WebNovels

Chapter 44 - 44

නැගිටපියව් ඔය සින්දුව කිව්ව උන් දෙන්නා....

පිනාගෙ අතේ තිබුන වේවැල ගුරු මේසෙට වැදුනා...ලා පාට ගුරු මේසෙ එක පැත්තක දුඹුරු පාට පාරක් හිටලා...මොකෙක් හරි අවලමෙක් අදම මේස රෙද්දෙන් සපත්තුව පිහදගන.....අද නම් දනගස්සලා බේරුනොත් ඇති..කොනක ඉදන් පිට්ටනියෙ තනකොල කන්න කියාවි...

ඒ විතරක් නෙවෙ...හය වසරෙන් පහල පොඩි උන්ගෙ ලැට් හෝදන්න කියාවි...උන්ට පුලුවන් ගිහින් පයිප්පෙ අල්ලලා එන්න විතරයි හෝදන්න බෑ...පොඩි පගයි....

චූටියා....මොකද කරන්නෙ.....මම කොමර්ස් එකෙ කියලා දැනගත්තොත් එහෙම මට අද තූක රසා පේන්න ගහයි.....මදැයි....විරහා වේදනාව සමනය කරගන්න කියලා ආවා.....

පොඩ්ඩක් කට පියන් ඉදුකෝ.....

බැරි වෙලාවත්....මොකක් හරි උනොතින්....

කෝකෝ....නැගිටපියව්...නැගිටපියව්...මෙතන සින්දුව කිව්වෙ දෙන්නයි....දැන් තොපි ඔක්කොම එකෙක් පාවා දෙන්න බැරිකමට වීර පට්ටම ගන්න හිතාගෙන ඔක්කොම එහෙම නැගිටිනවා නෙවෙ ආ....

අනේ...චිම්තක...අද නම්....හා හා පුරා කියලා අතට ගත්තු දරු පැංචන්ට ගෞරවයත් නෑ...බුදු සරනත් නෑ.....

මුලු පන්තියම මීයට පිම්බා වගේ තිබුනා...බෙල්ල කැපුවත් පාවා දෙන්නෙ නැති උන් ඉන්න පන්තියක උන්න මායි ලොකුවයි අනිත් උන් දිහා බලලා ඇස් කරකවනකොට උනුත් කිව්වෙ එපා නැගිටින්න කියල වෙනකොට මගෙ ගාව උන්න සැලා මරු කියවන්න ගත්තා....

ලොකුවා...ඒ බන්...මේක හරියන්නෙ නෑ

ඒක තමයි...එක්කො...අපි දෙන්නා ස්ව කැමැත්තෙන් නැගිටිමුද... 

ම්ම්ම්....ඔක්කොටම කලින් පොරොන්දු වෙයන්...ඇදිවත රකිනව කියලා....

මං සැලාගෙ අත මිරිකුවා...තව වෙලා යන්න යන්න පින්වත් පිනාට අධි රුධිර පීඩනය එන හන්දා මමයි ලොකුවයි නැගිටින්න තීරනේ කරන ගමන් වක්කඩක් වගේ කටක් තිබුන සනාශ්ගෙන් පොරොන්දු ගත්තා ....ඌ පොරොන්දු උනා...හැබැයි...ඌ එතනත් මම දිවුරා පොරොන්දු වෙමි කියලා කියපු කෑල්ල මට දිරෙව්වෙ නෑ....

උඹෙයි මගෙයි ඇදිවත සුරකින බවට දිවුරා පොරොන්දු වෙමි....

ස්...සර්...

ආ.....ඔය ඉන්නෙ...ඔය ඉන්නෙ.....ඉස්සරහට....ඉස්සරහට....

ගායකයො දෙන්නා ඔහොම්ම ඉස්සරහට ආවා නම්...

මං සැලාව හිමින් සැරේ ඉස්සරහට තල්ලු කරන ගමන් ඉනෙන් පහලට කරන් උන්න ...විනය බාර සර්ලගෙ බාසාවෙන් කියනව නම්..." පුකෙන් පහලට" ඇදන් උන්න කලිසමත් බුරියට උස්සන ගමන් ඉලන්දාරි කමට.. උඩින් දාන් උන්න ශර්ට් එකත් යට කර කර ඉස්සරහට යනකොට අනේ...අපේම කරුමෙට පිනාගෙ ජිල් බෝල ඇස්වලට මේස රෙද්දෙ තිබුන දුඹුරු පාට පැල්ලමත් අහු උනා....

කවදද බොලව් මේස රෙද්ද අවසානෙට හෙදෙව්වෙ ....?

සර්...යට ගිය දවසට සෑහෙන මෙහා...ඌව්හ්...

කටවහන් ඉදුකො....උඹ මගෙ "ගර්බාස මේට් කියන්නත් මටම ලැජ්ජයි

මොකක්....

වූම් මේට් යකො...වූම් මේට්

මූ නම් පටන් ගන්න තැනම කා ගන්නවා.....එන්න කිව්වෙ එක වැරද්දක නඩු කතා කරන්න මු හදන්නෙ තව තව වැරදි වලට නඩු ෆයිල් කරන්න....

අද යනකොට මොකෙක් හරි එකෙක් මේක අරන් ගිහින් හෝදපියව්....තොපිට අකුරු සාස්තරේ පිහිටයිද ගුරුමේසෙ රෙද්දටම මෙහෙම කරලා තියනකොට ...මේ...මල්පෝච්චිය විතරයි...මල් නෑ....හුනු කොට්ටෙ අවුරුද්දකින් ගසලා නෑ...කෝ රෙකෝර්ඩ් බුක් එක...රෙජිස්ටරෙ.....මොකාද නායකයා....කෝ මේකෙ ශිශ්‍යනායකයා...වරෙව් දෙන්නම ඉස්සරහට....

