මාව තත්පර ගානකට හොල්මන් වෙලා ගියා...නිර්වාන් කිව්වා එයාට අග්නි හරි තේශි හරි කියන්ඩ කියලා.....ඇයි එහෙම කිව්වෙ කියලා නිවී හැනහිල්ලෙ කල්පනා කරලා බලන්නත් කිව්වා.....
අනේ මුනිතාස අයියෙ මං ස්ටැමිනා එකක් අතේ තියාගන ලියාපු කතා දෙක නේත....අස්වබල පන්දාහක ගුනේ.....පුක ගෙවෙනකන් කොමඩ් එක උඩ ඉදන් ලියපු නිතේස් නේත...
ගෙදර ටොයිලට් රෝල් කීයක් නම් ඉවර වෙන්න ඇතිද.....බාගයක් ලියනවා බෝට්ටුවක් හදනවා..ආයම බාගයක් ලියනවා රෝසමලක් හදනවා...ම්හුක්.....ඇරත් . ඇරත්....ඇයි එයා කිව්වෙ අග්නි ගැන...ඇයි එ එයා කිව්වෙ නිතේස් ගැන.....
අනේ සුතර්මා ....දෙවනි දරුපැංචට වෙනිවැල් කසාය ඩීංගිත්තක් වත් හදලා තියන්ඩ...ඇයි ඉතින්...නිර්වාන්ට නිතේස් වැහුන කියන්නෙ...වසර විසි තුනක් රැකපු මගෙ කුමර බඹසරේ පෙනේරය වගේ හිල් වෙලා යාවි......
ම්හුක්..චිත්ත රූප ඇදෙනකොටත් කැක්කුමයි වගෙ.....යෝහ්.....ඇයි.....සයාස්....ඇයි....
උඹ ඒ වගෙ එකක් ලිව්වෙ ඇයි සයාස්...
නිර්වාන් යන්න ගියා....මාවත් දාලා මහ තැන වගේ කෙලිම්ම යන්න ගියා....ගිනිපූටක අව්වෙ ඉදන් මංගල යහන් දැක්ම ගැන හීන මවපු මට සැලා වෙනුවට ගඩාපි පැටියව මතක් උනා....
අනේ..සෙනූ....ම්හුක්...අනේ..සෙනූ....ගහන්න...කමෝන්...සෙනූ...කමෝන්....මට හරියට වැඩ සෙනූ...ගහන්න කියයිද දන්නෙ නෑ...
එව්ව්...එව්...යකො...එව්....
ශිහ්...මොන ලබ්බද මං මේ කරවෙවී හිතන්නෙ....
මං නිකන් පොර කුකුලෙක් වගේ ඔලුව ගැසුවා වෙන මොකටවත් නෙවෙ මට ඩිපූටියගෙයි අපේ එකාගෙයි චිත්ත රූප මැවෙන්න ගත්තා .....ලියපු මමනෙ දන්නෙ ඒකෙ රගෙ..
තවත් නම් උන්නොත් මගෙ හිත වල් වැදෙනවා. අනේ ඕන දෙයක්...අපිටත් අතපයනැතුව නෙවෙනෙ අනික...අග්නියා එක බලනකොට නිර්වාන් මොකෙක්ද....අනේ පලයන් නිර්වාන් යන්න....ආව මෙතන...අනික...අනික...උඹ ඒකෙ නිතේස් නම්...විතේන් ඇවිත් පවර් බොටමෙක්....ම්ම්ම්....නායිස්...ඔය තියෙන්නෙ....ඔය තියෙන්නෙ.....!!!!!
තවත් තත්පර අරික්කාලක් විතර කල්පනා කරපු මම නියපොතු කාලම කෙල ගෑවුන ඇගිල්ල මගෙ කලිසමෙන් පිහදගන හෙමින් සීරුවෙ මං ගෙට ඇතුල් උනා...එ අවුරුදු විසි ගානක සයාශ් විදිහට නෙවෙ...අවුරුදු ගානක් ආපහු පස්සට ගියපු සයාශ් විදිහට....
සුතර්මා .....මේ දෙවනි දරු පැංචා ආවා.....
.....
සුතර්මා .... මේ දෙවනිදරු පැටියා ගිය තැන්වලින් ආපහු පරිස්සමට ආවා....
මං හිතේ සතුටටම කෑ ගැහුවා....සතුට වැඩි කමට ඇස්වල කදුලු පටලයක් බැදෙන්න ආවත් ..ආයමත් මේ ඇස්වලට කදුලු දීලා ඇස් දෙකම දිරලා යයි කියන බයට මං කදුලු එන්නත් කලියෙන් ඇස් දෙක පිහදගත්තා ...
සුතර්මා .....!
මං උන්නෙ සතුටින්...නැති උන මාවම මට ආපහු හම්බවෙනකොට අවුරුදු ගානකින් ආයම මගෙ ලමා කාලෙට ගිය මට අර පිස්සු සයාශ් ව හම්බ උනත්.....සනාශ්ට....ඒ සනාශ්වම හොයා ගන්න බැරිව ගිහින් උන්නද මන්දා.....ඒ දෙන්නා උන්නා....සෝෆා එකේ ඉදගන...ඒ අතුත් එකට පැටලිලා තිබුනා...ශෙනිරු නම් නිවනක් නොදීම සනාශෙ පිට අල්ලට පුංචි පුංචි හාදු දුන්නා...සනාශ් හිනා උනා..හැබැයි....ඒක සනාශ්ගෙ ඇත්ත හිනාව නෙවෙ....ඌ හිනා වෙනකොට ඇස් දෙක චූටි වෙලා කට සම්පූරනම හතැරැස් පෙට්ටියක් වගේ වෙනවා...අතින් කට වහගන්නවා..... ඒත් අද එහෙම නෑ....
ශෙනිරුට සනාශ්ව හම්බුනත්.....සනාශ්ට තවම සනාශ්ව හම්බවෙලා නැද්ද කොහෙද ...
හරියටම ..මටත් සයාශ්ව හොයා ගන්න වෙලා ගිය වගෙ...
ලොකු නැන්දා කෝ ලොකූ....
කුසියෙ....
එතකොට නිර්වාන් ....
ඌත් කුසියෙ....
සාලෙ උන්නෙ ශෙනිරුයි සනාශුයු විතරක්ම නිසා මන් නිර්වාන්ව ඇහුවා...ශෙනිරු උන්නෙ සනාශ්ගෙ අත ගම් ගාලා ඇලෙව්වා හා සමානව අලවගන වගෙ...ඒ තරම් තදින් ඌ අල්ලන් උන්නා....ඒත්....මගෙ එකාගෙ හිත බිදිලා තියන විදිහට...මං හිතෙන්නෙ ශෙනිරුට සෑහෙන්න කල් ඉවසන් බලන් ඉන්න වෙනවා...මොකද ..මට බැරිම තැන් වලදි...මාව දරා ගත්තෙත් ඌම හන්දා...
