WebNovels

Chapter 12 - 11

මට දැන් මලෙ මල.... හැරි කැන්දා උඹ.....උඹව මට ලැබුනොත් ආය අමබරයක් වගේ තමයි කිව්වා....

ඇයි යකො වමනෙ ගොඩක් හම්බුනා කියලා මොන ලබ්බද හම්බෙන්නෙ ඇත්තමයි මට එන තරහවට මුලු දකුනටම හමන්නල ගන්න හිතෙනවා.....ලගට ගිහින් බොහුකාපන් හැන්දො මං වමනෙ ගොඩක් නම් උඹ තනිකරම තැරිච්චි බෙට්ටක් කියලා දූවලා එන්ඩ හිතෙනවා...

ආය ඉතින් මං වසයි කිව්වනෙ... මටත් හොදට කුනුහර්ප පුලුවන් හොදද ඇයි මගුල...තරහා යනවනෙ අනෙ...

සුදු මහත්තයා ....මේ ලමයට මොනවා වෙලාද මන්දා...

මට මගෙ පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ අම්මෙ...තේ එකක් බිව්වෙ නෑ කියලා මැරෙන්නෙ නෑ....මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්ඩ දෙන්ඩ...මේ මිනිස්සුන්ගෙන් මට තියන කරදරේ ඇත්තමයි මට තරහා ගියොත් මං ගෙදරින් යනවා අම්මෙ යන්ඩ ඈ...අර ඉන්නෙ එන්ඩ කියලා දෙන්ඩකො...මට පොවන්ඩ හදන්නෙ..ඇත්තමයි හෙට උදේට ගල්වැටියෙන් මගෙ මලකද හම්බෙයි අම්මෙ ඕනාවට වඩා මාව ප්‍රෙශර් කරන් ආවොත්...

යන තැනක මේ තේ එක බීලා යනවා සුදු මහත්තයා ...ඔලුව හැරුන අතේ ගියාට පස්සෙ ආය බඩගිනී කියලා ගෙදර එන්ඩ බෑනෙ....

අනෙ ඇත්තමයි අම්මෙ ඔයාට මාව විහිලුවක්ද ඈ.....පේන්නෙ නැද්ද මට තරහා ගිහින් ඉන්නෙ.මට මගෙ පාඩුවෙ ජීවත් වෙන්ඩ දෙන්ඩ අම්මෙ...මං කිව්වනෙ....මට මගෙ පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ...ඕක ගිහින් ඔයාගෙ අර හැන්ද විතරක් නෙවෙ හැම තැනම දිග මල්ලිට ගිහින් දෙන්ඩ....

මේ ලමයට මොනවා වෙලාද මන්දා...පිස්සු දැන් නම්.....

තේ එකක් ඉල්ලලා ඊලග තත්පරෙම්ම මට ඕන තෙයක් නෑ කියපු මං ඔය තේ එක ඔයාගෙ ඔයාගෙ මල්ලිට දීගන්ඩ කියාගන පඩිය පඩියක් ගානෙ නැග්ගෙම ඇගේම බර කකුලට දාලා වෙනකොට මං බලාගන තේ එකත් අතේ තියාගන ඉනට එක අතක් තියාගන කටත් ඔහෙක් කරගන ඇසුත් මෙහෙක් කරගන අම්මා බලාගන ඉන්නවා....මට මොනවා වෙලාද මන්දා කිය කිය බනිනවා...ආයම යන තැනක මේක බීලා යන්ඩ ගගා මගෙ ලේ පුච්චනවා

ඔව්....ඔව්...පිස්සු...පිස්සු තමයි....මට පිස්සු....මට හොදටම පිස්සු.....වෙන දේවල් වෙන්ඩ තාම පටන් ගත්තෙ නෑ...අම්මට නම් මොකද අම්මව අප්පච්චි කවදාවත් වමනෙ ගොඩකට සමාන කරලා තියනවද.....නෑ අම්මට කොහෙ දුක දැනෙන්නද...

නගින පඩියක් පඩියක් ගානෙම පුකත් බරි කරගන නැගපු මං මට මගෙ පාඩුවෙ ඉන්ඩ දෙන්ඩ කියාගන අර ආවේගෙන්ම කාමරේට ආවත් මොකද මගෙ වම් කකුලෙ චූටි ඇගිල්ල දහ අට වංගුවෙ මැද හරියෙ තියන වංගුවක් වගේ වාමාවර්තව නැවිලා යන්ඩ හැප්පුන පාරත් එක්ක මගෙ ඔලුව වටේට තරු මන්දාකිනි කෝටියක් විතර වීසි වෙලා ගියා .....

.ට...හි....කිලා....අනෙ.... ...හ්හ්හ්

....ප...ප්....නෑ...නෑ...පප්පෙක් ඕන නෑ...පුතාට පුලුවන් මේ වේදනාව දරාගන්ඩ...ඔව්....නෙ...රත්තරනෙ...පුතාට පුලුවන් නෙ....හ්... ඔව්..පුතාට..හොදටම පුලුවන්...අනෙ....හ්....අම්ම.....හ්

මට කලිසමෙ චූ යන්ඩ තරම්.....කොහෙ වැදුනත් ඉවසුව හැකි මේ චූටි ඇගිල්ල ට මොකක් හරි උනොත් නම් අනේ අම්මෙ මං හිතන්නෙ නෑ සක්කරයට වත් ඉවසන්න පුලුවන් කියලා...ඒතරම් වේදනාවක්...

මං වැදුන කකුල උස්සගන ඇගිල්ල අල්ලගත්තා..අල්ලන් තනි කකුලෙන් ඇද ගාවට පැන පැන ආවා...හරියටම අපෙ සාගරිකා කොහෙ හරි අවලමක ගිහින් අන්ඩ කඩාගන ඒක උස්සන් කකුල් තුනෙන් එන්නා වගේ මං කකුලෙන් පැන පැන අර වේදනාවත් උහුලගන ඇදට පැන්නා විතරයි අනේ මොනරවිල පරම්පරාවට ඇහෙන්ඩ තරම් සද්දෙන් ඩෝන් ගෑවා...

හමන්....නන්ඩ ...දා..ලා....අනේ....අප්පච්චි .....හ්හ්...!!!

මගෙ ඔලුව.....!

කකුලෙ වේදනාව එහෙන්...අච්චර ආදරෙන් තුරුල් කරගන මාව රවටලා බොරු ආදරයක් පෙන්නලා මාව අසරන කරපුහැන්දගෙ වමනෙ කතා එහෙන්...ඒ ඔක්කොමත් එක්ක ඇදට වැටුන පාරට මගෙ ඔලුව ඇද වියලෙ වැදුනා මෙහෙක් වෙලා ගියපු ඇස් දෙක ටොයින්....ගාලා එලියට පැන්නා.....

මේක නම් වේදනාවක්...මේක නම් පුදුමාකාර වේදනාවක්...එක්කො මං මොකක් හරි බාරයක් ඔප්පු කරලා නෑ...එක්කො මං වෙනුවෙන් වෙන කවුරු හරි උන බාරයක් ඔප්පු කරලා නෑ..... නැත්තන් මේ විදිහට වෙන්නෙ ඇයි දෙයියනේ ...ඔව් මං අහන්නෙ වයි....???දෙයියනේ ආයු කිඩින් මී ඒයි....අනේ...අත්තම්මෙ...මොන දෙයියටද සුදු මහත්තා වෙනුවෙන් බාර ගැටගැහුවෙ...

මන් ඇදෙ පෙරලුනා...කොට්ටෙ කෑවා....කේශාන්තෙ ඉදන් පාදාන්තෙ දක්වා දැනෙන වේදනාවෙන් මට දැන් අතගාගන්න ඕන කොයි හරියෙද කියලා හිතාගන්න බෑ....මගෙ මුලු ලෝකෙම දෙදරනවා.....මෙහෙක් වෙලා ගියා මදිවට ටොයින් ගාලා එලියට පැනපු ඇස් දෙකත් නිකන් අන්දකාර වෙලා යනකොට මං මුනින් අතට හැරුනා...

දැන් මට අඩන්න ඕන...කුලුදුලේම පටන් ගත්ත ආදරෙ රැව්ටීමකින් කෙලවර වේගන එනවා....එහෙන් කකුල වැදුනා...ඔලුව වැදුනා...මේ ඔක්කොටම හේතුව කවුරු හරි ඔප්පු නොකරපු බාරයක් මගෙ පිටින් යනවා කියලා විතරක් හිතෙනකොට මට කාටත් වඩා අත්තම්මව මතක් උනා..අපෙ අප්පච්චි කියන්නා වගෙ මහ මොනරි....අත්තම්මා තමයි හැම එකටම වට්‍ටි උස්සන් දුවන්නෙ.....

තරහා ගියොත් මං ඉගන ගන්න එක පැත්තකින් දාල දේවාලක් දාගන්නවා...ඇයි යකො බොරුවක් කියාගන කොමඩු කෑල්ලක් කාගන ආතල් එකේ ඉන්ඩනෙ තියෙන්නෙ...මට බෑ මේ මගුල් පාඩම් කරන්න....නැත්තන් මාත් තෙප්පමක් අරන් මූදු යනවා මට බෑ ඔය බෝට්ටු කෙරුවාව කරන්ඩ ඒක පැද්දෙනකොට වමනෙ යන්ඩ එනවා.....තෙප්පමට නැගලා හබල් ගගා පාරු කවියක් වත් කියන්ඩ බැරියෑ...

ගලේ....යා.....න්ඩ බැරි මැනිකෙ.....ගල රත්...වෙනවා.....ආ...අ....ආහ්....!!

එක දුකකින් පටන් ගත්ත හිත් වේදනාව ටිකින් ටික වැඩිවෙන්න ගත්තා....හරියටම අමු තුවාලෙට වහපු කෝදුරුවා තව උන්ට ආරාදනා පත්‍ර යවලා තුවාලෙ දන්සලක් කරගන තව තව උන් කනකොට වේදනාව වැඩි වෙනවාවගේ මට දැන් වේදනාව එන්න එන්න වැඩිවෙනවා දැනුනා....

වේදනාවට ඇස් වලින් කදුලු එනවා...අනිත් පැත්තෙන් දැන් මට ඕනෙ බූට් සින්දුවක් දාගන අඩන්න...එක්කො අම්සො ලෝලි බ්‍රෝකැනෑන්ජල් දාගන අරාස් වගේ මාත් සවර් එක යට ඉදන් අඩනවා.....නැත්‍තන් මේ කදුලු යාලුවෙ...අහනවා.....ඒත් නැත්තන් බොරු ආදරයක් පෙන්නා ඔබ මා අසරජ කෙරුවා අහනවා....හිටපන් හැන්දා එන වෙලාව බලලා ගමටම ඇහෙන්ඩ අර හිත හදාගන්න බෑ....ඔබෙන් ලද දුක දරාගන්න බෑ සින්දුව දානවා.....

ගොබිල හැන්ද මට තල්මස් වමනෙ කිව්වා...හිටපන් මං මේකට වාඩුව ගන්නවා ස්පීකර් අයියෙ ...තරහ ගියොත් මං අප්පච්චිට කියනවා උඹ කැස්බෑවො අල්ලනවා කියලා ..ඇත්තට ඇල්ලුවෙ නැති උනත් මට මේ කරපු අපහසෙට නම් අපහස නඩුවක් හරි දානවා ස්පීකර් ...මෙ අමාකර ගැන එහෙම සුලුවෙන් හිතන්න එපා හොදෙ...

හෑහෑ....හ්...හැ..හ්...හැහ්....රිදෙනවා...හ්.....හ්හ්.....

මං ඇඩුවා...කොට්ටෙ හැපුවා....පුලුවන් තරම් හැන්දට බැන්නා.....බූට් සින්දුවක් අහන් කදුලු දියවෙනකන් අඩනවා කියල හිතුවා .....ඒත් මේ ඔක්කොටම හේතුව මොකක් හරි බාරයක් වෙන්නම ඇති කියලා හිතපු මං බූට්සින්දු අහ අහ නොකා නොබී අඩන එක මදකට පස්සට දාලා දෙදුරුම් කන ඔලුවත් අල්ලන් ඇදේ හාන්සි වෙලා දහ අට වංගුව වගෙ දෙකය නැවුන හිච්චි ඇගිල්ලත් අනිත් අතින් අත හෑවා...

ඇගිල්ල මන්දබුද්දික වෙලා වගේ.....

කෝ අත්තම්මා.....වෙලහට දේවලයක් ගානෙද දන්නෙ නෑ....නැත්තන් පන්සලක්...ඔහොම පින් කරන්න ගියොත් මෙයාට දෙන්ඩ දිව්‍ය විමාන හදන්ඩ වෙනවා...

ඇස්වලින් ආව කදුලුත් නාහෙන් ආව හොටුත් ටීශර්ට් කරෙන් පිහදත්ත මං අත්තම්මා කියලා තිබුන නම්බර් එකට කෝල් එකක් අරගන ඵෝන් එක කනේ තියාගන ජනේලෙන් එලිය බැලුවා..මාලු කරදරෙ එකා කාරෙට....කසිංජි සුවදත් දැන් දැනෙන්නෙ කක්කුසි ගද ගානට.....හිටපන් මං අර මාලු බකට් එකම බල්ලට දානවා...අපිට ඕන් නෑ උඹගෙ මාලු.....

"Hannadige &sons win stores"

ඕන් යනව...ඕන් යනවා...සැනසීමක් දෙන්නෙම නෑ මේ හැදි කාරයො.....ඇයි දෙයියනෙ මට මෙහෙම කරන්නෙ....

මට දැන් තවත් දුකයි...පටන් ගන්නත් කලින් සම්බන්දෙ කැඩෙන්න එනවා මදිවට බලන බලන තැන හැන්දො අරක් අරගන තිබුනා...කොහෙන් බැලුවත් හැන්දෙක්...මීට කලින් නම් ගෙදර තියන තේ හැන්ද දැක්කත් මගෙ බඩේ සාලයො සූඩයො පීනන්න ගත්තට මොකද දැන් නම් නම දකිනකොට දුකටම අර පීනපු සාලයන්ව ගැඹුරු තෙලේ දාල බදිනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා...

කොටින්ම කෑම පිරිය නැති වෙලා මගෙ ජීව්තේම නන්නත්තාර වෙලා යන්න ආවා...මාව අනාත වෙලා වගෙ හැහිමක් දැනුනා....සුදු චූටි ඔහෙ මගෙ නොදරුවා කියපු කටින්ම මට වමනෙ ගොඩ කිව්ව වේදනාවට මගෙ හදවත අනුරාධපුර පැත්තෙ වතුර නැතුව හිදිලා ගියපු වැව් බිමක් වගේ ඉරිතැලිලා වේලිලා ගියා.....කොටින්ම මගෙ බඩ බොකු පවා කඩන්න අමතක වෙලා වැලේම වේලිලා ගියපු නියන් වැටකොලු වගේ ඇකිලිලා ගියා.....

බූට් සින්දුවක් අහලා දුක තුනිවෙනකන් අඩලා අඩලා හිත හදාගන්න හැදුවත් මොකද මට වෙන්නෙම තවත් අඩන්න කාරනා එකතු වෙන එක වෙද්දි මන් අනිත් පැත්ත හැරුනා...හැරිලා අත්තම්මා ආන්ස්වර් කරනකන් බලාගන උන්නා...

හෙලෝ....සුදු මහත්තයා ...

හ්...හෙලෝ...අත්තම්මා...ඔහෙ...ඔ..ඔයා...ඔයා..ඔයා මොකද කරන්නෙ.....

(මගුල...වචනත් පැටලෙනවා...අපි නුවර මිනිස්සු....ඔහෙ මෙහෙ ගාන්නෙ නෑ....)

