පොඩී.....
මම පොඩීව ලගට අඩගහගත්තා....එයා මගෙ ගාව ඉන්නකොට මගෙ විතේන් ලොකු වැඩක් වගෙ එයාගෙ ලැප් එකට එබීගන මොන මොන මොනවා හරි කෙරුවා ....අර නලින් කියන මනුස්සයව කන්න හැදුවා...පොඩී ඉන්නවා කියලවත් නොබලම කුනුහර්ප පැලුවා වගේම එයාගෙ කකුල උඩ තිබුන මගෙ කකුලෙන් මම ඒ කකුල හිමීට පැගුවා උනත් කියලා ඉවර කරපු කුනුහර්පෙ ආය කටට ගන්න බැරි වෙනකොට එයා ඒක කියලා ඉවරම කරල දැම්මා....මගෙ බොටමට යකා ආවෙස වෙලා...
මිස්ටර් කියනවටත් පාඩුයි මේ හුත්තට, කියන සිංහල තේරෙන්නෙ නෑනෙ.....
සුදු අයියෙ...විතේන් අයියට මල පැනලද....
ම්ම්ම්...ම්ම්....ඒ වගෙ ඒ වගේ...පොඩී මේ බලන්න මේක ඔයාගෙ මුනට මැචින් නේද.. ඔයාගෙ මූන චූටිත් එක්කනෙ.....
මන්දා සුදු .....ඔයාට හිතෙන එක දාන්න...මේක මගෙ කැමැත්තට වෙන කසාදයක් නම්...මම මට ඕන මේක නෙවෙ අරක ..මට ඕන මේ පාට නෙවෙ අරපාට කියලා මාත් කියවන්න ගියා...ඒ උනත්...හිතේ කිසි සතුටක් නැති පවුලක දීගයක් කන්න යනවා කියන්නෙ...ඒකත්.....
ඇයි...ඒකත් කියන්නෙ....මොකක්ද පොඩි ප්රශ්නෙ....
මම පොඩී දිහා බලන් උන්නා....එයා මොකක් හරි කියන්න හදනවා.....සැරින් සැරේම විතේන් දිහා බලනවා....මම එයාදිහා බැලුවා ..මම එතකොටයි හරියටම පොඩීව දැක්කෙ....විතේන් මගෙ ලෝකෙට ආව දා ඉදලා මගෙ ඇස්වලට දැලක් දැම්මා හා සමානවම මම එයාග් ආදරෙන් අන්ද වෙලා උන්නා...මොකද ඒ ආදරේ තනිකරම පිස්සුවක් වෙනකොට මගෙ ඇහිපිල්ලමක පවා උන්නෙ මගෙ විතේන් වෙනකොට වටේ පිටේ උන්ට මොනවද වෙන්නෙ හිතන්න තරම් කාලයක් නැති උනා...මිනිස්සු ආදරෙන් අන්දවෙනවා කියන්නෙ බොරු නෙවෙ.....
බෝලයක් වගේ පිරුන මුනක් තිබුන....අගපසග පිරුන් නැති උනත්...අතපය බෝල ගැහුන පොඩී අද දිරලා ගිහින් තිබුනා...ඒකිගෙ උරහිස් ඇට පවා පෑදිලා තිබුනා....අල්ලක් සයිස් උන රවුම් පියයුරු ඔහේ වැල මදුලක් වගේ එල්ලුනා....අක්බමරු කොන්ඩෙ ඔහේ බූටෑවක් වගේ තිබුනා.....හිනා වෙනකොට දිලිසුන ඇස් අද මැරිලා ගිහින් තිබුනා...
එකි සැරින් සැරේම විතේන් දිහා බලනවා...මම විතේන්ට පනඇරලා ආදරෙයි...විතේනුත් එහෙමයි....එ උනත්...පොඩී....ආසාවට පිරිමි යාලුවෙක් නොඉදපු පොඩි විතේන් ඉස්සරහ ඔලුව නැවුවා..." ලැජ්ජා බය " එක්ක කූඩු කරලා හදපු අපිට අපේ හිතවල ඇතිවෙන හැගීම් අදුනගන්න පුලුවන් වෙනකොට මම එයාගෙ අතින් අල්ලන් බැල්කනි එකට ඇවිත් බැල්කනි එකේ දොර වහලා දැම්මා.....
පොඩී.....කියන්න....මම අයියනෙ....මට කියන්න....
මම එ උරහිස් දෙකට අත් දෙක තිබ්බා ...ඒකි බදින්න ඉන්නෙ සුදූගෙ හාමුව වෙනකොට ඒ හාමුවට මගෙ පොඩී අංශු මාත්රයකවත් කැමැත්තක් නෑ කියන්න මම දන්නවා උනත්...මේ තැනදි මම වගේම අප්පච්චි අසරනයි...මොකද මගෙ අප්පච්චි වගේ නෙවෙ...පොඩීගෙ අප්පච්චි ....අපේ අම්මලාට හපන්...ගෝනගල වලව්වෙ හාමු...හාමු පට්ටම වලට උනත් ගෙනියන්න තරම් මාන්නයක් ලොකු තාත්තට තිබුනා...සීයා තාත්තලා කොහොම මගෙ අප්පච්චි එක්ක කතා කරලා උන්නා උනත් උන් හැමෝම මගෙ අප්පච්චි එක්ක තරහයි කියන්න මම දැනන් උන්නා..මොකද මගෙ අප්පච්චි ඔය වලව් මාන්න පස්සෙ දුවපු නැති හින්දා.....
පොඩී....කියන්න....
මට...පොරොන්දු වෙන්න සුදු අයියෙ....දහම් ලොකු තාත්තට කියන් නෑ කියල.....
නෑ මන් කියන් නෑ.....
අනේ...සුදු...අයියෙ කෙලබිදක් වත් හොලවන්න එපා මාව මරාවි...
කියපන්...මොකක්ද පොඩ්ඩි...
මම කෙල්ලගෙ උරහිස් වලින් අල්ලන් හෙලෙව්වා ....ඒ ඇස් දෙක කදුලු වලින් පිරිලා ගියා....
