WebNovels

Chapter 27 - 27

මම මූන කට හෝදන් කොන්ඩෙ පීර ගත්තා ...පොඩි කන්නාඩි මේසෙ උඩ තිබ්බ සෙන්ට් බෝතල් පහු කරපු මම ඕඩි ක්ලෝන් බෝතලේ අතට අරන් ඒකෙම්ම ඔලුවට හලාගන ඇදුමටත් ටිකක් හලාගත්තා ....හලාගන එහෙම්ම කුසියට ගියා ....

මෙච්චරයි නේ.....ත්ත්....තව නෑනෙ ....

ඔයා ඕක විතරක් ගිහින් දෙන්න ඉතුරු එව්වා තාත්තා අතෙ යවන්නම් ..

ම්ම්ම්...

බලාගන පාරෙ යන්නෙ...

තවමත් උනු ඒ වගේම පිටටත් සුවද එන කෑම එක අරන් එලි බහිනව එක්කම අනෙ අම්මා දුවගන ඇවිදින් ආයම කෑ ගැහුවා ....එයා හැමදාම කියනවා තාත්තයි මායි පාරට බැස්සම ආයම එනකන් අම්මගෙ පපුවෙ ගින්දරලු...

අම්මා කියන කතාව ඇත්ත....හෙට අනිද්දා තියන ජන්දෙට ඇමති හෙන්චයියො ඇමතියලාට අන්ත විදිහට පාරෙ යනකොට පාරට ගියහම ආයම ගෙදරට එනකන් අම්මලාගෙ පපුව ඇවිලෙනවා ඒක ඇත්ත....

මං එඩ්‍ර්ස් එක දිහා බලලා කෑම එක අරන් එලියට බැස්සා....හත් ගව්වක් විතර පදින්න එපැයි දැන් ..කොහෙද අම්මට කිව්වට අඩුම ගානෙ මදුරු බයික් එකක් වත් අරන් දෙන්නෙ නෑනෙ....කතා කරන්න බැරි උනාට මට කන් ඇහෙනවනෙ...වෙලාවකට තාත්තගෙ කතාව ඇත්ත අම්මට ඕන මාව දොනත රෙද්දෙක් කරන්න.....

ඒත් ඉතින් මම අම්මට බනින්නෙ කොහොමද ....ඒ එයාගෙ ආදරේ එලියට දාන හැටිනෙ.....

මගෙ අම්මා නොවුනත්...එයා කවදාවත් එයා මගෙ අම්මා නෙවෙ කියන්න මට හීනෙකින් වට් දැනෙන්න දුන්නෙ නෑනෙ.....

මම එක අතකින් හිමීට බ්‍රේක් එක තද කරන ගමන් අම්මා ගැන හිතුවා වගේම කවදාවත් නැතුව මට මගේම අම්මා ගැන කල්පනා උනා....

එයා මාව අතෑරියද????

නැත්තන්....

ඇත්තටම අම්මලාට බෑනෙ එහෙම අතාරින්න....

රෝස පාට මල් පිපුන ගිනිසීරියා ගහ ගාවින් හැරෙනවා එක්කම මට හිතන්න අමාරු උනා මගෙම අම්මා මාව අතාරින්න ඇතියි කියලා ..

කොච්චර කවුරු කොහොම කිව්වා උනත් මට හිතන්න අමාරු උනා මගෙ අම්මට මාව වදයක් වෙන්න ඇති කියලා .....

ඒත්...එහෙනම්...ඇයි මම මේ අම්මා ගාව ඉන්නෙ.....???

මගෙ අම්මට මොකක් හරි කරදරයක් වත් උනාද.....

නැත්තන්...මගෙ අම්මා මැරුනා.....හරියටම අර යෙවීන්ගෙ අම්මට යෙවීන් නැති වෙලා වගේම මගෙ අම්මත් නැති වෙලා...මේ අම්මා හදාගත්තා වත්ද .....????

අනේ දෙවියනේ නෑහ්...!!!

බ්‍රා .. ....ස්ස්ස්ස්!!!!

