WebNovels

Chapter 14 - 14

මං අහක බලා ගත්තා....වෙන මොකටවත් නෙවෙ මට ලැජ්ජා හිතුනා ...මට ලැජ්ජාවෙ පන යන්න ආවා...

අනෙ එයා මට ඉක්මනට බයි කන්න කිව්වා එයාට මාව බදින්න ඕනා කියලා ....

අනේ....නලුවව මං බදින්න...???

අනෙ....නලුවො....මං තාම තුන වසරෙනෙ.....බදින්නෙ කොහොමද ....?ශිශ්ශත්තෙ ලියලත් නෑනෙ...

මම බාප්පගෙ පපුව අස්සෙ මූන හංගන් අහක බලන් උන්නා මට නලුවගෙ මූන බලන්න ලැජ්ජ හිතුනා .....මගෙ බඩ රිදෙන්න ගත්තා ....

සුදු පුතා...

අන්න...සුදු අම්මා ඇවිල්ලා යෙවීන්....යෙවීන්....සුදු අම්මා ඇවිත්...

මම තවමත් උන්නෙ බාප්පගෙ ඇග අස්සෙ ....නලුවා මාව බදින්න ඕනා කියපු වෙලේ ඉදන් මට බාප්පා දිහාවත් බලන්න ලැජ්ජා හිතුනා ...හැබැයි බාප්පා සුදු අම්මා ආවා කිව්වා විතරයි .....

යෙවීන්ට හිනාවක් ආවා.....

යෙවීන්ගෙ අඩන ඇස් හිනා උනා.....

යෙවීන්ගෙ වේදනා දෙන චූටි හිතට හරි සැනසීමක් දැනුනා....

දන්නවද...ලොකු මිනිස්සු කියනවා චූටි ලමයිගෙ හිත් මල් වගේලු....තැලුනොත්....තැලුනමලු....

ඒක ඇත්ත ...

ඒ වගෙම චූටි ලමයිගෙ හිතට වැටෙන දෙයක් හරි ඉක්මනින් අයින් කරන්න අමාරුයිලු....

ඒකත් ඇත්ත....

මට මේ වෙනකන් ආච්චම්මා කවදාවත් හොදයි කියලා හිතුන් නෑ....

යෙවීන් ආසයි....හැමදාම චූටියට ඉන්න...අම්මා තාත්තා මැද නිදා ගන්න....අම්මා තාත්තා ගාව ඉන්න....තාත්තගෙ අත අල්ලන් ඇවිදින්න.....තාත්තගෙ සරම්බොක්කෙ ඉදන් හයිඩි කදුකරෙ උනුසුම් කිරි බීපු හැටි අහන්න..බාප්පගෙ උකුලෙ ඉදන් ලෝරා මේරී...කෙරි...ග්‍රේස් එක්ක අප්පච්චිගෙ රස කතා අහන්න....

ඒත්....ඒ එක පොතක වත් උනන් ආච්චම්මෙක්...මට උන්නෙ නෑ...

මට ඕනා ලොකු වෙන්න....

ඒ හැම පොතකම තිබුනා ආදරේ කරන්න කියලා ....

ඒත්...යෙවීන්ට හැමෝම ආදරේ උනේ නෑ

මේරිට මැලේරියාව හැදිලා ඇස් අන්ද උනත්...ලෝරා කවදාවත් එයාට අන්දයා කිව්වෙ නෑ.....අම්මා..අප්පච්චි නෙවෙ...අර නපුරු නෙලී වත්.....

ඒත්.....යෙවීන්ට හැමෝම ගොතයා කියනවා.

ගෙදරින් පිට අය කිව්වා නම් කමක් නෑ.....

ඒත් ගෙදරම අය.....

ඉතින්....සමනල තටුවක් වගේ තියෙන්න ඕන හිත කැඩුනම....යෙවීන්ට ඕනා ඉක්මනට ලොකු වෙන්න...

ස්...ස්....සු...දු....අ..ම්ම...අම්...අමේ....

මම ගොත ගැහුවා...නෑ....කට කැක්කුම උනත් මම කෑගැහුවා...මොකද.....මට සුදු අම්මා කියන්නෙ සැන්ටා කෙනෙක්......

සුදු පුතා...යෝ...මේ චුට්ටන් බට්ටිච්කගෙ කට කැඩුවෙ මොකාද.....

