මං සනීශා දිහාව බැලුවා...
සයාශ් අයියෙ ....
මං එනකන් ස්ක්‍රිෆ්ට් එක බලාගන්න නංගි...
මං එච්චරයි කිවේ...හත අටකට එක පාර නෙලන්න පුලුවන් මූඩ් එකක් තිබ්බ මනුස්සය දිහාව බලලා මං උන් දෙන්නටම කලියෙන් ඉස්සර උනා.....
බොරු කියන්න ඕන් නෑ...මං දැනටමත් දන්නවා....මේ ඉන්නෙ සුරේන් අංකල්ගෙ ගාර්ඩ් එක නෙවෙ කියලා.....ඇරත් ඒ මනුස්සයට උවමනාවක් නෑ මාව මෙහෙම හම්බ වෙන්න.....
අනික අප්පච්චිට ගාර්ඩ් එකක් කොහොමත් නෑ..... ..
එක විනාඩියක් ඉන්න....
මං නැවතුනා.....මොකද . ...මට දැනෙනවා.....මං යන්නෙ මරු කටට...ආපිට ඒමක් තියේවිද ...නැති වේවිද කියන්න දන්නෙ....අනෝමයි.....උඩ් ඉන්න දෑහට නොදැක විස්වාස කරන දෙවියො විතරක් වෙනකොට ....මට අම්මව මතක් උනා...නිර්වාන් කියන්නෙ මගෙ ජීවිතේ...ඒ වගෙම...අම්මා කියන්නෙ මගෙ හුස්ම...මට අම්මගෙ කටහඩ අහන්න ඕනා උනා...
හෙලෝ.....අම්මා...අම්මා හොදින්ද....
නෑ...අම්මව මතක් උනා.....
ඔව්...මං බෙහෙත් බිව්වා.....අම්මා දන්නවා....නිර්වාන් මාව බලාගන්න විදිහ...
නෑ....හදිස්සියක් නෙවෙ.....අම්මව මතක් උනා....පරිස්සමින් ඉන්න කියන්න ගත්තෙ...
තෙරුවන් සරනයි...
මං කෝල් එක කට් කලා...තෙරුවන් සරනයි කියාපු මට....අම්මගෙන් ලැබුනෙත් ඒ වගේම උත්තරයක් ....තුරුනුවන්ගෙ සරනයි මගෙ පුතාට ....
ඔව්....මං හිතනවා...මට තුරුනුවන්ගෙ පිහිට තියේවි කියලා ..මෙතනින් එහාට මූන දෙන්න....
බේබි ඔහොම්ම යන්න.....
බේබි....
මට තවමත් පුදුමයි....ඇයි මුන් මට බේබි කියන්නෙ කියලා ...හරි නම් මුන් ඇවිදින් මගෙ බෙල්ලෙන් අල්ලන් ඇදන් යන්න ඕනෙනෙ....
සයාශ් ...සයාශ්....සයාශ්.....උඹට වැරදුනා...මේ ඉන්නෙ අනෝමා...මේ ඉන්නෙ....මිනිස්සුන්ව හිටගන ඉන්නකොට නිදි කරවලා හීන පෙන්න අනෝමා...
ස්ටේජ් එකකට නැගලා තල් ගහක් පෙන්නලා...එක තත්පරෙන් පොල් ගහක් කරන අනෝමා.....
උන් මට බේබි කිව්වා හැමෝටම ඇහුනා....
කලහකාරිත්වයක් නෑ.....
මමත් සාමාන්‍ය විදිහට ආවා...අද මොකුත් නොවුනත්...පහුවට මොනවා හරි උනත්...අනෝමට කවදාවත් ඇගිල්ලක් දික් නොවෙන විදිහට අනෝමා වැඩ කරන්නෙ...
මෙතනින් එහා මං ගියේ තනියම...ලයනල් වෙන්ට් එක පහු කරලා සෑහෙන දුරක් පයින් ආව මං අනෝමගෙ කලු පාට කැබ් එක දැක්කා....
හරි....ඔය බහින්නෙ...
මටා අය දොර අරින්න ඕන නෑ...මරු කටට උනත්.....උන් මාව ගන්නෙ සැප දීලා....
වාහනේට අඩි දෙක තුනක දුරක් තියලා ඩ්‍රයිවර් කාරයා බැහැල පිට්පස්සෙ දොර්ස් ඇරලා දුන්නා....
නගින්න බේබි...
තත්පරයක් පහු උනා....දෙකක් පහු උනා....මට හුස්මක් ගන්න ඕනා උනා....මොකද...වාහනේ ඇතුලෙදි මගෙ හුස්ම හිරවෙයිද කියන්න මම නොදැන උන්න හන්දා....අවසානෙදි පපුව පුරවලම හුස්මක් ගත්තු මං වාහනේට නැග්ගා....
එයා ඉන්නවා....,
මං හිතුවා වගේම.....මං බලාපොරොත්තු උන චරිතෙ ඉන්නවා.....,
අම්මගෙ පට්ටම....කසාද ගෑනියෙක්ගෙ පට්ටම....පවුල අතින් අසාර්තක උනත්...අනෝමා කියන්නෙ දේශපාලනේදි අරටුව හයිය ගෑනියෙක් වෙනකොට ...පපුව ඉස්සරහට දාගන මහ අහන්කාරෙට
අනෝමා ඉන්නවා...අව් කන්නාඩි දෙක ....එක අතක ඇවිලෙන සිගරට් එක....ඒ ඉරියව්වම පුදුම අහන්කාරයි...