අත්තම්මට ඔහෙ ගාපු මං මගෙ ප්‍රින්ටින් මිස්ටේක් එක ඉක්මනට හදාගන ප්‍යා මොකද කරනෙ අහනකොට මං අහගන වලව්වෙ වැඩට ඉන්න මංන්ගො නැන්දා මොනවදො අහනවා.....

මන්ගො නැන්දගෙ දුව අංගො කුමාරි පැනල ගිහින් නැද්ද දන්නෙ නෑ...ඇයි අර සින්දුවකුත් තියෙන්නෙ..මන්ගො නැන්දගෙ දුව අංගො කුමාරි ගිය සුමානෙ පැනලා ගිහිල්ලා කියලා .....ඒ උනාට මේ දෝනියැන්දා නම් පැනලා ගියත් මංගො නැන්දා තරහා නැතිවෙයි...අපෙ අප්පච්චි කිව්වෙ උන්දැගෙ දෝනියැන්දා අම්මගෙ මලයෙක් එක්ක හාදකම් ඇති කරන් කියලා ..ආන් ඌලුනෙ ගයිඩ් වැඩේ කෙරුවෙත් අපෙ අප්පච්චි ලාට.....මං එක්කො අපෙ සමනලයව තියාගන්නවා...අපෙ එක්කෙනාට පසනව තියාගන්ඩ කියනවා....

නෑ නෑ...අපිට ඕන පසනෙක් නෑ.....මට ඕන ගයිඩෙකුත් නෑ...අපි අතර දැන් මොකුත් නෑනෙ...කොහොමත් අත්තම්මට කියන්න ඕන මට කටයුත්තක් කතා කරන්ඩ කියලා...අපෙ අප්පච්චි කිව්වනෙ කවුරු නැතත් අප්පච්චි හා කියනවා කියලා ...හිටපන්...මන් දුම්බරින් ගෑනියෙක් ගෙනල්ලා උඹට පේන්ඩම මං ඒකි එක්ක ගිහින් මූදේ නානවා...නිකන් නෙවෙ...බාල්දියෙන් ..බාල්දියෙන්....මගෙ මැනිකෙව මන් එහෙම ආවට ගියාට වතුරට දාන්නෙ නෑ....

සුදු මහත්තයා ....පුතේ...

අත්තම්මා මක්කැයි අත්තෙම්මෙ කොරන්නෙ....දවල් බත හදනද.....

නෑ මැනිකෙ....මේ දොදොලක් හැදිගානවා...

ම්ම්ම්..මොකක්...හැදි.....හැදි මොකක් කිව්වා අත්තම්මෙ...

දොදොලක් හැදිගානවා ලමයො....

මට මගෙ ඔලුව තව පාරක් ඇදෙ ගහගන්ඩ හිතුනා....කොහෙන් ගියත් හැදි කතාවක්...ඇයි ඇයි මෙහෙම....මං අර හැන්දව අමතක කරවන්ඩ හදනවා...මෙයාලා එකතුවෙලා මගෙ ඔලුවට හැන්දව ඔබන්ඩ හදනවා....ඇයි මෙහෙම.....

එක්කො අම්මා තකහනක් අත්තම්මට කේලම කියල අත්තම්මා මට කෝචෝක් කරනවා....ඒ නැත්තන් කොයි වෙලෙත් හැදි කතා කියලා මගෙ හිත සමාදාන කරවන්න හදනවා....

ඒ මොකටද මේ තකහනියෙ ඔව්වා කූරු ගාන්නෙ....ඔයාටත් නිකන් ඉන්න බෑනෙ....ස්වල්ප පු....පු...ස්වල්ප ශරීර වේදනාවක්ද ඔයාට තියෙන්නෙ....

.අනෙ ඇයි අප්පා මෙහෙම....ඇයි මෙහෙම...

මගෙ කට මෙහෙක් වෙලා ගියා ..ගත්ත තත්පරේම අත්තම්මට ඔහෙ කියපු මගෙ කටින් තව ටිකෙන් වෙන වෙන එව්වා පනිනවා....මොකෙක් හරි මට මිරිස් අඹරලදො...අනේ අප්පච්චි සුදු මහත්තයට මොකක් හරි මගුලක් වේගන එනව අප්පච්චි ....

ලෙඩ දුක් නම් මොනවද සුදු මහත්තයා ....ආන් අප්පච්චි කතා කරලා කිව්වෙ ටික දොහකට ඔහෙ එන්ඩ කියලා අම්මට බත් කටක් වත් කා ගන්ඩ බැරිව ඇතිනෙ.....ඕන් සීයත්තා හරි හරියට අඹ කඩනවා...සුදු මහත්තයා අඹරැල්ලා මාලුව කනවනෙ.....ඕන් ගහෙ පොලොස් ගැට හැදිලා වැලි වගේ...වරකා තියනවා.....දෙල් තියනවා මං හැදුවෙ මේ දෙල් අටුකොස් ටිකක් හදන් එන්ඩ....සුදු මහත්තයා කනවද.....

....ක්..කනවා අත්තම්මෙ....මොකො නොකන්නෙ.....සුදු මහත්තයා කනවනෙ අත්තම්මෙ...කානුවට නැතත් මට ගේන්ඩ අත්තම්මෙ....මං ඔක්කොම කාලා අත්තම්මවත් කන්නම්කො.....

අනෙ අත්තම්මෙ මේ අහපල්ලකො සීනි පේර ගහෙ ගෙඩි තියෙනවා නම් කඩන් එන්ඩකො.....ලිද ලගෙ ගහෙ ජම්බුත් ඇතිනේ....අපෙ අම්මටත් හොදයිනෙ...ලුනු කැටයක් ඔබාගන කන්ඩ.....නේ අත්තම්මෙ.....අනෙ අත්තම්මෙ ගෙනෙල්ලකො.....

ඕක නම් අම්මට නෙවෙ සුදු මහත්තයට ආව දොලදුකක්ද කොහෙද....අම්මට ජම්බු ගිලින්ඩ හොද යෑ.....මේන් ඇහෙනවද මංගො හාමි පොඩ් මැනිකෙට එන්ඩ ඕන දොලදුක ඇවිත් තියෙන්නෙ සුදු බේබිට...

මන් ඇදගත්තා....සීයත්තා මෙහෙ එන්ඩ අඹ කඩනවා කිව්ව ගමන් මං වෙඩිල්ල වගෙ ඉදගත්තා...අත්තම්මා එහෙන් අඹරැල්ල මාලුවක් ගැන අහනවා...ඒ අස්සෙන් දුක් වෙවී උන්න මගෙ කටට කෙල උනන්ඩ ගත්තා.....පොලොස් ගැටත් තියනවා කියන්නෙ අපෙ අප්පො.....ඔය ඔක්කොම ගේන්ඩ ලොරි බාගයක් ඕන වෙයි...ඇයි ඉතින් අත්තම්මා හනස්සෙ ඉදන් අරන් එනවනෙ..ලෙලිගහපු පොල්.....කොස් පොලොස්...දෙල්.....පලා වර්ග....ගඩා වර්ග ඒ විතරක්ද කැවිලි වර්ග.....කාට නැත්තන් මේ පාරත් අපෙ අප්පච්චි ට නම් දොලදුක ගහයි සහලවලම.....

මට තාම මතකයි කානුවා හම්බෙන්ඩ ඉන්නකොට අම්මට හම්බුන ඒවා බාගයක්ම කෑවෙ අප්පච්චි ...ඇයි අම්මා වමනෙ දානවනෙ...මටත් කැව්වා...

අත්තම්මා දෙල් අටුකොස් හදනවලු...වලව්ව කියන්නෙ එහෙම් පිටින්ම සුරපුරයක්නෙ....නැති දෙයක් නෑ...පොල් යාන්ගෙ..ගඩා යාන්ගෙ...කොහිල කොටුව...මයියොක්කා කොටුව...මෙහෙ වගෙ නෙවෙ.....අත්තම්මගෙ ගෙදර දර ලිපෙ මැටි වලන් වල ඉදෙන එලවලු තොගෙ.....දෙල්මාලුව ..අඹමාලුව...අලමාලුව....පලාමැල්ලුම.....සුවදැල් බත....ජාතිකීයක්ද....හැන්දගෙ ගෙදර වගේ නෙවෙ...හැන්දගෙ ඇතිලි දහයක් ඒදුවොත් දහයෙක මාලු....එලවලුවක් පේන්ඩ නෑ.....

අපි බලාගමුකො...හැන්දගෙ තල්මස් අත්තම්මද...අපෙ නුවර අත්තම්මද කියලා .ඇරත් අපෙ අත්තම්මා ඔහොම කුනුහර්ප පලන්නෙ නෑ....

සුදු මහත්තයා ....මා පුතා තකහනක් ගත්තෙ කාරනාවක්ද.....

දොදොල කූරු ගාන අත්තම්මා මං ගත්තවට හේතු කාරනා අහනවා....තත්පර ගානක් කටන්පියාගන උන්න මං දහසක් දේවල් හිතුවයින් පස්සෙ හුස්මක් අරගන අත්තම්මට කාරනාව කියන්ඩ හරි බරි ගැහුනා....

අත්තම්මෙ....ඔයා මං වෙනුවෙන් මොකක් හරි බාරයක් උනාද ....

බාරයක්....කාටද සුදු මහත්තයා .....මා පුතාලව ආරක්සා කොරලා දෙන්ඩයි කියලා ඉතින් මං නොවදින දෙයියක් නම් නෑ නොවෑ.....ඒත් ඉතින් ඔය කියන්නා වගේ බාරයක් නම් මට නිච්චි නෑ සුදුමහත්තයා ...මක්කයි මා පුතා හීනෙන් බය උනාද...

යෝ අත්තම්මෙ...ඔය බාර කෙරුවාව ඇති අනේ.....ඔයාට අමතක උන බාර හන්දා මට මෙහෙ අපල කාලෙ ලන්වෙලා...අනෙ අත්තම්මෙ කරදරමනෙ.....බලුකපුටු දානයක් වත් දෙන්ඩකො.....කොයි වෙලෙත් මගෙ හිතෙ කැක්කුම...ඕන් කියනකොටත් පපුව මැද ගුලියක් හිරවෙනවා...

නියපොත්තක් කකා උන්න මං අනිත් පාර නාහෙන් අඩන්න ගත්තා....රට වටටම දෙයියො වදිනවා කියපු අත්තම්මා නිච්චියක් නෑ කියනවත් එක්කම අර කිව්වත් වගේ මගෙ පපුව මැද ගුලියක් හිර වෙන්න ගත්තා...එක්කො මේක නම් මං විරහවෙන් ඉන්න හන්දා ඇතිවෙන වේදනා ගුලියක්.....මං අහගන අත්තම්මා තව තව මොනවදො කියනවා...

එහෙන් අම්මා කතා කරනවා.....

හැන්දට මං කැමති නෑ කිව්වොත් අනිවාර්යයෙන්ම හැන්දා අම්මගෙන් අහනවා...එහෙම උනොත් අම්මා එක පයින් හැන්දට හා කියනවා...

දැන්..මගෙ වේදනාව එන්ඩ එන්ඩම වැඩි වෙනකොට මං ඔය කොස් පොලොස් ඕන නෑ අත්තම්මෙ දැන් හරි වරෙන් කියලා ඵෝන් එක තියලා මූනින් අතට හැරිලා අඩන්න ගත්තා....

මගෙ හිත රිදෙනවා.....එහෙන් අම්මයි හැන්දයි හිනා වෙවී එහා මෙහා යනවා පේනවා....හැන්දා අම්මගෙ අතට සිප්පිකටු අහුරක් දෙනගමන් නහය පොඩ්ඩක් මිරිකලා අම්මටත් සීදේවි කියාගන අර වැල්ලෙ දුවනවා පේනවා...නිකන් නෙවෙ....කොටින්ම මට අම්මව කාජල් වගේ පේන්න අරන් හැන්දව ශාරුක්කාන් වගේ පේනවා...හැන්දා අර රැලි ගහනන වෙරලෙ ස්ලෝමෝශන් දුවනකොට අම්මත් සිප්පිකටු අහුර අහසට වීසි කරලා අත් දෙකත් දෙපැත්තට දිගෑරන් එකතැන කැරකෙනවා මැවෙන්න ගත්තා...

අම්මා කැරකෙනවා..එහෙන් හැන්දා ස්ලෝමෝශන් දුවනවා....අහසට වීසි කරපු සිප්පිකටු වල ගුරුත්වාකර්ශන බලෙ නැතිවෙලා එව්වත් වැටෙන්නෙ ගාට ගාට වෙනකොට අම්මගෙ මල් මල් ගවුම හුල්න් රැල්ලට ලෙලදෙනවා.....වෙරල කෙරවලක මායි අප්පච්චි කානුවයි වැලි කාගන අඩනවා...

අපෙ අප්පච්චි විහාරා.....ගාලා වැලි කනවා...හරියටම අකිලයා දම්සා....රී.....ගාලා වැලි කනවා වගෙ....

මේ මගුල හරියන්නෙ නෑ...මං උඹ එක්ක යාලුවෙන්නෙත් නෑ...වෙන එකෙක්ට උඹ එක්ක යාලුවෙන්න දෙන්නෙත් නෑ....ස්...ස්පී...කර්...අයි..යේ....

මං දැන් අඩනවා....විරහවෙ උපරිමේට ආව මට දැන් ඕන උනෙ කෑ ගහලා ඉකි ගහලා අඩාගන්න වෙනකොට මං අඩන්න ගැලපෙන සින්දුවක් හෙව්වා විතරයි බස් අජියා මනමාලයි පිනිකැට වැස්ස ගෑවා මගෙ කදුලු හිර උනා...

මේ මගුලට ඇඩෙන්නෙ නෑ...මට ඕන අඩන්න සින්දුවක් යකො....මේ තියෙන්නෙ...රැවටුන තරම් ඔබ හින්දා මං .....

සින්දුව ප්ලේ වෙනවා මං අඩනවා.....බර වචන ඇහෙන තැන් වල මං කොට්ටෙට ගගහා ඇඩුවා...

සුදු මහත්තයා .....

ඇ...ඇයි අනේ.....

මං ඉක්මනට මගෙ ඇස් පිහාගත්තා...අඩ අඩ ඉන්නකොටම අම්මා කතා කෙරුවට මට පුලුවන් ද ගෙදරට හොරෙන් බූට් කාපු එක අගවන්න.....

ඇයි...අනෙ...ඇයි...ඇයි කියන්ඩකො...කොයි වෙලෙත් සුදු මහත්තයා ගගා හොයන් එන්නෙ ඇයි...මොකද...මොනවද මගෙන් වෙන්ඩ ඕන...

මේ තේ එක ආ.....

මට ඕන තෙයක් නෑ අනෙ ඕක අරන් යන්ඩකො....(ඉහි...මට වතුර උගුරක් වත් දැන් බොන්ඩ බෑ.....වේදනාවට බඩ පපුව පිච්චෙන්ඩ එනවා...)

මේ පිටි දැම්මා...ආ..ආ...මේක බීලා මට මල්ලිගෙ උප්පැන්නෙ හොයලා දෙන්ඩ සුදු මහත්තයා .....

අයියො අනෙ මන් ගත්තෙ නෑ අප්පා....

ඉතින් ගත්තා කිව්වද....මං කිව්වෙ හොයලා දෙන්ඩ...කෝ ආ ..ආ...නැගිටින්ඩ...අම්මට උයන්ඩ වෙලා යනවා සිහත් ..අප්පච්චි එපා කිව්වට අම්ම හරි බත් එක දීලා එන්නම්...කෝ මේක බොන්ඩකො.....