හරි.....අද හරි.....අද නම් අපි හැමෝටම 33kdp!!

අපි දෙන්න ගුරුමේසෙ ගාව හිටගන ඉන්නකොට දෙයියනේ කියලා පන්ති නායකයටයි ශිශ්‍යනායකයටයි එන්න කිව්වා වගේම උන් දෙන්නත් උන්ගෙ ඇදුම් හද හද ඇවිදින් ලොකු උන්නැහැ ගාවින් හිටගත්තා ....දැන් ඉතින් තියෙන්නෙ නමෝ විත්තියෙන් කියලා බැනුම් අහන්න.....

දැන් තොපි මේ පන්තිය බලාගන්න හැටිද.....ආ?

......

ආ....අපෙ සෞඛ්‍ය සර්ගෙ පුතන්ඩියත් ඉන්නවා...කෝ බොල තොගෙ ශිශ්‍යනායක බැජ් එක....

ත්...තියනවා සර්...

කො කොහෙද....?

බ්..බෑග් එකෙ...

බෑග් එකෙ....මොකාට ගහන්ඩද බොල බෑග් එකෙ තිබ්බෙ ..ගන් ගන්...

න්..නෑ...සර්.....මේකයි....මේ...ලෞකික....ලෝකෙ සැපතට...ආස කරන්ඩ එපාය කියලා තියනවනෙ...මෙ කාම ලෝකෙට ආස කරන්න එපාය කියනවනෙ....

මගෙන් වදුරු කුනුහර්ප නාහ ගන් බැජ් එක....ආවා මෙතන වැදි බන කියන්ඩ....

වේවැල එහා මෙහා කර කර උන්න පිනා අරූට බැජ් එක ගහගන්න කියනව එක්කම හේතු සාදක කියන්ඩ ගිහින් හොද පදෙන් අහගත්තු ඌ විදුලි ආදා වගේ කඩගන බිදගන බෑග් එක ගාවට යනකොට පන්ති නායකයා හෙමින් සැරෙ බිම තිබ්බ කුනු වලට පයින් ඇන ඇන එහා මෙහා හංගන ගමන් උන්නා..

හරි..උඹලා දෙන්නා ඔහොම්ම ඉදපල්ලා....මං උඹල දෙන්නගෙ නඩුව පස්සෙ විසදන්නම්....ඔය ශිශ්‍යනායකයා..කියපන් ඩියුටි යන ක්ලාස් එක මොකක්ද කියලා

දහය..වසර සර්...

සතියක් යනකන් ප්‍රයිමරිය බලපන්....

අනෙ..සර්....උන්..යක්පැටව්.....

යක් පැටව්....යක්පැටව් නෙවෙ...ඥන් පඥන් නෑ.....උඹට සතියක් බැජ් එක නැතුව ඉන්න ඕනෙද....නැත්තන් සතියක්

මං බැජ් එක නැතුව ඉන්නම් සර් ඒක සැපයි....

මගෙ හුස්ම හිරවෙන්න ආවා...මැදිවයසෙ වගෙ ඉන්න පිනාගෙ මූන දෙල් වෙලා ගියා.....අරූ ගත්ත කටටම බැජ් එක නැතුව ඉන්නම් කියනකොට කන්නාඩි දෙක නහය ගාවය පහත් කරලා කන්නාඩිය උඩින් අරූගෙ මූන දිහා බලපු පිනා ඊළඟ පාර කට අරින්න යනවත් එක්කම අරූ අර ප්‍රින්ටින් මිස්ටේක් එක හදාගත්තා...ඇත්තටම එවෙලෙනම් පිනාගෙ රූප සොබාව මැටිල්ඩා එකේ ට්‍රන්ච්බුල් වගෙ.....

න්..නෑ...සර් මං බලාගන්නම්....

ම්ම්ම්...හරි...ඔහොම හිටන් ඉදින්....පන්ති නායකයා...උඹ...කෝ රෙකෝඩ් බුක් එක.....

.ඒක තමයි...කෝ...සර්...රෙකෝඩ් බුක් එක...

මගෙන්ද අහන්නෙ.....මෙතන තියනවා නම් මං උඹෙන් අහනවද...?

ඒකනෙ....සර්...අහන්නෙ....නෑනෙ.....

කියපන් කෝ නාම ලේඛනේ...

ඒකත්....නෑනේද....සර්....බලන්ඩකො...මං උදෙම්ම ගෙනත් තිබ්බනෙ...

කට වහපන්....යමන් පස්සට ගිහින් හිටගනින්....උඹ සති දෙකක් යනකන් මුලු ඉස්කෝලෙටම නාම ලේඛනෙයි රෙජිස්ටරෙයි බෙදන්ඩ ඕනෙ හරි...දැන් පලයන්....

මායි සනාශයයි මීයට පිම්බා වගේ උන්නා...මොකද...මීළඟ නඩු වාරෙ මගෙයි මගෙ නිවුන්නගෙයි ...ඒ විතරක් නෙවෙ...අරු එහා පන්තියෙ....මුගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මූව බේරන්ඩ දෙවියන්ටත් බෑ.....

හරි...දැන් තොපි දෙන්නා....මෙ අර හොරොව්පතානෙන් ආව.....