මං කවදාවත් දැකලා තිබුන් නෑ....අනෝමා සිගරට් බොනවා කියන්න...
ඒත්.....එහෙම නොබී ඉන්න බැරි කමකුත් නෑ.....මිනියක් මරන්න හිත හයිය ගෑනියෙක්ට...සිගරට් එකක් කියන්නෙ මොකක්ද...ඒත්.....සිගරට් දුම කියන්නෙ දැන් මට වහක්...
ලබ් ඩබ් ...
ලබ්.....ඩබ්.....
තත්පර ගානක් ගෙවුනා....අවසානෙදි.....තත්පර විනාඩි උනා........මුලු කැබ් එකම සිගරට් ගදින් පිරුන එක ඇරුනම තවත් දෙයක් උනා නම්...ඒ මගෙ පපුව හයියෙන් ගැහෙන එක විතරක් වෙනකොට මට මේ නිහඩ කම දරන්න බැරි උනා.....
ඔයාට දෙයක් කියන්න තියනවා නම්.....කියන්න.....මොකද මං හිතනවා...ඔයා වත් මමවත් කාලෙ කන එකෙ තේරුමක් නෑ කියලා ...ඒකෙන් වෙන්නෙ....මට මගෙ වැඩ පාඩු වෙන එක.....
........අහංකාර කම තියනවා නේ....කොහෙන්ද උද්දච්ච කම ඉහට ගැහුවෙ.....මගෙ පුතා ළඟ ඉදලද.....
ගෑනි ශටර් එක චුට්ටක් පහත් කරලා බිබී උන්න සිගරට් එක එලියට විසික් කරලා ආපිට ශටර් එක වහල දැම්මා....හැබැයි මුලු වාහනේම සිගරට් ගදයි....
නෑ.....මං කොහොමත්....උද්දච්චයි.....ඒක මට නිර්වාන් ගාවින් ආව දෙයක් නෙවෙ.....හැබැයි...මම මගෙ කියන මිනිස්සු ඉස්සරහා.....මගෙ මේ පැත්ත හංගනවා.....ඇරත්.....ජෝකර්ට රගපාන මනුස්සයා පවා....ලෝකෙය පේන්න දාන්නෙ වෙස් මූනක්නෙ ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
අනෝමා හිනා උනා.....කට කොනින්....මහ...කුරිරු විදිහට...මමත් සීතල වචලින් කතා කරනවා....හැබැයි.....මගෙ ඇතුලාන්තෙ තනිකරම මේ දැන් පුපුරාපු ගිනි කන්දක ලාවා හතර වටෙ පිටාර දානවා....මොකද.....අනෝමා කියන්නෙ...මහ දවල් උනත් මිනියක් මරලා සැනසීමෙන් ගෙදර ගිහින් බත් කන්න පුලුවන් ගෑනියක්....
ගාන කීයක් ඕනෙද.....
මොනවටද.....
තමුන්ට මගෙ පුතාව අතාරින්න.....
නිර්වාන්ව වටින්නෙ මම ඉල්ලන සල්ලි ගාන උඩද...???
නිර්වාන් තව සතියකින් එන්ගේජ් වෙනවා.....
කවදා ඉදන්ද ඔයා විහිලු කතා කියන්න පටන් ගත්තෙ.....
මං ගෑනි දිහාව රවාගන බලන් උන්නා...තව සතියකින් නිර්වාන් එන්ගේජ් වෙනවලු....මගෙ නිර්වාන් ....එහෙනම් ඉතින් මල කද උඩින් තමයි.....උඹට කවදාවත් ඒක කරගන්න වෙන්නෙ නෑ අනෝමා.....උඹට මාව මැරුවත් ඔය වැඩේ කරගන්න වෙන්නෙ නෑ...
එයා අව් කන්නාඩි දෙක ගැලෙව්වා.....කවදා ඉදන්ද විහිලු කතා කියන්න ඉගන ගත්තෙ ඇහුවම ගෑනි අව් කන්නාඩි දෙක ගලවලා හරි පිලිවලට එක පැත්තකින් තියලා මා දිහා බැලුවා....
සයාශ්ට මාව විහිලුවක් වගේ පේනවද...
පේනවා නෙවෙ.....ඔයා ඔයාවම විහිලුවක් කරගන්නවා....මුලින්ම මගෙන් අහනවා....මගෙ නිර්වාන්ව අතාරින්න ඕන ගාන කීයද කියලා ....දෙවනියට කියනවා.....තව සතියකින්...මගෙ නිර්වාන්....ගෙ එන්ගේජ් එක කියලා....
ගෑනිගෙ ඇස් හීනි උනා...මොකද....මං කතා කෙරුවෙ නිකම්ම නිකන් නිර්වාන් කියල නෙවෙ....මගෙ කියන අයිතිය දීලා....මේ මුලු ලෝකෙම්ම....නිර්වාන් මගෙය කියලා කට ඇරලා කියන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම්.....ඒ සයාශ්ම විතරක් වෙනකොට .....මං මොකටද මගෙ අයිතිය පෙන්නන්නෙ නැතුව ඉන්නෙ.....
මගෙ නිර්වන්...මගෙ....නිර්වාන්...කොච්චර කාලෙකට ඔය හැබෑ නොවෙන හීන දකිනවද...
