WebNovels

Chapter 47 - 47

ස්ස්...ස්ස්...සංධී....ර්....ම්ම්..ම....මගෙ 

මගෙ ඔලුව කැරකිල්ල ඇල්ලුවා ...එයා කරපු දේත් එක්ක මට හුස්ම ගන්න පවා බැරිවෙනකොට පත්තෑයා කාපු විස උඩ දුවන්න ගත්තා මට කෙලින් ඉන්න බැරිම තැන මං එහෙම්ම සංධීර්ගෙ ඇගට කඩාගන වැටුනා ...

ඒ තරම් වෙලාවක් නෑ කියනවා.....

ඒකත් මේ ඉස්පිරිතාලෙමයි...

පරන ඉසිපිරිතාලෙ ...

ඇටෙන්ඩන් කෙනෙක් දැකලා තියෙන්නෙ....බාගෙටලු පිච්චිලා තියෙන්නෙ...

අ....අම්....අනෙ....අම්.....මෙහ්...

මට කෙදිරි ගෑවුනා.....ඇගම වේදනාවයි.....ඔලුව උස්සගන්න බෑ ඔලුවෙ කැක්කුම...ඇග පත විතරක් නෙවෙ මට තේරුනා මට සහහලවම උන ගැනිලා කියලා .....

වට පිටාවෙන් ඇහෙන එක එක කතා එක්ක වගේම ඇගට දැනෙන අමාරුව එක්ක මං කෙදිරි ගාගනන ඇස් අරිනකොට මං මුලිම්ම දැක්කෙ ඇකිලුන ඇහිබැමක් වගේම හීනි වෙලා තියනඇස් දෙකක් ...දත්මිටිකාගන වගෙ ඉන්න මූනක් වෙනකොට මගෙ ආයම බඩ දගලන්න ගත්තා ....ඇහින් දැකපු දේවල් ආය ආයම ඇස් පනාපිට මැවිල පේනකොට මං සංධීර්ට බය උනා වගේම එයාගෙ සුදුමැලි වෙලා තිබුන තොල් දැකපු මට එයා මාව හපපු හැටි වගේම මගෙ ජීවිතෙ පලවෙනිම හාදුව උදුරපු හැටි මතක් වෙනකොට මට ආයම කෙදිරි ගෑවුනා....

ස්ස්..සං...ධීර්...

ම්න්....

ස්ස්..ස්...සංධීර් ...ම්ම්..මගෙ....

මගෙ කකුල ඇදුම් කනවා...අත එහෙන් කකියනවා ....තවම හරියටම එලිවෙලා නැති උනත් වාට්ටුවෙ උන්න ලෙඩ්ඩු ඔක්කොම නැගිටන් වගේම තවත් මොකක් හරි දෙයක් වෙලා වගෙ උන් කස කුසු ගානවා .....

පොලිස් කාරයෙක්ලූ....බාගෙට පිච්චුන ඇදුම් කෑලි තිබුන කියන්නෙ...

රෝස් වෙලාලු...

මං සංධීර් දිහා ඇස් කොනකින් බැලුවා ...මේ අර කියන්නෙ පාන්දර සංධීර් මරලා දාපු මනුස්සය ගැන නේද කියනකොට මගෙ තොලකට වේලිලා ගියා .....

ස්....ස්ං...ධීර් මාව...ඉ..ඉන්ද...

ඉන්නදවන්නද.....

ඔ...ඔ...ඔව්....

එයා මොකුත් උනේ නෑ වගේ කතා කරන ලස්සන...ඊටත් අනිත් මිනිස්සු බයට උරහිස් අකුලනකොට එයත් උරහිස් ඇකිලෙව්වා විතරක් නෙවෙ සමහර තැන්වලදි හූ මිටිත් තිබ්බා...අනේ බබා....ඒකව මරලා.....

මට මොකුත් අහන්න බෑ....එයා මටත් තර්ජනේ කෙරුවා ....එයා කිව්වෙ සාක්ශි නැති කරනවා කියලා ..මම හිතන්නෙ නෑ....සාක්ශි නැතිකරනවා කිවේ නිකම්ම නිකන් කියලා..මාවත් මරලා දායි ඒක අනිවාර්යයයි...

මොනවා උනත්...බාප්පට කියලා තියන්න ඕනා..හදිස්සියේ මම මැරුනොත්...මගෙ මරනෙට කවුරුත් නෙවෙ....වෙන කවුරුත්ම නෙවෙ..සංධීර්ව සැකයි කියලා...

මොකද...ලෙඩ්ඩු බලන්න ආව වෙලාවට....බාප්පගෙ කනේ තියන්නද හිතන් ඉන්නෙ...ම්ම්ම්....

ස්ස්....ස්ස්....

