WebNovels

Chapter 52 - 52

මං බලාගන උන්නා...මගෙ ඇස් වලින් කදුලු කැට කඩාගන වැටෙනකොට නිර්වාන් ඇස් පිල්ලමක් වත් නොගහම මා දිහා බලාගන ඉදලා අවසානෙදි හිනා උනා. 

අනේ මාව විශ්වාස කරන්න.....දෙයියනෙ මෙච්චර වේදනාවක් දීලත් නිර්වාන් හිනා උනා ...නිකන් නෙවෙ...අනේ කෑගහලම...කෑ ගහලම හිනා උන නිර්වාන් මං හිතපු නැති වෙලාවක එක පාරම ඇඩුවා....හැබැයි එක තත්පරයයි .....එකාම එක තත්පරයයි ...එයා කදුලු පිහදගත්තා .....මගෙ ඇස්වල කදුලු තනිකරම සොරොව්ව කඩාගන පිටදාන ගන් වතුරක් වගේ වෙනකොට කෑගහලා... අඩපු ..ඒ ටිකකිම්ම හිනා උන නිර්වාන් ඇස්වල කදුලු පිහදගන මගෙ ගාවට ඇවිදින් හිටගත්තා ...කෙලින්ම මූනට මූන බලාගන...

මට නිරූ ...අනේ මට උඹව අතාරින්නබෑ අයියෙ කියලා කියා ගන්න ඕනා උනත්...නැන්දට දුන්න පොරොන්දුව කඩාගන්න බැරි තැන මං මගෙ ගැහෙන හදවතට පන තියෙනකොටම කිනිස්සක් බැස්සෙව්වා....ඒ " විරහා වේදනාව" කියන කිනිස්ස...කිනිසි තලේ සීතල හදවත හිරි වට්ටන් යනකොට මං හැගීම් දැනීම් නැති එකා වගේ මං මගෙ නිර්වාන් දිහා බලාගන ඉන්නකොට එයා මගෙ අතක් අල්ල ගත්තා සනාශ්ට මෙලෝ සිහියක් නෑ...ඌ බලාගත්ත අත බලාගන ඉන්නකොට ශෙනිරුට දෙන්න වත් අහන්නවත් උත්තර වත් ප්‍රශ්නවත් තිබුන් නෑ...

මගෙ....චූටි...පොරොන්දු ...

තියෙන්නෙ.....රකින්න..නෙවෙද...

සයාශ් ....මගෙ...න්...නාහම....උඹගෙ බර..මගෙ...උරහෙන්...ගත්තෙ...

කොහොමද ...සයාශ් ...

මං මගෙ යටි තොල දෙකට වෙන් වෙලා යන තරමට හප ගත්තා...ලොකු නැන්දා වචනයක් වත් නොකියම අහක බලාගන ඉන්නකොට මගෙ නිර්වාන් අහනවා.....පොරොන්දු තියෙන්නෙ රකින්න නෙවෙද කියලා ...අනේ ඔව්නෙ....පොරොන්දු තියෙන්නෙ රකින්න නේනම්...කව්ද දෙයියන්නෙ කියන්නෙ පොරොන්දු තියෙන්නෙ රකින්න නෙවෙ කියලා කියන්නෙ....කඩන්න බලන් කව්ද පොරොන්දු දෙන්නෙ....???ඒත්....

අනේ...ඒත් මට උනේ පොරොන්දු කඩන්නනෙ....

එයා අහනවා...එයා අහනවා..අවසානම තත්පරේ...මාව දාලා යන්න හදන අවසාන තත්පරේදි එයා මගෙන් අහනවා එයාගෙන් නාහා...මං ඒ උරහෙන් මගෙ බර ගත්තෙ කොහොමද කියලා .....මං මේවට මොනවද කියන්නෙ...දෙයියො වත් මට උත්තර ඉතිරි කරලා නැති වෙනකොට මම මොනවද කියන්නෙ...

උඹ....පොරොන්දු උනා...මේ විදිහටම ....නිරූ...මං...උඹව කවදාවත් ..දාලා යන්නෙ නෑය කියලා ...අද....උඹ ඒ විදිහටම පොරොන්දු දෙනවා....මාව අත අරිනවා කියලා .....උඹ පොරොන්දු කඩලත්...පොරොන්දු දීලත් වරයි සයාශ් ...මට තියෙන්නෙ හිස් අතින් ආපහු යන්න විතරයි ....

න්...නිර්වා.....න්

හදිසියේ වත්....හිතේ අමාරුව දරන්න බැරිම තැනක මං මැරුනොත්....වලදාපන්....සයාශ් මගෙ..මලකද...හරිටයටම මගෙ ගෙයි....මැද....මොකද ...මං...මැරුනෙ...

අදක ඊයේක නෙවෙ.....ආය අමුතුවෙන් මොකටද කැරකොප්පු....මගෙ ගෙදරම කැරකොප්පුවක් තියනකොට ...වලදාපන්...අම්මගෙ....

ඇස් පනාපිට.....බීපු කිරිවල...ණය වෙන්න ඇති මං...මේ විදිහට ගෙවන්නෙ....උඹ...මාව අතැරියා චූටි...කමක්..නෑ...මැනික....උඹ...

සතුටින්..නම්...මං මැරුනත් මොකද බන්.....ම්ම්ම්??

නිර්වාන් ....නිරූ...අනේ අයියෙ යන්න එපා....අනේ නිර්වාන් ...අනේ මං උඹට හරි ආදරෙයි අයියේ...මාව දාලා යන්න එපා මන් හරි අසරනයි මගෙ නිර්වාන් ...අනෙ....යන්න එපා.....මාව මෙහෙම බැදීම් ගාව අසරන කරන්න එපා නිර්වාන් ..අනේ මාව මැරේවි.....