හරි වැඩේ....සුදු අම්මා අහනවනෙ මගෙ කට කැඩුවෙ මොකාද කියලා....

ස්....ස්...සංධී....ර්..

සංධීර්....කව්ද සංධීර්.....

න්න්...න්...නෑ...එයා නෙවෙ...එ..එයා....ද්ද්...දන්නවා.....

සුදු අම්මා හිනා උනා....මගෙ ඔලුව අත ගාලා කම්මුලට උම්මා එකකුත් තිබ්බා....එයා ඇහුවනෙ මගෙ කට කැඩුවෙ කව්ද කියලා.....

යෙවීන්ට හයියෙන් කතා කර ගන්නත් බෑනෙ....

මම සංධීර්ගෙන් අහන්න කියන්න ගියා.....ඒත් අපේ සුදු අම්මා මට කලියෙන් ඉස්සර උනානෙ...හරි වැඩෙ තමයි....

එතනින් පස්සෙ ගෙවුනෙ මගෙ හිතේ ගින්දර අඩු වෙලා යන විනාඩි ගානක්.....සුදු අම්මා මාව බලන්න ආව වගේම අපේ සංදීර්ව.....

අපේ සංධීර්....දැන් ඉතින් අපේ බාප්පගෙත් යාලුවා මගෙත් යාලුවනෙ...අපේ කියලා කියමු නෙ...කසාද බදින්න නම් බෑ...මං තවම ඉස්කෝලේ යනවා...අනික එයා කිව්වට බයි කාලා ලොකු වෙන්න කියලා ...එහෙම ඉක්මනට ලොකු වෙන්නෙත් නෑ....අපේ බාප්පා නම් මගෙ කකුල් දික් වෙන්න කියලා ...උස යන්න කියලා මාව උලුවැස්සෙ එල්ලන්න හදනවනේ....ඒත් ඉතින් අත් දෙකෙ කැඩුනොත් කියලා මාව අල්ලගන්නවා.....

කොහොම හරි...මාව බලන්න ආවා වගේම අපේ.සංධීර්ව බලන්නත් එයාලගෙ අය ආවා...

අර නැන්දා.....අමේලිගෙ අම්මා.....

දැන් ඉතින් මේක තනිකරම මගුල් පාටියක් වගේ...ඇයි එයාලා හරියට කන්න බොන්න ගේනවනෙ.....අර තට්ටු හතක් තියන ක්‍රිම් ක්‍රැකර්......චොකලට් බිස්කට් ...මහත කෙසෙල්....

ඒත් ඉතින්‍ යෙවීන්ට් ඔය මොකුත් කන්න බෑනෙ....

සුදු පුතා...මෙ...සුප් හැදුවා....කැරට් තියනවා...අල තියනවා.....වට්ටක්කා....කුකුල් මසුත් දලා තියෙන්නෙ....කෝ...ආ ගාන්න.....

ඒ අපේ සුදු අම්මා....ලෙඩ්ඩු දෙන්නට රජ සැලකිලි හම්බෙනකොට ඵෝන් එක බලන් තනියම.හිනා උන බාප්පා හොරාවට එලියට ගියා.....

මං හිතන්නෙ කෑල්ලක්...ආච්චම්මා බනිනවනෙ.....උඹ ඵෝන් එක බලන් හිනා වෙන්නෙ ඇයි කියලා ..බාප්පා කියනවනෙ කෑල්ල එක්ක කියලා .....

මං හිතන්නෙ දැනුත් ඒක තමා උනේ..කෑල්ලක් ආවා.....

.මල්ලි....කෝ...ආගානවා....

මට අත පය තියනවා.....

තියන හන්දා තමයි ඔය කරන් තියෙන්නෙ...අරහෙන් අම්මා අඩනවා වැලහින්න වගෙ....

අඩන් නැතුව ඉන්න කියන්න....

අඩන්නෙ නැතුව ඉන්න කියන්නෙ කොහොමද මල්ලි....ඒ මනුස්සයා උඹ ගැන හූල්ලනවා....උඹට පුලුවන්ද මල්ලි ඇමතියෙක් එක්ක හැප්පෙන්න...අවසානෙදි උඹට මොකක් හරි උනාට පස්සෙ අර සංගම් මේ සංගම් වලින් ආවත් වැඩක් නෑනෙ උඹට.වෙන්න ඕනා ටික වෙලා ඉවරනෙ...

