන වාරයක් ගානෙම මන් ඉවසන් උන්නා මිසක්ක...මම නෙවේ අතක් ඉස්සුවෙ.......
ඇයි....
මන් හුස්ම ඇල්ලුවා...මෙච්චර වෙලාම
මාරා වේසෙන් කෑගහපු...මාව නොමරා මරපු අනෝමා ඉකි ගහන්න ගත්තා...ජීවිතේ කවදාවත් ආදරයක් ලැබුන් නෑ ගගා ඉකි ගහන්න ගත්තා....
මං බලාගන උන්නා....හිරවුන පපුව අත ගගා හුස්ම ඇල්ලුවා....මගෙ ඔලුව පුපුරන්න වගේ.....වැදුන පාරවල් වලට මගෙ ඇස් අන්ද වෙලා වගේ...
මං කදුලු පිටිම්ම අනෝමා දිහා බැලුවා....එක තත්පරෙකට මට අනෝමා පව් කියල හිතුනා.....අනෝමා පලි ගත්තා.... කවදාවත් අම්මගෙ ආදරෙ හරියට නොවිදපු අනෝමා...ඒ පලිය මගෙ අසරනයගෙන් පිරි මැහුවා....තමුන්ට නැති උන මව් සෙනෙහෙස....තමන්ගෙ ලමයට නොදී තරහා පිරිමැහුවා....තමන්ට නොලැබුන ආදරේ වෙන ගෑනියෙක් විදිනකොට...ඒ ආදරේ ලබා ගන්ඩ මිනිමරුවෙක් උනා...තමුන්ට අහිමි සතුට මං විදිනවා දකිනකොට....තමුන් නොවිදපු ආදරේ තමන්ගෙ දරුවා විදිනකොට ඒ සතුට විනාශ කරන තැනට අනෝමා උමතු උනා...
.ඔයා....මේ...පිරිමැහුවෙ...තමුන්ට...නොලැබුන....ආද....රේ.....නම්...
අප්ප...ච්චි...වගෙ....හොද....මිනිහෙක්...
අතෑරලා...නොලැබෙන.....මනුස්සයෙක්...පස්සෙ ...දිව්වෙ...ඇයි.....?...ඔයාට...මගෙ...නිර්වාන් මොනතරම් ...ආදරේ කෙරුවද...කියන්න...ඔයා...දන්නවද....
විනාඩි ගානක්.....
පැය බාගයක්....යන්න ඇති...මෙච්චර වෙලාම යකාගෙ පිට්ටනිය වගේ උන කැබ් එක එක පාරම නිහඩ වෙලා ගියා....එලියෙ වහින වැස්ස ඇරුනම ....වෙන මොකුත්ම නැති වෙනකොට ඇහෙන නෑහෙන ගානට ඉකිගහන අනෝමා දිහා බලපු මං ඇයි අප්පච්චි වගේ මිනිහෙක් අතෑරියෙ ඇහුවා.....ඇයි මගෙ නිර්වන්ගෙ ආදරේ තේරුම් නොගත්තෙ ඇහුව.....
ඔයා.....කෙරුවෙ....ඔයාට....නොලැබුන...
අම්මව.....මගෙ ..නිර්වාන්ටත්....නොදී.....
උන්න...එක.....ඔයා...කෙරුවෙ....ඔයාට....නොලැබුන.....
බැහැපන්.....මට.....උඹගෙවත්....කාගෙවත්.....වැදි බන.....ඔනෙ නෑ....උඹට තේරුනානෙ...බැහපන්....
මං කිය....ආ.....හ්ව්
කිව්වම...අහල...බැහැ..පන්...
මාව එලියට වීසි උනා...
අහස ගුගුරනවා...හරියටම ...අනෝමගෙ තරහව වගේම....අහස කෑ ගහනවා....අනෝමගෙ චන්ඩ කම වගේම....පපුවට වැදුන පයින් පාර එක්කම මාව එලියට වීසි වෙනකොට මහ වැස්සෙම අනෝමත් එලියට බැස්සා..මං පස්සෙන් පස්සට ගෑටුවා...
ඔයා ..ට...පුලුවන් ....ඔයාට...පුලුවන් .....ආ..ආපහු .හැරෙන්න...අම්මෙ....මගෙ...නිර්වාන් ...අදටත්...මගෙ...නිර්වාන් ....අ..අදටත්....උඹට....ආදරෙයි...අම්මෙ...කොච්චර ...නපුරු කම්...කෙරුවත්...
අම්මා...අම්මා...නවත්තපන්.....ඔය...ඈඩියාව...අම්මා.....අම්මා..මට...ඇහෙන්ඩත්....අප්රසන්නයි....සයාශ් ...මං උඹට කල් දුන්නා...ඒත්....උඹ ගියේ නෑ...උඹ ගියේ නැ.....උඹත්...මේ කතාවෙන් අයින් වෙන්න ඕනෙ...එච්චරයි ...මට ඕන උනේ...අවසානෙදි....මගෙ හයියට උන්න එකම එකීට කලගුන පෙන්නන්න විතරයි ....එත්....මේ කතාව මැද....උඹත් ඉන්නකොට ....මං මීට එහා මොනා පෙන්නන්නද...කියපන්....