මං මගෙ මූන හැංගුවා...අඩපු බව නොපෙනෙන්න පුලුවන් තරම් මගෙ මූන කොට්ටෙ අතුල්ලලා අතුල්ලා අම්මා දිහා හැරිලා බැලුවා.....

දෙන්ඩ...ඔයාලගෙන් හරි වදෙ අම්මෙ.....යෞවනයෙක්ට තනියෙන් ඉන්ඩ දෙන්නෙ නෑ...ඔක්කොටම මාව හොයන් එනවා...මං දැන් අවුරුදු දහ අටක පිරිමියෙක් අම්මෙ....මෙහෙම කරන්ඩ එපා....පුද්ගලිකත්වයක් තියනවනෙ....

.ඇත්තට....යෞවනයා අඩලා මොකද....මුනත් රතු වෙලා.....

ක්..කව්ද...පිස්සු...අඩන්න මට හේතු තියනවද....අනෙ අම්මෙ නිකන් නැති පද හදන් එන්න එපා

හ්ම්...හ්ම්...ඔය වයසයට අඩන්න නෙවෙ හිනා වෙන්ඩත් හේතු ඕන නෑ.....ඔය කියන්නෙ...රැවටුන තරම්...ඔබ....හින්දා මං ....දැන් කව්ද රැවටුනෙ කව්ද මගෙ සුදු මහත්තයව රැවැට්ටුවෙ...

මාව රවට්ටන්ඩ ඉන්නවනෙ බල්ලො.....අනෙ නිකන් සින්දුවලට මගෙ ජීවිතෙ පටලවලා නැති කතා හදන්න එපා අම්මෙ...අම්මලාගෙ කාලෙ තමයි ගස් ගල් ගානෙ අඩ අඩ දිව්වෙ...විකාර...ඔයාට මේ දවස් වල හෝමෝන එහා මෙහා වෙන හන්දා හැම දේම අනිත් අතට පේනවා....

හ්ම්...හ්ම්.....අනිත් අතට නම් පේනවා තමා....අඩලා නැත්තන් හා ඉතින්...වැල්වටාරම් කියන්නෙ ඇයි.....

මට මෙහෙ කිසි නිදහසක් නෑ අම්මෙ....ඇත්තමයි ...ඔයා උනත් තේරුම් ගන්න...මෙ කාලෙට එන යෞවන විපරියාස ගැන....මගෙ ඔලුව බරයි...හිත බරයි...අනික ඔයාටත් ඒ කාලෙ මේ වගේ ප්‍රශ්න ආව හන්දා වෙන්න ඇතිනෙ අප්පච්චි එක්කෙ ගියෙ.....

මං රවාගත්තා...රව රව අම්මා දුන්න කිරි තේ එක සුරුස්...සුරුස් ගගා ඉහලට අදිනකොට අම්මා මගෙ දිහා බලාගන ඉදල ඉදලා අනිත් පාර මගෙ ඇදෙන් ඉදගන්නවත් එක්කම මෙච්චර වෙලාම රැවටුන තරම් කිය කිය උන්න රුවනා යන්න ගිහින් සීදේවි මම නුඹෙ හැලයා සින්දුව පටන් ගත්තා විතරයි මන් ඵෝන් හැලයට හැල පේන්න කියලා ඵෝන් එකට ගැහුවා....

උඹ හැමනියන් සීදේවි...රෙද්ද....

දෙයියනෙ සුදු මහත්තයා ....!!මේ කොල්ලා....මේ....කොල්ලා....

.ආ...ආව්හ්...අම්..මෙ...ආව්හ්...අනෙ...කටට ගහන්නෙ....ඇයි...අම්මෙ...කටට....ගහන්...නෙ...ඇයි....ඇයි....අම්...මේ....කටට...ගහ...න්නෙ....

නැහැදිලා...කටට ගහන්ඩ නෙවෙ..ගිනිපෙරෙල්ලක් අරන් කට පුච්චනවා.....වරත්තු කතා...ඔව්වා තමයි අර මල්ලියි අරකයි ඔක්කොම පුරුදු වෙලා තියෙන්නෙ...මහ එකා හරියට හැදෙන්ඩ එපැයි පොඩි උන් හැදෙන්ඩ...ඕක බීලා ඉවර නම් ඇඩිල්ල නවත්තලා ගිහින් මල්ලිගෙ උප්පැන්නෙ හොයනවා....

මං කිව්වෙ මට මොකක් හරි කරුමයක් පඩිසන් දීලා....නැත්තන් මෙහෙම වෙදනාවක්....සීදේවිට හැමනියන් කියනවා එක්කම මට එහා පැත්තෙ උන්න අම්මා මගෙ කට මිරිකුවා...මිරිකුවා මදිවට මගෙ කටට ගැහුවා.....අර අඩන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් උන මම හිටු කියලා අඩන්න ගත්තා...

අම්මට කෑ ගගා අඩන ගත්තා...හොරාවට අඩ අඩ උන්න මන් දැන් අනිත් පැත්තට අරකෙ වාඩුව මේකෙන් අල්ල මගෙ දිහා රවාගන බලාගන උන්න අම්මා ගස්සගන යන දිහා බලාගන කියො කියො අඩන්න ගත්තා

ඔව්...ඔව්...මං ඉන්නෙ මේ ගෙදර වැඩකාරකම් කරන්නෙ...මං ඉන්නෙ එව්වා කරන්න.....මොනව හරි....උනොත්...සුදු මහත්තයා අරක...නෑ....සුදු මහත්තයා ....මේක....නෑ.....හැම....

එකටම...මං ....හැම...එකටම...මං....

කානුවා...මොනා කෙරුවත් කමක් නෑ.....ඌව තමයි හැමෝම ලොකු කරන් ඉන්නෙ.....මට...එහෙමද....හැමදේටම සුදු මහත්තයා .....මං නිකන් දැන් දාසයා වගේ...අරූ කරන හැම ජඩ වැඩේටම පලි මං ..හැබැයි ඌ හොද දෙයක් කෙරුවොත් ඒවා..... මොනරුන්ගෙන් ආව ඒවා...මගෙන් නෙවෙ....

මාත් මේ ගෙදරින් යන්න ගිය දාකට තේරෙයි....අනෙ අම්මෙ...කොයි පැත්තෙද කියන්ඩකො....ඇයි අනෙ මගෙන් මෙහෙම පලි ගන්නෙ...ඔයාලට තේරෙයි මන් මගෙ ඉහ හැරුන අත ගිය දාට ...අනෙ අම්මෙ...මේක නෑනෙ.....

...මං කියො කියො අරකගෙ උප්පැන්නෙ හෙව්වා....නෑ ගගා කෑ ගැහුවා...අවසානෙදි ෆයිල් ගොඩක් යට තිබුන උගෙ උප්පැන්නෙ හොයාගන හුස්මක් ගන්ඩ හම්බුන් නෑ අම්මා තව දාහක් ජාති හොයලා දෙන්ඩ කිව්වා....අප්පච්චි අරන් දුන්න ගවුම් රෙදි කෑල්ලක් නැති වෙලා ඒකත් හොයලා දෙන්ඩ කියනකොට මගෙ විරහ වේදනාවට නිදහසෙ දුක් වෙන්න වත් කාලයක් නැති වෙද්දි මන් දමාගන අල්මාරියෙ රෙදි කන්ද ඇද්දා...

අම්මෙ මොන පාටද රෙද්ද....

අම්මෙ.....මොන මල්ද තියෙන්නෙ...

අනෙ අම්මෙ...ඇයි අම්මෙ මට මෙහෙම වෙනස් කම් කරන්නෙ.....අරූටත් එන්ඩ කියන්ඩකො...ඌ ගම්මැද්දෙ යනවා මාවම මරව මරව වැඩ ගන්නවා...ඇත්තමයි මං ගිහින් අප්පච්චිලාගෙ පොතෙ ලියලා එනවා අම්මෙ.....

මං බෙරිහන්දුන්නා...මැරෙන්ඩ හැදුවා.....අම්මලාගෙ ඇද උඩ දාගන උන්න රෙදි කන්ද උඩ පෙරලුනා....මෙච්චර ඇදුම් තියාගන එයා තව ගවුම් රෙදි හොයනවා.....

එක්කො කානුවා හම්බෙන්ඩ ඉද්දි ඇදපු ගවුම් අදින්ඩ ඕන ..කොහෙ අදින්ඩද ඌව හම්බුන ගමන් අප්පච්චි ඒ ඇදුම් ඔය පැමිනිල්ලක් ලියන්ඩ ආව බඩදරු අම්මෙක්ට දීලා තිබ්බනෙ...

අනෙ අම්මෙ මේපාරින් පස්සෙ නම් ඔයා ළමයි හම්බකරගන්ඩ හදන්න එපා ඈ.....මාත් දැන් දීගයන වයසෙ.....මගෙ එක්කෙනත් මොනා කියයිද ඔයාලා ඔහොම ළමයි හම්බ කර කර ගියහම....අපිටත්‍ යන කලදසාවක් තියෙන්ඩ එපැයිනෙ....අනෙ අම්මෙ...මේ කහ මල් තියන එකද අනෙ....

ඇයි ලමයො සුදු රෙද්දෙ නිල් පාට මල් වැටුන එකක්....කී පාරක් කිව්වද...

ඔයා ආයම නිල් අදින්නෙ මොකද....අප්පච්චි කිව්වෙ අපිට කෙල්ලෙක් ගේනවා කියලා නේ ..අනෙ අම්මෙ...මට නම් ආය කානුවෙක් එපා...ඇත්තමයි මං වෙන ගෙදරක ගිහින් නවතිනවා.....මට යන්න තැන් නැතුව නෙවෙ...ආය නිල් මලක් ගානවා...ඔයා අදින්න ඕන රෝසනෙ ...

මං ආයම කෑගැහුවා...රෙදි ගොඩෙ උන්න මං නිල් මලක් හොය හොය මායන් වෙනකොට අපෙ කානුවගෙ චූටි කාලෙ පින්තූර දෙකකුත් ඒ අස්සෙ තිබුනා...

ම්හුක්...මුගෙ ලස්සන...කටේ දාගන්ඩ හිතෙනවා.....කව්ද දන්නෙ මූ ලොකු උනාම මෙහෙම ගස්තරයෙක් වෙයි කියලා ...මුගෙ ලස්සන....

හුරතල්..රෙදි ගොඩෙ පෙරලුන මං එහෙම්ම කානුවගෙ පින්තූරෙ දිහා බලාගන උන්නා....මූ චූටි කාලෙ අප්පච්චි මුගෙ කොන්ඩෙ කපන්න දුන්නෙ නෑ....ආසාවට ආදරේට ගවුමක් දෙකක් අන්දලා කොන්ඩ කුරුල්ලොත් ගැටගැහුවා....අම්මට ගේන විජ්ජුම්බර කොන්ඩ කටු මූටත් ගැහුවා....මං හිතන්නෙ අප්පච්චි නොකියා නොකියා උන්නට දෙවනි පාරත් කෙල්ලෙක් ගැන හිතන්න ඇති.එතකොට කොල්ලයි කෙල්ලයි පවුල සම්පූර්නයිනෙ....

පව්මූ...කොච්චර කාගත්තා උනත් මං කැමති නෑ මූට අම්මා අප්පච්චි ඇරුනම වෙන උන් අනම් මනම් කියනවට....වරෙන්කො කවුරු හරි කියාගන නංගි බබා ආවම සමනල්ට ආදරෙ නැතිවෙයි කියලා ...එලෝ එලෝ ගහන්නෙ ආය...ඇයි යකො මගෙ මල්ලිනෙ.....මං කැමති ද....

ඇයි යකො...එහෙම වෙනවද....මේ මූ හම්බුනා කියලා අප්පච්චි මට ආදරෙ අඩු කෙරුවද....පව්....මුතාම දන්න ලබ්බක් නෑ....පොඩි එකා...මාත් ඔය කියවන් ගියාට තව අවුරුදු දෙකයි මට විස්සයි..ඒත් මූ...මූට තාම හයයි ....

පව්...මූ තාම අම්මා කුක්කු හොයනවා.....මොනා උනත් මං එකක් දන්නවා අපෙ අම්මට නංගිටයි මූටයි දෙන්නටම කුක්කු දෙන්ඩ වෙනවා..ඇයි ඉතින් වයස දොලහා උනාට මාත් මුගෙ එව්වා බිව්වනෙ...

පව්...චූටියා මගෙ...අයියා ඔයාට බඩ්ඩක් අරන් දෙන්නම් උපන්දිනේට...

සුදු මහත්තයා ...හම්බ උනාද .....

යෝහ්....හුස්මක් කටක් වත් ගන්න දෙන්නකො අනෙ....හොයනවා හොයනවා...මේවා ලමා මෙහෙකාර සේවෙට වැටෙන නඩු අම්මෙ ඈ...

සමනලයගෙ පින්තූරෙට හාදුවක් තියපු මං ආයම රෙද්ද හොයන්න ගත්තා....මං ඇස් ඇරන් හෙව්වා..ඇස් වහන් හෙව්වා....බඩගාගන හෙව්වා...හොයන්ඩ පුලුවන් හැම තැනම ගවුම් රෙද්ද හෙව්වා....ඒත් මට හම්බුන ලබ්බක් නැතිවේගන එනකොට ආයම නමන්ඩ තියන රෙදි කන්ද දැකල මට ඇඩෙන්න වගේ එද්දි මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...

සුදු අයියද.....???නෑ....අප්පච්චි ...ඔව්..ඔය බොරු කාරයා මට ගනීද ....පොයියා....වෙලහට සරම ඔහෙක් ගහන් කාටහරි ඔහෙ ඔහෙ ගගා ඇති....බොරුවා....බොරුවෙ පියා ....රැවට්ටුව හැටි මාව....පොල්කටු හැන්දා..... ආව දෙන්කො හුජු චූටි ගාගන....මං පෙන්නනම් මොකාද හුජු චූටි කියලා...ඇයිවදෙ...අර පසනා කියන්නත් වගෙ මං හැන්දටත් හමන්නලා ගන්නවා..ආය මේ සිහත් සෝලංගආරච්චි කියන්නෙ නිකන් නෙවෙ...මොනරවිල පරම්පරාවෙ මුනුබුරා එහෙම පදිරි වෙයිද...වමනෙ ගොඩකට.....හිතෙ ඇති...අත්තම්මා දුම් අල්ලන මූන.....

පපුවෙ දැවිල්ලක් අල්ලන් ඒක විරහ වේදනාව කියලා හිතාගන සින්දුඅහ අහ වරුවක් ඇඩුවත් මොකද මං හෙව්වෙ එයාව....

මට උඹව එපාමයි හැන්දො ගගා නහින්ඩ හැදුවත් මොකද මගෙ හිතට බැරි උනා මගෙ අත් උඩ හැමදාමත් උඹ පරිස්සමින් සුදු චූටි කියපු එයාව එපා කියන්ඩ....

ඒත් අර ඔක්කොටම වඩා මොනරවිල මාන්නෙ වැඩි හන්දා මං ආයම හැන්දව එපාමයි කිය කිය මුනත් බෙරි කරන් අප්පච්චි ගෙ කෝල් එක ආන්ස්වර් කෙරුවා...

හෙලො අප්පච්චි ...

සුදු මහත්තයා කොල්ලා මොකද කරන්නෙ.....

.

අම්මගෙ රෙද්ද හොයනවා...

...අම්මගෙ රෙද්ද...ඉතින් උඹට හම්බුනාද??

අ..අ..අනෙ....අනෙ අ..අ... අප්පච්චි .....එහෙම රෙද්දක් නෙවෙ අප්පච්චි .....ඔයා අරන් දුන්න.....නිල් රෙදි වැටුන සුදු මල් එක..නෑ...නෑ...නිල් මල් වැටුන සුදු රෙද්ද....

