WebNovels

Chapter 6 - 06

ආ...ව්ව්හ්...අ...ම්..හ්ක්...

මං උන්නෙ කම්බි වැටේ ඇමිනිලා...අරූ උන්නෙ කම්බි කනුවක් බදාගන....වැටුන වැටිල්ලට බයිසිකලේ රෝද දෙකම උඩ අතට හැරිල මදිවට එකක් කැරකෙන ගමන් තිබ්බා වගේම මං බලාගෙන අපේ එකාගෙ යටි තොල උඩු තොල කොල ගෙම්බගෙ වගේ චප්ප චිරිප්පන් වෙලා තිබුනා...

පන්ඩිත කම....

උඩින් ගිය මම කම්බි වැටේ ඇමිනිලා උන්නෙ කරන්ට් කම්බි වල එල්ලිලා ඉන්න වවුලෙක් වගෙ වෙනකොට වෙච්ච කෙරිච්ච දේ අකුරක් නැරම දන්න හෙඩයි ඩිෆියුටියයි අගලට බැහැලා සරනක් නැති අපි දෙන්නව ගලවනකොට හෙඩා කාටත් නෑහෙන්න ,ඒත් මට විතරක් ඇහෙන්න පන්ඩිත කම කියනවා එක්කම මට තද උනා...

ම්හු...ක්..අහකට වෙන්න...මට...පුලුවන් මාව ගලවගන්න....

ඇමිනීගන උන්න මම මාව ගලවගන්න හැදුවා...එයා මාව අතෑරියා හරියටම

" හරි ගලවගන පෙන්නපන්කො" කියලා කියන්න වගේ වෙද්දි මම ඇමිනුනු ඇදුම් ගලවන්න බැරි තැන ඉරනකොට මං බලාගන කට චප්ප උන සනාශ්ව ඩිෆියුටියා බොහෝම ආදරෙන් කම්බි කනුවෙන් ගලවගන්නවා....

කෝ බලන්න...තොල්පට පැලිලා නේද ....

නැ..නෑ...මං..හොදින්...අපි..දෙන්නා යහතින්.....ම්හ්.....අම්මියෙ..හ්..අපි...

හොදින්....

නිර්වාන් ....මොකද කරන්නෙ....

මම තාම වවුලා වගේ ඇමිනිලා...ඇයි ඉතින් මට කවුරුත් උදව් කරන්න නෑනෙ.....අනිත් පැත්තෙන් ලොකූ දිහා බලන් උන්න ඩිෆියුටියා, අකීකරු මං දිහා රවාගන බලන් උන්න හෙඩාගෙන් මොකද කරන්නෙ අහනකොට මම දකුනු අත බලු අන්ඩක් වගේ නවාගන උන්න ලොකූට කතා කෙරුවා .....උගෙ වැලමිටෙ ලෙල්ලක් නෑ....කනුවෙ ඇනිලද කොහෙද .....

ල්..ලොකූ...මාව...ගලවගන්නකො...

තවමත් මුරන්ඩු කම...නිර්වාන් ඔන්න ඕකව ගලවපන්.....

න්.... .නෑ....ලොකූ...ගල.....එ..එපා....ඌයි...හ්හ්....එපා....කලිසම....ඉ..ඉරෙ....

මට ආය අමුතුවෙන් දකින්න දෙයක් නෑ...එනවා යන්න....

හෙඩා...ඒකට බලන් ඉන්න බැරි උනාද කොහෙද....වැලමිට ගාව තුවාල වෙලා වගේම යටි තොල පුපුරවන් උන්න ලොකූ වේදනා දෙන තැන් අතින් අල්ල අල්ල ඉන්නකොට මෙච්චර වෙලාම ඉවසගන උන්න හෙඩා මාව කම්බි වැටෙන් ඇදල ගත්තා ...ඒකත් නිකන් හරියටම මාලු දැලක පැටලිලා ඉන්න කුනු මාලුවෙක් ගානට වෙනකොට අවසානෙදි මායි ලොකුයි අඩු බඩු කඩාගන සුලු සුලු තුවාල සමගින් නොන්ඩි ගගහා අර බයිසිකල් කට්ට ගාවට යනකොට ඩිෆියුටියා ආයම කෑ ගැහුවා...

සනාශ් ඔහොම යන්න පුලුවන්ද ?

ඔව්...පුලුවන්ද ...අපෝ...බැරි මොකද...

මේක හොරොව්පතාන නෙවෙ සනාශ්.....

ගන්න චූටි ඔය බයිසිකලේ.....ස්තූතියි කරපු උදව්වට...

ලොකූ ඇදුම් ඉරාගන උන්න මා දිහා බලලා බයිසිකල් ගන්න කියනකොට උඩින් ගියපු මාව ටිකක් භ්‍රමණය වෙන්න ගත්තා උනත් තව දුරටත් උන්ගෙන් උදව් ඕන නෑ කියලා හිතුන මමත් දෙකට නැවිලා සයිකලේ ගන්න හදනවා එක්කම මාව ආයම හොම්බෙන් ගියා...නිකන් නෙවෙ හොම්බෙන් ගියපු මම එල්ලෙන්න තැනක් නැතිව එල්ලුනෙ හෙඩාගෙ කකුල් වල වෙද්දි කකුල් වෙනුවට මට අහු උනේ කලිසම....

ඉතින් එතනින් එහාට මං මොනවා හිතන්නද...කකුල් වෙනුවට මට අහු උනේ හෙඩාගෙ කලිසම...මගෙ මූන ඇඹුල් උනා...සුදුම සුදු කලවා වගේම හෙඩාගෙ යට කලිසම දැකපු මට ඇඩෙන්න ආවා...කොටිම්ම හෙඩාගෙ කලිසම එක්ක මාව පහලට රීටුවා...

මාව සීතල උනා....අර සුදුම සුදු කලවා දැකපු මාව සීතල උනා....මහ පාරෙ අගලක භූමි නමස්කාරෙ කරගන උන්න මම හෙඩාගෙ කලිසම බාගෙට ගලවන් උන්නා.....මාව මරයි දැන්...මාව මූ අද මෙතනම මරයි දෙවියනේ...අද දවසට මේ කීවෙනි පාරද...මම වෙච්ච බාරයක් වත් නිදහස් කෙරුවෙ නැද්ද.....??දෙයියොත් කෝප වෙලාද කොහෙද.....

වටපිටාව තනිකරම අමු සොහොහනක් හා සමානවම නිහඩ වෙලා යනකොට තවමත් කලිසමේ එල්ලිගන අඩු දෙකත් උස්සන් බයිසිකලේ උඩම වැටීගන උන්න මම කරගන්න දෙයක් නැතිව එයාගෙ මූන දිහා බලන්න හිමින් හිමින් මම ඔලුව ඉස්සුවා...සුදු පාටකලවා....ඊට පස්සෙ අලු පාටට හුරු බොක්සර් එක.....තනි කලු පාට හූඩිය ගාවින් තවත් චුට්ටක් උඩට බලපු මගෙ බඩ බොකු පවා වේලිලා ගියා ... ..