මහ වැහි ඇවින් හතර කින්ම හෝදන් යනවා....ඉන්නෙ කොහෙද කියලා හොයන්නවත් බැරි වෙන්න වැහි කඳ ඝණ වෙනකොට මන් ඇස් පිහ පිහ වට පිට බැලුවා ...
දියවන්නා....ව.....
මං අනෝමා දිහා බැලුවා ....අනෝමා ඇවිත් තිබුනෙ දියවන්නාවට.....මාව මරලා වතුරට වත් දාන්න යනවද .....
අම්මෙ....
ජීවිතෙ කවදාවත් අම්මෙ කියන්න නොහිතපු චරිතෙකට මං අම්මෙ කිය කිය මං අනෝමව කොහොම හරි නිවන්න හැදුවා ....ඒත් අනෝමා චන්ඩයි....අහසෙ පුපුරන හෙනවලටත් වඩා චන්ඩයි.....
අම්මෙ කිව්වට....වැඩක්...නෑ පුතෙ....මට උඹව දැනෙන් නෑ.....මට...ඌව නොදැනුන...එකෙ. ..උඹව දැනෙයිද...
උඹට මං කිව්වා.....ඒත් උඹ ඇහුවෙ නෑ...මං උඹට කාලෙ දුන්නා ...ඒත් උඹ ඇහුවෙ නෑ ....
උඹලා හැමෝම හරි....මං වැරදි ...ඒත් ....එකම වතාවක් හරි...මං කැමති දෙයක් හරි වෙන්න ඕනා....
මගෙ...නිරූ ..මගෙ....නිරූ ...උඹට ආදරෙයි අම්මෙ.....
සයාශ්.....
මගෙ නිරූ .....ඩැඩාටත් වඩා....අප්පච්චිටත් වඩා.....උඹට හරි ....ආදරෙයි අම්මෙ...කොච්චර නපුරු කම් කෙරුවත් .....උඹට මගෙ නිරු....ආදරෙයි අම්මෙ...
ආදරේ .....ආදරේ ....කියන්නෙම..බොරුවක් .....උඹ...මැරුම් කන්නෙ.....නිකරුනෙ ..මට උඹව මරන්නත් දුකයි....ඒ කියලා යවන්නඩ බෑ ....උඹත් පලයන් ....උඹත් පලයන් .....උඹත්.....ඒ පාරෙ....ම...පලයන් ...
අම්මෙ...
අම්මෙ...අහ....න්...
මට හුස්ම හිර උනා.....අහස පලාගන මහ පොලවට වැටෙන වැහි වතුර හුස්මක් කටක් නොගෙනම ඇද හැලෙනකොට අවසානම තත්පරේදි හරි මට මගෙ නිර්වාන් උඹට අදටත් හරි ආදරෙයි කියලා ඒ පපුවට ඒත්තු ගන්නවන්න ඕනා....කවුරු ආදරේ නොකලත්.. .නිර්වාන් අදටත් උඹට ආදරෙයි අම්මෙ කියලා මට කියන්න ඕනා උනා....
පරන යට ගියාව යටගියදෙන්.....ඒත් අපි හෙට ඉදන් හොදින් ඉමු අම්මෙ කියලා මට ඒ අම්මව මෙල්ල කරගන්න ඕනා උනා ...යටි තොල් පැලුනත්.....කට පුරාවටම ලේ රහ දැනුනත්....පපු මැද්දෑව දෙදරවන්න ගහපු පයින් පාර වෙදනා දුන්නත්.....මේ ඉන්නෙ නොලැබුන ආදරේ හන්දා සහාසික උන මනුස්ස පරානයක් කියලා හිතපු මං අම්මෙ....හැම දේම හරි යයි...අම්මට මගෙ නිරූ අදටත් අදරෙයි....එයාට අම්මව ඕනෙ කියලා ඒ අත අල්ලන් කතා කරන්න හැදුවත් හතර වටම නිල් පුපුරාපු හෙන පාරත් එක්කම මගෙ දකුනු උරහිස්ස ට වියතක් පහලින් මූනිස්සමක් පිට උනා.....
අ...ම්....
මට....සමා....වෙයන්....සයා....ශ්.....
මගෙ ඇස්වලට කදුලු පිරුනා.....මේ වැහි සීතලේම උනත්...මගෙ.දකුනු පැත්ත උනුසුම් උනා...
අම්..මෙ....නිර්...වාන්.....අම්මට.....ආදරෙ....යි......
මං ආයම මිමිනුවා....ඒත්....ඒ එකක් වත් එයාට ඇහුන් නෑ...ඒ එකක් වත්....අනෝමට ඇහුන් නෑ......එකපාරක් මාව පසාරු කරාපු අනෝමා අතෙ තිබුන පිස්ටල් එක බිමට වැට්ටුවා ...එයා ...මාව තේරුම් ගත්තද....අවසානම තත්පරේ හරි....එයා මාව තේරුම් ගත්තද...කවුරු නැති උනත්...නිර්වාන්...ආදරෙයි කියලා...එයා තේරුම් ගත්තද...
