WebNovels

Chapter 42 - 42

සයාශ් .....මේ අහන්න....කෝ මේ අහන්නකො.....චූටි...

මං කෑගැහුවා .....එලියෙ ඉදන් කුටු කුටු ගාන උන් ඔක්කොගෙම කටවල් වැහිලා යන්නම කෑගැහුවා.....මීට කලින් නිර්වාන්ගෙ අප්පච්චි වැඩකරපු තැන නිසාද කියන්න දන්නෙ නෑ...ඒත් නැත්තම්...අම්මා අප්පා මැති ඇමතිලා නිසාද කියන්න දන්නෙ නෑ...ඒ කවුරුත් කෑ ගහපු මටවත්...නිර්වාන්ටවත් මොකුත් කිව්වෙ නෑ..

හැබැයි ඉතින් කටින් ...හිතින් මොනවා කිව්වද කියන්න දන්නෙ නෑ....

නිරූ...

චූටි....මේ අහන්නකො....ඔයාගෙ නිරූ....ඔයාගෙ...නිරූ....හොදින් ඉන්නවා...තේරෙනවද මගෙ ලමයට....ඔයාට ඔහොම දුවන්න ..කරන්න හොද නෑනෙ මගෙ චූටි...ඔයා..දන්නවනේ....ඔයාගෙ නිරූට...ඔයාගෙ පරීගෙ තාත්තට..මේ මෙතන ඉන්න නිරූට ඉන්නෙ මේ චූටියා විතරයිනෙ.....නේ.....

මං කදුලු පුරාවන් බලාගන උන්නා...මෙච්චර දෙයක් වෙලත් එයා කෙරුවෙ මගෙ කදුලු නවත්තන්න හදපු එක....එහා මෙහා දුවන මාව නලවන්න හදපු එක වෙනකොට වෙන්දට මං කට උල් කර කර කියවන කොට ගල් ගිලල වගේ බලන් ඉන්න එයා මම විදිහට කතා කරනකොට මට හිනා යනවා වෙනුවට නොසෑහෙන්න දුක හිතුනා...

නිරූ....

සනාශ් එක්ක ගෙදර යන්න.....

ඔයාව...ඇතුලට දායි...නිරූ

ඒ දානවා නම් සැපක්...ඒත් එහෙම දානෙ නෑනෙ බබෝ...හොද ළමයා වගේ ගෙදර යන්න තව චුට්ටකින් අර මහ උන් දෙන්නා ඒවි...

එයා මගෙ ඔලුව අත ගෑවා...මූන අත ගෑවා...තුවාල වෙලා මූන තඩිස්සි වෙලා තියෙන්නෙ එයාගෙ උනත් එයා කෙරුවෙ මගෙ මුන අතපය අතගගා මට ගෙදර යන්න කියපු එක...

මේක ඉස්කොලේට ආරංචි උනෝතින්....අනේ එයාගෙ බැජ් එක ගලවයිද...එයාගෙ විතරක් නෙවෙ..ශෙනිරුගෙ පවා...ඒත්....එහෙම කරන එකක් නෑනේද...ඒ දෙන්නගෙන් කවුරුත් හිතලගහගන්න ගියෙ නැනෙ...

නිර්වාන් ....

එයාව ගෙදර එක්ක යන්න සංජන...

සෙනූ.....

ම්ම්ම්....ඔයත් යන්න...මෙතන උන්නා කියලා වැඩක් නෑනෙ...

මං ඔහේ බලන් උන්නා.....සංජන මගෙ නිර්වාන් ලගට ඇවිදින් හිටගන්නකොට කවදාවත් නැතිව නිර්වාන් හරි ලේසිඋඑන් හිනා උනා....ඒත් ඒ හිනාව ඇතුලෙ තිබුනෙ පුදුම අසරන කමක් වෙනකොට එයා එතනින් එහා මොකුත් නොකියම එයාගෙ දිහා බලන් උන්නා...පොලිස් පොතෙ රතු අකුරු ගොඩක් ඇවිදින් මොන මොනවදෝ වැල් වටාරමක් ලියවෙනකොට එතන උන්න නිර්වාන් ඉදන් උන්න තැනින් නැගිටලා මගෙ අත අල්ල ගත්තා .....

චූටි.....

මන් ඉන්නම්..කො...නිරූ.....

පොලිසිය කියන්නෙ ඉන්න එච්චර හොද තැනක් නෙවෙ....හොද ළමයා වගේ ගෙදර ය්න්න හොදද....

මං..කොහොමද ...

මෙතනින් එහා මට මොකුත් වෙන්නෙ නෑ.....අකීකරු කම් කරලා....මාව තවත් අවුලවන්න එපා සයාශ් .....

මං ඔලුව වැනුවා.....එක පාරක් දෙපාරක් හොදින් කියපු නිර්වාන් ඊලගපාර මට සැරවේවි කියන බයට මන් ඔලුව වැනුවා...

නිරූ.....ඔයාට...කවුරු හරි බැන්නොතින්.....අනේ...ගහගන්න එපා හාද..එකේ..ඉදන් දහයට ගනින්න....එතකොට ඔයාගෙ තරහව නිවෙනවනෙ.....

අන් මිමිනුවා....එයාගෙ ඉරිලා ගියපු ශර්ට් එකේ කොනක් තදිම්ම මිරිකන් උන්න මං නිර්වාන් ඉස්ස්රහා හැම තත්පරේම හැසිරුනේ මගෙ අප්පච්චි ගාව ඉන්නවා හා සමානව වෙනකොට මගෙ ඇස් වල කදුලු දැකලද කොහෙද නිර්වාන් ගනින්න පුරුදු උනා...

දැන් පරිස්සමින් ගෙදර යන්න...අඩන්න එපා තේරුනාද....අඩපුවාම...ඔයාගෙ නිරූට දුකයිනෙ....ම්ම්ම්

මං ඔලුව වැනුවා...කවදාවත් නැතිව එයා හරි මෘදු විදිහට මගෙ ඔලුව අත ගගා ඔයාගෙ නිරූට දුකයිනෙ ගානකොට එයාට වඩා මට දුක හිතුනා....