ඔයා චොකලට් පාට වෙලා බබී...
හ්ම්ම්...ජැෆනා අවුවයිනෙ...සෙනූ
කමක් නෑ...චොකලට් පාටත් රසයි ඉතින්...
ඇත්තට.....එහෙමද ආස....
.එහෙමද ආස කියන්නෙ මගෙනෙ...උඹ කටුස්සා වගේ පාට දාහක් මාරු කෙරුවත්...මට උඹ උඹමයි සනාශ් .....ඔය හිනා වෙලා උන්නට.....හිත ඇතුලෙන් තවම අඩනවා...ඒක මං දන්නවා...මට කියන්න...සෙනූ මොනවද මගෙ බබී වෙනුවෙන් කරන්න ඕනෙ.....
මමත් උන්නෙ එතන...මං හිතුවෙ.....ශෙනිරුට සනාශ්ව දැනුන් නෑ කියලා ...අවුරුදු ගානක් ළඟ උන්නෙ නැති නිසා සනාශ්ව දැනුන් නෑ කියලා ..ඒත්....මන් වැරදි...ඩිපූටියා ඩිපූටියා ගගා කොච්චර බැන්නත්...ශෙනිරු මගෙ අයියට ආදරෙයි ..නපුරු කම අස්සෙන් උනත් ඌ මගෙ අයියට ආදරෙයි හරියටම .....ගඩාපියට ශෙනෝන් වගේම.....ඇත්ත...මගෙ නිර්වාන් තෝරපු කතාව හරියටම හරි.....
මං බලන් උන්නා..ඩිපූටියා අහනවා මගෙ බබී වෙනුවෙන් එයා මොනවද කරන්න ඕනෙ කියලා ...ඇත්තටම ආදරේ කරන කෙනෙක්.....තමන් ආදරේ කරන කෙනාගෙන් ඉල්ලන්නෙ මොනවද....ආදරේම විතරක් නෙවෙද....???
මට...ආදරේ කරන්න....ශෙනිරු .....මම...මාවම...
හොයා ගන්නකන්....මෙතන ඉදන් බයෙන් උඹට ආදරේ කරන සනාශ් වෙනුවට මට ආපහු පරනම සනාශ් වෙනකන් ආදරේ කරපන් ශෙනිරු .....මං උඹට සමාව දුන්නා...සමාව දෙන්න වැරද්දක් නැති උනත්.....මට මාව අමතක උනා...මාව ආයම හොයා ගනින්...
මං උඹට...හැමදාම ආදරේ කරන්නම් බබී.....හැමදාම ආදරේ කරන්නම් කියන්නෙ...මං කවදාවත් උඹට ආදරේ කරන එක නැවැත්තුවෙ නෑනෙ සනාශ් ....මං උඹට හරි ආදරෙයි ...ඒඋනාට....දැන් ඇති මගෙ අලි වෙඩිල්ල ඔහොම උන්නා මාව තම්බන්න හිතාගන බොරුවට හිනා වෙන්න එපා....උඹට නැත්තන් වයසට යනකම්ම මගෙන් ගුටි කන්න වෙයි...
මං හිනා උනා...මට ඇත්තටම හිනාවක් මතු උනා...මොන තරම් යක්කු උනත්....උගෙයි මගෙයි මූනු එල්ලුන ගමන් නිර්වාන්ට වගේම ශෙනිරුවට දැනෙනවා....
ඒකම මදිද....මගෙ අයියා සතුටින් නම්..ඒකම.මදිද....
ශෙනිරු ....
කියපන් පොඩි මෝඩයා.....
මං හිනා උනා.....මං ඉන්නවා කියල වත් නොබලා පිස්සෙක් වගේ සනාශ්ව ඉඹින ශෙනිරු ගාවට ගිහින් මං උගෙ අත අල්ල ගත්තා ....
මං හිතනවා..ශෙනිරු ...මොන හේතුවට..ආවා උනත්....ආයම උඹලාව අපිට නැති වෙන්නෙ නෑ කියලා ...ඒක හරි...අමාරු කාලයක් ශෙනිරු ....සමහර කාර්තු තියනවා ගෙවාගන්න හරි අමාරු....උඹ ගාව ඉන්නෙ මගෙ එකම අයියා...නව මාසයක්....අම්මගෙ ගැබ බෙදාගත්ත.....හය අවුරුද්දක් අම්මගෙ කිරි බෙදාගත්ත.....අදටත් ඇද බෙදාගන්න විතරක් නෙවෙ ඌ මගෙන් වෙනුවෙන් පන ඉල්ලුවොත් හරි....මං උගෙන් පන ඉල්ලුවොත් හරි...පනට පන දෙන්න ඉන්න එකම අයියා....මං උඹව විස්වාස කරනවා ශෙනිරු ...
මගෙ ඇස්වලට අර අඩන්නෙ නෑමයි කියලා ආපිට එලවගත්තු කදුලු බැදුනා...මොන මගුල උනත් බැදීම් ගාව මිනිස්සු අසරන වෙන තරම් වෙන කොතනකවත් අසරන වෙන්නෙ නැතිව ඇති...මං අසරන උනා...දරු කැක්කුම...සහෝදර කැක්කුම.කියන්නෙ වාවන්න අමාරු දේවල් වෙනකොට ....සනාශෙ අයිතිකාරයා ශෙනිරු බව දන්න මට කදුලු පිරුනා ....
මම...මෙච්චර කියන්නෙ.....මට මෙච්චරයි ...ඕනෙ.....ශෙනිරු ....
අමාරු කාර්තුවල..මාවත් දරාගන...ඌවත් දරාගත්තු මගෙ අයියා හරි හයිය මනුස්සයෙක්.....ඌව හැමදාම සතුටින් තියපන්....සතුටින් ඉන්න ඌට කවදාවත් මහා දේවල් ඕන් නෑ....ශෙනිරු ....තමන්ට තමන්ව අමතක වෙන තරමට ආදරේ දීපන්...ඒ ඇති..මං...ඉල්ලන්නෙ.මෙච්චරයි ...මගෙ අයියව...හැමදාම සතුටින් තියපන්....
චූටියා....
සනාශ් මගෙඇගේ එල්ලුනා...පොඩි කාලෙ ඉදන් කරදඩු උස් වෙනකන් එකට හැදුන සනාශ් මගෙ ඇගේ එල්ලුනා.....උගෙ කදුලු මගෙ උරහිස තෙමනකොට මං උගෙ පිටට හිමින් තට්ටු කෙරුවා ....