ඔයත්.... දකින්නෙ කවදාවත් යතාර්තයක් කරගන්න බැරි හීනයක්...මම ඇහුවොත්.....ඔයා තව කොච්චර කාලෙකට ඔය හීනෙ බලනවද කියලා .....
වැඩි කල් නෑ...සතියකින් ..මගෙ හීන හැබෑ වෙනවා...ඊට කලින්....මට තමුන්ව මගෙ පාරෙන් උස්සලා අරන් පැත්තකින් තියන්න වෙනවා පුංචි කොල්ලො....
මං හිනා උනා........නිර්වාන්ගෙ අම්මා මා දිහා බලාගන තර්ජනේ නොකර තර්ජනේ කරනකොට මං හිනා උනා.....
සයාශ් ...දන්නවද...මං කෙනෙක්ට දෙයක් කියන්නෙ එක පාරයි...ඒක බොහෝම වැදගත් විදිහට කියලා ...මං බලාගන ඉන්නවා.....එයා මං කියපු දේ කරනවද.....නැද්ද කියලා ...
එතකොට.....අනෝමා මැඩම්...මට මේ කියනවද.....නැත්තන්.....තර්ජනේ නොකර....තර්ජනේ කරනවද...
කැමති කොයි වොදිහටද...ඒක හිතා ගන්න පුලුවන් .....මං තමුන්ට අවස්තාවක් දෙන්නම්.....ඉල්ලන ගානක් එක්ක.....තමුන්ට පුලුවන් .....නිර්වාන්ව අතාරින්න.....
හිස් චෙක් එකක් දෙන්න පුලුවන්ද .....???නෑ මං අහන්නෙ.....මොකද.....මට මුලින්ම හම්බ උන නිර්වාන් නෙවෙ දැන් ඉන්නෙ.....එද දැනුන් වටිනා කම නෙවෙ මට අද දැනෙන්නෙ.....එදා උන්නෙ....මගෙ.....බෝයි ෆ්‍රෙන්ඩ්.....ඒත්....අද ඉන්නෙ මගෙ හස්බන්ඩ්...චුට්ටක් හෝව්...ප්ලීස්...මං කැමතියි...ඔයත්....මගෙන් අර සාම්ප්‍රදායික ප්‍රශ්නෙ නාහා ඉන්නවා නම්....
උඹ මහෙ පුතාගෙන් අහකට පලයන්...පිරිමි පිරිමි එකතුවෙලා මොනවා කරන්නද....මං උගෙ අම්මා...උඹට ඕනෙ මගෙ නමත් කැත කරන්නද වගේ කතාවක් නම්.....
ගරු නැන්දම්මෙ.....මට මෙච්චරයි කියන්න තියෙන්න....මම....එයාගෙ හස්බන්ඩ් විදිහට....මගෙ හස්බන්ඩ් ගෙන් මම....නොසෑහෙන්න තෘප්තිමත් ...
ඇත්තටම ...නිර්වාන් කියන්නෙ...ආදරේට...ආලිංගනේට...හොදටම හැගීම් කවන්න පුලුවන් මනුස්සයෙක්....නිරුවතට....අඩ නිරුවතට මගෙ සීමා මායිම් බිදින්න පුලුවන් මනුස්සයෙක්...හැබැයි....මටවත්....එයාටවත්....මේ දවස් ටිකේම.....ආදරේට ඇරුනම....ආලිංගනෙන් අපේ ඇද රත් කරන්න බැරි උනා....මොකද....එකක්...මං ටිකක් අසනීපයි....
ඒකට හෙතුව ඔයා...
දෙක....එයාගෙ ඔලුවට නිදහසක් නෑ.....
ඒකටත් හේතුව ඔයා.....
තුන....එයා වගේම..මම.....මේ දවස්වල...නොසෑහෙන්න මහන්සි වෙනවා....මගෙයි...එයගෙයි අලුත් ගෙදර වැඩ හන්දා....ඔයාට තේරෙනවනෙ...
අපි දැනටමත්.....පවුලක් වෙලා ඉවරයි.....ඉතින් එහෙම එකේ...ඇයි..ආයමත් කසාදයක්.....????
අපිට සල්ලි ඕනේ....නිර්වාන් විතරක් හම්බ කරලා බැ...ඒක හන්දයි මන් කැම්පස් එකට තිත තිබ්බෙ...
රගපාළද තමුන් සල්ලි හොයන්නෙ...???මගෙ පුතා සැපට හැදුන කෙනෙක්...මගෙ පුතා අඩුවක් නැතුව ජීවත් උන කෙනෙක්.....තමුන් හිතන්නෙ...මගෙ පුතාව ඔය සුරංගනා කතා වල රගපාල ජීවත් කරවන්නද.....ආ....????මගෙ කොල්ලා සැපට ඉන්න ඕනා.....නැතුව කොහෙවත් යන එවුන්ව සැපට තියන්න මගෙ පුතා දුක් විදින්න ඕන් නෑ...අන්න ඒක ඔය ඔලුවට ගන්නවා...
