WebNovels

Chapter 21 - 21

න්...කැහ්.....භ්...බ්බ්..බ්.....

එයා මගෙ කට වැහුවා ...කට වැහුවා කියන්නෙ බොන්න බෑ කියපු දැක්කත් බඩ බොකු එකට කලතවන උන පෙති දෙක කුඩු කරලා වතුර බින්දු දෙක තුනක් විතරක් එක්ක සීනි ඇටයක් වත් නැතුව මගෙ කටට පොවලා නහය මිරිකවපු එයා බලෙම්ම මාව කොට්ටෙ උඩට තද කරල දොයියන්න කිව්වා උනත් කටෙ තිබුන තිත්ත ගතිය එක්ක මට වමනෙට එනකොට මම කටට අත තියාගන නැගිටන් ඔක්කාරෙ කරන්න හැදුවා.....ආපහු එලියට දාන්න හැදුවා ...

එලියට දාන්නෙ නෑ ආ....දාපන්කො බලන්ඩ එලියට ආය කවදාවත් උන ගැනෙන් නැතුව යන්ඩ එකපාර පෙති ඔක්කොම පොවනවා.....

.බ්බ්..බ්වෑ....ක්....බ්..බ්බ්....න්..නිර්...වා...න්...ම්හුක්...න්.නිරූ....හ්...මට....අනේ...හ්...බ්වක්....

මං ඔක්කාරෙ කෙරුවා ....ආය කවදාවත් උන ගැනෙන්නෙ නැතිව යන්න පෙති ටික ඔක්කොම පොවනවා කියලා සැර කරපු හෙඩා මගෙ මූන දිහා රවාගන බලාගන උන්නා...කිසිම අනුකම්පාවක් නෑනෙ...කිසිම අනුකම්පාවක් නෑනෙ...

යසයි මන්ත්‍රී පුතුකියාගෙ සාත්තු සේවෙනම්..මූ නම් දොස්තර කෙනෙක් වෙයි.....බේත් සාප්පුවකුත් දායි අනිවාර්යයෙන්ම ඒ බේත් සාප්පුව ජයරත්න එක ගාව දාගනි....වන් සොට් වගේ..එක පාරයි අනිත් පාර පෙට්ටියෙ....ඇයි යකො ඔහොමද ලෙඩ්ඩුන්ට ඇප උපස්ථාන කරන්නෙ...ඒකට මොකද චූටි අයියා මූව තියන් ඉන්නෙ හිස් මුදුනෙන් ...හිස් මුදුනෙන්....හරිම අගෙයි චූටි අයියෙ උඹගෙ ගෝල බාලයාගෙ උවටැන් කිරිල්ල නම්....ප්‍රීතී ....ප්‍රීතී....ඈ...

අනුකම්පා කරල වෙන්න පුතාට සමා ....!

මං කැස්සා....වමනෙ කරන්න හැදුවා.....දිව පුරාවටම සුදු පාට කුඩ්ඩ වගේ බෙහෙත් බැදිලා තියනකොට මම මගෙ දිව බෙඩ් ශීට් එකෙන් පිහාගන දැගලුවා.. අඩුම ගානෙ සීනි ඇටයක් වත් දුන්නෙ නැති එයා මාව ඇස් වලින් හම ගහන්න ගත්තා .....

ම්හුක්...ඇයි.. .වදේ...උන...ගැනිලනෙ....

ඉන්නෙ....සීනි...ජූන්ජියක් ...වත්...

දීපල්ලකො....හෙඩ්....පිපෙට් අයියෙ.....අනික....හිස්...අතිම්මයි....ඇවිත් තියෙන්නෙ....ලෙඩ්ඩු බලන්න එන්නෙ ඔහොමද.....

........

අනේ..නිර්වාන්....ඇත්තමයි.....දොස්තරයෙක් වෙන්න නේද ඉන්නෙ...ජයරත්න එක ගාවද බේත් සාප්පුව දාන්න ඉන්නෙ...ඈ හෙඩ් පිපෙට් අයියෙ.....රෝගීන්ට....උපස්ථාන කරන්නෙ...මේම...නෙවෙනෙ...හ්...මෙහෙම...නෙවේනේ....නිර්වාන් ....

........

නිරූ...චූචිට කට තිත්තයි.....ඇගට....පන...නෑ...සත්තිය කියන එක...හීන වේගන එන්නෙ.....කට නිකන් කරවිල උරච්චි කරලා ....ඊට උඩින් මැහි තෙල් ගහලා වගෙ.....කතා කරගන්නවත් සත්තියක් නෑ....නිරූ...

කට පියවන් නිදා ගන්න එතකොට හරි....

ම්හුක්...කට පියවන් නිදා ගන්න කියන්නෙ...මමනෙ දන්නෙ මගෙ ඇගේ තියන වේදනාව...එහෙන් අප්පච්චි නැ...අනිත් පැත්තෙන් මං ගැන බලන්න කැහ්...කැහ්...බලු බල්ලෙක් නෑ...බෙහෙත් පෙත්තක් පොවා ගත්තා උනත් සීනි ඇටයක් ගෙනත් දෙන්නෙ නෑ ...මේකත උඹේ ආතරේ නිර්වාන් .....ඈ...මේකත උඹේ පූජනීය ආතරේ.....උත්තර දීපන් නිර්වාන් ...මේකත ආතරෙ.....

කෝ මා පැතු ඔබෙ ආතරේ....ඈ නිර්වාන් ...කෝ..මා පැතූ ඔබෙ ..ආතරේ ...ම්හුක් ..

අනෙ .....හ්....සුතර්මා ....චින්තකගෙ නොදරු පැටියට අසාද්ධ්‍යයි...ම්හුක්....ඇග පත වේදනාවයි...ඉන්න තැනකින්....වරෙල්ලකො....වේදනාවයි .....නහය කට දත් ටික ඇස් පිහාටු හා ඇහිබැම දකුනු කකුල හා වම් අත උනඩුක ....පුම්චිය.....මහා බඩ වැල.....

උඹට උන විකාරද ?

මං දැගලුවා ...උන කෙසේ වෙතත් ආයමත් කට පන ගහපු මං හෙඩාව මගෙ වචන වලට නම්ම ගන්න හන්දා ඒකා ගාව හුරතල් වෙන්න හදපු මා දිහා රවාගන උන්න හෙඩා අනිත් පාර කැත නැතුවම උන විකාරද කියලා මගෙන් මූනටම ඇහුවා...එවෙලෙ නම් මට ඇත්තටම උන විකාරෙට ආවා.....

මේක නම් අම්මට සිරි වෙලා තාත්තට වෙරි වෙන අහංකාර භාවයක්නෙ මේක.....ඈ....

කිසිම රෝමාන්තික භාවයක් නෑනෙ...ඇයි යකො...ගෙදරත් බලු බල්ලෙක් නැහැයි කියලා ඉන්ශුවරන්ස් එකටත් වඩා ශුවර් එකේ අර චිත්‍රපටි වල වගෙ උම්මියක් දෙකක් දීලා අසනීපෙ හොද කරපන්කො ...හරිම අගෙයි ආ හරිම අගෙයි ප්‍රේම කුමාරයගෙ ආදර බර වදන් නම් හරිම අගෙයි.....ප්‍රීතී....ප්‍රීති....