මං ...සෙනූට ...ආදරෙයි ....ච්..චූටි ...
මං දන්නවා....මං දන්නවා ...උඹ ආදරෙයි කියන්න දන්නවා ලොකූ...අදින් පස්සෙ මෙ ඇස් අඩන්න නරකයි....අමාරුම හරිය අපි පහු කරලා ඉවරයිනෙ....ම්ම්ම්...සතුටින් ඉදපන්....
මං උගෙ කම්මුලට තට්ටුවක් දාලා උගෙ අත අරගන ශෙනිරු ගෙ අතට පටලවනකොට ඌ හිනා උනා...දන්නවද ඒ හිනා උනෙ මගෙ ඇත්ත අයියා...මෙච්චර වෙලාම ඌවත් රවට්ටන් උන්න මගෙ ඇත්ත සනාශ් .....
මං...ආදරෙයි මගෙ සෙනූ....හුගාක්...

ඒ ප්‍රශ්නෙත් අහවරයි...උන් ආයමත් අර පුරුදු එපා කරපු පෙම් කෙරිල්ලම පටන් ගන්නකොට මූන් බෙරි කරන් බලන් උන්න මං මගෙ මිනිහව හොයන්න ආවා.....
කට පොඩ්ඩක් අඩු උනා නම්..
පුක පොඩ්ඩක් වැඩි උනා නම්
මගෙ බබීගෙ වටිනා කම කියලා වැඩක් නෑ....
යෝ....නිකන් ඉන්නකො සෙනූ....බබීගෙ චූචි පුපනෙ.....
එව්....ඔන්න පටන් ගත්තා ඔන්න පටන් ගත්තා ....තිරිසන්නු වගෙ අනේ.....
කට පොඩ්ඩක් අඩු උනා නම්...
දිග පොඩ්ඩක් වැඩි...බබ්..බ්බ්...
මගෙ ..සෙනූ....බ්බ්..
කටවහපිය.....පිට පැලෙන්ඩ ගහන්ඩ කලින්.....
මං හිමින් හිමින් කුසියට බඩ ගෑවා....තෙම්පරාදු සුවදවල් ....බැදුම් සුවදවල් මෙ ඔක්කොම එකට එනකොට අවුරුදු ගානකට පස්සෙ මට බඩගින්නක් දැනුනා...මෙච්චර කාලෙකට බඩගින්නක් නාවත් බඩ රවට ගන්න මොනවා හරි බඩට දාගත්තා...ඒත්...අද එහෙම නෑ.....ඒත්...අද එහෙම නෑ...මට ඇත්තටම බඩගිනි දැනුනා....
අනෙ මට අද කන්න ඕනා...මට අද බත් පත ඉවර වෙනකම්ම කන්න ඕනා....
සුතර්මා ....ම්හුක්...ඔයා කොහෙත....මේ චින්තකගෙ දරු පැංචට බඩගින්නක් ඇයිල්ලා...සුතර්මා ...
පන්සල් යන්න හදපු අපිට සිද්ද උන්නෙ ආපිට නවතින්න උනත්... පෝයට පන්සල් යන්න ඕනෙම රෑකට.....හිතම නිදහස් වෙන්න.....හද එලියයි .....හද සිසිලයි...හදුන් කූරු සුවදයි... මල් සුවදයි මේ ඔක්කොම එක්ක එකට එකතු උන පන්සල හිතම නිවන තැනක් උනා...
මට ඕන බුදුන් වදින්න....ඒ එයත් එක්ක...මට ඕනෙ ආයම නිවෙන්න....ඒ එයත් එක්කම...අමාරුම කාර්තුවක් පහු කරපු මට ඕනෙ මලක් පහනක් පූජ කරන්න ඒ එයත් එක්ක....අපි දෙන්නගෙම අත් වලින් පහන් තිරෙ හදන්න .....
ඇන්ටි තව ඕනෙද ... ....
කෝ බලන්ඩ ....ආ..කට්ටත් එක්ක ගාලා නේද ....මැද නෙවෙ ළමයො වටේ වටෙ ..මගෙ පොඩි එකාව රවට්ටන් අල්ලගන....ගාපන් ඕක හරියට....
ඒ මොකක්ත ඒ.....අපෙ නිරූගෙ ඇඩුම් බර ස්වරය නේත ඒ....අනික අපේ සුතර්මගෙ...කුමක් හෝ සිත්ත වෙනවාතෝ මන්තා ....ඇරත්...මගෙ පොඩි එකාව රවට්ටන් අල්ලගන කියලත් නිර්වාන්ට තරවටු කෙරුවා ...
අන්න ඒක නම් ඇත්ත සුතර්මා ....යස අපූරුවට සිප් සතර හදාරන් ආව දරු පැංචනෙ මේ නාස්ති වෙලා ගියෙ... තව තලන්ට සුතර්මා ....තව තලන්‍ට.....!!
බිත්තියෙ ඇලීගන උන්න මං කුස්සිට ඇතුලෙන් ඇහුන සද්ද බද්දවලට කන් දීගන උන්නා
ඇන්ටි මේ...
කෝ බලන්ඩ...
ඇයි ලමයො ඕකෙ කෙදි ගලවපන්කො....පොඩි එකා ආස හොද්ද තියලා කන්ඩ උඹලා දැන් ආවෙ උන්ව ඉල්ලන් යන්ඩනෙ....එක්ක ගිහින් මං වගෙ තුන් වේල කන්ඩ තම්බන්ඩ එපැයිනෙ....නෙ..අනිකත් ආවදෙන්කො ...ඒකට තමා මේ වලන් කන්දම තියෙන්නෙ..
එතකොට...ඇන්ටි....අයාන්...සර්ට...
උන් නෑනෙ....උන්ට මලගෙයක්ද පිරිත් ගෙයක්ලුදනෙ....අපේ එකාටත් දැන් දවස් ගානක ඉදන් මලගෙවල් පිරිත් ගෙවල් වැහිවැහලා...
ඇන්ටි...මෙහෙම්ම ත්‍රීපෝශ හදනවද....
ඔක ගාලා ඉදින්කො ලමයො.
මම මගෙ අත් දෙකෙම්ම කට තද කරගත්තා ...කුසියෙ දොර රෙද්දට යටින් ඇස් දාපු මම දැක්කෙ කිරි කොකා වගෙ ආව අච්චර රෙස්පට් ඇමති පුතුකි කොදු කඩාගන පොල් ගානවා..එක කකුලක් එහෙ..අනික මෙහෙ....පොල් බෑව අතට ගත්තු වෙලේ ඉදන් අනේ මගෙ නිර්වාන් මේ ඇද්ද ඇන්ටි මේ ඇද්ද ඇන්ටි අහනව...