ඔව්..අක්කලා වගෙ මිනිස්සු ඔය විදිහට බය වෙන තාක් අර දියවන්නාවෙ පුටු උඩ අරක්කු කාරයො....හොරු...මංකොල්ල කාරයො...ගෑනු හොරු....ඔක්කෝම ඉදගනින්....උඹ මම මැරිලා යයි....අර වගේ උන්ට මොකද වෙන්නෙ.....??ආ අක්කෙ....

මල්ලි...දැන් වත් කට පියවන් කාපන් මල්ලි....

මට දැන් තිස් තුනයි....තව දාහතකින් මට පනහයි....එතනින් එහා....මට උන්නා නැතා කමක් නෑ....ඒත්....අර ළමයි ජීවත් වෙන්න ඕනා....අපෙ ලමයිට වගෙ හැමෝටම පිටරට යන්න වත්කම්. නෑනෙ....

දෙයියන්ගෙ නාමෙට ඔය ඇති සංධීර්....කන බත් කට වත් දිරවන්න කාපන්...උඹ අම්මා කියන දේ අහන්නෙ කවදද මල්ලි...ආ...

මම හැමදාම අම්මා කියන ඇහුවා...තැන් දෙකකදි ඇරෙන්න.....

එ කියන දේ නාහපු තැන් දෙකම තමයි මල්ලි අම්මහෙ සැනසීම නැති කරන තැන.....

මට රස්සාව ඕනෙ...මට නිදහස ඕනෙ.....ඔලුව කන ආදරයක්....ඔලුව කන්න හදන ගෑනියක් හම්බුනෝතින් ???.....මුලින් අහිංසකයි වගේ රගපාලා...පහු පහු වෙනකොට කොහු කොහු උනෝතින් ...අර මුලින් කර ගහන්න හදපු එකී වගෙ....

මල්ලි.....

ඇති අක්කා.....ඇති....මම එතනිම්ම මට්ටු උනා....මට කසාදත් එපා.....මොකුත් එපා...

උඹ ඩිවෝර්ස් නඩු ෆයිල් කරලම කසාදෙ එපා කරන් මල්ලි.....

නෑ.....

නැත්තෙ නෑ.....

ඔව්.....හරි...මට අහිසංක.විදිහට වෙස් මූනු දාන් විත්ති කූඩුවට නගින උන්ගෙ වෙස්මූනු ගලවලම මහන්සී දැන්.....මම හැමදාම ඔව්වා දැක්කා....

මල්ලි...ඒත්.....

නෑ..මම නොබැද ඉන්න එකක් නෑ...බදීවි....හැබැයි...අම්මට කියන්න.....මට එකම දේ කියලා කරදර කරන්න එපාය කියලා ....මං දන්නව මේ ලෝකෙ පෙරාපු රත්තරන් වගේ මිනිස්සු අඩුයි කියලා ...හැබැයි...දැනදැන....සර්පයො ගෙට දාගන්න බෑ.....එක පාරක් නාවපු නරිදෙන ගියෙ මටත් හූ කියාගන...

......

 

නිල්පාට ප්ලාස්ටික් හැන්දෙන් මගෙ කට ඇතුලට යන උනුසුම් සුප් එක උගිරෙන් හිමින් හිමින් පල්ලම් බහිනකොට නලුවා අමේලිගෙ අම්මා එක්ක මොන මොනවදෝ කියා ගත්තා... ..

අමේලිගෙ අම්මා එයාට බත් කවනවා....සුවදයි.....රස පාටයි.....රතු පාට බීට් ....කොල පාට මැල්ලුම...අර මොනවද.....හී.....බල මාලු...

මම ඉතින් හැම ලොකු මාලුවටම කියන්නෙ බල මාලුවා කියලා...

රතු...කොල....ආයම රතු.....සුදුබත් ඇට එක්ක හාමු වෙලා ගුලියක් වෙලා...බිත්තරයක් වගේ එයාගෙ කට අස්සෙ නවතිනකොට මට සුප් එපා බත් ඕනා උනා.....

මොකද...බයි කටක් කවන්නද....?

එයා දැකලා....අයියෝ....එයා ආයම මාව දැකලා...අනෙ..එයාට හොරෙන් මොකුත් කරන්න බෑනෙ.....එයා නඩු කතා කරන කෙනෙක්ලු...මේ දැන් චූට්ටකට කලින් අපේ සුදු අම්මා කිව්වෙ.....බාප්පටත් කියන්න ඕනා....බාප්පට නොකියන රහස් නෑනෙ මන්ගාව....