මං නිර්වානයා දිහා බැලුවා ...එක අතකට ඩිපූටියා හෙන වලත්තයා වගෙ උනත් සැලලිහිනියට හරි ආදරෙයි වගෙ...දැක්කනෙ ඌ හරි හරියට ආදරේ කරපු හැටි.. ...වෙන එකෙක් නම් මෙවෙලාවෙ කොච්චර නන් දුර ගිහින්ද.....ම්හුක්.....මන්ත්‍රී දේවිගෙ පුතාට ලාදුරු වත් දෝ...?????

අනේ මුනිතාස අයියේහ්...!!

මං මාව කන්න වගෙ බලන් ඉන්න හෙඩා දිහා බැලුවා ....චිත්‍ර පටි වලනම් බෙහෙත් පොවලා කොයිතරම් නම් දේවල් කරනවද ...ලිප් කිස්ත.....අරකත මේකත.....ඒකට මට...ඇල්ටොත් නෑ.....

අනෙ චින්තක ..බාල බෑනා නන් තනිකරම පතෝලයෙක්ද කොහෙද ...දෙවනි දරු පැටියට ජීවිතේ හුගාක් දේවල් මග ඇරෙයිතෝ...මන්තා චින්ත ....ලිංගික ක්‍රියාකාරකම් නැතුවම මැරෙන්න වෙයිතෝ.....මන්තා...ම්ම්...හ්ක්....

ම්හුක්...නිරූ...

ම්න්....

ඔයාට.....තෙරෙන්නෙ....නෑත....

මොනවද ?

මෙහෙම බෙහෙත් පොවලා නිකන් ඉන්නෙ නෑ කියලා ...ඈ.....දැන් මට උනනෙ...අනෙ.....

ම්න්,

උන කිව්වම....ඔලුව කැක්කුමයි කිව්වම ආදරේ කරන මිනිස්සු උම්මියක් දෙනවා...එතකොට ඒක සනීප වෙනව අනෙ....එහෙම ඔයා දැකලා නැද්ද .....හෙඩ් පිපෙට් අයියෙ ...නැත්තන් විදුහල් මාතාවට කැලලක් වෙයි කියන්න ඔයා එහෙම නොකර ඉන්නවද ....ඔයා ඉතින් පිනා ගෙත් පිනා වගේ හරි උසස් මනුස්සයෙක්නෙ .....විදුහල් මව ගැන හිතලත මේ පස්ස ගහන්නෙ...

නිකන් විකාර කියවන්න එපා සයාශ් එතන යතාර්තයක් නෑ සනාශ් ...කිස් එකකට අසනීප හොද කරන්න බෑ....ප්‍රායෝගික නෑ...,

නෑ මං කියන්නෙ...

කියන්න දෙයක් නෑ....පැය හයකින් තව උන පෙති දෙකක් බීලා අඩු නැති නම් බෙහෙත් ගන්න ...

ඇත්තමයි..ඇත්තමයි....නිර්වාන් .....

ඇත්තමයි....උඹ...ගෙ හෙන.....බොරුව නිර්වාන් .....ඒකට...ඩිපූටි අයියා....බලන්න ඕන අපෙ සැලාට ප්‍රේම කරන තරම ...අන්න ප්‍රේමවන්තයෝ...අන්න නූතන රෝමියෝ ලා....උන ගැනිලා කියලා තකහනියක් මාව බලන්න ආවා නම්...ගෙදර කාත් කවුරුත් නෑ කියලත් දන්නවා නම් පොඩ්ඩක් රොමෑන්ටික් වෙලා මට අතවරයක් වත් කරපන්කො නිරූ.....ඊයෙ මැසේජ් එක දැම්මා දැම්ම මයි.....ලොවෙත් නැ....මට මෙ උන ගැනුනෙම හිතේ සාංකාවට...ඒකට අපෙ සැලාට....බලන්න ඕනා ඩිපූටි අයියගෙ තියන ආතරේ.....ඌ වෙනුවෙන් මැරෙන්නම් කිව්වා ....මං මේ ඇස් වලින් දැක්කා .....එ කොටපු කෙටිල්ල.....

අසනීප වලට කරන්න පුලුවන් එකම දේ බෙහෙත් පොවන එකම නෙවෙ නිර්වාන් .....බොරුවට මෙතන උත්තර නම් ඉල්ලන්න එනවා...උත්තර දෙන්න කලින් ආදරේ දීපියකො අඩේ....

කැහ්...කැහ්.....

අසනීප මාවමනෙ මේ තෙහෙට්ටු කරවන්නෙ.....අප්පච්චි ගෙ දරු පැටියට බෙහෙත් වලින් ගුනයක් නෑ හෙඩ් පිපෙට් අයියෙ...නොදරුවට සාංකාව....එක්කො සීනි ඇටයක් වත්...ගෙනත් දියල්ලා...උඹලට සීනි ඇටයක් දෙකක් ගෙනත් දෙන එක හරි අමාරුයි ...ඔව් ඉතින්....බාර් කාරි කිව්වා නම්....ඒකිව සීනි කර්මාන්තෙම අරන් දෙයි.....ඒකිට සීනිත් කවලා ඒ බැරි නම් උක් දන්ඩකිනුත් ගහයි.....ඔව් ඉතින් අපිට නෑනෙ.....

උත්තරයක් දෙන්ඩලු....උත්තරයක් දෙන්ඩලු ..කැහ්...කැහ්....උඹට දෙන්න මගෙ ගාව උත්තර නෑ නිර්වාන් .... මං වෙනුවට මෙතන බාර් කාරි උන්නා නම්.....බලන්න තිබ්බා විදුහල් මාතාවගෙ හෙඩ් පිපෙට් ආදරෙ පාන අයුරු ....අමොර් අමොර්...දේකහෙ පෙහිලි බාර්.....ඒක බාර් ඔක්කොම නටලා හරි ඒකිගෙ අස....ඒ ඒ...නි...න්..නිර්...නිරු...මේ...ඔය...ඇ...ඇයි...ඔය....ඇදුම්....ඒ...මෙ...මෙයා එක්ක බෑ ඒයි..... ...නිර්වාන් ....ඇයි...මේ...ඈ...

කලබලේ...මගෙ මගෙ...එවත් ..ගලව....අනෙ ..අප්පච්චි ....මේහ්....එ..එපානේ....හ්....

මට නොතේරෙනවයි කියලා හිතන් ඉන්න ඒවා කරන්න....තමුන් ඔය තමුන්ගෙ කියලා හිතන් ඉන්න ඩිපූටියා ද මොකාද අර නිවුන්නා වෙනුවෙන් මැරෙනවා කිව්‍වට මං මැරෙන් නෑ...මරනවා මිසක්....හරි.....