ඔව්.....මං සතුටුයි....මන්...මහන්සි වෙලා මිස....ක් හාන්සි වෙලා නෙවෙ සල්ලි හොයන්නෙ හන්දා...අනික...මගෙ පුතා...මගෙ පුතා මගෙ පුතා...ගගා එකම එකම වචනෙ කියනකොට.....ඇත්තටම ඒ ඉන්නෙ තමුන්ගෙම පුතාද කියලා ඔය යටි හිත උනත් තමුන්ගෙන් අහන්නෙ නැද්ද අනෝමා.....!!!
මගෙ ඇස් කොන් වල ඉදන් පුංචි පුංචි සියුම් ලේ නහර ඉලිප්පීගන එන්න ගත්තා.....තත්වෙ ටිකින් ටික වෙනස් වෙන්න ගත්තා....මෙච්චර වෙලාම ලාවට හමාගන ගියපු හීනි හුලන් රැලි දැන් දැන් ඇගට පතට දැනෙන්න ගහගන යන්න පටන් ගත්තා...
මගෙ පුතා..මගෙ පුතා ගගා අනෝමා කියවනකොට මගෙ ලේ නහර රත් වෙන්න ගත්තා...මගෙ පුතා කියන්න එ ගෑනිට කොහෙ අයිතියක්ද....අම්මෙක් නම්...මගෙ නිර්වාන් මෙ ගෑනි හන්දා මොකට මෙච්චර විදවනවද....
මෙච්චර කාලෙකට නිර්වාන් අම්මා කියන මේ ගෑනු චරිතෙ හන්දා විදින දුක ඒ වේදනාව මටත් පිටකරගන්න බැරිව මං බිම් ගෙදරක දාගන හිරකරගන උන්නා උනත්....මට බැරි උනා තව දුරටත් මගෙ තරහව හංගන් ඉන්න...
නිර්වාන් ගාව....මගෙ අම්මා අප්පච්චි ගාව.....ලොකු නැන්දා ගාව....මගෙ අයියා ගාව.....මගෙයි කියලා කහටක් නැතුවම කියන්න පුලුවන් ගාව ඉන්න සයාශ් කියන්නෙ....තනිකරම කද විතරක් වයසට ගියපු නොමේරු හිතක් තියන මනුස්සයෙක් උනත්....මේතාක් කාලෙකට පස්සෙ සයාශ් කියන චරිතෙ ඇත්ත තත්වෙ මුලින්ම දැකපු කෙනා මගෙ ගරු නැන්දම්මා වෙනකොට කැබ් එක ඇතුලෙ රස්නෙ ගහන්න පටන් ගත්තා....මනේ මූන බලාගන කෙලිම්ම ඇහුවා.....තමුන් ඇත්තටම අම්මමද කියලා ....
අනෝමා ගැස්සුනා...හිටි හැටියෙ මගෙත් කටහඩ වෙනස් වෙනකොට අනෝමත් ගැස්සුනා....හැබැයි.....තත්පරයක් යන්න කලින්...අර උද්දච්ච ගති එලියට මතු උනා.....
මගෙන්ද තමුන් ඔය අම්මද අහන්නෙ...
ඔව්....මෙතන ඉන්නෙ ඔයයි මායි විතරයිනෙ ...නේද ...?? අම්මා නම්.....ඔය තරම්ම මගෙ පුතා.....මගෙ පුතා....ගගා නහිනවා...නම්...මගෙ නිර්වාන්ගෙ උස .....බර.....වයස....ආසම පාට...කකුලෙ සයිස් එක....උරහෙ සයිස් එක....ආසම කෑම....ආස නැත්තෙ මොනාටද.....මේවා දන්නවද.....
අම්මා උන පලියට මම ඔව්ව දැනගන්න ඕනෙද....
අම්ම කියන්නෙ එතකොට වදන එක ව්තරද...අනික...ඒක අහන කැත...ඇත්තටම ...තමුන් අම්මෙක් විදිහට මාරම අසාර්තක චරිතයක්
....ඔයම ටික මගෙ අම්මගෙන් ඇහුවොත්...මගෙ අම්මට පුලුවන් තත්පරයක් යන්න කලින් කියන්න...මගෙ අම්මා තමුන්ගෙ පුතාව උකුලෙ තියන් නිදිකරවන ගෑනියක්...මොකද මගෙ අම්මා තමුන්ගෙ පුතාව වැදුවද....හැදුවද....කිරි දුන්නද.....නෑ.....හැබැයි....අම්මා කම පපුවෙ තියනවා...එහෙව් අම්මලාට කාගෙ දරුවො උනත්.....එක වගේ.....ඒඅතින්.....තමුන් සාර්තක එක තැනක විතරයි අනෝමා.....
කසාදෙ ඇතුලෙත්....ආදරේ ගාවත් ....අම්මා කියන චරිතෙ ගාවත්....තමුන් හැමදාම ෆේල්....තමුන් හැමදාම ෆේල්....හැමදා.....ම...ෆේ.....ල්....ඒක..
ආය....වෙනසක්....නෑ....තමුන් ඒ කොල්ලව කෑවා....තමුන් උගෙ ජීවිතේ කෑවා....හැබැයි....මං ඒක ආයම හරිගැස්සුවා.....සමනල තටු බිදුනොත් බිදුනමයි කිව්වට.....මං උගෙ තටු ආයම හරි ගැස්සුවා....තමුන් අම්මෙක් වෙන්න කවදාවත් සුදුසු කෙනෙක් නෙවෙ අනෝමා....
ස...යා...ශ්.....
