WebNovels

Chapter 3 - 03

මං ගොත ගැහුවා...බඩගිනි නෑ කිව්වා...ඇයි දෙයියනෙ ඔච්චර පාන් තියනකොට මට වහදපුවා දෙන්නෙ. ...??

මං මොන වැරද්ද කෙරුවටද....අප්පච්චි කිව්වෙ කවුරු හරි ගැහුවොත් ඌට ගහලා ගෙදර වරෙන් කියල උනත් මුන් මට ගහන්නෙ නැතුවම වහ දෙන්ඩ යනවා.....ගෙදර ගිහින් අප්පච්චි මුන් මට වහ කැව්වා කියන්නවත් මාව ඉතුරු වෙයිද....

එක්කො අප්පච්චි දික්වැල්ලෙ ඕඅයිසි කියලා කිව්වා නම්.....මං කලිනුත් කිව්වනෙ.....ඒක කිව්වට පස්සෙද මන්දා මුන් මට වහදාපු පාන් ගිල්ලවන්න හදන්නෙ....

අයියෙ ....ම්...ම්..මං ගෙදර ගිහින් කන්නම්ද...අම්ම බලන් ඉන්නවා...අයියලා වහ දාපුවා කන්ඩ....අ..අනික අපෙ අප්පච්චි හරි වසයි අයියෙ...

හිච්චා බයවෙලා අප්පච්චි ගහයි කියලා?මක්කයි ඔහෙ යන්ඩ හදනවා ලැජ්ජාවද...ලැජ්ජා වෙන්නෙ මොකටයි ආය....කන්ඩයි තියෙන්නෙ හරිය..සහෝදරයා දුන්න වගේ තමා ....

අනෙ උන් මොනවද කියවනවා...මෙලෝ රෙද්දක් මට තේරෙන්නෙ නෑ දෙයියනෙ.....ඇරත් මං කියන එක ඇයි උන්ට වැටහෙන්නෙ නැත්තෙ???

සහෝදරයා දුන්න වගේ කියන්නෙ සහෝදරයො වහ දෙනවද...?

ඊටත් මුන් කතා කරන්නෙ එකෙක්ට එකෙක් කෙල ගන්ඩ වගේනෙ...ගහගන්ඩ වගේනෙ...වචන කඩන කැඩිල්ල...සමහරක් අදිනවා දාමගන...සමහරක්ගෙ වචන අස්සෙ සික්කිනි ඇගිල්ලක පරතරයක් තියෙද්දි වහ දාපු එකෙන් දෙන්ඩ කියපු එකා නෙවෙ මගෙ මූනක් බලන්නෙ...

ඌට ලොකූ කියන හන්දද මන්දා උගෙත් තිබුනෙ පුදුම ලොකුකමක් වෙද්දි මං මේ වෙලාවකට ඇදෙන..වෙලාවකට වෙඩි වගේ කැඩෙන කතා බහ අස්සෙ තැලිලා තැලිලා නරක් උන තක්කාලිය වගේ අර වහ දාපු පාන් කැල්ල මිරිකන් ඉන්නකොට එකෙක් මට පොල් අහුරක් දාපු ඇලුමීනියම් දීසියක් ලන් කරලා මාලු කනකොට ආය පිගන් වලට බෙදිලි නෑ හරිය කියලා තම්බපු මාලු නම් එහෙමයි....හින්දපු මාලු නම් මෙහෙමයි කියලා කන හැටි පෙන්නද්දි මං ඔක්කොටම කලින් පොල් අහුරක් කටේ ඔබාගත්තා...

වෙනමොකටවත් නෙවෙ වසක් වසක් කැවුනොත් පොල් කිරි හොදයි කියන හන්දා...කානුවෙන් ඇහිදන් ආව එකත් දවසක් බූමිතෙල් උගුරක් බීලා අත්තම්මා ඕකට පොල් අක්කරේක කිරි පෙව්වා....වහ දාපු පාන් කාලා ගෙදර ගිහින් මැරෙනවට වඩා පොල් අහුරක් කාලා පැයක් වත් වැඩියෙන් ජීවත්වෙනවා....

හිච්ච පොල්මයි කන්නෙ ...ඔය මාලු තියෙන්නෙ....මාලු කන්නෙ නැතුවයි...ආ...පොල් වලය ඔය හැටි ආස නම්

ක් ...කනවා....කනවා.....

මට දැන් හිරවෙනවා.....මං මේ පොල් කාපු කෑමට හිරමනයක් වත් කාල නැතුව ඇති මෙච්චර පොල්....අතෙ මිරිකන් ඉන්න පාන් කෑල්ල විසි කරන්නත් බෑ කුරුල්ලෙක් කනවා වගේ මං තෙල් වාටිය කොනහා කොනහා ඉන්නකොට අපේ එකාට මොනර පිහාටු දුන්න එකාගෙ කටේ සයිස් එක දැකලා මට බය හිතුනා....

ඒකා කන කෑම...එක හක්කක් පුපුරන්න වගෙ නහරත් පුම්බන් මිනිහා මීක් නොගා කනකොට අනිත් උන් මොන මොනවද කියවන්ඩ ගත්තා..

කොටහලුවක් පත්තුවෙලා ද මොකක්ද මගුලක් කියද්දි මං හීන් සීරුවෙ අතේ තිබුන පාන් කෑල්ල වෙන පැත්තකට වීසි කරලා පොල් අහුරක් කටේ ඔබාගන්නවා එක්ක එතන උන්න එකෙක් මං වත්තක පොල් කනව දැක්ක හන්දද මන්දා මාලුවලට ආස නැද්ද අහලා ඔය තරම්ම පොල් වලට ආසනම් මේ න් කියලා අනෙ තවත් පොල් ගස් දුසිමක විතර පොල් අහුරක් මගෙ බෙලෙක් පීරීසියට දානවත් එක්කම මට ඇඩෙන්න ආවා....

ම්න්....පොල්ම කාලා බඩරිදෙන්ඩ....හුරුල්ලො අලුත්..කනවයි

ක්..ක්ක්...කනවයි තමයි...කනවයි

මං උන්නෙ අඩන්න ඔන්න මෙන්න.....අතපය කඩාගන කාවඩි නටපු එවුන්ගෙ සරම් මේ වෙනකොට තිබුනෙ කරේ මදිවට උන්ගාවින් ආව අරක්කු සැරට මටත් වෙරි වෙන්න වගේ ආවා.....උන්ගෙ හුස්මක පවා තිබ්බෙ අරක්කු සැර.....අපෙ එකාට මොනරපු පිහාටු දීපු එකා අරක්කු නාලද මන්දා උගෙ ඇස් රතු වෙලා....ඊටත් අනිත් උන් ඔක්කොටම වඩා ඌ විතරක් සුදුයි...සුදුයි කියන්නත් බෑ...ඉර අව්වට පිච්චුනාම එන කෝපි හැදි කාලක් දාපු කිරි කෝපි පාට...අනිත් උන් නම් තනිකරම කෝපි වගෙ...

අරකා මගෙන් හුරුල්ලො කනවද අහනවා.....හුරුල්ලො කනවා නැට්ට හරිය විතරයි මං කන්නෙ කියාගන්න ඕනා උනත් වහදාපු පාන් ගැන මතක් වෙනකොට බඩ පපුව දනවා.....

ඒ අස්සෙන් මට නැගිටලා ගෙදර දුවා ගන්න නෑ...බිබික්කම වගේ උන් මාව ඉන්දවන් උන්නෙත් මාලු ලෑල්ලෙ මැදක වෙද්දි එරමිනියා ගොතාගන පාන් කෑල්ල මිරිකන් උන්න මං මාලු හොදි තැවරුන පොල් කටක් ගන්නවා එක්කම කුක්කුත් නෑ පිටිත් නෑ කියලා පිටමැද ගහන් උන්න ලොකූ කියන එකා ඒකා කකා උන්න එකෙන් තෙල් වාටි කෑල්ලක් කඩාගන හින්දවපු මාලු තිබුන මැටි ඇතිලිය ඇතුලට අත දැම්මා...