කොහෙද කොල්ලො යන්නෙ....තව ටිකෙන් ත්‍රීවිල් එකෙ ....උඹලා අහක බලන් යන්ඩයි හැප්පුනාම අපි වන්දි ගෙවන්ඩයි .....

සිහිය නෑ දැන් ඉන්න උන්ට...නූලෙන් බේරුනෙ.....

ඔව්...මේලෝකෙ සිහියකින් නෙවෙ දැන් ඉන්න උන් ඉන්නෙ.....මනමාල ලෝකෙ වෙන්ඩඇති ඉන්නවා ඇත්තෙ....

එතනින් එහාට මට හම්බ උනේ තනිකරම බැනුම් තොගයක්....අම්මගෙ සිහියෙන් ආව මට මගෙ අම්මා පරිස්සමින් යන්න කියපු එක අමතක උනා.....පාරෙ බලාගන යන්න කියන එක අමතක උනා....කවදාවත් නැතුව මගෙ මූන අතගාපු අර නන්නාදුනන ගෑනු චරිතෙ මගෙ ඔලුවට මගෙ හිතට ඕනාවටත් වඩා වද දෙන්න ගන්නකොට ඒ ඇස් වල කදුලු ....යෙවීන් කියපු හැටි....මට මතකයක් වත් නැති මගෙම අම්මා ගැන රටේ නැති දේවල් හිතෙනකොට මගෙ කල්පනාව මටත් නොදැනි වෙන ලෝකෙක ගිහින් තියනකොට ත්‍රීවිල් එකකට හැප්පෙන්න ගියපු මාව අවසානෙදි කානුවකට වැටුනා.....

බැනුම් තොගයයි....හන්දියෙ ත්‍රීවිල් පාර්ක් එකේ හිටපු උන්මට නොකියපු කතාවක් නෑ...ඉස්කෝලේ යන ළමයෙක් කියලා නොබල මට නොකියපු කතාවක් නෑ.....

උන්ටත් අපි චුට්ටක් වැදුනොත් තමයි....වෙන උන් ඇවිත් යට කරන් ගියා නම්...ආ...කමක් නෑ...තව යටකරන් යන්න.....තව යටකරන් යන්නකියන්න ගියා....

කොහෙන් ගියත් තැලෙන්නෙ පොඩි එකාම නේන්නම්.....

මුන් අයිස් ගහනවද කොහෙද ...පේන්නෙ නැද්ද ඉස්කෝලවල උන්ට දැන් වැඩ නෑනෙ කාල කන්නි වෙනවා...ඉස්කෝලේ යන්නෙත් මාසෙට පෝයට.....

කානුවට වැටුන මම මැරිලද කියල වත් බලන්න නාව උන් අයිස් පැකට් එකක් කෑවත් සෙම හැදෙන මට රටේ නැති අයිස් වහන්තරාවකුත් කරගැහුවා...

ඔය කරලා තියෙන්නෙ හොදටම....

අයිස් නෙවෙ කුඩු ගැහුවා කිව්වත් කමක් නෑ කියලා හිතපු මම නොන්ඩි ගගහා මගෙ බයිසිකල් එකට කලින් අම්මා නැහීගන හදපු කෑම එක අරන් බැලුවා....අනේ . .දෙයියන්ගෙ පිහිටයි....ඇති යාන්තන්...මොකුත් වෙලා නෑ...

එක අතකට මටත් හොද වැඩේ...ළඟ ඉන්න අම්මා ගැන නොහිතා දුර ඉන්න අම්මා ගැන හිතන්න ගියාට....

දැන්වත් කල්පනාවෙන් පලයන්...උඹලා වාහන වලට අඩ තිබ්බම අඩන්නෙ හප්පපු එකා නෙවෙ....

පෙනේද.පොඩි කැරියගෙ බැල්ම.....ඇදල අරින්ඩ තිබ්බෙ දෙකක් ඕකට

කුනුහර්පයක්...