ඔය හැම අදෝනාවක්ම පිට උනේ මගෙ කිනිස්සකට පසාරු කරන් ගියපු හදවතින්...මාව ගෙයි මැදම වලදාපන් කියපු නිර්වාන් ඒ හැමෝම ඉස්සරහ මගෙ නලලට හාදුවක් තියලා යන්න යනකොට මං සාලෙ.මැද බිම ඉන්දෙවුනා....එයා ගියා.....මගෙ නිර්වාන් අවසානෙදි යන්න ගියා....මාවත්..එයාවත්...මේ වහල යටම මැරිලා යනවා දැක දැක එයා අවසානෙදි මාව දාලා යන්න ගියා....

අනේ මං උඹට හරි ආදරෙයි මගෙ නිර්වාන් ...මැරෙන්න වැටුනත් තවම පන ගහන හදවත මං උඹට ආදරෙයි නිර්වාන් කිය කිය කෑගහනකොට මමම නේද මේ හැම දේටම තිත තිබ්බෙ කියලා මතක් වෙනකොට මට ආපහු කාලෙ හරහා ආපස්සට දුවන්න හිතුනා...අනේ මට....පොරොන්දු නොවී ඉන්න තිබුනා....මට උඹව අතාරින්න බෑ කියලා ඒ වැරද්ද ආපහු හදලා එන්න තිබුනා....

ඒත්.....මං අමෙක් නොවුන අම්මා ගාව....ලොකු නැන්දා කියන බැදීම ගාව අසරන වෙලා උන්නා....ලොකු නැනදා කියන බැදීම අත් දෙකෙම්ම අල්ලගත්තු මට.....නිර්වාන් කියන මගෙ ආදරනීයම මනුස්සයව අත් වලින් අතෑරුනා...

ඔව්....මට ඒ බැදීම අතෑරුනා....හදවත පාරව...පාරව උනත්....මට ඒ ආදරනීයම බැදීම තවත් අම්මෙක්ගෙ කල්ක්‍රියාව හන්දා අතාරින්න උනා...

අවසානෙදි .....නිර්වාන් ...සයාශ් ආදරේට ඇස්වහ වැදුනා...ආදරෙ හිත ඇතුලෙ තද කරන් මං මගෙ ආදරෙ අතින් අතෑරලා දැම්මා...

සමහරක් අතහැරුම් ඇතුලෙත්

කෝටියක් ආදරේ තිබුනා.....

(උපුටා ගැනීමකි..සශික සංදීප්...)

මං අසරන උනා....අනේ මං නොසෑහෙන්න අසරන උනා.....නිර්වාන්ගෙ සුවද අවසානෙදි මේ මුලු සාලෙම්ම වාශ්ප වෙලා යනකොට මං යුනිෆෝම් එකෙන්ම මලකද වගේ ඔහේ උන්නා....

නිර්වාන් කෙනෙක් නැති සයාශ් අවසානෙදි සම්පූරනම මැරිලා ගියා...

චූටියා....ලොකූ...උඹලා දෙන්නා කන්ඩ එන්නෙ නැද්ද...දෙකත් පහු වෙන්ඩ එනවා..

චූටිය.....

අන් මුනින් අතට හැරුනා...දෙදවසකට ඉර පෑව්වා...නිර්වාන් අපි මේක නවත්තමු කියපු ඒ මූසල දවස පහු වෙලා දෙවසකට ඉර පෑව්වා ...

මම වගේම සනාශ් තනිකරම ඇවිදින මලකදන් වගේ උනා....උගුරෙන් පහලට වතුර බිදක් නොගිය අපි දෙන්නා දෙදවසකින් බත් ඇටයක් කාලා තිබුන් නෑ.....

උදේට මල කද වගේ ඉස්කෝලේ යනවා...ආපහු ඔහේ ගෙදර එනවා....නලුවෙක් වෙන්න නලු උන

සහගහලා තිබ්බ මගෙ නලු උන අවසානෙදි සම්පුරනම නැති වෙලා ගියා...සයාශ් ජීවත් උනත් ඇතුලතින් මැරිලා උන්නා....

සයාශ් ජීවත් උනත්.....ඇස් පනාපිටම හීනවලට ගාපු හැම සායමම හේදිලා ගියා...

මං මුනින් අතට හැරුනා...ලොකු නැන්දා කෑ ගහනවා...හෙට ඩ්‍රාමා එක....මට උඹව එපා කියපු දවසෙ පස්සෙ මං අද වෙනකන් මගෙ නිර්වාන්ව දැක්කෙ නෑ....

අනේ මට කියන්න...මට තවම අයිතිය තියනවා නේද...නිර්වාන් නොකියා..පුරුදු විදිහටම මගෙ නිර්වාන් කියන්න.....අතින් අත ඇරුනත්....හිතින් අත ඇරලා නැති වෙනකොට මං කොහොමද එයා මගෙ නෙවේය කියන්නෙ.....

ශෙනිරු ...දවස් දෙකකින්...ආවෙ...නෑ චූටියා...මට...දැන්....උන්නත්....නෑ වගෙ.....

මං උන්නෙ වහල දිහා බලාගම...කුස පොත්තොන්ගෙ වගේ අපි දෙන්නගෙම බඩවල් කෙලිම්ම පිට කොන්දට මේ දවසට දෙකට ඇලිලා ගිහින් තිබුනා....

පරී....අර චූටි අයියට බයි කන්න එන්න කියන්න...

යෑ....ව්

ඔව්...යෑව් තමයි....චූටි අයියා සුතර්මා එක්ක තරහා වෙලනෙ පුතේ ...කෝ ගිහින් චුටි අයියටයි ලොකු අයියටයි එන්න කියන්න පරී....

මං ඔහේ අහගන උන්නා....වෙනදට සුතර්මා ....සුතර්මා ගගා හේතු නැතුවම උනත් ලොකු නැන්දට කතා කරන මං දෙදවසකින් මෙ කටින් ආයම සුතර්මා කිව්වෙ නෑ....