හැබැයි මැද හරියෙ තිබුන මාලු ඉස්මවලට නෙවෙ....මන් බලාගන උන්නා .එයා අර තෙල් වාටිය හට්ටිය වටේම වටයක් අතුල්ලන් ගියා...හරියටම කියනවා නම් හැන්දෑ යාමෙ හොද්ද රත්කරනකොට හට්ටියට අල්ලා කරවෙන හොදි ඉස්ම වටෙ....ඊටත් පසසෙ අඩියටම කර වෙලා ඇතිලියටම ඇලිලා උන්න හුරුල්ලො මාලුවෙක් අරන් ඒකගෙ කටුව අහකට කරලා මාලු පැතිකඩවල් දෙකම අර තෙල් වාටිය උඩතියලා ඒක උඩට ගාපු පොල් චුට්ටක් තියලා මගෙ දිහාවට දික් කරනකොට මාත් කනවයි ගගා වෙව්ල වෙව්ල අර පාන් කෑල්ල කටේ ඔබාගන දෙපාරක් හපන්න ඇති.....

මගෙ ඇස් ලොකු උනා....ඒයාට කටකොනින් හිනාවක් මතු උනා...දෙයියනේ ඒකෙ රහ!! මෙච්චර වෙලාම පොල් ගිල ගිල උන්න මට මාලුවෙ රහ දැනෙනවත් එක්ක වහ තිබ්බත් කමක් නෑ කියලා බයටම කදුලු බැදිලා තිබුන ඇස් දෙකෙන් මං ආයම එයා දිහා බලන් උන්නා...

රහද ම්න්....තව ඕනයි?

හ්ම්.....ඕ...නයි...

ජීවා....

ලොකූ...

ඔය පාන් එක ගනින්...තෙල් වාටිය දියන් මැද එපා...

මන් බිම බලාගත්තා.....අරුන්ගෙ කචබචෙ අහවරක් නැතුව එන්න එන්නම වැඩිවෙන වෙලාවක එයා ආයමත් ඔලුවම මලකඩපාට කරන් උන්න ජීවා කියන එකාට කතා කරලා තෙල් වාටියක් ඉල්ලනකොට අරකා පාන් රාත්තල අරන් තෙල් වාටිය ඉරාගත්‍තා...

ආය පිහිවලින් කැපිලි කෙටිලි නෑ....පොල්මට්‍ට ඉරනවා වගෙ ඒකා තෙල් වාටිය ඉරලා අර නැට්ටුකාරයගෙ අතට දෙනකොට එයා ආයම අර කලින් වගේම ඇතිලිය වටෙ අතුල්ලන්න ගත්තා...

කිරි පුතා...

ලොකු අයියා

කොටහලුවක් පත්තුවෙලා කිව්වා නෑව්වද?

අනිද්දට...මගුලට එන්ඩයි කියලා ගෙදරටම ඕන්...

හ්ම්....පංගුව බේරන්නම් හෙට හවසට වරෙන් ගෙදරට.....බලයෙක් දෙන්නෙක් අරන් පලයන් අයිස් ගහපුව නැතුව අලුත් කූරියෙක් දෙන්නෙක් අරන් යමන්

.......

අඩෙ ජීවා ඔය සින්දුවක් වත් දාපන් ....ලොකු සින්දුවක් වත් අහනවයි....

.....හ්......ම්

මං තනිකරම කුරුල්ලා වගෙ...මෙච්චර වෙලාම වහ දාපු පාන් ගිල්ලවන දුකට මැරෙන්න හද හද උන්න මං මේ වෙනකොටත් අර නැට්ටුකාරයා ලව්වා පාන් කෑලි දෙක තුනකටම වග කියලා උන්නෙ වෙද්දි හුරුල්ලෙක් ගත්ත එයා මාලු කටුඇරලා මගෙ පොල් එකට දාන ගමං එතනම උන්න එකෙක් දිහාවට හැරිලා ආයමත් අර පත්තු උන කොටහලුව ගැන අහනකොට මලකඩපාට ඔලුව තිබ්බ එකා ඒකගෙ ඵෝන් එකට ඇනඇන සින්දුවක් අහනවද අහලා සින්දුවක් දැම්මා.....

නිකන් නෙවෙ සුනිල් පෙරේරගෙ සයිමා කට් වෙලා....මුන් ආයම බජව්වක් දාන්නද කොහෙද යන්නෙ...

දවල් වරුම ඉර අව්වට පිච්චෙන මහ මුහූද හද එලිය එලියෙන් නිවෙනගමං උන්නා.....හීන් සීරුවට වෙරලට ඇදෙන රැල්ල වැල්ලට හාදු තිය තිය යනකොට මුහුදු කුයිලෙ කසිංජි කුයිලෙ ඔතාගන එන හුලන් කැටිය පුරාවටම ලා තෙත් ගතියක් තිබුනා......ඒක හරි අමුතුයි.....අමුතුයි කියන්නෙ මේ හැගීම මට තවම ආගන්තුකයි...ඒත් මේ ආගන්තුක හැගීමට ආදරෙ කරන්න මිසක් වෛර කරනන් මට කිසිම හේතුවක් මේ වෙනකන් හම්බුනෙ නැතිවෙනකොට මං ඒ කසිංජි සුවදට ටිකින් ටික මගෙ ආත්මයම ස්පර්ශකරන්න දුන්නා...

කසිංජි සුවදට මාවත්....

මට කසිංජි සුවදත් සමීප වෙන්න දුන්නා....

තත්පරෙන් තත්පරෙ ගෙවෙනකොට උරෙ තිබුන අර පාන් අහුර එන්න එන්නම අඩුවෙන්න ගත්තා...වත්තක් තරමට ගාලා තිබුන පොල් කන්ද එන්න එන්නම අඩු උනා.....ඇලුමීනියම් තසිම් උඩ එන්න එන්නම මාලු සැකිලි ගොඩ ගැහෙන්න ගන්නකොට සින්දුවෙනුත් සින්දුව මාරු වෙන්න ගත්තා විතරයි මාලු ලෑල්ල උඩට වීදුරු බෝතලයක් දෙකකුත් මතුවෙන්න ගත්තා....විනිවිද පේන විදුරු පුරාවටම අතිවිශේශ කියලා තිබුන වීදුරු බෝතලෙන් අවර්න දියර පිරෙන්න ගත්තා....බීලා බීලා තැම්බිලා වෙරි බැහැන් යන ගමන් උන්න නැට්‍ටුක්කාරයො ආය පැලෙන්ඩ ගත්‍තා.....

කලුවා ගනින් ඔය කාසි දෙකක්....

විනාඩි පහක් ගෙවුන් නෑ....අතිවිශේශයක් හිස් වෙලා ගියා....

මෙච්චර වෙලාම පාන් නම් පන්න පන්න ගිල්ලවන්න ගියපු නැට්ටු කාරයො එකෙක් නෙවෙ මේ පාර හිච්චා මේවා බොනවයි ඇහුවෙ....මෙච්චර වෙලාම පාන් කනවයි....අරක කනවයි මේක කනවයි කියපු එකෙක් එකෙක් නෙවෙ හිච්චා මෙව්වා බොනවයිද ...බොනවැයිද මොනවද ඇහුවෙ....කොටින්ම මෙච්චර වෙලාම බිබික්කම වගේ මාව වටකරන් උන්න එකෙක් නෙවෙ මං අර මේසෙන් රූට්ටලා මාරුවෙන්න හදන එක දැක්කෙ...

.මලකඩ කාපු කොන්ඩ මුහුදු හුලන් රැල්ලත් එක්ක කපුටු කූඩ වගේ ඇවිස්සි ඇව්ස්සි යනකොට මේ මහපාන්දර ආයමත් මදුවිතකින් මත් උන නැට්‍ටුක්කාරයො ටික හිස් වෙච්ච අතිවිශේශෙට කාසි වලින් තට්ටු කර කර ක්ලැරන්ස් මහත්තයටත් කසිංජි සුවද ඉව කරන්න ආරාධනා කරනකොට මං මට මෙච්චර වෙලාම තෙල් වාටි ගිල්ලපු අර කුක්කුත් නැති පිටිත් නැති දුප්පතාගෙ අතටකට බයෙන් බයෙන් වගේ ඇගිල්ලෙන් අන්නවත් එක්කම "දෑස පියාගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව "කියන ගමන් මා දිහා බලනවත් එක්කම මහ මුහුදට හාදු තියාන ආව හුලන් කැටියක් රැවුල වවපු මූනට හාදුවක් තියන් යනවා එක්කම උඩට කරල ගැටගහන් උන්න පාට කරාපු කොන්ඩෙන් කෙස් අහුරක් ඒ මුන උඩට වැටුනා.....