නිරූ...

සංජන මෙයාව එක්ක යන්න....පරිස්සමින් ...එක්ක යන්න...මට ඉන්නෙ ...මෙච්චරයි ....මට....දැන්...මට කියන්න ඉන්නෙ මෙච්චරයි ...

බය නොවී ඉදපන්....මං මේ එක්ක ආවා වගේම ප්‍රවේසමෙන් එක්ක යන්නම් නිර්වාන් ....

මං එයාගෙ අත අල්ලන් තවත් හුගාක් දේවල් කියන්න හැදුවත් නිර්වාන් කෙරුවෙ මගෙ අත එයාගෙ අතින් ගලවන් සංජන දිහ බලලා මාව පරිස්සමින් එක්ක යන්න කියනකොට සංජන නිර්වාන්ගෙ පිටට තට්ටු කෙරුවා ...එයා මාව එක්ක යන්නලු...ඒ...ත්..අනේ ඒත් මට යන්න බෑනෙ...මට නිර්වාන්ව දාල යන්න බෑනෙ...

සෙනු...තව චුට්ටක් ඉන්නද...මායි චූටියයි මේ රෑ ගෙදරටත් හොරාවට ආවෙ...අනේ සෙනූ නිරූට කියන්නකො....අනික අපේ චූටියව දැන් එක්ක ගියා කියන්නෙ ඕකා මග දිගටත් අඩනවනෙ.....

සංජනට මාව පරිස්සමින් එක්ක යන්න කියපු නිර්වාන් එයාට ඇඩෙයි කියලද...නැතිනම්...මම අඩයි කියලා හිතලද කොහෙද හිතලම මගෙ ඇස් මග ඇරලා බිම බලාගන්නකොට මං මට උන්න එකම තුරුම්පුව එලියට ඇද්දා... ඒ වෙන කවුරුත් නෙවෙ සනාශ්ව...

ආව වෙලේ ඉදන් ඩිපූටියගෙ තැලුන බිදුන තැන් අත ගගා ගුටිකාපු උන් වගේම ඩිපූටියට ගහපු උන්ව මරන් කන්න වගේ රව රව උන්න සැලා ඒකගෙ මිනිහා ගාව අපි දෙන්නව තවචුට්ටක් තියාගන්න කිය කිය පින්සේන්ඩි වෙනකොට ඩිපූටියා උගෙ පැලුන යටි තොල උගෙ ටයි එකෙන් පිහදගත්තා ....

සෙනූ. ..අහන්නකො.....අපේ චූටියා පපුවෙ අමාරු කාරයා....ඕකට මගදි හාර්ට් ඇටෑක් එකක් වත් ආවොත්.....

මොනවද ලමයො ඔය කියවන්නෙ..?

නෑ ඉතින්. ..ඇත්තඑ...උගෙ අයියා විදිහට මං දන්නවනෙ..මට මතක විදිහට ඌට අම්මගෙ බඩේදිත් පපුවෙ අමාරුව ඇල්ලුවා...

දැන් නම් මට ඇත්තටම පපුවෙ අමාරුවට වගේ.....අරූ මූනත් දෙක කරගන මට අම්මගෙ බඩේ ඉදම්ම පපුවෙ අමාරුව තිබුනා කියද්දි මෙච්චර වෙලාම බිම බලන් උන්න අනාගත දොස්තර මහත්තයා එක පාරම මගෙ දිහා බැලුවා වගේම මාත් හරි අමාරුවෙන් හුස්ම ගත්තා ....

බොරු නොකර යන්න....

නි..රූ....

තව ටිකකින් අම්මා එක්ක අර මිනිහා ආවොත්..අයියටයි මල්ලිටයි දෙන්නටම කූඩුවට නගින්න වෙයි... .

ඇහුනනෙ.....සනාශ් ....ඔයාටත් එක්ක කිව්වෙ...

ආ....ඒ....ඇයි....ඒ....අපි කූඩුවට නගින්නෙ...මන් වත් චූටියවත් ඔයැයිලාට මොනවත් කෙරුවෙ නෑනෙ.....

ඔව්...අපිට මොකුත් කෙරුවෙ නෑ...ඒත් ඔය අයියයි මල්ලියි එකතුවෙලා නේද ඒ මනුස්සයට පාප්ප බාල්දි වලින් ගැහුවෙ.....

අ...ආ...ඒක.එච්චර මතක නැතුව ඇති ..අනික ගින්දරත් තිබුනනෙ සෙනූ...මුන පේන්නෙ නෑනෙ අනේ....

මුන්ගෙ අම්මට ගිය ආත්මෙ වෙච්ච දේවල් පවා හොදට මතකයි බබී...ඒක නිසා....දැන් ගෙදර යන්න...මොකද ...ඔය දෙන්නා තව උන්නොත් එලියෙ ඉන්න උන් තව කුලප්පු වෙනවා.....මුන්ගෙ අතපය විතරයි නෙ එලියෙ ඉන්න උන්ගෙ අම්මා අප්පලාට පේන්නෙ...මුන්ගෙ කෙරුවාවල් පේන්නෙ නෑනෙ .....

මම එලිය දිහා බැලුවා..... ඇත්ත...මෙතන ගුටිකාගන මුලු ගැන්විලා ඉන්න උන්ගෙ අම්මා තාත්තලා එබි එබි බල බල අනම් මනම් කියනකොට මම අවසානෙදි සැලාට ඇස් වලින් අපි යමු කිව්වා.....

නිර්වාන් .... පරිස්සමින් ...ඉන්න.....

මං අවසානෙදි නිර්වාන්ගෙ අත උඩින් මගෙ අත තියලා ඇහෙන නෑහෙන ගානට පරිස්සමින් ඉන්න කියලා සංජන එක්ක එනවත් එක්කම එයා නැගිට්ටා...නැගිටල මගෙ අතින් අල්ලගත්තා ...