දෙවියනෙ...ඒකා ඉන්නෙ කුලප්පු උන බයිසන් හරකෙක් වගේ..... ..

ඕක...අත..අරි...නවා...!!!!

හෙඩා දත්මිටි කනවා...ඒ දත්මිටි කන කෑමට මං හිතුවා දත් ටික වැටෙයිමයි කියලා ....දත් මිටිකාගම ඕක අතාරිනවා කියලා කියපු හෙඩා මාව කන්න හදනකොට මම ඉක්මනට කලිසම අතෑරලා සයිකලේ උඩම ඉන්නකොට ලොකූ ඇවිදින් ඒකගෙ අර තුවාල උන බැරි අතින් මාව උස්සන්න යනවත් එක්කම ඌටත් වාරු නැතුව ගියා වගේම කරුමෙ මොන තරම් නරකද කියනවා නම් ඒකවත් මගෙ ඇග උඩටම වැටෙනකොට මාව අර කොල ගෙම්බා වගේ චප්ප වෙලා ගියා...දැන් ඌයි මායි දෙන්නම අගලෙ...!!!!

කලිසම.ගලවන් උන්න හෙඩා ඒක ඇදගත්තෙ ජෙට් එකකටත් වඩා වේගෙන් වෙනකොට ඩිෆියුටියා ඇවිදින් මගෙ ඇග උඩ උන්න සනාශ්ගෙ කොලර් එකෙන් ඇදලා ඒකව කෙලින් කරගද්දි අබලන් උන මම තට්ට තනීයම නැගිට්ටා මිසක් අර හෙඩා නෙවෙ මට අතක් වත් තිබ්බෙ...

වේදනාවයි....දෙයියනේ....ඇගපත තලා දාලා වගෙද අද නම් මාමයිට් ලොරියකට යට වෙලාවත් ඇගට සත්තිය ගන්න බැරි වේවි.... 

මාව ආතාරින්න ශෙනිරු...

ඇයි ආයම ගිහින් හොම්බෙන් යන්නද....තමුසෙලා කැදද බොන්නෙ...?හිටන් ඉන්න පන නෑ...සයිකලයක් පැදගන්න දන්නෙ නැ....හොරොව්පතානෙ ඉන්න උන් ඔක්කොම මේ වගේ කැදයොද....??

තාමත් ලොකූගෙ කොලර් එක පිටිපස්සෙන් අල්ලන් උන්න ඩිෆියුටියා අපි දෙන්නගෙන් කැදද බොන්නෙ අහ අහ තවත් ම්න මොනවදෝ කියලා බනින්න ගත්තා ...ඒ බනින වාරයක් වාරයක් ගානෙම ඌ අපේ එකාව හෙලෙව්වා...ඒ හොලවන වාරයක් ගානෙම අබලන් වෙලා උන්න ලොකුවා පොල් කාවයියෙක් වගේ එහා මෙහා හෙලවෙනකොට තට්ට තනියම දෙපයින් හිටගත්තු මම ආයම සයිකලේ ගන්න යනවත් එක්කම මොකෙක් හරි මගෙ අත් ගොබෙ මිරිකලම අල්ල ගත්තා ...

ඌ....යි....හ්හ්.....

ආයම වැටෙන්නද....??

.න්න්..නෑ...වැටෙන් නෑ...රිදෙනවා.....රිදෙනවනේ.....නි...නි.....

නිර්වානයා ඔන්න ඕකව අරගන වරෙන් බෙහෙත් ටිකක් දම්මලා සර්ටම බාර දෙන්න....

.නෑ....ඕන් නෑ.....අපිට....අපි දෙන්නට පුලුවන් ...ගෙදරට ගිහින් බාර වෙන්න...බෙහෙත් ඕන් නෑ.....නේ චූටි...උඹටත් අමාරු නෑනෙ....

කිව්වම අහලා තවත් මුරන්ඩු කම් නොකර ඉන්නවා සනාශ්....

.මෙච්චර වෙලාම කට පියාගන උන්න මගෙ නිවුන්නා අනිත් පාර කැගහන්න ගත්තා .....වෙන මොකටත් නෙවෙ....බෙහෙත් දාන්න යන් කිව්ව හන්දා...ඌ සර්ජිකල් ස්ප්‍රිට් වලට බයයි....

පොඩි කාලෙ තුවාල වෙන වාරයක් ගානෙ බෙහෙත් දාන්න අරන් ගිහින් පන ගියපු අප්පච්චි අවසානෙදි අපි දෙන්න හන්දම ගෙදරටම සර්ජිකල් ස්ප්‍රිට් ලොකු බෝතලයක් ගෙනාවා...

පොලවෙ පය ගහලා උන්න බැරි අපි දෙන්නා තුවල කරගත්තු නැති දවසක් නෑ.....හන්දියෙ උන්න වන්ශොටා එකටම උගෙ බෙහෙත් සාප්පුවට ආවෙ බයික් කටුවකින් උනත්...ලොකූටයි මටයි බෙහෙත් දාලම ඌ අවුරුද්දක් යන්න කලින් කාර් එකකුත් ගත්තා....

බෙහෙත් දානකොට මම කාගන උන්නා උනත් අමු තුවාලෙට සර්ජිකල් බිංදුවක් වැටෙන වාරයක් පාසාම දැවිල්ල ගත්තු සනාශ් යටගිරියෙන් හූ තියන හන්දම අවසානෙදි මම ගෙදරට ගෙනාව සර්ජිකල් බෝතලේට සීනි බෝතලේම හලලා මට සීනි අමාරුවට එනක් අප්පච්චි තැලුවා.....

ඉතින් යකො...කට දැවිල්ල එනකොට සීනි කනවා නම්....තුවාලෙ දැවිල්ල ගත්තම සීනි දැම්මම මැරෙනවද....??

පුම්චි කමටනෙ මේ ඔක්කොම.....!

මං අඩන්න ඔන්න මෙන්න උන්න සනාශ් දිහා බැලුවා....ඌට හෙලවෙන්න විදිහකුත් නෑ...මට හෙලවෙන්න විදිහකුත් නෑ...දෙන්නම ඉන්නෙ දඩු කදේ ගහලා වෙනකොට කලිසමෙ දනහිස ඉරුන මගෙ රුපියලක් සයිස් ලෙල්ලකුත් ගිහින් තිබුනා...

නිර්වාන්....මං....ලොකූ එක්ක ගෙදර යන්නම්....මාව...අතාරිනවද....

 .....

නිර්වාන්....මම....

කට පියන් එනවා යන්න...ගෙදර මිනිස්සු බයවෙයි...

අගලෙ උන්න මාව තදින්ම මිරිකන් උන්න නිර්වාන් ඇදගන වගෙ බයික් එක ගාවට යනකොට චූටි අයියගෙ සයිකලෙ දැකපු සනාශ් ආයම මැරෙන්න ගියා....