දෑස පියා ගත්කල

මට මැවෙන්න ඔබෙ රුව...

 _____________________

මං එන්න ආවා....හරි අමාරුවෙන් මං යන්නම් අයියෙ කියලා වචන ගැට ගහගත්ත මං සරම් කාරයො අස්සෙන් රින්ගන් එලියට ඇවිදින් ගෙදර ගේට්ටුව වහනවත් එක්කම මං අහගන ක්ලැරන්ස් මහත්තයගෙන් නයට සින්දුවක් ඉල්ලගන කියපු කොල්ලො රෑනෙ කටහඩ නිවිල ගිහින් නැට්ටුකාරයාගෙ කටහඩ විතරක් ඇහුනා.....

ගේට්ටුව වහපු මං ගෙට නෑවිදින් නැවතුනා...කූඩුවෙ උන්න සුසංගතාගෙ පිහාටු කෙලින් වෙලා...කූඩුවෙ තිබුන උගෙ පැද්දෙන ඔන්චිල්ලාව හිටගන ඔලුවත් එහා මෙහා කර කර උන්න ඒකා අනිත් පාර ඒකගෙ තටු දෙක අඩමානෙට දිගෑරගත්තා...දෙපැත්තට හරහව හරව උන්න උගෙ ඇබිති ඔලුව අනිත් පාර උඩටත් පහලටත් වනන්න ගත්තා.....මූටත් බජව් වගෙ....

තවමත් ගෙට්ටුවට හේත්තුවේගන උන්න මං උන්නෙ මගෙ කන් දෙක දික් කරගන...ඇතුලට යන්න ඕනා උනත්...නිදිමත එකා කාරෙට තිබුනත් මොකද

හිස් වෙච්ච අතිවිශේශට වදින රුපියලෙ පාරත් එක්ක එලියට එන ගැඹුරු කටහඩ මගෙ ගමන නැවැත්තුවා.....මට යන්න එපාමයි කිව්වා...තව එක විනාඩියක් හරි මෙ බජව්ව අහපන් කියලා නොවදිනා වැදුම් වදිනකොට එකම දිගට ක්ලැරන්ස් මහත්තයගෙම සින්දුවල කෑලි කෑලි කියන එයාව අහන් උන්නා...

සද ගිලුනත් හිරු ගිලුනත්...මට කමක් නෑ...තරු වැටුනත් මල් හැලුනත්....හ්ම්ම්..හ්ම්.....

නිදිමතයි....ඒ මදිවට මහන්සියි.....බජව්ව මොන තරම් ලස්සන උනත් වහදාපු පාන් කාලා බඩ පිරිලා උන්න මට නිදිමත කප්පරක් තරම් වෙනකොට ඇහෙන නෑහෙන ගානට සින්දුවෙන් කෑල්ලකුත් මුමුනන් ඇතුලට ආව මං සුංසංගතාගෙ කූඩුව ගාවින් එනවත් එක්කම නට නට උන්න ගස්තරයා මට මගෙත් අයියා වගෙ

"ආ අමාකරයෝ....." ගෑවා...මං කූඩුවෙන් ඇගිල්ල දාලා ඒකගෙ ඔලුවට ඇන්නා ...ඒකා රවාගත්තා ඒ විතරක් නෙවෙ මහ පාන්දර උගෙ වක්කඩෙ කඩන්න ගත්තා

"ආ...අමාකරයො...."

උඹ මගෙ අප්පච්චි ද...නම කියන්නෙ.....ගහප් තොට කන පැලෙන්ඩ

"ගහප් තොට....ගහප්...ගහප්....චූටි බත් කෑවද....චූටී...ඊ...ඊ.....බත් කෑවද පුතේ........බත් කෑවෙ නෑ....මගෙ රත්තරන් බත් කෑවෙ නෑ....ඔව්...අම්මෙ...මගෙ පුතා කාලා නෑ....අයියො....කන්ඩ දීලා නෑ...පුතාට කන්ඩ දීලා නෑ........තේජක......තේ....ජක........සමනල්....සම...නා.....ල්...

ජරාවබොන්ඩ එපා තේජක...."

කොත්තු....

මේසෙ උඩ වහලා තිබ්බ කූඩෙ අහකට කරපු මං පිගානෙ තිබුන කොත්තුව දිහා බලන් ඉදලා ඉදලා අනිත් පාර ඒක එහෙම්ම ෆ්‍රිජ් එකට දැම්මා.....දැන් කන්න බෑ...හෙට උදේට රත් කරන් කනවා....

ආදරේ කරන්න ඔන මොන වගේ මනුස්සයෙක්ටද ඇහුම අප්පච්චි කිව්වෙ අහසක් තරම් ආදරෙ දෙන කෙනෙක් තෝරගන්න කියලා උනත් දැන් මට හිතෙනවා අප්පච්චිගෙ වචන වලට තව කොටසක් එකතු කරන්න.....

ආදරෙ කරනවා නම් ආදරෙ කරන්න ඕනෙ රෑ ඉතුරු කොත්‍තුව පහුදා උදේට රත්කරන් කන මනුස්සයෙක්ව....

මොන මගුල උනත් මගෙ හිතට හරි නෑ...ෆ්‍රිජ් එකෙ තිබුන කානුවෙන් ඇහිදන් ආව එකාගෙ මොරිසන් බෝතලෙ දකිනවත් එක්කම මගෙ හිත ආයම ගැස්සෙන්න ගත්තා...පහු පහු වෙනකොට මං කෑවෙම අර මනුස්සයගෙ පාන් උනත් මුලින් මුලින් මං කෑවෙම වහදාපු පාන් නේද මතක් වෙද්දි කොයි වෙලා හරි මැරෙයිමයි කියලා හිතුන මං අර මොරිසන්ස් බෝතලේම එක උගුරට ගහලා ඇරියා...

අවුරුදු ගානක් ඉස්කෝලෙ ගිහින් ගිහින් අන්තිම මොහොතෙ මැරුනොත් ඒක අපරාදයක්...කරුමෙට ආය ඉපදුනොත් මට ආයම ශිශ්ත්වෙ ඉදම්ම ලියන්න වෙනවා....

බ්..බ්වෑක්....

මං උගුරට ඇගිල්ල දැම්මා...උඩට යන්නෙත් නැතුව කුසියෙ පුටුවක ඉදගත්ත මං මාව විනාඩි පහෙන් පහට කොනිත්‍ත ගත්තා.....දැන් මැරෙයිද...දැන් මැරෙයිද කියලා බලන් උන්න මට මගෙ මලගෙදර මතක් වෙලා ඉබේටම ඇඩෙන්න ආවා.....අම්මා අප්පච්චි අත්තම්ම මගෙ මලකද බදන් අඩන හැටි මතක් කර කර මං හූල්ලන්න ගත්තා

මහපොට ඇගිල්ලෙන් පටන් ගත්ත නියපොතු කෑම පොඩි ඇගිල්ලට වෙනකම්ම ගියපු මට හිතේ බයටමද මන්දා ඉහෙ ඇම්මකුත් අල්ලන් එනකොට සාලෙ තිබුන ඔරලෝසුවෙ පැය කට්ට දෙකෙ ඉලක්කම උඩ ඉදන් නිදිකිර කිර උන්නා තවත් කදුලු බින්දුවක් මගෙ කම්මුල තෙමුවා

බ්වෑක්.....අ..අනෙ...අප්..පච්චි.....ම..මාව...මැරෙන්න වගේ...අප්පච්චි ...

මගෙ ඇස් වල කදුලු මංගල්ලයයි....ඉහෙ ඇම්ම එන්න එන්නම වැඩි වේගන එනකොට මගෙ බඩ පෙරලවන්න ගත්තා.....ඇගපත ඔක්කොම දාඩියෙන් තෙත් වේගෙන එනකොට දෙතුන් විඩක්ම නොදිරපු පාන් කෑලි එක්ක මඩ පාටට වමනෙ යන්න ගන්නවත් එක්කම මට ඉබේටම අප්පච්චිට කෙදිරුනා...