සුදු පුතා....අපි ගිහින් තාත්තව රෑට එවන්නම්...

එ...එතකොට ...අ..අ..අම්..අම්...මා....

අම්මට තවම හොද නෑනෙ....හොද උනාම බලන්න එක්ක එන්නම්.....හොද පුතා වගේ තුවාලෙ පාරගන්නෙ නැතුව ඉන්න හොදද.....

ඒ අපේ සීයා තාත්තා ..මට කවපු පොවපු ඔක්කෝමල්ලා යන්න යනවා ...අමේලිගෙ අම්මත් කියවලා කියවලා මගෙත් ඔලුව අතගාලා යන්න ගියා....

ආ නෑනෙ ..එයා කිව්වා හවස එනකොට මගෙ යාලුවව එක්ක එන්නම් කියලා ....

බාප්පත් ඇවිත් යෙවීන්ගෙ කම්මුලට උම්මා එකක් දීලා සංධීර්ට මාව බලාගන්න කියලා එයත් යන්න ගියා ....

දැන් ඉතින් මොනවා කරන්නද ....

මං ආයමත් සංදීර් ගාවට කිට්ටු උනා....යෙවීන්ට දැන් බයක් හිතෙන් නෑනෙ... එයා මොනවද කොලවගයක් බලනවා ...අත පුරාවටම කොල ගොඩාක් ....

සැරින් සැරේම කෝල් එනවා ....එයා බනිනවා ....

එයා ඒ කේස් එකෙන් බහින් නෑම කියනවා ...

එයා මේක කතා කරනවමයි කියනවා....

පුලුවන් දෙයක් කරපන් කියනවා ...

මන්ත්‍රීයගෙ කටු කන හෙංචයියො කියනවා ....

එයාගෙ කටහඩ හරි ගැඹුරුයි...ඒත්....ඒක හරි තදයි ..කන්නාඩිය අස්සෙන් හීනි කරන් උන්න ඇස් දෙක දිහා බලන් උන්න මම ඇදේ අනිත් පැත්තට රූට්ටන්න යනකොට එයා ආයම මාව ඇදලා ගත්තා ....

වැටෙන්නද යන්නෙ....දගලන්නෙ නැතුව ඉන්න....වැටුනොත් ඉතුරු දත් ටිකත් කඩලා යාවි....

ම්ම්ම්...

අනේ.....එයා යෙවීන්ට සැර උනානෙ....

නෑ....එයා යෙවීන්ට සැර උනේ නෑ.....එයා කෝල් එකේ උන්න එක්කෙනාට බැන බැන උන්න ගමන් මටත් සැර උනා....ඒක මට තේරුනෙ එයා මගෙ මූන අතගාපු විදිහෙන් ...

අනේ....නලුවා පව් අප්පා....එයාට වැඩනෙ ....යෙවීන් දැගලුවාම.....ඇත්ත ...එයා කිව්වා හරි.....වැටුනොතින් මගෙ ඉස්සරහ දතුත් කඩලා යාවි ..

මෙන්න මේකෙ මොනවා හරි අදින්නකො ....මං ලොකු වැඩක්....

ම්ම්ම්ම්...

යෙවීන්....

මේ අහන්නකො.....ඔයා මේ කාමරෙන් පිට තනියම කොහේවත් යන්න එපා...තේරුනාද ....

ඇ...ඇ...ඇයි...ඒ...

ඇයි අහන්නෙ...මේක ඉස්පිරිතාලයක්නෙ.....මේකෙ අතරමන් වෙන්න පුලුවන් ....ඔයා තවමත් ...ම්ම්ම්....මෙහෙමනෙ.....මගෙ යෙවීන්ට දැන් තුවාලයි....එතකොට මටත් තුවාලයි...එතකොට ඔයාට තනියම කොහෙවත් යන්න හොද නෑ....ඒ වගේම .....මටත් හොද නෑ.....ඔයා යන්න ඕනෙ මං එක්ක....ඉන්න ඕනෙ මං එක්ක...කවුරු මොනවා දුන්නත්....ගෙදරින් ඇරෙන්න මොකූත් කන්න බෑ....තේරුනාද .....