මට ගොත ගැහුනා ...ඉතින් දෙයියනෙ ඇත්තනෙ ....මං හොයන්නෙ අම්මගෙ රෙද්දනෙ වෙන මොකවත් නෙවෙනෙ....

ඒත් බයටම මට ගොත ගැහිලා නියපොත්තකුත් නියමල එක්කම කැවිලා ගියා...

හා..හා...ඔය ඕන රෙද්දක් හොයලා දියන්කො...අප්පච්චිගෙත් නැති උන සරමක් තියනවා...

අ...ආ....?

සුදු මහත්තයා අප්පච්චි ගෙ ෆයිල් එකක් නැතිවෙලා...ගෙදර ගෙනාව එකක්...පොඩ්ඩක් බලපන්...අප්පච්චි ට මතක නෑ ගෙනාවද ..නැතිවෙලාද නැත්තන් අද කුසියෙ දාලා ඇවිත්ද කියලා ....කහපාට කවරෙ දාපු ෆයිල් එකක් .....

හ්...හා අප්පච්චි මං බලන්නම්.....

මගෙ මූන ඔහෙක් වෙලා ගියා...ඇයි දෙයියනෙ මගෙන්ම මෙහෙම පලි ගන්නෙ...මං ඉන්නෙ නැතිඋන මගුල් හොයන්ඩද....එහෙන් කානුවගෙ උප්පැන්නෙ ..එතන ඉදන් දැන් මං කීයක් ජාති හෙව්වද....උගෙ උප්පැන්නෙ හොයන්න ගිහින් මගෙ උප්පැන්නෙ නැති උනාද කොහෙද ....අම්මගෙ රෙද්ද....දැන් අප්පච්චි ගෙ ෆයිල් එක....

කෝල් එක කට් උනා....රෙදි කන්ද දිහා බලපු මං ඒකටත් ඇනගන සීනි කැට උස්සන් යනකොට කලු පුක බරි වෙන කලු කූඹියා වගේ මගෙත් පුක බරි කරගන ආයමත් චට බට ගගා අඩි ගගහා තරහවෙන්ම පහලට එනකොට මං බලාගන අම්මත් කට ඔහෙක් කරන් නහය මෙහෙක් කරන් මූනත් තවත් මොකක්ද කරන් කා එක්ක හරි කතාවක ඉන්නවා.....අවසානම පඩි දෙක බහින්න තව පඩි දෙක තුනයි...මං නෙවෙ ඉක්මං උනෙ...එහා පැත්තෙන් කතා කරන එකා මොකාද දන්නෙ නැති මගෙ හිත තව තව මගුල් දොඩවනකොට මං බිත්තිය දිගේ ඇලීගන පහලට ආවෙ මැද හරිය බයිසිකල් ටයර් එකකට චප්ප වෙලා ගියපු හැකරැල්ලෙක් ගානට වෙනකොට මෙච්චර වෙලාම ඵෝන් එකේ උන්න අම්මා අනිත් පාර ඵෝන් එක පැත්තකින් තියලා හොරගල් අහුල අහුල පහලට එන මා දිහා බැලුවා...

සුදු මහත්තයා....කුරුනෑගල කිරි අම්මා නැතිවෙලාලු...

අනෙ අම්මෙ මං ගත්තෙ නෑ අම්මෙ...මං දැක්කෙ නෑ...දැන් ඒපාර කියන්නෙ මට ඔය නැති උන කිරිඅම්මවත් හොයලා දෙන්ඩ කියලද මේ මොන මගුලක්ද අම්මෙ.....අම්මා රෙදි හොයන්ඩලු ...අප්පච්චි අනිත් පැත්තෙන් ෆයිල් හොයන්ඩලු...දැන් ආයම කිරි අම්මෙක් නැති වෙලාලු...මං දැක්කෙ නෑ අම්මෙ....මං දැක්කෙ නෑ...හ්හ්.....ආ...ව්හ්....ග් ....ගහන්නෙ.....ගහනවමයි වැඩේ.....

මං හූ තිබ්බා...අඩි පොලවෙ ගැහුවා...මං ගත්ත කිරි අම්මෙක් නෑ ගගා නැහි නැහි ගේ දෙවනත් කරනවත් එක්කම් පිට හරහා ගියපු පාරට මං ඇඹරීගන අම්මා දිහා බලන් උන්නා...මෙයාගෙ වස කම දැන් එන්න එන්නම වැඩි වෙනවා.....මේක පුදුම වසකමක් නෙ....

පාර කාපු මගෙ පිට මැද කසාගා එනකොට මං අම්මා දිහා බලාගන උන්නා.....බලාගන උන්න විතරක් නෙවෙ හිලෙන් උඩට එන වැල්ල පුරාවටම දුවන කෑමට ගන්න බැරි ගූ කක්කුට්ටා වගේ කකුල් දෙකත් හොකර බොකර කරන් වෙන මුල්ලකට ගිහින් අම්මා දිහා බලාගන රවාගන උන්නා...හරියටම නාවන්ඩ ගියහම අප්පච්චි ගෙන් ගුටි කන සාගරිකා වගේ....

උඹට මොකක්ද සුදු මහත්තයා වෙලා තියෙන්නෙ...මේ ලමයට මොලෙ නරක් වේගන එනවද මන්දා...කිරිඅම්මා නැති වෙලා කියන්නෙ මැරිලා ලමයො ..අන්ත්‍රා වෙලා....ඔය ලමයට පිස්සුද මං අහනෙ...මොලේ නරක් වේගන එනවා

ඔව්....නරක් වේගන එන්නෙ....මල බැදිලා...ඇයි අනේ මට ඔයාලා හුස්මක් වත්ගන්න දෙනවද . ඇත්තමයි අම්මෙ අප්පච්චි නැති තැන මමයි මේ ගෙදර පිරිමියා....ඔයා දන්නවනෙ මට අනකරන්න පුලුවන් ....

හන්ස්ස ගන්ඩද?

න්..නෑ එහෙම ඕන නෑ...ඔයා අප්පච්චිට හනස්ස ගන්නෙ නෑනෙ.....මට ඔයාගෙ රෙද්ද හම්බුනෙ නෑ . ...මට දැන් ඒක හොයන්ඩ වෙලා නෑ...අප්පච්චි ෆයිල් එකක් හොයන්ඩ කිව්වා....

හ්ම්...අම්මට පොල් ටිකක් ගාලා දෙනවද....

පොල්....??

බැරි නම් මේ හාල්මැස්සො වල ඔලුවත් කඩලා දෙනවද...

මං දැන් උන්නෙ බෑ කියාගන්ඩ බැරිව....ඇයි අප්පා හාල්මැස්සො කන්නෙ...අපෙ එක්කෙනා මාලු ගෙනාවනෙ...ඇරත් අච්චර ලොකු දැල්ලෙකුත් ගෙනාවෙ හාල්මැස්සො කන්නද....ආපො....නෑනෑ....අපිට ඕන දැල්ලෙක් නෑ...මට වමනෙ ගොඩක් කියපු මිනිහා...උඹගෙ මාලු කාලා බලු කතාත් අහන්ඩ....

අම්මෙ....

හ්ම්....

අර හතහා මාර දෙන්ඩ...

ඇයි...

ඇයි අහන්නෙ හැන්දට දෙන්ඩ...

සුදු මහත්තයම නේ කිව්වෙ ඒ මල්ලි සල්ලි එපා කිව්වා කියලා

එපා කිව්වා කියලා අපිත් බොක් ගාලා ඒ සල්ලි තියාගන හරියන්නෙ නෑනෙ අම්මෙ....ලැජ්ජා නැද්ද අනෙ පිනට කන්න...අප්පච්චි රස්සාවක් කරන්නෙ අනුන්ගෙන් පිනට කන්ඩද ...ඇරත් අප්පච්චි කිව්වා වගේ හැන්දා මෙතන පිනට ගිල්ලවලා මොනවා හරි උනොත් අප්පච්චි ට කියයි අයියෙ අපි දන්න අදුනන උන්නෙ කියලා ....ඔයා හොදටම දන්නවනෙ අප්පච්චි පගාකාරයෙක් නෙවෙ...ඇරත් අපි නුවර මිනිස්සු අම්මෙ...අම්මට ලැජ්ජා නැද්ද පිනට කන්න....අම්මා මැනිකෙක් නේද.. .අත්තම්මා අම්මට තාම කතා කරන්නෙ පොඩි මැනිකෙ කියලා.....එහෙම අම්මට ලැජ්ජ නැද්ද අම්මෙ පිනට කන්න...??අපෙ අත්තම්මලා නම්බුකාර මිනිස්සු..

මං මගෙ අතේ තිබුන වේලුන හාල් මැස්සගෙ ඔලුව කඩලා දාලා කඩපු ඔලුව පත්තර කොල කෑල්ල උඩට දැම්මත් ඇග කොටස අතෙ තියන් උන්නා..... ඒක බාජනේට නොදා අම්මට දෙස් තිය තිය ළඟ උන්න සාහිරකගෙ කටට තිබ්බා ...වෙන බල්ලො වගේ නෙවෙ....පොර දුන්න ගමං හව් හව් හාලා කන්නෙ නෑ...දොන්තෙට දොන්තෙට කන්නෙ.....දොන්ත බිබික්කම අතේ තිබුන හාල්මැස්සව ගත්තෙත් මං මෙක කෑවට කමක් නැද්ද අයියේ වගෙ බැල්මක් දාගන වෙනකොට මං බලාගන පලාමිටිය අතේ තියාගන උන්න අම්මා මගෙ දිහා බලාගන උන්නා....

එතකොට සුදු මහත්තයට ඔය වලව්වෙ මොනවා කියලද කතා කරන්නෙ....

සුදු බේබි....වෙන මොනා කියන්නද...

එතකොට ඔය කියන සුදු බේබිට පිනට ආප්ප කනකොට නුවර නම්බුව අමතක වෙන්න ඇති...

අනෙ ඇත්තමයි අම්මෙ මේ...

ඕක කඩපන් සුදු මහත්තයා ...අප්පච්චි ට කියන්න වෙනවා හෙට උදේට වත් යමුයි කියලා ...නොගිහින් බෑනෙ.....රෑ වෙනකන් ඉන්න බෑ අප්පච්චි ට මහන්සී..පව්....ඔයාලව ඉස්කෝලෙ නොයවත් බෑ....තනියෙන් දාලා යන්ඩ අප්පච්චි කැමති වෙන්නෙත් නෑ....මන්දා...බලමුකො අප්පච්චි ආවම...

මං මීක් නොගා ආයම හාල්මැස්සා කඩන්න ගත්‍තා...පලාමිටිය සුද්ද කරන අම්මා අපිව අරන් ගිහිල්ලත් බෑ....දාලා ගිහිනුත් බෑ කියනකොට මං තනියෙන් කල්පනා කරන්න ගත්තා....එක්කො කුරුනෑගල කිරි අම්මට තිබුනෙ ලබන සිකුරාදා මැරෙන්න...එහෙම උනා නම් ගේමක් නැතුව නයිටක් ඇදලා තිබ්බා...අපරාදෙ.....

ඒඑ උනාට මට නම් මේ ගෙදර තනියෙන් ඉන්න බැරි කමක් නෑ....කොත්තු මී පැකට් දෙකතුනක් අරන් දීලා කානුවවත් එක්ක ගියා නම් අම්මගෙ පුතාට තනියෙන් ඉන්න බැරි කමක් නෑ අම්මෙ...ඔවු...පුතාට බැරි කමක් නෑ...

ඉතින් එක්කො අද යන්කො.....අම්මා අප්පච්චි ට කියන්නකො....අද ඉරිදනෙ.....

අද කොහොමත් එන්නෙ නෑ සුදු මහත්තයා ...බලමුකො...බලමුකො.....අප්පච්චි නැතත් මන්වත් බස් එකේ ගිහින් එන්න...

හු....ම්...හුම්.....යවයි...යවයි දෝනිව මේන් කියලා බස් එකේ....

සිහත්....

ඉ...ඉතින් ඇත්තනෙ...අප්පච්චි ඔයාව යවනවද...නෑනෙ....බොරු කොමලෙ එපා අම්මෙ.....බොරු කොමලෙ එපා...යවයි කෑල්ලව මේන් කියලා .....

මං අම්මා දිහා බලාගන උන්නා.....බොරු කොමලෙ එපා ගානවත් එක්කම පලා තෝර තෝර උන්න අම්මගෙ මූනෙ හිනාවක් ඇදුනා.....මං හිතන්නෙ මං අප්පච්චි ගැන මතක් කරපු හන්දද කොහෙද...

සුදු මහත්තයගෙ අප්පච්චි අම්මට හුගක් ආදරෙයි ...ඒකට කියන්නෙ කොමලෙ කියලා නෙවෙ සුදු මහත්තයා පරිස්සම කියලා ....සුදු මහත්තයා තවම පොඩි...තේරෙයි පහු පහු වෙනකොට ..

.......

මිනිස්සුන්‍ට මොනවා තිබ්බත් වැඩක් නැ සිහත් ආදරෙයි රැකවරනෙයි නැත්තන්....සුදු මහත්තයා ගෙ අප්පච්චි අම්මට කොච්චර ආදරේද කියන්න දකිනවා...අම්මා අප්පච්චි ට කොච්චර ආදරේද කියන්න දකිනවා....ඔයාට ආදරේ කරන්න හිතුන දාක...කාගෙන් වත් නෙවෙ...අප්පච්චි අම්මට ආදරේ කරන විදිහ බලලා ඉගන ගන්න ...

මං අම්මා දිහා බලාගන උන්නා...අම්මගෙ ඇස් දිලිසනවා.....හරියටම මගෙ හැන්දයියගෙ ඇසුත් මාව දකිනකොට දිලිසනවා වගේ....අම්මා කියනව මට අප්පච්චි දිහා බලලා ආදරෙ කරන්න ඉගන ගන්න කියලා ..ඒත් මට ඕන අම්මා වගෙ ආදරේ කරන්න.....මට ඕන අප්පච්චි වගෙ කෙනෙක්ගෙන් ආදරෙ අරගන අම්මා වගේ ආදරයක් දෙන්න.....

නෑ...මට ඕන අම්මා අප්පච්චි ට ආදරේ කරනවා වගේ ආදරෙ කරන්න...මට ඕන අප්පච්චි වගේ ආදරෙ දෙන්න පුලුවන් කෙනෙක්ට අම්මා වගෙ ආදරෙ කරන්න.....අම්මා වගෙ අප්පච්චි එනකන් බලන් ඉන්න...ආව ගමං වෙන මොකුත්ම නාහා.....මහන්සිද අහලා තේ එකක් දෙන්න...මං ආස අම්මගෙ ඒ ආදරේට...වැල්වටාරම් කේලම් නැතිව අප්පච්චි ගෙ මුනට හිනාවක් විතරක් ගේන්න....වෙලාවකට අම්මා වගෙ කච පච ගාලා නාහෙන් අඩන්න....

හ්ම්....එහෙනම් ඉතින් අම්මගෙන් ඉගන ගන්න එකම මනුස්සයෙක්ට ක්‍රම දාහකට විතර ආදරෙ කරන්න...

අම්මා....