කැහ්....කැහ්....කැහ්...අනේ...අප්පච්චි ...

තුන්වෙනි පාරෙන් පස්සෙ මට යන්න දෙයක් නැති උනා...බඩෙ තිබුන සන්තකේම ගියාට පස්සෙ යන්න දෙයක් නැතුව මගෙ කටම කාරවන් පිතත් ගියා වගෙම කොන්දත් කුදු කරගත්ත මං බිත්ති අල්ල අල්ල හරි අමාරුවෙන් උඩට බඩගාපු මං අම්මලාගෙ කාමරෙට ගිහින් අනෙ අම්ම්ව් මාව මැරෙන්ඩ යන්නෙ කියලා කියන්න යන්න හදනවත් එක්කම මට අරකගෙ කටහඩ ඇහුනා....මං එහෙම්ම දොරකොඩට මෙහායින් නැවතුනා

ඇයි ලමයො ඔය මගුල අහකට කරලා නිදියගනින්කො...සුදු මහත්තයා ඇත්තමයි අප්පච්චිට තරහ ගියොත් ගහන එක ගහනවා.....ඔය මගුල් මූනෙ අතුල්ලගන්ඩ එපා හොද නෑ සමනල්...විහාරා ඔන්න ඔය මගුල අල්ලා විසික් කරනවා මේකා දැන් කීයෙ ඉදන්ද මේ මායන් වෙන්නෙ

සුදු මහත්තයා මගෙ පුතා හොද ලමයෙක්නෙ නේද...අප්පච්චි වැඩට යන්න එපැයිනෙ මගෙ පුතා බයියන්න..... ඔව්වා මූනෙ අතුල්ලගන්න හොද නැ සමනල් කියන දේ අහපන්කො දරුවො.....මේ ළමයා එන්න එන්නම මුරන්ඩු වෙනවා..අප්පච්චි ට තරහා ගියොත් ගහයි ආ..

ම්හුක්.....එපානෙ....මේවා හොද නෑ නෙවෙ හොද තියනවනෙ අම්මියෙ....නටන අයියනෙ දුන්නෙ...මේවල හොද තියන හන්දනෙ දුන්නෙ.....නටන අයියා ගාව හුගක් තිබ්බනෙ.....

ඇයි සමනල් කියන දේ අහපන්කො ලමයො...මෙහෙ දියන්...මෙහෙ දියන් ඕක....

අනෙ ...අනෙ...අප්පි...ච්චි....හ්...නටන අයියෙ...හ්...කඩනවා...අනේහ්...අනෙ.....හ්...කඩන්න....කඩන්න එපානෙ...

එහෙනම් කට පියන් නිදාගන්නවා දැන් වෙලාව කීයද සමනල් ආ...මොකද මෙ මුරන්ඩුකම

ම්හුක්.....අම්මියෙ වෙලාව කියද...අප්පිච්චි වෙලාව අහනවන්.....

කට පියාගන දොයියන්න හොද පුතානෙ.....අයියා ගාවට යනවද නැත්තන්

අඩියයි දෙකයි මං තිස්ස එලවපු මුවා වගේ කාමරේට දිව්වා..දුවලා ගිහින් දොර වහගත්තා ..ඕකත් එක්ක නිදියනවට වඩා වහදාපු පාන් කාලා මැරිලා යන එක දාහෙන් සම්පතයි....

පුංචි බැල්කනියක් එක්ක පැත්තට තල්ලු කරලා අරින්න පුලුවන් දොරක් තරම් උස වීදුරු ජනෙල් පියනක් ඇරපු මම එහෙම්ම ඇදට වැටුනා....රෙදි බෑග් එක තවම එහෙම්ම...යන්තමට ඇගපත හෝදන් අතට අහුවෙන ඇදුම ඇදගත්තා විතරයි ....කොහෙ අස් කරන්නද..කට කපලා ගමන් තෙහෙට්ටුව...

තවම බජව්ව ඇහෙනවා...ඉස්සන් මගුරන් මහ වැලි ගොව්වන් මේ දැන් අලපු මාලු ලාබයි ගන්නකො යාලු කිය කිය බජව්ව තවටත් නැගල යනකොට ඇරපු ජනෙල් පියෙන් ආව හද එලිය තෙමාපු ඇද දිගා උන මං රෙද්ද වත් පොරවන්නෙ නැතිව අත් දෙක මගෙ ඔලුව පිටිපස්සෙන් තියාගන ඇරපු ජනෙල් පියනෙන් පේන අහස දිහාව බලාගන අර බජව්වට කන් දුන්නා .....

මොනවා උනත් උන්ට ලස්සනට සින්දු කියන්න පුලුවන් ....වෙලාව අදාල නෑ..සමහර විට මේක පැත්ත් හැටිද මන්දා...මහ මුහුදෙන් එන රැල්ලෙ සද්දෙයි.....හුලගින් එන හීන් හූවෙ සද්දෙයි...තරු වියනක් බැදපු අහස් වියනෙන් ඇස්වලට ගෙනාව සනීපෙටයි තුරුල් වෙලා උන්න මම උන්නෙ නින්ද යාගන් ඔන්න මෙන්න තියලා වෙද්දි දැන් කියන්නෙ මොන සින්දුව ද කියන එක නිනව් නැති වේගන ගිහින් අවසානෙදි මගෙ ඇස් පිය වෙලා ගියා...

 _______________

මහත්තයා අලුත් ඉස්සො....අලුත් ඉස්සො තියනවා...

ජාඩි මාලු ජාඩි මාලු....ජාඩි මාලෝ...හ්

බලයා කෙලවල්ලා...තෝරා මෝරා.....සප්පරු....තලපතා....ආ ගන්ඩ..එන්ඩ...නංගෙ....ලාබෙට දෙන්ඩ හොද හොද මාලෝ....හ්....සුරංගනීටත් මාලු දෙන්නෙ අපෙ ලෑල්ලෙන් නංගෙ එන්ඩ.......

ආ....ආ...ඔය දුඹුරු ලමිස්සි....බලයි කනවයි.....මාලෝහ්...සාලායා සූඩයා....වෙල්ල සූඩයා ලාබයි.....

වෙල්ල සූඩයා පන්සීය දෙසිය පනහයි.....

මල්ලි පන්නාවො අලුත්ද....

ඒ හොද වැඩේ...මේ මෙයැයි කියන කතා පිස්සුවක් ඇතැයි ආය මේවා අලුත් බඩු අයියා..කට ලග මූද තියන් පරන බඩු විකුනනවද ඔහෙ මොනව අහනවද මන්දා...දාන්ඩද...දාන්ඩද කිලෝ එකක්?

පන්සීයක්...පන්සීයක් ඇති මල්ලි හිච්චට විතරයි

අයියයියො හිච්චටද්...පන්සීයයි.....ඔන්න පන්සීයට වැඩියි හිච්චට මං ගානෙ තව එකෙක් දැම්මා....ආ එන්ඩ නංගේ.....පන්නාවො....පන්නාවො ලාබයි පන්නාවො...

ම්...ම්හ්...ම්ම්ම්හ්.....

උඩ බෙලි අතට හැරීගන උන්න මං පැත්තට හැරුනා.....ආය අනිත් අතට ඇරුනා ...බැරිම තැන මුනින් අතට හැරුනා .කන්කරච්චලෙ එකා කාරෙට.....හෝන් කරදරේ එකාකාරෙට....වාහන සද්ද කාක්කන්ගෙ ඈඩියාව උදේ පාන්දරම එන කැසට් කරදරේ මේ ඔක්කොම එකාකාරෙට වෙද්දි බැරිම තැන මං නැගිට්ටා ...

දෙයි හාන්දුරුවන්ට ඔප්පු වෙන්න මං තවම හුස්ම ගන්නවා.....මං තවම ජීවත් වෙනවා.....!!!

වහ දාපු පාන් ගිල්ල මන් ඇහැරුනෙ මලකරච්චල් කාර ගෝසාව එක්ක උනත් ඇස් ඇරිලා පලවෙනි තත්පරේම වැටුන හුස්ම එක්ක මට පුදුමාකාර සැනසීමක් දැනුනා...වෙනමොකටවත් නෙවෙ වමනෙ හලලා හලලා බයෙන් බයෙන් නිදාගත්ත මගෙ හුස්ම තවම වැටෙනවා!