සීනි ඇටයක් ගෙනත් දෙන්න කිව්වත් සීනි ඇටයක් නොදුන්න උන කියලා දැන දැන උනත් පොඩ්ඩක් හුරතල් කරන්නවත් නොහිතුව නිර්වානයා දිහා බලාගන විකාරෙන් උන්න මං දිගට හරහට ආඩ පාලි කිය කිය බනිනකොට ගහක් ගලක් වගෙ මගෙ දිහා බලන් උන්න නිර්වාන් එක පාරම ඇදන් උන්න ටී ශර්ට් එක ගලවලා පැත්තකට දැම්මා විතරක් නෙවෙ කුනු මාලුවෙක් වගෙ ලගට ඇදලා අරන් මගෙත් ටි ශර්ට් එකත් ගලවලා පැත්තට දානකොට උම්මියක් විතරක් වහෙන් ඔරෝ ඉල්ලපු මාව එක පාරම නිර්වාන්ගෙ හයෙ හතරෙ සරීර කූඩුව ගාව සැලන්ඩර් වෙලා ගියා වගේම මාවත් තල්ලු කරන් ඇදට නැගපු එයා දිහා මං බයවෙලා වගෙ බලන් උන්නා...

.....

න්..නිර්....

ලගට එන්න.....

ඇ..ඇයි....ලගට.....නෑ...මෙහෙම...හොදයි....මට සහලවලා ...උනනෙ....මට මොකුත් කරන්න ඕන් නෑ...නිර්වාන් ...මං...හොදින්.....අනික...ඇගෙ අමාරු....තියාගන....මොකුත්....අව්හ්...ඌව්හ්...

කට පියන් මගෙ ගාවට වරෙන් එච්චරයි !

නිර්.....

ශ්ශ්.....දැන් නිදා ගන්න .....කිස් එකකට උන හොද වෙන්නෙ නෑ....මෝඩ කතා ඔව්වා...

මට හුස්ම හිර උනා.....

හුස්ම හිර කරන් උන්න මට මගෙ ආත්මෙ අර කාටුන් වල වගෙ වැනි වැනි මගෙ නාස් පුඩු අස්සෙන් එලියට යන හැටි මටම පේනකොට උම්මියක් ඉල්ලපු මාව හෙඩා ඇදලා අරන් කිටි කිටියට තුරුල් කර ගද්දි මාව භ්‍රමණය වෙන්න ආවා ....මන් දගල දගල එයාගෙන් ගැලවෙන්න හැදුවා ...

ම්හුක්....සනීපයිනෙ.....හෙඩ්...පිපෙට්...

අයියෙ....

ම්න්..... 

මේක...මේ...නූතන වෛද්‍ය විද්‍යාවෙ....එන...ප්‍රතිකාර ක්‍රමයක්ත නිරූ...ඈ....නැත්තන් ඔයා ඉසිවර වෙද දුරු වත් බැලුවත...නැත්තන් අර බෝයිස් ඕවර් ප්ලවර් එකේ චීන්නු ඉන්න එකේ....කෙල්ලට උන ගැනුනම කොල්ලා තුරුල් කරගන්නෙ....ඒ ක්‍රමේ වත් මතකෙට නැගුනත හෙඩ් පිපෙට් අයියෙ...

විකාර!

මුලින් මුලින් කිටි කිටියටම හිර වෙලා උන්න මන් පස්සෙන් පහු වෙනකොට ලැජ්ජාවක් නැති හොර පූසෙක් වගෙ මීක් නොගා තවත් චුට්ටක් එයාගෙ ඇගට ලන්වෙනකොට මොකූත්ම නොකියා උන්න නිර්වාන් එයාගෙ අර හයිය අත් වලින් මාව තවත් චුට්ටක් තුරුල් කර ගත්තා ....ඇද රෙද්දෙන් එන උනුසුමටත් වඩා නිර්වාන් උනුසුම් වෙනකොට උන තියන් දැගලුවා උනත් ඇග පත අමාරුවෙන් උන්න මං එයාගෙ බෙල්ල ගාවට මගෙ මූන තියා ගත්තා ...

ම්හුක්....හරි සනීපයි අප්පා....මට නිකන් පුරු පුරු ගෑ වෙන්න වගෙ....හී.....අර.....ම්හුක්...අල්ලන්න බැරිත දන්නෙ නෑ...උන නිසා චුට්ටක් ඇල්ලුවට බනීද දන්නෙ නෑ....යකඩ කදන් උස්සලා වෙන්න ඇති ඔව්වා ලොකු උනේ...ම්හුක්....සෝ....ස පාටයි....

සුවද...වැනිලා සුවදත් එනවා .....

අනේ නිරූ....හ් ම්හුක්.....!

යෝහ්...අප්පච්චි .....බාල බෑන හරි කඩවසම් නේ... සමා වෙන්න අප්පච්චි දරු පැටියගෙ නොහොබිනා හැසිරීමට...

හොරෙක් වගෙ නිර්වාන්ට තුරුල් වෙලා උන්න මං වැනිලා සුවදට ඉව කර කර ඉදලා හිමින් සැරෙ අර හැදීගන එන ඇග දිහාවට ඇස් කරකවනකොට දැකපු පපුවට හොරෙක් වගෙ ඇගිල්ල තියන්න ගියා විතරයි කොයි වෙලෙත් නහින්න හදන නිර්වානයා මට කතා කෙරුවා ...ඒ එක්කම මට චුට්ටක් තරහ ගියා ...

සයාශ් ....

ඕ..ඔ...ඇයි...ම්ම්ම්ම්හුක්....

අප්පච්චි ගියාද ...

ගියානෙ.....නිර්....වාන්...

ම්න්....

මාව තුරුල් කරන් උන්න වගෙ නිර්වාන් හෙමින් මගෙ ඔලුව අත ගෑවා ....සනීපයි ...හොර වැඩ කරන්න හැදුවත් පුපුරන්න තරම් කැක්කුම් කරන මගෙ ඔලුව පුරාවටම එයගෙ අත යනකොට මං ඇස් පියාගන උන්නා....කොයි වෙලාවෙත් රවන් ඉන්න දන්න විදිහට ඉස්කෝලේ බගෙට බාගයක් කෙල්ලන්ගෙ ක්‍රශ් එකක් උන..කෙල්ලන්ගෙ සිහින කුමාරයා උන නපුරු නිර්වාන් මාව තුරුල් කරන් ඔලුව අතගානකොට මං ඇත්තටම මෙ හීනයක් අස්සෙද ඉන්නෙ හිතුනා ..... මං හොරාවට මාවම කොනිත්ත ගත්තා

මං එයාට ආදරෙයි .....තාම මුල හන්දම ගොඩක් කියලා කියන්න බෑ....හැබැයි මං එයාට ආදරෙයි ...ඒත්...හිතන තරම් ලේසියෙන් කවදාවත් මට නිර්වාන්ගෙ වෙන්න බැරි බව දන්න මට එයාගෙ අම්මා අප්පච්චි මතක් වෙලා බය හිතුනා ....දුක හිතුනා වගේම මෙච්චර වෙලාම තුරුල් වෙලා උන්න මීට කලින් විකාර කියවපු මං එක පාරම එයාගෙන් ඈත් උනා....

ඔයා ..යන්න....නිර්වාන් .....

සයාශ් .....

ඔයාට ...හෙට මැච් එක.....ප්‍රැක්ටිස් කරන්න තියන වෙලේ ගෙවල්...ගෙවල් ගානෙ රිංගනවා කියලා දැනගත්තොත් ඔයාලගෙ ....