වෙච්ච අත්වැරද්දට මට සමාව වත් ගන්න හිතුන් නැති උනේ උන්ගෙ ඔලුව විකාර කරන වචන හින්දම වෙනකොට කතා කරගන්න බැරි උනත් රවන්න නම් ඕනාවටත් වඩා පුලුවන් මම රවාගන එන්න එනකොට "නමෝ බුද්ධාය" කියලා ලොකු අකුරෙන් ලියලා තිබ්බ කහපාට ත්‍රීවිල් එකේ අයිති කාරයගෙ හක්කෙ බුදු රැස් තිබ්බට බොක්කෙ දඩමස් වල ලකුනු එලියට පෙන්නුවා....

මම එන්න ආවා.....වටයල් දෙකක් පැදලා ආයම එඩ්‍රස් එක බැලුවා වෙනමොකටවත් නෙවෙ.....වැටුන පාරට මට පාරවලුත් පැටලුනා.....

ආයම පාරක් එඩ්‍රස් එක බලපු මම පිට්ටුවෙ අයිති කාරයව හොයාගන පදින ගමන් මම නොදන්න මගෙ අම්මව මගෙ හිතින් හිමීට පැත්තකට කෙරුවා ....

එයා මාව අතෑරියද...නැද්ද කියන්න මම දන්නෙ නෑ...හැබැයි මම ඒකට තරහත් නෑ....ඒකට එකම හේතුව...එයාට මාව අතෑරියා නම්.... අතාරින්න තිබුන හේතුව සාදාරනද.....අසාදාරනද නොදන්න හින්දා.....

එයාගෙ පැත්තෙන් මොනවද උනෙ කියන්න නොදන්න හන්දා....

මොකද මේ ලෝකෙ හැමොටම කවුරුත්ම නොදන්න කතාවක් තියනවා හින්දා...

.මම ඔයාට හැමදාටම සමාව දෙනවා අම්මෙ....

නොදන්න අම්මට සමාව දීපු මම අදාල.එඩ්‍රස් එක තිබුන ගේ ගාවින් සයිකල් එක නැවැත්තුවා...

ආව්.....හ්හ්.....

මෙච්චර වෙලාම සයිකලේ පැදන් ආව මට ඊලග පාර ඇවිදිනකොට කෙදිරි ගෑවුනා....කානු ගැට්ටෙ වැදිලද කොහෙද ඩෙනිම ඉරාගන දනහිසේ ලෙල්ලක් ගිහින් තිබුනා.....රුපියල් දෙකේ බට්ටයක් සයිස් ...

කමක් නෑ ....

මම නොන්ඩි ගගහම වහලා තිබුන ගේට්ටුව ගාවට ඇවිත් වත්ත ඇතුලට එබිකම් කෙරුවා .....

කවුරුත් නෑ...

බෙල් එකක් වත් නෑ....

ගෙදර කව්ද කියලා අහන්නත් හැට පැයක් යනවා.....දන්නව නම් තාත්තව එවනවා .

කලුපාට ගාපු ග්‍රීල් ගේට්ටුවෙ රත්තරන් පාට මල් වැල් ගිහින් තිබුනා....මල් වැල දිහා බලන් උන්න මම ඊලග පාර හොද හුස්මක් අරන් හත් ගව්වක් දුරින් තියන ගෙදරට කෑ ගැහුවා.....

ග්ග්....ගෙදර .....ක්....කව්ද...

.....

ගෙදර....කව්ද .....

.....

.ම්ම්...මේ.....කෑම..ගෙනාව...ගෙදර ....ක්ක්.....ක්...කව්ද....??

බල්ලෙක් වත් නෑ.....මගුල....බෙල් එකකුත් නෑ.. කන්න ඉල්ලුවෙ මොකාද මන්දා....එක්කො අම්මව රවට්ටලද....රවට්ටලා නම් ගොත පැත්තකින් දලා මං ඕකට හරි ඕකිට හරි හොද දෙකක් කතා කරනවා....