සැලයි තාරාවයි සර්....

මට වහ කන්න හිතුනා...මෙච්චර මගුලක් වෙලා තියනකොට පුපුරන්න තියන බෝම්බෙට එකෙක් පෙට්‍රල් විසි කෙරුවා ....එක වචනයයි මුලු පන්තියම හූ තියලා හිනාවෙනකොට මුලු ඉස්කෝලෙම ගෞරවාදරයට පාත්‍ර උන හෙඩාගෙයි ඩිපූටියගෙයි රන් කදවල් දෙක ටිකින් ටික මලකඩ කන්න පටන් ගත්තා.....

සැලයි තාරවයි...කෝ මෙතනින් ඔය සැලා කියන එකා...

මමයි සර්.....

එතකොට තාරාවා...

ඒ මූ සර්.....

මොකක්ද දැන් ඔය තොපි කිය කිය උන්න සින්දුව..

ඒ තූක රසා..ආය අහන්න ඕනෙද සර්

මම බිම බලාගන උන්නා...ඩිපූටියගෙ නම්බුව අරූ නම් හිටගනම කනකොට හෙඩ් පොපිට් අයියා නැති උනත් එ නම්බුව රකින්න ඕන හන්දා මං මගෙ කුඩික්කි කට වහන් දෙයියනේ කියලා දැන් තියන පීරියඩ් එක මොකක්ද බැලුවා..මොකද...මගෙ මොලේට අනුව.....මේ පිනා ඊලග ප්‍රශ්නෙ අහන්නෙ පීරියඩ් එකට අනුව...

ඔව්....ඇත්තටම අද ගෞරවයෙන් බුදු සරනයි....සිංහල...ඒකත්...ව්‍යාකරණ...!

නෑ..නෑ...මට ඔය අන්ඩර දෙමල අහන්ඩ ඕන් නෑ...කියපන් බලන්ඩ වෙන එකක්...උඹලට සාහිත්‍ය කවයට එන්ඩ කියලා සින්දුවක් කියාගන්ඩ බෑ....මෙතන බජිව් දාන්ඩ පුලුවන්....

ස්..සර්....මායි මූයි දෙන්නම කියන්ඩද...මගින් හමනී කරන එකක් වත් කියන්ඩ සෙට් උනොත්...

මොකක්....හාමිනෙ කරන්ඩ....?

නෑ නෑ සර් හාමිනෙ නෙවෙ...හාමනි....හාමනි..සර්ට ඕනා නම් උදාහරනයක් දෙන්ඩද.. ..

අනේ ලොකුවා කට වහපියකො...

නෑ නෑ ඉදපන්කො....හාමනි කියන්නෙ සර්....හාමනීමත් නෙවෙ...මගෙ සයිඩ් ගායනේට...

ආ කියපන්කො බලන්ඩ උඹගෙ උදාහරනේ....

මං යටි තොල හපාගන අහක බලාගත්තා ....අනේ මුනිතාස අයියේ...අද නම් නොමබර දාහතේ නොම්බර නෑ...අහසට යන්ඩ සලුපොටවලුත් නෑ.....

එහෙනම් උදාහරනෙ ඉදිරිපත් කරනවා සර්.....

මට නුඹ හිම් නැති බැවු

සිත නෑ...අදහන්නෙ.....දැන් සර් මේකෙ රෙසා රෙසා රෙසා මගරෙසා කෑල්ල මූට කියන්න පුලුවන්නෙ...නේද චූටියා ..මූ දස්සයා සර්...

අනේ ලොකූ මීට වැඩිය හොදා...යී....

මට දුවන්ඩ හිතුනා..මේ තට්ටුවෙන් පහලට පනින්ඩ හිතුනා....ඒකට නම් පිනාටත් හිනා ගියා ...මුලු පන්තියම කෑ ගහලම හිනා වෙනකොට මූ සායම යවන්නෙ නෑ කියලා දිවුරුම් දුන්න හැටි මතක් වෙච්ච මට වහ කන්න හිතුනා....

නෑ...ඒක ඕන් නෑ...උඹ වෙන එකක් කියපන්...අරූට වෙන එකක් කියන්ඩ කියපන්....ඒ කරලා ලබන සතියෙ උඹලා දෙන්නා සාහිත්‍ය කවේට සින්දුවක් කියන්ඩ ඕනෙ....කෝ...කෝ...පටන් ගනින්....මං බලාගන අරූ නාට්‍ය කන්ඩායමෙත් ඉන්නවනෙ...

ඔ..ඔව් සර්...අපේ එකා දස්සයා.....හොරොව්පතානෙ කින් ඛාන් කියන්නෙ මූට....

ඇත්තටම තොගෙ ඔය පෙට්ටි කට වහන් ඉන්න බැරිද කියපියකො

පොඩ්ඩක් හිටපිය මං මේ තත්වෙ පාලනේ කරනවා....මේ මූඩ් එකේම තියාගත්තොත් දඩුවම ලිහිල් වෙයි...දඩුවම දරුනු උනා කියන්නෙ...චූටි අයියා ලොකු නැන්දගෙ කනට තියනවා..එතනින් එහා උඹටයි මටයි දෙවියන්ගෙ බැල්මවත් වැටෙන්නෙ නෑ ඒක උඹ දන්නවනෙ.....සුධාට බූවල්ලක් හනස්සක් අහු උනාම ආය දේවාලෙ ගිනි පාගන එකා වගේ.....