මැඩම්...
ඉවරයක් කරපන්...
නෑ..මට....වැරදුනා.......මට...නොසෑහෙන්න වැරදුනා...කවදාවත් ආදරයක් නොවින්ද අනෝමා...අවසානම අවස්තාවත් නැති කරගත්තා...
අම්මෙ....
මගෙ ඇස් ඇඩුවා ...දුවල පලක් නෑ කියන්න දන්න මං ඔහේ උන්නා...මගෙ චූටි....චූටි පුතේ .....චූටියා....මගෙ වස්තුව ගාන මගෙ අම්මා...අප්පච්චි...ලොකුවා...චූටි අයියා.....
මගෙ නිර්වාන් මේ හැමෝවම මතක් උනා.....
මගෙ නිර්වාන් මාව හොයනවා ඇති...අනේ ඌ බය වෙලා හතර අත දුවනවා ඇති...මගෙ අම්මා අඩනවා ඇති....ලොකුව පිස්සෙක් වගේ කෑ ගහනවා ඇති.....
පුපුරාපු මගෙ යටි තොලබ්වෙව්ලන්න ගත්තා....අතුල් පාර වැදුන කම්මුල් පුපුරු ගහනකොට උන්ඩෙට පසාරු උන උරහෙ කැක්කුම් කරනකොට ...මං මගෙ ගාවට ආව අනෝමගෙ හෙන්චයියො දිහාව කදුලු පිරුන ඇස් වලින් බලාගන උන්නා.....
නිර්වාන් ...
මට හුස්ම ගන්න බැරි උනා ....
දුවා ගන්න කකුල් වලට කොහොමත් වාරු නැති උන.....මූන වැහෙන්න වැටුන කලු පාට රෙද්ද මගෙ හුස්ම උදුරන්න කලියෙන් මං ඔලුව ගැසුවා ....
ප්...පුලුවන් ....නම්....මගෙ....අම්මට.....කියනවද .....චූ.....ටියා....අම්මට....හරි....ආදරෙ....යි ...කිව්වා....කි....යලා.....
අප්..පච්චිට....ක්..කියනව....ද...ච්...චූටියට .....න්..නලුවෙක් ....වෙ...න්න....බැරි....උනා....ක්..කියලා ....
ම්..මගෙ ..අයියට.....ක්...කියනවද .....මට.....ඌ.....යන. ..එක...බලන්න....එන්න....වෙන්නෙ....නැ...හැ....ක්..කියලා ...
ස්...සුතර්මා ....ට....කියපන්....අයි...යෙ...මේ...ලෝකෙ ....හො....දම....නැන්....දා.....එ....යා.....ක්..කියලා ....ම්...මගෙ.....නි.....ර්...වා...න්ට ....
ඉක්මන් කරපියව්...තවත් මොනවද බලන් ඉන්නෙ.....
මං උන්නෙ ඉකි...ගගහා .....වැහිපිට වැහි කඩාවැටෙන අස්සෙ මං උන්නෙ මගෙ ගාව උන්න මගෙ මරනයෙ දූතයගෙන් ඉල්ලීමක් ඉල්ලනගමන් වෙනකොට ඒ වැස්සට තෙමෙන අනෝමා ආයම කෑ ගැහුවා .....
මට දුක හිතුනා....
වේදනාවක් දැනුනා...මින් එහා....ආය මට කියන්න කරන්න දෙයක් නෑ කියලා දැනෙනකොට මං අනෝමා දිහාව බැලුවා ....
ඇත්ත ...කතාව අවසානෙදි.....රෝමියෝ මැරුනා.....
පුලුවන් නම්....මගෙ....නිර්වාන්ට....කියපන්....සුරංගනා ....කතා....බොරු....කියලා ...හාදුවකින්.....කාට....ත්....පන...දෙන්න.....බෑ කියලා ........
පුලුවන් ....නම්....මගෙ...නිරූට කියපන්....අම්මෙ...ඌ හිතන් උන්නට.....වඩා....මං...ඌට.....නොසෑ.....හෙන්....න....
මට ආදරෙයි කියලා කියා ගන්න බැරි උනා....කට වගෙන්න වැදුන ටේප් පාරයි....මූනට වැටුන ගෝනි කඩමාල්ලයි...අත පය හතර එකට ගැට ගැහුන ලනු රැහැන් එක්ක මගෙ අවසානෙ දියවන්නාව පතුල කියලා දැනෙනකොට මගෙ ඇස් කොන්වලින් කදුලු බින්දු කඩන් වැටුනා.....
මගෙ හුස්ම උදුරන්නෙ දියවන්නාව කියලා දැනෙනකොට මට ඉකි ගැහුනා ...අනෙ ..නිරූ.....මට ...උඹව අතෑරෙනවා කියලා මතක් වෙනකොට මට ඉකි ගැහුනා...
මං...හරි .....ආ...දරෙ.....යි.....මගෙ....රත්තරන් .....අ....ම්මෙ......මං...හරි ....ආද.....රෙ.....යි...මගෙ.....අප්...ප...ච්චි....
🥺......
.
MMMMWAA