වටෙන් නොයා හිතෙ තියන දේ කෙලින් කියන්න සයාශ් ...මට හෙට මැච් එකක් තියන බව නොදැන ආව ගමනක් නෙවෙ සයාශ්.....කියන්න තියෙන්නෙ මොකක්ද කෙලින් කියන්න....

මං අයින් උනා.....අයින් උනා කියන්නෙ කෙලිම්ම නැගිටලා ඉදගත්තා ....එයත් එහෙම්ම ඉදගත්තා ...

විහිලු කරලා කෑ ගහලා උන්නට...මං ජෝකර් කෙනෙක් නෙවෙ නිර්වාන්

දන්නවා.....හිතන් ඉන්නවා නම්...සීරියස් චරිතයක් වෙන්න...කරුනාකරලා එහෙම නොවී ඉන්න....හැබැයි...මගෙ ගාවදි විතරක් ... මගෙ ගාවදි විතරක් කියන්නෙ...මගෙ ගාවදි විතරක් හුරතල් වෙන්න කියන එක.... සයාශ් පුලුවන් නම් මගෙ ඇස් දිහා බලන් කතා කරන්න සයාශ්...මන් වචන අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක්...කතා කරන්නෙ මා එක්ක නම්...මගෙ දිහා බලන්න...

මං නිර්වාන් දිහා බැලුවා...බිම බලාගන මුනු මුනු ගාපු මට එයාගෙන් ඊතල වගෙ උත්තර හම්බෙනකොට එයා මගෙ නිකටෙන් අල්ලන් මගෙ මූන ඉස්සුවා ....ඒ මූන දිහ බලන්නෙ කොහොමද දෙයියනෙ බඩ රිදෙනවනෙ...

නිර්වාන් ....අපි හරි පොඩි මිනිස්සු ....

අදාල නෑ.....මං ඇහුවෙත් නෑ...

ඒක ඔයාට අදාල නැති වෙන්න පුලුවන් .....ඒත්. ..ඔයාගෙ අම්මා

මෙතනට අම්මව ගාවගන්න එපා සයාශ් ....මගෙ අම්මා ඇවිත් තනිකරම political character එකක්....අම්මගෙ චරිතෙ දිහා බලලා මාව මනින්න එපා මට ප්‍රශ්නයක් නැත්තන් ....ඒක එතනින් ඉවර කරන්න සයාශ් ..නිකන් බොරුවට අදාල නැති දේවල් හිතලා මං ගැන හිතන්න තියන කාලෙ කන්න එපා...මං කැමති නෑ...මං හරි අකමැතියි ඒකට.....

මම නම්...මම....එතනින් එහා දෙයක් නෑ සයාශ් ..මං හරි ජෙලස් චරිතයක් ...මං හරි නපුරු චරිතයක් ...මට ඕනා නම්....ඕනා....එච්චරයි ...එතනින් එහා හා හුම් නෑ...මට දෙයක් ඕනා වෙන්නෙ හරි කලාතුරකින් සයාශ් ...කලාතුරකින් කියන්නෙ...මම ඇබ්බැහි වෙන්නෙ හරි කලාතුරකින් ....කරුනාකරලා ...නිස්කාරනේ මාව තරහා අවුස්සන්න එපා....අනුන් ගැන හිතන්නෙ මං ගැන හිතන්න තියන කාලෙනෙ සයාශ් ....මං කැමති නෑ.....මට ඒ තත්පරේ ගැන පවා තරහයි...ලෝභයි....

නිර්වාන් එහෙම නෙවෙ නිර්වාන් .....එහෙම නෙවෙ .....අනේ එහෙම නෙවෙ නිර්වාන් ...

එහෙනම් කොහොමද ...ම්ම්ම්...

මං බලාගන උන්නා ...ආයමත් චුට්ට චුට්ට නපුරු වේගන එන නිර්වාන් දිහා මං බලාගන උන්නා...අම්මගෙන් එයාව මනින්න එපා කියපු,දෙයක් ඕනා නම් ඔනෙමයි කියපු එයා දිහා මං බලාගන උන්නා ...අවසානෙදි ලොකු හුස්මක් ගත්තා .....

ඔයාට මං ගැන තියෙන්නෙ ආසාවක්ද නිර්වාන් ....?මං ගැන ආසාවක්ද තියෙන්නෙ නිර්වාන් ....

අනිවාර්යයෙන්ම ...මිනිස්සු ආදරේ කරන්නෙ මුලින් ආසවෙලානෙ.....එහෙම නැතුව එක පාර කාටත් ආදරයක් ඇති වෙන්නෙ නෑ සයාශ්

එතකොට ආදරයක් නැද්ද නිර්වාන් ...

එහෙම නැත්තන් මං මෙතන ඉන්න බෑනෙ බබො ම්ම්.....

එහෙම බෑ නිර්වාන් .....මට වචනෙන් උත්තරයක් දෙන්න නිර්වාන් .....මේක ගම නෙවෙ ...මගෙ අම්මා අප්පච්චි පව් නිර්වාන් ....හිනා වෙලා කෑ ගහලා උන්නට....මට රිදෙන තැන් හුගයි නිර්වාන් ....රිදෙනවා කියලා මම කොච්චර මගෙ කදුලු පිට මිනිස්සුන්ට පෙන්නුවත්.....ඒ කදුලු වක බර දැනෙන්නෙ මට විතරයි නිර්වාන් ....ඒ ඇරෙන්න දකින මිනිස්සුට බර දැනෙන්නෙ නෑ....මං හැමදාම මගෙ හැම වේදනාවක් ම හිනාවකින් වහන කෙනෙක් නිර්වාන් ...මෝඩ කතාවකින් වහන කෙනෙක් .....මට රිදුනත් මිනිස්සු දන්නෙ නෑ නිර්වාන් ...මොකද ...මං මගෙ වේදනාව කවදාවත් එලියට නොදාන එකෙක්....එහෙම මට.....දෙපැත්තට නැති උත්තර දෙන්න එපා නිර්වාන් ....

ම්න්....මං ඔයාට මොනවද කියන්න ඕන චූටි....මං උඹට ආදරෙයි කියලා කෑ ගහන්න ඕනෙද .....

එහෙම නෙවෙ නිර්වාන් ....එහෙම නෙවෙ...අනේ....තරහා ගන්න එපානෙ නිර්වාන් ....

තරහ ගන්නවා නෙවෙ ලමයො....

සයාශ් ...වේදනාවෙන් ඉන්නකොට ඔයාට වඩා මට රිදෙනවා නම්....ඒකට නෙවෙද ආදරෙ කියන්නෙ ....මග අරිනකොට පේන්න නැති වෙනකොට පිස්සුවෙන් වගෙ හොයනවා නම් ඒකට නෙවෙද ආදරේ කියන්නෙ ආ චූටි .. ....??කොටිම්ම මන් තමුසෙට ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක් සයාශ් .....මං හරි ඊරිසියයි...මගෙ නම් මගෙ විතරයි ...ආය එතනින් එහා මීක් ගානවටත් මං කැමති නෑ සයාශ් .....