සංකෘතිය රකින්ඩ කියලා අපිව මරා ගන්නවට වඩා හොදයි...සංකෘතිය මරාගන අපිව රැකගන්න එක... මේක මං කියපු කතාවක් නෙවෙයි චූටියා දෙවනි වලගම්බා රජ්ජුරුවො දෙල්කද හන්දියෙ ඉදන් පපඩම් බදින ගමං කිව්ව කතාවක්...

මං අරූව කෙනිත්තුවා...උගෙ පෙට්ටි කට පැයට කිලෝමිටර් එකසිය විස්සක වේගෙන් එහාමෙහා වෙනකොට මේ ඔක්කොම කරන්නෙ අපි දෙන්නව බේරගන්නයි කියලා කියද්දි මට දෑස පලාගන කදුලැලි එන්න ගත්තා...

ඇත්ත..උඹ කියන කතාව හරි...උඹගෙ මොලේ තරම දැකලා මගෙ ඇස්වලට ගාමිනි ආවා...මං කඳුලු!

හ්ම්..හ්ම්...දැන් කියපල්ලකො බලන්ඩ...උඹලට හැකියාව තියනව නම් එව්වා යොදවන්න ඕන විදි තියනවනෙ.....

මොකක්ද චූටියා අපි කියන්නෙ...

මං දන්නෙ නෑ බන්...මට බය ඔය ඔහොම ඉදලා...ඉදල පිනා සටපට සත්ත පඩි වෙන්න ප්‍රශ්නයක් ඇහුවොත් උඹටයි මටයි සහිත්‍ය කව පෙන්නයි කියලා ....

මං පෙට්ටි කටාගෙ කනට ආයමත් කුටු කුටු ගෑවා....මුලු පන්තියම හිනාව තදකරන් ගල් ගිලල වගේ බලාගන ඉන්නකොට අපි දෙන්නගෙ සින්දුව අහන්න බලන් උන්න පිනාගෙ මූන තත්පර දෙක තුනකට නිරෝසා විරාජින් වගේ වෙලා තිබුනා...

මං පටන් ගන්නද චූටියා...සයිඩ් එකෙන් දීපන්.....එහෙම පච වෙන්න බෑ...මොකද අපිට සින්දු කියන්න බැරි උන් නෙවෙනෙ..

ම්න් ම්න්....

මං එකේ ඉදන් දහයට ගැන්නා....ඒ අස්සෙ අරූ උගුරෙ රැල් බුරුල් කෙරුවා ...මුලු පන්තියම තත්පර ගානකට හිරු ස්ටාර් වෙලා යනකොට අරූ පටන් ගත්තා....මාත් මැදින් පනින්න හිත හාදා ගත්තා

" ඉස්කෝලේ යාලුවෙක් මේ...ලගඳි බැන්දේ

සූට් එකක් දාගත්තෙ කාලෙකට පස්සෙ..

ලස්සන කෙල්ලෙක් දැක්කා

කොක්ටේල් එක මැද්දෙ.....

අර ඩයස්ගෙ නංගිද....?"

"බුදු අම්මො ලස්සන...!!"

"ඈ.....නම් සුර අඟනක් වැනිය...."

"බොන්න වෙන්නෙ දම්මික පැනිය...."

ඇති..ඇති...නවත්තපියව් ...නවත්තපිය...ඔහොම ගියොත් උඹලට ඒලෙවල් වලට යන්ඩ වෙන්නෙ දම්මික පැනි බීලා....මොනවද දැන් තියෙන්නෙ ගනිල්ලා බලන්ඩ පොත් ....

ඇයි සර්.....පිචින් අවුට්ද.....

පිචින් අවුට් උනා නැතා නවත්තපන්....කියපන් දැන් තියන විශය මොකක්ද..?

සිංහල සර්...

සාහිත්‍යද...

නෑ...

හරි..හරි....ගනිල්ලා පොත්...

සර් අපි දෙන්නා.....

ගිහින් ඉදගනිල්ලා.....උඹලා දෙන්නා ලබන සතියෙ මොකක් හරි දෙයක් කෙරුවෙ නැත්තන් බලාගමු.....

මං පුටුවට දිව්වා.....සැලත් අපේ පන්තියෙ එකෙක් වගේ දූවලා ගිහින් මට එහා පැත්තෙන් හිස් පුටුවෙන් ඉදගන්නකොට පොත පෙරලපු සර් අනිත් අතට පොත වහල දාලා අපි දිහා බැලුවා.....පස්සෙ කලු ලෑල්ල ගාවට තඩි අකුරෙන් මොනවදෝ ලිව්වා....

නිර්මාණාත්මක වාක්‍ය...

..හරි...උඹලට මේක පේනවා...දැක්ක ගමන් දැන් උඹලට හිතෙන්නෙ....සරලයි...සුන්දරයි....ඔව්වා නම් කිරි කජු....ඔව්වා ලිව්වෙ පොඩි කාලෙනෙ..ඔහොම...ඒත්..විභහගෙට ගියහම රසාස්වාදයක් ලියනකොට හැම තැනටම දාන්නෙ එකම වචනෙ...ලියාගන්ඩ බෑ.....පොතක් පතක් බලන්නෙ නෑ....

එහෙම බෑ...උඹලා දෙයක් ලියනකොට....ඒක කියවන එකාට ඒකෙ හැගීම දැනෙන්ඩ දෙන්ඩ ඕනා...ලියන එකාගෙ හිතේ තියෙන්නෙ මොනවද...ඒකා ඒක ලියනවා වගේ...ලියන එකා දැනගන්ඩ ඕනා..මේක කියවන එකාටත්...තමන්ට දැනෙනවා හා සමානවම දැනෙන්ඩ දෙන්ඩ...තේරුනාද....