ජිවිතෙට කාටවත් කටක් ඇරලා බනින්නෙ නැති මම හිත අස්සෙන් පන්ඩිත කම් කතා කෙරුවා ...තවත් දෙපාරක් තුන්පාරක්ම කතා කරපු මම ආපහු හැරිලා යන්නත් බැරි කමට ගියොත් වචනයක්...ආවොත් අලියෙක් කියලා හිතාගන ගේට්ටුවෙ තිබුන පොඩි ගේඩ්ට්ටු පලුව ඇතුලට තල්ලු කරලා බැලුවා....

.ඔය ඇරෙන්නෙ....එක්කො කියන්න ඕනා ...ඒත් නෑ ...කව්ද දන්නෙ අනුන්ගෙ ගෙවල්...

මම නොන්ඩි ගහන එක පැත්තට දාලා ඇවිදින්න පුලුවන් එකා වගේ හෙමින් සීරුවෙ වත්තට ඇතුල් උනා.... ..

ගහක් කොලකට වතුර ටිකක් දාලා නෑ...බෝගන් විලා ගස් වල කොල කහ ගැහිලා...මල් පරවෙලා.....වැටුන මල් සීසිකඩ ගිහිල්ලා ..අපේ අම්මා දැක්කා නම් තකහනියක් ඇවිත් වතුර දාලා යනවා...

මම එහෙම්ම බිම දිහා බැලුවා... .අලුපාට ගනකම් ටයිල් එකක්...අතුගාලා නෑ මාස ගානකින්...එකම එක සපත්තු අඩි පාරක්...ඒකත් ඇතුල් පැත්තට විතරයි ...ආපිට එලිය ගිහින් නෑ....ඇතුලෙ ඉන්න එකා යකෙක් වත්ද.....??

එක අතකට මට මොකටද ඕවා...

බෙල් එකක් නෑ.....මගෙ කරුමෙට මේ ගෙදර බෙල් එකක් නෑනෙ....අම්මා කිව්වා දොර බෙල් එක ගහන්න කිව්වා කිව්වට කෝ දොර බෙල් එකක්....දැන් නම් මේ පිට්ටුව ඇල් වෙනවා...

ගෙදර ...ක්...කව්ද .....?

නම තට්ටු කෙරුවා .....එකපාරක් ...දෙකක්....

ඒත් නෑ . ...

ගෙදර කව්ද.....ක්ක්...ක...වුරුත් ඉන්නවද.....මේ....ක්ක්...කෑම....ගෙනාවා...

මම දොර ගාව ඉදන් කෑම ගෙනාවා ගගා දෙතුන් පාරක්ම කතා කෙරුවා ....ඒත් නෑ....පිට්ටු ඉල්ලපු එකා කටේ පිට්ටු තියන් ඉන්නවද කියලා හිතෙනකොට ගේ ඉස්සරහා පාරෙන් කෑ කෝ ගහන සද්දයක් ඇහුනා.....

මල්ලි....ඔය තාප්පෙත් අලවහන්...

අර අතන තියන තාප්පෙයි.....ලයිට් කනුව වැහෙන්නම බාගයක් අලවපන්.....හරි ....

ජන්ද කාරයො.....යෝ මුන් නම් සාපයක් අප්පා....හම්බෙන හැම ලීෆ්ලට් එකම ලිපට දාලා ලිප ඇවිලුවත් තවත් ඒ වගේ තොගයක් අහු උනා.... 

සිල්වා....සිල්වා කාරයගෙ හෙන්චයියො...තාත්තා කිව්වා...තාත්තලා තරුන කාලෙත් ඕකා ජන්දෙ ඉල්ලුවා කියලා ...හොදට ගහගන්නවලු.....ඒකගෙ පුතා හිරෙත් ගියාලු.... හැබැයි මම නම් ඌව අද වෙනකන් දැක්කෙ නෑ මොකාද කියලා ...හිරේ ගිය හේතුව දන්නෙත් නෑ...ඔව්වා අපිට කියන්නෙත් නෑ ....

මම වහල තිබුන දොර දිහා බලලා ආයම තට්ටු කරනකොට අර චන්ද කාරයෝ ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම වත්තට ඇතුල් උනා....