මොකා ඉන්න එපා සයාශ් ...මම මෙතන කියලා ....උඹ නොකා නොබී අඩන්න එපා.....හැම ප්‍රශෙනෙටම උත්තරේ නොකා නොබී ඉන්න එක නම්.....මම ඉපදුන දා ඉදම්ම නොකා නොබී ඉන්න ඕනා...ඒක නිසා ...ගෙදර ගිහින් වෙනදා උන්නා වගේ කාලා බීලා හිනා වෙලා ඉන්න....

චූටියා....හයියෙන් අල්ලගනින්.....

මං උන්නෙ සංජනව මිරිකගන පොලිසිය ගාවින් එනකොට දෙන්නෙක් විතරක් උන්න බයික් එක මගකදි තුන් දෙනා වෙනකොට මාව මැදින් ඉන්දවපු සනාශ් මේ වෙනකොට මට සියපාරකට වඩා කියනකොට ගෙදර අන් වෙන්න ලන් වෙන්න මට ලොකු නැන්දගෙ මුන මතක් වෙනකොට පොලිසියෙ ඉදලා ගෙදර ආවෙ අපරාදෙ කියලා හිතෙන්න ගත්තා ....

ලොකූ...

බැහැපිය දැන් ඉතින්....තොටයි මටයි මගුල් විසේ ගහලා ප්‍රේම කුරුල්ලො බලන්න ගියා වගේ නෙවෙ....අර බලපිය...ලොකු නැන්දා විතරක් නෙවෙ...ලොකු මාමත් ඉන්නවා.....

සයාශ්.....එක්කො මං ඇවිදින් මොනවා හරි කියන්නද....

ඔයාටත් ගුටිකන්න ආස නම්...එන්න සංජන...අපේ සුතර්මා ඩෑස් දෙන්න ගත්තම ලොකු මාමටත් ඩෑස් දෙක තුනක් දීලයි නවත්තන්නෙ ...

ඉස් ඕකෙ...සන්ජන....වී කැන් හැන්ඩ්ල් දිස් සිටුවේශන්....සිද්දාලේප වෙදමහත්තයා කොහොමත් ස්ටූල් එක උඩ ඉන්නවා...ඩෑස් කාලා කාලම බූවල්ලයි පුකයි ගෑනියි මිනිහයි වගේ...ඒතරම් උන් දෙන්නා උන් දෙන්නව අදුනනවා.....

ඒක තමයි....අපේ සුතර්මා ගහන්න ගත්තම වොන්ඩර් වුමං වගේ සංජන....කොහොම උනත් මටයි අපේ ලොකුවටයි අද ගෞරවයෙ බුදු සරනයි.....ඔයා ඔය ආව ආකාරයෙම්ම පරිස්සමින් ගෙදරට යන්න.....ගුන බුස...

ටකෙ කරේ boc Hnb ...

33kdp!.....පස්ස නොබලා හයියෙම්ම යමං සංජනයො....

ඔව්...තවටිකෙන් විසාල සබ්දයක් ඇහෙයි....

ම්හුක්...!අනේ...සුතා....දරුපැටව් දෙන්නට සමාව භජනය කරනු මැනවී....හ්....!

මමයි ලොකුවයි උන්නෙ ගේට්ටුවෙන් එපිට.....එන මගින් මගටම තට්ට තනියම ලොකු නැන්දා මොන ආකරයෙන් ඉදීද කියලා කල්පනා කර කර ආව මට ගේ ඉස්සරහින් බහිනවත් එක්කම තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලා ඇවිදින් ටොක්ක බැගින් ඇනගන...ඇනගන ගියා වගෙ දැනුනා...

වෙනසක්...නෑ...තවමත් එහෙමයි.....හැමදාමත් වගේ.....බූවල්ල අතේ අරන් උන්න ලොකු නැන්න්දව දැකපු සංජනයත් බය වෙලා තිබුනා වගේම සුතර්මගෙ ගැහිලි දන්න මං මස්සිනා ඉස්සරහා අපෙ නම්බුව නැතිකරගන්න බැරි කමට සංජනවය ඉක්මනට එලවලා දාලා දකුනු කකුල පෙරට තියන ගමන් වත්තට ඇතුල් උනා...

පේනවනේ...ඔය එන්නෙ...අරූ තාම ඉස්කෝලේ ඇදුම පිටින්...ඕකා තාම දවල්‍ට කාලත් නෑ...

සුධර්මා.....දැන් ඕක නවත්තන්න..

නවත්තන්න.....පටන් ගන්නෙත් නැතුවම නවත්තන්නද කියන්නෙ?

අනේ...අප්පච්චි දරු පැටවුන්ට අනතුරක්නෙ...චිම්තක....

අපි.දෙන්නා ඇතුලට එනවත් එක්කම සුතර්මා කට ඇරියා...ලොකු මාම නම් අපි දෙන්නට පක්ශ පාතීවේගන ආවා උනත් සුතර්මා තනිකරම විරුද්ද පක්ශෙන් ගහපු මිරිස් කුඩු පාරක් වගේ ලොකු මාමව එක සොට් එකෙන් කපලා දානකොට ලොකුවා පැත්තට පැත්තට ඉස්සරහට ගියා..මාත් උගෙ පස්සෙම්ම ගෑටුවා.....

සුතර්මා .....දරු පැටව් දෙන්නා ...ආවා....

දරු පැටව් දෙන්නා...දරු පැටව් දෙන්නා...ආ යකො...කොහෙද තොපි දෙන්නා උන්න උන්න ගමං අතුරුදහන් වෙන්නෙ.....ලොකුවා...වර මෙහාට.....

ල්..ලොකු නැන්දේ...හ්..හෝව්...අනේ....උත්තර...බදින්නත් කලින්...ලොකු...මාමෙ...අනේ..පුක...පුක...ඔච්චරයි තියෙන්නෙ.....හ්.....

අපිට විසාල සබ්දයක් ඇහුනා.....

තිරිසන්නු වගේ අනේ.....

මගෙ කන් වලින් දුම් විසි උනා....අරූට වැදුන බූවලු පාරම මගෙ තට්ටම් හරහා යනකොට මං ලොකු මාමහෙ ඇගේ එල්ලුනා වගේම අපිව බේරන්න ආව ලොකුමාමටත් සටපට සත්තපඩි වෙන්න දෙක තුනක් වැදුනා...