මං මගෙ අත මිටමොලවලා මගෙම කලවෙට ගහගන ගහගන ගියා ....මොකද...මට ඒතරම් කේන්තිය....ඒ තරමට මට ආවේස උනා......ඒ වගේම අනෝමත් කෑ ගැහුවා....හැබැයි....එච්චරයි ....ඉන් එහා දෙයක් නෑ...ගෑනි මට අතක් වත් තිබබෙත් නෑ......
සයාශ් ...මං තමුන්ට අවස්තාවක් දෙනවා.....මොකද....තමුන් කියන්නෙ මට නියපොත්තෙන් කඩන්න පුලුවන් දෙයක්.....දෙවනි එක.....තමුන් කියන්නෙ...මගෙ ලමයටත් වඩා බාල එකෙක්....එහෙව් එකේ....මම් තමුන්ගෙන් දෙවනි පාරටත් අහනවා...තමුන්ට කීයක් ඕනෙද.....එහෙම නැත්තන්....මට සිද්ද වෙනවා.....
අනෝමගෙ කටහඩ ආයම වෙනස් උනා...එක පාරක් සද්දෙන් කතා කරපු එයා අනිත් පාර මහ සීතල විදිහට කතා කරන ගමන් ළඟ තිබුන හෑන්ඩ් බෑග් එකට අත දැම්මා.....
අත දාලා....එයා දේවල් දෙකක් ගත්තා.....
එක පැත්තකින් කිසිම දෙයක් නොලියපු චෙක් එකක්.....අනිත් පැත්තෙන්...පිස්ටල් එකක්.....
මං හිනා උනා.....නිර්වාංගෙ ලන්සුවත්..මගෙ ජීවිතයක්....එකම තලේක.....
තමුන්ට පුලුවන් මෙතනින් තෝර ගන්න...එහෙම නොවුනොත්...
අනෝමා එහෙම නොවුනොත් කියලා මා දිහාව බලාගන උන්න.....මං ලාවට හිනා උනා....හිත අස්සෙ බය තිබුනා....නැතුව නෙවෙ.....මගෙ හිත අස්සෙ බය උතුරන්න තිබ්බා...කේසර සිංහයා වගේ පුප්පන් උන්නත්.....මගෙ හිත ගැස්සෙන්න ගත්තා...මොකද....මේ ගෑනි කැනහිලෙක් වගේ කපටියි...කතා කර කර ඉන්න ගමන්මයි මරලා දාන්නෙ...
මැරිලා යන්න.....හරියටම ...සංජනගෙ අම්මා වගේ.....
එහෙමනේ නේද.....මං හරිනෙ.......
සාක්ශි තියනවද ...ඒ ගෑනිව මැරුවෙ මං කියන්න....
.නැතුව නෙවෙයිනෙ.....කරුමෙට...අද ලංකාවෙ....ඕ අයි සීලාට වෙන්නෙ මිනිමරුවො එක්ක එක මේසෙ ඉදන් කන්න බොන්න.....තමුන් ඒ මනුස්සයව මැරුවා....කිසිම...වෝර්නින් එකක් නොදීම...මොකද...තමුන් දන්නවා.....අංකල් සුරේන් තමුන් ගාවට ආව එකම හේතුව...නිර්වාන් අබේසේකර හන්දා කියලා .....
මං කලිනුත් කිව්වා.....තමුන් ඇත්තටම අම්මෙක් වෙන්න සුදුසු ගෑනියෙක් නෙවෙ කියලා .....සක්කරයට වැරදිලා....නැත්තන් තමාව මවපු මහ බඹාට වැරදිලා.....තනුන්ට ගර්බාශයක් දීලා තියෙන්නෙ වැරදිලා....
අංකල් සුරේන් කවදාවත් සංජනගෙ අම්මගෙන් ඩිවොර්ස් වෙන්න ඇහුවෙ නෑ....හැබැයි.....ඒ මනුස්සයා ඒ ගෑනිට ආදරේ නොකර උන්නෙත් නෑ....
සයා...ශ්...
අහන් ඉන්න අමාරුද.....??ඇත්ත කතාව....තමුන් අරටුව හයිය ගහක් කියලා මන් හිතන් උන්නත්...තමුන් අනුන් මත යැපෙන පරපෝශිතයෙක් අනෝමා.....
මගෙ අත් වෙව්ලුවා...මොකද....අනෝමාගෙ මූන කලු ගහන්න ගත්තා.....මගෙ කටහඩ වෙව්ලන්න ගත්තා...මොකද.....අනෝමා පිස්ටල් එක අතට ගත්තා.....මගෙ වචන කියන්නෙම තිත්ත ඇත්ත ....කොහොඹ වලටත් වඩා....ඇත්ත තිත්තට ඇහෙනකොට අනෝ මගෙ මූන වෙනස් වෙන්න ගත්තා.....
මං හොයා ගත්තා....අනෝමගෙ එකම දුර්වල කම....සුරේන්.....අංකල් සුරේන්...
තමුන් ඉහලට අවෙ...ටානියගෙ අම්මගෙ සල්ලි වලින්....තමුන්ට නමක් හැදුනෙ අංකල් සුරේන් හන්දා.....ඒ වගේම තමුන් අංකල් සුරේන්ව ලගට ගත්තෙ....මගෙ නිර්වාන්ව ඇපේට තියලා....අංකල් සුරේන් කවදාවත් තමුන්ට ආදරේ කෙරුවෙ නෑ...අන්කල් සුරේන් ආදරේ කරාපු එකම ගෑනි සංජනගෙ අම්මා...ඒ මිනිහට බැරි උනා.....තමුන් හන්දා ඒ පවුල රැකගන්න.....මොකද....තමුන් ඒ ගෑනිට කරදරයක් කරයි කියන බයටමයි ඒ මිනිහා උඹ එක්ක ආවෙ....