බාප්පයි පුතයි....කොයි වගේ පෙට්ටියක යන්න ආසද කියලා..කල්පනා කරලා බලලා....කියන්න ...මොකද ...මම අන්තීම කැමැත්ත කරල දෙනවා.....

මම අත් දෙකෙම්ම කට වහගත්තා ...දෙයියනේ....මගෙ හිතේ තියන දේ කටින් කිය උනා වත්ද??? නෑ.නෑ.....වෙන්න බෑ....එක්කො එයාට හිත් කියවන්න පුලුවන් මොකක් හරි බලයක් වත් තියනවද..????

ඉදගන්න ඕනා කියපු මාව අත් දෙක යටින් අත දාල ඉන්දවන ගමන් මගෙ කනට එයා රහසින් මුමුනපු දේ එක්ක මට කොහේවත් නැති ටොයිලට් බරකුත් ඇල්ලුවා....අනේ බඩ රිදෙනවා....එයාට කියන්නෙ කොහොමදන්බඩ රිදෙනවා කියලා ..අනික වල ටොයිලට් තියෙන්නෙ මගෙ කකුලත් එක්ක ඇනතියාගන්නත් බෑ.....ගෙදර ගිහින් කරලා එන්නම් කියන්න බැරිද දන්නෙ නෑනෙ...

නෑ නෑ...රෝදපුටුවෙ යන මිනිස්සුන්ට කොමඩ් තියනවා...ඒත් අනේ....

සංධීර් ...සංධීර් ...මාව එයා නොමර මරන්න හදනවනෙ....අතට ආයම අලුතෙන් සේලයින් එකක් ගහලා...කකුලත් රතුම රතු වෙලා...එකට මොනවද ගාලා සුදුපාට....කපරාදු කරන බදාම ගාලද මන්දා....එහෙන් වටේ පිටේ ඉන්න මිනිස්සු අර මැරුන එකා ගැන කියවනවා ඒ මගුල් අහල අහලම මගෙ ඔලුව කැක්කුමයි.....සංධීර් ගානක් නැතුව අනේ අපොයි කියලත් කියනවා....ඒ විතරක් නෙවෙ...ඒ මැරුන එකාගෙ පවුලට හම්බෙන වරප්‍රසාද ගැනත් කියනවා...

අනෙ ඇත්තමයි මූ තමා ඒකව මැරුවෙ කියල කැ ගහන්න තිබුනා නම්.....

ඇයි සංධීර් ඔයා ඔච්චර නපුරු උනේ ...

විදුරුවක් කුඩුකරලා පෙන්නලා ඒ වගේ තමා අපේ හිතත් කියලා මට කියල දුන්න සංධීර් නෑනෙ....

මම මගෙ අතේ නියපොතු දිහා බලන් උන්නා...

එක අතකට..මම එහෙම කිව්වට...තුවාලෙ තියන කෙනානෙ වේදනාව දන්නෙ...නේද.....දත් ගැලවෙන්න ගැහුවෙ එයාට....මට නෙවෙ...ඉතින් කොහොමද මම ඒ වේදනාව දන්නෙ.....

ඇදක ගැටගහලා පන පිටින් පිච්චුවෙ එයාව මාව නෙවෙ...ඉතින් පිච්චුන තුවාලෙ වේදනාව කොහොමද මම දන්නෙ....

මරන බය දැනුනෙ එයාට මට නෙවෙ...ඉතින් අදටත් එයාගෙ හිතේ තියන වේදනාව මම කොහොමද තේරුම් ගන්නෙ.....

.හරියටම මම ඇයි ජනෙල් තිරවලට මේ තරම් බය කියලා අනිත් මිනිස්සු තේරුම් ගන්නෙ නෑ වගෙ තමයි.....මට එයාට මොකුත් කියන්න බෑ...

මොකද....නීතිය මිනිස්සුන්ගෙ පැත්ත නොගන්න දාට...මිනිස්සු කරන්නෙ නීතිය අතට ගන්න එක...එච්චරයි ...

මගෙ කකුල වේදනයි...මට කෙදිරි ගෑවෙන්න එනවා....ඉන්දවන්න කිව්වත් ඊලග තත්පරේදි මට ඉදගන ඉන්නවත් බැහැයි කියලා හිතෙනකොට ඵෝන් එක අතේ තියන් මොනව හරි බල බල ඉන්න එයාට කතා කරන්නත් මට බය හිතුනා....

.දෙවියනෙ මේ මිනිහා මගෙ පලවෙනිම හාදුව උදුර ගත්තා .....අනිත් මගුල් කෙසේ වෙතත්...ඒකට වත් මට කතා කරන්න අයිතියක් තියනවා....

ස්ස්...සංධීර්.....

ම්න්...

හ්හ්...හැරෙන්න.....