ස්..සයිකලේ...සයිකලෙ...චූටි අයියගෙ සයිකලෙ....

ඔන්න ඔය මගුල වෙනුවට එකක් ගෙනත් දෙන්නම්...දැන් වත් කටපියන් නගිනවා සනාශ්....පන්ඩිත කම ඉහවහ ගිහින්...

අලුත් එව්වා මොකටද....අලුත් එක චූටි අයියගෙ නෙවෙනෙ....අනික අනුන්ගෙ සයිකල් අරගන අපිට මෙතන දාස කම් කරන්න වෙයි ...

ඒක තමයි.....ගොනා කරගන්න නේද හැදුවෙ....අපි අහුවෙයි ඔව්වට නේද ලොකූ.....

දඩු කදේ ගහල වගේ උන්න අපි දෙන්නා අඩු බඩු එල්ලන් ආයමත් පන්ඩිත කම් කියන්න ගත්තා...තත්පර ගානක් ඇතුලත සනාශ්ගෙ කට ඌරු පුකක් වගෙ ඉදිමිලා එනකොට මං බලාගම ඩිෆියුටියා ඒකගෙ පිට අල්ලෙන් අපේ එකාගෙ කට පිහිනවා....අරූගෙ කටට පිඹිනව....බැන බැන උනත් ආව තේව කරනවා...

ඒ මොකත ඒ....මොකක් නමුත් වෙනවා වgay......ම්ම...අප්පච්චි ගෙ බෑනා..පොඩ්ඩ....අපේ එකාට හරි ආතරෙයි.....

මං බලාගන උන්නා...මං ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා...මගෙ ඇස් පනා පිට මේ වෙන සන්තෑසිය දිහා මං බලාගන උන්නා....

අමෝ...අමෝ.....සත්‍ය ප්‍රේමයේ බුරුංග රාජයා....පිච්ච මල් බිසව්තමො!!!

මගෙ කටට පිඹින්න එපා....ශෙනිරු...ඔයාගෙ කට පෙපරමින්ට් සුවදයි...මං ආස නෑ...

මෙච්චර වෙලාම දීගන උන්න අපේ එකා හිටපු ගමං ටියුන් වෙලා ආයම පුපුරන්න ගත්තා ...ඒකගෙ යටි තොල ලේපාට වෙලා තිනුනා වගේම දකුනු අතේ වැලමිටෙ කෑල්ලක් අඩු වෙල තිබුන....කොහොමින් කොහොම හරි ඔයිට වඩා අපි වෙනුවෙන් සටන් කරගන්න බැරි අපි දෙන්නා අවසානෙදි උන්ගෙ කීමට තවත් පිටු පාන්න බැරිව අවසානෙදි අර කලු පාට වන්ඩි දෙකේ පිටිපස්සෙ ශීට් එකෙන් ඉදගත්තා ...හැබැයි..මායි මගෙ නිවුන්නයි උන්නෙ ගැට්ටෙ.....අරුන් දෙන්නගෙන් යාර බාගයක් ඈතට වෙලා.....

වැටේවි...අල්ල ගන්න....

නෑ....වැටෙන එකක් නෑ.....

එ හෙඩා.....හෙඩාගෙන් යාරයක් විතර පස්සට වෙලා උන්න මට හෙඩා අල්ල ගන්න කිව්වා...කන්නාඩියෙන් මගෙ මූන දිහා බල බල උන්න හෙඩා ආයමත් මට මොකක් හරි කියන්න යනවත් එක්කම මම ඒ මූන මග ඇරලා සනාශ් දිහා බලනකොට ඌත් ඩිෆියුටියගෙන් යාරයක් විතර පස්සට ගිහින් බයික් එකෙ පිටිපස්සෙන් අල්ලගන උන්නා...මාත් එහෙම්ම ලොකූ විදිහටම අල්ල ගත්තා ....

ආවා මෙතන යැයි යැයි ගාගන....

ඩිෆියුටියා අපිට ඉස්සරහින් ගියා ....හෙඩා ස්ලෝ එකෙ පස්සෙන් යනකොට මම මීයා වගෙ උන්නා ...අතුරු පාරකින් බයික් එක හරවපු ඩිෆියුටියා යන්න යනකොට ඒ පාරෙම්ම හෙඩත් හැරෙව්වා .....ඉදලා හිටලා යන බයික් එකක් ඇරුනම ඒ පාර පාලුවට ගිහින් තියෙද්දි මෙච්චර වෙලාම පස්සෙන් ගාටපු හෙඩත් අනිත් පාර ඩිෆියුටියව ඇල්ලුව වගේම දැන් උන් දෙන්නම සමාන්තරව යන ගමන් උන්නා.....

මායි අරුයි නෙවෙ ඔලුවක් ඉස්සුවෙ නැග්ග වෙලේ ඉදන් පිටි පස්සෙන් අල්ලන් උන්න මං වගේම අරූ බිම බලාගන උන්නා වගෙම අපේ එකාගෙ පෙට්ටි කට පෙට්ටි හිනාව සම්පුර්ණයෙන්ම ඇද වෙලා ගිහින් තිබුනා...

සනා....ශ්....

මෙහා පැත්තෙන් උන්න මං මගෙ නිවුන්නට කතා කරනවත් එක්කම ඌ ඔලුව උස්සලා මා දිහා අඩන්න ඔන්න මෙන්න බැල්මක් දැම්මා....

බේ...ත් ...ඕන් ...නෑ....චූ....

එච්චර කියන්න හම්බුනෙ.....ඌට බේත් ඕන් නෑ කියන එක සම්පූරනයෙන් කියන්නවත් ඌ බෙහෙත් එපා කියන එක මට සම්පූරනම අහන්නවත් හම්බුන් නෑ.....මෙච්චර වෙලාම සාමකාමිව ආව ඩිෆියුටියට වගේම හෙඩාට එක පාරම ආච්චි වැහුනා වගෙ වෙනකොට උන් දෙන්නා බයික් දෙකම රේස් කරන් එකපාරම කඩාගන ගියා වගේම මෙච්චර වෙලාම යාරයක් පස්සෙන් උන්න අපි දෙන්නාට නොහිතපු වෙලාවකදි ගුරුත්වාකර්ශන බලෙ හීන වෙලා යනවා වගෙ දැනුනා .....

නිව්ටන් අපිට බොරු කෙරුවා .....!!!

ගැට්ට්ක් .....ඒක ගැට්ටක්....කොයි වෙලෙත් රවාගන ඉන්න මූනෙ හිනා කලදක් නැති හෙඩා වගේම ඩිෆියුටියා මෙච්චර වෙලාම සාමකාමිව ඇවිදින් පාරෙ තිබුන ගැට්ටක් අල්ලලා උන්ගෙ පරන තරහවල් ඔක්කොම ගැට්ට පිටින් දාලා අල්ලනකොට මායි මගෙ නිවුන්නයි සද මත පා තබපු උන් දෙන්නෙක් වගෙ උඩීන් ගිහින් ආපහු ශීට් එකටම වැටුනා....නිකන් නෙවෙ.....මාව ආයම වැටුන වැටිල්ලට මම හෙඩාගෙ පිට මැදටම උම්මියක් දීගන වැටෙනකොට මගෙ මූනෙ අච්චුව හෙඩාගෙ පිටෙ හිටිද්දි මං බලාගන අපේ එකා ඩිපියුටියව දෑතිම්ම බදාගන්නවා .....