ඒමිනිහා...අදටත් දුවන්නෙ....මැරුන ගෑනි ගාවට....ඒ මිනිහා අදටත් හොයන්නෙ...මැරුන ගෑනිව...ඒ මිනිහා...අදටත් අඩන්නෙ.....මැරුන.....ග්ග්....
තව එක වචනයක් කිව්වොත්....මං...උඹව....මෙතනම..... මරනවා...
මගෙ කටෙ කෙල හිදුනා.....පිස්ටල් එක ඇවිත් කෙලින්ම නැවතුනෙ මගෙ නලල මැද වෙනකොට කතා කර කර උන්න මගෙ කට වැහුනා....අනෝමා හිනා උනා.....නිකන් නෙවෙ....උමතුවෙන් වගේ කෑගහලා හිනා උනා....පිස්සුවෙන් වගේ කෑගහලා හිනා උනා...හැබැයි....ඒ පිස්ටල් එක මගෙ නලල උඩ එහෙම්ම තිබුනා...නිකන් හරි කොකා ගැස්සුනොත්...මට ඇහිපිල්ලමක් තියා.....අර මිනිස්සුන්ට හිතෙනවයි කියන අවසානම සිතුවිල්ල පවා නැති වෙනවා.....
ඒත්.....මගෙ මරනයත් ....එක්තරා විදිහකට දිනුමක්....වගේම ....අනෝමගෙ සදාකාලික පරාජයක්...
මං මරනෙට වෛර බදිනවා...මොකද ....වසන්ත ඍතුවල මතක මට දාලා යන්න වෙන හන්දා...නියන් කාල ඇවිදින් පුලුවන් තරන් මාව ඇඩෙව්වා.....උදේට පිපිලා හවසට පර වෙලා යන මල් උනත් මට වසන්තයක් ගෙනාවා....හැබැයි....එකෙ සීමාව අහවර වෙන්න ලගයි කියන්න මං දැනන් උන්නෙ නෑ....
ඔතනට නෙවෙ.....මෙතනට....පුලුවන් නම්....මෙතනට තියපන්.....උඹ දැනටමත්....සදාකාලික පරාජිතයෙක් අනෝමා.....
මං හිතන්නෙ මට කාලි වැහුනා...නලලට තද වෙන පිස්ටල් එක අරගනමන් මගෙ පපුවට තියා ගත්තා....ඒකත් වම් පැත්තට....
දැනටමත් මේක ගැහෙන්නෙ බාගෙට...ඒකත් උඹ හන්දා...
අනෝමා.....උඹ දැනටමත් පරාදයි...අංකල් සුරේන් ජීවත් වෙන්නෙ.....අදටත්....මැරුන ආදරෙ එක්ක...මාව මරපන්.....උඹට කරන්න පුලුවන් එකම දේ.....එච්චරයි ....හැබැයි....අඩි පහක් යට මාව වැලලුවත්....නිර්වාන් කවදාවත් තමුන් කියන ගෑනි ගාවට යන්නෙ නෑ...උඹ්ගෙ ඇස් පනාපිට නිර්වාන් කියන්නෙ තවත් සුරේන් කෙනෙක් වෙයි...පොඩ්ඩ බැරි වෙනකොට කැරකොප්පුවට දුවන් එන....
එතනම මම දිනුම් නැද්ද...
මේ එක අතක තියෙන්නෙ....ජීවිතේ නම්....මේ අතේ තියෙන්නෙ නිර්වාන් නම්....මං මගෙ ජීවිතේ අතෑරලා...නිර්වාන්ව තදින් අල්ලගන්නවා.......මොකද .....නිර්වාන් නැති තැන මට ජිවිතයක් නෑ.....අනික....මං නොදන්නවා නෙවෙ...තමුන්ට මාව විතරක් නෙවෙ.....මගෙ අහිංසක අම්මා අප්පව් උනත් නැති කරන්න බැරි කමක් නෑ....ඊට වඩා ලේසි නැද්ද....ඒ හැමෝවම රැකන්....මං නැති වෙන එක.....ම්ම්.....හැබැයි...එතනින් පස්සෙ....ඉන්නෙ නිර්වාන් කෙනෙක් නම් නෙවෙ තවත් සුරේන් කෙනෙක්...
අනික...මෙන්න මේක...තමුන්ගෙ පුතා....මට මදි නොකියන්න ආදරේ දෙනවා....ජීවිතේ...සතුට.....හිනාව....ඒ හැම දේම අඩුවක් කියන්න බැරි වෙන්න දෙනවා....හැබැයි....මොන කරුමෙට හරි....ඒ මනුස්සයට බැරි උනා...මට මලක් දෙන්න....පුලුවන් නම් කියපන්...මට මල්වඩමක් ගෙනත් තියන්ඩ කියලා...
ඒ කොහොම උනත් .. අවසානෙදි මං කියන්නම්.....අනෝමා.....තමුන් ඇවිදින් සදාකාලිකවම පරාජිතයෙක්!