සරල විදිහට ගත්තොත් ‍රසාස්වාදෙකදි හරි...මොකකදි හරි ලියන එකා ලිව්වොත් අපේ ගෙදර බල්ල මැරුනා ඔහොම...ඕක ළමයි බැලූ බැල්මට වේදනාව දැනේනඩ ඕන වාක්‍යක් උනත්....ඔය වචන අස්සෙ කිසිම වේදනාවක් නෑ....එතකොට සිද්ද වෙනවා...සංයමයෙන්...ලියන්ඩ.....සමහර වෙලාවට...අතිශයෝක්තියෙන් ලියන්ඩ....කියවන එකාහගෙ ඇහැට කදුලක් දෙන්ඩ නම්...ලියන එකාට සිද්ද වෙනවා...මෙ සිංහල භාශාවෙ තියන පාවිච්චි කරන්ඩ පුලුවන් දරුණුම වගේම සංවේදීම වචන ලියන්ඩ.....

අපේ ගෙදර බල්ල මැරුනා කියන එක ලියන්ඩ පුලුවන් ...සාගරයක් තරමට ආදරයක් දුන්..ආපිට එක බිදුවකින් තරම් වත් ආදරයක් බලාපොරොත්තු නොවූ ආදරනීයම තෙත නහය සදහටම මේ තිරිසන් ආත්මයෙන් නිදහස් වෙලා උන්නා.....

ඔන්න ඔය වගේ...මන් මෙ නිකන් කිව්වේ....හරි....

සර්.....

කියපන්....

ලොකූ...ඒ පාර මොකද.....අනේ නිකන් ඉදුකො යකො.....

මාව නලියන්ඩ ගත්තා...ජෝකර් මූඩ් එකෙන් සීරියස් මූඩ් එකට මාරු වෙලා උන්න පිනා එක පාරම මගෙ මගෙ ගාව උන්න සැලා දිහා බලලා කියපන් කියනකොට මං හිත යටින් පුලුවන් තරම් දෙයියො යැද්දා මුගෙ පෙට්ටි කට සදහටම වහලා දාන්ඩ කියලා ...

දැන් සර් ඕක.....බල්ලෙක්‍ටනෙ.....මනුස්සයන්ටත් පුලුවන්ද ....ඒ කියන්නෙ...කරන රස්සාව අනුව එහෙම ...

කරන රස්සාව අනුව....

ඔව්.....දැන් ...උදාහරනෙකට ගත්තොත්.....හිතමුකො සර්....ගමේ පොල්කඩන උන්දා හරි....මාලු අල්ලන උන්දා හරි කාලක්‍රියා කෙරුවා කියලා ...

ඉතින්....

ඉතින් ...අපිට බැරිද...ඒකට....දිගට නැතුව....ඒ හැගීම් ඔක්කොම දිග ඇරලා ලියන්නෙ නැතිව ගුලිකරලා ලියන්න....

.....කියපන් බලන්ඩ උඹගෙ ගුලි කෙරිල්ල.....

දැන් සර්....හිතමුකො මාලු අල්ලන උන්දා කියලා ....එතකොට ලියනවා...

මාලු ඇලේ පාල වලේ....ඒත් නැත්තන් මාලු හට්ටියෙ..පාල පෙට්ටියෙ.....

ආ...නැත්තන්...කලටි හඩයි ඔබ නිහඩයි....ඒ එකත් බැරිනම් කොච්චර වලු බිම දැම්මත් එක වල්ලයි ළඟ තිබුනේ වගේ.... ඒකත් බැරිනම්...

පිනාව නිල් වෙලා ගියා.....මට වහ බොන්න හිතුනා....මුලු පන්තියේම උන්ට සෙවනගල ගුලි කැවිලා වගේ හිනා යනකොට මං බලගන කොට බිත්තියට හේත්තුවේගන කවුරු හරි බලන් ඉන්නවා....

ඩිපූටියා ....දෙයියනේ ඩිපූටියා.....එකා අපේ එකාගෙ සිරික්කිය දැකලා දත් මිටි කනවා....

අමොර්...අමොර්....

පිච්චමල්බිසව්තමෝ !!වැදගතාට තරහ ගිහිල්ලා.....හරිම අගෙයි....හරිම අගෙයි.....නම්බුව මත්තෙ නැහෙන තැනැත්තාගෙ "වේස" නිරූපන හැකියාව නම් හරිම අගෙයි...

අද නම් ලොකුවට යන්න තැනක් හොයන්න වෙනවා..එහෙන් උගෙ පෙම්වතා බයිසන් හරකෙකු හා සමානව කුලප්පු වේගන උගෙබැජ් එක මිරිකන් ඉන්නකොට මෙහෙන් ඉස්කෝලේ මුදුන් ලීයට තද වේගන ආවා...

මේ ගැන වගේ වගක් නැති සැලා උගෙ පෙට්ටි කට එහා මෙහා කර කර කියවනකොට උගෙ අවදානෙ මගෙ පැත්තට ගන්න සිය පාරකට වඩා කැස්ස මට අවසානෙදි ක්ශය රෝගෙට ආවා....

තව මොකුත් ඕන් නැ...ඉදගනින්...ඉදගනින්...උඹ ඇවිල්ලා පව් කරලා ඒ පවු මලවුන්ට අනුමෝදන් කරන ජාතියෙ එකෙක්...ඉදගන්...ආවා මෙතන කලටි හඩයි ඔබ නිහඩයි ...