කටට එන අර කොයිවෙලෙත් කියවන මාගල කිව්වෙ නැ...මුනිදාස අයියෙක් වත් නොම්බර දාහතක් වත්.. අහසට යන සළුපටක් වත්....පිච්චමල්බිසව්තමෝ කේනෙකෙක් වත් මගෙ ශබ්ධකෝශෙ උන්නෙ නෑ.....කොටිම්ම මං ලොකු නැන්දට කියන හැම දේම නැති උනා...

වෙනදට ගෙට ගොඩවෙනකොටම කෑගහම සුතර්මා ...චින්තකගෙ දරු පැංචා ආවා කියන මං දැන් කට්ට අව්වෙ ගෙදර ඇවිදින් කෙලිම්ම කාමරේට යනවා.....සුදු ඇදුම පිටිම්ම වැටිලා නිදාගන්නවා.....

මගෙ කොට්ටෙට කතා කරන්න පුලුවන් කමක් තිබුනා නම් කියාවි මගෙ ඇස්වලින් ගලපු කදුලු වල බර...

චූටී...ලොකූ....

ලොකු නැන්දා යන පස්සෙන් එහාට මෙහාට ගියපු පූසා ලව්වත් පණිවිඩ එවලු ලොකු නැන්දා අවසානෙදි බත් එක අරගන කාමරේට ආවා.....සනාශ්ගෙ නලලෙන් එකයි සිද්දාලේප.....ඒ ඇස්වලින් කදුලු එනවා.....සිද්දාලේප සැරට නෙවෙ...වේදනාවට....

සෙනූගෙ බබියෙක් නෑ....වෙනදට මේ වෙලාවට සෙනූ....සෙනූ බබීත බබීත ගගා හුරතල් වෙන ඌ ඔහේ උන්නා..කොටිම්ම උගෙ අර රෝස පාට පෙට්ටි කටට සීල් තියල තිබ්බා.....

අතේ ඵෝන් එක තිබුනත්...කතා කරන්න තහනම් වුන අපි හිත රිදවගන්න ඕන උන හැම තත්පර්‍රෙම පරන මැසේජ් එකක් බලලා පපු පලාගත්තා.....

මිනිස්සුන්ට මෙච්චර ආදරේ වෙන්න පුලුවන්ද මං අහන්නෙ.. ..

චූටි...අයියා ගෙදර ආවා...මගෙ චූටි නිදිද.....

වචන පහ හයක මැසේජ් එකක්....එදා මං ඒකට දාලා තිබ්බෙ නෑ කියන වචනේ විතරයි.....එදා මට ඒ මැසේජ් එකෙ තිබුන බරවත් ආදරේ වත් ඒ තරමට නොපෙනුනත්....අද මට ඒ අකුරු පහ හය ඇතුලෙ සාගරයක් තරම් ආදරයක් පේන්න ගද්දි අනේ ඇයි මං නෑ කියන කෙටි උත්තර්‍ර් විතරක් දුන්නෙ හිතුනා...මට තිබුනා ..අනේ මට තිබුනා...උඹ පරිස්සමින් ආවද මගෙ අයියෙ අහන්න....මට තිබුනා...මං උඹ එනකන් ඇහරන් උන්නා මගෙ අයියෙ

කියන්න...මට තිබුනා...උඹ නැතුව මං කොහොම ඇස් පියාගන්නද මගෙ අයියෙ අහන්න....ඒත්....ළඟ ඉන්නකොට අගයක් නොදැනුන මැසේජ් අස්සෙ ටොන් ගනන් බර හැගීම් තිබුනනෙ කියන්න මට දැන් පෙනුනා.....

මට සමාවෙයන් මගෙ නිර්වාන් .... උඹ එවලා තියන හැම අකුරක් ගානෙම තිබුනෙ උඹ හංගපු උඹගෙ නපුරු ආදරෙ කියන්න එදාටත් වඩා මට දැනුයි දැනෙන්නෙ නිර්වාන් ...

ලොකු නැන්දා ඇදේ ඉදගත්තා ...සීගිරිය තරමට උස බත් එකක් බෙදාගන එදා වගේම බත් කට කට අන අන ගුලි ගගහා පැත්තකින් තිබ්බා...හැබැයි වචනෙකින් වත් දොසක් කිව්වෙ නැ.....තොපිට මගුල් අහන්ඩ මෙතන.....තොපි මොක්කු වෙනුවෙන්ද ඔය හූල්ලන්නෙ ඔය වගේ කිසි කතාවක් කිව්වෙ නෑ.....එදා බැන්නා...එදා බැන්නයින් පස්සෙ ආය වචනයක් කිව්වෙ නෑ...හැබැයි...ලොකු නැන්දා අපි දෙන්නා දිහා බලලා වේදනා වින්දා.....

ඒත්....ඒත් මට ලොකු නැන්දට කියන්න ඕනා උනා...ලොකු නැන්දේ...අතින් අතඇරපු සමහර දේවල් හිතින් අතඇරගන්න කවදාවත් බැහැයි කියලා ....

මට කියන්න හිතුනා...අතින් අල්ලන්න කලිනුයි මං ඌව හිතින් අල්ල ගත්තෙ කියලා ...අම්මෙක් හන්දා ඌවතනි කරපු මට සාප වදී කියලා කියන්න හිතුනා...ඒත්...ඒ හැම හැගීමක්ම හිත අස්සෙ තියාගන මං වචනයක් නොකියම ඇදෙන් නැගිට්ටා ....

චූටි....කොහොද යන්න යන්නෙ

අයාන් සර් එන්න කිව්වා....හෙට...ඩ්‍රාමා එක....අද හවස නොයා බෑ.....

උඹ දැන් දවස් දෙකකින් කාලා නෑ චූටි....ඇයි බන් උඹලා උඹලටම රිදවගන්නෙ පුතේ.....

හිතේ ගිනි තියනකොට බඩේ ගිනි කොහෙද සුධර්මා ....මම පොරොන්දු උනා...කවදාවත් ඌව තනි කරන්නෙ නෑ කියලා ...ඒත් මමම ඒ පොරොන්දු ආපිට බිදලා දැම්මා...එහෙව් අපරාදයක් කරපු එකෙක් මම.....ඉතින් මට බඩගිනි ඒවිද සුධර්මා....