උඹ හරි...උඹට වෙන්නෙත් අග්නි හරි තේශි වෙන්න හරි තමයි මගෙ නිරූ..මොකද ...උන් දෙන්නටමත් පොල් ගාන්න බෑ...
සුතර්මා .....
ම්හුක්...
මෙච්චර වෙලාම බිත්තියෙ ඇලීගන බලාගන උන්න මං අවසානෙදි මගෙ මිනිහා පොල් බෑවක් එක්ක විදින දුක දැකලම මං කුසියට ගියා...
මොකද .....දැන්ද උඹට සුධර්මගෙ නම මතක....
ම්හුක්.....එපානෙ...දරු පැටියට බයින්න...සහගින්දරේනෙ ඉන්නෙ....
ආ..සහගින්දර උඹට දැන්ද දැනෙන්නෙ පුතේ මෙ අවුරුදු දෙක තුනටම උඹගෙ ලොකු නැන්දගෙත් හිතට ගින්දර දිදී මොකා නොබී උන්න උඹට අදද පුතෙ සහගින්දර ....
මට දුක හිතුනා....පොල් ගානාවට වඩා පොල්බෑව වටේම හොරාවට කන නිර්වාන් දැකපු මට හිනා යන්න ආවා උනත් ලොකු නැන්දගෙ වචන එක්ක මට දුක හිතුන.. එයා ඔය නොකියා කියන්නෙ මෙච්චර කල් කවන්ඩ හදපු පොවන්ඩ හැදුව ලොකු නැන්ද නෙවෙ....නිර්වාන් ආව විතරයි උඹලට දැන් සහ ගින්දරේ කියලා වෙනකොට මන් ලිප ළඟ උන්න මට කිරි නොදුන්න..මාව කුසේ නොදැරුව...ඒත්..අම්මගෙ තැනම ගන්න පුලුවන් ලොකු නැන්දව පිටිපස්සෙන් ගිහින් බදා ගත්තා .
සමා...වෙන්න...මට...සමා....වෙන්න....අම්මා...වගේ...උන්න...උඹට ..මෙච්චර ...ගින්දරක් ...දුන්නට. ..සමා.....වෙන්න...මගෙ....ලොකු ..නැන්දේ.. . .
මන් කලිනුත් කිව්වනෙ..මිනිස්සු හැමදාම අසරන වෙන්නෙ බැදීම් ගාව....මිමිස්සු සතුටු වෙන්නෙත් බැදීම් ගාව....කප්පරක් තරම් කදුලු හලන්නෙත් බැදීම් ගාව.....පපුවට උහුලන්න බැරි තරන් ගින්දරක් ආවත් ඒවා උහුලන්නෙත් බැදීම් ගාව....
අහකට...මේ තෙල් විසි වෙයි....
කපලා.තිබුන වම්බටු අහුර අරන් තාච්චියට දාපු ලොකු නැන්දා අහකට යමන් කිව්ව උනත්...මං කොහෙ අහකට යන්නද...එයාගෙ බෙල්ල වටෙ තිබුන මගෙ අත උඩ එයා තදිම්ම අත තියාගන වෙනකොට ....යන්න කිව්වත්...යන්න නොදී අල්ලන් ඉන්නකොට .....
ඉපදුන දා ඉදම්ම හදපු වඩපු කකුල් අත පයේ බකල් ඇරපු ලොකු නැන්දටත් වඩා මං දැන් උස ගිහින්...ඒත් ..හැමදාමත් ඒ ඇස් වලට මං චූටියමයි....
චූටි...
තාච්චියට වැටුන වම්බටු එක ගොජ ගොජ ගාන තෙලේ ගිලිලා මද ගින්දරේ බැදෙන ගමන් තිබුනා ...බැදපු සමහරක් ඒව දෙකට නවපු පත්තර පිටුවක් දාපු බොකු ගැහුන පිගානක තියනකොට වැඩි තෙල් හිමින් හිමින් අර පත්තර පිටුවට ඉනුවා.....
නිර්වාන් පොල් ගාන එක නැවැත්තුවා...නවත්තලා නැගිට්ටා...මොකද ...එයා දන්නවා...මේක තමයි වෙලාව....සයාශ් ව අත් දෙකෙම්ම බාර ගන්න ඕන කියන එක....
නිර්වාන් ....මං උඹටයි පුතේ නේ කතා කරන්නෙ....ඇත්ත...මං උඹගෙ අම්මාගෙ අප්පගෙ හැටි දැනගන මේ පල හිලව් නැවැත්තුවා...මොකද .....මට.අපේ එකා මෙතනට ඇවිදින් මුන් දෙන්නව බලාගනින් අක්කෙ කියලා කියපු වචන රකින එකේ කැක්කුමට වඩා...මේ ඉන්නෙ මම කිරි නොදී හදපු මගෙම උන් දෙන්නා කියන බැදීම මගෙ පපුවෙ තිබුනා පුතේ....උඹ හොදයි ...උඹගෙ වරදක් නෑ...ඒත්. අම්මෙක් විදිහට...මං අසරනයි නිර්වාන් ....
අපි අදටත්...එදා වේල හම්බකරන් කන හරි දුප්පත් මිනිස්සු...උඹලගෙ අම්මා අප්පලා එක්ක අපිට හැප්පෙන්න හයිය නෑ....ඒත්..පුතෙ..මීට වඩා..මට මුන්ට දුක දෙන්න බෑ.....මං අම්මෙක් වගේ මුන්ට...වරු ගනන් කකුලෙ දාලා නැලෙව්වෙ....කිරි නැතා උනා මූට ලොට තනේ ගහලා නැලෙව්වෙ...එහෙම හදාපු මුන් දෙන්නව මන් උඹලට දෙන්නෙ හරි වේදනාවෙන් නිර්වාන් .....
මගෙ පපුව ඇවිලෙන්න ගත්තා ..හරියටම අර තාච්චියෙ තියන පැහෙන තෙල් එක වගේ.....ලොකු නැන්දගෙ වචන හරි බරයි...සනාශ් වගේ නෙවෙයි....පුංචි කාලෙදි මාව නලවගන්න හරි අමාරුයි...අසනීප එකානෙ කිය කිය අඩවන්නෙ නැතුව හැදුවත්...අඩන්න ගත්තම හුස්ම නැති වෙනකම්ම අඩනවලු....මාව හදපු හැටි....ලොකුවව හදපු හැටි ලොකු නැන්දා නිර්වාන් දිහා බලාගන කියනකොට කවදාවත් අම්මෙක්ගෙ ආදරෙ මොන රසද වත් නොදන්න නිර්වාන් හරි වේදනාවෙන් අහන් උන්නා...