සනාශ් ...

ස්..සෙනූ...

එනවා ක්ලාස් එකට යන්න....

ද්...දැන් ක්ලාස් එකෙ කවුරුත් නෑනෙ...සෙනූ...බබීත.....

තමුසෙ එනවද...නැත්තන් ....මං ඇවිත් තමුසෙගෙ බෙල්ලෙන් අල්ලන් යන්නද....

ම්හුක්...නිරූගෙ අයියත.....බුතු අම්මො....වසකම!!

මූ.....නම්..සාතන් වැනිය...බොන්න වෙන්නෙ..... ධම්මික පැනිය....

අනේ...චූටියා.....සුධාට කියපන් අද දවල්ට බත් එපාය කියලා....

ලොකුවා යන්න ගියා මලෙන් උන්න ඩිපූටියට දැන් නහරයක් ගහලා යයි...දැන් නහරයක් ගහලයි කියලා හිතෙන තරමට උගෙ මුනෙ තිබුන ඉරියව් වෙනස් වෙනකොට අවසානෙදි මරන්න ගෙනියන එලුවෙක් සමානවම ලොකුවා ඩිපූටියා එක්ක යන්න ගියා....

දහයයි විස්සයි....බෙල් එක වැදුනා...ඉන්ටර්වල් එක පටන් ගත්තා ලොකුවට නම් අද අමුතුවෙන් කන්න දෙයක් ඕනෙ නැතිව යයි..ඌට අරූ අද හොදටම කවයි.....

සාක්කුවට අත් දෙක දාගත්තු මං හිමින් හිමින් පඩි පෙල බැස්සා...මෙච්චර වෙලාම හිනා උන මගෙ හිනාව....එක තත්පරේකින් මැරිලා ගියා...

" නිර්වාන් ....."

වෙනදට කොහේ හරි තැනක ඉදන් මගෙ දිහාම බලන් ඉන්න ඒ ඇස් දෙක අද නෑ....මෙච්චර ළමයි ගොඩක් මැද මට මහා හිස්කමක් දැනෙන්න ගත්තා...එයා මොනවා කරනවද...කෑවද බිව්වද....මේ මොකුත් නොදැන මගෙ හිත එයා ගැන හරියට වද වෙන්න ගත්තා..... හුගාක් ලොකු සීමාවන් පන්නන්නෙ නැති උනත්....හොරෙන් දෙන ලියුමක....බෙඩ්ශීට් එකක් අස්සෙ රිංගන් යවන මැසේජ් එකකක...කාටත් හොරාවට අතින් අල්ලනකොට .....කවුරුත් දකින්න කලින් දෙන පුංචි හාදුවක පුදුම තරම් ආදරයක් හැංගිලා තියනකොට ....ඒ ආදරෙ දෙන නිර්වාන් නැතුව මුලු ඉස්කෝලෙම පාලුවය ගිහින් තිබුනා..... ..

ඇන්ටි බිත්තර බනිස් දෙකාක්....

ඇන්ටි කිරි පැකට් එකක්....

ඇන්ටි බත් එකක්...

කැන්ටින් එක උතුරනවා...මම නිර්වාන්‍ට ආදරේ කරන්න ගත්ත දා ඉදන් කවදාවත් මේ කැන්ටින් එක ගාව හිර වෙලා නෑ.....මම එන්නත් කලින් එයා මං ආස කරන දෙයක් අරගන බලාගන උන්නා...

මගෙ චූටිට බඩගිනිද.. 

මගෙ චූටිට මහන්සිද.....

කියවනවට වඩා අහන් ඉන්න දක්ශ මගෙ නිර්වාන් කතා කරන්නෙ වචන දෙක තුනක් උනත්...අනේ ඒ වචන දෙක තුන අස්සෙ පුදුමාකාර ආදරයක් තිබුනා...

නපුරු කම.....තද කම...ඉහවහ යන තරහව....මෙ හැමදේම පැත්තකින් තිබ්බම...නිර්වාන් කියන්නෙ....ඇත්තටම කවදා හරි දවසක..ආදරනීයම සැමියෙක්...ආදරනීයම අප්පච්චි කෙනෙක් වෙන්න පුලුවන් කෙනෙක් බව...මං හැමදාමත් එයාගෙ ආදරේ අස්සෙන්....ඒ පුංචි පුංචි ස්පර්ශයන් අස්සෙන් දැක්කා....

ආදරේ කරන්න මහාලොකු දේවල් ඕනෙ නෑ...මහා ලොකු තෑගි ඕනෙත් නෑ....ආදරෙ කරන කෙනා වෙනුවෙන් එක විනාඩි පහක් වෙන් කරන්න තියනවා නම්...මං හිතන්නෙ ඒක තමයි ආදරේ පරිසාමාප්තිය....තමන්ගෙ කාලයෙන් එක විනාඩි පහක් වෙන්කරනවා කියන්නෙ....ඒක ඇත්තටම සල්ලි දීලාවත් ගන්න බැරි දෙයක්....

මට ඕනෙ එක දෙයයි...මගෙ අප්පච්චි අම්මට ආදරේ කරනවා හා සමානවම...නිර්වාන් මටත්...මම නිර්වාන්ටත් ආදරෙ කරන්න.....