මට පිටුපාගන ඉදන් උන්න එයාට මම හැරෙන්න කිව්වා...අඩන්න තොත්ත බබෙකුත් නෙවෙ...කෑ ගහන්න මම ලමිස්සියෙකුත් නෙවෙ....මම ගමේ කොල්ලෙක්...පපුව නැති උනත් තියන ගමිරිස් ඇට දෙක හරි ඉස්සරහට දාලා මගෙ කුලුදුල් හාදුව උදුරපු මෙ නාකි ඉලන්දාරියගෙන් ඒක ගැන අහන්න මට අයිතියක් තියනවා...ඇරත්...මම තාම ළමයෙක්.....

එයා මට වඩා අවුරුදු විසිපහක් වැඩිමල්....නිකන්ද....දෙවියනේ....එයාට අවුරුදු විසිපහේදියි මාව හම්බෙලා තියෙන්නෙ...එතකොට දැන්.....පනහකටත් කිට්ටුයිනෙ නේද.....???

මට දහ අට නම්...එයාට කීයද43ක්....

මේක අපරාදයක්....

කියන්න.....

රවගන බලන් ඉන්න කැත...ඔක්කොම කරලා...අනේ මට මගෙ පරන නලුවව ඕනේ...මු කුපාඩියෙක්නෙ...යක්සයා....

හිනාව කියන දේ කලදක් වත් නැති ඒ මුන දිහා බලාගන මම මිමිනුවා.....

ස්ස්....සංධීර් ....

ම්න්.....

ඇ..ඇ...ඇයි එහෙම...ක්ක්..කෙරුවෙ.....

කොහොමද .....ම්ම්ම්....

එයා මගෙ මුන ගාවට ලං උනා...ඕකනෙ බැරි...දෙයක් අහන්න බෑ.....රවාගන ලගට එනවා හරියටම පොර කුකුලෙක් වගේ...මගුරුවාලෙ ඉන්න එකෙක් වගේ....මගුරු වාලෙ ඉන්න මිනිස්සුත් එහෙමයි....ඇහැට පේන්නෙ නැති හාවෙක් දැක්කත් තලගොයෙක් දැක්කත් ඌව දඩයම් කරන්න හදට හරි දුවනවා.....උන්ගෙ ඉලක්කෙ තනිකරම හාවා..දුව දුර නෙවෙ....උන් හදට යන දුර හරි දුවලා හරි ඕන කරන දේ කරගන්නවා..ඒ වගේමයි සංධීරුත් ...මොන මගුල කරල හරි එයාට ඕන දේ කරගන්නවා....

මම චුට්ටක් මගෙ ඔලුව පස්සට කරගත්තා....

..ස්ස්....සංධීර් ....එ...ඒක...ඒක...මගෙ....ප්ප්..පලවෙනි....ක්..ක්

ම්ම්න්....මගෙත්.....

ස්..ස්...සංධීර්!!!

මොන මගුලක්ද දෙයියනේ....දෙයක් කියන්න කලින් එයා මැදට පනිනවා...ඇරත්...එයාගෙත් පලවෙනි එකලු....මට දැන් තරහා යාගන එන්නෙ....මටත් නොදැනිම.මගෙ අතට බෙඩ් ශීට් එක තද උනා...ඒක එයාගෙ පලවෙනි හාදුව වෙන්නෙ කොහොමද ..මේ අවුරුදු හතලිස් තුනටම....මේ අවුරුදු හතලිස් තුනටම මේ මිනිහා වෙන කාවවත් කිස් කරල නැද්ද????

හරි කෙරුවෙ නෑ කියමුකො.....ඒත්...ඒත් ඒකට මාව...මාව....මාවම...මොන.මගුලටද....අනික...අනික මම ළමයෙක් ...මම ළමයෙක් තවම....

.තරහගිහින්ද ඉන්නෙ....ම්න්....

අහන කැත විතරක් .....එයා ආයම අහනවා තරහා ගිහින්ද ඉන්නෙ කියලා ....මගෙ අත්වලට කිටි කිටියට තද උන බෙඩ්ශීට් එක දැකලා එයා අහනවා තරහෙන්ද ඉන්නෙ කියලා ...එයා හිනා වෙනවා..ආයමත් අර සීතලම සීතල හිනාව...ආයමත් අර සීතල හිනාව...

එයා ආයම මගෙ මූනට ලන් උනා....

අහල තියනවද කතාවක්.....හාදුවකට පුලුවන්ලු තරහව නිවන්න....හැබැයි...හාදුව එන්න එන්න ගැඹුරු උනෝතින් .....ඇදිවත පවා ගැලවෙන්න පුලුවන්ලු...කැමති නම්...මට පුලුවන් ඔය තරහව නිවල දාන්න ...පුංචි වැඩිහිටියා....මම කෙරුවෙ....එවෙලෙ කරන්න පුලුවන් එකම දේ...පලවෙනි හාදුවට වඩා....රකින්න දේවල් හුගක් තියනවා.....