දැන් වත් අල්ලගන්නවා ....

නිර්වානයා ....මෙච්චර වෙලාම රවන් උන්න ඒකා කට කොනකින් හිනා වෙන හැටි මං කන්නාඩියෙන් දැක්කා ..ඒ විතරක් නෙවෙ දැන් වත් අල්ලගන්නවා කියන ගමන් ඌම මගෙ අතක් අරන් උගෙ ඉනවටෙ පටලවගන්නකොට මං බලාගන අපේ එකාගෙ එක අතක් ඩිෆියුටියගෙ බෙල්ල වටේ එතිලා තියනවා 

හරිම අගෙයි....හරිම අගෙයි ...ප්‍රීතී...ප්‍රීති....අප්පච්චිගෙ පුතාලා දෙන්නගෙ කෙරුවාව බොහෝම අගෙයි....!!

අනෙ....චූටී....

අපි දෙන්නම උන්නෙ බෙහෙත් දාන තැන.....ඇද උඩ ඉදගන උන්න සනාශ්ගෙ මූන රතු වෙලා ගිහින් තිබ්නා....දොස්තර ගාව ඉන්න නර්ස් අක්කා කතුරකට පුලුන් කෑල්ලක් හිරකරගන සර්ජිකල් පොගවනවා එක්කම අපෙ එකා යාරයක් ඈතින් උන්න මා දිහා බලලා අනේ චූටී කිව්වා විතරයි මටවත් උත්තරයක් දෙන්න නොදී ඩිෆියුටියා අපේ එකාගෙ ලගට ගියා ....

ඒක දැවිල්ල නෑ....

දැවිල්ලයිනෙ.....මං කිව්වනෙ බෙහෙත් ඕන් නෑ කියලා .....මං.....

ශ්ශ්...දැන් හරි.....

මට හීක් ගෑවුනා....ඒ ආතරේ....අනේ චූචී....අනේ...චූචී....ගාපු සනාශ් ඒකගෙ තිබුන අසරන කමටද කොහෙද එයා ලගට ආව ඩිපියුටියට දුක කියන්න ගත්තා ..ඇත්ත ඇත්ත...ගමකට ගහන්න කට තිබ්බත් සමහර උන් බෙහෙත් විදිනවට බයයි වගේ අපේ එකා සර්ජිකල් ස්ප්‍රීට් වලට බය හන්දා මමත් අසරන ව ඌ දිහා බලන් ඉන්නකොට ඩිෆියුටියා ගිහින් ඒකගෙ අර සුවද ගහන සුදු අතෙන් සනාශයගෙ ඇස් දෙක මුවා කෙරුවා ....

ඒත් වැඩක් වෙයිද....ඇස් වැහුවට දැවිල්ල එන්නෙ නැතිවෙනවද....???

අ..අනේ...අ..අනේහ්...ක්.ච්.....ච්.....චූ....ටී...හිමින්....ග්..ගෑනියේ..අනේ...අක්..කෙ...

හිමින්....දනවා.....න්..නර්ස්....අක්කෙ....හිමින්...අතුල්ලපියකෝ....හ්හ්...

අරූ බෙරිහන් දෙන්න ගත්තා ...කතුරට අටවපු සර්ජිකල් ස්ප්‍රීත්තු ගෑවුනා විතරයි මගෙ නිවුන්නා නර්ස්ට ගෑනියේ කිව්ව මදිවට අතුල්ලපියකෝ කියනවත් එක්කම රවාගන ඉන්න ඩිපියුටියා අපේ එකාව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ...තුවාල වෙලා ඉන්න මට ඒ මදිවට දර්සනේ දැකල බඩ ඇතුලෙ සමනල්ලු පියාඹන්න ගත්තා...

සමනල්ලු....සමනල්ලූ.....

මගෙ යටි බඩ ඇතුලෙ දැන් සමනල්ලු ලෝකයයි...අඩන සැලලිහිනියව ඩිෆියුටියා අත් දෙකෙම්ම තද කරන් බලන් උන්න මම ලැජ්ජාවටම හිමින් සැරෙ මගෙ ගාව උන්න හෙඩා දිහා බෙල්ල හරවලා බලනකොට ඒකා රවාගන මා දිහා බලන් ඉන්නවා....රවාගන කියන්නෙ හොදටම රවාගන....

සමහර විට මම එයාගෙ කලිසම ගලවපු හන්දා වෙන්න ඇති.....යට කලිසමත් දැක්කනෙ.....ඒක ඉතින් හරි මගුලක්නෙ...මටත් ඔය ඕන තරම් යටකලිසන් තියෙන්නෙ...

නිර්වාන්.....ස්..සමාවෙන්න....මං...හිතලා කෙරුවෙ නෑ...මට....අල්...ලගන්න....තැනක්....තිබුන්...නෑ.....

....

අනික...ඉතින්.....ඔයත්...මගෙ ඔක්කොම...අද ...දැක්කනෙ...ඒකට...

මේක....කැපුනා.....දැන්...හරිනෙ....

ඒකා රවාගන ඉන්නවා.....වැරද්ද කරපු මං සමාව ඉල්ලන කොට රවාගන බලන් උන්න නිර්වාන් මා දිහා බලලා අහක බලාගත්තා ...

ඇයි වදේ.....සමාව ඉල්ලුවත් වැරදි...නැත්තන් මං එයාගෙ අතට උම්මියක් තිබ්බ හන්දද.....නැත්තන් පිටට.....

සනාශයගෙ ඈඩියාව් ඉවරෙ වෙලා නර්ස් අක්කා බෙහෙත් දාන ගමන් උන්නා...හැබැයි ඉතින් ඩිෆියුටියා අපේ එකාව තාමත් අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා....

හිතහොද එකා මොනා උනත්...මොකද මටත් ඌ ගාවට යන්න පුලුවන් කමක් නෑ මාත් අබලන් වෙලානෙ ඉන්නෙ....තරහ මරහ පැත්තක දාල මූට පොඩ්ඩක් මේ පැය ගානට ගරු කරන්න ඕනා.....

නිර්වාන්.....

මං ආයම ඇගිල්ලෙන් ඇන්නා....මට රවන් උන්න ඩිෆියුටියා අහක බලාගන ඉන්නකොට මම ආයම ඇගිල්ලකින් ඇන්නා.....එයා ඇහිබැමක් උඩ ඇරගන මගෙ දිහා බලනකොට මම එයාගෙ උම්මිය දීපු අත දිහා බැලුවා.....ඒ අතේ ඇගිලි තාම එහෙමමයි.....තවමත් ඇගිලි නවාගනමයි.....මං හිතන්නෙ එයාට තවම තරහයි.....