ගෙදර කව්ද ඉන්නෙ ලමයො.....

ක්ක්.....ක්ක්..කවුරුත් ...න්න්...නෑ....වගෙ....නේ.....

ආ කමක් නෑමේ ටික දොර යයින් දාහන් මල්ලි.....මෙන්න ලමයො...අපේ ඇමති තුමා....අම්මට...තාත්තට කියන්ඩ ඕනා සිල්වා මහත්තයව දිනවන්ඩයි කියලා ආ...

දොර යටින් කොල තොගයක් ඇතුලට යවපු බඩ තඩි කලු මිනිහා මා දිහා බලලා හිනා උනා වගෙම ඒකාම තව කොල වගෙයක් මගෙ අතට මිට මොලවලා මගෙ ඔලුව අතගෑවා.....

දකුනු ඇහැට උඩින් තිබුන කැපුම් පාර එක්ක ඒ මනුස්සයගෙ මූන බලන්න බැරි තරම් හිතට මහ අමූතු බයක් දැනෙනකොට අහම්බෙන් වගේ මම ඒ මනුස්සයගෙ අතේ ඇගිල්ලකුත් නැති හැටි දැක්කා.....

මේකා මැරයෙක් වගේ ....

බලන්න බය හිතෙන මූන දිහා බලන් උන්න මම හිනා නොවී බැරි කමට හිනා වෙනකොට ආව උන් කාක්කො රෑනක් වගෙ ආයම කෑ කෝ ගහගන යන්න යනකොට මම පිට්ටු එක තියලත් බැරි අරන් ගිහිනුත් බැරි කමට දොරට තට්ටු කරනවත් එක්කම ලාවට දොර ඇරුනා ....

ග්ග්....ගෙදර.....ක්ක්....

එන්න.....!

එච්චරයි ...කිසිම තෙතමනයක් නැති ගැඹුරු කටහඩක් එක්ක එන්න කියනකොට ඇතුලට යනවට වඩා එලියෙන් තියල යන එක හොදයි කියලා හිතුනත් තුන් වේලම මේ ගෙදරට කෑම දෙන්න හම්බෙන අවස්තාව නැති වෙයි කියන බයට අම්මගෙ හිත රිදේවි කියන හේතුවට මම බයේ බයේ...ඇතුලට ගියා... 

සිගරට් ගදයි. .....

..ඇතුලට ගියපු පලවෙනි තත්පරේම මගෙ නහය ගලවන් යන තරමට සිගරට් ගදක් දැනෙනකොට කර්ටින් වැහිලා ගියපු මුලු ගෙදරම එලිය වෙලා තිබුනෙ ඇහුන නෑහුන ගානට දාල තිබුන ටීවි එකෙන් විතරක්ම වෙනකොට ජනේලෙ පැත්තට හරවලා තිබුන පැද්දෙන පුටුවක කවුරු හරි ඉදන් උන්නා. ....

එයා පැද්දෙනවා .... ....හිමින් හිමින් පැද්දෙනවා...හැබැයි මූන පේන්නෙ නෑ...අතේ තිබුන සිගරට් එකේ රතු පාට වගේම අතට දාලා තිබුන අත් මේස් එක...එයාගෙ කටින් පිට වෙන සිගරට් දුමාරය ඇරුනම මට එයාගෙ මූන නොපෙන මම දාලා තිබුන ටීවි එක දිහා බැලුවා....

.ඒකෙ දාලා තිබුන චැනල් එකෙත් ගියේ ජන්ද වැඩසටහන් වෙනකොට ජවිපෙ උන් අලිත් එකක් මරාගන්නවා....සාටකේ එකෙක් වෙන මොකක්දෝ කියනවා...ඒ ඔක්කොමත් වෙනකොට කෑම ගේන්න කියපු එකා මා දිහා බලනවා තියා ඔය කෑම එක ගෙනෙන්වත් නොකියපු කොට මම එයාට කතා කරනවා කියලා හිතපු මම පැද්දෙන පුටුවෙ උන්න එයාට කතා කෙරුවා . 