මං හිතන්නෙ ලාබ වහ එකක්ද කොහෙද ....

මාලෝහ්...අංජිලාවා...පුලුන්නා...බොල්ලු පැටව්...අලගුඩුවො....කලවන් හොද්දට පතාමැඩි ලාබයි ..ලාබයි.....

මහපොලවට ඉරපායලා...අලුත් ගෙදරක...අලුත් පොලවක අලුත් වටපිටාව එක්ක ඇස් ඇරපු මං නිදිගැට කඩ කඩම තවමත් නින්ද ඉල්ලන අඩමානෙට ඇරුන ඇසුත් පොඩි කර කර එලියට ආව මගෙ නින්ද එක තත්පරෙන් වාශ්ප උනා කිව්වොත් විස්වාසකරනවද.....

තනිකරම මැයි රැළියට වැහුන පාරක් වගෙ....මුලු රැයක් පුරාවටම පාලුවට ගියපු පාර මිනිස්සුන්ගෙන් පිරිලා.....වහදාපු පාන් කාපු මාලු ලෑලි පුරාවටම මාලු වැහි වැහැල.....පියාජියො ත්‍රීවිල්....අයිස් පෙට්ටි බැදපු තැපැල් නයින්ටි.....දුරපලාත්වලට මාලු ගෙනියන ලොරි කොටින්ම මෙ පාරෙ මේ මොහොත වෙනකොට නොතිබුන දෙයක් නැති වෙද්දි මං උන්නෙ ඇස් ලොකු කරගන.....මාලු වට්ටි ඉහ උඩ තියන් යන මැදිවියෙ වැට කඩුල්ල පැන්නත් මහලු වියට මෙහායින් උන්න ඉහ නිකට පැහුන අත්තම්මලා....මාලු ලෑලි ගාවම කොස් කපන උන්....චූන් පාන් කාරයො....තේ විකුනන උන්.....

මං කිව්වනෙ නැති එකෙක් නෑ...නැති දෙයක් නෑ.....තට්ට තනියෙන් රෑ පහන් කරපු පාලුවට ගියපු පාරෙ තනිමකන්න නෑවිදින් උන්න කෙනෙක් නැති වෙද්දි හරි හරියට ගිරිය කඩාගන මාලු කේවල් කරන මිනිස්සු දිහා බලාගන උන්න මං ඒ ඔක්කොමත් පහු කරලා නාඹර අවු රැල්ලත් එක්ක රිදීපාටත් නිල්පාටත් මුහුකරන් දිලිහෙන මහ මුහුද දිහා බලාගන උන්නා...

දින වකවානු නැතුවම මගෙන් ඈතට ගියපු ඩේලියා මල් සුවද නැති අඩුව මගෙ හදවත පළුදු කෙරුවත් මොකද සුදු පුලුන් වලා කැටි පාවෙනනිල් අහසයි...නිල් මුහුදයි...තදම තද නිලට තිබුන දියඹයි අහසත් මුහුදත් හාදු තියන සිතිජයයි ගෙනාවෙම මගෙ ඇස් වලට සනීපයක් වෙනකොට මගෙ හැරුන ඩේලියා සුවද ඇවිදින් පළුදු කරපු මගෙ හදවතට කසිංජි සුවද පිරුන මේ දකුනුකරෙ මටත් හොරාවට පැලස්තර අලවනගමන් උන්නා.....

කාක්කො රෑනයි....ඵොටො එකක් වදින සද්දෙයි නිල් අහසෙ තිබුන ජවසම්පන්න භාවයයි උඩු හුලගෙ ගහන් ආව අලුත් මාලුන්ගෙ පිලී කුයිලෙයි මගෙ මූනට හිනා රැල්ලක් ගෙනාවා.....

ඇස් ඇරපු තත්පරේ ඉදන් විනාඩි ගානක් යනකම්ම මං කෙරුවෙම පින්තූර ගත්ත එක....අහස් ආගාදෙට අසිමාන්තිකව ආදරෙ කරන මම රටා තිය තිය පාවෙන වලා කැටි එක්ක කතා කරපු එක වෙද්දි අහම්බෙන් වගෙ වැදුන පින්තූරෙක උන්න වයසක අත්තම්මෙක් හන්දා මට සුරවීර මහත්තයගෙ ගොඳුරු ලොබෙ හැංන්ගිලා තිබුන අපටත් දවසක ඉරපායාදො කතාවෙ උන්න සිරියාවතීගෙ අම්මව මතක් උනා...

ඔය වාගෙමයි...ඉහෙ තියාගන යන කූඩෙ ...චීත්තෙයි හැට්ටෙයි....ඒ විතරක්ද ඉහට ඉහලින් පියාඹන කාක්කො රෑන ඒ වගේමයි.....සමහර හිස් පිටු අස්සෙ කාබන් වලින් ලියවුන මනුස්ස පරානින් අහම්බෙන් හරි මේ ලෝකෙ කොහේම හරි හුස්ම ගන්නවා!

නෝනට වමනෙ යනවයි නෝනෙ .....මං අහගන දැන් වරුවක ඉදන්...මක්කවත් අජීර්නයක්ද...නැත්තන් හිච්චෙක් එන්ඩ වත්ද කියලා තනියෙන්ම කල්පනා කරලා මං මේ බත් ඩිංගිත්තක් අරන් ආවා...නෝනා ජාඩි මාලු කනවයි?

.........අ..නෙ....

"මාලෝ.....මා....ලෝ........තේජක.....සුදු පුතා .....සුදු මහත්තයා වැටෙන්දද හදන්නෙ.....සාගරිකා....මේ පඩත්තර බල්ලා.....මා...ලෝ.......ආ...අමාකරයො.....පුකට එලිය වැටෙනකන් බුදි නේද....ආ...ආ...ආ...කොල්ලා...මාලෝ....හ්....මා..ලෝ.....හ් සුදු මහත්තයා ඔක්කොම කන්ඩ ඕනා.....සුදු මහත්තයා සමනා...ල්"

මෙච්චර වෙලාම මහ මුහුද දිහා බලන් උන්න මං නාගන්ඩ බලාගන උඩින් පල්ලෙන් වගේ මූන කට හෝඩ අඩියට දෙකට පහලට යනකොට අප්පච්චිගෙ වාහන රෝද පාර විතරක් මිදුලෙ ඉතිරි වෙලා තිබුනා...අම්මා නැගිටලා...අම්මා විතරක් නෙවෙ කානුවෙන් ඇහිදන් ආව එකත් ඇහැරන් මදිවට මං බලාගන උඩට බැනියමක් වත් නැතුව අහැට පේන්නෙ නැති ජංගි කොටයක් ඇදන් පේමන්ට් එකෙ ඉදන් කකුල් දෙකත් දිගෑරන් කොන්දෙ ඉදන් නවාගන මොනවද ගිලිනව...ගිලින්නෙ මිනාද මන්දා ඒකගෙ ඇබිති අතම සුදුපාට වෙලා තිබුනා..හරියටම පාප්ප බාල්දියටක අත ඔබලා වගේ.....

රෙදි වැල ගාව ඉදන් බඩ පපුව අත ගගා උන්න අම්මා වයසක උන්දෙක් එක්ක කතා කර කර බෝගන්විලා පෝච්චි වලට වතුර දානවා

....ඒ ඔක්කොමත් මැද අප්පච්චි ගෙ දෙවනි ගෑනි උදේ පාන්දරම වක්කඩෙ කඩාගන මදිවට මූ විසිහතර පැයක් යන්නත් කලින්ම මාලු විකුනන්න පටන් අරන් තිබුනා.....

"මාලෝ...ලාබයි...ලාබයි....ආ...හොද වැඩේ........මාලෝ....හොදවැඩේ...මාලො...."

මේ හුත්තිගෙ පුතාගෙන් තියන කරදරේ.....කියෝගනම ඉන්නවා

පිටතින් අහිංක වචනයක් දෙකක් කතා කරගන යනකොට නිකනුත් ලාවට වගේ ගොත ගැහෙන වචන පැටලෙන ඔලුවක් උස්සලා කතා නොකර මගෙ යටි හිත මුලු ලෝකෙටම හොරාවටම කුනුහර්ප පැලුවා...අරකා දැලේ එල්ලිගන මාලෝ ගෑවා....කාගෙන් හරි අහුලගන හොද වැඩේ ගාලා බෙරිහන් දුන්නා ඒ ඔක්කොමත් බලාගන මේකගෙ කරච්චලේ ඉවසන්නම බැරි උන මං එතනින් යනගමන්ම කූඩුවට අතදාලා ඔලුවට එකක් ඇන්නා විතරයි මූ මා දිහා රවාගන බලන් උන්නා ඒ ටිකකිම්ම මේකා තටු පුම්බන් මැරෙන්ඩ හැදුවා....