.එයා මිමිනුවා....මොන වල් වනචර කතාවක්ද ඒ කිවේ ඇදිවත ගලවන්න...අනේ...අනේ...සංධීර් උඹ අර නැන්දා එක්ක ඇදිවත ගලවගනින්....මාත් එක්ක නම් ඔව්වට එන්න එපා.....

මම.යටි තොල් හපාගන එයා දිහා බලන් උන්නා එයත් මගෙ දිහා බලන් උන්නා හරියටම තවත් උඹට කියන්න දේවල් තියනවද අහන්න වගෙ.....

.හ්හ්..හරි....ඒක....හ්..හරි...ඒත්..ඒත්...ම්ම්..මං....තවම...ල්ල්...ලම..යෙක්....ස්ස්...

සංධීර් .....මම...තවම.....

අවුරුදු දහ අට නම්.....වැඩිහිටි....ඒත්..මාත් එක්ක බලනකොට තවමත් පුංචියි...ඒක මම පිලිගන්නවා ඒක හින්දා තමයි මම ඔයාට නමක් දුන්නෙ ... ..හාදුව ගැන නොහිතා...ජීවිතේ බේරුන එක ගැන හිතල සතුටු වෙන්න...මොකද ...ඔය තැන මම නොඋන්නා නම්....ඔයාටත් තිබුනා අගුරු වෙලා යන්න...මොකද මිනිස්සු සාක්ශි හෝදලා දානවා තේරුනාද....මේ හැම දේම දැක්කා නරක හීනයක් කියලා හිතලා අමතක කෙරුවා ....ආය...ආය උඩට අදින්න එපා...තේරුනාද ම්ම්ම්....

මේක මොන මගුලක්ද ...මේ මොන මගුලක්ද ...එයා මගෙන් ඈත් උනා එයා මගෙන් ඈතට ගිහින් ඇද කෙරවලේ ඉදගන ඵෝන් එක ඔබන්න ගත්තා ... ...හයේ කනිසම ලන් වෙනවත් එක්කම කාකි ඇදුම් ඇදගත්තු හෙන සෙට් එකක්ම වෝඩ් එක පුරාවටම එහා මෙහා ගියා වගේම වාට්ටුවෙ උන්න ලෙඩ්ඩුන්ගෙන් පවා එක එක දේවල් අහන්න ගත්තා සංධීර් මොකුත් නොදන්න එකා වගේ බලන් උන්නා හැබැයි එයාට මාව තඹේකට විස්වාස නැහැයි කියන්නද කොහෙද සැරින් සැරෙම මා දිහ බලලා ආයම අහක බලාගත්තා....

...යෙවීන්.....සංජාන....නේද...කෝ බලම්ම ඔයාගෙ කකුල....

නර්ස් අක්කා.....අනේ...අම්මේ...ඇති යාන්තන්....අර නපුරු මූන දැකලා දැකලා අඩපන වෙලා උන්න මගෙ මුනට හිනාවක් ආවා...නයිට් ඩියුටි උන්න එයා ඕෆ් වෙලා යන්න කලින් මගෙ ගාවට ආවා....

.එයා මගෙ කකුලට එයගෙ අර සිනිදු අතේ පිට අල්ල තිබ්බා...පස්සෙ නලලටත් අත තිබ්බා....

තවම උන....ඉස්කෝලෙත් පාඩුවෙනවා නේද.....

මම හිනා උනා...අනේ...එයාගෙ ලස්සන අනේ...අපේ බාප්පට බැරි උනානෙ මේ වගේ කෙනෙක් හොයා ගන්න...බාප්පට නෙවෙ සංධීර්ටත් බැරි උනානෙ...අනේ..අනේ....ඒ ගෑනුට ගානක් දෙන්න ඕනා...මේකා රවාගනනෙ ඉන්නෙ.....මම ඉතින් මගෙ දත් ඔකෝම දලා එයා එක්ක හිනා උනා.....හරියටම හා පැටව්ගෙ ඔලුව අත ගානකොට ඉබේම කන් දෙක පහත් වෙනවා වගෙ මාත් හරි කීකරුව උන්නා...හැබැයි....ඇද කොනකින් කර ගදක් ආවා...

ආ...ආ....මදාවි සංධීර්ව ආයම ගිනිගන්නවා..මේක මේ....හරි කෝලමක් උනානෙ.....මොකටද මේ තරම් රවන් ඉන්නෙ...අනික මට උන.....එයා බයද දන්නෙ නෑ.....මම කියයි කියලා....අන්න හරි බය නම් අනිත් පාර කියන්න ඕනා රවාගන ආවොත් හැමෝටම කියනවා කියලා ....