සුදු මහත්තයා දන්නවද ...මිනිස්සුන්‍ට පුලුවන් තවත් මිනිස්සු දාහකට විතර ක්‍රම දාහකට විතර ආදර්‍ර් කරන්න...ඒත් සුදු මහත්තයගෙ අම්මා....එකම මනුස්සයෙක්ට විතරක් ක්‍රම දාහකට විතර ආදරෙ කරනවා...ඒ අප්පච්චිට.....සුදු මහත්තයා ආදරේ කරන දවසක අම්මා වගේ ආදරෙ කරනවා නම්.....වෙන මොකුත් නැතුව ආදරේ විතරක් දෙන්න...මොකද දන්නවද...අප්පච්චි ගෙ සතුට හැමදාම තිබුනෙ අම්මා ගාව...අප්පච්චි ලගට ඇවිත් සුදු මහත්තයගෙ.....මල්ලිගෙ ඔලුව ඉම්බත්...අප්පච්චි ට ඔයාලව දුන්නෙ කව්ද....අම්මා...ඉතින් එහෙම බැලුවම අප්පච්චි ගෙ සතුට වැඩියෙම්ම තිබුනෙ අම්මා ගාව.....

මං ඔලුව වැනුවා...ඇත්ත....අප්පච්චිගෙ සතුට තිබුනෙ අම්මා ගාව.. ගෙට ගොඩවෙනකොටම අම්මගෙන් ළමයි දෙන්නා කෝ කියලා ඇහුවත් එන ඒමට අප්පච්චි කරන්නෙ අම්මව ඉඹින එක...

මං හාල්මැස්සො කැඩුවා....අම්මට වමනෙ යයි කියලා ළූනු කැපුවා.....කරන්න ඕන මොනවද කියන්නත් කලින් හැමදේම කරපු මං හාල්මැස්සො බැදුමෙ කරවෙන සුදුළූනු සුවදට ඉව කර කර අම්මා උයන දිහා බාලගන උන්නා...

එයා ඇවිල්ලද දන්නෙ නෑ.....

.තරහ වෙලා උන්නත් මට දැන් මතක් වෙනවා...වෙලාව බලනවා...ඵොන් එක පැත්තකින් තියනවා....ඒ අස්සෙන් සුසංගතා ආයමත් කානුවට කතා කරනවා.....අතරින් පතර මට කැතයා කිය කිය එක පාරම මූ කුනුහර්පයක් ප්ැලුවා...මට හීක් ගෑවුනා...අම්මා මගෙ දිහා බැලුවා.....

"සමනා....ල්....මගෙ සුදු පුතා....සමනා.....ල්....සුදු පුතා...සමනා...ල්...කෝ......අමාකරයො ....කැතයා....අමාකර...කැතයො...

හැමනියන්....හැමනියන්...හැමනියා.....න්න්න්න්න්...සුදු පුතා..සමනාල්...සීදේවි...හුත්තිගෙ පුතා..සාගරිකා.....කූ...කූ...පඩත්තර...බල්...ලා.....මගෙ...පඩත්තර.....බ....ල්ලා.....හැමනියා...න්....හමන්...නලා.....ගන්...ඩ.....හමන්...නල...ගන්ඩ..."

.

සුදු මහත්තයා මේ වැඩේ නම් හරියන්නෙ නෑ සුදු මහත්තයා ...චික්කෙ මේ කුරුල්ලා...සුසංගතා....අම්මා එන්ඩද ආ....ගුටි දෙන්නෙ ....කව්ද ඔය ජරා කතා උගන්නනෙ ....

.."කැතයා......අමාකරයා...කැතයා..."

ඒකනෙ අම්මෙ...මූ කොහෙන් ඉගනගනද මන්දා...අපිට මූ හන්දා නම්බු නැතුව ඉන්න වෙන්නෙ......මේ හැමොම දන්නවා අපි නුවර මිනිස්සු කියලා ....මේකා අපෙ සායම යවනවා අම්මෙ...පේනවද මූ හැම එකටම මාව අහුකරනවා.....අම්මා දන්නවනෙ මන් ඔය කුනුහර්ප කිය්න්නෙ නෑ කියලා ...ඒකට තමයි හුත්තො හැදියාව...අ...අනේ...අම්මෙ.....මං කියන්නෙ ඒකටනෙ අම්මෙ හැදියාව කියන්නෙ...මාත් මූ හන්දා නරක් වෙනව අම්මෙ....සුදු මහත්තයත් මූ හන්දා නරක් වෙනවා.....

මං පුලුවන් තරම් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ අරකට බැන්නා...ඕකගෙ කූඩුවට ලන් වෙලා බනින තරමක් බැන්නෙ මම උනත් අම්මා ඉස්සරහා එක දාගන්න ගියපු මටත් උනෙ හොරාට කලින් කෙහෙකන වැට පැනපු සීන් එකක් වෙනකොට මන් හොරා වගේ ඵෝන් එක ඔබන්න ගත්තා.....කෙලින්ම මං බුකියට ගියා....අම්මෙ....වෝල් එකෙන් එකයි චමරි අක්කා.....එහෙන් මගෙ සීනුවෙ ඉලක්කම් ගොඩයි....මොකාගෙන්ද දන්නෙ නෑ ඔය හැටි නොටිපිකේසන් .....

දෙයියනෙ හැන්දගෙන් ....හැන්දා වැඩ කරන එක පැත්තක දාලා මගෙ එකවුන්ට් එකට බැහැන් මක්කරනවද...ඇරත් මට වමනෙ ගොඩ කියලා දැන් මගල් නටනවද.....

මං මගෙ නියපොත්ත හපන්න ගත්තා...හැන්දා ඔක්කොම පරන පෝස්ට් උඩට ගන්නවා....

(😂)හුරතලේ මගෙ!

අනෙ අම්|මා... ප|ල්|ල....අපෙ අප්පච්චි ත් මේවා දකියි දැන්....මේ හැන්දට සන්නිය ගහලද මන්දා....

එහෙනම් ඔහෙ නාගන්ඩ..

ඒකට රියැක්ට් එකක් නෑ කමෙන්ට් එකක් විතරයි ....අනෙ ඇයි දෙයිහාමුදුරුවනෙ මං මෙව්වත් ශෙයා කෙරුවෙ ...හැන්දා මට නාගන්ඩ කියලා ....ඔව් කියනකන්නෙ මං බලන් උන්නෙ...

මං තවත් චුට්ටක් පහලට ගියා...

(😡)ඔහෙට මොන්ගල්ය?

ඔව් මට මොන්ගල් ඇයි අඩෙ...මෙව්වා විහිලුවට දාන පෝස්ට්නෙ.....හැන්දට පිස්සුද මේවා සිරා ගන්නෙ....හරියන්නෙ නෑ හැන්දව බ්ලොක් කරනවා කොහොමත් මට ඔය රැවටිලි කාරයන්ව අල්ලන්නෙ නෑ

(❤️)

තවත් නොටිපිකේසන් එකක් ආවා....තවත් එකක් ආවා....ඒඔක්කොම හැන්දගෙන් වෙද්දි මං හැන්දව බ්ලොක් කරලා ඵෝන් එකත් පැත්තක දාලා ආයමත් රවාගන ඉන්නවත් එක්කම ආයම ටි න් ගෑවා.....ආය මොන පඩත්තරයද....හමන්නලා ගන්ඩ ඇයි යකො....

අ..ප්...ප...ච්චි...

මං කටට අත තියාගත්තා .....වෙන කවුරුත් නෙවෙ ...මේ රාජකාරි කරන වෙලෙ මාවත් ටැග් කර කර පෝස්ට් ශෙයාර් කර්න්නෙ තේජක සෝලංගආරච්චි උන අප්පච්චි වෙද්දි අප්පච්චි ගෙ පෝස්ට් එක දැකපු මගෙ කට ඔහෙක් වෙලා ඇස් මෙහෙක් උනා...

මට පේන්නෙ අපෙ අප්පච්චිට සෝෆාවෙ නිදියන්නා ආස හිතිලා මදිවට බත් කාර්ඩ් එකත් කපාගන්න හිතිලද කොහෙද ...මෙව්වා දැක්කනම් මොනර කිකිලි අද ඔතනට ගිහින් ගහනවා ...

මෙව්වා මොනරවිල මැනිකෙ දැක්කොත් අප්පච්චි ට අද කොහොමත් කැදත් නැතිවෙනවා.... සේප් එකේ අපි ටැග් එක අයින් කරමු...අනෙ අප්පච්චි පුතාට ඔය තැන් තැන්වල නිදියන්ඩ බෑනෙ අප්පච්චි ....ඔවු....පුතාට බෑ නේන්නම්.... පුතා කොහෙ ගිහින් බුජියන්ඩද...අප්පච්චි ගෙ බෑනත් පුතාට අපහාස කරලා ඉන්නෙ...

අම්මා එහා මෙහා වෙනකන් බලන් උන්න මං අප්පච්චි ගෙ ටැග් එකත් අයින් කරලා හැන්දවත් බ්ලොක් කරලා හුස්මක් ගන්න හම්බුන් නෑ ගේට්ටුවට කවුරු හරි තඩිබාන සද්දයක් ඇහුනා...ඒකා තඩි බාන්නෙ නෑ ගේට්ටුව කන්ඩ හදනව....එක්කො හැන්දවත් ද.....???

මන් බ්ලොක් කරපු තරහටවත්ද???යකො ඒකත් මෙච්චර ඉක්මනට....වෙන්න බෑ....වෙන්න බෑ....එක්කො කංජියා වත්ද....දැල්ලව කපන් අරන් ඇවිත්ද.....

මගෙ හිත දැන් දාහක් කතා කියනවා...අරහෙන් අරකා ගේට්ටුව කන්ඩ හදනවා.....මෙහෙන් හොද්ද හැදි ගාන අම්ම මගෙ දිහාවත් කුසියෙන් එලියත් බලනවා....

සුදු මහත්තයා ඔය කව්ද බලන්ඩ ගේට්ටුව කන්ඩ හදනවා .... එකපාරක් දෙපාරක් තට්ටු කෙරුවම මදිද...කන්ඩ හදන්නෙ....

කානුවයි අර අනිකයිද දන්නෙ නෑ අම්මෙ....පොඩ්ඩක් ඉන්ඩ මං අද ඕකලාගෙ පිට පුපුරන්ඩ ගහනවා....බබෙක් හම්බෙන්ඩ ඉන්න මනුස්සයෙක්ට වත් සැනසීමක් නෑනෙ නේ අම්මෙ.....මොකටත් ඔය පොල්කටු හැන්ද දෙන්ඩකො අම්මෙ....අර පොඩි හැන්දටත් පුකෙ පලු දාන්ඩ දෙකක් දීලා ආවම ඕකගෙත් අර කියපු ස්වල්ප පුකේ අමාරුව හරියයි....

සුදු මහත්තයා ලමයිට ගහන්නෙ නෑ....ආ

මං එන්න ආවා...එහෙම කොහොමද ....අම්මා කියයි...මහ හැන්දා කරපු දේට මං අද කන්හැන්දගෙ ඉදම්ම පලිගන්නවා.....

අම්මා අතේ තිබුන පොල්කටු හැන්දත් උදුරගත්ත මං අඩියට දෙකට මිදුලට බැස්සා...

ආහා....මොකාද මොකාද ඔය ගේට්ටුව කන්ඩ හදන්නෙ...මේවල බඩදරු අම්මලා ඉන්නවා.....

මං කෑගැහුවා.....එකාකාරෙට එන මාලු කරච්චලෙ මැද මොකෙක් හරි යකෙක් උදාරයි කතාවෙ ලන්සි බැලුම් සින්දුව දාගන උන්නා...ඒ සද්දෙ කොයි තරම්ද කියනව නම් බෆල් වල පීකර් දැල් ගැලවෙන්න ආවා...ගෙට්ටු තහඩු පවා දෙදුරුම් කෑවා...

ලන්සි බැලුම් පස්සෙන් එන ජිගිරි බිල්ලියා...!!

කන් අඩි පුපුරන්න එන සින්දු කරදරෙ ඉවසන්න බැරි තැන මං එක අතකින් කනක් වහන් ගිහින් ගේට්ටු පියන ඇරලා සර්වාංගෙ විතරක් වත්තෙ තියලා පාලම් කොකා වගේ බෙල්ල එලියට දැම්මා....

ටමහිකිලා....පියාජියො ත්‍රීවිල් එකක්...තනිකරම දම්‍ රැජින වගෙ ...ටින් බෙලෙක්ක රෑනයි...ඊටත් ලුමිනස් රෝසපාටට ඇස් නිලංකාර වෙලා අලංකාර වෙලා යනවා....අර ජිගිරි බිල්ලියා දාලා තිබුනෙ මේ දම් රැජිනගෙ!!

බුදුසරනයි දෙවි පිහිටයි...

"සුකුමල් ඉදි ආප්ප කමු"

මගෙ ඇස් හිනි උනා....දෙයියන්ට ඔප්පු වෙන්ඩ මේක ත්‍රීවිල් එකක් නෙවෙ යකො තනිකරම දැන්වීම් පුවරුවක් වගේ...දෙපැත්තෙන් වැක්කෙරෙන ප්ලාස්ටික් මිදි වැල් එක්ක රෙකෝඩ් බාර් එකක් හා සමාන දම් රැජිනව දැකලා මට කලන්තෙට එනවත් එක්කම ැස් කඩාගන යන තැඹිලි පාට සරමක් ඇදන් බොබ්මාලිගෙ තීම් එකෙන් මහපු ආර්ම් කට් එකක් ඇදපු එකෙක් ත්‍රීවිල් එකෙන් එලියට බැස්සා....

කොකා වගේ බෙල්ල දික් කරන් උන්න මාව සාවාලයා වගේ තවත් චුට්ටක් එලියට ලෙස්සුනා...අරූගෙ සෙප්පඩවිජ්ජා සර්වාංගෙ දැකපු මට මූ.මොන ජාතියෙ එකෙක්ද හොයාගන්න බැරි උනා....අත් දෙකෙන් එකයි එයාටෙල් එකෙ රබර් පටි....මගෙ කට තනිකරම ඇදේ ගියපු පතාමැඩියගෙ වගේ ...තද තැඹිලි සර්මක් ඇදන් උන්න් මදිවට මූ ඔලුවට බොබ්මාලි අයිස් කැපකුත් බස්සන් උන්නා...මේකගෙ බෙල්ල පංචිකාවත්තෙ එකෙක් දැක්කොත් ගලවන් යනවා.... යකඩ දම්වැල් විමානයයි ..බලු දැම්වැල් විමානයයි.....ත්‍රයිලෝකවිජේ පත්‍ර අහුරයි....වහින වෙලාවක එලියට ගියොත් මූට අකුනු ගහන්නෙ එලෝ එලෝ....ඇරත් හරකෙක් හපයක් කනවා වගේ කටේ තිබ්බ බබල්ගම් එක....මූ තනිකරම අව්වට දිලිසෙන වෙල්ල සූඩයෙක් වගේ.....

බොසා මොකො වෙන්නෙ....?ඕඅයිසි කෑල්ලගෙ මහ එකානෙ ...??

(ස්වේන් කල්ප උදාන්ත ලියනගෙ)

ම්..මහ එකා නෙවෙ....ල්..ලොකු පුතා...

කාරි නෑ මොකා උනත්....ඔහෙට මහ එකා කිව්වත් ලොකු එකා කිව්වත් එකයිනෙ ආය.....කොස්තාපල් ගෙ මහ එකා .....ස්වේන් කියන්ඩත් පුලුවන් ....කල්ප කියන්ඩත් පුලුවන් ....උදාන්ත කියන්ඩත් පුලුවන් ....ඔහෙට ඇහැක් එකක්....ඕනා නම් කිරියා කියන්ඩත් පුලුවන් ...මේ ඒරියා එකේ කිරියා කව්ද ඇහුවොත් ඒ මං තමා.....

අ..ආ ඔයාද කොස්තාපල් අංකල්ගෙ පුතා....

එහෙමයි.....සුකුමලා වර එලියට...මූ පොඩි බුවෙක්...