අපි තවම සීමාවල් වලින් හුගාක් මෙහා ඉන්න උන්..දවසක් ඒවි...ඔය සීමා බිදෙන....මේ ලද බොලද ආදරේ හරි සංකීර්න වෙන....මට ඕනෙ.....කාලෙ මිනිස්සුන් කොයි තරම් වෙනස් උනත්...මේ ඉන්න සයාශ් ම වෙන්න...මේ ඉන්න නිර්වාන්ම මේ විදිහටම මට ආදරෙ දෙන්න...

බඩගින්න පේනතෙක් මානෙක නැති මම පපුව පිරෙන්න ලොකුම ලොකු හුස්මක් අරගන පිහිඹියා ගහයට තිබුන බෙංච් එකට වෙලා ඉදගන මගෙ නිර්වාන් දැන් මොනවා කරනවා ඇතිද.....කාලා ඇතිද....කිය කිය නානාප්‍රකාර දේවල් කල්පනා කෙරුවා .....

සයාශ් ....

ස්.....සංජන....

මාව ගල් ගැහිලා ගියා....ගැස්සිලා ගියා...නිර්වාන් ගැන කල්පනා කර කර උන්න මගෙ හීන ලෝකෙ එක පාරම කෑලිවලට කැඩිලා ගියා.....

සංජන...මගෙ ඉස්සරහා හිටන් උන්නෙ සංජන වෙනකොට කිව්වට ව්ස්වාස කරන්න මං මුලින්ම කෙරුවෙ වටපිට බලලා ශෙනිරුව හොයපු එක...

දැක්කොතින් මාව මරාවි.....

මොනවද හොයන්නෙ...

ආ..ආ..මේ අපෙ සැලාව....

මේක ඔයාට....

මයිලො එකක්....සංජන මගෙ දිහාවට මයිලො එක්ක් දික් කෙරුවා ...අරගනත් බෑ...අරන් නොගෙනත් බෑ...මොනව උනත් සංජන ඉන්නෙ මගෙ නිර්වාන්ගෙ ගෙදර ..මං ගන්න බෑ කිව්වොත් හිතාවි නිර්වාන් මට උගන්නලා කියලා ....

කමක් නෑ...අරගන්නවා....

Thank you...

.ලාවට හිනා උන මං මයිලෝ එක අතට ගන්නකොට සංජනත් මගෙ ගාවින් ඉදගත්තා ....

ප්‍රසිඩන්ට් එකට වඩා මේ ඉස්කෝලේ මරු හැබැයි.....

එහෙමද....

හ්ම්ම්...ළමයි...ගුරුවරු ....ඔක්කොම හොදයි.....

ම්ම්ම්ම්

මං එහා මෙහා යන ළමයි දිහා බලන් උන්නා.....එයා කියනවා මේක ප්‍රසිඩන්ට් එකට වඩා හොදයි කියලා .....මම හූ මිටි තියනව ඇරුනම විස්තර නාහා උන්නා.....

අනික...මෙහෙ හරි ලස්සනයි....ආස හිතෙනවා...හයික්ලාස් ළමයි විතරක් නෙවෙ ඕනම තරාතිරමක ළමයි මේකෙ ඉන්නවා....

සංජන.....

සංජන හෝ ගාලා කියවන් යනකොට මං ඈත තිබුන මැයි ගහ දිහා බලාගන සංජනට කතා කෙරුවා ...මැයි මල් පිපෙන්න තව කල් තියනවා...

කියන්න....

මගෙ නිර්වාන්ට කොහොමද....මං අහන්නෙ....එයාට...ඇගට අමාරුද හුගක් ....

මං සංජන දිහා නොබල තවමත් මල් පිපුන් නැති මැයි ගහ දිහා බලාගන සංජනගෙන් මගෙ නිර්වාන් ගැන ඇහුවා....මන් අහගන එයා ලොකු හුස්මක් ගත්තා ...

හුරුවෙනකන්....වේදනාවක් දැනේවි.....මං කරන්න ගත්තෙ එක හේතුවකට.....එයා කරන්න ගත්තෙ වෙන හේතුවකට....ඒ කොහොම උනත්....නිර්වානුයි මමයි අසරනයි සයාශ් ...මම ඔව්වලට ඇබ්බැහි උනෙ.....ඩැඩාගෙ ආදරේ ගන්න....attention එක ගන්න..මායි අම්මයි කියල දෙන්නෙක් මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා එයාට දැනෙන්න දෙන්න....නිර්වාන්ට ඕනෙ තනියෙන් ජීවත් වෙන්න....සල්ලි හොයන්න...මමවත්...නිර්වාන් වත්...ගෙදරින් පිට ගිහින් ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු නෙවෙ සයාශ් ....මගෙ අම්ම ඩැඩාව අතාරින්න කිව්වත්...මං ඩැඩාව අතෑරියත් ..අපි තවම දෙමව්පියන්ගෙන් යැපෙන මිනිස්සු...මේක බටහිර රටක් උනා නම්....ඉස්කෝලේ ඇරිලා අපිට තිබුන පාර්ට් ටයිම් ජොබ් කරන්න.....පොකට් මනී හොයා ගන්න...ඒත්...අපේ ඩැඩලා වගේ මිනිස්සු මේ රට කරන තාක්....මං හිතන්නෙ නෑ...අපිට කවදාවත් ඔලුවක් උස්සන්න පුලුවන් වෙයි කියලා .....

ම්ම්ම්ම්ම්...

.....

නිර්වාන්ගෙ අම්මා කොහොමද ...එයා මගෙ නිර්වාන්ට සලකනවද සංජන....?