චූටි....

දන්නවද සුධර්මා ...මනුස්සයෙක්...මුලු ජීවිත කාලෙටම ආදරෙ කෙරුවත්...හරියටම ආදරේ කරන්නෙ එක පාරයි....මං.....ඌට පුදුම තරම් ආදරෙයි ලොකු නැන්දේ...එහෙව් ආදරේකටයි උඹ මගෙන් දිවුරුම් ගත්තෙ.....තරහ නෑ....හැබැයි...මං මම එක්ක තරහයි.....රකින්න බැරි පොරොන්දු විතරක් නෙවෙ...මං...මගෙ බරත්....උගෙ උරහෙට තිබ්බා.....තියලා..."ආපහු....ඇදලා ගත්තා..."

සයාශ් ...!!!

නොකා උන්නා කියලා මිනිහෙක් මැරෙන්නෙ නෑ ලොකු නැන්දෙ...හැබැයි මං ඌව මරලා දැම්මා....ඌට උන්නෙ මං විතරයි .....මං....මං.....මං..මිනිමරුවෙක්ට අන්තයි ලොකු නැන්දෙ.....මට වස් වදී.....

මගෙ ඇස් වලට ආයමත් කදුලු පිරුනා....සිද්දාලේප තලියක් උලාගන උන්න සනාශ්ට ඔලුවෙ කැක්කුම උහුලගන්න බැරි තැන ඌ ඇද රෙදි තෙමාගන වමනෙ කරනකොට ලොකු නැන්දගෙ අතේ තිබුන බත් පත අතින් අතෑරිලා කෑලි වලට බිදිලා ගියා.....

සයාශ් ....තව එක පාරක් බලමුද...මෙතනින් පස්සෙ ඉවරයි.....මෙතන ඉදන් රෙස්ට් කරන්න....ලමයි...උඹලා ගෙවල් වලට ගිහින් කූල් ජාති ඇලජික් වෙන ජාති ගිලලා අසනීප හදාගන්නව නෙවෙ ආ....ඔය කොත්තු කෑවම දවසම රෙන උන් එහෙම අද කොත්තු කනවා නෙවෙ....අනික තව දෙයක්.....ඔය බස් එකට නැගපු වෙලේ ඉදන් වමනෙ යන උන් ඉන්නවා නම්....වමනෙ පෙති බීලා...අරගනත් වරෙව් ආ.....ආය ඥන් පඥන් ගාන්ඩ එපා.....

මං උන්නෙ මගෙ ස්ක්‍රිප්ට් එකේ කොලපාටින් හයිලයිට් කරපු අකුරු දිහා බලාගන....අකුරු දිහා බැලුවත්...මට ඒ අකුරු පෙනුන් නෑ...ඇස් බොද වෙනවා මිසක්....ආසාවෙන් රගපාන්න ගත්තු චරිතෙ...මට කරගන්න පුලුවන් උනේ...ඒ කතාවෙ දේදුනු කියන චරිතෙ හිත රිදවගන අඩන තැන විතරයි...මොකද ....එතනදි මගෙ ඇස්වලින් වැටුනෙ ඇත්ත කදුලු හන්දා...කෑ ගහලා ඇඩුවෙ ඇත්ත හැගීම් එක්ක හන්දා.....

සයාශ් .....උඹව ගිහින් දාන්නද.....?

වෙලාව රෑ අටයි.....වේලාසන යන්නම් කියලා උන්නත්...මං මගෙ තනියෙන් කියන්න තිබුන සින්දු ටික පුරුදු වෙන්න උන්නා....ශාක්‍යලාගෙ ඩ්‍රාමා වල මියුසික් කරන ටීම් එක ඇවිදින් එකින් එක එකින් එක සින්දු ආය ආයම බැලුවා....සාමාන්‍ය දවසල රිහසල් කරනකොට අයාන් සර් සින්දු කියන හරියෙදි .....එක එක සිද්දි වලදි එක.එක ශබ්ධ ගන්න...බලන් ඉන්න කෙනාට ඒ හැගීම් දෙන්න දවුලක් හරි යක් බෙරයක් හරි පාවිච්චි කෙරුවට තරගෙකට යනකොට ඒ වෙනුවෙන් ටීම් එකක් උන්නා...

හොදම නලුවට හිමි සම්මානයක් දෙන්නෙ එක චරිතෙකට උනත්...නලුවට පන දෙන්න වතුර බෝතලේ ලගට ගෙනත් දෙන කෙනාගෙ ඉදම්ම දාඩිය තිබුනා.....හොදම පිටපතට හම්බෙන්නෙ එක සම්මානයක් උනත්....පිටපත ලියපු අයාන් සර්ගෙ ඇස් වල නින්ද දවස් ගානක් නැතිවෙලා තිබුනා...හොදම සංගීතෙට.....හොදම රංගවස්ත්‍ර ..හොදම පසුතල නිර්මාන....හොදම වේශ නිරූපනේට....ආලෝකකරනයට...සහය නලු...සහය නිළි කියලා එකී මෙකී සම්මාන ගොඩක් බෙදිලා ගියා උනත්...මේ හැම එකකටම පන දෙන්න හැමෝගෙම කැපවීම ඕනා උනා....

හිතේ වේදනාව තියෙන්නෙ මගෙ විතරක් වෙනකොට මං කොහොමද අනිත් අයගෙ මහන්සිය වතුරෙ යවන්නෙ...අවසානම තත්පරේදි මං කොහොමද කිරි කලේට ගොම බිදක් දාන්නෙ...වයලීන් එක ප්ලේ කරන රජීව් සර් ස්ටෑන්ඩ් instrument රෙඩි... බයි වන් ටූ කියලා කියන හැම වාරෙකම මං මගෙ හිත අස්සෙ උන්න නිර්වාන්ව මගෙම කදුලු වලින් හංගන් උන්නා.....