මං මේ අත් වලට...මගෙ කොල්ලව බාර දෙන්නෙ හරි ව්ස්වාසෙන් නිර්වාන් .....අම්මා අප්පගෙ වැරදි වලට...උඹලා පලි නෑ...ඒත් පුතෙ..පොඩි වයසෙදි හිත් කැඩුනොත් උන්ව තැලුවොත්....ආය ගොඩ ගැම්මක් නෑ..මට බය හිතුනා නිර්වාන් ....මට මුන් දෙන්නව නැති වෙයි කියලා ...ඒත්...මීට වඩා වයසක...මටත්...ඉවසන්න බෑ...මට පොරොන්දු දීපන් පුතෙ..අගෙ ඔලුවට අත ගහලම පොරොන්දු දීපන්...මගෙ කොල්ලව අඩවන්නෙ නෑ..මගින් දාලා යන්නෙ නෑ...කියලා මට පොරොන්දු දියන් නිර්වාන් ...කවදාවත් මගෙ කොල්ලව අසරන කරන්නෙ නෑය කියපන් නිර්වාන් .....
ලොකු නැන්දා එදා අපේ අත් අරගන මේ සම්බන්දෙ නවත්තනවා කියලා කියපු කටින්ම නිර්වාන්ගෙ අත අරගන එයාග ඔලුවෙ තියාගන කවදාවත් මාව අසරන කරන්නෙ නෑ කියලා පොරොන්දු ඉල්ලනකොට මගෙ නිර්වාන් මගෙඅත එයාගෙ අතට තදින්ම පටලගත්තා ...
එයාව අත අරින්නෙ නෑ කියලා පොරොන්දු දෙන්න මං කවදාවත් මගෙ චූටිව අත ඇරලා උන්නෙ නෑ ...ඒත්...මං පොරොන්දු වෙනවා...මගෙ හුස්ම වැටෙන තාක්...මං මේ පොරොන්දු රකිනවා.....මං සයාශ්ව පන වගෙ රකිනවා ලොකු නැන්දෙ මොකද .....
මං මටත් වඩා මගෙ සයාශ්ට ආදරෙයි.....
මං ලොකු නැන්දා දිහාව බලාගන උන්නා.....අවසානෙදි පපුව සැහැල්ලු වෙන්න ලොකු හුස්මක් පහලට දැම්මා.....
අවසානම මොහොතේ කියපු හැම වස්කවියක්ම සෙත් කවියක් කරපු ලොකු නැන්දා ඇස්වල කදුලු පුරවන් සනාශ්ව වගෙම..සයාශ්ව නිර්වාන්ට වගේම ශෙනිරුට බාර දුන්නා....
ලොකු නැන්දෙ මේ පොල් එක
ආ..ගාපන්....ඒකත් මං ගාන්නද.....උඹලට වෙන්න ඕන එව්වා වෙච්චට පස්සෙ.මාරු වෙන්ඩද...චූටියා අර ලොකුවගෙ එකාට කියපන් මේ වලන් ටික හෝදන්ඩ කියලා ...
සෙනූ....සෙනූ...මේ ලොකු නැන්දා අඩගහනවා...
ලොකුවව තෑගි ඔප්පුවකින් හම්බුනා හ සමාන සතුටකින් උන්න ඩිපූටියා ආයමත් අපේ එකා එක්ක අහු මුලු ගානෙ අතුරුදහන් වෙනකොට පරිප්පු එකට දැන් හැට පැයක් තිස්සෙ පොල් අඩලයක් උලන නිර්වාන් අවසානෙදි දඩියයි කියලා ඇදන් උන්න අත් දිග ශර්ට් එකත් ගලවලා.සපත්තුත් ගලවලා අවසානෙදි යට බැනියම පිටින් හිරමනේ නැගන් පොල් ගාන්න ගත්තා .....මට පව් කියලත් හිතුනා..ඒත් මක්ක කරනන්ද ..දැන් ඉතින් කොටි වල්ගෙ අල්ල ගත්තා වගේ තමා.....
නිකන්ද හොරොව්පතානෙ කොල්ලො දෙන්නෙක් බදිනව කියන්නෙ...
එක්කො...අපේ සුතර්මා නිරුවගෙන් පලි ගන්නව වත්දෝ....මන්‍තා...
අනේ සුතර්මා ....මේ ඉන්නෙ අනාගතේ විසේසඥ ජීවකයෙක්නෙ...විස්ස විද්‍යාලයෙ බැබලෙන බැජ් ටොපෙක් සුතර්මා ....ම්හුක්....
ලොකු නැන්දේ...මේ ඇතිද...
කෝ.....බලන්ඩ...කට්ටත් එක්කම ඇදලා ඇරලා නේ...
ම්හුක්...යෝ....නිකන් ඉන්න සුතර්මා .....නිරූත බයින් නැතුව.....
.ඇයි උඹට දැම්ම ඉදන් අමාරුද....වාහෙ ලව්වා වැඩගන්නකොට ....උඹලා කාලා බීලා බුදියනවා නෙවෙ හැන්දෑවෙ වත් පන්සලට යමල්ලා....
ලොකු නැන්දත් අපිත් එක්ක යන්.....
මං මාමා එක්ක යන්නම්.....ඔය ළමයි යන්ඩ...චූටියා ගනින් ඔය ලුනු බෝතලේ....ලුණු එක අරන් දීලා මේ බත් ටික බල්ලටයි අර පූස් පැටියටයි දාපන්..ඒකලා විතරයි කොච්චර වත් මගෙ ගාව තනියට උන්නෙ.....
ආ...හරිම අගෙයි සුතර්මා ..හරිම අගෙයි...දරු පැංචගෙ කුස ගින්න නිවීමට පෙර බලු දරුවන්ගෙ කුසගැන කම්පා වෙන අයුරු නම් හරිම අගෙයි...ප්‍රීතී ...සුතර්මා ...ප්‍රීතී...ඈ...
චූටියා...කට වහන් කියපු එක කරපන්....උපන්දිනේ කියලා බලන් නෑ....ලොකූ....ලොකූ....ඔය කෑම මේසෙට පිගන් ටික ඇරපන් හොරු දෙන්නා වගේ මාරු උනා...
ම්හුක් ..එන්න නිරූ මේ අපේ සුගාටයි ගෙරි පරිගේසන්ටයි දවල් බත අරන් යන්න...කොච්චර කෙරුවත් සුතර්මට ලොකු ඔය හඩුවො දෙන්නවනෙ...