.ඒත්...ඉතින් කියන්න මට කටක් ඉතුරු කෙරුවොත් තමයි...

ඊටත්...එයාගෙ හාදුව මතක් වෙන වාරයක් ගානෙම බඩ දගලනවා.....මොන මගුලක් වෙලාද මන්දා.....

හෙට දිහාවට ඔයාව ඩිස්චාර්ජ් කරයි.....හැබැයි උන බැස්සොතින්...ඒක නිසා හොදට කෑම කාලා...බෙහෙත් බොන්න....රෙස්ට් කරන්න..කකුල තලා ගන්න එපා.....කව්ද මේ ඉන්නෙ ඔයාගෙ තාත්ත්ද??

යෝ....නර්ස් අක්කා මගෙ කකුල වගඅ සේලයින් එකත් බලලා මේ ඉන්නෙ මගෙ තාත්තද අහනකොට මම ඔව් කියන්න ඔලුව වනනකොට සංධීරුත් ඔව් කියන්න ඔලුව වැනුවා...

තාත්තා මෙයාගෙ උන ටිඅක් තියනවා.....ගෙදර ගියහමත් හොදට විවේක ගන්න දෙන්න ...විස පොඩ්ඩක් උඩට අද්දලා තියනවා....

.ම්න්.....

එයා සංධීර් දිහා බලලා මාව පරිස්සම්.කරන්න කියනකොට ම්න් කිව්ව .....විවේක ගන්න දෙන්න කියනකොට ඒකටත් ම්න් ගෑවා.....

අම්මා අවම ..හොදට කන්න....කාල බෙහෙත් බොන්න....

එයාගෙ අම්මට එන්න වෙන්නෙ නෑ....

????

මගෙ ඇස් ලොකු උනා...සංධීර් නර්ස් අක්කා දිහා බලන් ඉදලා අනිත් පැත්තට මගෙ දිහා බැලුවා අම්මට එන්න වෙන්නෙ නෑ කිව්වා ...ඇයිඒ...ඇයිඒ...අම්මට එන්න බැරි උනත් අනිත් අම්මට....

සංධීර් කට කොනකින් හිනා උනා....හිනා වෙලා මගෙ ගාවට ඇවිදින් මගෙ ඔලුව අතගෑවා....

අනෙ ඇයි ඒ....?

අම්මට ඊයෙ රෑයි බබා හම්බුනෙ.....එකයි....

මම සංධීර් දිහා බැලුවා...බබා...මොන බබා...අපේ අම්මට කොහෙද බබ්බු...මං විතරයි...මම විතරයි...මම විතරයී....

.

අනේ.....මේ ලොකු අයියට බබෙක් ඉන්නවද.....

ම්න්.....

.එයා හිනා උනා...සංධීර් ..උඹ ගැලපෙන්නෙ නැති විහිලුකරන්න එපා...

දැක්කනෙ...රෙස්ට් කරන්න කිව්වා..ඇහුනානෙද...ආයම අම්මව බලන්න ඕනා කියලා තනියම ගිහින් සත්තු ලව්වා කව්වගන එන්න එපා.....තේරුනාද...

මම අහක බලාගත්තා ....මම බලන්න ගියපු අම්මෙක් නෑ..උඹව හොයන්න ඇවිත් මාව සත්තු කෑවා මිසක්...මේ සංධීරයා බොරු පලනව....මුන් තමා යකෝ නීතිය අන්ද කරන්නෙ...මුන් තමා....

නර්ස් අක්කා යන්න ගියා....සංධීර් මාව තඹේකට වත් ගනන් නොගන...මට චූබරයි....කකුල බිම තියල ඇවිදින්නත් බෑ. එයත් තරහවෙලා...මම හිමිට ඵෝන් එක අරන් සංධීගෙ නම්බරේ මතක හින්ද මැසෙජ් එකක් කෙටුවා....

" තාච්චෙ....පුචාත චූ බරක් ඇවිල්ලනෙ....👉👈"

මම මැසේජ් එක දාලා හොරාවගේ බිම බලා ගත්තා....ඒයා යන්න ගියා.....අනේ....චූ බරයි කිව්වම යන්න ගියේ ඇයි...????

තාත්තා කිව්ව හින්දා තරහා ගියාද මන්දා.....මම චූබර තද කරන් යටි බඩ හොලවන්නෙ නැතුව උන්න වගේම ඒ චුට්ටකින්ම සංධීර් ආවා.....අනේ එයා රෝදපුටුවක් ගේන්න ගිහින් තියෙන්නෙ....