අ..අනෙ..සුතර්මා .....නොහොබිනා ගමනක් ...නෙව්නේ...ගියෙ....

නොහොබිනා උනා නැතා...බලපියව් දැන් වෙලාව....දහයත් වෙන්න එනවා....

ඉතින් අනේ...සුතර්මා ...දහයට ගෙදර උන්නා උනත්..අපි දෙන්නා නිදාගන්නෙ පහුවදාටන්....

කට වහපන්....චූටියා... මුරන්ඩු කම් කරල කියවන්ඩ එනවා...කියපියව් කොහෙද ගියෙ...

මං තට්ටම අතගගා සනාශ් දිහා බැලුවා.....ඌ.උගෙ අතක් අතගගා මගෙ දිහා බැලුවා...

හවුස් හදන්න අනේ...හවුස් හදන්න...අනිද්දට ස්පෝර්ට් මීට්න්....

ඒකනෙ සුතර්මා .....මං කිව්වනෙ නොහොබිනා ගමනක් ගියෙ නැය කියලා ...

මේ චූටියා ...තොපි දෙන්නා බොරු විතරක් කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා....

බොරු කියලා මොන බිජ්ජක් ගම්නත සුතර්මා .....

ඒකනෙ...අපි දෙන්නා බොරු නම් කියන්නෙ පොඩි නැන්දට හෙන ගහන්න ඕනා...

ලොකුවා.....අනේ යකො කියපු කතාව....

නැ ඉතින්...මං කිව්වෙ...අපි කියන්නෙ අපි කිව්වෙ බොරුවක් කියලා නම් නෙ සුධා ...මේවා ඇවින්....කාලාර්තයේ අසම්භාව්‍ය ක්‍රියා ...නේද චූටියා....

ඩෙෆනීට්ලි .....සුතර්මා ...ඩෙෆනීට්ලි දඩුවම් දී අහවර නම්...දරු පැංචන්ට ගෙට ගොඩවෙන්න මදකට අහකට වෙන්න ලොකු මාමෙ...

ලොකු නැන්දගෙ අතේ තිබුන බූවල්ල පැත්තකට වැටෙනකොට හවුස් හදන්න ගියා කියලා කියපු බොරුව පිලිගන්නත් බැරිව...පිලි නොගෙනත් බැරිව උන්න ලොකු නැන්දා අවසානෙදි බූවල්ලත් බිම දාලා යන්න ගියා ....

චූටියා....

ගුටි කාගන ගෙට ආව මන් අවසානෙදි ඉස්කෝලේ ඇදුමත් මේ රෑ අතේම හෝදලා දාලා පැයක් හමාරක් නාගත්තා ....වතුර මලෙන් වැටුන වතුර බින්දු පහලට ගියෙ නිර්වාන් වෙනුවෙන් උනාපු කදුලුත් මගෙ ඇස් වලින් හෝදගන වෙනකොට අවසානෙදි එයා මට අඩන්න එපාය කියලා කියපු හන්දම මං මගෙ කදුලු බලෙන් නවත්තගත්තා ...

උඹ හරි පව් මගෙ නිරූ.. 

අතට ගත්තු මං ආසම කරන ස්පයිඩර් මෑන් පිජාම එක ඇදගත්තු මං අවසානෙදි ඔලුවත් කස කස කුසියෙ ඉදන් කෑ ගහන ලොකු නැන්දව හොයන් ගියා...

ඇයි සුතර්මා ....දරු පැටියා ස්නානය කිරීමට ගියානෙ...

ඇවිත් කාපන්....දවල්ට කෑවෙත් නෑනෙ.....අර අරූටත් ඇවිත් කන්න කියපන් මට මෙ කුසිය අස්කරලා දාන්න....

ම්හුක්...බත් එපානෙ....

එහෙනම්....

එපානෙ සුතර්මා .....දරුපැටියට බත් කන්න පිරියක් නෑනෙ..දරුපැටියට භංගධරාභාදෙ වගේ....

උඹට පිරිය තියෙන්නෙ මොනව කන්නද එහෙනම්...

මං වටපිට බැලුවා.....බෙදාපු බත් එකෙ පැත්තක් වැහෙන්න තිබුනෙ බැදපු කකුලු අඩු වෙනකොට මං අත දාලා එල අන්ඩක් අර්න් හපන්න ගත්තා .....

ම්හුක්.....ප්‍රීමා කොත්තු මී වැනි සනික ආහාරයක් නැත්ද සුතර්මා ....

නෑ....කාපන් ඔය බත් එක.....

එහෙනම් මං අඩු ටික විතරක් කන්නම්...

මං ළඟ තිබුන පුටුවෙන් ඉදගන මගෙ අඩු දෙකත් උඩට අරන් කක්කුටු අඩු ලොවන්න ගත්තා.....

යෑ...ව්

පරී..... දරු පැටියෝ.....පූස්...පූස්...පූස්...පරී...

යෑ...ව්ව්

මේ අම්මියා කක්කුටු අඩුකනවා...එන්න පුතුකියේ...

.අන්ඩෙන් අන්ඩ ලොව ලොව උන්න මං අනිත් පාර ලොකුවගෙ පස්සෙන් අඩ අඩ එහා මෙහා දුවන පූසට අඩගැහුවා.....

එයාට මොනවා වෙයිද...

අර ගෑනි ඇවිදින් කෑ ගහයිද....

නිරූ.....ඔයාට ප්‍රශ්නයක් උනේ නෑනේද.....

අනේ ඔයා හොදින් නේද මගෙ නිර්වාන් ...

හිතේ පිරියක් බඩෙ ගින්දරක් කියන දේ නාමයක් නැති මම ලොකු නැන්දට පේන්න බත් කටක් දෙකක් ගිලලා ඇදටන්වැටුනා....