එපා අයාන් සර්...මට පුලුවන් තනියෙන් යන්න. .අනික බස් තියනවනෙ තවම....

මං උන්නෙ කොරිඩෝවෙ ඉදගන සිමෙන්තිකනුවට ඔලුව තියාගන...අනිත් චරිත කරපු හැම ලමයෙක්ම යන්න යනකොට සින්දු වලින් බාගෙට බාගයක් තනියෙන් කියන්න තිබුන මං අවසානෙදි හැම දේම ඉවර කරලා ආයම තනි උනා.....

උඹ අඩනවද චූටි.....මං උඹගෙ සර් කියන එක අමතක කරලා...මං උඹගෙ චූටි අයියගෙ... .

නෑ...මං....අඩන්නෙ නෑ.....

අයාන් සර් නැවතුනා.....අයාන් සර් කියන්නෙ..... දැන් චූටි අයියගෙ ආදරේ...නිල නොලත් විදිහට ඉදල ඉදලා...අපේ ආදරේට වස් වැදුන දාම...අවසානෙදි ලොකු නැන්දා ඉස්සරහා අයාන් සර් චූටි අයියගෙ අත අතාරින්න බෑ කිව්වා ....

දෛවය හරස් උනා.....හැමදාම අපි තුන්දෙනාට එකම හැන්දකින් බෙදපු ලොකු නැන්දා ජීවිතේ පලවෙනි පාරට එදා මටයි සනාශ්ටයි වෙනස් කම් කෙරුවා .....ඇස් පනාපිට වෙන හැන්දකින් බෙදුවා....

උඹට අඩන්න ඕනා නම්....ඇති වෙනකන් අඩපන් සයාශ් ....ඒත් පුතේ....උඹලා.....රිදවගන්නෙ උඹලටමයි.....මට උඹට වත් නිර්වාන්ටවත්.....උඹගෙ නැන්දටවත් බනින්ඩ බෑ පුතේ...

නැන්දා එක පැත්තකින් හරි...ඒත්...නැන්දා හරි කියන්නෙ...මායි....නිර්වානුයි වැරදී කියන එක..නෙවෙ සර්.....උගෙ අම්මගෙ...වැරදි වලට...අනේ සර් මං ඒ අසරන ඇස් දිහා බල බල....ඒ වේදනාව දැක...දැක....අපේ...මේක නවත්තමු කිව්වා...සර්...

සයාශ් .....සයා.....ශ්...පුතේ ඕක නවත්තපන්...

මං...ඌට ඇබ්බැහි වෙල සර්....මගෙ නින්ද නෑ...මගෙ හුස්ම නෑ.....මගෙ සතුට....සැනසීම...මේ හැමදේම....නෑ...ඌ.....නැතුව....සයාශ් කෙනෙක් මොකටද...මන්...මේ..කටින්මයි....ආදරේ

කිව්වේ...මේකටින්මයි....ඌව එපා කිව්වෙ...මං....මං.....අනෙ...මට හරියට රිදෙනවා...මගෙ...පපුවට....රිදෙනවා....මාව....මැරෙයි.....සර්....පින්...අයිති...වෙයි ..මට ..ඌව බලන්ඩවත්.... එන්ඩ...කියපන්...අයාන්....සර්......එපා...කිව්ව...පලියට...නෑවිත්....උන්නම....මට....රිදෙනවනෙ....සර්.....

නවත්තපන් සයාශ් ...ඕක නවත්තපන්කො....

මං මටම ගහගත්තා ....ආදරෙයි කියපු කටින්ම...උඹව මට එපා කියපු කටට මම ගහගත්තා...එක පාරක් දෙපාරක් නෙවෙ....තුන් හතර පා‍රක්ම.....ඈතින් උන්න ශාක්‍ය මා දිහා හරි වේදනාවෙන් බලාගන ඉන්නකොට මං අයාන් සර්ට මගෙ දුක කිය කිය ඇඩුවා...හිනාව මැරුන මං නිර්වාන් ගැන කිය කිය ඇඩුවා.....

මම මටම ගහගත්තු පාරවල් වලට කම්මුල් පුපුරු ගැහුවා උනත් මං මටම රිදවගත්තා ..අයාන් සර් මාව දහසක් දේවල් කිය කිය සනසවන්න හැදුවත් ...ඒත්. ..ඒ වචන මගෙ ගාව හිස්ම හිස් වචන ටිකක් වෙලා යනකොට සැනසීමක් පේනතෙක් මානෙක නැතිවෙලා අහස උසට හිතේ ගිනි නම් හෝ ගාලා ඇවිලුනා.....

අඩල අඩලම නහය පවා හිර වෙලා ගිහින් තියනකොට අයාන් සර් බලන් ඉන්නකොට මං මගෙ ඵෝන් එක අරන් ගැලරියෙ තිබුන මං ලෝභකම් කරන...ගනින්න බැරි තරම් වාරයක් හාදු තියපු ආදරනීයම පරන මතක වල පින්තූර එලියට ගත්තා...

සර්ම...කියන්න...ලේසියකට හිනාවක්...එන්නෙ නැති....කලාතුරකින් හිනා වෙන මේ මනුස්සයා නැතුව මං කොහොම ඉන්නද සර්...

අනේ මං මූට මෙච්චර ...ආදරේ කෙරුවා සර්.....මං...වැරදි ඇති...සර්...කෙනෙක්ට....මෙහෙම...කියන...මං....වැරදි.....ඇති...

අනේ...අයාන්...සර්....මං....මූට පිස්සුවෙන් වගේ ආදරේ කෙරුවෙ...සර්....

චුට්ට බැරි වෙනකොට .....නි...රූ....නිරූ...නිරූගෙ....චූ....චියා.....ගගා....ඌ ගාව මෝඩයෙක් විදිහට...මෝඩ...කතා...කිව්වෙ...සමහර...තැන්වල....ඕනාවටත්....වඩා...විහිලුවක්...උනෙ...ජෝකර්....කෙනෙක්...වගේ...උනේ....මට.....මේ මනුස්සයගෙ...ආදරේ...ඕනාවටත් ....වඩා....ඕන උන හන්දා...සර්...

