WebNovels

Chapter 2 - Chapter 1

එළියෙන් ඇහෙන කතා සද්දෙට මම ඇහැරුනේ නිකන්ම වගේ. ඇස් අරින්න හදලත් ඒ තප්පරේම ආයෙම වහගන ඩුවට් එක අස්සට තවත් මම ගුලි වුනේ රූම් එකේ තිබුන එළිය මගේ ඇස් වලට එකවරම දරාගන්න බැරි වුන නිසා. Windows වලට දාලා තිබුන curtains වහලා තිබුනත් මගේ bed එකට උඩින් roof එකේ තිබුන Sky window එකෙන් මුළු room එකම ඕනවාටත් වඩා එළිය වෙලයි තිබුනේ.

" Fuck "

ඇස් ඇරපු පළවෙනි මොහොතෙම හීනියට උනත් නිදිබර voice එකකින් මං අතින් කියවුනේ එච්චරයි.

අද දවස ගැන මගේ හිතේ තිබුන uneasy feeling එක නිසාම මට කලින් දවසේ රෑ හරියට නිදා ගන්න උනේම නැති තරම්. ඒ නොසන්සුන් ගුප්ත හැගීමට පුළුවන් උනා මාව පාන්දර වෙනකන්ම ඇහැරවලා තියන්න. ඒ මුළු කාලය පුරාවටම මගේ හිත දාහක් මතක අස්සේ මාව අතරමං කරලා දැම්මා.

මේ වෙනකොට ඩුවට් එකට යටින් ඉඳන් උනත් ඇස් දෙක ඇරගන මම හිටියත් මොකක්ම හරි හේතුවකට මගේ සිහිය තිබුනේ මම වත් නොදන්න කොහේදෝ දුරක. ඉතිං ඒ නිසාම වෙන්න ඇති මම මේ ලෝකේ දකින්න අකමැතිම මනුස්සයා මගේ room එකේ door එක ඇරගන එනවා වත් අඩු ගානේ මට ඇහුනේ නැත්තේ.

" Good morning Baby brother !

මොකද මේ අද තාම නිදි ආහ් ?? "

වෙනම සිහියක හිටපු මගේ අත එක්වරම ඩුවට් එක ඇතුලෙන් මම මගේ පපුවට තියලා තඳ කරගත්තේ, ඒ voice එක ඇහුන හැටියෙම බය වුන පාර මගේ හදවත එතනම නතර වෙන්න වගේ ගැහෙන්න පටන් ගත්ත නිසා.

ඉහළට ගත්ත මගේ හුස්මවත් මට පහළට දාන්න ඕන උනේ නෑ. මොකද.. මොකද.. මේ තමයි මට මේ වෙලාවේ දකින්න ඕන අන්තිම කෙනා. මගේ නින්ද මටත් හොරෙන් අයිති කර ගත්ත කෙනා.

නමින් නිෂ් නිකොලායි.. මගේ කසීන්. හරියටම කීවොත් මගේ අම්මාගේ නංගිගේ එකම පුතා. But for me.. It's my worst nightmare..

" It's been months now. Atleast show me your face bro.. "

"නැගිටහන්. බලපං දැන් වෙලාව කීයද කියලා"

නිෂ් කිවේ ඇද උඩින් එකවරම වාඩි වෙන ගමන්. ඩුවට් එකට යටින් මම තව ටිකක් ගුලි වුනේ මගේ හදවත එකසිය ගානට ගැහෙන්න පටන් ගනිද්දී.

" මමා... Look at this boy... still sleeping like a baby..."

නිෂ් කීවේ ටිකක් සද්දෙන්. මේ වෙලාවේ නිෂ් ගේ මූණ මට පෙනුනේ නැතත් I'm for sure ඒ කටකොනේ හිනාව නම් අඩුවක් නැතුවම ඇති. ටයිල් එකේ rhythm එකකට වදින high heel සද්දේ ලන් වෙනකොට, ලාවට door එකේ handle එක කැරකෙන කොට මම ඩුවට් එක ඇතුලේ ඉඳන්ම ඇස් පියාගත්තා.

" God ! this child ! මං හිතුවේ නැගිටලා වොෂ් දාලත් ඇති කියලා.. "

අම්මා එහෙම කියනකොට නිෂ් ලාවට හිනා වෙනවා මම අහගන.

" පුතු එනවා කියලා රෑම මං කියලා තිබුනෙත්. බලන්නකො ඇහෙනවද කියලා අපි මේ කියන එකවත්.."