නිර්වාන්.....මේකට....මේකට...මම හිතුවෙ චූටි අයියා කියලා...මට...සමාවෙන්න...දෙන්න...මං පිහදා....

....ඔන් නෑ...

මං එයාගෙ ඇගිලි නවාගන උන්න අත අල්ලන්න ගියා....එයා ඒ අත එක පාරම පිටිපස්සට කරගත්තා ....නෑ ඕන් නෑ කිව්වා...

තියන සෝබනේ....

කෝ අනිත් එක්කෙනා එන්න.....

මෙච්චර වෙලා ඇද උඩ උන්න ලොකූ යන්න ගියා.....දනහිසේ ලෙල්ලක් ගියපු මම නැගිට්ටා...හැබැයි නැගිට්ට මාව ආපහු අනිත් අතට ඉන්දවුනා....දනහිස් පොල්කටුවෙ තිබුනෙ තුවාල කකුල නවාගන උන්න මට නැගිටපු ගමන් ආයම මාව ඉන්ද උනා වගේම නිරාවන් මාව මාව ආයම හිට ගැස්සෙව්වා....

ඇවිදින්න පුලුවන්ද ...

පුලුවන්...දනිහි....න්..නෑ...නෑ.....මට ඇවිද...නිර්....

ඒක ඊටත් හපන්...ඒක ඊටත් හපන්....ඩිෆියුටියා අපෙ එකාව තුරුල් කරගත්තට හපන්.....මූනෙ හිනාව කලදක් නැති හෙඩා මාව තනි අතට අරගන ගිහින් ඇදෙන් ඉන්දවනකොට මම බත් කියලා කාල තියෙන්නෙ පුලුන්ද කියලා හිතුනා.....

මට ඇවිදින්න පුලුවන්නෙ...නිර්වාන් ....

...

අනිත් පාර මම....

ඕක හුගක් දැවිල්ලද?

නෑ..එච්චරම නෑ...

ම්න්...

කියන දේ කනකට ගන්නෙම නෑනෙ...මාව ඇද උඩින් තියපු හෙඩා දිහා බලාගන අනිත් පාර මට තනියෙන් යන්න පුලුවන් කියන එක ගානකට වත් නොගත්ත හෙඩා නර්ස් අක්කා දිහා බලලා ඕක දැවිල්ලද අහනකොට මාත් කෑ ගහයි කියලද කොහෙද එයා සර්ජිකල් ස්ප්‍රීට් වෙනුවට දුඹුරු පාට බෙටඩීන් එක එක අරගත්තා ...

මම කකුල දිගෑරගන උන්නා...මොකද මට ආය කතා කරන්න හිතක් තිබුන් නෑ....කොයි වෙලෙත් යකාට ඇදන් උන්න හෙඩා මගෙ කකුල දිහා බලාගන උන්නා..හරියටම වැරදිලා වත් නර්ස් අක්කා මගෙ කකුලෙන් කෑල්ලක් කපා ගනී කියලා වගේ.....

....නැ..මට ..බහින්න පුලුවන්

තවත් පන්ඩිත කම....

සැලලිහිනියා වගේ ගම දෙවනත් නොකරපු මම බෙහෙත් දාලා බොන්නත් බෙහෙත් දෙනකන් බලන් ඉදලා අවසානෙදි බහින්න හදනවා එක්කම හෙඩා ආයම මගෙ අත යටින් අත දානකොට මම කට ඉස්සරහා කෙරුවා ...ඒ උනත් ඌ නෙවෙ මාව අතෑරියෙ ඒ අත් තනිකරම යකඩ වගේ....තද කරලම අල්ලගත්තු මාව ඇදෙන් බස්සපු හෙඩා අනිත් පාර මගෙ අතක් අරන් එයාගෙ බෙල්ල වටේ දාගන එයාගෙ අතක් මගෙ ඉන වටේ දානව එක්කම මං උඩ පැන්නා...

ක්...ක්..කිචියි.....ඊ....එ....ව්...එපා....හ්...

.මට කිචියි...එයාගෙ ඇස් ගැස්සුනා....ඉනෙන් අල්ලනවා එක්කම කරන්ට් වැදුනා හා සමානවම උඩ පැනපු මම අනිත් පාර ආයම හොම්බෙන් යන්න යනකොට ඒකා මාව ආයම ඇදලා අරගද්දි මං බැරි බැරි ගාතෙ නොන්ඩි කොට කොට එලියට එනකොට සැලලිහිනියව බයික් එක උඩ ඉන්දවපු ඩිෆියුටියා අපේ එකාව වැටෙයි කියලද කොහෙද බයික් එකට ජැක් එකක් ගහන් උන්නා.....

ශෙනිරු...අපි දෙන්නව...හේ ගාවින්ම දන්න ඕන නෑ...මගින් දාන්න...අපි යන්නම්....නේද චූටි....

ඔව්....අපි දෙන්නා...මගින් යන්නම්.....මේ කරපු උදව් වලට ස්තූතියි .....

පුලුවන්ද ?

පුලුවන් ...දැන් බෙහෙතුත් දැම්මනෙ...නේද චූටි

ඇයි දැන් බෙහෙත් දැම්මම ගේ ගාවට යනකොට හොද වෙලා තියනවද සනාශ්??

අපේ එකා ඩිෆියුටියා දිහා බලලා අපි දෙන්නව මගින් දාන්න කියනකොට ආයම රවාගත්තා .....ලොකූ මගෙ දිහා බලලා අපිට යන්න පුලුන්නෙ කියලා අහනවත් එක්කම මගෙ ගාව උන්න හෙඩා වචනයක් වත් පිට නොකර ඒකගෙ උගුරෙ රැල් බුරුල් කෙරුවා විතරයි ඩිෆියුටියා අපේ එකාට ආයම අන දෙන්න ගත්තා... .....

මේක හරි මගුලක් උනානෙ යකො....

නිර්වාන් ....ඔයලගෙ ගාන කියන්න...මෙතනදිම අපිට බේරගන්න....

....

නේද ලොකු.....නිකන් ණය තියාගන්නෙ මොකද ....

.ඒක ඇත්ත....නැත්තන් අපි දෙන්නට ඉලග ආත්මෙත් ඔය දෙන්නට ණය ගෙවන්න වෙයි...

.....

ගාන කියන්න ශෙනිරු.....

සල්ලි එපා...

සල්ලි එපා...එපා කියලා බෑනෙ.....නේද චූටි....

ඔව්....එපා.කියලා බෑනෙ....නිර්වාන්...ඔයානෙ මට වියදම් කෙරුවෙ...

"පන්ඩිත කම..."

න්..නි.. නිර්වාන්.....ඉ...ඉ..ඉව්....හ්

කට පියවනවා.....