සුදු....අයියෙ ...එකගෙයි...කනවා කියන්නෙ මොකක්ද සුදු අයියෙ....
එයාගෙ උරහිස් දෙක උඩ තිබුන මගෙ අත් දෙක දෙපැත්තට වැටුනා එක ගෙයි කන්න....පොඩීව?????
පොඩී.....උඹව යවන්නෙ එක ගෙයි කන්නද පොඩි .....මේ යක්ස හැත්ත....
අනේ සුදු අයියෙ අනේ...එපා...අප්පච්චි මාව මරාවි....සුදු අයියෙ...
කෙල්ලව එතනම දාලා එන්න හදනකොට පොඩී මගෙ අතේ එල්ලුනා එයාව අප්පච්චි මරයි කියලා අඩ අඩ යන්න එපා කිව්වා...
උඹව එකගෙයි කන්නද යවනවා කිව්වෙ පොඩි .....??
මට..මට....එහෙම...කතාවක් ඇහුනා....ඒ හාමුවට....තව අයියෙක් ඉන්නවා කියලා....
මට එතනින් එහා පොඩී කියන කිසිම දෙයක් ඇහුන් නෑ...ඇහුනත් මට තේරුමක් තිබුන් නැති උනා...එක ගෙයි කන්න.....ඒ හාමුවට තව අයියෙක්.....තව අයියෙක් කියන්නේ.....මගෙ පොඩීව උන් කයි දෙයියනෙ....මේ යක්ස හැත්තට මොන සාපයක්ද දෙයියනේ මේ ගහල තියෙන්නෙ....
එකා මාරුවට එකා ඒකිව යටකරගනී.....එකම දවසෙ නොවුනත්....අයියා නිදිවැදුනම මල්ලි නිකන් අතාරියිද.....මුන් කරන්නෙ මල්ලි පෙන්නලා අයියවත් ඇගේ ගහන්න හදන එක වෙනකොට මන් ගාව කදුලු බොන පුංචි එකී ගැන මට වේදනාවක් දැනුනා....මේ පොඩි වයසට ඒකි අවසානෙදි ඒකිගෙ පවට විතරක් නෙවෙ සුදූගෙ පවටත් කරගැහුවා. .....
මට තේරෙන්නෙ නෑ සුදු අයියෙ.....මේ පවුලෙ උන්ට වටින්නෙ නම්බුව විතරයි.....ගිය ආත්මෙ මම ලොකු පවක් කරලා තියනවා සුදු අයියෙ ....මේ කාලෙට මගෙ වයසෙ උන් කී දෙනෙක් නම් ජීවිතේ විදිනවද...උන් විදින ජීවිතෙන් අරික්කාලක් වත් අපිට නෑ මගෙ සුදු අයියෙ....දරන්න බැරි තැන සුදූ එල්ලුනා....ඒකිගෙ පව මගෙ කරපිට වැටුනා...එහෙමයි කියලා මාත් එල්ලුනොත්....එතනින් මේක නවතින්නෙත් නෑනෙ සුදු අයියෙ .....
මම කල්පනා කෙරුවා .....මම පොඩීව කොහෙ හරි හැංගුවොත්...ඊලගට ඒ පවට කරගහන්න වෙන්නෙ බිනරිට... මේක මහ කරුමයක්...
එකගෙයි කනවා කියන්නෙ....අවසානෙදි මිනිස්සු දෙන්නෙක් වෙනුවෙන් ළමයි වද වද...ඒකද මැනිකෙලාගෙ කෙරුවාව.....එක ඇද උන් තුන් දෙනාම බෙදා ගනීද ..??මංගල රෑ කොහොම ගෙවෙයිද....මගෙ පොඩි අයිය අතින් ඉදුල් වෙයිද මල්ලි අතින් ඉදුල් වෙයිද.....
මම ඒකි දිහා බැලුවා..මගෙ ඔලුවට ආව ප්රශ්න කාන්දරාව එක්ක ඒ මූන දිහා බැලුවා....අයියා නිදිවදින බව කියන්න අයියගෙ සරම කොක්කෙ එල්ලාවි....මල්ලි නිදිවදින බව කියන්න උගෙත් සරම හරි එල්ලාවි...ඒත් දෙයියනෙ තැලෙන්නෙ එකම ගෑනි නේද....??
මලක් වගේ උන්න මගෙ පොඩීගෙ මුන මැලවිලා ගිහින් තිබ්බා.....
මගෙ මගුලට ඔය තරම් නැහෙන්න එපා සුදු අයියෙ...මැරෙන්න බැරි කමට මැරෙන්න යන ගමනක් මිසක්...හිනාව උරුම නැති ජීවිතේට කදුල විතරක්ම උරුම නම්...මටත් වෙන්නෙ වැස්ස ආවා හෝ නැතා....කාශ්ටක අව්වෙ පවා මල් දරන්න හරියටම පතොක් ගහක් වගේ ....
මං අහන් උන්නා පපුවට උහුලන්න බැරි බරවචන ගොඩක් එක්ක ඒකි මගෙ මූනටම කතා කරනකොට එකම අයියා විදිහට මට උදව් කරගන්න බැරි උනා...ඒකිව බේරලා යැව්වොත්.....එතනින් එහාට මොනවා වෙයිද.... උන් ඒ කලු පැල්ලම වහන්න අනිත් උන්වත් හිතක් පපුවක් නැතිවම දන් දේවි....මොකද උන්ට දරු කැක්කුමට වඩා වලව් පට්ටම ලොකු උනා.. ....
මේ ජීවත් උන අවුරුදු ගානටම මම...උඹ.....සුදු....බිනරි...අපි හැමෝම...ජීවත් උනේ ආස දේවල් හිතේ තියන් ලැබුන දේවල් වලින් මිසක්....නිවනක් පේන තෙක් මානෙක ඇතිව නෙවෙ .....දුකක් ගෙවෙන හැම වෙලේම පවක් ගෙවෙන බව හිතන්න කිය කිය සුදූගෙ බනට වැඩපු හාමුදුරු නම කිව්වා උනත්.....මට කෑ ගහලා අහන්න හිතුනා මම උඹ අපි තව කොච්චර කල් පව් ගෙවන්න ඕනෙද කියලා..... මං හිත හදාගන ඉවරයි සුදු... මන් මගෙ ජීවිතේම උන්ට ලියල ඉවරයි...උන්ට පුලුවන් එක්කො මාව ආදරෙන් බලා ගන්න....නැතිනම්...උන්ට පුලුවන් එකා මාරුවට එකා මාව ඇදට අරන් හපයක් කරල දාන්න.....