එයා මගෙ ඔලුව අත ගෑවා ....සෑහෙන්න වෙලාවක් ඵෝන් එකේ එල්ලීගන උන්න නලුවගෙ මූන වෙනස් වෙලා.තිබ්බා..මගෙ අතට හිස් කොලයක්...එකම එක ප්ලැටිගනම් කූරක් දුන්න එයා ටික වෙලාවකින් මට තනීයම කොහේවත් යන්න එපා කිව්වා .....මොනවත් කන්නත් එපා කිව්වා...කොටිම්ම ගෙදර අය එක්ක ඇරුනම කා එක්ක වත් යන්න වත් එපා කිව්වා.....

යෙවීන්...

.....

යෙවීන්....

.....

යෙවී....න්

ඕ...ඔ...යාට....ඔයාට...බ්බ්...බය...හිතිලද.....ඉන්නෙ.....ස්...සංධීර්.....

සෑහෙන වෙලාවකට පස්සෙ මම කට්ජා කෙරුවා ....මොකද....බයි කටක් කවන්න අහපු නලුවා නෙවෙ දැන් උන්නෙ...බයි කාලා ඉක්මනට ලොකු වෙන්න කියපු නලුවා නෙවෙ දැන් ඉන්නෙ....එකදිගට ආව ඵෝන් කෝල් හින්දා නලුවා චුට්ට චුට්ට වෙනස් වෙන්න ගත්තා .... එයා මට එලියට යන්න එපා කිව්වා....තනියෙන් යන්න එපා කිව්වා....මම මගෙ චූටි අත එයාගෙ ලොකු අතට පටලව ගත්තා ...කතා කරගන්න බැරිවගොත ගැහුනා උනත් මට එයාට බය වෙන්නෙ එපා....අපේ බාප්පා ඉන්නවන් කියන්න ඕනා උනා.....

සුපිරි වීරයෙක් උනත් බය වෙනවා කියන්න යෙවීන් ඇස් දෙකෙන් දැක්කා.....

යෙවින්ට කතා කරගන්න බෑ....ඒත්....

හිතන්න පුලුවන් ....

එයා හිනා උනා....

අනේ ලස්සන හිනාවක්...බොරු කියන්න ඕන් නෑ....නලුවට තිබ්බෙ හරි ලස්සන හිනාවක්.....එයා හිනා වෙන්නෙ ලාවට...ඒත් එය හරි ලස්සනයි.

මම මොකට බය වෙන්නෙද.....ඔයා ඉන්නවනෙ මගෙ ගාව....අනික.....ඔයානෙ කිව්වෙ මම බැට්මෑන් කියලා .....ඉතින්....බැට් මෑන්ලා බය වෙන්නෙ නෑනෙ...නේද...

ම්ම්ම්....

හරි...හොද ළමයා වගේ දැන් මේකෙ අදින්නකො...ඇදල පාට කරන්නකො.....

එයා මගෙ ඔලුව අත ගාලා අර හිස් කොලේ දීලා අදින්න කිව්වා..ඇදලාපාට කරන්න කිව්වා....

එකම එක පාට කූරක් ඇද්ද පාට කරන්න...??

එයා මගෙ අතට දුන්න රතු පාට පාට කූර දිහා බලාගන මම කල්පනා කරනකොට එක පාරම කඩාගන බිදගන රොබින් කුරුල්ලයි යහපතයි දෙන්නම ආවා...

මචන්....උඹලගෙ අම්මලාට...

ශ්ශ්...පොඩ්ඩක් හෝව්....

ඊයෙ වගෙ නෙවෙ....රොබින් කුරුල්ලට මට ඇබිත්තම කියන්න අමතක උනා.... ඊයෙ වගේ මගෙ මූන අතගාන්න අමතක උනා....එයා වෙන්දා වගේම....නෑ...වෙනදටත් වඩා බර අඩි තිය තිය ඇවිත් මොනවා හරි කියන්න ගියා විතරයි නලුවා රොබින් කුරුල්ලව නැවැත්තුවා....නවත්තලා එයාගෙ වයර් පටලවන් එලියට ගියා...

ඒ ඇයි.....

ලොකු දෙයක් වෙනවා වත්ද ....

අනේ නලුවගෙ අම්මට කරදරයක්ද.....

එක්කො...නලුවගෙ අම්මටත් මල්ලි බබෙක් හම්බෙන ඉදලා නැති වෙලාද....

එයාලගෙත් කසාදෙ කටු ගාන්න හදනවද....