මගෙ ඇස් වලට කදුලු පිරුනා නපුරු නිර්වාන් මගෙ දිහා බලාගන ආදරෙයි නොකියා ආදරේ කියනකොට ඇගිල්ලෙන් ඇන ඇන එයාගෙ එයාගෙ කිය කිය මහ නපුරු විදිහට අයිතිය කියනකොට කොච්චර උනත් මං එයාගෙන් එයාගෙ අම්මගෙ නපුරු චරිතෙ දැක්කා...

ඒ කියන්නෙ ඔයා මට ආදරෙයි ද නිර්වාන් .....මට ඒක කියන්න....ඔයා මට ආදරේද.....ඇත්තටම .....

සයාශ් ...මාත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි ...ඒකට පුරුදු වෙන්න.....බෑ කියලා මගින් නවතින්න නිකන් වත් හිතන්න එපා එහෙම උනොත් මට සිද්ද වෙයි තමුන්ව අඩවන්න ....මන් නරක මිනිහෙක් වත් ගෑනු සල්ලාලයෙක් වත් නෙවෙ සයාශ් ....

පලවෙනි දේ...මාව අනුන් එක්ක සසදන්න හදන්න එපා...මං ඒකට කැමති නෑ...මං ඒකට අල්පමාත්‍රයක් වත් කැමති නෑ සයාශ් .....හරි....කොච්චර අමාරු කාරයෙක් උනත්...මං තමුන් සම්බන්ද හැම තැනකම....සීයට දාහක් හරි අවංකයි.....මං මේක කියන පලවෙනි වගේම...අන්තීම වතාව....සයාශ් ....ආයම පාරක් ...මගෙන් හැංගෙන්න හිතනවා නම්.....මං කැමතී සයාශ් ....එක පාරට දහ වතාවක් හිතලා හැංගියන් කියන්න...මොකද ....හේතුව මොක උනත් මං තරහව පිරිමහන්නෙ එකටම උඹෙන් ....මොකද උඹ මගෙන් හැංගුන තරහව මං මුලිම්ම පිරිමහන්නෙ උඹෙන් ....කරුනාකරලා ...ඊයෙ කරපු මෝඩ වැඩෙ ආපහු නොකර ඉදින්.....තව දෙයක් අහක් යන ගෑනු ඇදුම් එක්ක මාව ගාවලා හිත අස්සෙන් සුරංගනා කතා ගොතන් තනියම අඩන මෝඩයෙක් වෙන්නත් එපා සයාශ් .....මට ඒකිව ඕනා නන් මං තමුන්ගෙ පස්සෙන් එන්නෙ නෑනෙ....

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි චූටි.....තමුසෙ මගෙ හිතේ හරි පරිස්සම් තැනක ඉන්නෙ...කවදාවත් ඒ තැන කාටත් ගන්නත් බෑ දෙන්නත් බෑ....එ වගේම ඒක නැති කරන්න තමුන්ටත් අයිතියක් නෑ.....එහෙම හිතන් ඉන්නවා නම්....මුලිම්ම උස්සන්නෙ උඹව ....අන්න ඒක දැනගන ජීවත් වෙයන් සයාශ් .....

ම්ම්ම්...

මං හූ මිටි තිබ්බා තියන නපුරු කම කොච්චරද කියනවා නම් මං උඹට ආදරෙයි චූටි කියන එක නොකිය ත්ර්ජනෙ කර කර උඹ මගෙ උඹ මගෙ කිය කිය ආදරෙයි නොකිය ආදරෙ කරන නිර්වාන් දිහා බලන් උන්න මං ම්ම්ම් ගාලා මිමිනුවත් ඒ නපුරු වචන එක්ක මගෙ හදවත පිස්සු නටනකොට බඩ පුරාවටම සමනල්ලු පියාඹන්න ගත්තා වගේම මං ආයම හොරෙක් වගේ ඇස් කොන්වලින් එයා දිහා බලලා උගුර පෑදුවා...

නිර්වාන් අයියේ.....👉👈

.....

චින්තක කුඩා දරුවට පුංචි ප්‍රශ්නයක් පැන නැගිලනෙ....👉👈

......

ඇහුවට කමක් නෑත නිරූ....

තවත් ගොන් ප්‍රශ්නයක්ද ම්ම්ම්ම්

යෝහ්.....නිරූ...හ්...ඇයි අනේ....ගොන් නෙවෙ අනෙ....

ම්න්...

මං දබැරැගිල්ලෙන් දබැරැගිල්ල හප්පනකොට නිර්වාන් ඇදන් උන්න ටී ශර්ට් එක ආයම ඇදගත්තා ....එයා යන්නද මන්දා යන්නෙ....යෝහ්...ලෙඩ දරුවව තනි කරන්නෙ යන්නෙ.....ම්හුක්...

නිර්වාන් ...දැන් ඔයා කියනවනෙ මං ඔයාගෙමයි කියලා නේත...චූචියා ඔයාගෙමයි කියනවනෙ....නේත...

වටේ නොයා කෙලින් අහන්න සයාශ්...මොකක්ද දැනගන්න ඕනෙ ලේ කෝප නොවෙන දෙයක් අහන්න....මොකද ...මට අද දවස ඔලුව කෙලින් තියා ගන්න ඕනා.....

හා ඉතින් .....ම ඇදේට තියා ගන්න කිව්වෙ නෑනෙ අනේ...අනේමන්දා.....ඔයත් නම්...එහෙනම් අනේ ඔන්න අහනවා නිරූ....

ම්න්...

දැන් අර බාර් කාරි....අර ඒක බාර් නටන එකී ඉන්නෙ.....ඒකි හින්දා මටත් ටිකක් තරහා ගියානෙ අනේ...එකනෙ මං ඔයාව දාලා ගියේ ...ඒ ගොටුකොල පනුච්චි හින්දනෙ අනේ චූටියා හිත රිදවන් උන්නෙ....මං ඔයාට කැමතියි කියලා කිව්වෙ නැති උනත් මට රිදුනනෙ අනෙ.....ඒ වගේ...මාත් ..මේ සයාශුත්.....අප්පච්චිගෙ බාල පුතුනුවනුත් ඒ වගෙ දෙයක් කෙරුවොත් හරි..... ....

කරලා බලපන්...එවෙලෙට කරන දෙ එක්ක උඹ ආය ජීවිතේට එකම වැරද්ද දෙපාරක් කරන්න හිතන එකක් නෑ සයාශ් .....

ම්හුක්...යෝ....වසකම අනෙ ඔයාගෙ...හරි නරකයි ඒයි . .මං එහෙම කරන්නෙ නෑනෙ අනෙ...

ම්න්...ටිකක් නිදාගන්න චූටි...මං යන්න ඕනා....ඔයාට අසනීපයි කියපු නිසා ආවෙ....පරිස්සමින් ඉන්න.....අඩුවක් උනේ නැති නම් බෙහෙත් ගන්න යන්න හොදද...ඔහොම ඉන්න එපා....මං කැමති නෑ...ම්ම්...මේක ඔයාට....

හී.....පෙබල්ස් එකක්...යෝ...හ්...ඇයි අනේ නොකියා උන්නෙ...සීනි ඇට දෙක තුනක් ඉල්ලනකොට නොදී උන්නෙ මේක දෙන්න හින්දද නිරූ. ඈ....හෙඩ් පිපෙට් අයියෙ.....