උන්ට ඒ අයිතිය අපේ මහ උන්ම දුන්නට පස්සෙ උඹටවත්...මමටවත්....කරන්න කිසිම දෙයක් නෑ මගෙ සුදුඅයියේ .. ...
ඒකි හුස්මක් නොගෙනම කියෙව්වා.....පිටින් සුදු හුනු පිරියම් කරපු වලව්ව කියන්නෙ හැගීම් මරන දැනීම් මරන මිනිස්සු නොමරා මරන ආත්මෙට දෙන්න පුලුවන් උපරිම දන්ඩනේ දෙන "බටලන්දක්' නොවුන බටලන්දෙ වදකාගාරයක් වෙද්දි අපි කෙරුවෙ විදින්න ආස ජීවිතෙ හිතේ හිරකරන් උන් අපිට දුන්න ජීවිතෙ විදෙව්ව එක..
ඒකි තවම මලක්....බාගෙට පෙතිදිගෑරුන....
එකෙක් හරි ඔතනින් ආදරයක් දෙනවනම්....එකෙක් හරි ඔතනින් ඒකිගෙ පෙති ආදරෙන් දිගාරිනවා නම්.....
අයිය උනත්...මල්ලි උනත්...
එකි මාව දාලා යන්න ගියා...මම ඉතිරි උනා....ඒකිගෙ නඩුව එක්කම.....

ඔන්න බොලං එකගෙයි
කන්න කියන්
ලස්සන පින්න මලක්
ගෙදරට එන්න ඇවිත්...
ගෙයි පිලිකන්නෙ ඉදන්
මං ගෙට එන්න කලින්
අයියන්ඩිගෙ තෝනම
මුව අංකොක්කෙ ලැගන්
දෙයියන්ටද කියන්නෙ මේ අවනඩුව...ඉතින්....
සුදු මහහත්තයා ....
මං ගැස්සිලා ගියා.....
පොඩීගෙ අවනඩුව හිත කියන උසාවිය අස්සෙ නිවනක් නැතිවම විභාග කරනකොට මගෙ හිත මං ගාවින් පැනලා ගිහින් තිබුනා වගේම එයා ...මගෙ ගිනි ගන්න හිත නිවන එයා මගෙ පිටිපස්සෙන් ඇවිත් මට හිමින් සීරුවෙ කතාකරනකොට මං ගැස්සිලා ගියා....
ඇයි මැනික දුකෙන් වගෙ....
එයා කොහෙ හරි යන්න ලැහැස්ති වෙලා ...එයා මගෙන් අහනවා ඇයි මං දුකෙන් වගෙ කියලා ....ඒ උනත් මගෙ ඇස් දෙක තිබුනෙ එයා ගාව.....වයසට වඩා පරිනත වෙලා උන්න එයා හැමවෙලේම මට අප්පච්චි හා සමානවම ආදරේ දුන්නා.
.මගෙ දුකට හේතුව කියන්නෙම විසදුම් නැති ප්රශ්නයක් වෙනකොට එලියට යන්න ලැහැස්ති වෙලා ඉන්න එයාගෙ ඔලුවට මට බරක් දාන්න හිතුන් නෑ...
ඔයා මේ කොහෙ යන්නද...
හදිසි වැඩකට ෆැක්ට්රි එකට යන්න ....එහෙම්ම ඔෆිස් එකට....
ඇයි විතේන් හදිස්සියක්ද...
......
මං එයාගෙන් ඇහුවා හදිස්සියක්ද කියලා ඒ උනත් එයා වෙනදා වගේම මගෙ දිහා බලාගන මුනිවත රැක්කා....එක අතකට මං මොන විහිලු කතාවක්ද ඒ ඇහුවෙ ...මං හම්බකරන එකවගෙ දහ පහලොස් ගුනේකින් හොයන එයාටද වැඩ නැත්තෙ.....
ඇයි අකීකරු කම් කරන්නෙ....
එයාගෙන් උත්තරයක් නැති තැන මං අහක බැලුවා වගේම එයා මගෙන් ඇහුවා ඇයි අකීකරු කම් කරන්නෙ කියලා ...එයාගෙ ඇස් දෙක මගෙ මූන පුරාවටම ගිහින් අවසානෙදි මගෙ කන ගාව නැවතුනා ....
මන් හැමදාම කියනවනෙ මේවට කන ඉරෙයි කියලා ....
එයා බනිනවා .....ඊයෙ රෑ බැල්ලි පැටියා ඇදලා ඉරන්න ගියපු කන් පෙත්ත රතු වෙලා තිබ්බා වගේම එයා මගෙ කනෙ තිබුන කරාබුව ගලවලා අදත් එයා දාන් ඉන්න එක මගෙ කනට දැම්මා
පාරෙ මිනිස්සු යනවා....වාහන යනවා ....ඒ උනත්...මහ සෙනගක් මැද උනත් ඒ ඇස් හැම වෙලේම නැවතුනෙ මගෙ ගාව උනා....අයාලෙ යන්න හිතන්නෙවත් නැති ඒ ඇස් හැමවෙලේම හෙව්වෙ නැවතුනෙ මාගාව වෙනකොට මං ඒ ලෝභ කම පිරුන ඇස් දිහා බලන් උන්නා.....
තේශී ..
එයා මගෙ අත අල්ලගත්තා .....අත අල්ලන් ඒ අත් දෙක මැදට හිරකරගත්තා ....