"ආ....ආ...අමාකරයො.....ගානට වැඩී...ගානට වැඩී.....තේජක...."

ඒ....චූටි....මොනාද ඔය කන්නෙ.....

අම්මා තවමත් අර වයසක උන්ද එක්ක කදේ දාගන කියව කියව ඉන්නකොට මං කෙලින්ම නැවතුනෙ කොදු කඩගාන හුස්මක් වත් නොගන මොනවද මන්දා දමාගන රසකරන චූටියා ගාව වෙද්දි ඒකා මොනර පිහාටු අහුරත් ඇගට හේත්තු කරන් ගිල ගිල ඉදලා මං ලගට ආව ගමන්ම මගෙ මූන දිහා බැලුවා මට සංසාරෙත් එක්ක එපා උනා...ඒකගෙ කට වටෙන් එකයි...හරියටම පොඩි කාලෙ සෙරිලැක් කවනකොට කටවට ගාගන්නවා වගෙ...කනකොට දෙවනි පුරුකෙන් එහා ඉදුල් ගාවන්න එපා කිව්වත් මුගෙ අතේ දෙවනි පුරුක හොයන්ඩ නම් චීන කන්නාඩි දාන්න වෙනවා...

ආමාකරයො මේ....පුතාට කිරිබත් දුන්නා....මේ....අයි...අයි...මේ...කිරිබත්...දුන්නා...

මං කටට අත තියාගත්තා...අරකගෙ කට තනිම කිරිපාටයි...කිරිබත් දුන්නලු....මොන කිරිබත් මූ දමාගන අනලා තියන ඇනිලි වලය ඒක කැද වෙලා...

ආ ගාන්ඩ...කෝ....ආගන්ඩ...

ඒහ්..ඒහ්...මට එපා උඹම කාපන් චූටි...

අනේ...අනේ.....රහයිනෙ රහයිනෙ මේවා...මේ..අම්මා පුතාට සීනිත් දාලා දුන්නා...මේ....හරලාගෙ කුක්කුත් තියනවා මේ...

ඒ...මට එපා.....හ්... ඔය හඩු අත ගනින්කො චූටි..මට එපා...මේක පුන්නක්කු වගේ

පුන්නක්කු උනාට රහයිනෙ....ආගපල්ලකො අප්පා.....අම්මා කිව්වනෙ පුතාට ඔක්කොම කන්ඩ කියලා....දැන් බුජිමතක් ඒගනනෙ එන්නෙ පුතාට.....

...........

සීනි ටිකක් දියල්ලකො අමාකර....තා චුට්ටක් ඇති...අම්මා බෝතලෙ හංගලනෙ.....යෝහ්....පුතාට හොයා ගන්න බෑ.....ළමයා පව් අප්පා....අම්මියෙ....සීනි ටිකා...ක්....අමාකරයො සීනි ටිකාක්.....සීනි ඇට දෙකතුනක් දියල්ලකො සුදු මහත්තයා පුතාට.....

අරකගෙ කට වටින් එකයි ...අර ගස්තර කුරුල්ලට හපන් මේ කට...කියවන්න ගත්තම කියවගනම ඉද්දි මං තවමත් මුගෙ පිගානෙ මොනවද තියෙන්නෙ කියන්න හොයන්න දගලලා අවසානෙදි පුන්නකුවක් වගෙ තලපෙ මොනවද කියන්න මං හොයා ගත්තා..

රතු කැකුලුයි සීනියි තවම හරියටම ඝනවෙලාවත් නැති කිරියි...!!

සීනි ටිකක් දියල්ලකො...අමාකරයො...අම්මියෙ...සීනි ඇටයක් දෙකක් දියල්ලකො........විහාරා......

තෙජකගෙ සුදු මැනිකේ....අනෙ අමාකරයො.....දියල්ලකො....ලමයට පව්නෙ....සුදු පුතාට පව්නෙ සුදු මහත්තයො....දියල්ලකො අනේ.....දියල්ලකො.....දීපියො....අනේ....දීපියෝ.....සීනි ටිකක් දීපියො......හ්හ්හ්හ්

චූටි කොහෙන්ද චූටි මෙ.....කෑ නොගහා ඉදින්කො මල්ලි උඹගෙන් තියන කරදරෙ....පිට පැලෙන්ඩ ගහන්ඩ කලින් කියපන් කොහෙන්ද මේ.....

පිට පැලෙන්ඩ ගහන්ඩ....ගහපල්ලකො බාන්ඩ ලමයට.....අප්පච්චිට කියනවා.....

අනේ....දියල්ලකො සීනි ටිකක්....

අරකා තනිකරම ආවේස උන කපුවා වගේ අර මොනර පිහාටු අහුරත් වන වන සීනි ඉල්ල ඉල්ල මායන් වෙනකොට මං ඒකගෙන් මේ කොහෙන්ද අහ අහ ඒකව කන්ඩ හැදුවා .

සීනි දෙන්නම් කොහෙන්ද කියපන්....

සීනි දියල්ලකො.....කොහෙන්ද කියන්නම්....

බෑ දෙන්නෙ නෑ කියපන්...අර අතෙන් එකයි ...කට වටෙන් එකයි...ඊයා....තනිකරම කානු ඌරෙක් වගෙ...කොහොමත් ගෙනාවෙ කානුවෙන්නෙ..... ඔය වගේම තමයි කානුවෙන් ඇහිදන් එනකොටත් උන්නෙ.....චූටි කොහෙන්ද කියපන් ඕක

කොහෙන් හරි...සීනි ටිකක් දීපියලකො......මටෝන් නෑ උඹගෙ සීනිය මන් හොයාගන්නම්...කැතයා උඹ.....කැතයා....කැතයෙක්නෙ.....ඌව්හ්.....අනින්නෙ.....කැතයා

අම්මෙ මෙන්න මේ ඇටයා සීනි ඉල්ලනවා....මේකා සීනි බෝතලේක සීනි කාලා තවත් ඉල්ලනවා අම්මෙ මෙන්න මූ කුසියට දුවනවා....අන්න....අන්න...අරූ සීනි කන්ඩ දුවනවා.....

සුදු පුතා....ඇත්තමයි මං ආවොත් ගුටි දෙනවා....සමනල්...මන් එනඩද ආ.....

" අම්මෙ....හ්...ඇටයා සීනි ඉල්ලනවා අම්මේ.....හ්.....ඇටයො.....ඇටයා...සීනි ඇටයා.....ඒ හොද වැඩේ...හොද වැඩේ..."

මන් කෑ ගැහුවා ....සීනි ඉල්ල ඉල්ල ඉදල මා එක්ක අංකරේට පැටලුන ඇටයා මොනර පිහාටු ටිකත් උස්සන් සීනි හොයන් කුසියට දුවනකොට මං පුලුවන් තරම් අම්මව අවුස්නවත් එක්කම කාටත් ගින්දර දෙන සුසංගතත් කෑ ගැහුවා....

ඒ එක්කම කුසියෙන් මොනව හරි කුඩුවෙන සද්දෙකුත් ආවා වගේම මං බලාගන අරකා මොනර පිහාටුත් එපා කියලා අරකා වැටි වැටි උඩට දුවනවා...

"සලබලාන්....""

අම්මෙ....මෙන්න මූ....සීනි බෝතලෙ බිදලා අම්මෙ.......!

සමනල්.....!!!!

 _________________

චූටි මැනික....අයියත් එක්ක තරහද.....

සමනල් පැටියෝ....අයිගො.....මේ ලමයා තරහ වෙලා....

චූටි.....චූටි වස්තුව....කෝ ඉතින්....අයියා එක්ක තරහද.....කෝ හොද පුතානෙ බයි කන්ඩ එන්ඩ.....අම්මා පව්නෙ...අම්මට සනීප නෑනෙ... ඔයාගෙ අමාකරයා බිත්තරේකුත් බැද්දනෙ පුතාට....අයියා කවන්නම් ම්ම්ම්..දැන් හැන්දෑවෙන්නත් එනවා....අයියා කවන්නද මගෙ පුතාට....