ම්ම්...මහත්තයා.....ක්ක්...කෑම ගෙනාවා.....

ම්න්.....

ක්ක් කොහෙන්ද තියන්නෙ ??

...

ම්න් ගෑවා විතරයි ....තියන්නෙ කොහෙන්ද කියන එකටවත් එයා උත්තරයක් නොදුන්න එයා අනිත් පාර ටීවි එකෙ චැනල් එකක් මාරු කෙරුවා ....ඒකෙත් ගියේ ජන්දෙ ගැන.....තව එකක් මාරු කෙරුවා ....තව එකක්....එයාට හිතට හරියන එකක් තිබුන් නැද්ද මන්දා...අවසානෙදි එයා තවත් චැනල් එකක් මාරු කෙරුවා ....අවසානෙදි එයාට හිතට හරියන එකක් හම්බුනාද කොහෙද ...අවසානෙදි එයා ඒක තියලා තිබ්බා...ආයම දුම් උගුරක් උඩට ඇදපු එයා ඒක එලියට පිඹින ගමන් මට කෑම එක අරන් එන්න කිව්වා....

අරන් එන්න.....

මම අරන් ගියා .හැබැයි බයෙන්...අවංක්වම මට බය හිතුනා....අවංකවම මට පුදුමාකාර තරම් බය හිතුනා.....එයාගෙ පැද්දෙන පුටුව එහා මෙහා පැද්දෙනකොට ආව සද්දෙත් එක්ක මට හිතුනෙම මම ඇනබෙලාගෙ ගෙදර හරි බෑඩ් නන්ගෙ ගෙදර හරි හිරවෙලා කියලා වෙනකොට මම එයා ගාවි ගිහින් හිටගත්තා උනත් මට එයාගෙ මූන බලන්න බැරි උනා...මොකද මූන බලන්න කලියෙන් ටීවි එකේ ගියපු ඉන්ග්ලිශ් ෆිල්ම් එකේ උන්න මනුස්සයෙක් අඩන්න ගත්තා ...මගෙ අවදානෙ සම්පූරනම ටීවි එකට ඇදල ගත්තා....

"අනෙ කරුනාකරලා ...කරුනාකරලා මාව අන්දකාරෙ තියන්න එපා...මම බයයි අන්දකාරෙට....."

එයාව මරන්න යන්නෙ...කලු ජාතිකයෙක්...කරන්ට් පුටුවෙ ඉන්දවලා මරන්න යන්නෙ....මරන දන්ඩනේ දෙන්න යන්නෙ .....

මගෙ හිත ගැස්සුනා...තවමත් පුටුවෙ උන්න එයාගෙ මූන නොදැකපු මගෙ ඇස් දෙක තිබුනෙ ටීවි එකගාව වෙනකොට කරපු වැරද්ද මොකක්ද කියලා නොදන්න...කතාවෙ මුල මොකක්ද උනේ කියලා නොදන්න මම ටීවි එක දිහා බලන් උන්නා ....මරනීය දන්ඩනේ නියම වෙලා උන්න එක්කෙනා කියනවා එයා බයයි කියලා ...අන්දකාරෙට බයයි කිය කිය අඩනකොට දෙපැත්තෙ උන්න පොලිස් කාරයො දෙන්නා මූනට මූන බලාගන ඉදලා අවසානෙදි අර හෙල්මන්ට් එක දාලා එක පාර ලීවරයක් පහලට ඇද්දා....එච්චරමයි බය උන පාරට මම පුටුවෙ උන්න කෙනාව මට පුලුවන් උපරිමේටම මිරිකගත්තා ....හැබැයි එයා නෙවෙ වචනයක් කිව්වෙ....ඒවෙනුවට එයා කෙරුවෙ ආයම වෙන චැනල් එකක් මාරු කෙරුවා ...මාරු කරලා මගෙ අතේ තිබුන කෑම එක වෙනුවට ජන්ද කොලේ ගත්තා.....අරගන ඒකෙ උන්න ඇමති සිල්වගෙ මූන දිහා බලන් උන්නා ....