අප්පච්චි මගෙ අතට මේ අත පැටලුවෙ...උඹට ජීවිතේ දෙන්න කියලා ...මං උඹ වෙනුවෙන් හම්බකරන්න ඕනා....උඹව දුකක් නොදී බලාගන්න ඕනා....පොරොන්දු වචන වලට සීමා කරන්න බෑ නිතේශ් .....
උඹ ටොප්...මං බොටම්....ඔය කිසිම දෙයක් මට අදාල නෑ නිතේශ් ....ඒක අයිති ඇදට විතරයි ...මට ඕනෙ උඹට සැනසීමක් දෙන්න....මට ඕනෙ උඹව වේදනාවක් නොදී බලාගන්න....ආදරෙ කරන්න..ඒකට මට මහන්සි වෙන්නවෙනවා නිතේශ් .....
හිගන්නෙක්ට....එකම පුතාව දෙන්න වලව්වෙ මැනිකෙලා කැමති වෙයිද...මං දන්නවා නිතේශ් ...
ඇදි වත පිටින් උන්නත්..මන් අන්තෙටම කඩා වැටුනා උනත්..උඹ මගෙ ගාව ඉන්නවා කියලා ....ඒත්.....මගෙන් ඇහුවොත් ...උඹව ජීවත් කරවන්න මං ගාව මොනවද තියෙන්නෙ කියලා .....මං උඹව රකිනවා බලනවා කියලා ඒ මිනුස්සුන්ගෙ හිතට කාවද්දන ඕනා නිතේශ් ..මොකද ....මමයි උඹව මගෙ පැත්තට හරවගත්තෙ....මමයි උඹව නම්ම ගත්තෙ..එහෙම උනාම උඹව මං රකින්න ඕනා...මට ළඳක් වගේ උඹෙන් කකා බිබී ඉන්න බෑ සුදුමහත්තයා ...
විතේන් .....
මං කතා කෙරුවා ...හුස්මක් නොගෙනම ආදරේ අකුරු කරන එයාට මං කතා කෙරුවා .....ඒ උනත් ....එයා යන්න හදිස්සි කෙරුවා ....
මං ඉක්මනට එන්නම් පන....පරිස්සමින් ඉන්න...දුක් වෙන්න එපා...උඹ දුකෙන් ඉන්නකොට මගෙ පපුවට බර වැඩියි....
මං උඹට ආදරෙයි අප්පච්චි .....පරිස්සමින් ගිහින් එන්න.....
මගෙ බේබි හාමුවා...

මට කියන්න ඉතිරි ඔච්චරයි ....ඒ ආදරේ ඉස්සරහා හැම වෙලේම මාව නොදරුවෙක් ගානට වැටෙනකොට එයා මගෙ කොන්ඩෙ අවුල් කරලා බේබි හාමුවා කිව්වා වගේම මං එයා එක්ක හිනා උනා.....ඒ එක්කම අදීශ්ගෙ දඩාරියන් සයිස් ඵොටො එක ගහපු AVON COSMETICS PVT LTD කියලා ගහපු එයාගෙ ස්ටාෆ් සර්වීස් ඒකේ බස් තුනක් එක පේලියට ඇවිත් කලර් ලයිට් ගාවින් බෙදිලා යන හැටි මං බලන් උන්නා.....
අදීශ් ...බස් එක වැහෙන්නම උන්නෙ අදීශ් වෙනකොට මේ ආදරේ ඒ විදිහටම දෙන්න ඇති කියන දේ ආය අයම පපුව පාරවනකොට මටත් නොදැනිම ලොකු හුස්මක් පිට උනා....

එයා අදීශ්ට මේ වගේ කතා කරන්න ඇති..මගෙ මැනික පරිස්සමින් ඉන්න කියන්න ඇති කියන එක මතක් වෙනකොට මට වේදනාවක් දැනුනා....ඒක අපි කොච්චර හිත හදාගන්න බැලුවත් හිතේ කොනක ඉදන් අපිව ඉදලා හිටලා හරි රිදවන තුවාලයක් වගේ දැනුන...
මමත් ආදරෙ කෙරුවා ...පරිස්සම් කෙරුවා ....ඒත්....එයා මට ඉස්සරහින් උන්නා.....මං එයාට අඩියක් දෙකක් පස්සෙන් උන්න....ඉතින්..මට වේදනයි....ඊරිසියයි දෙකම....
මගෙ බිබික්කම....ඇයි මේ.....
මොකුත් නෑ.....
මොකුත් ඥැහ් නෙවෙ .....ඊරිසිකාර චූටි පකිච්චා මගෙ...උඹ හැරෙනකොට මට දැනෙනවා නිතේශ් .....පරිස්සමින් ඉන්න.....
එයා මගෙ කම්මුලට තට්ටුවක් දාල යන්න ගියා....මං බලන් උන්නා ....එයා පහලට ගිහින් කාර් එක ගාවදි ආයම උඩ බැලුවා වගේම මං දිහාවට ඵෝන් එක වනල පෙන්නුවා ....
මැසෙජ් එකක්....
එයා ඵෝන් එක පෙන්නනවා එක්කම මැසෙජ් එකක් ආවා....
අද රෑට ගඩාපියගෙ ගෙදර නිදාගමුකො....
මුගෙ තියන වල් කම....මට හිනා ගියා...මං එහෙම්ම එයාට මැසේජ් එකක් වෙනුවට නර්ස් කිට් එක ඇදන් ඉන්න ජොනීසීන්ගෙ GIF එකක් යැව්වා

ඒ එක්කම මං සුන්දර හිනාවක් එක්ක එයා දිහා බලද්දි එයා පහල ඉදන් මට රවනකොට මන් මැදෑගිල්ල දික් කරා වගේම මගෙ නැහැදුන විතේන් SING එකක් දුන්නා....(👉👌)මේකා මහ වල් ආදෙක්...
එයා ගියා...
පරිස්සමින් පන තෙරුවන් සරනයි මගෙ විතේන් ....
යන්න ගිය එයා දිහා බලාගන මම හරි හෙමින් මිමිනුවා...එයා මාව හිනස්සවනවා....එයාට මාව හිනස්සවන්න පුලුවන් කොයි විදිහටද....එයා මාව ඒ විදිහට හිනැස්සෙව්වා ....එක අතකට....කටෙ එකයි හිතේ එකයි නොතියා කුනුහර්පයක් උනත් ලැජ්ජාවක් බයක් නැතිව කියන්න මට එයා නිදහස දුන්නා.....