ඔයාගෙ නිරූට ඉන්නෙ මේ චූටියා විතරයි නෙ කිය කිය මාව අතගාපු නිර්වාන්ගෙ ඇස් දෙක මූන මතක් වෙන වාරයක් වාරයක් පාසාම මට දැනුනෙ පුදුම අසරන කමක් වෙනකොට මං එයාට මැසෙජ් සිය ගානක් යැව්වා...බැලුවා නොබැලුවා කමක් නෑ...මං එයාට මැසේජ් කෝටියක් විතර යැව්වා ....

ටික්...ටික්.....ටික්....ටික්.....

.සාලෙ තිබුන බිත්ති ඔරලෝසුවෙ කටුව කැරකෙන සද්දෙ කාමරේට ඇහුනා...බාගෙට ඇරලා තිබුන ජනේලෙන් එන හුලන් පාර වගේම පාරෙ ලයිට් එකෙන් එන ලයිට් එලිය කාමරේට වැටිලා තියනකොට මං ඔහේ අහස දිහා බලන් උන්නා.....

තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය.... පැයෙන් පැය ගෙවි ගෙවි ගිහින් මහ රෑත් වෙනකොට මමයි ලොකුවයි ඇරුනම ගෙදර උන්න හැමෝම අවසානෙදි නිදාගන්න ගියා ... ඒත්...මගෙ ඇස්වලට වත් සැලාගෙ ඇස් වලට වත් නින්ද කියන දේ නාමයක් නැතිවෙනකොට මං කෙරුවෙම සැරින් සැරේට එයාට මැසේජ් කරපු එක...කිසිම රිප්ලයි එකක් නැතිවම මැසේජ් කරපු එක...සමහර විට මම එකම දේ සියපාරක් කියන්න ඇති.....

මගෙ හිතේ තියන වේදනාවට මං එකම වචනෙ සියපාරකට වඩා කොටන්න ඇතිම්.....අවසානෙදි මෙච්චර වෙලාම මැසේජ් කර කර උන්න සැලාට නින්ද ගියෙ උගෙ අතින් ඵෝන් එක අතෑරිලා මූනට වැටෙනවත් එක්කම උනත් ඌ ආයම ගැස්සිලා ඇහැරුනා...

චූටියා.....

ම්න්....

නිර්වාන්ලා ගෙදර ගිහින්ලු....

කව්ද උඹට කිව්වෙ.....

සෙනූ....

අර යස්සනී ඇවිත්ලුද....

ම්න්...

නිර්වාන්‍ට මොකද....

ගෙදර එක යුද්දයයිලු ....මෙච්චර කාලෙකට සංජන දිහා ඇහැක් ඇරලා බැලුවෙ නැති ඒ ගෑනි දැන් ඇමතියා ඉස්සරහා පුදුම විදිහට හොද වෙන්න හදනවලු...සංජනට පුතේ කියාගත්තු ගමන්ලු....

උඹ හිතනවද ලොකූ....ඔය ගෑනි මොන දේ කියලා කතා කෙරුවා උනත්....සංජනගෙ හිතේ තියන දේවල් මකන්න පුලුවන් කියලා ....කවදාවත් බෑ.....ඒකිටවත් ඔය ඇමතියටවත් මං හිතන්නෙ නෑ කවදාවත් සංජනගෙනුයි නිර්වාන්ගෙනුයි එක දශමෙක වත් ආදරයක් ලැබෙයි කියලා ....

කොහෙ කියලා.ආදරයක් ලැබෙන්නද චූටියා....උන් කරන්නෙ මුන් දෙන්නව පාවිච්චි කරන එක...නිර්වාන්ට තියෙන්නෙ ඇමතියගෙ රුපෙ හන්දා ඒ ගෑනි කෙරුවෙ ඇමතියව ලගට ගන්න නිර්වාන්ව පාවිච්චි කරපු එක වගේම....සංජනගෙ අම්ම මැරුන එකේ තරහවට පලි ගනී කියලා බොරූවට දැන් අම්මා වගෙ රගපාන එක...

මං අහගන උන්නා....වෙලාව රෑ දොලහත් පහු වෙලා.....ඒ ගෙදර යුද්දයක්ලු...කල්පනා කරන්න දේවල් හුගාක් මගෙ ඔලුව ඇතුලෙ කැරකෙනකොට මගෙ පපුව උඩ තිබුන ඵෝන් එකවයිබ්‍රේට් උනා....

මැසේජ් එකක්....

දෙවියනේ...අද දවසට එයාගෙන් කියලා ආව පලවෙනි මැසේජ් එක.....

මගෙ නිරූගෙන්

"චූටි.....එලියට එනවද...?"

එයා අහලා එලියට එනවද කියලා ..එච්චරයි මං කියෙව්වෙ.... ඔයා දැන් කොතනද.....මගද...මේ මොකුත් නාහපු මං එක පාරම ජනේලෙ ඇරලා ග්‍රිල්.නොගහපු ජනේලෙන් එලියට පැන්නා...

චූටියා කොහෙද තෝ ඔය දුවන්නෙ.....

නිර්වාන් එනවා කිව්වා....

ජනේලෙන් එලියට පනිනවත් එක්කම කෑ ගහපු සැලාට උත්තර බැදපු මං ගේට්ටුව ගාවට දුවලා.ගේට්ටුවෙන් එලියට පැන්නා...

දෙවියනෙ....

මගෙ පපුවත් එක්ක ඇවිලිලා ගියා...

එයා මෙතන.....බයික් එක වත් නැතිව පයින්ම ඇවිදින් උන්න නිර්වාන් කොට තාප්පෙට පිට දිලා බිම ඉදගන උන්නා....

නිරූ ....අනේ...නිරූ...ඇයි මේ

මං නිර්වාන් ගාවට දිව්වා....ඔලුවත් තාප්පෙට හේත්තු කරන් උන්න එයා ඔහේ අහස දිහා බලන් උන්නා වගේම ඒ ඇස්වල කදුලු පිරිලා තිබුනා....

නිරූ....

මාව ටිකක්...තුරුල් කරගන්න පුලුවන්ද ...චූටි.....