මං අපිටත් කලින් අනපු බත් ඇතිලිය උස්සන් සුගාගෙ කොටුවට ආවා.....දැක්කත්....ඒ හැටි නිච්චියක් නැති තරමට පරිගේසන් ලොකු වෙලා උන්නා විතරක් නෙවෙ...ඌ උන්නෙත් සුගාගෙ කූඩුව ඇතුලෙ..වෙන බල්ලො පූසො කා ගත්තට පරියගෙ වැඩෙම සුගාගෙ පස්සෙ යන එක..
මුන් දෙන්නා සම්මතයෙන් පිට පැනලවත්දෝ...මන්තා.....!!!
දාන්න නිරූ ....
චූටි...මෙ...සංජනගෙ පූස් පැටියා නේ බබා.....
හ්ම්.....
මූ ලොකු වෙලානෙ හුගක්.....
හ්ම්....
මහ ජඩ මූනක් තියෙන්නෙ මූට....සංජනයා වගේමයි....
මට හුගක් දේවල් මග් ඇරිලා නිරූ...සුගා වයසට ගිහිල්ලා...මං දැක්කෙත් නෑ.....පරී ලොකු වෙලා...දැකත් මට ගානක් තිබුන් නෑ....මටත් හොරාවට...නෑ...මං ඇස් ඇරන් උන්නත්...මට නිනව්වක් නැතිව හුගාක් දේවල් වෙනස් වෙලා.නිරූ.....
මං සුගාගෙ දුඹුරු පාට බූල් අස්සෙන් මතු උන පැනි පාටට හුරු වයසක බූල් දිහා බලන් හරි හිමින් මිමිනුවා...සුගතන්ට මං හිතන්නෙ දැන්...වයස දහයකුත් පැනලා....
නිර්වාන් .....
ම්න්...
ඇයි..නිර්වාන් ...එයාලටත්...අපි වගේ හුගාක් කල් ජීවත් වෙන්න අමාරු ....කොයි ගෙදරකට කවුරු ගෙනාවත් ...එයාලා ආදරෙ වැඩි පුරම අම්මට.....අම්මත්...අපිට වඩා ආදරේම බලු පුතාට.....එහෙම බැදීමක සීමාව ඇයි නිර්වාන් දෙයියො හරි අඩුවෙන් මවලා තියෙන්නෙ....
චූටි...ඇයි වස්තුව මෙ....
දන්නවද නිරූ දතක් වත් නැති කාලෙ අපි හරි බයෙන් උන්නා සුගාව හොරකන් කරයි...කාක්කො කොටයි....වෙන බල්ලො හපයි කියලා ..ඒ තරම් චූටි දරුවෙක් මූ....මම.....සනාශ් ...චූටි අයිය...අපි හැමෝම ප්‍රාර්තනා කෙරුවෙ...අපෙ සුගාව හරි ඉක්මනට ලොකු කරන්න කියලා ...ඒත්..දැන්....මට ඕනෙ...උගෙ වයස යන එක නවත්තන්න....මට හිතෙනව...අපි එහෙම ප්‍රාර්තනා කරපු එක හරි වැරදි කියලා ....දවසක...මේ දිලිසෙන ඇස් දෙක....මේ තෙත නහය....නැති වේවි...මේ කූඩුව...මේ දම්වැල...මේ පිගාන...මේ හැම දේම හිස් වේවි....එයා අපිට අමතක කරන්නම අමාරු මතකයක් දීලා අපිව.අඩවලා යන්න යාවි....
ඇත්තටම ...ඇයි...නිරූ....තෙත නහයකට බැරි ..හුගක් කල්....අපි එක්ක ඉන්න.....කවදා හරි දවසක මට වරමක් ලැබුනොත් මං කරන්නෙ එකම දෙයයි.....එයාලට කවදාවත් මැරෙන්න බැරි වෙන්න කියලා විතරයි ...නිර්වාන් ...එයාල නොදන්නව උනාට.....එයා කියන්නෙ...අපිට එක බල්ලෙක් විතරක් නෙවෙ.....අපිට බැදුන තද බැදීමක් නිර්වාන් .....
මං සුගාගෙ වයසක පාට හොම්බ අතගෑවා ..හොරෙක් වගේ ඇවිදින් හැපුවා උනත්...ඌට අපි පුදුම විදිහට ආදරෙ කරනකොට මට ඌව ගෙනාව දවසෙ හිටපු හැටි මතක් උනා...චූට්ටකට නැති හොම්බ..කිරි සුවද ගහන කට....මට දුක හිතුනා...
යට බැනියම පිටින් උන්න මගෙ නිර්වාන් දුකෙන් කියවන මම දිහා බලාගන ඉදලා මගෙන් නාහම මාව තුරුල් කරගත්තා ....
දන්නවද මගෙ සයාශ් ....සතෙක්ට ආදරේ කරන්නත්....හරි කරුනාවන්ත හිතක් තියෙන්න ඕනා.....සයාශ් ...දන්නවද...කවද හරි...කවුරු හරි මගෙන් ඇහුවොත්..මොකක්ද නිර්වාන් වාසනාව කියන්නෙ කියලා...මං දෙපාරක් නොහිතම පෙන්නන්නෙ උඹව...මොකද ...මේ නිර්වාන්ගෙ වාසනාව උඹ.....උඹ හරි ආදරනීය චරිතයක් මගෙ චූටි...
එයා මගෙ මූන අත් දෙකෙම්ම අල්ල ගත්තා ...අල්ලන් මගෙ ඇස් දෙක දිහා බැලුවා....
දෙයක් අහන්නද සයාශ් ....
මොකක්ද...
උඹ මවපු චරිත අස්සෙ....ඇයි....චූටි හැම වෙලේම බොටමව ඔච්චර හුරතල් කෙරුවෙ...සමහර තැන් වලදි....උගෙවයස මොකක්ද කියන්න නොතේරෙන තරමට ..ඇයි ඌව ලද බොලද කෙරුවෙ ...උඹ නොදන්නවා උනාට..මං උඹගෙ රසිකයෙක් චූටි.....උඹ නොදන්නවා උනාට...මං උඹගෙ කතා ඇතුලෙ උඹ එක්ක ජීවත් උනා චූටි...මට කියපන්....ඇයි එහෙම ලිව්වෙ....
මං හිනා උනා....නිර්වාන් අහනවා ඇයි බොටම් චරිතෙ ලද බොලද කෙරුවෙ කියලා ...
ඔයාට ඇත්තටම උත්තරෙ දැනගන්න ඕනෙද නිරූ....
ම්න්.....දැනගන්න ඕනෙ....