" He must be tired momma.. My poor little boy... "

නිෂ් ගේ කටහඩ මේ වෙලාවේ ආදරේ උතුරන එකක්. ඒකේ කතා දෙකක් නෑ. ඒ..ඒත්.. ඒත්..

" Tired of what Nish ? උදේ ඉදන් රෑ වෙනකන් මේ රූම් එකේමයි කන්න බොන්නවත් එළියට එන්නේ නෑ මේ ළමයා. "

" ඇත්තද Prince මේ කියනේ ම්ම්ම්..."

ඩුවට් එකට උඩින් නිෂ් මගේ ඔළුවට අත තියන ගමන් ඇහුවේ ඩුවට් එකට යටින් හිටපු මම ඒ පොඩි ස්පර්ශයට එකවරම ගැස්සිලා යද්දී. නිෂ් ට ඒක දැනුණා. I'm for sure. ඒත් ඒ අත එතනනින් දශමයක් වත් හෙලවුනේ නෑ.

" නිෂ් තමා මේ ලමයව හුරතල් කරන්නේ."

අම්මා එහෙම කියද්දී නිෂ් ටිකක් සද්දෙන් හිනා වෙනවා මට ඇහුනා වගේම ඒ ගමන්ම වගේ,

" ආව් මමා... "

නිෂ් එක වරම ඇදේ පිටි පස්සට වුනා. දැන් නිෂ්ම මට කිට්ටුයි. ඕනවාටත් වඩා.

" දෙන්නේ දෙකක් මං ! ඇද කරනවට. ඉන්නේ නම් යෝධයෙක් වගේ. ඒ උනාට හුරතලේ බලන්න ඕන. "

" I'm a gentle giant anyway... right මමා ?? "

අම්මාගේ හිනාවෙන් මුළු room එකම පිරිලා ගියා. ඒක ඇත්තටම ලස්සනයි. ඒත්.. ඒත් ඒ..ත් ඇයි මට මෙන්න මෙතනින් අමුතුවට දැනෙන්නේ ඒ අය ඒ විදියට කතා කරනවා ඇහෙද්දී.. හරියට කවුරු හරි ඉදිකටුවකින් කොනිති ගහනවා වගේ.. මෙන්න මෙතන. මගේ අත නතර වෙලා තිබුනේ මගේ පපුවේ වම් පැත්ටට වෙන්න.

" Okay .. Okay..

Mr.Gentle giant , Come down for breakfast පුතූ. "

මට ඇහුණා නිෂ් ලාවට " okay " කියලා මුමුණනවා. අම්මාගේ high heels වල සද්දේ ආයෙම ඇහෙන්න ගත්තා වගේම ටික දුරක් ගිහින් නතර වුනා.

" තේව්.... මං ආය කියන්නෑ! ඊලග පාර මං එන්න කලින් නැගිටින්න ඕන තේරුනාද? "

ඩුවට් එක අස්සෙන් දැනටමත් වහගන හිටපු මගේ ඇස් තවත් තද වුනා වගේම මට ලාවට හිනාවක් ගියා. ඒක සමච්චල්ම එකක්. මොකද මම ඔය වචන ටික බලාපොරොත්තු වුනා. අම්මාගේ high heels වල සද්දේ ඈතට ගියා වගේම ටිකකින් ඇහෙන්නෙම නැතිව ගියා.

ටික වෙලාවක් යනකන් කිසිම සද්දයක් තිබුනේ නෑ. ටික වෙලාවක් කීවට වින්ඩි දෙක තුනක් වෙන්න ඇති. ඒත් මට දැනුනෙම පැය ගානක් වගේ. හේතුවක් නැතුවම කාලය ඕනවටත් වඩා හෙමින් ගත වෙනවා වගේ.

" Why are you hiding your pretty face? .. ම්ම්ම්.. නැගිටපන් prince. දැන් ඇති."

නිෂ් කිව්වා. මට ඇහුනා. ඒත් මම, එහෙම්මම හිටියා. මට මේ ඩුවට් එකට ගුලි වුනේ ඒක මත මගේ මුළු life එකම depend වෙනවා වගේ. මොකද මේ වෙනකොටත් මගේ හදවත එළියට පනින්න තරම්.

"ගිෆ්ට් එක්කුත් තියනවා බලන්න ඕන නැද්ද?"

" ඉස්සර නං මෙහෙම නෑ. ගිෆ්ට් එකක් කීවොත් ඕන දෙයක් කරයි.. එහෙම නේද .. ම්ම්ම් මගේ පුංචි කුමාරයෝ.... "

අන්තිම වචන ටික නිෂ් කීවෙම හිනාවක් එක්ක. මම ඇස් දෙක තව ටිකක් තද කරගත්තා.