උන් දෙන්නගෙන් ගාන අහ අහ උන්න අපි දෙන්නා අඩු බඩු එල්ලන් කොච්චර වත් එහා මෙහා උනාට උන් දෙන්න නෙවෙ අපි දෙන්නව තඹේකට මායම් කෙරුවෙ...මගෙ ගාව උන්න හෙඩාගෙන් මම ගාන අහනවත් එක්කම පන්ඩිත කම කියලා මට සැර උන හෙඩා මාව ආයම උස්සලා බයික් එකෙන් ඉන්දවනකොට මම මැරෙන්න ගියා වගේම රත් වෙලා තිබුන සයිලන්සර් එකට මගෙ අන්ඩක් ආයම පිච්චුනා.....

වේදනයි.....

නොසෑහෙන්න ...වේදනයි...

මෙතනින් එහාට මමවත් ලොකූ.වත් ආය කතා අරන්න ගියෙ නෑ...උඩින් ගියපු අපි දෙන්නා අඩු බඩු එල්ලන් මීක් නොගා කලින් ආවා වගේම යාර බාගයක් පස්සට වෙලා ආවත් මුන් දෙන්නා හොදට තියන පාරකින් නොයා අනිත් පාර වලවල් පිරුන පාරකින් එන්න එනකොට වලවල් වලින් වැටෙන වාරයක්....වාරයක් පාසාම අපි දෙන්නව ආයමත් ඉස්සරහට රීට්ටුවා ...

මාව නිකන් භ්‍රමණය වෙන්න වගේ....

කොච්චර කිව්වත් මගින් නොදා ආව අපි දෙන්නව ගේ ගාවින් බස්සනවා එක්කම ගියා ගියාමයි මායි ලොකුයි නැති තැන චූටි අයියා මග බලාගන ඉන්න හැටි අපි ඈත තියාම දැක්කා...

නිර්වාන් ඇයි මේ...

මේ දෙන්නව සයිකලෙන් වැටිලා සර්

අනික ඒ සයිකලෙ තෙලුත් නැ සර්...

චූටි....මං ඔයාට කිව්වා යන්න කලින්.....

මම ලොකුවා දිහා බැලුවා.....මොකද ඌට වත් මාව බේරගනින් කියන්න....ඌට කතා කරනව තියා කට ඇරගන්න බෑ...කට ඉදිමිලා ....පාරෙ ඉදම්ම බැනුම් අහපු මමයි ලොකුයි මීක් නොගා ඉන්නකොට පෝර දාපු ඩිෆියුටියා හෙඩා දිහා බලනකොට ඒකා කරේ.දාන් උන්න බෑග් එක ඇරලා පොත් දෙකක් ගත්තා ....

සයාශ් මේක තියා ගන්න.....පාස්පේපර්ස් කරන එක හොදයිනෙ.....

බලනවලා මේ ලමයි දෙන්නා කොච්චර තමුන්ලට උදව් කරනවද.....?

මේවට තමා මට නගින්නෙ...මහ පාරෙදි එපා කියලා දාලා ආව පොත් දෙකම වෙලාව බලලා එලියට ගත්තු හෙඩා මගෙ අතට දෙනකොට මූසිලගෙ හපන් කම් නිසා පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියපු ගුත්තිල ඇදුරු තුමා වෙච්ච අපේ චූටි අයියා උන් දෙන්නා ගැන ගුන වයනකොට මම කට තද කරන් උන්නා...

චූටි.....ලොකූ....අඩුම ගානෙ ස්තූතියි කියන්නවත් කට නැද්ද.....??ඉන්නවලකො අප්පච්චි ට මං කියන්න...

අපි නෙවෙ මීක් ගෑවෙ.....අපි දෙන්නටම බැනපු චූටි අයියා යන්න යනකොට මම ලොකුව දිහා බලනකොට ඌ මා දිහා බලලා ඇස් හීනි කරලා පොඩි සිග්නල් එකක් දුන්නා... " අදට විතරක් පහු බහිමු"

ස්තූතියි ....

ම්න්.....

අනිත් දවසෙ ප්‍රවේසමෙන්....අනික සනාශ් මං අහන්න උන්නෙ...ඇයි ක්ලාස් එකේ පස්සෙම බංකුවෙ ඉදගන්නෙ....කියන මෙලෝ දෙයක් ඇහෙන් නෑනෙ.....

නෑ ඇහුනා.....මොකද ඇහුන් නැත්තෙ....

ඇත්තට.....මොනවද ඇහුනෙ...ම්ම්ම්....?

ඇහෙන්න ඔනෙ මොනවද ඒ ඔක්කොම.මට ඇහුනා ශෙනිරු...අනික ඔයා මොකටද ඉකෝන් එකේ ඉදන් මා දිහා බලන් ඉන්නෙ...මං දැක්කනෙ...ඔයත් ඉගන ගත්තෙ නෑනෙ...

ම්ම්ම්...ඇත්තට....මං ඉගන ගන්නෙ නැතුව තමුන් දිහා බලන් උන්නා කියමු...එහෙම බලන් ගියහම තමුනුත් ඉගන ගන නෑ....මා දිහා බලන් ඉදල තියෙන්නෙ...

මේ මොන මගුලක්ද මේ...මේක මාර මගුලක් උනානෙ....ඇයි යකො...මට වට පිට බලන්නත් බැරිද....වරෙන් චූටි යන්ඩ....මේවට තමයි මට නගින්නෙ....

අපේ එකාට නැග්ගා...අපේ එකාට නප්පියටම නැග්ගා.....ඩිෆියුටියා ගේම ඉල්ලනකොට අපේ එකා උගෙ අර ඉදිමුන කටත් එහා මෙහා කර කර බනිනකොට මාත් එහෙන් මෙහෙන් හා හුම් ගෑවා....ගාලා එන්න හැරුනා ...හැබැයි ආපහු මං නැවතුනා ...

පොඩ්ඩක් ඉන්න නිර්වාන් මං ඔයාගෙ යුනිෆෝම් එක හේදුවා ඒකත් අරන් යන්න ...නැත්තන් ඕකටත් කියවයි....

හෙට එනකොට මැදලා අරන් එන්න මං යුනිෆෝම් ගේන්නෙ නෑ සයාශ් ...කලිසමේ ඉස්සරහට වගේම පස්සට,ඒවගේම උරහිස් වල ඉරි තියලා අයන් කරලා තියෙන්නෙ ඕනාවට එපාවට අයන් කරලා තව ඉරි ගහනවා නෙවෙ තෙරුනාද .....ශෙනිරු යන්...

මේහ්...පොඩ්ඩක් ...මොකක්...මං...ඉරි....???....නිර්වාන.....යා.....හ්හ්

මං ගේට්ටුව අල්ලන් බෙරිහන් දුන්නා හෙට එනකොට අරන් එන්න ඉරි ගගන්න....මොන මගුලක්ද ඒ...මොන අවනඩුවක්ද යකෝ ඒ උනේ....