මට....මගෙ හිත.....හදා ගන්න...හරි...අමාරුයි...සර්....නිර්වාන් ට.....ඉස්කෝලේ ...නෑවිදින්....ඉන්ඩ...එපා කියන්ඩ...සර්....මං...ඌව...අතැරියෙ....මේ අත් වලින් විතරයි ....හිතින්....අත ඇරියෙ....නැ...සර්.....මන්....අනේ...මට.....ඇයි...සර්....ඒ....මං..පිස්සෙක්...නෙවෙ....ඒත්....උගෙ ආදරේට තියන පෙරේත කමටම...මං පිස්සෙක් ...උනා....අයාන් ...මං මෝඩයෙක් නෙවෙ...ඒත්..ඒ පපුවට තුරුල් වෙන්න ඕන හන්දම...මං....මෝඩ....විදිහට....හුරතල්....උනා....අයාන්....

කොටිම්ම...නිර්...වාන්..කියන...මනුස්සයා ...ගාව...මේ.සයාශ් ...නිවුනා....අයා.....න්...මට...අතඇරුනේ...අතින්...විතරයි ....

.හිතින්....නම්....අත...අරින්න...බැරි වෙයි...අයා.....න්....

මං අත් දෙකෙම්ම ඔලුව බදාගත්තා ...පරන මතක මතක් වෙනකොට පැලෙන්න හදවතක් නැති මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා ...

නෙලා ගැනුමට නොහැකි වූවද

අත් හැරීමත් නොවේ

ප්‍රේමය.....

බලා දුර හිද කතා නොකරම...

සුසුම් පපුවක...හිර කිරීමය...

 උඹට යන්න පුලුවන්ද ...

පුලුවන් .....

වරෙන් මං ගිහින් දාන්නම්....මුරන්ඩු කම් නොකර නැගපන් සයාශ් ...නවයයි වෙලාව...උඹ ආයම පයින් යන්ඩ ඕනෙ....නැත්තන් ආරව්ට එන්ඩ කියන්නද....

එපා සර්....මං යන්නම්.....බස් එකක් එනවා...සර්ට....පින්...මගෙ දුක ඇහුවට....

පැය ගානක් අඩපු මං අවසානෙදි බස් හෝල්ට් එකට ආවා...අතේ තිබුන ස්ක්‍රිප්ට් එකේ අකුරු කඳුලුවලටම බොද වෙලා ගිහින් තියනකොට අයාන් සර්ගෙ උරහිසේ මගෙ කදුලු වල ලුනුරස තැවරිලා තිබුනා.....

මං බස් එකට නැග්ගා...

වචනයක් කතා නොකෙරුවත් ශාක්‍ය මං අඩන හැම වෙලාවකම කතා නොකරම වතුර එකක් තියලා ගියා . ඇස් පිහන්න ටිශූ එකක් තියලා ගියා ...අවසානෙදි මං තනියෙන් කියලා හිතිලදෝ බස් හෝල්ට් එකට ඈතින් ඉදන් බලන් ඉදලා බලන් ඉදලා යන්න යනකොට කාත් කවුරුත් නැති බස් එකට මමම විතරක් ඉතිරි වෙනකොට මොන කරුමෙටද මන්දා බස් එකේ එකා.දාලා තිබුන සින්දුවත් මහ වේදනාවක් ගෙනාවා....

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ...

එය මකා දමා ගිය හැටි රහසේ..

නුඹ මෙතෙක් රැදී උන් මා මනසෙ.....

පෙම් පුරාවතක් නිමා කරන්නද....

මා කෙලෙසෙ...?

 පන්සල් හන්දියට එක්කෙනයි...

කොල්ලෙ එච්චර එහෙ නම් යන්නෙ නෑ...මගින් හරවනවා...ඊට මෙහා හෝල්‍ට් එකෙන් දාන්නම්....

මං ඔලුව වැනුවා...බස් එක ගෙදර යන එකක්...විරහ වේදනාව විදින මටම සරදටමටද කොහෙද දාලා තිබුනෙත් පපුව රිදවන සින්දුවක් වෙනකොට බස් එකත් මගින් හරවනවා කිව්වා....

මං ජනේලෙට ඔලුව තියා ගත්තා ....අයාන් සර් මගින් මගටම කිව්වා හොදට නිදාගනින් කියලා ....ගෙදරින් කෝල් පනසියකට වඩා අරන් තිබුනා...සයාශ් ගෙන් ඇරෙන්න ලොකුමාමා...ලොකු නැන්දා...චූටි අයියා මං කොහෙද කියලා බලන්න අරන් තිබුනා...ඒත්.....වෙනදට එන්න ඕනම කෝල් එක වෙනදට එන්න ඕන මැසේජ් එක නැතුව මොකටද මට..ලොකු නැන්දගෙන් කෝල් එකක් එනවා දැක දැක මන් ඵෝන් එක ඕඩ් කරලා දලා ජනෙලට ඔලුව ගහන් ඔහේ උන්නා....වෙනදට ආඩපාලි කියන හිත ගොලු වෙලා ගිහිල්ලා...

හිනාවෙන ඇස් මගෙ උදේ හවහා කදුලු බිව්වා....හුරතල් වචන එක්ක විකාර කියවන සයාශ් අවසානෙදි කවදාවත් හිනා නොවුන එකෙක් ගානට වැටිලා තිබුනා.....

ට්‍ර්....ං

මං බස් එකේ බෙල් එක ගැහුවා....යන්න ඕන තැනින් නැතිව මගින් බහින්න උන මං බස් එකෙන් බැස්සා....හිස් බස් එකත් මාව දාලා ගියා ..වෙලාව දහයට කිට්ටුයි...තාර පාරම එලි කරන්න ලයිට් කනු එක පෙලට තිබුනා...යන එන වාහන වල කහ ලයිට් එලි දහස් ගානක් මාව පහු කරන් යන්න ගියා.....උදේ පාන්දර ඇරපු සමහරක් කඩ මේ වෙනකොට වහලා තිබුනා.....