මං මගෙ නිර්වාන් අසරන වෙනවා දැක්කමයි....එයා මෙහෙම කතා කරනවා දැක්කමයි.....වෙනද එයා මගෙන් අහන්නෙත් තුරුල් වෙන්න ඕනෙද කියලා ..ඒකත් මහ අහන්කාර විදිහට....එහෙම අහන නිර්වාන් අද මගෙන් මාව ටිකක් තුරුල් කරගන්න පුලුවන්ද කියලා ඇහුවෙ අනේ බෑ කියන්න එපා සයාශ් කියන හැගීම් ඒ වචන අස්සෙ හංගලා වෙනකොට මං දෙපාරක් නොහිතම බිම ඉදගන අහස දිහා බලාගන උන්න මගෙ නිර්වාන්ව තුරුල් කරගත්තා ...

නිරූ....

....

යන්න එපානෙ.....

.....

ඔයා ගෙදර යන්න එපානෙ නිරූ ....

මං එයාගෙ ඔලුව අත ගෑවා...යන්න එපා කියලා කිව්වා...ඒ චුට්ටකිම්ම එයා මගෙ උරහිසෙන් එයාගෙ මූන අහකට අරන් මගෙ දිහාව බැලුවා....

ඔයාගාව නිදාගන්නද...?

මට පව් කියලා හිතුනා අර තුවාල වලට බෙහෙත් ටිකක් වත් නෑ...මෙලෝ දෙයක් නැතිව එයා ඇදුම විතරක් මාරුකරන් පයින්ම මාව බලන්න ඇවිත් මගෙන් අහනවා මා ගාව නිදාගන්නද කියලා ...මං කොහොමද එපා කියන්නෙ...මං කොහොමද ආයාම යන්න

කියන්නෙ .....

.....මේ චූටියා ගාව හැමදාම ඔයා වෙනුවෙන් ඉඩතියනවා නිර්වාන් ...

මං නිර්වාන්ගෙ අත අලන්න නැගිට්ටා....නැගිටලා මේ චූටියා ගාව හැමදාම ඔයා වෙනුවෙන් ඉඩ තියනවා කියනකොට එයා ඔහේ බලන් උන්නා....

නිරූ ...චුට්ටක් ඔහොම ඉන්න.....මං අපේ බලු ජඩයා ඉන්නවද බලලා එන්නම්..අපේ සුතර්මා ඌව රෑට ලෙහෙනවනෙ අනේ ...

ම්න්....

නිර්වාන්ව ගේට්ටුවෙන් ඇතුලට අරන් මං හොරා වගේ ඇගිලි තුඩු වකින් මිදුල වටෙ සක්මන් කරන්න ගත්තා...වෙනමොකටවත් නෙවෙ...අපේ බලු ජඩයා කරන්නෙ මීක් නොගා ඇවිත් කකුල අල්ලන එක...වෙන බල්ලො වගේ මූ බුර බුර වැඩේ දෙන්නෙ නෑ.....මේ හොදට ඉදල එකපාරම හව් ගාලා අල්ලන එක...ඌත් තනිකරම පුත්තලම් දිස්ත්‍රික්කෙන් චන්දෙ ඉල්ලපු එකෙ වගේ....කියන දේ නෙමෙ කරන්නෙ..කරන දේ නෙවෙ කියන්නෙ...

සුගතන්.....උඹ ඉන්නවත.....සුගත....න්න්න්...කුකූ...කූ.....සුගා....

සුගා.....කූකූ.....

මං බල්ලට හිමීට කතා කෙරුවා.....මීක් සද්දයක් නෑ...එක්කො නැන්දට අමතක වෙලා මූව කුසියට දාලා දොර වහලා නැත්තන් මූ කොහෙ හරි ඉදන් හොරා වගේ බලන් ඉන්නවා...ඔය දෙකෙන් මොක උනත් ඕකා මගෙ නිරූව කෑවොත් අම්මාපා...ආය මස් කට්ටක් ලොවන්න බැරි වෙන්න දත් ඇන්දම ගලවලා ඕකගෙ නම වෙනස් කරනවා..

සුගතන් වෙනුවට ටූත්ලස් කියලා දානවා.....

ප්ස්....ප්ස්...

නිරූ...

එන්ඩ.....නොකර සද්ද හෙමින් එන්ඩ...අපේ සුගා නෑ.....

මං නිර්වාන්ට හොරාවට සූ සද්දයක් දැම්මා...ඒත් නිර්වන් නෙවෙ මගෙ දිහා බැලුවෙ....මල් පිරුනකටු රෝස පදුර දිහා බලාගන උන්න නිර්වාන් නෙවෙ මං කියන එක ගනන් ගත්තෙ....

මේ මහ රෑ නිර්වාන්ට රෝසමල් වත් ඕනා වෙලාත....

ම්හුක්....එයා මේ පස්න මැද රෝමාන්තික වෙන්න වත් යනවතෝ.....මන්තා....

මං එහෙම්ම වටකුරුවට පායපු හද දිහා බැලුවා....හද එලියයි...නිර්වානුයි....රෝස පදුරයි....

ලස්සනයි.....

මට මිමිනුනා.....ඇත්තටම නිර්වාන් කියන්නෙ පුදුම කඩවසම් මනුස්සයෙක්....ලස්සන...නපුරු කම....තදගතිය වගේම කවුරුත් නොදකින ආදරනීයම පැත්ත එක්ක මට නිර්වාන් ගැන ලෝභ හිතුනා....

මොන අම්මට තාත්තට ජාතක උනත්...නිර්වාන් කියන්නෙ....දෙවියො සෑහෙන්න නිස්කලන්ක වෙලාවක සැනසීමෙන් ඉන්න ගමන් මවාපු රූපයක්...

එයා රෝස පදුරු දිහා ගල් ගැහිලා වගේ බලාගන උන්නා. 

මේ මහ රෑ එයා රෝසමල් දිහා බලන්නෙ ඇයි....

අනික...මා ගාව නිදාගන්න එන්නදත් ඇහුවා...

බැරිවෙලාවත් ..එයාට.....යම්කිසි දෙයක්.....