නලුවටත් යෙවීන්ට වගේ අම්මා තාත්තා නැති වෙන්න යනවද.....

මීට දවස් ගානක ඉදන්....නෑ සැරින් සැරේ ඉදන්...ඔලුවට වැටෙන ප්‍රශ්න..මගෙ පොඩි හිතට වද දෙන තරම කොයි තරම්ද කියනවා නම් මම බය උනා...මේ ලෝකෙ හැමොගෙම අම්මා තාත්තගෙ කසාදෙ කටු ගෑවේවි කියලා .....

අම්මා තාත්තා දෙන්නමෛන්න ඕන තැන..මගෙ එක අතක් හිස් වේවි කියලා ....

රෑට නිදාගන්නකොට අම්මා තාත්තගෙ මැද එන උනුහුම අඩු වේවි කියලා ...කොටිම්ම අවුරුදු අටෙ මට...කසාදෙ කටු ගානවා කියන වචනෙ...මේ පැය ගාන ඇතුලත මගෙ හිත පොඩි කරල දැම්මා....හරියටම මගෙ අතින් බිදෙන වීදුරු වගෙ....

අ...අ.අනේ....ස්....ස්...සංධී....ර්...අම්මට....අම්...අම්.අම්ට...දාලා....ය්..යන්න....එපා....කියන්න....

නොදන්න කම....නොපැහැදිලි කම...ඔක්කොටම වඩා බය මාව තවත් බය කරවනකොට මම බැරි බැරි ගාතෙ බැහැගන දොර ගාවට ගියා ....වහලා නෑ...බාගෙට ඇරලා....

එයා ඉන්නවා.....

මම දොර හිඩැසෙන් හොරෙන් බලන් උන්නා...

යෙවීන් වගේ එයත් අඩනවද කියලා...නෑ...එයා අඩන්නෙ නෑ.... එයා එහාට යනවා මෙහාට යනවා.....එයා නලල මිරික ගන්නවා...මම තවත් ටිකක් ලන් උනා...

දැන් ඒකලා මොනවද කියන්නෙ.....

ඒකලා මොනවද නොකියන්නෙ අහපන් සංධීර්.....සැරින් සැරේම ගෙදරට අරන් කියනවලු උඹට කේස් එකෙන් බහින්ඩ ඉල්ලන ගානක් දෙන්නම් ..නැත්තන් කේඅ එක සද්දහමංගලට දෙන්න කියන්නලු....

ආ...ඇයි...ඒකත් අබේරත්න වගේම හොර උගුඩුවෙක් හින්දද...කෙල්ලව විත්ති කූඩුවට නග්ගවලා කෙල්ලගෙ කටින් මම කැමැත්තෙන් ගියේ ස්වාමිනි...මෙතන කිසිම බලපෑමක් නෑ කියන්නද...??

සංධීර්....මෙ අහපන්...

අහන්න...මොනවද මම.අහන්න ඕනා....කෝ....උඹලගෙ කොන්ද....සේයට උන සාදාරනයක් තියනවද....මුන්ට දෙන්න ඕනේ රජ කාලෙ දඩුවම....හතරට කපලා හතර වහල් කඩේ එල්ලන්න ඕනා...මට කියපන් එක තැනක....එක තැනක...රේප් කේස් එකක් වෙනුවෙන් සාදාරනයක් උන තැන්...ඉස්කෝලෙ යන කෙල්ලො කීයක්ද...පුංචි උන්....කීයක්ද...රොමෙන්....මෙක දැනෙන්නෙ...උඹට...මට උන දාට ...මට බයයි....මට බයයි...මොකද මගෙ අක්කට ඉන්නෙ දුවෙක්.....ඒකි ඉස්කෝලෙ යනවා....පන්ති යනවා අපිට මග ඇරෙන එක විනාඩිය ඇති උන්ව පර වෙන්න ...

සංධීර්...

උදාන...උඹට මතකයි ඉන්දියාවෙ මෙඩිකල් ස්ටුඩන්ට් ට උන දේ....කෙල්ලව බස් එකේ රේප් උනා...හැබැයි....ගවර්මන්ට් එකෙන් උන්ට මරන දන්ඩනේ දුන්නා...මරන දන්ඩනෙ දෙනවා...කෝ...කාවද මැරුවෙ...යකො...අලුගෝසුවා නිකන් පඩි ගන්නෙ...

......