මම හොරා වගේ ඉදන් එය දිහා බලනකොට එය ගානක් නැතුව මාව උස්සලා රෝද පුටුවෙන් ඉන්දෙව්වා ...සේලයින් එකත් ගලවලා අරන් මගෙ අතට දුන්නා....

මෙතනින් එහාට එයා කතා කෙරුවෙ නෑ.හැබැයි එයා මා එක්ක තරහත් නෑ කියන්න මම දන්නවා..මොකද එයා ඔය වගේ බොලද දේවල් වලට තරහා ගන්න කෙනෙක් නෙවෙ...රෝද පුටුවෙ ඉන්න හන්දම මට කොට බිත්තියෙන් එහා වෙන දේවල් පේන්නෙ නැති උනත් මාව තල්ලු කරන් යන සංධීර්ගෙ ඇස් තිබුනෙ පරන ඉස්පිරිතාලෙ පැත්තට වෙනකොට එයා ටොයිලට් පේලිය ගාවදි මාව නැගිට්ටෙව්වා.....එතකොටයි මම දැක්කෙ....එතන පොලිසියෙන් වගේම පොලිස් බල්ලො උන්නා....

ස්ස්. සංධීර් .....සංධීර් .....ප්ප්..ප්ප්..පොලිස් බල්ලො...ඉ...ඉන්නවා.....

ඉතින්...

එයා ඉතින් කිව්වා...ඉතින් කියන්නෙ...ඉව දිගේ උන්ට හොයන්න පුලුවන් එයාගෙන් මොනවමහරි වැටිල තිබුනොත් හොයන්න පුලුවන් එහෙම එකේ...එයා කොහොමද මෙහෙම ගානක් නැතුව ඉන්නෙ...

සංධීර්...උන් උ..උන්....ඉ..ඉව දිගේ...එන්...එන්න...ප්ප්...පුලුවන් .....

ම්ම්න්...අනිවාර්යයෙන්ම .....ඒත්.....ඔයාට මං දිහා හරියටම බැලුවොත් ....කියන්න පුලුවන් ...මම දැන් ඇදන් ඉන්නෙ මොකක්ද....ඊයෙ ඇදන් උන්නෙ මොකක්ද කියලා ...

ඔව් මයි.....ඇත්ත නේනම්.....එයා...එයා උන්නෙ දැන් කලු පොරවගන....තනි කකුලෙන් හිටන් උන්න මාව එයා ඉන වටෙ අත දාලා එයාගෙ ඇගට හේත්තු කරගන ඒ පැත්ත බලන් උන්න වගේම එහා මෙහා යන පොලිස් කාරයො.....දුවන්න බලන් ඉන්න පොලිස් බල්ලො දෙන්නා තුන්දෙනා...දිහා බලන් උන්නා.....

එතාන එකම සෙනග විමානයයි....අධිකරණ වෛද්‍ය ද...අපරාද පරික්ශකලද.....නැති එකෙක් නෑ...ඇමති හෙන්ංචයියොත් උන්නා....ඒත් ඇයි ඒ...ඇයි ඒ....?? ඇමති හෙන්ංචයියො ඉන්නෙ....??

ස්ස්...සංධීර් ....

ම්න්....

ඇ .ඇ...ඇයි....අර....ඇමති..යගෙ...උන්...

හිටපු අමාත්‍ය ආරක්ශක අංශෙ එකෙක් හින්දා.....

එයා ඇස් හීනි කරන් පහල බලන් ඉදල මා දිහා බැලුවා..හරියටම දැන් ඇගෙ චූ යයි කියන්න වගේ....අන්ඩ උස්සන් උන්න මම නොන්ඩි කොට කොට ඇතුලට යනකොට එයා සේලයින් බෝතලෙ තියාගන එලියෙන් උන්නා....

සංධීර්ගෙ ඊලග අඩිය කොහෙටද කියන්න එයාවත් දන්නෙ නැතුව ඇති....ඒත්...මම දන්නවා...එයා කවදා හරි මෙක නවත්‍තන්නෙ....එයාටම සාදාරනේ ඉශ්‍ඨ උන දාකට.....

කියන්න...

හොස්ප්ටිල් එකේ...

අමාරුවක් නෑ.....

කෝල් එකක.....සංධීර්ට කෝල් එකක්...මම චුට්ට වෙලාවක් ඇතුලෙ අහන් උන්නා....කොච්චර කොහොම රවාගත්තා උනත්...අනේ මන්දා මට සංධීර් ගැන බයයි..එයා ආයම අතුරුදහන් වෙයි කියලා මට බයයි....මං ආස නෑ....මම එයාව නැති කරගන්න ආසම නෑ.....

දැන් දවස් කීයක්ද??

දවස් පහක්...කිසිම දෙයක් හොයා ගන්න බැරි උනා දවස් පහකින්...වයස අවුරුදු පහක කෙල්ලක්...තවම හොයා ගන්න බැරි උනා...ඒකද තමුසෙලා මට කියන්නෙ...දවස් පහක්...තවම බැරි උනා....