එක අතකට...මේ...මහ රෑ....අපිදෙන්නා අතර...ඒක...සිද්ද වෙන්න යනවතෝ...මන්තා👉👈

අනේ මුනිතාස අයියෙ .....

ඒත් ...අපේ සැලා කාමරේනෙ ...ඌ ඉන්නකොට කොහොමද....මොනවත් කරගන්නෙ.. එක්කො එයාගෙන් අහන්න ඕනෙ....පලවෙනි පාර නිසා..මට ටොප්වෙන්න දෙන්න පුලුවන්ද කියලා ....

යෝහ්.....

ම්හුක්...අනේ .සුතර්මා ....දරුපැටියා හෙටින් පස්සේ ලොකු මිනිහෙක්නෙ...

අන් ඔලුව කැසුවා.....සැරින් සැරේම මගෙ ඇදුම දිහාත් බැලුවා.....

අපරාදෙ ..මේ ස්පයිඩර් මෑන් ලබ්බ ඇන්දෙ.. .මොකක් හරි සෙස්සි එකක් අදිනන් තිබ්බෙ...කව්ත අනේ දන්නෙ...මේ ප්‍රස්න පිට මෙයත් එයි කියලා ...ම්හුක්....

හොදම දවස් එන්නෙම නරක වෙලාවටනෙ.....

ඒක...වෙන්න්ද යන්නෙ එතකොට .....?

මාව රතූ උනා...ඇගත් එක්ක හිරිවැට

ම්හුක්...මගෙ සිත වල් වැදීගන එන්න හදන්නෙ...

නිය රටා...මවනවා...අපතරේ....වූ කතා.....වෙන්නයි ..යන්නෙ.....👉👈

නිරූ...ඔයාට රෝසමලක් වත් ඕනෙද....

එපා....

එහෙනම්...ලැජ්ජා වෙන්නෙ නැතුව කියන්න අනේ.....මේ ඕන තරම් මල්.තියෙන්නෙ...එකක් නැති උනා කියලා අපේ සුතර්මා ඔව්වා දැනගන්නෙ නෑ...එයා ගාව ඕන තරන් මල් තියනවා..අනික මේ දවස් වල අපේ සුතර්මා කුකුල් කරමල් පස්සෙ දුවන්නෙ...ඔයාට ඕනෙ නම් කියන්න...

...

යෝ.....පරීගෙ අප්පච්චියගෙ ලැජ්ජාව...කෝ...අහකට වෙන්න අනේ ඔයාට මලක් කඩලා දෙන්නම්....මං දන්නවා...මට තේරෙනවා...

මං නිර්වානව පැත්තකට කරලා පෙති පිරුන අලුත්ම මලකට අත තිබ්බා හැබැයි ඒක මට කඩාගන්න හම්බ උනේ නෑ....ඊට කෛන් නිර්වාන් මගෙ උඩින් අත තිබ්බා....

ඇයි....මං මේ ඔයාට කඩන්නෙ....

එපා...

ඇයි අනේ ....

මං රෝසවලට කැමති නෑ....

අනේ ..

පුදුමයි...මේ ලෝකෙ රෝසවලට කැමති නෑ කියපු මනුස්සයෙක් ගැන ඇහුවමයි....මම උනත් ආසයි..අපේ සැලා ආසම කහ පාට රෝස මල් වලට..... 

ඇයි නිරූ...ඔයා ආස නැත්තෙ 

මං එයාගෙන් ආයමත් ඇහුවා ... එයා ලාවට හිනා උනා..... 

මිනිස්සු ආදරෙයි...ආදරෙයි කියලා රෝසමල් දුන්නට...රෝසමලට කවදාවත් බැරි උනා තනි රකින්න.....සයාශ් ....කවදම හරි දවසක..මට මලක් දෙන්න හිතුනොතින් ..මට අරලිය මලක් දෙන්න.....

අරලිය.....අරලිය මලක්.....?

ම්න්...අරලිය මලක්.....රෝස මල් සුවද දුන්නට....අරලිය මල විතරයි සොහොනක පවා තනි රැක්කෙ....ඉතින්...සුවද ගහන මල් කොච්චර තිබුනත් මොකටද චූටි....තනිරකින්න ළඟ නැත්තන් ....

මං ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්න....නිර්වාන් ඉන්නෙ හිත් වේදනාවෙන්....මං නොදන්න ලොකු දෙයක් එයා හංගනවා....කමක් නෑ....මං ඔයාගෙන් ඒක හිමීට අහගන්නම්.....

නිරූ එන්න...

මං ආව පාරෙම්ම හොරා වගේ කාමරේ ගාවට බඩ ගාලා ජනේලෙන් ඇතුලට පැන්නා...

ලොකුවා චුට්ටක් එහාට යමන්...

ඇයි...නිර්වාන් ආවද

ඔව්....ආව....මගෙ නිරූ මා එක්ක බයියන්න එන්න යන්නෙ...උඹ මොකටත් සෝෆාවට යමන්....උඹට තේරෙනවනෙ...නේද.....ලොකුවා.....👉👈

මං නිර්වාන්ව ඇතුලට ගන්න කලින් සැලාගෙ කනට හිමීට කනට කොදුර කොදුර ඌට සාලෙට පලයන් කියනකොට ඒකා මා දිහා බලල ඇස් නැටෙව්වා....

ම්ම්ම්...ම්ම්ම්.....මොකක් හරි වෙයි වgay.....මතක් කරලා...මුදුනට පලයන් චූටියා....අම්මයි අප්පච්චි උඹවයි මාවයි හැදුවෙ කාටත් යටවෙන්න නෙවෙ....මොකක් හරි උනොත් මට කියපන්.....හොද හුස්මක් ගනින්.....අපේ සෙනූ කිව්වෙ එහෙමයි.....මොන දේටත් කලින් හොද හුස්මක් ගනින්...නිර්වාන් රිදෙනව කිව්වොත්....උඹට තේරෙනවනෙ....කෑගහන්න එපා කියපන්.....සෙනූ මට ඔක්කොම කියලා දුන්නනෙ ...කෑගාන්න එපා....අන්න ඒක නිර්වාන්ට කියපන්..අනික සෙනූ කිව්වා නම්....වරදින්න විදිහක් නෑනෙ.....