....

යෝ...අනේ...එයාගෙ ආතරේ...ම්හුක්....චූචිගෙ හෙඩ් පිපෙට් අයියනෙ ඉතින්....

මෝඩ කතා ගොන් කතා අහපු මං ඊලග පාර එයාගෙ මරන තර්ජන එක්ක ආපහු ඇදේ ගුලි වෙනවත් එක්කම සයා සාක්කුවට අත දලා පෙබල්ස් වැලක් එලියට ගත්තා...වැලක් කියන්නෙ පහක් විතර තියෙන්න ඇති ..අත් දෙකෙම්ම වැල බදාගත්තු මං ඔලුවෙ ඉදන් පොරවන් බලන් ඉන්නකොට නිර්වාන් නපුරු ඇස් හීනී කරන් මා දිහා බලන් ඉදල බලන් ඉදලා මගෙ දිහාවට නැවුනා...අනේ...උම්මියක් දෙන්න යන්නෙ....උම්මියක් දෙන්නනෙ යන්නෙ.....!!!

මගෙ දිහා බලන් උන්න නිර්වාන් ඊළඟ තත්පරේදි මගෙ දිහාවට පාත් වෙනවත් එක්කම මමත් එයා දෙන උම්මිය ගන්න බලාගන කට පුරවලම කට උල් කරගන ඇස් පියාගත්තා ...ඒ විනාඩියකින් බයික් එකක් බෲම් ගාන සද්දෙ ඇහුනා....

යෝ...හ්...මූ මාව රවට්ටලා ගිහින් නේත....අනේ...අප්පච්චි .....හ්හ්...මන්ත්‍රී පුතා....දෙවනි දරු පැටියව රවට්ටලා ගිහින්නෙ අප්පච්චි .....

හරිම අගෙයි නිර්වාන් ..හරිම අගෙයි ...බලන් ඉදින් මං උඹට පේන්නම වෙන එකෙක් එක්ක යනවා.....

නිර්වානයා....හ්හ්!!

ම්හුක්.....බොරු කාරයා....මන්ත්‍රී තුමීගෙ හොර ගතිම තමයි .....

Sanash pov .....

ඉන්ටර්වල් එක ඉවර වෙලා දෙවනි පීරියඩ් එකත් පටන් ගත්තා.....මගෙ හිතම අද පාලුවෙලා ...ගැනියි මිනිහයි වගේ ඉන්න...ඉදි කට්ටට නූල වගේ ඉන්න මගෙ නිවුන්නා නැති වෙනකොට මාව නිකන් හිස් වෙලා වගේ දැනුනා.....

ආර්ට් එකේ එයාගෙ පුටුව හිස් වෙලා තිබුනා....

වෙනදට ඔතනින් සිය පාරක් ගියා උනත් ඌයි මායි ඔය සිය පාරම අත වනාගත්තා වගේම අද ඌ නැතුව මට පාලුවක් දැනෙනකොට ඉකෝන් උගන්න සර් මොනව දෝ හෑල්ලක් එකදිගටම කියාගන යනකොට මම කොට බිත්තියෙන් පහල බලාගන ගෙදර ඉන්න චූටියා ඉන්න හිතුවා.....

ඒ එක්කම අද උදේ පාන්දරම දහතුනේ කොමර්ස් එක අස්සෙදි ඩිපූටුයා මගෙ අත අල්ලගත්තු හැටි ...කතා කරන ගමන් පිට අල්ලට හාදුවක් තිබ්බ හැටි මතක් උන මගෙ යටි බඩ කොර වේගන ගියා මදිවට චූටියා හන්දා කලු ගහලා තිබ්බ මූන එක තත්පරේකින් රතු වෙලා ගියා....

ඩිපූඨුයා ගැන මතක් වෙනත් එක්කම රතු උන මාව ආයමත් පැය ගානක් පස්සට ඇදිලා ගිහින් කාත් කවුරුත් නැති පන්තිකාමරෙ අස්සෙ ශෙනිරුවගෙ ගාවට වෙලා ඇඹරුන ජවනිකාව ගාව නවතිනකොට මම වෙච්ච සිද්දිය ආය ආය .... රිපීට් කර කර මනෝ පාර ගහන්න ගත්තා .....

යෝහ් ...සුවද අප්පා....ම්හුක්...යුනිපෝම් එකටත් ලස්සනයි....ට්‍රැක් කිට් එකටත් ලස්සනයි.....මගෙ ඩිපූතියා...නිවුන්නගෙ බමුනා වගේ නෙවෙ...මාව හුරතල් කරනවත් එක්ක...

චූටියට නම් පව් ඇයි ඉතින් අරූ තනිකරම ගොලු බේත් බීලා වගේනෙ...ශෙනිරුවා නම් අම්මෙ...ආදරේ බේරෙනවා....යෝහ්.....හාච්චි කීයක් නම් දුන්නද අනේ....යෝහ් ...අද කෑවෙත් නෑ....ඇයි ඉතින් කෑවොත් අත හෝදන්න වෙනවනෙ.... ...

යෝහ්....සෙනිරූ....සෙනිරූ.....මට හරි ආදරෙයි කිව්ව්නෙ...බබී..මගෙ....සුදු බබී කියලත් කිව්වා අප්පා...ලැජ්ජාවෙ බෑ...පිස්සු කොල්ලා....

ඔය මැද පේලියෙ ඉන්න අලුතෙන් ආව ළමයා අහගනද ඉන්නෙ.....

ම්හුක්....හෙටත් එන්න කියයිද දන්නෙ නෑනෙ....ඒ උනාට හෙට එයාලා කොහෙද යනවලුනෙ....ටොරිංටන් ටොරිංටන් යනවලුනෙ....හෙට එහෙලුනෙ මැච් තියෙන්නෙ.....හෙඩා නම් කොහොමත් වැඩේ ගොඩ දායි කියලා එයා කිව්වා ....

හෙඩා විතරක් මොකද...එයත් ගිඩ දාගන්න එපැයිනෙ...ඇයි මේ හෙඩා කොයලා අලිපුකෙන්ද....නෑනෙ....ඒඋනාට අපෙ චූටියට උන කිව්ව වෙලේ ඉදන් මං බලාගන් ඌ අර පංචින් බෑග් එකට දබ දබ ගාලා ගැබුවා. ...ඌ පංචින් බෑග් එකට එහෙම ගැහුවා නම්...

අනේ මගෙ නිවුන්නො...උඹට ගෞරවයෙන් බුදුසරනයි....

සනාශ්....අහගනද ඉන්නෙ.....

සැලලිහිනියා ....කොල්ලො උඹ අහගනද ඉන්නෙ.....?

ම්හුක්.....

මහ නරකයා අනේ සෙනුවා නම්...මාව ඉඹලම මරන්න හිතෙනවා කිව්වනෙ....යෝහ්....

ම්හුක්...තාම සූතයි.....තාමත් අත සුවතයි......