" okay then.

මම එහෙනම් breakfast ගන්න යනවා.. Come down when you're ready prince. "

මං සද්දයක් වත් නැතුව හිටපු නිසා එහෙම කියලා නිෂ් ගියෙ ඩුවට් එකෙන් එළියට නිරාවරණය වෙලා තිබුන මගේ කකුලත් හෙමීට පිරිමැදගන. මං දැනුනේ නැති ගානට එහෙම්මම හිටියා. හෙලවුනේ වත් නැතුව. ඒත්.. ඒ පොඩි ස්පර්ශය පවා මට ගෙනාවේ හුස්ම හිර කරවන හැඟීමක්.

ආයෙමත්.. ආයෙමත් මං ඒ අපායටම වැටුනා.

මගේ ඇස් තෙත් වීගන එද්දිම ආයෙත් කව්රුත් රූම් එකට එන්න කලින් මං නැගිට්ටා. බාත්රූම් එකට ගිහින් දොර වහගත්ත මම mirror එකෙන් පේන මං දිහාම බලාගන හිටියා. ආයෙමත් .. එකම දේ වෙන්න යන්නේ.

God ! තව කොච්චර කල් මෙහෙම ඉන්නද මං?

වොෂ් එකක් දාගන මම ලෑස්ති උනා ඈතට යන්න. ඔව් මේ ගෙදරින් පුලුවන් තරම් ඈතට. අද දවසට විතරක් වත්.

මම ලෑස්ති පහළට යනකොට නිෂ් අම්මා එක්කන් සෝෆා එකේ වාඩිවෙලා ලොකු කතාවක්. දැක්කත් ඒ පැත්තවත් නොබලා මම යන්න ගියේ. ඒත් අම්මාගේ කටහඬ මාව නතර කරා.

"තේව්.. කොහෙද මේ යන්නේ?"

අම්මා අහනවා ඇහුනත් හරි මම ඉස්සරහට තියන්න ගිය අඩිය ආපස්සට අරන් නතර වුනා. ලොකු හුස්මක් අරන් පාත දාපු මම,

"එළියට"

"කාත් එක්කද?"

"යාලුවෝ එක්ක"

"මොන යාලුවෝද? නටන් නැතුව ගෙදර ඉන්න පුතා. මාස ගානකින් අයියා ගෙදර ආව දවසේ වත් ගෙදර ඉන්න බැරිද? "

ඒ වෙලාවේ තමයි මං ඒ පැත්ත බැලුවේ. නිෂ් සමච්චල් හිනාවක් එක්ක සෝෆා එකට හේත්තු වෙලා අත්දෙක බැඳගන බලාගන හිටියා. ඒ කලු පාට ඇස් නතර වෙලා තිබුනේ මම ලඟමයි. මං මොකුත්ම නොකියා බලාගන හිටියේ ඊළගට ඌ මොනවා කියයිද කියලා උනත් තප්පර ගානක් යනකන්ම කිසිම ඒ මූණේ කිසිම වෙනසක් තිබුනේ නෑ. මගේ හිතේ තිබ්බ කේන්තිය මගෙ මූණෙන් පේන්න තිබුනේ නැතත් කාටත් වඩා හොඳට මාව දන්න නිෂ් කට කොනින් හිනා වුනේ නොපෙනුනත් ඒක දැක්ක ගානට.

ඒ හිනාව !

මට පේන්නම බැරි මේක තමයි.

" Oh momma ! Young Boy කෙනෙක් උනාම එන්ජෝයි කරන්න ඕනනේ.. ඔන්න ඔහෙ මල්ලිට යන්න දෙමු. "

ඌ කීවේ මට උදව්වක් වෙන දෙයක් වුනත් මට ඒකෙන් කිසි හොඳක් දැනුනේ නෑ. මොකද නිෂ් කියන්නේ වාසියක් නැතුව කටින් වචනයක් වත් කියන මනුස්සයෙක් නෙවෙයි. ඒ නිසා මගේ හිත ඇහුවෙම කවදාවත් නැතුව ඇයි මේ කියලා විතරමයි. මොකද උගේ හිනාවේ අඩුවක් පේන්න තිබුනේ නෑ.