මටෝන් නෑ....මන් තරහා වෙලා ඉන්නෙ...මටෝන් නෑ කාවත්....මං අර නටන අයියත් එක්ක යනවා...මටෝන් නෑ...මටෝන්...න්...න්..නෑ...ගැව්...වා...ල..මයට.....ගැ....ව්..වා...

ආ..ආ..ආය අඩනවා....දැන් ඉතින් තරහා නම් මොකද මගෙ ලගට ආවෙ....ම්ම්ම්...නටන අයියා එක්ක යන්ඩ ඒ අයියා ඔයාව දන්නවද.....නෑනෙ...අපි දන්නෙ නෑ ඒ අයියා ඔයාව අල්ලන් ගිහින් කරෝල වාඩියකට දුන්නොත්....බත් නොකන ලමයිව තමයි වාඩි වලට අරන් යන්නෙ... අරන් ගිහින් වැඩගත්තොත් අපි දන්නෙ නෑ ...කෝ හොද ලමයනෙ....අයියා කවන්නම්.....

ම්හුක්.....මටොන් නෑ....මං යනවා කරෝලා වාඩියට.....එහෙ කරෝලත් තියනවා ...මාව දීලා දාපල්ලකො...මන් තරහ වෙලානෙ ඉන්නෙ...මං ගිහින් කරෝල විකුනනවා...මට ඉස්කෝලෙ යන්ඩ බෑනෙ අමාකරයො....මූදු යන්ඩ දීපල්ලකො ලමයට....ල්..ලමයට....

අයියගෙ වස්තුවනෙ ඔයා....කෝ අඩන්න හදන එක නවත්තන්න...

ම්හුක්...නෑ...අමාකරවයව එපා...මං වස්තුවක් නෙවෙ...මං පුතෙක්

හා...වස්තුවක් නෙවෙ පුතානෙ.....පුතානෝට එහෙනම් කාවද ඕනෙ....

වෙන අයියෙක්ව හොයා දියල්ලකො....ම්හුක්.....ගැහුවනෙ....පුතාට......බුදු සාදූ ...වෙන අයියෙක් දියල්ලා පුතාට

රන්ඩු කෙක්කක්.....මුලු කුසියෙන් එකක් සීනි එක්ක පිටි ඉහිරිලා තිබුනා.....ඒකා කුඩු කරලා තිබ්බෙ සීනි බෝතලෙ විතරක් නෙවෙ සීනි බෝතලෙ තනිය මකන්න පිටි බෝතලෙත් කුඩු කරලා...පොඩි තට්ටම රත් වෙන්න පාරවල් දෙකයි වැදුනෙ මිනිහා හැන්දෑවෙනකනුත් බඩගින්නෙ.....

ඒක මේකගෙ හැටි...මූ පොඩි කාලෙ ඉදම්ම මෙහෙමයි....නොසෑහෙන්න පලිගන්නවා....අවුරුද්දක ඉදන් දුක කියනවා.....

අපෙන් පලි ගන්ඩ නොකා නොබි අඩ අඩ අහුමුලු ගානෙ රිංග රිංග හුචු හුචු ගාපු සමනල පැටියා මා එක්ක තරහයි කියකිය රිංගුවෙ මගෙ අස්සටම වෙනකොට මගෙ අත උඩ නිදාගන උන්න ඒකා අර පොඩි අඩු බඩු ඔක්කොම මගෙ ඇගට දාගන ආයම කදුලු බොන්න හදනකොට මං ඒකගෙ පැත්ත හැරුනා වගේම මං ඒකවත් මගෙ පැත්ත හරවන් තුරුල් කරගත්තා...

ඔයාට බඩුවක් පෙන්නනද ....

ම්හුක්...කාගෙ බඩුවක්ද.....

ඔයාගෙ

ම්ම්ම්..ම්හුක්....මගෙ මොන බඩු...වද....

ඇඩිල්ල නවත්තන්න අයියගෙ හොද පුතානෙ...දැන් අප්පච්චි ආවොත් ආයම බැනුම් අහනවා.....මං ඔයාව රැල්ලක් පාගන්න එක්ක යන්නම් හොදද...කෝ අඩන්නෙ නැතුව ඉන්න

හුම්....අඩන්...නෑනෙ....අ..අමාකරයො....පුතා....අඩන්නෙ....නෑනෙ...සාදූ.....මට වෙන අයියෙක් එපා....අමාකරයවම...තියපියෝ.....එපානෙ...මගෙනෙ.....කෝ බඩුව.....

මේ ඉන්නෙ...මේ ඔයා චූටියා කාලෙ...අයිය ගාව තියනවනෙ ඉතින්....

මේ සමනල්ද සුදු මහත්තයා.....මේ මන්ද අමාකරයො.....මේ ඉන්නෙ පුතා චූචි සමනලයා කාලෙද අයියෙ....ඔව්...පුතා චූටියා කාලෙද....

මං බලාගන උන්නා....අඩ අඩ උන්න එකාට ඒකගෙ ඇබිති කාලෙ ඵොටො එකක් දෙකක් පෙන්නුවා විතරයි මෑන්ගෙ ඇඩිල්ල කොහෙන් ගියාද නැති වෙද්දි අනෙ මං බලාගන අර චූටි මූන දිලිසෙනවා....

හ්ම්...චූටි සමනලයා තමයි.....ඔය ඉන්නෙ ඔයාව කානුවෙන් ඇහිදන් ආව මුලම!!!!

*

*

*

සුදු මහත්තයා මල්ලිව බලාගන...සමනල් අයියව දාලා දුවනවා නෙවෙ තේරුනාද....කෝ ආ ගන්ඩ මේ අන්තිම බයි කට

එපානෙ...ඇතිනෙ...අනේ....ඇතිනෙ අම්මියෙ...අමාකරයො මේ සූට් එක එපානෙ...පුතාට පාගන්න බෑනෙ...දික් කයිසමක් එපානෙ.....කොට කයිසමක් අන්දපල්ලකො...

"පුතාට කොට කයිසමක් අන්දපල්ලකො...පුතාට අන්දපල්ලා...පී....පෝ...පී....පො..........පී.....ප්.....පී....ප්"

මං හිතන්නෙ රැල්ල පාගන්න ඕන කියපු හන්දද කොහෙද සමනල් පැටියගෙ බත් ඇටයක් යාගන්න ඉඩ නැති බඩේ ඉබේටම බඩ හැදුනා...බත් ගුලියක් කවාගන්නවා...උගෙ බෝලෙ ගේන්ඩ දුවනවා...බත් ගුලියක් කවා ගන්නවා ආයම වෙන සූට් එකක් අන්දපල්ලා ගගා වෙන අහකට දුවනවා.....ඒකා දුවන්නෙ කොහෙද අරකත් පිහාටු පුම්බන් දුවන දුවන පැත්ත බල බල කෑ ගහනවා...පොඩි ඇටයා කියන්නෙ මොනාද මේකත් ඒකම කියවනවා...කොටින්ම මෙහෙ ආවත් හරි විසි හතරපැයක් යන්න කලින් මූ වාහන වල හෝන් එකත් ඉගන ගන මලකරච්චලේ බැරිවෙද්දි මේ සූට් එක එපා කියපු ඇටයට කොට කලිසම් කෑල්ලක් අන්දවන් සිප්පි කටු ඇහිදන් එන්න උරේකුයි උගෙ බෝලයි....වැලි හාරන සෙල්ලම් සවලයි අනේ මුගෙ මුලු සෙල්ලම්බඩු මංගල්ලෙයි අරන් මාත් අඩු වයසෙන් පැනලා ගියපු එක් දරු පියෙක් වගේ ඒකවත් අතින් මිරිකන් ගේට්ටුවෙන් එලියට බහිනවත් එක්කම අම්මා මගින් මගටම කානුවෙන් ඇහිදන් ආව එකාට එක එක කිව්වා...අප්පච්චි ගෙ හොර ගෑනිත් අම්මා කියන්නෙ මොනවද ඒකම රිපීට් කෙරුවා...