මං තව වත් සංජනගෙ මූන බැලුවෙ නෑ...අතේ තිබුන මයිලෝ.එකෙ සීතල වතුර බින්දු මගෙ අතම හිරිවට්ටවනකොට මං ඒ අතින් අනිත් අතට මාරුකරුවත්...සංජන දිහා බැලුවෙ නෑ.....මං කෙරුවෙ ඉස්සරහ බලාගන ප්‍රශ්න අහපු එක විතරක් වෙනකොට ..සංජනත් කෙරුවෙ අහන අහන එකට උත්තර දීපු එක....

නිර්වාන්ට සලකනවද..... උත්තරේ දැන දැන ..ඇයි සයාශ් මගෙන් අහන්නෙ...ඒ මනුස්සයා නිර්වාන් ආස මොනවටද කියන්නවත් දන්නෙ නෑ...වෙලාවකට මට හිතෙනවා...මෙතනින් වැඩියෙම්ම අසරන නිර්වාන් කියලා සයාශ් ...එයාගෙ අප්පච්චි ...මං හිතන්නෙ ඒ මනුස්සයා නිර්වාන්ව අතාරින්න එකම හේතුව ....ඩැඩා වෙන්න ඕනෙ...

උන් කරන්නෙ...මාව වගෙම නිර්වාන්ව පාවිච්චි කරන එක.....මේ දවස් වල සෝශල් මීඩියාවල තිබුන ප්‍රශ්නත් එක්ක ඒවා වහන්නද කොහෙද නිර්වාන්ගෙ අම්මා මට පුදුම විදිහට ආදරෙ කරන්න පටන් අරන්.....එතකොට දකින මිනිස්සු හිතන්නෙ මේ ගෑනි මට ආදරෙයි කියලානෙ....

පිස්සු...

ඒ ගෑනි මම කන බොන දේ ගැන අහනවා බලනවා...ඒත් තමුන්ගෙ පුතාට වතුර උගුරක් වත් ගිහින් දෙන්නෙ නෑ....

මං අහගන උන්නා...සංජන ඇහැට දකින දේවල්..කනට අහන දේවල් එකින් එක කියනකොට මන් අහන් උන්නා....

සංජන.....

එයා යන නැගිට්ටා නටුවෙන් ගිලිහිලා ආව පිහිඹියා කොලයක් කැරකි කැරකි ඇවිදින් මගෙ කකුල උඩ නවතිනකොට මං ඒ කහ පාට ගැහුන පිහිඹියා කොලේ මගෙ ඇගිලි තුඩුවලින් අල්ලන් එහා මෙහා කැරකෙව්වා ...මට ඕන එක දෙයක් දැනගන්න....නිර්වාන්ට සලකන විදිහ ඇස් දෙකට දකින සංජනට නිර්වාන් එයාටත් වඩා අසරනයි කියන එක දැනුන එකම මට ලොකු සැනසීමක් වෙනකොට මට තව එක දෙයක් සංජනගෙන් අහලා දැනගන්න ඕනා උනා....

ඉන්ටර්වල් එක ඉවර වෙන්න වැදුන බෙල් එකත් එක්කම මගේ ගාව ඉදන් උන්න සංජන නැගිටිනවත් එක්කම මං සංජනට ආයම කතා කෙරුවා ....

කවදා හරි දවසක....නිර්වාංගෙ අම්මට සමාව දෙනවද.....???

යන්න ගියපු සංජන නැවතුනා...මා දිහා නොබැලුවත් ...එයාගෙ එකට තදවෙන අත් වලින්.....ඒ තද උන පාරට ඉලිප්පුන නරහර වලින් මං සංජනගෙ සිතුව්තේරුම් ගත්තා ඒ හැගීම් තේරුම් ගත්තා... . 

ඔය ප්‍රශ්නෙම මම උඹගෙන් ඇහුවොත් සයාශ් ....

කවදාවත් නෑ....

එහෙනම්....මගෙන් අහන්නෙ කොහොමද ...තමන්ගෙ දරුවට රිදව රිදව මගෙ ගාවට ඇව්දින් හදවත ගලවලා අතට අරගන පෙන්නුවත්.....ඒ ඉන්නෙ මගෙගෙ මරනෙට ලොකුම හේතුව ....උන් කරන්නෙ මාව පාවිච්චි කරන එක නම්....ඒ විදිහට ඉන්න දෙමු....කරබාගන උන්නයි කියන එකෙන් මම සමාව දුන්නයි කියන එක අදහස් වෙන්නෙ නෑ සයාශ් ....

මගෙ නිර්වාන්.....එයා....

මට නිර්වාන් එක්ක ගනුදෙනුවක් නෑ චූටි.....ඌයි මායි දෙන්නම ඉන්නෙ වලක....මට උගෙන් පිරිමහන්න තරහවක් නෑ...මට වඩා අසරනම එකා ඌයි....

සංජන....එතකොට ...ඔයා මගෙ නිරූ එක්ක .....මගෙ නිර්වාන් ...එක්ක.....

උගෙයි මගෙයි දුවන්නෙ එකම ලේ.....මට ඌත් එක්ක පිරිමහන්න දෙයක් නෑ...මං යනවා සයාශ් ....

...🌼ගුත් නයිත්.....කායයියනෙ....

ආයම හෙට....නාකි හාමුවා එක්ක එනකන්...පයිස්සමින් ඉන්ඩෝ...

ආතරෙයි හැමෝටම

උම්ම්ම්මා...

මම

ජොබී

Nedeesha !

More Chapters