"ශ්‍රි ලාංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරයෙ...මරණීය දන්ඩනීතිය ක්‍රියාත්මකද??? "

එයා මගෙන් අහපු පලවෙනි ප්‍රශ්නෙ වගේම මම එයාගෙ මූන දැකපු පලවෙනිම වතාව. ...ටීවි එලියෙන් විතරක් පෙනුන එයාගෙ මූන....

කටට ගහන් උන්න සිගරට් එකෙන් දුම් වලාවක් ඉහලට යනකොට එයා මගෙන් අහපු පලවෙනිම ප්‍රශ්නෙ උනේ මරනීය දන්ඩනේ ක්‍රියාත්මකද කියන එක විතරක් වෙනකොට ඒ කටහඩ පුදුමාකාර තරම් ගොරෝසු උනා වගේම ඊලග තත්පරේදි එයා අර සිගරට් අලු ජන්දකොලේ උඩ උන්න ඇමතියගෙ මූනට වැටෙන්න ඇරලා සිගරට් එක කටේ ගහගනම පැද්දෙන පුටුවෙන් නැගිට්ටා...

මරනීය දන්ඩනෙ .....ඒක...ඒක නෑනෙද...නැතුව ඇති නේද...

එයා අහපු ප්‍රශ්නෙත් එක්කම මාව කරකවලා අතෑරියා වගේම මාව මරයි කියන බයටම කෑම එක දීලා දුවන්න බලාගන මම කෑම එක පෙන්නලා කොහෙන්ද තියන්නෙ කියලා ගොත ගැහුවා....

ම්ම්...මහත්....තයා....ම්ම්...මේ.....ක්ක්....කෑම..එක...

" තියන්න හොද කොතනද....එතන තියන්න පුලුවන් "

එයා මගෙ මුන වත් බැලුවෙ නෑ.....ඒ වෙනුවට එයා කෙරුවෙ මේසයක් උඩ තිබුන වොලට් එක ඇරලා ඇතුලෙ තිබුන සල්ලි දිහා බලපු එක වෙනකොට එයා වොලට් එක අරිනවත් එක්කම ඒක අස්සෙ තිබිලා මොකක් හරි බිමට වැටුනා....

රත්තරන් පාටයි....

දිලිසෙනවා....

සමනලයෙක් ...

ඒක ටොපිකොලේකින් හදපු සමනලයෙක් වෙනකොට මම ඒක ගන්න දෙකට නැවුනා...

" තමන්ට අයිති නැති කිසිම දේකට අත නොතියා ඉන්න පුලුවන් "

එයාගෙ ගැඹුරු කට හඩ ආයමත් ඇහුනා...හැබැයි එයාගෙ කටහඩ තරහවකින් පිරිලා තිබුනා...මම ටොපිකොලේ අල්ලන්න ගියපු හින්ද නැත්තන් වෙන හේතුවකටද....???

මං දන්නෙ නෑ...එයාගෙ ටොපි කොලෙ බිම තියෙන්න ඇරපු මම ඉක්මනටම මෙතනින් පැනගන්න හිතාගන කැම එක එතනම තිබුන මේසයක් උඩින් තියනකොට එයා මගෙ මූන දිහාවත් නොබලා පහෙ කොලයක් දික් කෙරුවා ...

"මේකට හරියන්න මට තුන් වේලටම කෑම එවන්න පුලුවන් ...."

හ්හ්....හ්හ්....හරි.....මහත්තයා.....

ම්න්....

ගත්තු පන්දහෙ කොලේ ආපිට සක්කුවට ඔබා ගත්තු මම එක තත්පරයක් නොයිද ආපිට යන්න හදනවත් එක්කම එයා ආයම මාව නවත්තගත්තා ...

නවතින්න...

ඇ...ඇයි..මහත්තයා....

නම?

ස්ස්...සංජාන.....

ම්න්...යන්න පුලුවන් .....

🙂ආයම එන්නම්....

Ferdeesha ❤️💚😘 ....

More Chapters