ඒකනෙ....වරදින්න විදිහක් නෑනෙ...ම්ම්ම්....මට තේරෙනවා...අර ඊයෙ හැන්දෑවෙ කියවපු එකේ තිබ්බ වගේ....නේ...

ආන්න...රයිට්...ඔය එන්නෙ.....උඹට මොනව හරි ඕනෙද.....?...ඕනෙ නම් කියපන්...මං දොර ගාව පැදුරක් එලාගන්නම්.....හොරොව්පතානෙ නම්බුව රැකපන් මගෙ එකා.....එහෙනම් චූටියා....උඹට33kdp....!

එලම.....මොකක් හරි උ....

ආ..ආ..හ්..න්.....ම..මස්සිනා.. .....

න්..නිරූ ..ඔයා...ආවද....

ම්න්....

මටවත් සැලාටවත් කතාව ඉවරකරගන්න බැරිඋනා....මෙච්චර වෙලාම ජනේලෙන් එලියෙ උන්න නිර්වාන් මම එන්න කියන්නත් කලින් ඇතුලට ආවා.....අරූ සෝෆාවට නොයා දොර ගාවින් පැදුරක් දාගන්නම් කියනවත් එක්කම මට තව මොකුත් අහන්න ඉතුරු නොකරම නිර්වාන් ජෙනේලෙන් පැනලා ඇදට ආවා....

දැන් අපි තුන්දෙනයි...

ම්හුක්...

එ..එහෙනම්....ල්...ලොකූ...ඔයා යන්න...අපි දෙන්නා....මේකෙ ඉන්නම්

මං නිර්වාන් දිහා බලලා සැලාට යන්න කියන්කොට ඒකා කොට්ට මෙට්ට උගෙ රෙදි අරන් යන්න ලැහැස්ති වෙනකොටම නිර්වාන් කතා කෙරුවා

සනාශ් ....

ඇ..ඇයි නිර්වාන් අයියෙ.....බබීගෙන් මොනව හරි උපදෙසක් ඕනෙද....

කොහෙද යන්නෙ

මේ එලියට...මෙතන ඉන්න බෑනෙ...ඒක හරි නෑනෙ....

ඒකනෙ..නිරු.....අපේ ලොකූ ඉන්න එක

කොහෙවත් යන්න ඕන් නෑ...ඔයත් නිදාගන්න...

ඇ...මො...මේ...අපේ...ලොකුවා....න්..නිරූ...එයා ඉනකොට .....

ඇයි...එයා ඉන්නකොට මොකද

න්න්..නෑ...මස්සිනා...මං එලියට යන්නම්...ට්..ත්‍රී...ස්...සම්...එකක්...ගිහින්...අපේ...මිනිහා.....

විකාරද....

ඒකෙනෙ...නිරූ.....චූචියව...විතරක් ඇතිනෙ...සැලා...අපේ....සෙනූගෙ...නෙ....

ඒකනෙ....මං.....සෙනූගෙනෙ....

එ..ඒ..නිරූ...දැම්ම...ගලවන්න..එපානෙ...මෙයා ..තාම ගියෙ නෑනෙ....ල්ල්..ලැජයිනෙ...

මොනවද ඔය කියවන්නෙ

මාව හොල්මන් උනා...මාව විතරක් නෙවෙ...අපෙ සැලාවත් ....යන්න හදපු සැලාවත් තියාගත්තු නිර්වාන් ඇදන් උන්න ටී ශර්ට් එකත් ගලවනකොට මං නිර්වාන්ට ගලවන්න එපා කියන ගමං ඉකමනට එයාගෙ ටී ශර්ට් එක පහත දැම්මා.....

.එයා සැලාටත් යන්න එපා කිව්වා....

කිව්වත් වගේ.....මෙතන....අනේ....චින්තක.....

බාල බෑනා එසේ මෙසේ එකෙක් නෙවෙ වගේනෙ....ඌට මාවයි ලොකූවයි දෙන්නවම ඕනා වගේනෙ....

නිර්වාන්ගෙ ඇදුකම ආයම හදපු මම පරන විදිහටම රවාගන ඉන්න නිර්වාන්ගෙ අත අල්ලන් හිමීට කූරු ගාන

ගමං කුටු කුටු ගෑවා....

කියවන්නෙ කියන්නෙ...අනේ....ඔයාට තේරෙන්නෙ නැද්ද....සැලා අයියා තමයි...ඒක හරි...ඒත් පුද්ගලික දේවල්..එයා දකින්න ඕන් නෑනෙ....නේද...අනික.....සෙනූ...උනත්...

දැනගත්තොත්....හිත බිදේවිනෙ....

ඒක...නෙ.....නිර්වාන් .....මං..දකින්න....ඕන්....නෑනෙ...මං යන්නම්...බය ..වෙන්න..එපා....කරගන...

යන්න.....අන්සතු වස්තූන්...ආසා....කරන්නෙ නැතුව....කරගන...යන්න...නිරූ....

අන්සතු...ඔබ වෙත..මගෙ..හිත....බැදීලා...වෙන්න එපා...නිර්වාන් ....

මොනාද ඕයි කියවන්නෙ...තමුසෙලා දෙන්නට සහලවම පිස්සු ...මං ආවෙ නිදාගන්න වෙන මගුලකට නෙවෙ...හෙට ඉස්කෝලේ කට පිටන් නිදාගන්නවලා....

න්..නිරූ....

කිව්වනෙ...කට පියන් නිදියපන් චූටි.....

......

ග්..ගුඩ්...නයිට්....න්..නිර්වාන් .....

ග්..ගුඩ්...නයිට්...න්..නිරූ.....

🌼ආය හෙට ඈ...

හවස් වෙලා....නුඹ ඍතුවක් එක්ක එන්නම්...

ආතරෙයි හැමෝටම

මම

ජොබී...

Nedeesha

More Chapters