මගෙ කට දනිස්සට ආවා.....අරූගෙ බාසාව තනිකරම ගහගන්ඩ නෙවෙ මරාගන්ඩ වගේ වෙද්දි අප්පච්චි කියපු කොස්තාපල් අංකලයගෙ පුතා අපෙ අප්පච්චි ට බයක් හැකක් නැතුව ඕඅයිසී කෑල්ල කියනකොට මට මූට වැලි අහුරක් අරන් මූනටම කෙලින්ඩ හිතුනා...ඇයි යකො මූට මොක වෙලාද අපෙ අප්පච්චි ට කෑල්ල කියන්නෙ...අනික මූ මට පොඩි බුවෙක් කියන්නෙ..අනේ ඇත්තමයි වත්තෙ මුල්ලට ඇදන් ගිහින් මං මූ එක්ක හැමනෙනවා ඇයි වදෙ...පොඩි බුවෙක් කියන්නෙ යකො මගෙ කොහෙද පොඩි..ඇරත් මූයි මායි එක වයසෙනෙ....කිරියා නෙවෙ අනේ මූ කැරියා!

එ ඒ උනාට කල්පයියෙ...අ..ආ...න්..නෑ...ඔයා අපෙ වයසෙ නෙ.....

අවුරුද්දක් වැඩිමල්....අවුලක් නෑ...පයියෙ ගන්නෙ නැතුව කල්පයා කියපන්..මේ පොඩි http ත් පාරෙ යනකොට කල්පයියෙ කල්පයියේ ගානවා පුක හපන් මැරෙන්ඩ හිතෙනවා...කිරියා කියහන් බොසා.....

එ..එහෙම හොද නෑනෙ කල්ප...අපි නුවර මිනිස්සු.....එහෙම නම් පටබදින්නෙ නෑ.....වැදගත් විදිහට හැදුන අයනෙ....එක්කො මං ස්වේන් අයියෙ කියන්ඩද...

අමොර්...අමොර්....මද්දුමබන්ඩාර කෙනෙක්.....ඕන පුකක් ප්‍රීති හෙටක්!ඔහෙහෙ මනාපෙ...කල්පයියෙ නොගා ඕන එකක්...

සුකුමලා වරකො බල.....කොටහලු වෙලාද....මේ නුවර නිලමෙ බලන් ඉන්නවා....

මං මගෙ කකුල් දෙක අඹරගත්තා...අරු මට මද්දුමබන්ඩාර කියනකොට මට මූට මද්දුම පේන්ඩ ඇදගන ගිහින් නුවර වැවේ ඔබන්ඩ හිතුනා.....

තවත් එකෙක් ඉන්නවා...අරූ නිලමෙ බලන් ඉන්නවා කිව්වා විතරයි අර ලුමිනස් පාට ත්‍රීවිල් එකෙන් තවත් හුරුල්ලෙක් එලියට බැස්සා...ඔක්කොම හොදයි මුන් යකො සරම් වලට දාන්නෙත් අර ගූචි සෙරෙප්පුනෙ.....අරූ තැබිලි පාට මූ ඇස් කඩන් යන කොලපාට...මුන් දෙන්නව එකට තිබ්බම එලිපන්ට් හවුස් ෆෘට් ඇන්ඩ් නට් වගේ....අරකගෙම ඵොටො කොපිය....ජය ශ්‍රී කියලා ලියවුන යකඩ පෙන්ඩන්ට් එක එක්ක යකඩ මාල කෝටියයි....අතෙන් එකයි රස්තා බීට් ඔබපු පටි.....ඇගිලි දහයෙම මුදු මදිවට මුගෙ අතෙන් එකයි පච්ච....අනික ත්‍රීවිල් එකෙ ගහල තියෙන්නෙත් සුකුමල් ඉදිආප්ප කමු කියලා ...

ඉතින් තෝ කාකො අපිට කියන්නෙ....මුගෙ මූනත් ඉදි ආප්ප වංගෙඩිය වගේමයි...

බොසා...මොකො වෙන්නෙ...කාල බීලද...සුකුමල්...මං සුකුමල් යාපා....

ඔ..ඔව්....උදේට කාලා...

ඌ සුකුමල් ලු...නිකන් නෙවේ ඒකත් කිව්වෙ.....බොන්ඩ්....ජේම්ස් බොන්ඩ් කියනවා වගේ....අනෙ මටත් තිබ්බෙ ඩෝර්....ලැබ්බර ඩෝර් කියන්ඩ....

සූකුමලා මගෙන් අහනවා කාලා බීලද කියලා....ඒකත් ඌ ඇහුව තාලෙ....වචන කඩ කඩ...අමුතු තාලෙකට.....මගෙ මතකෙ හරියටම හරි නම් මුන් දෙන්නම එදා අපෙ එක්කෙනා එක්ක කාවඩි නැටුවා....අපි මිරිකුවොත් පොල් වලත් කුක්කු නෑ කියලා ලියන් උන්නෙ මුන් දෙන්නා.....ඉදකින් අනේ මහ වනචරයි.....

(සුකුමල් යාපා පටබැදිගෙ)

සුදු මහත්තයා කව්ද ඔය.....

අරුන් දෙන්නා දිහා කටත් ඇරන් නියන් කාක්කා වගේ බලාගන උන්න මං උන්නෙ මුන්ට ගෙට එන්ඩ කියනවද නැද්ද හිත හිත වෙනකොට කව්ද ආවෙ බලන්ඩ ආව මම තාම නාව හන්දද කොහෙද අම්මා එලියට බැහැලා කව්ද ඔය කියලා කෑගහනවත් එක්කම අර සුකුමලා මගෙ බෙල්ලෙන් අල්ලා පැත්තකට තල්ලු කෙරුවා...

හරියටම මං නිකන් විකුනගන්ඩත් බැරි...ආපිට මූදට දාලා තෙරුමකුත් නැති අලගුඩුවා වගේ වීසි වෙලා යනවත් එක්කම අරුන් දෙන්නම අවසර නැතුවම ගේට්ටුවෙන් ඇතුලට එනවත් එක්කම සුකුමලා අපෙ අම්ම..දිහා බලාගන උන්නා....

ටම හිකිලා...හදක් වහන්න පුලුවන් තරුවෙන්..ඔරුවක් පදින්න්න් පුලුවන් හබලෙන්....දවසක් මම එද්දි වරුවෙන් එයා තව කෙනෙක් එක්ක හෙලුවෙන් !!!අක්කා පහර....

මාව ගිනිගන්ඩ වගේ....මට සුකුමලාට උගෙ මල් වීසිවෙන්ඩ ගහන්ඩ හිතුනා...ඇයි යකො මුන් අපෙ අම්මට ඉන්ඩ දෙන්නෙම නෑනෙ....එකෙක් අක්කලු.....තව එකෙක් නංගිලු දැන් මූ අක්ක පහරලු....හිටපිය මං අද අක්කගෙ පහර පෙන්නනම්...

සුකුමල් ඒ අපෙ අම්මා.....පහරක් නෙවෙ....එයාට බබෙක් හම්බෙන්ඩ ඉන්නෙ.....අනම් මනම් කියන්ඩ එපා....මං කිව්වනෙ....අපි නුවර මිනිස්සු.....අපෙ අම්මා මැනිකෙක් ඔහොම නොහොබිනා කතා කියන්නෙ නෑ අපි...

ඔහෙට පිස්සුය.....මේ මූන බලන් ඇන්ටි කියන්ඩ පුලුවන්ය....පිස්සුවක් ඇතෑ ආය...ඒ හොද වැඩෙ....ආයිසීයා අල්ලා තියෙන්නෙ දියකිදුරියෙක්නෙ...කිරියා බලකො අක්කා පහර.....

අනේ යාපයියෙ ඔයා ඕවට නම් එන්ඩ එපා ඈ.....මං සැරයක් කිව්වනෙ...මෙයා අපෙ අම්මා....ඔයාලට නැන්දා වෙන්නෙ....අපි නුවර.....භ්භ්....

මේන් මූව පැත්තකට කරකො කිරියා...ආව වෙලේ ඉදන් නුවර පිත්තමක් කියනවා.....කැරිම තේජසක් මූ විද්‍යාමාන කරන්නෙ.....කද සුරිදුගෙ පිහිටෙන් හොද කදක් තියන එකක් සෙට් කරන්න කියලා එලියට බැස්ස විතරයි ....

ඔය අක්කට ජපන් පුලුවන්ද....? අනත වා නමෙයිවා නන් දෙස්කා හජිබි මශ්තෙ දොශෙ යුරේශූ ඔනගයිශිමස්

ඕකෙකුදසායි ඔකගෙකුදසායි දෝශෙ කුචිරා...

මාව ගිනි ගන්නව....අරුන් දෙන්නා අපේ අම්මා දිහාබලාගන මගුල් කියවනකොට මාව රත් වෙන්න ආවා...එකෙක් කියනවා කදසුරිදුගෙ පිහිටෙන් හොද කදක් සෙට් වෙන්ඩ ඕනෙ කියලා ....අනික අපෙ අම්මගෙන් ජපන් පුලුවන්ද අහනකොට මන් බලාගන තේජකගෙ දෝනිඇන්දත් ඇස් හීනි කරන් හිනා වෙනවා...අවසානෙදි අරූගෙ අර ජපන් වැල් වටාරම අහන් ඉදලා අහන් ඉදලා අපෙ අම්මත් දුන්නා සික්සර් එකක් මට කොහොමත් කැද නෑ....

අරිගතො ගොසයිමස්!

ට....ම...සිරි...කදක් සෙවූ විට ඇදක් හමුවෙ.....සදක් සෙවූ විට කැදත් නැතිවෙ....ඔහෙට ජපන් පුලුවන්...සුකුමලා .....මෙයැයිට පුලුවන් ...අක්ක පහර.....ආන් ඔහෙගෙ පුරුස රත්නෙ කිව්වා දාලා ගිය මොකක්ද තියෙ කියාල මෙහෙ යනෝ නම් අරන් එන්ඩයි කියල...දෙනවයි.....

තේ එකක් වත් බොන්ඩ ඇතුලට එනවද....

ආ.....තේ නම් මොනවද ආය...දවසක එන්නම්කො බත් කටක් කාල යන්ඩ...මේ බුවානෙ මගෙ වයසෙ...ඔහෙ මොකේද...කලාවෙද...ඉංජිනේරු පට්ටමේද...දොස්තරද...බැන්කුකාරයෙක්ද.....

ක්...කලාවෙ....

එලම...

බොසා අක්කට අරක අරන් එන්ඩයි කියනවයි...මුගෙ ඕඩරේකට යනගමන් ආවෙ...ඔහෙලගෙ අම්මට හිච්චෙක් හම්බෙන්ඩයි කිව්වා....

මං බලාගන උන්නා....අරූ මගෙන් මොන සෙක්ශන් එකේද ඉන්නෙ අහලා අවසානෙදි අපෙ අම්මට බබෙක් හම්බෙන්ඩ නේද ඉන්නෙ අහනකොට මන් ඔලුව වැනුවා ඒ එක්කම අම්මා එලියට ආවා...අර කියපු ෆයිල් එකත් අරගනම....

මේකද පුතෙ.....

අන්න...රයිට්...මේක....අක්කෙ ඔහෙට හිච්චෙක් එන්ඩයි....

ඔව්.....

හත්තුක්කෙ...මෙයැයි කිව්වමනෙ දන්නෙ...එලම එලම....හවහට අපි අර කොටහලුවක් පත්තු උන අහ යනො....ඒ එනගමන් ඔහෙට ඉදිආප්ප මුලක් අරන් එනෝ හරිය.....ලුනිජ්ජ කවලම් කරාපු සම්බෝලෙ එක්ක ඉදිආප්පයි මාලු හොද්දයි.....ඉස්ම යන්ඩ කත හැකි ආය....!!

 ____________________

සුදු මහත්තයා සිහත්....ඇයි ලමයො අර බත් එක බෙදල දැන් කීයෙ ඉදන්ද මං කතා කරන්නෙ....එකෙක් උදේ ගියා ගියාමයි තාම නෑ...මල්ලි එක්කන් ඇවිත් කන්ඩකො අම්මට නාගන්ඩ....

මට ඕන බතක් නෑ...

සිහත්!!

ඇයි මොකද...ඔයා හදන්නෙ දැන් කාගෙත් අක්කා වෙන්ඩ.....ඔහෙ දන්නවද මගෙ හිතෙ තියන වේදනාව....

ඔහෙ....??

ඔ...ඔයා...ඔයා.....තරහා ගියහම ගුරුන්ටත් අකුරු වරදිනවා අම්මෙ...ඔයා මෙ කරන වැඩෙන් වෙන්නෙ මටයි කානුවටයි වැඩි කල් නොයා අනාත වෙන්ඩ...ඇයි අම්මෙ ඔයා ඔච්චර ලස්සන උනෙ...මේක මහ කරදරයක්නෙ....

පිස්සු නැතුව එන්ඩ සුදුමහත්තයා ...අව්වෙ කර වෙවි මායන් වෙන්නෙ කීයෙ ඉදන්ද...මේ ලමයගෙ මොලෙ කර වෙනව

ඔව්...ඔව්...ඔය කර උන දෙන්...ඔයාට මොකද....මන් දැන් කිව්වනෙ...මට ඕන බතක් නෑ...

ඕන එකක්....මට වදින්න බෑ ඔය හැටි...ඔය පනින මූදක කාලා පනින එකයි....

මං උන්නෙ රවාගන...වෙලාව එකත් පහුවෙලා....අරුන් දෙන්නා ගියාවිතරයි මං මොනරිට විරුද්දව යුද්දෙ ප්‍රකාශ කෙරුවා.....ඒ විතරක් නෙවෙ.අරුන් දෙන්නව එලියට දාලා ගේට්ටුව වහන්න යනකොට මං මගෙ හැන්දවත් දැක්කා....ඒත් මං නෙවෙ ගනන් ගත්තෙ...මගෙ දිහා බලන් හින උන මනුස්සයගෙ මුනටම මං ගේට්ටුව වහලා ඇතුලට ආවා....

ආව තව හිනා වෙන්න...මොකටද දන්නෙ නෑ....කමක් නෑ...මං දැන් බ්ලොක් කරලත් ඉවරනෙ....ආය මන් නම් බලයි ඔය හැන්දගෙ මූනක්වත්...

මං කුටු කුටු ගෑවා...පුලුවන් තරම් බැන්නා.....අව්වෙ කර වෙවි මිදුල පුරාවටම මායන් උනා.....ඔය කොච්චර කෙරුවත් හැන්දගෙ නම ලියෞන ලොරිය යනකොට මං කරපු එකම දේත් ඇස් කරකව කරකව තාප්පෙ එල්ලීගන බලන් උන්න එක වෙනකොට ගම්මැද්දෙ ගියපු කානුවත් තවම නැතිකොට මාත් බැන බැන අව්වෙ කරවෙන හැටි දැකපු අම්මා.බැරිම තැන නාගන්ඩ ගියා...මං අහගන සුසංගතා පරයා උගෙ කූඩුවෙ තිබුන ඔන්චිල්ලාවෙ නැගන් පැද්දි පැද්දි සින්දු කියනවා...කුනුහර්ප කියනවා.....කියන්ඩ ඕන මොනාද එපා මොනාද නෑ ඔක්කොම කියනවා....