නිර්වාන් ....මේ ලෝකෙ හරි ලේසියෙම්ම ආදරේ ලබන්න වාසනාවක් තියෙන්නෙ පොඩි දරුවන්ට...ආදරේ කරන්න වගේම...ආදරේ ලබන්න හරි ලේසි නිර්වාන් ....මට ඕනෙ....ඒ හැම චරිතෙටා හරි ලේසියෙන් ආදරේ ලැබෙනවා බලන්න....
එතකොට ...ඇයි..චූටි....අනිකට හෙන විතරක් නොගහන තරමට වේදනාව දෙන්නෙ....
ජීවිතෙ කියන්නෙ.....දරාගන්න එක කියන්න.....මිනිස්සු ආස වේදනාත්මක යතාර්තෙ එක මොහොතකට හරි අමතක කරලා..අපි මවන ලෝකයක්අස්සෙ අතරමන් වෙන්න...ඒත්...නිර්වාන් ...ඇත්ත ලෝකෙ....ඒ හැමදේම හරි දුරයි...
ම්ම්ම්....
.නිර්වාන් ....උඹට...පුලුවන් ...උඹම වෙන්න....පපා කෙනෙක් වත් .....චෙප්පෙක් වත්.....මට එපා නිර්වාන් ...මම මවපු චරිත මමම මරනකොට මම හැම තැනම ඇඩුවා.....ඒත්...ඇත්ත ජිවිතේදි...මං ස්නොව්බෝල් කෙනෙක් උනොත්...උඹට පුලුවන්ද නිර්වාන් උඹගෙ උකුල උඩ මගෙ පන යනවා බලන්න...???
උඹට පුලුවන්ද ....පන ගිය මගෙ මලකද වඩාගන මට නින්ද යනකන් සින්දු කියන්න.....???
වතුර ටිකක් ඉල්ල ඉල්ල මං පන එකතු කරනකොට ...උඹට පුලුවන්ද ..නිර්වාන් ...වතුර ටිකක්.කටට අරගන..කටින් පොවන්න.....???
මං වෙලාවකට මිනිමරුවෙක්.....ඒත්...වෙලාවකට....
උඹ හරි ආදරනියයි සයාශ් .....මං ආයම කියනවා....ලියන උඹගෙ අයිතිකාරයා උන මං හරි වාසනාවන්තයි සයාශ් ...උඹට පුලුවන් මගෙ ඉස්සරහ හරි ලස්සන ලෝකයක් මවන්න....මං ආදරෙයි උඹට....පුලුවන් නම්...මට අත්සනක් දෙන්න!මගෙ චූටි නලුවා.....උඹ.....
.
මං හිනා උනා...මගෙ මූනෙ තිබුනෙ හැගීම් ගොඩක එකතුවක් වෙනකොට නිර්වාන් මගෙ නලලට හාදුවක් තියලා මා දිහා බැලුවා ....
පාන්දරට ගන්න එන්නම්...ලෑස්ති වෙලා ඉන්න...
අපි.කොහෙද යන්නෙ....නිරූ....
ගියහම බලන්න.....නිරූආස මගෙ චූටිව නොකියා එක්ක යන්න..... ඒ උනාට උඹගෙ අර ස්ක්‍රිප්ට් එක මට බලන්ඩ ඕනෙ...තව දෙයක් මට වතුර අදින්න හරි එන්න නොදුන්නොත් උඹගෙ රගපෑම් හමාරයි.....හිතේ ඇති අරූ එක්ක රගපාන්ඩ...නෙ...
යෝ..නිරූ...ම්හුක්.....!!!
.
කෝ....ආගාපන් ඉතින්....
මං උන්නෙ පුපුරන්න තරම් සතුටින් ....කෑම.මේසෙ ලැහැස්ති කරන්න කිව්වත් ..බත් බෙදුනෙ එක පිගානකට විතරයි ....මම සනාශ් ....මගෙ නිර්වාන් .....සෙනූ..අපි හතර දෙනාම උන්නෙ පොඩි උන් වගෙ ලොකු නැන්දා ඉස්සරහා ඉදගන....හැබැයි...පුටු හතරෙන් එක පුටුවක් චුට්ටක් විතර ඉස්සරහට ඇවිදින් තිබුනා...වෙන කාගෙවත් නෙවෙ...නිර්වාන්ගෙ....මට කවන්න හදපු හැම කටක්ම මං හොරෙක් වගේ මග ඇරියා....වෙන මොකටවත් නෙවෙ..අම්මගෙ අතින් බත් ගුලියක් කාපු නැති නිර්වාන් එයාටත් නොදැනිම මගෙ බත් කටටත් කට ඇරියා.....
අනේ...චූචියට ඉස්සෙක් කවන්නකො...සුතර්මා ....දරු පැටියට ඉස්සෙක් කවන්නකො...දරු පැංචට සත්තිය නෑ සුතර්මා .....
මං ඉල්ලුවෙ මට ඉස්සෙක්...ඒත්..මන් ඇස් වලින් පෙන්නුවෙ නිර්වාන්ව...සෑහෙන කාලයක් නොකා උන්න මගෙයි සනාශ්ගෙ විතරක් නෙවෙ...අපි හැමෝගෙම රස නහර ආයම පන.ගහනකොට කාටත් වැඩියෙන් සතුටින් උන්නෙ මගෙ නිර්වාන් උනා...මොකද ...ලොකු නැන්දා අම්මෙක් වගෙ නිර්වාන්ට ලන් උනා...ඒඇති...ඒ ඇති මට හොදටම......
චූටියා....නැගිටපන්....ඇදගනත් බුදි ආයම...නැගිටපිය...සෙනූ දැන් තුන් පරක් ගත්තා ....මගලු...
ආව්හ්..පකො...ගහන්නෙ....මෙච්චරයි තියෙන්නෙ...
ඔව්..මං ගැහුවම තමයි ආව්හ්...මස්සිනා පොඩ්ඩ වඩම්මන් ගිහින් නැගගන පලනකොට නම් ආව්හ් ගායි.....
කටවහපන් වලත්තයො...
පාන්දර දෙකෙ කනිසම වැදුනා විතරයි ..තට්ටමට වැදුන පාරත් එක්ක මං ගැස්සිලා නැගිට්ටා ....එයා එක්ක බුදුන් වදින්න ඕනයි කියපු මං එයා එක්ක බුදුන් වැන්දා....මං එය එක්කම හදුන් කූරු පත්තු කරලා කප්පරක් නැති උනත්..මගෙ සතුට රකින්න කියලා විතරක් ප්‍රාර්තනා කෙරුවා ..මොකද ..මගෙ සතුට තියෙන්නෙම මගෙ පවුල ලග....