තවමත් සෙනග උන්න පාරෙ මම තට්ට තනියම යන්න යනකොට මගෙ ඉස්සරහින් බයික් එකක් නැවැත්තුවා...ඉස්සරහින් කියන්නෙ කෙලිම්ම.මගෙ ගාවින්...

නගින්න.....

මගෙ පපුව ගිනි ගත්තා .....දවස් දෙකක් නොදැකපු ...දවස් දෙකකින් කටහඩ නාහපු මගෙ නිර්වාන් .....ඒ මූන ඉදිමිලා....ඒ මූන නිල් වෙලා....ඇහිලි ඔක්කොටම ප්ලාස්ටර් ගහලා.....යටි තොල පැලිලා ඉදිමිලා තිබුනා.....

න්..නිරූ....

දරන් ඉන්නම අමාරු තැන මම ඇඩූ කදුලිම්ම කතා කරකනකොට එයා මොකුත්ම නොවුන ගානට මගෙ ඔලුවට හෙල්මන්ට් එක දැම්මා...අඩුම ගානෙ ඇයි චූටි මේ පයින් වත්.....ඇයි මේ රෑවෙලාවත් ඇහුවෙ නැ....අඩන්න එපා කිව්වෙත් නෑ....හැබැයි එයා මගෙ ඉදිමුන ඇස් දිහා වේදනාව ඉහවහ ගිය ඇස්වලින් බලන් උන්නා....

නගින්න සයාශ්

එයා මට නගින්න කිව්වා.....වෙනදා වගේ නෙවෙ...අද චූටි කිව්වෙ නෑ.....මගෙ වස්තුව කිව්වෙ නෑ...මගෙ අත් දෙක අරන් එයාගෙ ටී ශර්ට් එක අස්සෙන් හංගගත්තෙ නෑ...කොටිම්ම වෙනදට මං නිකට තියන උරහිසට වත් මට අද අයිතියක් නැති වෙනකොට මං බයික් එකට නැගලා අපි අතර කවදාවත් නොතිබුන හිඩසක් තිබ්බා.....

වෙනදට ඇලීගන යන...කොච්චර තරවටු කෙරුවත් එයාගෙ බැනියම අස්සෙන් අත් දෙක දාගන වෙලාවකට දොන්ත වැඩ කරන මගෙ අත් අද මගෙ කලවා උඩ ඔහේ තිබුනා...වෙනදට සිය වතාවකට වඩා මගෙ දිහා සයිඩ් කන්නාඩියෙන් බලන එයා අද එකවතාවක් වත් මං දිහා නොබල උන්නා....ඒත් මං දැක්කා....අහම්බෙන් වගේ හරිම අහම්බෙන් වගේ එයා මා දිහා බලන් ඉන්නවා.....එ මුන ඒබැල්ම නපුරු වෙලා....නිර්වාන් වෙනස් වෙලා...හැම බැල්මකම ආදරේ පුරවපු නපුරු ආදරවන්තයා අද අල්පමාත්‍රයකින් වත් ආදරේ නොදී උන්නා.....

බහින්න...

ගෙදර ගාවට එනකම්ම වචනයක් වත් නොකියව ආව නිර්වාන් ගෙදර පේන මානෙන් බයික් එක නැවැත්තුවා....වෙනදට ගෙයි ඇතුලටම එම නිර්වාන් අද ගෙදර පේන මානින් මගින් හැරෙනවා...

බහින්න සයාශ්

එයා දෙවනි වතාවටත් මට බහින්න කිව්වා.....ඒත් මම නෙවෙ බැස්සෙ...නේ මට තුරුල් වෙන්න ඕනා....අර ඉස්සර වගේම නිරූ....නිරූ කිය කියඇගෙ එල්ලෙන්න ඕනා...කට පුරවලම මගෙ චූටි කියපි එයා සයාශ් කියන එක කිව්වෙම තදින් වෙනකොට මට කකුල් ගාව වැද වැටෙන්න හිතුනා..අනෙ මගෙ අයියෙ මං අසරනයි කියන්න හිතුනා...ඒත්.....දවස් දෙකක් ඉවසන් උන්න පපුවට මීට වඩා නම් දරන්න බැරි තැන මං එයාව බදා ගත්තා .....කාත් කවුරුත් නැති මහ පාරෙ මං උඹව අසරන කෙරුවට මම උඹට වසා අසරනයි නිර්වාන් කියලා ඒ පිට පෙගෙනකන් ඇඩුවා...ඒත් එයා නෙවෙ ඇඩිල්ල නැවැත්තුවෙ ....එයා කෙරුවෙ බයික් හැඩල් එක මිරිකන් ඇතිවෙනකන් අඩන්න පිට දීලා කටවහන් උන්න එක වෙනකොට අනේ මං කිව්වට විස්වාස කරන්න....

.කවදාවත් නාව සැර ගදක් එයා ගාවින් ආවා....

කවදාවත් කටේ නොගාපු සැරක් එයා ගාවින් ආවා.....

මන් බැස්සා....අඩලා හෙම්බත් වෙලා උන්න මං බයික් එකෙන් බැහැලා හෙල්මට් එක අතට අරන් අඩන්න පිට දීපු නිර්වාන්ටම ඒ හෙල්මට් එකෙන් පිට පුපුරන්න ගැහුවා ...

.

ඔයිට වඩා නරකද තොට ඔය අත්වලින් මාව මැරුවා නම්...

....

මගෙ පපුව රිදෙනවා යකො...මගෙ පපුව නෑ.....දිවුරලා පොරොන්දු උන මං එතන මැරුනා...කවදාවත් නොබීපු දහජරාව කටේ ගාපු උඹ මාව මරපන් නිර්වාන්

එයා ගුටි කාගන උන්නා මිසක් මීක් කිව්වේ නෑ....අනේ මං ඒ ගහපු පාරට ඒ පිට පුපුරු ගහනවා ඇති .....