ඇත්තටම කෙනෙක්ට හම්වෙන්න ඕනේම ඔලුව කන්නෙ නැති ආදරයක්....වටින් පිටින් ගිනි දුන්නත්....ආදරේ කරන එකා ගින්දර නොදෙන ආදරයක් ...
උඹට ජාති ජාතිත් පින් මගෙ විතේන් ....මැරුන මට ආයම පන දුන්නට ...
මං මහ පාර දිහා බලන් උන්නා.. එයා ගියා ...එයා නැති අඩුව මට දැනුනා ....තව පැයකින් දෙකකින් ඉර බහීවි.....ඉක්මනට රෑ වෙනවා නම්.....මට ඕනා ඒ පපුවට තුරුල් වෙන්න.....රෑ එලි වෙනකන් එයා එක්ක කියවන්න....කුනුහර්පයක් කියලා හිනා වෙන්න.....විසි හතර පැයේම බබා හුකුම් වෙන ආදරේට වඩා කුනුහර්පයක් පලන තැන ආදරේ තියනවා කියන්න මට මගෙ විතේන් කියලා දුන්නා....
මට ඔයා නැතිව පාලුයි.....
මට මිමිනුනා වගේම මගෙ අතේ තිබුන ඵෝන් එක ආයම දෙදිරුවා.....මිස්ටර් විතේන්ගෙන්!!!!!සතුට බෙදන පොලියානගෙන් .....
පරිස්සමින් ඉන්න පන....දුකෙන් ඉන්න එපා ....දන්නවද මගෙ සුදු අප්පො.....මං අදටත් විශ්වාස කරනවා හොදම කාලෙ එන්නෙ ඉස්සරහට....ඔයාගෙ විතේන්ව විශ්වාස කරන්න....
ඔයාට පාලුයි නම්...ඔන්න ඔය ලස්සන කොල්ලා දිහා බලන් ඉන්න.....

මං එකම මැසේජ් එකසිය පාරක් කියෙව්වා ....මන් හිතන්නෙ මගෙ විතේන් කියන්නෙ මායාකාරයෙක්.....j.k රොලින්ට මග ඇරුන....එයාට මගෙ හැගීම් හරි ගස්සවන්න පුලුවන් මායාවක් තිබුනා ....
ජීවිතේ හැමදාම දුක් විදපු මිනිස්සු කෙරුවෙ අනුන්ව සතුටු කරපු එක...මගෙ විතේන් වගෙ ...පනවගේ ආදරේ කරපු මනුස්සයා ඇස්පනාපිට මැරිලා ගිහින් පිස්සෙක් වෙලත් ආයම ආව විතේන් කෙරුවෙ මට වේදනාවක් නොදි සතුටින් තියන්න හදපු එක.....
ඒ උනාට....හැම වෙලේම හිනා වෙන මිනිස්සු තරම් අඩපු කවුරුත් නෑ...
මං එහෙම්ම මගෙ එෆබී එකදවුන්ට එකට ගියා.....වේදනාව පැලෙන්න හිතේ තිබුනත්...අනුන්ගෙ මුනට හිනාවක් ගෙනාව ඒ මනුස්සයා වෙනුවෙන් මම මගෙ වොල් එකේ ඉඩක් වෙන් කෙරුවා .....
" මං රග දක්වන්නෙ ඔබව නමුත් ඔබ හිනා වෙන්නෙ මට....."(චාර්ලි චැප්ලින්)
ලොකු අර්තයක් හැංගුන වචන ටිකක් මගෙ වෝල් එකෙ අකුරු කරපු මම එහෙම්ම කොළඹ අහස දිහා බලන් ඉදල ගෙට එන්න හැදුවා වගෙම බැල්කනියෙ කෙරවලම ඉන්න මගෙ අප්පච්චිව දැක්කා....එයා දම්පාට වෙච්ච කොළඹ අහස දිහා බලන් ඉන්නවා...නිකන් නෙවෙ සිංදුවකුත් අහන ගමන්.....මේ වුරුදු තිහටම මගෙ අප්පච්චි සැහැල්ලුවෙන් ඉන්නවා දැක්කමයි.....මම එයා ලගට ලන් උනා...එයා ගෙ එක කනක විතරක් හෑන්ඩ්ෆ්රී එක් තියනකොට මම එයාටත් නොදැනෙන්න අනික අරන් කනටගහලා ඇහුවා...

සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති.....
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති..
මං එයාට කරදර කෙරුවෙ නෑ....සිංදුව ඉවරවෙනකම්ම මම අහන් උන්නා....අවසානෙදි සිංදුව ඉවර උනා අප්පච්චි මගෙ දිහා බැලුවා ...අවුරුදු ගානකට පස්සෙ ඒ ඇස් දිලිසෙන්න පටන් අරන් තිබුනා .අම්මා ගාවදි කවදාවත් දිලිසුනෙ නැති ඇස් අද දිලිසෙන්න පටන් අරන් තිබුනා ....මගෙ අප්පච්චි අම්මට ආදරේ කරන්න හැමදාම උත්සහ කෙරුවා ....ඒ උනත්....අදවෙනකන් බැරි උනා අම්මට අප්පච්චි වෙනුවෙන් පේ වෙන්න....
අප්පච්චි ....ඔයා...සතුටින්.....ඒ එයා හින්දද අප්පච්චි
මං ඒ මූන දිහා බලන් උන්නා....එයා අත්දෙක පිටිපස්සට බැදන් මගෙ දිහා බලන් උන්නා....
නිතේශ් ...මන් ඔයාගෙ අම්මට ආදරේ කරන්න....උත්සහ කෙරුවා .....ඒත්.....ඔයාගෙ අම්මා ඔයාව ඇරෙන්න දීපු අනිත් හැමදේම ගින්දර ....ඉවසීමක අවසානය එපා වීම නිතේශ් ....කාලෙකට පස්සෙ...මං හුස්ම ගන්නවා වගෙ දැනුනා....ඒ ඇස් පවා හිනාවෙනවා....හරියටම ඔයාගෙ විතේන් වගේම .....අවුරුදු ගානකට පස්සෙ මට පරන දහම්ව හම්බ උනා....