"ආඅ..ආ...ජිගිරි බිල්ලියා....ආ..ආ...ජිගිරි....බිල්ලිආ.....ආ අමාකරයො...අව්වෙ වේලෙන්නෙ ඇයි ලමයො...ස්වල්ප පුකෙ අමාරුවක්ද....සමනාල්.....සුදු පුතා මගෙ...සමනා.....ල්.....ජරාව බොන්ඩ එපා තේජ.....ක්....නිකන් ඉන්ඩ අනේ....පසනා.....පසනා....කෝ....මේ පසනා...ටහි....කිලා...පසනා.....අමාකරයො....කැතයො...ලයිලිලයි...ලයි....ආ..ආ.....අක්කා පහර..."

මට මුගෙ බිජ්ජ කපන්ඩ ඇති නම්.....අක්කා පහර මං තොට පෙන්නවා හොද අක්කා පහරක් .....

ගේට්ටුව ගාව ඉදන් අව්වෙ කර වෙවි උන්න මං අම්මාඑක්ක රන්ඩු කරලා.අපිට උදුරගත්ත සල්ලි එකත් අතේ උන්ඩි කරන් මන් පාර දිහා බලාගන උන්නා...

මාලු කරදරේ අහවරයි....සාමහරක් මාලු ලෑලි හෝදනවා....ඔක්කොම අහවර නැති උනත් අතරින් පතර වෙලෙන්දො උන්නා....වාහන ආවා...පෙට්ටි වලට දදා අයිස් ගැහුවා.....ටිකෙන් ටික ආයමත් පුටකේට කර වෙන මහපාර පාලුවට යනවත් එක්කම මාලු පිලිහිඩි කුයිලෙ විතරක් මේ හතර දිග්බාගෙම වහන් උන්නා...

කාක්කො පියාඹනවා....හැම කාක්කෙගෙම කටෙ මොකක්ම හරි තිබ්බා.....මාලු බඩවැලක්....කරමලක්.....ඔලුවක්...මොකක්ම හරි...හෝදපු මාලු ලෑලි උඩ කාක්කො වැහි වැහැලා.....මාලු ඉස්ම ලොවන බල්ලො බලල්ලු වැහි වැහැල.....

මෙවෙලෙ එහෙම රෙදි හෝදලා වැලක වැනුවොත් ආය ගන්ඩ දෙයක් නෑ...ඇයි ඉතින් අර මාලු පිලි අරගන යන කාක්කො ඕක කන්ඩ වහන්නෙ රෙදි වැලවල් වලටනෙ.....

එයා ආවද දන්නෙ නෑ...එන්ඩ ඇති .ආවත් කොහෙ දැනගන්නද...මං එයාව බ්ලොක් කරානෙ...මේ වෙනකොටත් එයාලගෙ ගෙදරට හැන්නදිගෙ අයිස් කියලා ගහපු ලොරි දෙකතුනක්ම ගියා....ඒත් එයාව මන් දැක්කෙ නෑ.....එයා එක්කො අර බයික්කෙකෙ ආවද...කානුවා තාම නෑ....මු අනිවාර්යයෙන්ම ඔහෙන් කන්ඩ ඇති....හිටපන්කො....මන් උඹවත් අද උල තියනවා....

තත්පර ගානක් බලාගන උන්න මං අනිත්පාර සල්ලිත් උන්ඩි කරන් ගේට්‍ටුවට් වහලා දාලා මං හැන්දගෙ බංගලාවට එන්ඩ ආවා...ඒක ගෙයක් නෙවෙ තනිකරම ඉස්කෝලයක්.....පිලිවලක් ඇත්තෙම්ම නෑ...ලෙල්ලම වගෙ...පීනන්ඩ සල්ලි තිබ්බත් මොකද ගේ තනිකරම ඉස්කෝලයක් වගේ....කොලඹ පැතිවල සල්ලි කාරයො කිව්වම උන්ගෙ ගෙවල් තනිකරම මන්දිර වගේ.....ඇරත් චාම් පාට...හැන්දලාගෙ ගෙවල් තනිකරම ඉස්කොල වගේ....සකරමොටන් පාට...ඇරත් කෝටි ගානක් වියදම් කරලා ටයිල් කෙරුවත් දැල් ආම්පන්න හැමතැනම....සීරෙයි අරක වෙයි මේක වෙයි මොකුත් නෑ...ඔහෙ ගෙනත් අතෑරියා...

මන් හොරා වගේ ගෙදරට ගෑටුවා.....ටීක්...ටීක්...ටීක්..ගගා ලොරි දෙකක් රිවර්ස් කරනවා...අයිස් ලොරි දෙකක්.....ඇතුලෙ අයිස් වෙනුවට තිබුනෙ තනිකරම හිම පාට අලුත්ම දැල්පන්න ගොඩක්...

කංජියත් ඉන්නවා...කංජියා දැල් බානවා...මං හිතන්නෙ මේ අලුතෙම්ම ගෙනාපුවද කොහෙද ...

ආ..සුදු චූටියා...ඔහෙ මක්කයි මෙහෙ.....ස්කීපර් අයියා බලන්ඩ ආවයි...

නෑ කංජි අයියෙ...අපෙ මල්ලි මෙහෙ...ඌව අරන් යන්ඩ ආවෙ...අම්මා බත් කවන්ඩ හොයනවා...

ආ..ආන් ඒකා පසනා එක්ක මැකි අයියා ලව්වා කව්ව ගන්නවා....

මැකි...අයියා...

ස්කීපර් අයියගෙ මහ එකා....තාත්තා...

අපෙ එකා පසනා එක්ක එකතු වෙලා මහ හැන්දා ලව්වාබත් කවාගන්නවලු...මෙතාන කංජියා ඉන්නවා...එතකොට කෝ මගෙ හැන්දා....

කංජියා....

ස්කීපර් අයියා....මෙතන්න් හතරයි...අතන හතරයි....ඔක්කොම අටයි....හවටහම ඉරුම්බදින්ඩ ගන්නවයි....ගල් එල්ලන්ඩත් තියෙ....බදිනවා නම්..එකක් දෙකක් හරි බදින්ඩ ඇහැක් ආය...

මාව ගැස්සිලා ගියා...ලොරිය ඇතුලෙ උන්න කංජියා දිහා බලාගන උන්න මාව මගෙ පිටිපස්සෙන් ඇහුන කටහඩත් එක්ක ගැස්සිලා ගියා.....

මං පස්ස හැරුනා.....වෙන කවුරුත් නෙවෙ....එයා...එයා නාලා....තවමත් ඔලුවෙන් තෙත බේරෙනවා...වතුරෙ තිබුන ක්ලෝරින් හන්දදො මන්දා එයාගෙ ඇස් රතු වෙලා...උඩටත් මොකුත් නැතුව සරමක් විතරක් ඇදන් උන්න එයා ලොරිය ගාවට එනකොට වතුරට තෙමිලා තිබුන බාට දෙක අඩියක් තියන වාරයක් පාසාම චිරිස් චිරිස් ගෑවා...

හවහට එකක් දෙකක් බදින්ඩ කාව හරි එවන්ඩ ඇහැක්ද බන්....

එවන්ඩ නම් බැරි කමක් නෑ ආය....මෙහෙ ඉඩත් නැත්තන් සුනිලගෙ අවඩිට එකක් ගිහින් දුන්නා නම් ඒකිත් බදි.....

මං බලාගන උන්නා ලොරිය ගාවට ගියපු එයා මා දිහාවත් නොබලා අර දැල් පන්න අතගානවා.....සුවද ඉව කරනවා....දැලෙ නූල බලනවා.....එයා ගාවින් එන ශැම්පු සුවද මට මෙතනට දැනෙනකොට මං එයා දිහා බලාගන ඉදලා මොකුත්ම නොකියම එන්න ආවා....

සීදේවි...

අ..අයියෙ...

අඩියයි..දෙකයි..... ලොරි දෙක හන්දා ඉස්සරහින් යන්න බැරි මම කුසිය පැත්තෙන් එන්න ආවා...මට එන්න පුලුවන් උනෙ අඩියයි දෙකයි....

ලොරිය ගාව උන්න එයා කෙහෙන් කොහොම ආවද කියන්න දන්නෙ නෑ මගෙ ඉන වටේ අත දාල මාව ලගට ඇදලාගත්තා මාව පරඩැලක් වගෙ එයාගාවට ඇදිලා ගියා මදිවට ඊලග තත්පරේදි මාව බිත්තියට හේත්තු කරගත්තා ...

මයෙ හිච්චා මක්කදයි අර කරලා තියන හපන් කම කිව්වා නම්....ම්ම්ම්.....මැනිකෙ ඔහෙ මාව බ්ලොක් කරලනෙ සුදු චූටි....

මං නෙවෙ ඒ මූන බැලුවෙ... මං කරපු එකම දේ නම් රව රව අහක බලන් බැනපු එක ....

මං ආවෙ සල්ලි එක දීලා මල්ලි එක්ක යන්න මිසක් ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර බදින්න නෙවෙ....අනික බ්ලොක් කරත් නැතත් ඒක මගෙ කැමත්තනෙ.....

අමාකර.....ඇයි අම්මෙ මේ තරහෙන් ...ඔහෙට මක්කද උනෙ සුදු චූටි.....මං කතා නොකරපු හන්දද...අනේ රත්තරනෙ මේ අහපල්ලකො ඉතින් මං කිව්වනෙ මැනිකෙ ඔහෙට....මං වැඩයි කියලා.....

නෑ නෑ....ඒවට නෙවෙ....දැන් වෙච්ච දේවල් උනානෙ අයියෙ...අහකට වෙන්ඩ මං මල්ලි එක්ක යන්න ආවෙ...

කෝ....මගෙ දිහා බලාපල්ලා....

බෑ....

සුදු චූටි.....මුරන්ඩු කම් කරන්නෙ ඇයි මේ...මගෙ කෝලම....කෝ බලපන්කො..

කිව්වනෙ බෑ...මට යන්ඩ දෙන්ඩ...මං කාගෙවත් කෝලමක් නෙවෙ මං මගෙ කෝලම....ආවා මෙතන....

එයා මට එයාගෙ දිහා බලන්ඩලු....කටත් ඔහෙක් කරන් උන්න මං පුලුවන් තරම් කුටු කුටු ගෑව මිසක මං නෙවෙ ඒ මූන දිහ බැලුවෙ...

ඔහෙගෙ සුදු පප්පට හරි මහන්සි සුදු චූටි...මේ අතපය ඔක්කොම කැකුම් කරනවා....ගෙදර ආවා විතරයි ....ඇයි මේ අංකර අල්ලන්ඩ තියන් ඉන්නෙ...මක්කදයි මං එක්ක තරහා ගන්ඩ කාරනාව....අර අතන තියන දැල්පන්නවල ඔක්කොම වාටි මහන්ඩ ඕන....ගල් එල්ලන්ඩ ඕන...සුදු චූටිගෙ අයියා තව බොට්ටුවක් ගන්ඩනෙ යන්නෙ...වැඩනෙ මැනිකෙ.....ඔක්කොටම වඩා අර අයිස් කුට්ටි උස්සලා මගෙ උරහිස් කැඩෙන්ඩ වගෙ....මුදලාලි උනාට වැඩකරනවනෙ රත්තරනෙ.....

මගෙ පපුව හෝස ගාලා ගියා...අලුත් බෝට්ටු ගන්න කතාවවත්.....දැල්පන්න ගන්න කතාවවත් නෙවෙ මට වැදගත් උනෙ...එයාගෙ උරහිස් කැඩෙන්ඩ වගෙ රිදෙනවා.කියනවත් එක්කම මං එයා දිහා බලලා එ නිරුවත් උරහිසට මගෙ අත තිබ්බා...

මෙව්වා හුගක් රිදෙනවද අයියෙ....

ම්න්...රිදෙනවනෙ....ඔව්වා එහෙම තමයි සුදු චූටි...මහ මුහුද එක්ක ඔට්ටු උනත් මෙව්වත් ලෙඩ දුක් දැනෙන සරීර කූඩුනෙ පනෙ.....හ්ම්..මක්කදයි මහෙ සීදේවි මේ අංකර අල්ලන්ඩ කාරනාව කිව්ව නම්....

මොකුත් නෑ....

කියපල්ලකො...ඔහෙ මුන පුලුටු කරන් ඉන්නෙ...

මොකුත් නෑ ....

හ්ම්....මැනිකෙ.....

ඔයා ඇයි මට එහෙම කිව්වෙ....

කොහොමදයි...

අම්බරයක් වගෙ කිව්වෙ....අම්බර කියන්නෙ තල්මස් වමනෙනෙ...දැන් ඔයාට මාව එහෙමද පේන්නෙ අයියෙ.....

මං මගෙ ඇසුත් බෝල කරන් එයා දිහා බලාගන උන්නා....එයා ලාවට හිනා වෙනවා...එයා හිනා වෙන වාරයක් ගානෙ මට තරහ යනවා....

ඔයා දන්නෙ හිනා වෙන්ඩ....මං එහෙම කිව්වා නම් ඔයාට කොච්චර දුකද.....ඇයි මට එහෙම කිව්වෙ.....මට එපා....මට කාවවත් ඕන නෑ...මං මගෙ පාඩුවෙ ඉන්නම්..ඔයා ඔයට ගැලපෙන අම්බරියෙක් හොයාගන්ඩ...

මුරන්ඩු කම මේකගෙ.....මෝඩ වස්තරෙ මගෙ ...නුවර ලබ්බ මගෙ....සීදේවි මගෙ...

මං තවත් කියෙව්වා .....ඔයාට ඕන අම්බරියෙක් හොයාගන්ඩ කියනකොට එයා හිනා උනා..අහවරක් නැති නම් කිය කිය මුමුනන්න ගන්නකොට මගෙ බඩ රිදෙන්න ගත්තා....

සුදු චූටි.....

හ්...ම්..

ඉඹින්නද උඹව...?

මගෙ හුස්ම හිරවෙන්න ආවා.....දාගන උන්න සෙරෙප්පු දෙක කකුලෙ ඇගිලි දහයෙන්ම කිටි කිටියට මිරිකගත්ත මන් මගෙ අතෙ ඇගිලිදහයෙන් බිත්තිය මිරිකගත්තා.....

එයා ගාවින් ආවෙම තනිකරම ඩැන්ඩෙක්ස් එකේ මෙන්තෝල් ශැම්පු සුවද වෙනකොට දැන් දත්මැදලද කොහෙද කතා කරන වචනයක් පාසාම ක්ලෝගේට් සුවද ආවා...

එයත් මාත් අතර තිබුනෙම වියතක පරතරයක් වෙද්දි මං බලාග නාලා උන්න එයාගෙ තෙත් කාලා එකට රැල් ගැහුන කොන්ඩෙන් වැටුන වතුර බින්දුවක් උරහිසට වැටිලා උරහිස දිගෙ රූටාගන පහලට ඇවිදින් දෙකේ කාසියක් තරමට ලොකු චොකලට් පාට පැල්ලම ගාව නැවතිලා අවසානෙදි පල්ලම් බැහැන් ගිහින් සරම් ගැට්ටට උරා ගන්නවා....

මැනිකෙ උඹ බයයිද මට....හ්ම්ම්..

එයා අහනවා මන් බයයිද කියලා ...එහෙන් මගෙ බඩ රිදෙනවා...අනිත් පැත්තෙන් හොදට කතා කර කර උන්න මගෙ කට හඩ ගොලුවෙලා ගිහිල්ලා....ඒ අස්සෙන් මගෙ ඇස් දෙක අව්වට පිච්චිලා පාට මැරුන එයාගෙ අඩ නිරුවත් පපුව පුරාවටම එහා මෙහා යනව...එදා එයා මාව තුරුල් කරගත්තෙ මේ පපුවට...ඒ පපුවම අද මගෙන් නාහම වතුර බින්දු අයිති කරගන...එයා මගෙන් ඉඹ්න්න අහනවා....තරහ තිබුනත් මං උඹට ආදරෙයි කියලා නොකිව්වත් මට එයාට තුරුල් වෙන්න හිතුනා....අර අත් අස්සට හිරවෙලා තුරුල් වෙන්න හිතුනා.....