ඒත් එක්කම අම්මාගේ ෆෝන් එක ring වෙන් සද්දේ ඇහුනෙත් අම්මා ඒක ගන්න excuse කරලා එතනින් ගියෙත් එකම වෙලාවේ. ඒ නිසාම මං මොකුත්ම නොකියා ආයෙත් යන්න හැරුනෙ අම්මා නිෂ් කියන දේකට කවදාවත් මොකුත් නොකියන හින්දා. ඒත්,

" යමු මං ඩ්‍රොප් කරන්නං "

living area එකේ තිබුන ඉදිකටු තුඩක් වැටෙන සද්දේ ඇහෙන්න තරම් නිෂ්ශබ්දතාවය බිදගන මට ඇහුන නිෂ් ගේ වචන දෙක තුන නිසා යන්න ගිය මම ආයෙම වතාවක් නතර වුනේ මගේ කේන්තිය උපරිමේටම වැඩි වෙද්දී. නිෂ් එක්කන් මම එකට එක කියන්නේ කලාතුරකින්. එහෙම කරන්නෙම නැති තරම් ඒත් මොකක් හරි හේතුවකට මම අද එහෙම කරා.

" මට තනියම යන්න පුලුවන් "

" අද විජිත නෑ ඔන්න ඔහෙ මා- "

" ඕන නෑ කීවනේ!! "

මං එහෙම කියාගන හැරුනේ අම්මා ආය එන්න කලින් නිෂ් ගැලවිලා යන්න බලාගන. ඒත් එතකොටම,

"ඕනෙ නෑ????"

මං එතනම නතර උනා. .

නෑ මාව නතර කරා..

ඒ වචන දෙක මාව නතර කරා..

ඒ . . ටෝන් එක . .

ඒක මම් හොඳටම දන්නවා..

තප්පර දෙක තුනකට මාව අඳුරු ආගාධෙකට ඇදලා දැම්මා වගේ මට දැනුනේ. මං නතර උන තැන ඉඳන්ම ආයෙම නිෂ් දිහා හැරිලා බැලුවා. මං හැරෙද්දිත් ඒ මූණේ තිබ්බ සමච්චල් සහගත හිනාව,තවත් වැඩි උනේ හරියට මගෙ හිත කියවලා වගේ.

***

මම හිටියේ නිෂ්ගේ වාහනේ පැසෙන්ජර් සීට් එකට වෙලා shutter එකට ඔළුව තියන් එළිය බලාගන. ඒත් මගේ හිත මම වත් නොදන්න කොහෙදෝ දුර ඈතක අතරමං වෙලා තිබුණේ මටත් නොදැනීමයි.

මිනිස්සු හරි ගුප්තයි. එක එක අය එක එක විදියයි. අම්මට යාළුවෝ එක්කන් එළියට යනවා කීවට මොකද මට ඇති යාළුවෙක් නෑ. මං දන්නෑ මොන හේතුවකටද කියලා ඒත් මට පොඩි කාලේ ඉඳන්ම යාළුවෝ නෑ. මට උවමනාවක් නොතිබුනා නෙවෙයි. ඇත්තම කතාව මට හෙන කැහිල්ලක් තිබ්බා කාලයක් යාළුවෝ ඕනයි කියලා පොඩි ලල් එකක් දාන්න කට්ටිය සෙට් වෙලා කුප්ප වැඩ කරන්න. ඒත් අනික් ළමයින්ට මාව හරිගියේ නෑ. සමහරවිට ඒ මං ගොඩක් සයිලන්ට් කැරැක්ටර් එකක් නිසා වෙන්න ඇති.

ඇත්තම කීවොත් මං කතා කරන්නේ මට කතා කරොත් විතරයි. ඒ ලොකු කමකට නෙවෙයි. මං ගොඩක් වෙලාවට දන්නේ නෑ මොනවද කියන්න ඕන කියලා. අනික හේතුවක් නැතුව කතා කරන එක හෙන අමාරු වැඩක් වගේ මට හිතුනෙම. ඒකෙන් මේකෙන් උනේ කට්ටිය මාව හලපු එක මට හින්ට් පාස් කරපු එක කට්ටිය අතින් මාව bully උන එක.

මං හය වසරට එනකන්ම හැමදාම උනේ ඒක. පන්තියේ හැමෝම එකට කද්දී මං කෑවේ තනියම. Interval එකේදි පැත්තකට වෙලා අම්මා හදලා එවන කෑම එක මං පාඩුවේ කෑවා. සමහරදාට හිත රිදෙන එක වැඩි කමට මං ඒක එහෙම්ම ගෙදර අරං ආවා. මං ඉතිං කරන්නෙම අනික් ලමයි එකතු වෙලා සෙල්ලම් කරනවා බලාගන දුක් වෙන එක. ඒ දවස් වල මං හරියට අඬනවා. අඬන්නේ නැති දවසක් නැති තරම්. එහෙම දාට හැමෝම මට හිනා උනා මං ගෑනු ළමයෙක් වගේ කියලා.