මගෙ අප්පච්චි සංවේදි උනා...අප්පච්චිට මග ඇරුන ආදරේ.....අප්පච්චිගෙන් උදුරගත්තු ආදරේ...අද වෙනකෙනෙක් ගාව උනත්....අප්පච්චි එයාගෙ හිනාව දිහා බලලා අද පපුව පිරෙන්න හුස්ම අල්ලනවා මං දැක්කා....එයාට එයාගෙ පරන දහම්ව හම්බ උනාලු....හරියටම මගෙ විතේන් මට නැති උන සුදුඅප්පොව ගෙනත් දුන්නා වගේ....
අප්පච්චි ...ඔයා....එයාට තවම ආදරෙයිද අප්පච්චි .....
මං ඒ අත උඩින් මගෙ අත තියලා එයාට තවමත් ආදරෙයිද අහනකොට අප්පචි හිනා උනා...
සුදු පුතා....ආදරේ කියන්නෙ.....මොකක්ද දන්නවද .....ලෝකෙ මොන කෙරවලක උන්නා උනත්....මතක් වෙන එක,වාරෙකින් ඔයාගෙ මූනට හිනාවක් ගේන්න පුලුවන් නම්....ඒක තමා නිතේශ් ආදරේ කියන්නෙ....මං එයාට ආදරෙයි කියලා කියන් නෑ....හැබැයි.....මං එයාට ආදරේ කරන එක නවත්තන්නෙ නෑ...අයිති නැති උනත්....සුවද දෙන මල් කොහෙ පිපුනහම මොකද ...
මං අප්පච්චි දිහා බලන් උන්නා.....මේතාක් කාලයක් අප්පච්චිගෙ මූනට හිනාවක් ගේන්න බැරි උන අම්මට වඩා.....එයා මගෙ අප්පච්චිගෙ මූනට එක මතකෙකින් පවා හිනාවක් දෙනවා කියන්නෙ ....
මගෙ අප්පච්චිට එයා කොච්චර ආදරේ කරන්න ඇතිද ....
මගෙ අප්පච්චි එයාට කොච්චර ආදරේ කරන්න ඇතිද ...
ඒ උනත් ...අවසානෙදි සිද්ද උනෙ හිතක තෙතමනයක් නැති කුමාරි හාමිකෙනෙක් බැදගන්න වෙනකොට මගෙ අප්පච්චි කොච්චර අසරන වෙන්න ඇතිද ...
එයා සෑහෙන්න වෙලා මා දිහා බලන් ඉදලා එයාගෙ වොලට් එකෙන් කහ ගැහුන පට්ට පරන කොල කෑල්ලක් අරගත්තා ...
පරිස්සමින් බලන්න....අවුරුදු ගානක් මම ඕක පරිස්සම් කරනවා...තවමත්...
මං හරි පරිස්සමින් ඒ කොලේ දිගෑරලා බැලුවා ....බෝල අකුරු වෙනුවට තිබුනෙ හරි හදිසියෙ ලියපු අකුරු ගොඩක් වෙනකොට ඒ කොලේ ලියලා තිබුනෙ අප්පච්චි දැන් අහපු සිංදුව .....

එයාගෙ ආසම සින්දුව...හරි හදිස්සියෙන් ලිව්වෙ .....අවසානෙදි ...මට එයාගෙන් ඉතිරි උනෙ ඕක විතරයි .....මං ඒ අතීතෙට හරි ආදරෙයි පුතෙ...උඹට...උඹගෙ විතේන් ජීවිතෙ දුන්නා වගේම තමා.....එයා මට ජීවිතෙ දුන්නෙ....
මං අහන් උන්නා....එයා මගෙ අතේ තිබුන බෝල අකුරු නොවුනත් හැගීම් අකුරු කරපු කොලේ මගෙ අතෙන් එයා ආපහු අරගත්තා ...එයා විතේන්ට " ඔයාගෙ විතේන්"කිව්වා...කියන්න තේරුන් නෑ ඒ වචන ටිකම මට මගෙ අප්පච්චි ල්ොකු හයියක් ගෙනාවා...එයාට විතේන්ව දකිනකොට දැනෙන්නෙ දුකක්ද සතුටක්ද කියන්න මට නොතේරෙනකොට ඒ හිත පෑරෙයි කියලා බයෙන් උනත් මම අප්පච්චිගෙන් ප්රශ්නයක් ඇහුවා....
අප්පච්චි ...
කියන්න...
ඔයා ..එයාත් එක්ක...දැකපු හීනෙ...වෙනකෙනෙක් එක්ක බැලුවට දුක නැද්ද අප්පච්චි ...
ඒ හීනෙ කවුරු බැලුවම මොකද සුදු මහත්තයා ...පාට වෙනවානම්...මම එයා එක්ක දැක්කෙ කලු සුදු හීනයක්.....එයාට දැන් තියෙන්නෙ පාට කරපු හීනයක්....ඉතින් ...ඒකම මදිද...
මම අප්පච්චි දිහා බැලුවා...මම දන්නවා...අප්පච්චි හිතේ දුක හංගන් කතා කරන්නෙ.....ඒත්...එයාලා දැන් ඩිවෝර්ස් නේ.....ඒ උනත්.....ආයමත් පරක්කු වැඩි ඇති නේද.....මම කල්පනා කෙරුවා ...මම දන්නවා අප්පච්චි අම්මා එක්ක ගෙවන්නෙ මහ නීරස ජීවිතයක්.....සාගරයක් තරම් ලොකුඇදක් තිබුනත් හැමෝම කැමති සීතල නැති උනත් තුරුලු වෙලා නිදියන්න...මම හිතන්නෙ නෑ අම්මා කවදාවත් අප්පච්චිට තුරුලු වෙන්න ඇති කියලා ....මං හිතන්නෙ නෑ....අප්පච්චි කවදාවත් අම්මගෙ පපුවෙ සුවද අදුනනවා කියලා ...උඩුවියන් බැදපු වටිනාම ඇදක ඒ දෙන්නා දෙපැත්තට හැරිලා ඇදට වඩා වටින හැහීම් මරලා දලා තිබුනා.....