එයාගෙ කටහඩ තද උනා..දවස් පහක්ලු...වයස අවුරුදු පහක ලමයෙක්ලු.....අනේ කෙල්ලෙක්ලු.....මං අහන් උන්නා.....

කුඩම්මා.....කුඩම්මා කියන ගෑනි කොහෙද...?

අඩනවා....ඇයි අඩන්නෙ.....මොකටද අඩන්නෙ....හේතුව...අඩන හේතුව....අඩන්න හේතුව....??...

නෑ....අනිවාර්යයෙන්ම ලමයගෙ ඩෙත් බොඩි එක ඔය ගෙදරම තියනවා...cctv කැම් වල මොකුත් නැතිව ඇති... ...ගෑනි එලියට ගියේ ආවෙ තනියම වෙන්න ඇති....හරි.....අනික ස්මෙල් එක එනවා කිව්වා...ඒකට හේතුව ගෙදර බල්ල මැරිලා කිව්වා නෙ....

මම එලියට ආව...ඇවිදින් ටැප් එක ලාවට ඇරල අත හේදුවා.....එය මා දිහා බලලා මම අත් හෝදන දිහ බැලුවා...

මට කියනවා ඔය ගෙදර වටපිටාව ගැන.....

......

මම හෝදලා ඉවර වෙලා හොරා වගේ ගිහින් රෝද පුටුවෙ ඉදගත්තා ...එය මාව ආය එක්කන් නොයා දිගටම කෝල් එකෙ උන්නා...

හරි...වතුර ටැංකිය...බාතෲම් එකේ තත්වෙ....වගේම වතුර ගැන???

උනු වතුර ඇල්වතුර දෙකම.....හ්ම්ම්..හ්ම්...

ගිහින් බලනව ගෙදර ටැංකි කීයක්ද කියලා .....?

දෙකයි.....දෙකයි නම්...ඒ ලමයගෙ තාත්තගෙන් අහනවා දුව වෙනුවෙන් මොනවද ඕනෙ කියලා ....ඒ අහලා.....උනු වතුර හීටර් එක ඔන් කරලා...ටැප් එකේ ෆිල්ටර් වෙන්න තියන දැල ගලවලා කටට සුදු රෙද්දක් ගැටගහලා බලනවා.....එතනින් එහාට...වෙන්න ඕන මොකක්ද මම කියන්නෙ නෑ.....

ස්...සංධීර් ...

එය කෝල් එක කට් කරලා මගෙ දිහ බැලුවා...මම ඇයි අහන්න ඔලුව වනුවම එයා නැ කියන්න ඔලුව වැනුවා....

ටැප් එකට සුදු රෙද්දක් ගැටගහන්න කියන්නෙ ඇයි...????

අනේ මන්දා.....

ඔයාට තව කොහෙට හරි යන්න ඕනෙද?

න්න්....නෑ.....

ම්ම්...එහෙනම්...හොදයි...

එයා මාව එක්කන් ආවා....ඇවිදින් උස්සලා ඇදෙන් ඉන්දෙව්වා....ඊයෙ තුනටිය වේදනාවයි කියපුඑකා අද හොදට ඉදගන ඉන්නකොට සංධීර් මගෙන් බඩගිනිද ඇහුවා.....මම නෑ කියන්න ඔලුව වැනුවා වගෙම එයාට ළගට අඩ ගැහුවා....

කියන්න....

ස්ස් සංධීර් ...ඔ..ඔයා...ඔයාව....ම්ම්...මරන්...න....

අපි වෙනදෙයක් ගැන කතා කරමු.....

එයා මගෙ කතාව මාරු කෙරුවා.....එයාගෙ මේ නපුරු කම එක්ක මට හිතුනෙම ඇමතියා දවසක මැරෙයි කියල වෙනකොට මම අහන්න හදපු එක එයා මගින් නැවැත්තුවා වගේම වෙන දෙයක් කතා කරමු කියන ගමන් මගෙ ඔලුව අතගෑවා....

එ...එහෙනම්.....මට...ක්ක්..කියන්න....ඇ...ඇයි...ඔයා...ගෙ....ප්ප්....ප්ප්..පලවෙනි....හ්හ්..හාදුව...මෙච්චර ...ක්ක්..කල්..ඉ..ඉතිරි...උ..නේ කියලා .....??

මම හිතන්නෙ මම ඇහුවෙ ඊටත් වඩා නරක ප්‍රශ්නයද මන්දා.....එයා කිව්වා ඒක එයාගෙ පලවෙනි හාදුව කියලා ..කොච්චර කොහොම කතා කෙරුවා උනත් සැරින් සැරේම එයා කරපු වැඩේ මතක් වෙනකොට මම එයාගෙන් එයාගෙත් පලවෙනි හාදුව ඉතිරි උනේ ඇයි ඉතිරි උනේ කියලා අහනකොට එයා ලාවට ඔලුව වැනුවා....