හුස්මක් අල්ලන්නෙ වත් නැතුවම කියවපු මම අවසානෙදි දිගම දිග හුස්මක් අරගන්නකොට අනෝමා අර චෙක් එක අතට අරන් මගෙ අතට ගුලිකෙරුවා...
දවස් දෙකක් දෙන්නම්...පලයන්.....හරියටම දවස් දෙකයි.....ඕක අරන් පලයන්...උඹ මේ පලාතෙ කොහෙවත් ඉණ්ඩ බෑ.....එහෙම උනොත්...මං උඹට චිතකයක් වත් ඉතුරු කරන්නෙ නෑ...පලයන්.....පලයන්...
මාව එලියට තල්ලු උනා...කොටින්ම...අනෝමා මාව එලියට විසික් කෙරුවා....
මගෙ පපුව තාම ගැහෙනවා...මාව බලි බල්ලෙක් ගානට පාරට වීසි කරාපු අනෝමාපාරෙ යන අනිත් වාහනත් යට කරන් යන තරම් වේගෙන් යන්න යනකොට මං චෙක් එකත් අතේ ගුලිකරන් හති ඇරියා ...
ඒ අස්සෙන් සාක්කුවෙ තියන ඵෝන් එක ඉවරයක් නැතුවම වයිබ්‍රේට් වෙනවා.....දැන් පැයක ඉදන්...
වෙලාව කීයද.....
රිහසල් පටන් අරගන ඇති.....ඔක්කොටම හපන්....මගෙ කටේ කෙල නෑ වගේ.....අර ගෑනි අන්තිම මොහොත් පිස්ටල් එක පැත්තකට දැම්මා....
ඒත්...දවස් දෙකයි මට දුන්නෙ...
මං සාක්කුවට අත දාලා ඉවරයක් නැතිවම අඩන ඵෝන් එක දිහා බැලුවා....
සර්...
එහෙන් නිර්වාන්ගෙන් මැසේජ් කෝටියයි....
මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා....
හෙ..ලෝ......
සර්..මං..එනගමන්.....එන...ගමන්.....සර්.....
මට කතා කරගන්නත් බෑ...පපුව ගැහෙන ගැහිල්ල කියන්නෙ...හදවත කටින් එලියට පනින්න වගේ....
අන් අතේ තිබුන චෙක් එක දිහා බැලුවා...නිර්වාන්ට කියනවද.....ශෙනිරුට කියනවද...ඔය ඔල්කොමත් තියලා....අංකල් සුරේන්ට කියනවද...???
මගෙ අතුත් එක්ක වෙව්ලනවා.....
නිර්වාන්ටවත්....ශෙනිරුටවත් නෙවෙ....මේක කියන්න පුලුවන් එකම කෙනා.....අංකල් සුරේන්...
මං ආයමත් උන්න තැන ඉදන් ලයනල් වෙන්ට් එක දිහාවට ඇවිදගන එනගමන් අංකල් සුරේන්ට කෝල් එකක් අරන් ඵෝන් එක කනේ තියා ගන්නවත් එක්කම මගෙ කන් දෙකත් එක්ක බීරි කරවන් බ්‍රේක් පාරක් වැදුනා....අතේ තිබුන ඵෝන් එක බිමට වැටුනා...
ආයමත් අනෝමා.....ඒ කැබ් එකේ තිබුනෙ අනෝමගෙ පින්තූරෙයි නෙලුම් මල ලකුනයි...
එ...ඒහ්.....
දාගනින් ඕකව.....
එච්චරයි මට හුස්මක් කටක් වත් ගන්න හම්බුන් නෑ...ජීප් එකෙන් බැහැපු උන් මට හිතන්නවත් කාලයක් නොදී මාව ජීප් එකට දාගත්තා.....
*
*
*
Nirvan pov....
චූටී...
චූටියෝ...ආ...ආ.....උඹ නලුවා උනා විතරයි මිනිහව අමතක උනා නේ....උඹගෙ හැසිරීම හරිම අගෙයි.....
හරිම ..අගෙයි...
පිස්සු කොල්ලා උඹගෙ පිස්සු වචන මටත් බෝකරලා නේද උඹ ...
හොදට කාලා ඉක්මනට මහත් වෙයන් බන්.....මිනිහව වේලෙනවා...පව් නැද්ද මං...මං වේලෙන තරම් කල්පිටි කරෝලවත් වේලෙන්නෙ නෑ චූටි.....අපරාදෙ..නලුවා උනා විතරයි ...පුක ලෑල්ල උනා...මොරටු ලී වගෙ දැන්....
මං දන්නෙ නෑ මං මේ කීවෙනි මැසේජ් එකද මගෙ පනට යවන්නෙ කියලා ....එයා මාව හිනස්සන්න මෝඩ කතා කියනවා වගෙ....මාත් එයගෙන්ම අහුලගතු කුනුහර්ප දෙක තුනක් ආපිට එයාටම යවලා අනේ.....නිරූ.....ම්හුක්....ගාලා මැසේජ් එකක් එවනකන් මන් බලන් උන්නා.....
මුලු අහසම පාලුවට ගිහින්.....එකම වලාකුලක් වත් නෑ.....කැම්පස් කොකු එහාට යන හැටි....මෙහාට යන හැටි මං බලාගන උන්නා....
අහසත් තනියෙන්....මාත් තනියෙන්.....