මගෙ අම්මා වැරදි....තුන්සිය හැට පැත්තෙම්ම ගත්තොත් අම්මා වැරදි....ටිකක් නෙවෙ මහ හුගක්...අප්පච්චිගෙ මූනෙ තිබුන හිනාව...මට පව් කියලා හිතුනා....
අප්පච්චි .....එයා ආයම ආවොතින්....
මම දන්නවා...මොන දේ උනත් අප්පච්චි අම්මට වරදක් කරන් නෑ කියලා එහෙම කරනවා නම් අප්පච්චිගෙ කර උසට තව ළමයි ඉන්න ගියා...ඒ උනත්...මට දැනගන්න ඕනා උනා....අප්පච්චිගෙ හැගීම් කොහොමද කියලා .....
නිතේශ් .....අහිමි වෙන එක වේදනාවක්.....ඒක හරි අන්දකාර හැගීමක්...හුස්ම හිර වෙන වේදනාවක්...ඒත්...ආයම හම්බවෙන එක.....හම්බවෙයි කියන බලාපොරොත්තුවෙන ඒක....මං දන්නෙ නෑ...ඒක හරි සුන්දරයි...ඉතින්....හම්බවෙච්ච දේ...හිමි කරගන්න බැරි වෙච්ච තැන උනත්....අයිති කරගන්න බැරි වෙච්ච එයාව හමුවුන ජීවිතේට මම ආදරෙයි...
මම අහන් උන්නා....මගෙ අප්පච්චි ජීවත් වෙන්නෙ ඒ මතක එක්ක....අයිති කරගන්න බැරිව උනත් හරි එයාව හමුවුන ජීවිතේට අප්පච්චි ආදරෙ කරනවලු...
කමක් නෑ....මට අද සතුටුයි...ඒ හිනාව මැරිලා නෑ කියන්නෙ.....එයා සතුටින් කියන එක නිතේශ් ....ඉතින්....ආදරේ කියන්නෙ දෙන්නටම හිනා වෙන්න බැරි උනත්....එක්කෙනක් හිනා වෙනකොට අනිත් කෙනාට ඒ දිහා බලන් සතුටු වෙන්න පුලුවන් එක.....මම නෙවෙ කියන්නෙ....ඒක එයා මට ඉගැන්නුවෙ...අනිවාර්යයෙන්ම ...ඔයාගෙ විතේනුත් ඒ විදිහටම උගන්නයි....මලක් නොතලා සුවද බලන්නෙ කොහොමද ....පාරෙ අයිනෙ ලාම්පුවකින් විතරක් එලිය බෙදන කඩ කෑල්ලක හැදෙන තේ එකක රස .....
මෙ හැම දේම එයත් ඔයාට උගන්නයි...වලව්වට වඩා...එයා ඔයාට ලෝකෙ කියලා දෙයි....
මොකද....උඹ ආදරෙ කරන්නෙ මගෙ ආදරේ පුරුකකට...
මගෙ පපුව හිරවෙන්න ආවා....අප්පච්චිගෙ වචන ඒ හැගීම්...ඒ ඔක්කොම පුදුමාකාර තරම් හැගීම් බරවෙනකොට එයා වික්ටර් රත්නායකගෙ මියුරු කල්පනා සිංදුව අහන්න ගත්තා ...

මියුරු කල්පනා නෙතක දැල්වුනා
අමයුරු රස හසකැන් මැද
සිතක් හිනැහුනා
වරෙක නැලවුනා....වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද
සිතක් නැලවුනා...
අප්පච්චියෝ.....
මමයි අප්පච්චි දෙන්නම උන්නෙ දම්පාට අහස දිහා බලාගන වික්ටර් මහත්තයගෙ කටහඩ එක්ක වෙනකොට ඒ හැම දේම එකම එක කටහඩක් එක්ක නැතිවෙලා ගියා....
ඇදන් උන්න සුදු පාට ටීශර්ට් එක පුරාවටම කහ නාගන.....මිරිස් නාගන...ශෙනෝන්ගෙ ගඩාපියා තනිකර තුනපහ නාලා...අදත් බඩයන සීන් එකක් තමයි තියෙන්නෙ...ඒකා පොල් කටු හැන්දත් අරන් ඇවිත් තියෙන්නෙ....මේ ඉන්න විදිහට නම් අත්තම්මා දැන් මොනවා හරි කිව්වොතින් පොල්කටු හැදි පාර කාලා තමා අත්තම්මා නවතින්නෙ අනේ සාදු...එහෙමවත් කනවා නම්....
අප්පච්චියෝ....මේහ්....
ඕ.....
වට්ටකා උයනකොට පොල් ගලේම අඹරන්න ඕනෙද...
ඔව් නේ.....
මූ වට්ටක්කා උයනවා වගේ...අනෙ...මුගෙ අමු වට්ටක්කා....මම අහන් උන්නා පොඩි පුකත් දික් කරගන එකා අප්පච්චිගෙන් වට්ටක්කා වලට පොල් ගලේම අඹරන්න ඕනෙද ඇහුවා... .
අනේ....බ්ලෙන්ඩර් එකට දාලා බැරිද...මට ගලක් නෑනෙ.....
ඇයි ඔය ළඟ තියෙන්නෙ දෙකක්ම....
නිතේශ් .....
මට හිනා ගියා....මට අප්පච්චි ඉස්සරහා කටට වැටක් බැදගන්න බැරිවෙනකොට අරූට කඩප්පුලි කතා කියන්න ගිහින් ගුටියකුත් කෑව වගේම අරූ පොර කුකුලා වගේ මා දිහා බලන් උන්නා..