නිරු...මගෙ...රත්..තරන්.....නිර්වාන් ....මට.....මට...සමාවෙයන්.....මගෙ....වස්තුවෙ....චූටියට...සමාව..දියන්...රත්...තර...න්....මට...මට...මෙහෙම...කරන්න...එපා....නිර්වා.....මට.....

ආදරෙත් දීලා...විරහවත් දීලා...අවසානෙදි උඹට මෙහෙම කරන්න එපා කියන්න මං උඹට මොකක්ද කෙරුවෙ සයාශ් ....???..නැගිටින්න...මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්ඩ එපා කියන්නෙ...කටකහනවට නෙවෙ සයාශ් ..ආයම නිර්වාන් කෙනෙක් නෑ...නිරූ කෙනෙකුත් නෑ...කදුලු නාස්ති නොකර නැගිටලා ගෙදර යන්න....මං උඹගෙ පාරෙන් අයින් වෙලා ඉවරයි....මං ගෙවන්නෙ මේ පෙර කරුම...මං උඹට යන්න දුන්නෙ බොහෝම ගෞරවාන්විතව ....ඒක හින්දා යන්න.....හොදද....ම්ම්....

මං එයාගෙ කකුල් ගාව දනගැහුවා...මට මෙහෙම කරන්න එපා කියපු මං ඒ මහ පාරෙ තවමත් බයික් එකේ උන්න මගෙ නිර්වාන්ගෙ කකුල් අල්ලන් මට මෙහෙම කරන්න එපා කියනකොට එයා මට කිව්වා යන්න කියලා ...කතා කරන වචනයක් පාසාම ආවෙ සැරක් වෙනකොට ඒ ඇස් පවා රතු පාට වෙලා තිබුනා. .එයා යන්න කිව්වා ...කදුලු නාස්ති නොකර යන්න කියපු එයා මට නැගිටින්න කිව්වා.....

නිරූ...නිර්...වාන්....

....

නිර්...වාන්.....මං....

.හේතු මොකටද....මට තේරෙනවා.....ඔච්චර වැද වැටි වැටි හේතු දෙන්න එපා සයාශ් .....ඇස්දෙක පව්....මිනිස්සුන්ට ලැබෙන්න ඕන දේවල් නැති දේවල් තියනවනෙ...ම්ම්....පරිස්සමින් ඉන්න කන්න බොන්න...හිනා වෙලා ඉන්න...නිර්වාන් කෙනෙක් උන්නෙ නෑ කියලා හිතාගන්න...එතකොට රිදෙන්නෙ නෑ හොදද.....

හිත රවට්ටගන්න...එපා..නිර්...වාන්....හිත....

රවට්ට...ගන්න...එපා....උඹ...මම...ආදරේ නැතුව නෙවෙ....අයියෙ....

තුරුල් කරගන්න පුලුවන්ද එක පාරක්...?මට යන්න...මට තුරුල් කරගන්න...පුලුවන්ද එකපාරක්...?

මට පිස්සු හැදෙන්න ආවා.....මෙච්චර වෙලාම තදින් කතා කරපු නිර්වාන් තුරුල් කරගන්න පුලුවන්ද අහනකොට මං කදුලු අස්සෙම්ම ඔලුව වැනුවා....එයා බයික් එකෙන් බැස්සා....ඇදන් උන්න ජැකට් එක ගැලෙව්වා ...හරියටම ජැකට් එක හන්දා මාව දැනෙන්නෙ නැතිවෙයි කියන්න වගෙ......මගෙ දිහා බලන් උන්න නපුරු ඇස්වලින් කදුලු පේලියක් කඩන් වැටෙනකොට කාත් කවුරුත් නැති පාරෙ අම්මෙක් ගෙ වැරදි හින්දා වන්දි ගෙවන එයයි මමයි මුලු ලෝකෙකටම හොරෙන් හරි වේදනාවෙන් තුරුල් උනා.....

පුපුරන්න එන ඇස්වලින්

නි....රූ........

ආදරෙ.....යි...සයා....ශ්....

"මට මාවම...."

අමතක..වෙනකන්.....මට...ඈතින්....

ඉදන්...වත්...ආදරේ...දීපන්....මැනික...කවදා හරි...හොදම...නලුවා වෙනදාක.....දවසක....මාව මතක් කරපන්....මං...බලන් ඉන්නම්.....ඈතකට වෙලා...හරි....මාව අමතක...කරලා.....සතුටින්....ඉදපන්.....සයාශ් .....උඹට යන්න අවසරයි...සයාශ් ...උඹම...දුන්න...

පොරොන්දු ....කඩපු උඹටම....යන්න අවසරයි...සයාශ් .....!කරපු...පව්...ගෙවෙනකන්....අපිටම...අපි ආයම දවසක ..හම්බවෙනකන්....උඹට අවසරයි ආපිට හැරෙන්ඩ.....

යනව නම් නුඹ

ඈත දුරකට.....මටත් නොකියම....

නොඑන්න.....

නිර්...වාන්......

මං තනි උනා...මුලු ලෝකෙකටම හොරෙන් මාව තූරුල් කරන් උන්න එයා තට්ට තනියම මාව දාලා යන්න යනකොට මං වේදනාවෙන් බලාගන උන්නා.....අවසානෙදි ....රතුපාට ලයිට් එක නැත්තටම නැතිවෙන හැටි බොදවුන ඇස්වලින් බලන් උන්න.මං නිර්වාන්ට කෑගහලා ආදරෙයි කිව්වා...

මට සමාවෙයන්....

මං ආදරෙයි....!

😒 ම්හුක්.....

😒සාතන් පන්තියෙ ජොබීත

ආයම දියවෙන ඍතු එනකන්.....හදගින්දරේ ඇවිලෙන පාඨක ජනතාවට...ආතරෙයි උතුරන්න.....

Nedeesha ...!

More Chapters