ඒවා මතක් වෙද්දිත් මට මං ගැනම දැනෙනේ දුකක්. එක අතකට කේන්තියක්. ඒත් කල් යද්දී වෙච්ච හැමදේම කණපිට පෙරළුන එකයි වුනේ. අන්තිම වෙද්දී මං උන් දිහා බැලුවත් ඇති උන්ට බයේ ඇකිලෙන්න. පිස්සු හු#තෝ ටිකක් ආව මෙතන මාව මඩවන්න.

මං කල්පනා ලෝකෙන් එළියට ආවේ වාහනේ යන්න ඕන පාරේ නැතුව වෙන පොඩි අතුරු පාරකට හැරෙව්වම. මං පපුව ගැහෙන සද්දේ මටම ඇහෙන්න තරම්. මං නිෂ් දිහා බැලුවේ නෑ. නෑ ඇත්තටම මට බලන්න ඕන නෑ. රබර් වත්තක් මැදින් තියන පාරක් මේක. බලු බල්ලෙක් නෑ මේ වෙලාවට. මහ මූසල පාටයි. මේක මට අළුත් දෙයක් නෙවෙයි. මේ පාරේ මේ විදියටම නිෂ් එක්ක ගණන් කරන්න බැරි තරම් වතාවක් ගිහින් ඇති. ඒත්.. ඒත් තවමත් මට දැනෙන්නේ පළවෙනි වතාව වගේ. තමවත් මගේ හදවත ගැහෙන්නේ පළවෙනි දවසේ වගේ. Because ... Because,

I know what's going to happen next..

ටිකකින් මට දැණුනා තාමත් drive කරන ගමන් ඉන්න නිෂ් ගේ අතක් මගේ කළවා උඩින් තියනවා. ඒත් එක්කම මට දැනුනේ මුළු ඇඟ පුරාම හිරියක් යනවා වගේ feeling එකක්. ඒ ස්පර්ශය මට ගෙනවේ දරා ගන්න අමාරුම අපහසුතාවයක්. මට දැනුනේ ඒක හරි බරක් වගේ. අයින් කරනකන් හුස්මක් ගන්න අමාරුයි වගේ.

ඒත් මම ඒ කිසි දෙයක් පෙන්නන් නැතුව හැඟීම් විරහිත මූණකින් shutter එකට ඔළුව තියාගන කලින් විදියටම හිටියා. මම හිටියෙම උගේ අත ගැන මට ගානක්වත් නැති විදියට. ඒත් හිත ඇතුලින් මට දැනුනෙම මාව ගිනි ගන්නවා වගේ. කොච්චර පුරුදු උනත් මේ වෙලාවට දැනෙන හැඟීමට මං වෛර කරා. වාහනේට නැග්ගත් හරි නිෂ් මොකුත් කීවේ නෑ. එකම එක වචනයක් වත්. ඒ නිසාම මට දැනුනේ බයක්. මට දැනුනෙම වෙන්න යන්නේ මොකක් වුනත් හොඳක් නම් නෙවෙයි කියලා විතරමයි.

ටික දුරක් ගිහින් නිෂ් වාහනේ අයිනට කරලා පාළු රබර් වත්තේ මැඳටම වෙන්න නතර කරා. ඒත් එක්කම මට දැනුනා නිෂ් මං දිහා බලාගන ඉන්නවා. ඒ බැල්මට මගේ මූණෙ දකුණු පැත්තම ගිනිගන්න වගේ. ටිකකින් මගේ කළවා උඩ තිබුන නිෂ්ගෙ අත එහෙ මෙහෙ යනවා මට දැනුනෙත් නිෂ් සීට් බෙල්ට් එක ගලවන සද්දේ ඇහුනෙත් එකම වෙලාවේ. මං තාමත් අනික් පැත්ත බලාගන මේ වෙන කිසි දෙයක් මට affect වෙන්නේ නැති ගානට හිටියා. එකවරම මගේ කළවා උඩ එහෙ මෙහේ යන ගමන් තිබුන නිෂ් ගෙ අත එක තැනක නතර උනා. ඒත් එක්කම,

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

" My litte boy .."

More Chapters