මං පොලවෙ පස් කෑවා හරියටම වල් ඌරෝ හේන්වලට පැනලා අල හාරනවා වගෙ මං මගෙ කකුල් වලින් වල් හාර හාර නිර්වානයට කෑ ගහලා කෑ ගහලා ගෙට ඇවිත් කූල් වතුර බෝතලේ කටේ තියාගන බීගන බීගන ගිහින් ලොකු නැන්දගෙනුත් පුක දෙදරන්න හැදි පාරක් කෑවා...

තියපිය ඕක අසනීප හදාගන්ඩද .....

ඌ.....ව්හ්ක්....අපි යනවා යන්ඩ...ඇයි යකෝ.....මං අදම අප්පච්චිට කතා කරලා කියනවා අපි දෙන්නව මෙහෙ තියන් වැඩ ගන්නවා කියලා ....

හැදි පාර කාපු මං නැති බොරුත් කිය කිය ලොකු නැන්දට බැන බැන කාමරේට ඇවිත් ඇදේ ඉදගන්නකොට අරූ වම් අතත් උස්සන් හුස්ම හිරකරන් උන්නා ...

ඇයි....

ඇන්නා.....

මොකාද ....

මේ මෙයා.....

ඒක ඊටත් හපන්...ඒක ඊටත් හපන්...ඇයි යකෝ මේ...ඇයි මේ.....මං ගුටි කාගන එනකොට ලොකූ උගෙ පෙට්ටි කටෙන් අඩාගන්න බැරිව හූල්ලන් ඉන්නකොට ඇයි අහපු මට ඇද රෙද්ද උඩ උන්න මීමැස්සෙක් පෙන්නුවා...මූට මීමැස්සත් ඇනලා.....

අපි යමු ලොකූ ගෙදර .. .

තව චුට්ටක් අත ගාපන්කො...

මගෙ අත රිදෙනවා යකො....ආව වෙලේ ඉදන් චූ දාන එකේ ඉදන් උඹේ මීයව අල්ලන්නයි අත අතගාන්නයි නහය කසන්නයි පුක කසන්නයි ඔක්කොම මගුල් මටම කියන්නෙ මට බෑ...

අපි දෙන්නම උන්නෙ ඇද උඩ...උදේ ඉදන් පීචන් වෙලා වෙලා අවසානෙදි ඉර බහින්න මොහොතක් තියලා සනාශයා මීමැස්සො ලව්වා අන්නව ගත්තු අත පුපුරන තරමට ඉදිමිලා එනකොට ලොකු නැන්දා උගෙ අතට හුනු ද මන්දා මොනවදෝ ගෑවා ...අත බැරි උගෙ හැම ආව තේවකමක්ම කරලා හොද පන ගිහින් උන්න මම ඔරොප්පු වෙවි උන්බා මදිවට සල්ලි සල්ලි නොකියා නොබලා වැඩට ගිහින් ආව ලොකු මාමා ඒ එනකොට අපි දෙන්නා හන්දම කොත්තුවක් ගෙනත් තියෙද්දි වෙච්ච කෙරිච්ච දේවල් හන්දම කෑම වර්ජනේ කරපු අපි දෙන්නා ආයම ලොකු මාමගෙන් ගුටි කාලා මාමා ලව්වම් කවාගන මේ ජිවීතෙ කියන්නෙ පුදූ....ම දුකක් කියන එක 14567890 වෙනි වතාවටත් මෙනෙහි කරන ගමන් කාමරෙට වෙලා උන්නා.....

කෝ උඹගෙ යුනිෆෝම් එක....

සනාශයා උන්නෙ උගෙ අත් දෙකම කොට්ටා දෙකක් උඩ තියාගන...මං උන්නෙ හෙට ඇදන් යන යුනිෆෝම් අයන් කර කර...ගහන්න ඕන කරන සුවද කුඩු ජාති විතරක් නෙවෙ අප්පච්චි රට ඉදන් එනකොට ගෙනාව අරාබියො අල්ලන සුවද දුමුත් ඇදුමට අල්ලපු මං මගෙ එක හැගර් එකක දාලා සනාශ්ගෙ එක ගත්තා හෙඩාගෙ එක අන්තීමට මදින්න තිබ්බා .....

ම්හ්හ්....කැක්කුමයි...මගෙ නහය පොඩ්ඩක් කසපන්කො චූටි...

මොන .....ඕක අතුල්ල ගනින් බිත්තියෙ...

කලිනුත් ඇතිල්ලුවා ඒත් කසනවනෙ.....

මම උගෙ කලිසම මදින එක පැත්තකින් දාලා නහය කැසුවා ...කසලා ආයමත් කලිසම මදින්න ගත්තා ...

චූටි....උඹට හිතෙන් නැද්ද අපිට කවුරු හරි දෙහි කපලා කියලා ...

වේදනා දෙන අත් දෙක දිගෑරන් උන්න ලොකූ සෑහෙන්න වෙලාවක් වහල දිහා බලන් ඉදලා අපිට කවුරු හරි දෙහි කපලා කියලා කියනකොට මන් උගෙ ඇදුම පැත්තකින් තියලා හෙඩාගෙ කලිසම අතට අරන් ඒකෙ තිබුන උගෙ මහ ලොකු ඉර හෙව්වා .....

ඇයි බන් ආව දා ඉදන් කරදරනෙ....ඈ චූටි....උඹ අර පහල කඩේ ආච්චිගෙන් නයට කාපුවල සල්ලි දුන්නද?

ඔව්.....

ම්ම්ම්....එහෙනම් උන්දා නෙවෙ හෙන ඉල්ලන්න ඇත්තෙ.. 

පොඩි නැන්දා වෙන්න බැරිද ලොකු.....?පොඩි නැන්දට අපි දෙන්නව පේන්න බෑනෙ උන්ගෙ පොල් වලු තුන හතර අපි දෙන්නා විකුනපු දා ඉදන් ....

ම්ම්ම්ම්....වෙන්න පුලුවන්👉👈.....

අපිට හතුරු කම් කරපු උන්ව ගෙස් කරන ගමන් මං හෙඩාගෙ කලිසම පුදූම.....පරිස්සමකින් මැද්දා මොකද මට මෙතනි පස්සෙ උගෙන් ගැල වෙන්න ඕනා....

ඉස්සරහ ඉරි දෙක ගහපු මං කලිසම පිටිපස්ස හරවලා "ඉකෙ පුරි දෙක" ගහන්න කලිසම හරි පරිස්සමට හැරෙව්වා ...

චූටි උඹට මැසේජ් එකක් ආවා...

කාගෙන්ද බලපන් ...

අන්සේව් එකකින්....

උඹට උඩින් බලන්න පුලුවන්ද ...?

හායි මල්ලි කියලා තියෙන්නෙ....

හායි...මල්ලි.....කව්ද ඒ...ම්ම්ම්...කෝ දියන් බලන්න....

කලිසම මැද මැද උන්න මං ඇද උඩ තිබුන ඵෝන් එක අතට අරගත්තා .....

කව්ද ...

ආ මේ අර අයියනෙ...

කොර...

මේ චූටි අයියගෙ පන්තියට ආව....