ඒ...මූ නම් මහ වල් වනචරයෙක් අප්පච්චි කට ඇරියොත් පඩික්කම් කතාවක්මයි...මේ නිතේස් මේ....විහිලු නම් කරන්න ලෑස්ති වෙන්න එපා...අපේ සෙනෝන් මග එන ගමන්ලු.....ළමයා නිදි වෙලේ උයා ගන්න ඕනා.....නැකිට්ටොත් දෝනි කේස්...ඇයි වදෙ.....විහිලු කරන් එන්න එපා හරිතේ....මට හරියට වැඩ....ඒ අස්සෙන් අර ගෑනි කියනවා වට්ටක්කෙට පොල් ගලේ අඹරන්නලු....මෙහෙම අත් දෙකෙම්ම ගල අල්ලන් හොදට අඹරන්නලු...මට ගලක් තියෙන්නෙ එපැයිනෙ අනෙ ගල අල්ලන් අඹරන්න....
කොයි ගෑනිද....
අර ඇටෙත් එක්ක පලගන්න කියන්නෙ...අන්න ඒ ගෑනි අප්පච්චි ...ම්හුක්...මන් යනවා යන්න මමම එපැයි ඔක්කොම කරන්න... ඉව්වට පස්සෙ නම් එනවා බිබික්කම් ටික කන්න....වරෙන් නිතේස් මට පොල්ටිකක් ගාලා දීපන් ඒයි...
අනේ මේ..මට බෑ.....අර තිවංකයා ලව්වා ගාව ගනින්....
ආ...නේ...නිතේස්....ඇයි ඒයි මේ...එනවකො යන්න...පොල් බෑවක් ගාන්න බල්ලෙක් නෑනෙ...අනේ අප්පච්චි මං මූව එක්කන් යනවා.....
පොඩ්ඩක් ඉදින්....රෙදි ටික ගන්න.....
එයාගෙයි මගෙයි රෙදි අරගත්තු මම උඩ තට්ටුව මොල්ලිගොඩ මැනිකෙලාට ලියලා දීලා පහලට ආවා....අරූගෙ ඉවිල්ල කොහොමද කියනවා නම් කුසිය අපායක් වෙලා තිබුනා...බැල්ලි පැටියට උගෙම ටීශර්ට් එකක් අන්දලා යටින් ගැට ගලලා ඒකිගෙ ඇබිත්තන් හොම්බ විතරක් එලියට එන්න පොරවලා තිබුනා වගේම නින්දෙනුත් කිරි උරන චූටි පලිගුවට හොදටම නින්ද ගිහින් තිබුනා....ඌ හරි අම්මා...
රයිස් කුකර් එකේ බත් එක ඉදෙන සුවදට ඉව අල්ලපු මම අපායක් උන කුසියෙ ඉදන් පොල්ගාන්න ගත්තා .....ශෙනෝනයගෙ ගෑනිට කාලි වැහිලා...
රම්පා කොලයයි....හරි...තව.....අනේ පොඩ්ඩක් හිමින් කියපියකො ගෑනියෙ....මං බඩු ටික අරන් එනකොට තෝ උයලත් ඉවරයි...මට නම්..මේ ගෑනු....අරහන්....
නිතේස්.....මට ඔය කරපිංචා කොලයක් දෙකක් දෙන්න...
මං ඌට ගැනලා කොල දෙකක් දුන්නා....
ඇයි වදේ ටිකක් වැඩිපුර දීකෝ....
උගෙන් බැනුම් අහ අහ මම ඒකට ආව තේව කෙරුවා....ඌට එක තැනක ඉන්න බෑ...වෙලාව බලනවා එහෙ දුවනවා මෙහෙ දුවනවා...නිතේස් අරක කරපන් මේක කරපන්....උගෙ කට කව්කචර් එකක් වගේ...මගෙ ඔලුව කැක්කුමකුත් ආවා..... ඒ වෙන මොකටවත් නෙවෙ...බටු ඇට දෙකක් වගේ ඉන්න මූ මෙහෙම නම්....හයරියන් හත් රියන් වගේ ඉන්න මගෙ බොටම උයන්න ගත්තු දාට මට මොනවා වෙයිද හිතලා ....
.නිතේස් ...අනේ...ඒයි....ලුනු බලන්න...ලුනු බලන්න...
ඇති යකො ලුනු බලලා මට පිත පැලෙන්න වගෙ....
හරි හරි ඒයි මම යනවා ඇද රෙද්ද මාරු කරන්න....මං බිසී...මං බිසී...
උඹ ඊයෙනෙ ඇද රෙද්ද මාරු කෙරුවෙ....ආය එකක්....??
එක කහපාටයි ඒයි...රතු පාට එකක් ඕනෙ....කව්ද ඒයි දන්නෙ අද රෑට අපි දෙන්නා අතර මොනවා හරි සිද්ද වෙයිද කියලා👉👈අපේ සෙනෝන්ට...හරියට විසේනෙ ඒයි...ඩියෝන් බබා කියලත් වෙනසක් නෑ ඉතින්....
ඉද්දකින් උඹ...
මගෙ කන්දෙකම රත් උනා...ඒකා ඇදරෙද්ද මාරු කරන්න දිව්වා...ඒකත්...රතු පාට එකක්ලු...උන් දෙන්නා අතර මොනවා හරි සිද්ද වෙයිලු...එතකොට අපි දෙන්නත් අද නිදා ගන්නෙ මෙහෙ...එහෙම උනොත්...
අපි...දෙන්නා අතරත් මොකක් හරි සිද්ද වෙයිද....??
කව්ද දන්නෙ...????
මගෙ මුලු මූනම රතු උනා...ඒක එහෙම උනොත්...???.
මටත් රතුපාට ඇද රෙද්දක් ඕනා...කව්ද දන්නෙ👉👈මේ ළමයි දෙන්නටත් හරි විසේනෙ...!!!!
ඩියෝනයා...මටත් රෙද්දක් දීපා...න්...
ගුම් මෝනිම් අයියො.....😘
දවල් වෙලා ආසියෑන් එක්ක එන්නම්...
කතාව කියවපු හැමෝටම ස්තූතියි ගොඩාක් ...
මම
...ferdeesha 😘👉👈