ලොකුවට කඩි ගාය අල්ලලා...යන්නෙ කොහෙද නොදන්නව උනත් දවස් දෙක තුනකට කියල මුලු අල්මාරියෙම රෙදි බෑග් එකට ඔබාගන උන්න ලොකුවා එහාට දිව්වා මෙහාට දිව්වා..අනෙ දෙයියනේ කියලා මං ඇදගනත් නිදා ගත්තා ...
හරියටම දෙකහා මාරයි.....බබී හරිද...සෙනු කොහෙද ඔයා..බබිඅපි මග..සෙනූ දැන් ලගද...මේ දෙබස් ටික මට මලම කන්දොස්කිරියාවක් වෙච්ච තැන ඇදුමක් දෙකක් විතරක් බෑග් එකට දාගත්තු මං ගේට්ටුව ගාවට වෙලා හිටන් ඉන්නවත් එක්කම නිර්වාන්ගෙ කැබ් එක අපේ ගේ ඉස්සරහින් නැවැත්තුවා ....
සෙනූ....සෙනූ....අහකට...අහකට..අනේ....සෙනූ..බබීව...බබීව ලගට....ගනින්කො.....
එව්...පටන් ගත්තා..අනේ...නිරූ මගෙ කනට ඇබයක් දීපන්.....මල වදේ.....අනෙ තොපි දෙන්නා පලයව්කො අඩෙ කොහෙට හරි...
ඔන්න....ඔන්න.සෙනූ...දැක්කනෙ.ඊරිසියාව බබීගෙ ආතරේට ඇස් වහා වදී තූ දාන්න සෙනු තුන්පාරක් තූ දාන්න...
ඩිපුටියට සැලාව දැක්කා විතරයි සෝමාලියාවට පාන් දැම්මා වගෙ වෙද්දි පිටිපස්ස ශීට් එකට බඩ ගාපු සෝමාලියන් කපල් මේ මහපාන්දර මට ලේ කෝප.කරවන්න ගත්තා .....ඩ්‍රයිශීට් එකේ උන්න නිර්වාන් උරහිස් අකුලලා පිටිපස්සෙ ලයිට් එක නිවලා දානවත් එක්කම කටකාගන්න සද්දයක් ඇහුනා වගේම මගෙ බඩ දගලන්න ගත්තා .....
එව්ව්...විතරක් පටන් ගත්තා ...තිරිසන්නු වගේ අනේ....
චූටි.....
ම්හුක්...නිරූ...චූචියත ...චූචියත...උදව් කරන්න නිරූ....චූචියත...
අනුන්ට වල් කප කප උන්න මං නිර්වාන්ගෙ එක වචනෙන් සැලැන්ඩර් වෙලා ගියා.....
නිරූ..මේක...මේ....
ශීට් එක උඩ පට්‍ටා පෙට්ටියක්...
ඉස්සරහා දොර ඇරලා නැගපු මං දැක්කෙ ශීට් එක උඩ තිබුන පට්ට පෙට්ටිය වෙනකොට මං ඒක දිහා බලාගන උන්නා....
.ඒක ඔයාට...
මට...
ම්න්...
ඔයා කියන්නෙ...මේ මෙතන ඉන්න නිරූගෙ චූචියටත නිරූ.....ඈ...මේ මෙතන ඉදගන ඉන්න නිරූගෙ...චූචියටත...
ම්න්...ඒ අලි වෙඩිල්ලට තමයි....ඇරලා බලපන් පොඩි මෝඩයා මගෙ...
දඩි බිඩි ගාල නැගගත්තු මං තරමක් බර පට්ට පෙට්ටිය උකුලට අරගන ඇරලා බැලුවා....
අනේ....නිර්වාන් ...මේ.....ඔයා.....
නම බලන්න...ඊට පස්සෙ...හිතන්න....අපි කොහෙද යන්නෙ කියලා .....දැන් මගෙ මැනික ශීට් බෙල්ට් එක දාගන්න.....
මට හිතා ගන්න බැරි උනා....සෙල්ලම් බඩු පුරවපු රෝස පාට චූටි බැග් පොඩ්ඩක් ...!!
ඒ විතරක් නෙවෙ....රෙදි ගොඩක් අස්සෙ සනීපෙට ගුලි වෙලා හීනෙනුත් කිරි බොන චූටි තෙත නහයෙක්....!!
අන් නිර්වාන් දිහා බැලුවා...බලු කුක්කගෙ සිහියෙන් උන්න මට ශීට් බෙල්ට් එක අමතක වෙලා යනකොට එයාම මගෙ ශීට් බෙල්ට් එක දම්මලා මං අර බලු පැංචව මගෙ පපුවට තුරුල් කරගන්නකන් බලන් උන්නා...
එයා කෙල්ලෙක්....
මට බලන්නවත් බැරි උනා....එයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා ....කිරි සුවදට හිතම දියාරු වෙලා ගියපු මම.දැනටමත් බලු පැංච්ට අම්මෙක් වෙනකොට චූට්ටකට නැති බෙල්ලෙ සිල්වර් පාට මස්කටුවක් තිබුනා..ඒකත්..එයාගෙ නම කොටාපු...
නිරූ...මේ...මේක...
කියවලා බලන්න ඉතින්....
මගෙ ඇස් කෙවෙන්න ගත්තා ....දතක් වත් මතු නොවුන බලු පැංචිගෙ නම හන්දා....
මොකක්ද ඉතින් ඒ නම....
-PALINGU-
පළිගු.....න්..නිරූ...මෙ..ඉන්නෙ.....මේ..ඉන්නෙ....ග්..ග්..ගඩා....අනේ...මගෙ...
නිර්වාන් .....!
කව්ද....ඉතින්...ම්ම්ම්....මගෙ පන උඹ...මං උඹ ලියපු හැමතැනටම උඹව එක්ක යන්නම්...ඒක තමයි...මට දෙන්න පුලුවන් ලොකුම තෑග්ග...තේරුනාද මගෙ අබේසේකර මැනිකෙට...!!!
ඒකියන්නෙ...අපි..මේ...යන්නෙ.....
ඔව්...උඹ හරි...අපි මේ යන්නෙ...උඹ පන දුන්න..උන් ආදරෙ විදපු ඒ පුංචි දූපතට...
....
👉👈😩😩🌼 ආයම එන්නාම්..
ඉන්ධර් හාමු එක්ක එනකන්...පයිස්සමින් ඉන්ඩ අයියෝ.....
ආතරෙයි...හැමෝටම ගොඩක්ම....ගොඩා.....ක්ක්ක්
මම...ජොබී
NEDEESHA