මට පාලුයි.....
වෙනදටත් වඩා මට එ මුන ඇස් මතක් වෙනවා....
මෙ අත් දෙකට හාදුවක් තියල උඹ මට තුරුනුවන්ගෙ සරනයි කිව්වා චූටි.....එවෙලෙ උඹගෙ ඇස්වල ආදරේ දැක දැක මං කොහොම ආවද කියන්න මං වත් දන්නෙ නෑ බන්.....
මන්දා...උඹව දාලා ආවත් හරි.....මට පාලුයි බන්...උඹගෙ නිරුවට පිස්සු හැදෙයිද මන්දා....
අලි වෙඩිල්ල
මං තනියම මිමිනුවා ....මට අද හුගාක් එයාව මතක් වෙනවා....ඉඩ ලැබෙන පුංචි වෙලාවකදි හරි මං කරන්නෙ එයාට මැසේජ් එකක් දාන එක..
කොල් කරන්න හිතුන් නෑ....මොකද එයා මේ දවස් ටිකේම හරියට මහන්සි වෙනවා....
චූටි.....අයියගෙ වස්තුව මොකද කරන්නෙ .....රෝමියො රෝමියො ගගා උඹ අරකි වටෙ කැරකෙනවද ම්ම්ම්....නැත්තන් ඒකි උඹගෙ වටෙ කැරකෙනවද.....
අයියට චූටි ඉන්ටර්වල් එකක් හම්බ උනා චූටි....මගෙ ළමයා කෑවා නේද
පරිස්සමින් ඉන්න රත්තරන් ....
නිරූ ආදරෙයි ඔයාට හුගාක්.....මතක් වෙනවා මගෙ අලි වෙඩිල්ලව...
ඉක්මනට එන්නම්.....ආදරෙයි උඹට...
මං එක දිගට වට්සැප් එකට වොයිස් මැසේජ් බර ගානක් දාන් ගියා....
මට උඹව මතක් වෙනවා චූටි...මතක් වෙනවට වඩා .....මට උඹ ගැන හරියට බයයි චූටි...
මං ඒකමයි උඹව මා එක්ක ඇරුනම වෙන කා එක්ක වත් යවන් නැත්තෙ....
මං උඹට හරි ආදරෙයි වස්තුවෙ...අනෙ උඹව මට ඇස් දෙක වගෙ පරිස්සම් කරගන්න ඕනා....
එයාට ආදරෙයි ආදරෙයි කියලා වොයිස් මැසේජ් බර ගානක් දාපු මම අනිත් පාර මගෙ ගැලරිය පුරාවටම තිබුන එයාගෙ පින්තූර බලන්න ගත්තා .....

ඒ හිනාව.....ඊටත් ඇස්....
මටම ලෝබයි .....
උඹ හරි ලස්සන වස්තුවක් චූටි...හුරතලෙ අස්සෙ වසකම හංගන් ඉන්න...මෝඩ කතා අස්සෙ උඹගෙ ඇත්ත රූපෙ හංගන් ඉන්න.....ගිනි ගන්න මාව නිවන්න පුලුවන් එකම වැස්ස උඹයි චූටි...


මට හිනහ ගියා...රිහසල් කරනකොට හම්බෙන පුංචි නිවාඩුවෙදි එයා කරන්නෙත් මට එයාගෙ විකාරයක් එවන එක ....
.මං ආසයි උඹ මේ ලෝකෙම දිනනවා දකින්න...කවදා හරි මිනිස්සු මාව දකිනකොට ඒ ඉන්නෙ....සයාශ් ගෙ හස්බන්ඩ් කියලා අහගන්න....
දන්නවද වස්තුව මට ඕනෙ උඹගෙ මුල්ම අත්සනෙ අයිතිකාරයා මම වෙන්න....
මං හරි ආදරෙයි චූටි.....
සෑහෙන්න වෙලාවක් එයාගෙ පින්තූර දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි මං මගෙ එෆ් බී එකෙ කවර් එක මාරු කෙරුවා .....එයාව ...ලස්සනම හිනාවක් එක්ක එයාව ...
"වස්සාන ගීයේ ආදරනීයම තනුව...."

වෙලාව ඉවරයි ....ආයම ඇතුලට යන්න ඕනා....තව චූට්ට කාලයයි.....ඒ ටිකත් මේ වගේම ඇදගත්ත නම්.....
ඊලග සතියෙ අරුන් දෙන්නත් යන්න යනවා....මට බය මේ කොල්ලා ගැන...
ඵෝන් එක සයිලන්ට් කරන්න කලින් මං ආයම වට්සැප් එකට ගිහින් එයා මගෙ මැසේජ් රීඩ් කරලද බැලුවා .....
නෑ.....එයාට වැඩ ඇති....
මන් ඵෝන් එක සයිලන්ට් කෙරුවා ඒ එක්කම ඩිස්ප්ලේ එක උඩ unknown number එකක් වැටුනා....
කව්ද මේ.....මොකා උනත් කව්ද බලමු...
මං එහෙම්ම ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ....
හෙලෝ...
මො.....
චූටි...සයා....ශ්!!!
🥺ආයම කොටසකින් එන්නා....ම්
🥺ආතරෙයි අනේ...
🥺හෙට සරනේරුව එක්ක එනකන් පයිස්සමින් ඉන්න අනේ....
මම ජොබී...
Nedeesha ❤