සනාශ් නැගිටලා මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා.....මං මෙහෙ ගිරිය කඩාගන උගන්නව මුන් වෙන වෙන ලෝකවල මනෝ ගගනවා...ඔය අන්තීම කෙරවලේ බුදියන් ඉන්න එකා නැගිටපන්...නැගිටලා හිටගනින්...උඹලට ඉනටර්වල් එක් පහු උන ගමන් කරමත...ඔය කොන්ඩෙ කරල් දෙක එක්ක හුරතල් වෙන මිටි එකී...මොන ලෝකෙද ඉන්නෙ.....?උඹල මෙතන අහන් ඉන්නෙ නෑ....ඊට පස්සෙ ප්‍රශ්නප්ත්තරේට උත්තර ලියාගන්න බෑ....ප්‍රශ්නපත්තරේම ආය උත්තර පත්තරේට අමුනල දෙනවා.....

සනාශ්...කන් ඇහුනද...ඔය ළඟ ඉන්න එකා ඇනපන් ඕකට එකක්....ඌත් බුදි...ඌත් බුදි...දැන් උඹලා එකෙක් වත් අහගන්නෙ නැද්ද.....එක එකා එක එක ලෝකවල...අර දකුනු කෙරවලේ එකා පාඩම පටන් ගත්තු වෙලවෙ ඉදන් කියවනවා...එක්කො උඹ උගන්නපන් මම අහන් ඉන්නම්...නැගිටපියව් ඔක්කොම...

අහක බලාගනම උන්න මන් උදේ පාන්දර මගෙ අත් දෙක අල්ලන් ආදරෙයි බබී...ආදරෙයි බබී ගගා මගෙ අතට හාච්චි කෝටියක් දීපු ඩිපූටියව මතක් කර කර මගෙ අත ඉඹ ඉඹ සිහින ලෝකෙක පාවෙවි මල් ගස් වටේ නට නට දුවන්න ගත්තා....සාරුක්කාන් එක්ක කාජල් අක්කා ජනම් ජනම් එකේ ස්ලෝමෝසන් දුවනවා වගේ මාත් මල් ගහක් වටේ දුවනකො මගෙ ඩිපූටියත් එන හැටි හීනෙන් දැකපු මගෙ හීන ලෝකෙ අතරින් පතර මොකෙක් හරි එකෙක් බූරුවෙක් තපුල්ලනවා වගේ කෑ ගහනකොට හීන ලෝකෙ බිදෙයි කියන බයටම මම එක අතකින් කනක් වහන් ඩිපූටියා දාගන උම්මා දීපු අත මගෙ නහය ගාවට අරන් ආය ආයම ඉවකරන්න ගත්තා...

ම්හුක්...තාම තීනවා....තාම තීනවා.....ඇයි අම්මේ...එක පාරක් නෙවේනෙ ඉම්බේ...ඒ උනාට ඕක මහ නරකයා අනේ....උම්මා දෙන ගමං කිව්වනෙ...මෙ අත් වලින් වෙන පිරිමියෙක් එහෙම අල්ලා තිබුනොත් අත් දෙක කඩනවා කියලා ...මහා නපුරා....

සනාශ් ....මූට කන ඇහෙන් නැ...ඔන්න ඔය ළඟ ඉන්න එකා ඕකගෙ පොත එවනවා බලන්න....මුගෙ මනෝපාරෙ තරමට කනුත් බීරිවෙලා...මුගෙ අයියෙක් නේද අර බයො එකෙ ඉන්න සර් ....එවනව එවනවා බලන්ඩ කියපු ටිකවත් ලියලද බලන්න...

යෝ...අර බැක් ග්‍රවුන්ඩ් එකෙන් තපුල්ලන ඔටුවා මොකාද අනේ..මං කී පාරක් නම් දැන් එකම ශොට් එක රගපෑවද....එක පාරක් වත් හාච්චිය දිගන්න බැරි උනානෙ..

...දැන් ආයම මුල ඉදන් බලපන්කො ..මගුල ....

සෙනූ....සෙනූ.....බබීගෙ සෙනු...මොකාද බොල සෙනූ..... ආර්තික විද්‍යාවෙ පියා වන අප්පද බොල.....ආර්තික විද්‍යාවෙ පියා.....මොනාද මූ මේ ලියලා තියෙන්නෙ.....සිහියෙන් නෙවෙ ඉන්නෙ....සනාශ් නැගිටපන්...සනාශ් ....

මං උන්නෙ තවමත් හීන ලෝකෙක වෙනකොට බල බල උන්න හීනෙ හීරුන පරන කැසට් පීස් එකක් වගේ එක තැන කැඩි කැඩි පේන්න ගන්නව එක්කම මොකෙක් හරි උගුරෙන් තපුල්ලන සද්දයක් එක්ක හීනෙ කොතනකවත් නොතිබුන විදිහේ සුදු පාට දුම් වලාවක් එක්ක බෝමබයක්

පුපුරලා ගියා.....ඒ එක්කම මට කැස්සක් ඇල්ලුවා.....

කැහ්...කැහ්.....කැ...හ්හ්....කෑහ්...

සනාශ් නැගිටපන් .......!!

අම්මටම...සි...රි...නේද....කැතයි...ලැජ්ජයි....හිරිකිතයි....අනේ.....සෙනූහ්.....උඹගෙ බබීට ගෞරවයෙන් බුදු සරනයි සෙනූහ්...

කැහ්....

මං නැගිට්ටා ...නෑ..දෙයියනේ.....මාව එක පාරම නැගිට්‍ටෙව්වා ....බොක්ම්බ සහ රෝස කියලා ෆිල්ම් එකක් ගැන අහලා තිබ්බට මං හිතුවෙ නෑ කවදාවත් මගෙ හීන ලෝකෙ රෝසමල් අස්සෙ බෝම්බ පුපුරයි කියලා ...සුදුම සුදු පාට දුම් වලාවක් එක්ක පුපුරලා ගිහින් තිබුනෙ හුනුකොට්‍ට පාරක් වෙනකොට හුනු කුඩු හන්දම මට තත්පර ගානකට ඇස් දෙක ඇරගන්න බැරි උනා වගේම කට අස්සට ගියපු හුනු හන්දා කැස්සකුත් ඇල්ලුවා.....

ඒ ඔක්කොමත් හොදයි...ඉකෝන් කාරයගෙ මුන තනිකරම හිට්ලර්ගෙ වගේ වෙනකොට මුලු පන්තියෙම ලමයිගෙ ඇස් මගෙ ගාවට තිබුනා....මං හිමීටම මගෙ ගාව එකා දිහා බලලා ඇයි යකො මට කතා කෙරුවෙ වත් නැත්තෙ කියලා ඇස් වලින් අහනකොට ඌ අතින් කට වහන් මුමුනන්න ගත්තා.....

අද නම්...සැලලිහිනියගෙ එක පිහාටුවක් වත් ඉතුරු වෙන්නෙ නැතිවෙයි සනාශයා...උඹව කෝටු මස් කරන්න තරම් තරහෙන් ඉන්නෙ....තොට කීයෙ ඉදන්ද මං කකුලෙන් අනින්නෙ...ලාදුරුද....

අනේ...දෙයියනේ දැන්නෙ ඇනපුවා දැනෙන්නෙ....ඩිපූටී.....ඩිපූටී...අනේ...ඩිපූටීහ්....අද නම් බබීට හම්බෙන්නයි යන්නෙ.....හ්

සනාශ්...