ක්ක්..කියන්නකො....ස...සංධීර්...

......

..ඇ.ඇයි....ඔ..ඔයාට..කෙල්..ලෙ

මට ඇති කෙල්ලෙක් නෑ..මට ඕන කෙල්ලෙකුත් නෑ..ආය ආය ඕක අහන්න එපා යෙවීන්.... කොටිම්ම මට ආදරෙ කරන්න ඕනෙත් නෑ.දැන් හරිනෙ

ඉ..ඉතින්....එ ..එහෙමයි....ක්ක්..කියලා...මගෙ....පලවෙනි එක...ග්ග්..ග්..ගත්තෙ....ම්ම්..මොකටද.....මම...එක....ප්.....පරිස්සමින් ....ත්‍...තියන්....උ..උ...න්...නෙ....

.අර නර්ස්ට දෙන්නද??

ස්ස් ස්....සංධී.....ර්??????!!!

........

න්..න්..නර්....ස්ට....දෙ....දෙන්න...නෙවෙ...ක්ක්..කවදා...හ්හ්..හරි....ම්..මගෙ...එක්...කෙනාට...දෙන්...නනෙ.....

එහෙනම් දුන්නා කියලා හිතා ගන්නවා....

ස්ස්...සංධීර් .....!!!

මෙක මොන කටක්ද මන්දා....හිටපන් ....බාප්පා ආවම මම කියනවා උඹ මිනිමරුවෙක් කියල....හිටපන්කො ....මාව මඩව මඩව...මෙතන....තියන යක්ස ගතියට ගෑනුඑයිද.....ගැනු නම් ඕන් නෑ...අඩුම ගානෙ කොල්ලෙක්වත් යාලු කරගන්න තිබ්බනෙ...යහපතයි...අර රොබින් කුරුල්ලයි කොච්චර ආදරෙන් ඉන්නවද...එක්කො...අපේ බාප්පා.....

අඩේ...ඔව්මයි...අපෙ...බාප්පා....බාප්පයි.....සංධීරුයි ...බාප්පා වටෙ යන එක නවත්තයි...

...ස්ස්..සංධීර් ....

ම්න්....

.ආයම ඵෝන් එක කන්න ගත්තු එයාට මම ඇගිල්ලකින් ඇන්නා....එයා මගෙ දිහා බැලුවා...ලෙඩ්ඩු බලන වෙලාවට විනඩි පහක් තියනකොට මම ඉක්මනට සංධීර්ට ලගට අඩගැහුවා.....

.ඔ..ඔ..ඔයාට....ක්ක්...කෙල්ලො...එ..එපා...නම්.....අපේ....බ්බ්...බා...ප්පාව....ද්ද්...දෙන්නද??

.......

ඇ..ඇයි....බ්බ්...බ්බ්..බාප්පා....හ්හ්...හොදයිනෙ....අනික....උසත්....එ...එක්ක...ඇග..ප්ප්..පතත්....ත්තියනවා....බා...ප්පා....ආවම....ම්...මං....අහ...න්නම්...

එයා ඇහිබැම අකුලන් අත් දෙක සාක්කුවට දාගත්තා..... ඒ වගේම මං බලාගම බාප්පා අම්මත් එක්ක ඈතින් එනවා....ඒක සංධීරුත් දැක්කා.....බාප්පා සංධීර්ව දැකල උඩපැනල සැලුට් එකකුත් ගැහුවා....අනේ ඉතින් මුන් දෙන්නා සෙට් වෙනව නම්....

පුංචි වැඩිහියා.....ටොප්ට ගැලපෙන්නෙ බොටම් මිසක්....ටොප්ට ටොප් කෙනෙක් ගැලපෙන්නෙ නෑ...තේරුනාද...ම්ම්ම්ම්.....ඔයාට මගෙ ගැන ඔය තරම්ම කැක්කුම නම් පුලුවන් නම්....මට බොටම් කෙනෙක් හොයල දෙන්න...දැන් වද නොවී...වැරදි වැඩ කරන්න හදන්නෙ නැතුව වචන ප්‍රවේසමෙන් කතා කරන්න...තේරුනාද මගෙ ඇබිත්තම.....ම්ම්ම්....නැත්තන්...කිව්වා වගෙම බාප්පට...පුතාට.....

න්න්න්....න්න්..නෑ...නෑ

...

...

.....

..

ජොබී නිදහාස්.....

ආයමඑන්නාම්

Ferdeesha ❤️💚😘

More Chapters