චූටි දුවන්න එපා චූටි.....

සමන්ල් ඔහෙ දුවන්න එපා....

කොල්ලො අම්මා.මොනවද කිව්වෙ...ඔහොම ඉන්නවා මං බෝලෙ ගේන්නම්...

මල්ලි...

සමනල් එපා...

මං හිතන්නෙ මං අල්ලගත්තෙ කොටි වල්ගයක්....අරකා වැලි නෑවෙ නෑ වැලි කෑවා.....සිප්පි කට්ටෙන් සිප්පිකට්ට ඇහිද ඇහිද උන්න මිනිහට මුහුදු රැල්ල පෑගුනා විතරයි පෝයට පිස්සු තද වෙන එකා වගේ එහා මෙහා දුවනකොට මං ඒකගෙ පස්සෙන් දිව්වා.....

බෝලෙට පයින් ගගහා පයින් ගගහා ඒකා බෙරිහන් දුන්නා ..හූ කිව්වා...හිතු මනාපෙට වැල්ලෙ පෙරලුනා....පෙනකැටි පිරුන් රැල්ල එනවා දැක දැක අර වතුරෙ පෙරලුනා.....

අමාකරයො....අනේ බින් ගෙයක් හදමුකො.....

අනේ ගෙයක් හදමුකො....

පුතා එක්ක කෝම්පිට්ටු ගහන්ඩ වරෙල්ලකො.....

ඒකා හුස්මක් කටක් නොගෙන මට අරක කරමු මේක කරමු ගාද්දි ඔක්කොටම හා හුම් ගගා උන්න මං කෙරුවෙ බොම්බයිමොටයි පාට වෙලා තිබුන අහස දිහා බලාගන අහස් ප්‍රේමෙන් ඔත්පල වෙලා...

මල ඉර මුහුදෙ ගිලෙන්න හදනවා...අහස් ආගාදෙ උච්චිය නිල්ම නිල් පාටට තිබුනත් මොකද මහ මුහුදෙ දියඹට හාදු තියන පලාතම ලා රෝස වෙලා තිබුනා...සමහරක් හරි දම්.පාට වෙලා තිබුනා.....

තවත් සමහරක් පැස්ටල් තැඹිලිපාට වෙලා තිබුනා....

පුදුමාකාර ලස්සනයි.....නිලට නිල් ගැහුන ගොයමට ඉහලින් ගම්තුලානට ඉරපායනවා වගේමයි වෙරලකරේට ඉරබැහැගන යන හොරාව කියන්නෙ වචන වලට පෙරලන්න බැරි තරම් ලස්සනයි....

කසිංජි සුවද එක්ක බෝට්ටු එන්ජින් වලින් එන භූමිතෙල් සුවද....කවදාවත් මේ වෙරල කරේ දාලා නොයන මාලු පිලීකුයිලෙ මැද අහල පහල ගෙදරක වලදක් දෙකක් රත් වෙන සුවද ආවා....

ඕඩි හෙලෙයි හෙලෙයියා.....

ඕ...ඩි...හෙලෙයි....හෙලෙයියා.....

මන් බලාගන උන්නා...පරන පාට උන අත් දිග කබා වලට කොට කලිසම් ඇදන් උන්න පිරිමි සමහරෙක් තොප්පි දාහන උන්නා...සමහරක් චීත්ත රෙදි බාගෙකින් ජටාවක් වගේ බැදගන උන්නා....පොල් ගස් කදන් දෙකක් හරි වෙන ගස් කදක් දෙකක් උඩ හරි තිබුන තෙප්පමක් වෙරලෙ ඉදන් තල්ලු කරගන කරගන ගිහින් රැලි බොක්කත් පහුකරලා අවනෙදි වෙරලට ගහපු රැල්ලා ආපිට මහ මුහුදට ඇදෙනවත් එක්කම රැල්ලත් එක්ක මහ මුහුදට ගියා...

ඕඩි හෙලෙයි හෙලෙයියා ගාන සමහරක් අශ්ව බල මෙච්චර ගානයි කියල ගහපු යමහා එන්ජින් හයි කරාපු අර පුතා...මේ පුතා තෙරුවන් සරනයි....බුදු සරනයි කියලා ගහපු බෝට්ටු එක පේලියට මහ මුහුදට පා කරන ගැටි මං බලාගන උන්නා....

අයියෙ ...අයියෙ .....බෝලෙ ..අයියෙ බෝලෙ යනවා...අමාකරයො....අනෙ...පුතාගෙ බෝලෙ...අප්පිච්....චීහ්.....

සුදු පුතා ...මල්ලි...චූටි එපා...චූටි අයියා ගේන්නම්...චූටීහ් ....

මාව ගැස්සිලා ගියා....අහස් කුසත් මහ මුහුදත් බූමිතෙල් සුවදත් ලා කහපාට වැල්ලෙ පාටත් විතරක් නෙවෙ මේ මුලු දකුනුකරේ එක්කම දශමෙන් දශමෙ ප්‍රේමෙන් වෙලි වෙලි උන්න මාව ගැස්සිලා ගියා...මගෙ ගාව ඉදන් වැලි හාර හාර පුලුවන් තරන් වැලි නනා උන්න සමනල පැටියා දුවනවා...ඒකගෙ බෝලෙ ඒ චූටි කකුල් වලට අල්ලගන්නවත් බැරි වේගෙකින් රැලි බොක්කට දුවනකොට කොල්ලට දුවන්න එපා ගගා මං ලමය පස්සෙ දිව්වා....

සමනල් නවතිනවා...අනේ චූටි බෝලෙ ගියදෙන් මල්ලි.....නවතිනවා

මන් බෙරිහන් දුන්නා ..ලමයා දුවනවා එක්කො කොල්ලට දුවන එක නවත්තගන්න බෑ...හුලන් පාරයි.....පෙරලෙන වේගෙයි එක්ක බෝලෙ අවසානෙදි රැල්ලත් එක්ක මහ මුහුදටම ඇදීගන යනවත් එක්කම පොඩි එකා බෙරිගන් දීගන තවත් හයියෙන් දුවනවත් එක්කම මං කොල්ලට යටිගිරියෙන්ම කෑ ගහනවත් එක්කම උඩට කද නිරුවත් කරගන මහ මුහුද බලාගන උඩට උන්න සුදු සරුම් කාරයෙක් එකපාරම හැරිලා රැල්ලට දුවන් යන කොලු පැටියව තනි අතින් අල්ලගත්තා වගේම දුවගන යන යාමටම කකුල් වලට බ්‍රේක් නැතිමාවත් හොම්බෙන් යන්න යනවත් එක්කම සමනල්ව තනි අතට අඩමානෙට වඩාගත්ත අර සුදු සරුම් කාරයා කඩාගන බිදගන ඇවිදින් හොම්බෙන් යන්න ආව මාව වැටෙන්න නොදී බේරගන්න මගෙ ඉස්සරහින් පවුරක් බැන්දා...!!

හයිය හත්තිය තියන පවුරක්...කසිංජි පාරටවත් නොදිරන පවුරක්!!

වෙන මොකවත් නෙවෙ...,

ඉර අව්වට පිච්චුන කිරි කෝපි පාට පපුවක්!!

සමනල්වත් මාවත් දෑතින්ම අල්ලන් උන්නෙ අර නැට්ටුක්කාරයා...හීන් වෙච්ච ඇස් දෙක....දත් බුරුසුව කිටි කිටියට හිරකරන් උන්න කටවටම රොස පාට දත්බේත් පෙන තිබුන මූනෙ තිබුන බැල්ම එක්ක මගෙ ඇස් නම් බයටම ලොකු උනත් මොකද හූන් පැටියෙක් වගෙ ඒ අතේ එල්ලි එල්ලි උන්න කානු මෑන් නම් නැට්ටුකාරයව උපන්දා ඉදම්ම දන්නවා වගෙ කෑ ගහන්න ගත්තා....රතු පාට ඇස් වල තිබුන තරවටු බැල්ම දැකපු මගෙ කකුල් දෙකෙ ඉදම්ම පන යන්න ආවා

අනෙ...අමාකරයො...මේ...මගෙ නටන අයියා.....අයි...අයි...පුතාගෙ නටන අයියා.....!!!

නටන.....අයි...යා...?????

LOVE YOU!

More Chapters