මූන පුරාවටම තිබුන හුනු අත් දෙකෙන් ගසාගත්තු මං හොරෙක් වගේ ඉකෝන් සර් දිහා බැලුවා.....සිසිරයා....අනේ...විනය භාර එකානෙ...ඉකෝන් උගන්නන්නෙ...අද නම්...විනය කමිටුවටම කැඳවයි සන්තෝ....කමක් නෑ...කමක්...නෑ....උඹටත් යනකොට ගහලමයි යන්නෙ.....උඹටත් ගහලමයි පස්ස බලන්නෙ....

අනේ...චූටියෝ...උබේ නිවුන්නට ගෞරවයෙන් ..බුදු සරනයි.... අයියෝ....දෙයියෝ.....හ්....

ඔව් සර්....මොකක් හරි ප්‍රස්නයක් ද....

ප්‍රශ්නයක් ද....එකක් නෙවෙ...ප්‍රශ්න දෙක තුනක්ම තියනවා.....කියපන් බලන්ඩ ආර්තික විද්‍යාවෙ...එහෙම නැත්තන් ධනවාදයේ පියා කව්ද කියලා .....තොපි එකෙක් කුටු කුටු ගාන්නෙ නෑ ආ... ..සැලලිහිනියා....කියපන් උඹ...

අයියෝ....ඉතින්...සුලු දේවල්නෙ.....ඔව්වා මේ මොන්ටීසූරි ප්‍රශ්නනෙ...

මගෙ දිහා බලාගන උන්න ඉකෝන් කාරයා ආර්තික විද්‍යාවෙ පියා කව්ද අහනකොට මට අප්පච්චි වමතක් උනා....අපේ අප්පච්චි නම් නෙවෙ කියන්න කටට ආවා උනත් උත්තරෙ දැන දැන නිකන් පච වෙන්න ඔන නැති හන්දා මං මගෙ ලේන්සුවෙන් මූන පිහන ගමන් ආර්තික විද්‍යාවෙ පියාග් නම මහ සද්දෙට කියනකොට සර් කාරයා ලාවට ඔලුව වනලා පොත දිහා බලලා ආපිට මගෙ දිහා බැලුවා...යමක් වැරදුනාවත් දෝ....

ඇඩම් ස්මිත් සර්...

ඇත්තද ..ඇඩම් ස්මිත් ද ....ඒ අනිත් උන්ට....මේ ලෝකෙ අනිත් හැමෝටම ඇඩම් ස්මිත් උනාට උඹට එහෙම නෑ...

නෑ..නෑ...සර් මටත් එහෙමයි.....මටත් පියා එයා තමයි.....

එහෙනම් මොකටද උඹ මෙතන ආර්තික විද්‍යාවෙ පියා " සෙනුගෙ බබී"කියලා ලියලා තියෙන්නෙ මොකාද බොල සෙනුවා...මොකාද බබියා.....

විලි ලැජ්ජාවයි...අනේ...ඩිපූටියො.....හ්!!!..

මුලු පන්තියාම හූ තියලා හිනා වෙන්න ගත්තා .....මගෙ හීන ලෝකෙ කොයි තරම් දුරට ගිහින්ද කියලා කියනවා නම් මම ලියන එක මැදට සෙනූගෙ බබී කියලා ලියලා තිබුනා....

හරි.....දැන් උඹගෙ කෙරුවාව බලන්න පුලුවන් කියපන් බලන්න එහෙනම් උඹගෙත් පියා උන ඔය ඇඩම් ස්මිත් ලියලා තියන සම්බාව්‍ය පොත් දෙක මොකක්ද කියලා .....

හරිනෙ අමාරුව ..අනේ දෙයියනේ....ඇඩම් ස්මිත් කියනකොට මට මතක් වෙන්නෙ අන් හෝලි කියන අර අනිත් ස්මිත්වනේ ...යෝහ්.....සැලලිහිනියෝ....

උඹට අද හම්බෙයි.....

මොකද උඹ දන්නෙ නැද්ද...ආ....

න්න්..නෑ...දන්නවා දන්නවා සර්...නොදන්නවා නෙවෙ.....

එහෙනම්....

නොදන්නවා වගේ ඉන්නවා....සර්......

දන්නවා නම් කියපන් ඉතින්...උඹගෙ කල්පනාව බොහෝම ඈතකනෙ තිබ්බෙ නේ.....මෙලෝකෙ සිහියක නෙවෙඉන්නෙ....ඊටපස්සෙ උත්තර වෙනුවට බහුබූත ලියනවා..ඔය පොත් පෙරලන උන් වහපියව්...

මං බලාගන උන්නා....විනය භාරයට නහුතෙටම නැගලා තියනකොට තවත් ලැජ්ජා නැති මං අහපු දේට උත්තර නොදී වට පිට බලනකොට මං බලාගන සුදු පාට කරාටි කිට් එක ඇදගන දවසෙම කරාටි මරාටි ගුජරාටි ගහගත්තු මගෙ සෙනු වගේම පොඩි නිවුන්නාගෙ බකමූනා මොකක් හරි කොලවගයක් අතේ තියාගන කියව කියව ඉන්නකොට මං බලාගන ක්‍රීඩාබාර සරුත් උන් දෙන්නා ගාවට ආවා....

ආ..ආ...සෙනූ කිව්වා අනිද්දා ඉදන් ස්පෝර්ට් මීට් කියලා...අයි...අයි...මාවයි අපේ චූටියවයි එක හවුස් එකකට දාන්නම් කියලා කිව්වා......එහෙනම් ඒක ගැන වෙන්න ඇති සාකච්චා ල්රන්නෙ...අමෝර්...අමෝර්....ක්‍රීඩා භාර අමාත්‍යන්සෙ නෙමැයිනෙ....

සනාශ් ....උඹට තවම උත්තර නැද්ද.....

ආ...ආ...නෑ...සර් තියනවා...සම්භාව්‍ය නේද සර්.....

ඔව්...ඔව්...සම්භාව්‍ය තමයි...

සර් මගෙ පොත අරගන ආර්තික විද්‍යාවෙ පියාගෙ නම දිහා බල බල වේවැලෙන් මේසෙට පාරක් ගහනකොටම මට මගෙ පොත ගුවනෙන් එන්න යන බව ඉවෙන් වගේ දැනෙනකොට දුවන්න බලාගනම පපුව පිරෙන්න හුස්මක් ගත්තු මම, මම දන්න එකම සම්භාව්‍ය පොත් දෙකේ නම් දෙක කියනවත් එක්කම මං හිතුව වගේම විනය බාරයා මගෙ පොත ගුවනින් එව්වා...

සර්.....පොත් දෙකෙ නම....

Founder of demonic cultivation

Heaven official blessing !

සනාශයා...හ්!

🙂එන්නම්....

බායි..

ආය හෙට ...

ආතරෙයි....

ප්‍රවේසමෙන්....

ස්පෝර්‍ය් මීට් එකේ අර ඩ්‍රිල් එක කරන්න කැමති අය නම් දෙන්න ..

ගෙජ්ජි ගිගිරි සද්දෙ.....!!!

මම

ජොබී.....හ්හ්

More Chapters