WebNovels

පෙරවදන

Eternal Embers ෆැන්ටසියට මගේ ලමයි ටිකව ආදරයෙන් පිලිගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේ කතාව ලියන්නෙ yizhan (Wang Yibo & Xiao Zhan) fan fiction එකක් විදිහට. කවුරුහරි කෙනෙක් ඒ fandom එකට කැමති නැත්නම් ඔයා කැමති චරිත ඒ චරිතවලට මාවාගෙන කියවන්න. නැත්නම් කතාව කියවන්නෙම නැතුව යන්නත් පුලුවන්. ඒත් කියවන්නෙ නැතුව ඉන්න එපා මේ කතාව ලස්සන කතාවක්. (ඒක මන් දෙන පොරොන්දුක්)

මාව දන්න අය දන්නවා, මන් පෞද්ගලිකව චීන සාම්ප්‍රදායන්, wuxia/xianxia කතාවලට ගොඩාක් කැමති කෙනෙක්. ඒ වගේම Yibo, Zhan දෙන්නටත්. ඉතින් මගේ ඒ කැමත්ත නිසා තමයි මන් මෙහෙම කතාවක් ලියන්න හිතුවේ. මගේ උත්සහය කොයිතරම් දුරට සාර්ථකද කියලා කතාවෙ අන්තිමට බලමු.

❗️chinese නම් තිබ්බට මේක ට්‍රාන්ස්ලේෂන් එකක් නෙවේ. මගේ ඔලුව ඇතුලේ මැවුණ මගේම කතාවක්.

මේ කතාවෙ ඇතුලේ ලියවෙන චීන නම්, ස්ථාන වලට දාල තියෙන නම් සාම්ප්‍රදායික කරුණු ඇත්ත තේරුම් තියෙන දේවල්. ඒ ගැන විස්තර හොයන්න මට උදව් වෙන හැමෝටම මන් මුලින්ම ස්තූති කරනවා.

කතාව ලියවෙන්නෙ xianxia කතාවක් විදිහට. ඒ කියන්නෙ මෙ කතාවෙන් ඔයලට gods, demons, humans, dragons හම්බෙනවා. ඒ වගේම ධ්‍යානවේදීනුත් ඉන්නවා.

නැවත ඉපදීම, සුර අසුර යුද්ධ මේ කතාවට සම්බන්ධයි. (ඒව නම් මන් හිතලා ලියන්නෙ)

ඉතින් වෙනස්ම අද්දැකීමක් තියෙන කතාවක් වෙයි....

හැබැයි මට හැම සතියෙම updates දෙන්න බෑ. මන් වෙලාව තියෙන විදිහට තමා කතාව update කරන්නෙ. ගොඩක්ම මන් මේක ලියන්නෙ වෙනසකට එක්ක. Unfading Spring කලින් ඉවර වෙයි, ඊට පස්සෙ මේ කතාව දිගටම දෙන්නම්.

ඉතින් කාලයකට කලින් නිවලා දාන්න හදපු තහනම් හදවත් දෙකක ආදරය ආයෙත් දලු දාන හැටි බලමුද?

වියකුණු පොරොන්දුවක්, දිව්‍යමය තීරණයක් හා බැඳුණ මිනිස් ආත්මයක්...

අතීත ගිනි පුපුරු ගැටෙන නැවත ඉපදීමක්...

තහනම් ප්‍රේමයක ආත්මීය බැදීමක්...

More Chapters