මැසේජ් එක දැකපු මගෙ මූනෙ ලාවට හිනාවක් ඇදෙනකොට මං එහෙම්ම ලොකූ ගාවින් ඉදගන ඌටත් පේන්න එක්ක මැසේජ් කොටන්න ගත්තා ...

හායි අයියෙ....

මං හායි අයියෙ කියලා මැසේජ් එක ටයිප් කරලා "ටෞකාන්ගෙ" ස්ටිකර් එකකුත් යැව්වා .....

චූටි.....ඌ උන්නෙ හෙඩා ආව එකේ නේ...

ඕ....

අහපන් හෙඩාගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක.....ගහන්න කලින් වටපිටාව ගැන දැනගන්න එපැයි ඒකයි අර අනිකා ඩිෆියුටියා ගැනයි 

වචනවලට වඩා වට්සැප් ස්ටිකර් යව යව ඌ එවන එව්වත් එකතුකර කර උන්න මං සිරිසේන සයිකලයක් පදින ගමන් අත වනන ස්ටිකර් එකක් යවනකොට ඒ අයියා ආයම මැසේජ් එකක් දැම්මා...

"10වෙද්දි දොයියනවද ?"

නෑ ඇයි ....?

"නෑ හිටන් ගෙ ස්ටිකර් එක එව්ව හින්දා ඇහුවෙ...ඉතින් ඉතින්....."

අයියෙ....දෙයක් දැනගන්න ඕනෙ....

මං මැසේජ් එක ටයිප් කරලා මහි අයියගෙ හොර මූන යැව්වා ....

"අහන්න මල්ලි"

අයියෙ අපෙ schl එකෙ හෙඩාව දන්නවද ...?"

"නිර්වාන්ද...."

හුම්....හුම්...ඔව්....ඒ නාම්බා ගැන තමා...ඒකයි ඒකගෙ අර වල්ගෙ...ඩිපියුටියා ....

"ශෙනිරු....??"

හැව්...හැව්...

"ඇයි...මොකක් හරි උනාද...?"

එයා එහෙන් ආයම මැසේජ් එකක් එවනකොට මන් තිත්ත කැකිරිපන්තියෙ පූසව යැව්වා ...

"ප්‍රවේසමෙන් කොල්ලො...ඔය අයියයි මල්ලියි හැප්පෙන්න හොද උන් නෙවෙ. .."

මං ඒ මැසේජ් එක දිහා බලාගන ඉදලා ඒක සනාශයට පෙන්නුවා විතරයි ඌ අත් දෙක බල්ලට දාලා නැගිටලා ඉදගත්තා ....

මොකක්....

අයියයි මල්ලියි??//

අපි දෙන්නව හෝන්දු මාන්දු උනා....උන් දෙන්නත් අයියලා මල්ලිලද ...

චූටියා අහපිය අහපිය උන් අයියා මල්ලිද....උන්ගෙ අම්මා තාත්තා මොකද කරන්නෙ ඇයි උන් එක්ක හැප්පෙන්න එපා කියන්නෙ කියලා .....

අපෙ එකාගෙ පෙට්ටි කට චට පට ගාලා වැඩ කරනකොට ඌ කියන වචනයක් ගානෙ මාත් චට පට ගාලා ටයිප් කෙරුවා ...හරියටම අර මේ සම්බන්දෙ මෙතනින් ඉවරයි කියලා ආයම හෑල්ලක් ටයිප් කරන කොල ගෙම්බා වගෙ....

ඒ දෙන්නා අයියයි මල්ලිද.....ඇයි අයියෙ හැප්පෙන්න එපා කිව්වෙ....උන් මැරයොද??

මං ආයම මැසේජ් එකක් දාලා බලන් උන්නා...මං විතරක් නෙවෙ අඩු දෙල උස්සන් ඉන්න සනාශුත් ....අර කොල්ලා අනිත් පැත්තෙන් ටයිප් කරනවා ....ඒ එක්කම මැසේජ් එක ආවා...

"නිර්වාන්ගෙ අප්පච්චියි ශෙනිරුගෙ අප්පච්චි අයියලා මල්ලිලා....නිර්වාන්ගෙ අප්පච්චි OIC කෙනෙක්...ශෙනිරුගෙ අප්පච්චි මිලිටරි පොලිස් කෙනෙක්....නිර්වාන්ගෙ අම්මා මන්ත්‍රී කෙනෙක්...ශෙනිරුගෙ අම්මත් බාර් තියන මනුස්සයෙක්ගෙ දුවෙක්....සල්ලි කදන් ඒකනෙ උන් උන්ට ඕන විදිහට ඉන්නෙ .....මොන ජඩ වැඩෙ කෙරුවත් උන්ට කවුරුත් මොකුත් නොකියන්නෙ ඒකනෙ...නැත්තන් කොයි ඉස්කෝලෙද මල්ලි හෙඩා එකයි ඩිෆියුටියයි දෙකම අයියට මල්ලිට දෙන්නෙ.....??උන්දෙන්නට ඉස්කෝලෙන් බාගයක් බයයි....."

මාවයි සනාශයවයි කරකවලා අතෑරියා වගෙ උනා....OIC කාරයෙක්ගෙයි මිලිටරි පොලිස් ඔෆිසරයෙක්ගෙයි පුත්තු නම් අපි දෙන්නට කොහොමත් කැද නෑ...අම්මා මන්ත්‍රී නම්...මූටයි මටයි අනිවාර්යයෙන්ම සුදුවෑන් ටුවර් එකක් එනවා.....මට මැසේජ් කරන එකත් එපා වෙනකොට අපේ එකා ශෙනිරුවට බැනපුවා කල්පනා කරන්න ගත්තා .. මං අරූට ගොබ්බයා කියලු හැටි මතක් උනා විතරක් නෙවෙ මන්ත්‍රී තුමීගෙ පුතාගෙ කලිසම පාරෙ මැද ගලවපු හැටිත් මතක් වෙද්දි මට නිකන් හීනෙන් වගේ මාව සුදු වෑන් එකක දාන් යන හැටි මැවි මැවි පෙනුනා...

ලොකූ.....අපි ආපහු යන්ද.....??

ඇයි මොකට....

නෑ මං කියන්නෙ.....

....

...

ඌයි මායි මූනට මූන බලාගන ආපහු ගමට දුවනවද කල්පනා කරනකොට සනාශයා කටත් බෙරි කරන් මොනවට හරි ඉව අල්ලනකොට මටත් නිකන් කේක් සුවදක් වගේ ආවා...හරියටම කේක් කරවෙනවා වගෙ....

චූටි මොනවා හරි කරවෙනවද.....??

ල්..ලොකූ....ම්... මං.....ඉවරයි ....හෙඩාගෙ.....ක්....කලිසම.....!!!!!

🥲යෝහ්...ජොබී නිදහාස් .....

ආයම එන්නම්....

.පයිස්සමි සතුටින් ඉන්ඩෝ ....

මම

FERDEESHA ❤💚 .....

More Chapters