අයියෙ.....චුට්ටක් තුරුල් වෙන්නම්...

මං එයා දිහා බලාගන උන්නා....ඉඹින්නද අහපු එයාට උත්තර නොබැද මං කෙරුවෙත් එයාගෙන් ඉල්ලීම් ඉල්ලපු එක වෙද්දි එයාට හුස්මක් පිට උනා....අවසානෙදි මාවලගට ඇදලා අරන් පපුවට තුරුල් කරගන්නකොට අනෙ මං මගෙ අත් දෙකත් ගුලි කරගන ඒ පපුවට තුරුල් උනා...

අහන්නෙ මක්කදයි...මං ඔහෙගෙනෙ සීදේවි ...වරෙන් මයෙ අම්මව තුරුල් කරගන්ඩ....

විනාඩියක් දෙකක් ගෙවෙන්න ඇති..මං උන්නෙ තවමත් ඒ පපුවට මූන ඔබාගන ඇසුත් පියාගන...මං අද හරියටම දැනගත්තා ඇයි අම්මා අප්පච්චි ගෙ පපුවට මුන ඔබාගන බරම බර හුස්මවල් ගන්නෙ කියලා .....ඇයි අම්මාහැමදාමත් අප්පච්චි ගෙ පපුවට මුන ඔබාගන සැනසීමයි කියන්නෙ කියලා ...ඇත්ත.....ආදරෙ පිරුන පපු කදන් මැද තියෙන්නෙම සැනසීම වෙනකොට ජීවිතෙ පලවෙනි පාරට මං තවත් තේජක කෙනෙක්ගෙ පපුවකින් සැනසුනා.....!!!

කොලෝන් සුවදයි...

මල්ලිගෙ ...

හුරුතලෙ මගෙ...පැටියා ගාව හිච්චන්ගෙ සුවදයි...හ්ම්....තවමත් මා එක්ක ඔහෙ අංකරේද සීදේවි...

හ්ම්...

මයෙ අම්මා කාලයි....

නෑ.....

කවන්දඩ

එපා..මං ගෙදර ගිහින් කන්නම්.....

මුරන්ඩු වස්තරෙ මගෙ.....මයෙ සීදෙවි අම්බරෙ දන්නෙ නැතයි....ඔය ඉතින් බඩගින්නෙනෙ රත්තරනෙ.....කෝ වරෙල්ලා කවන්ඩ.....අන්කර අල්ලන්ඩත් කාලා ඉන්ඩ එපැයිනෙ...ඕන් ඔහෙගෙ බඩත් කෑ ගහනවා...වරෙන් මයෙ අම්මට බත් කටක් කවන්ඩ...

.

මං ආයම බිත්තියට ඇලුනා.....විනාඩි ගානක් ඒ පපුවට තුරුල් වෙලා උන්න මගෙ හිස් මුදුන ඉඹපු එයා ක්ලෝන් සුවදයි කිය කිය පුලුවන් තරම් ඉහ මුදුන ඉම්බා ....ඉයාට තව ඉඹින්න තැන් ඕන තරම් තිබුනා ..එයාට මාව හරි ලේසියට ඉඹින්න තිබුනා මොකද ඒ පපු මැද්දෑවට ගුලි වෙලා උන්න මං උන්නෙම දියාරු වෙලා උනත් මාව හරි පරිස්සමට අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න එයා කෙරුවෙම මගෙ ඉහ මුදුන ඉඹපු එක...හරියටම මගෙ අප්පච්චි වගේම....

එයා මගෙන් කවන්ඩද ඇහුවා...මන් ඒත් එපා කිව්වා....අමබරෙ දන්නෙ නැද්ද අහපු එයාට උත්තර දෙන්නත් කලින්ම මගෙ බඩ කෑගහනවත් එක්කම එයා මගෙ අතින් අල්ලගත්තා ....බෑ බෑ කිව්වත් මොකද මං එයාගෙ පස්සෙන් ඇදුනා...

අත්තම්මෙ.....බත් ටිකක් බෙදලා දියන්කො .....

සුදු චූටි...කෝ ආගාන්ඩ.....කෝ ඉතින්.....අනෙ මැනිකෙ ඔහෙගෙ කට කුරුලු පැටියා වගේනෙ....බත් ඇට දහයක් වත් යනවයි...කෝ ආගපල්ලා...

මට නිකන් මොකක්ද වගෙ....සාලෙ තනිකරම කැලනියෙ වෝටර් වර්ල්ඩ් එක වගේ....තල්මස්සු විමානයයි....බඩ උඩට සරම ඇදන් උන්න මහ හැන්දගෙ අතෙ තිබ්න රත්තරන් බ්‍රේස්ලට් එක දැක්පු මට හුස්ම හිරවෙන්ඩ එනකොට මන් බලාගන මහ හැන්දා ලව්ව්ව බත් කවෝගත්ත පසනයි අපේ කානුවයි බිම ඉදගන ටීවි එක දිහා බලාගන කුරුම්බා බොනවා.....

(පසන්)

එක පැත්තකින් සිගිතියා....ඒකි බිම දිගා වේගන අර පොඩ් ඇච්චට කිරි දෙනවා...මගෙ අම්මෙ ඒකිගෙ කුක්කුවෙ විසාල.....අරකව දැන් යට වෙනවා..ඇරත් ඒකි තනිකරම කලන්තෙ දාපු තල්මහෙක් වගේ...සාලෙන් එකයි හැදි පරම්පරාව ...තල්මස් අත්තමා ඔක්කොටම එහා...මගෙ නැන්දම්මා ඊටත් එහා....ඒ හැමොම දිහා ඇසුත් ඔහෙක් අරන් බලන් උන්න මට එයා කවපු බත් කටෙ තරමට හුස්ම හිර වෙන්න ආවා...

හපාගන්න බැරි උනා...මගෙ එක හක්කක් පිපිරෙන තරමට පිම්බිලා....

බත්පතෙන් එකයි මාලු...හුරුල්ලො මිරිසට...හුරුල්ලො කිරට.....හුරුල්ලො බැදුම වෙනවම...ආය මාලු බිත්තර.....පොල්සම්බෝල එක්ක මාලු මැල්ලුම....මගෙ අම්මෙම මාලු කදක් හැන්දගෙ බේසමෙ තියනකොට මං හරි අමාරුවෙන් බත් කට ගිලල හුස්මක් අරගන්නකොට එයා මට කැව්වා වගේ දෙගුනයක් ලොකු බත් කටක්.කටේ ඔබාගත්තා . .

මගෙ අම්මෙ කටෙ විසාල....

සුදු චූටි කෝ

ඇතිනෙ අයියෙ...

ඇතියි කියන්නෙ....මැනිකෙ කටයි දෙකයිනෙ කෑවෙ...කෝ ආගපල්ලකො ....සීදේවිට පප්පා බඩුවක් ගෙනාවා...

කෝ....බඩුව පප්පෙ?

කෑවම...කෑවම...කෝ මයෙ හිච්චා ආ ගාපල්ලකො....

මන් ඉතින් තවත් පාරක් ආ ගෑවා....ආයපාරක් ආ ගෑවා....බඩුව ඉල්ලගන්න උවමනාවට ඉස්මුරුත්තාවට එනකම්ම ආ ගාපු මං අවසානෙදි එයාගෙ කාමර්‍ර් ඇද උඩ ගෙම්බා පොලෙ ගැහුවා වගෙ හතර ගාතෙ දාලා අර කිව්ව බඩුව දෙනක් ඉන්නකො එයා කාමරේට ආවා ...

සීදේවි මේන්.....

අයියෙ....දෙයියනෙ...මෙච්චර ...අනෙ අයියෙ ඔහෙට පිස්සුද.....

මගෙ ඇස් උඩ ගියා....කොටින්ම මන් නලලට අත ගහගත්තා...සුදු චූටි මේන් කිව්ව එයා ඇදෙන් ගෙන්ත් තිබ්බෙ මුරුක්කු උරයක් එක්ක බයිට් උරයක්....උරයක් කිව්වට උරයක් නෙවෙ දෙයියනෙ....කඩල කරත්ත කාරයා විකුනන්ඩ තියන් ඉන්න අර පොලිතින් කඩල ගෝනි දෙකක්.....

ඉතින් අර ඔහෙ ෆේස් බුක් එකේ දාලා තිබුනෙ කිලො ගනන් කන්ඩ පුලුවන් කියලා....මයෙ මැනිකෙට මං අරන් නොදී කවුරු අරන් දෙන්නද...ඕන් තියනව ඇහැක් තරමක් කන එකයි....

ඔයාට පිස්සු .....ඇයි අයියෙ මෙහෙම සල්ලි නාස්ති කරන්නෙ...

.සුදු චූටි....

එපා මට සුදු චූටි කියන්න.....මෙහෙම ගේන්ඩ එපා සමුද්‍ර ....ඔයා කොච්චර මහන්සි වෙනවද ...

මැනිකෙ...

රුපියල් සීයක් වියදම් කරන්ඩ විනාඩියක් ගියාට ...සීයක් හම්බ කරන්න යන්නෙ විනාඩියයි නෙවෙනෙ අයියෙ...මට එපා...මට මොකුත් එපා....මෙව්වා කැඩෙනකන් බර උස්සලා හම්බකරන්නෙ මේවටද.....මේ අත් නිල් වෙලා.....මට ඕන කඩලයක් නෑ සමුද්‍ර...මේක ගෙනාව දිහාවටම ගිහින් දාලා සල්ලි අරන් එන්ඩ.....මට ඕන නෑ....

එහෙනම්...මයෙ අම්මට මොනවද ඕන....හ්ම්ම්.....

ඔයාට මහන්සි දැනෙන්න එපා කියන එක.....මට...දුකයිනෙ....මට....දුක හිතෙනවනෙ...ඔයා අපෙ අප්පච්චි වගෙ.....නින්දකුත් නෑ....කෑමකුත් නෑ...අපෙ අප්පච්චි ත් නිදිමරාගන වැඩකරලා අම්මව අපිව සතුටින් තියනවා....ඒත් අපෙ අප්පච්චි ට ඉතුරු මහන්සිය විතරයි ...මට ඕන ඔයාට මහන්සි දැනෙන්නෙ නැති වෙන්න.....මට ඒ ඇතිනෙ.....

මයෙ අම්මා නාඩපන්කො...මක්කැයි මයෙ රත්තරන්ට ඔය හැටි දුක හිතෙන්නෙ...හ්ම්...හ්ම්...කෝ.....සීදේවි....නාඩපන්කො මැනිකෙ....මේක අහිංකයෙක්නෙ ...මයෙ නොදරුවා මේක.....

මගෙ ඇස් වලට කදුලු පිරුනා....වෙන මනුස්සයෙක්ට නම් අච්චර ලොකු කඩචෝරු කන්දක් ලැබුනට සන්තෝස හිතෙන්න ගියා උනත් මට දුක

දැනනුනා.....මන් එයාට බැන්නා.....අර නිල් වෙලා තියන උරහිස අත ගගා මේවා ඔනෙ නෑගගා කෑ ගහනකොට එයා මගෙ අත් දෙකෙන් අල්ලන් මගෙ අත් වලට හාදුවක් තියලා මට නොදරුවා කිව්වා...

සුදු චූටි.....මැනිකෙ අම්බර දන්නෙ නැතැයි....

හ්ම්....

දේසෙ හැටියට සුදු චූටි වාසෙ.....අම්බරයක් කියන්නෙ වමනෙ තලියකට තමයි....ඒක හැබෑව...ඒත් දන්නවද ඒක කොච්චර වටිනවද කියන්න.....මැනිකෙ පතල් කාරයෙක්ට මැනික් ඉල්ලමක් හම්බුනා වගේ තමයි....මැනිකක් උනත් කපලා ඔපදැම්මයි හැඩ...අමබරෙත් එහෙම්මයි....පිටතින් කොහොම උනත් මොකද....ඕකෙ වටිනාකම තියෙන්නෙ ඇතුලතින් අමාකර.....උඹ හිතනවටත් වඩා අම්බරයක් හරි වටිනවා සුදු චූටි

මිනිස්සුත් ඔය වගේ මැනිකෙ...පිට ඔපෙ කොහොම උනත් ...ඇතුලයි වටින්නෙ...හරියටම මගෙ නොදරුවා උඹ වගේ...කට ගහන් ආවත් මොකද ඔහෙට හරි විගහට දුක හිතෙනවා.....උනුවෙනවා.....උඹ හරි වටින ඉල්ලමක් අමාකර...

මට බහ දියන් මයෙඅම්මෙ...මේ සමුද්‍රට උඹ ලැබුනා කියන්නෙ අම්බරයක් හම්බුනා වගේ තමයි ආය....මං උඹට හරි ආදරෙයි සීදේවි.....

මං බලාගන උන්නා...වමනෙ ගොඩකට මාව සමාන කෙරුවා ගගා.නැහි නැහි උන්න මං අම්බරෙ තරම ඇහුවයින් පස්සෙ එයාගෙ කතාවට කන් දීගන ඒ මූන දිහා බලාගන උන්නා...

ඒ උරහිස් නිල් වෙලා...මහන්සී කිව්වා.....සාගරයක් තරම් ඇදක එයත්ම මාත් උන්නෙ මූනට මූන බලාගන ඉදගන වෙනකොට කාවඩි නටනකොට ගත්ත පින්තූර වලින් එක බිත්තියක් වැහිලා තියනකොට මං බලාගන කන්නාඩි මේසෙ උඩ තිබ්බ එයාගෙ පින්තූරයක් තිබුනා....

සමුද්‍ර කියලා ලියවුන මහ විසාල බෝට්ටුවක් ගාව එයා ඉන්නවා...

ඒක මං මුලින්ම ගත්ත බෝට්ටුව.....මැනිකෙගෙ පප්පා තව එකක් ගන්ඩයි යන්නෙ.....

මං හිනා උනා...අවසානෙදි මං ඉදන් උන්න තැනින් නැගිට්ටා...නැගිටලා එයාගෙ ඉස්සරහින් හිටගන අර තඩිස්සි උන උරහිසට අතක් තිබ්බා....

ඔයා මහන්සි වෙන හැටියට හැමදාමත් හරියන්න ඕන අයියෙ....මෙතන හුගක් රිදෙනවා නම් මං අතගාන්නද....?

එයා හිනා උනා...එයාගෙ උරහිස උඩ තිබුන මගෙ අත අරගන පිට අල්ලට නහයෙන් හාදුවක් තියපු එයා මගෙ මූන දිහා බැලුවා.....

දැන් ඉතින් මට අනිත් හැමදාකටම වඩා හරියයි සුදු චූටි...මගෙ ගාව ඉල්ලමක් තියනකොට මට හරි නොයා කොහොමද ම්ම්...අමාකර උඹ ඇවිදින් මෙ මූදු කාරයට ඉල්ලමක් මැනිකෙ....

සමුද්‍ර අයියෙ...

හ්ම්...සීදේවි ඔහෙට බැරිද මගෙ ඔලුව ටිකක් අතගාන්ඩ??මක්කවත් එපා...ඇහැක් නම් මේ සිනිදු අතින් ඔලුව ටිකක් අතගාපන් මයෙ අම්මෙ....

😩😩🌊🌊....මගෙ ඔලුව අතගාන්ඩ බලු බල්ලෙක් නැති හන්දා තට්ටෙගානවා!!

ඔහෙල පරිස්සමින් ඉන්ඩ ඕන හරිය...ආදරෙයි ඈ...

උම්ම්ම්ම්ම්ම්ම්ම්මා.....!!

More Chapters