මං කියනවට....ඔය රේප් කේස් එකකට ඇතුලට ගියපු එකම එකෙක්ව ප්‍රසිද්දුයෙ එල්ලා මරපන්.....

මරන දන්ඩනෙට නියම උන එකෙක්ගෙ අවසානම තත්පර ගාන බලපන්...උන්ට අවසානෙදි දෙන බත් පිඩ.කාගන්න බෑ....රෙද්දෙ රෙවෙනවා.....ඔය එක දෙයක් හරි එක පාරක් පෙන්නුවා නම්...එකෙක්ව හරි එල්ල මැරුවා නම්....

......

කොහෙද ....ඒකව උසාවි ගේන්නෙත් සුදු රෙදි වලින් වහන්....කොටහලු වෙලා වගේ....රක්ශිත බන්දනාගාරෙ ඉන්නවා.....බන්දනාගාරෙ යනවා.... හිරේ යනවා.....මිනිස්සුන්ට අමතක වෙනවා....අවසානෙදි මිනිහා එලියට එනවා....කතාව ඉවරයි....මිනිහා ඔය කට වහන්න හදන්නෙ දියවන්නාවෙ පුටුවක් නැති වෙයි කියලා ...පොඩ්ඩක් හිතපන්..උඹගෙ මගෙ ලමයි ඉපදෙන්නෙම නයකාරයො වෙලා.....උන්ට අනාගතයක් නෑ...දියවන්නාවෙ උන්ගෙ තේ වේලක ගාන උඹදන්නවා රොමෙන්...මේවා කාගෙ බදුද ....උඹගෙ මගෙ.....ඩොලර් එවන්න..ඩොලර් එවන්න ගෑවට....රට ඉන්න උන් හාන්සි වෙලා සල්ලි හොයන් නෑ....

එකම එක වැරද්දකට වත්.....හරියට දඩුවම් කරන්ඩ දීපන් රොමේන්.....

මම අහන් උන්න නලුවා කිව්වෙ හරි ලොකු කතාවක්.....නොතේරුනා උනත්...ඒ කතාව අස්සෙ හුගාක් ලොකු දෙයක් තියනවා.....

දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ...අර ලමයවත් පරිස්සන් කරන්න වෙනවා සංධීර්....කොල්ලට එකෙක්ගෙ හරි මූනක් මතක නම්.....කොල්ලා ගැනත් බලන්න වෙනවා...උඹ දන්නවා...ඒකගෙ හැටි....සුද්ද කරන්න ගත්තම අගක් මුලක් නෑ...

........

උඹ නොදන්නව උනාට උඹලගෙ අම්මා උඹ ගැන හිත හිත අඩනවා...ඒ මිනිස්සුන්ව ඇපේට තියන් හරි....උන් උන්ට ඕන කරාවි.....

උඹ මොකක්ද කරන්න හදන්නෙ කියපන්....වෙන්න ඕනෙ මොකක්ද.....ඒක කරලා දෙන්නම්....

රොබින් කුරුල්ලයි යහපතයි දෙන්නම සැරින් සැරේට නලුවගෙන් අහනවා මොකද කරන්නෙ කියලා .....එයාලා මන් ගැනත් මොනවා හරි කිව්වා....මොනවා උනත් මගෙ හිත කිව්වෙම නලුවා ඉන්නෙ බය වෙලා කියලා ....මම තවත් චුට්ටක් මගෙ කන දික් කරා....

උදාන.....හොස්පිට්ල් එක මාරු කරවපන්...කෙල්ලව හෙයට උසාවි දාන්න තිබ්බ එක එහෙම්ම දාන්න දීපන්.....සද්දහමංගලට වැඩේ කරන්න කියපන්...හැබැයි.....නඩුව පටන් ගන්න ඔන්න මෙන්න තියලා...මමයි කතා කරන්නෙ....

සංධීර්...

කතාව ඉවරයි...මෙක අවසානම තීරෙනේ විරුද්දත්වය නිශ්ප්‍රභා කරනවා....ඩිවොර්ස් නඩුවල වගේ සමත මන්ඩල නෑ..කෙලිම්ම එයා ඇතුලෙ....එච්චරයි ....එච්චරයි ...එච්චරයි කියන්නෙ...එච්චරයි ...!!!

🙂ආයම හෙට එන්නා..ම්ම්

මම

ජොබී...

Ferdeesha ❤️💚😘 ....

More Chapters