WebNovels

Chapter 24 - 24

තේ.....ශී.....හ්හ්....

අනේ දළදා හාමුදුරුවනෙ...එපා....හ්හ්හ්...

මට එයාගෙන් ඇහුන අවසානම වචන ටික.....දලදා හාමුදුරුවො පවා අසරන වෙන වෙලාවල් තියනවා චූටි මහත්තයා....

වලාකුලු බැම්ම පහු කරන් මම වතුර කදට යට වෙන්න යනකොට එයා විලාප තිබ්බා....

තේ....ශි....හ්හ්හ්.....

ඒ එයා...වැවට පැනපු මගෙ අතින් අල්ලන් උන්නෙ එයා....මගෙ සර්වාංගෙම තිබුනෙ නුවර වැව ගිලගන්න බලාගන වෙනකොට එයා මගෙ අත දත් මිටිකාගන අල්ලන් උන්නා ....එයා දත් මිටි කාගනම මගෙ ඇගෙ බර තනි අතට අල්ලන් අනිත් අතෙන් බැම්ම අල්ලන් එයාගෙ බර දරන්න කකුල් වලට හයිය දුන්නා...

වි...තේ....න්....මට...යන්න...දිය....න්....චූටි මහත්තයා.....

බෑ.....බෑ...මට...උඹට යන්න දෙන්න බෑ මගෙ සුදු අප්පෝ...මට උඹට යන්න දෙන්න බෑ...මට...යන්න දෙන්න බෑ...මගෙ තේශි...අනෙ...දෙයි හාමුදුරුවනෙ...මට පිහිටවෙයල්ලකෝ...

එයා අඩනවා ..ඒ උනත් වැහි වතුරට ඒ ඇස්වල කදුලු කාටත් හොරාවට හෝදන් යනවා.....මම අඩනවා..මගෙ ඇස්වල කදුලු නුවර වැව ගිල ගන්නවා....මේ මහ වැස්සෙ එයා මාව අල්ලගන තිස් තුන්කෝටියකගෙ හයිය ඒ අත්වලට ඉල්ලුවා....

මට උඹට යන්න දෙන්න බෑ.....මගෙ සුදු අප්පො...අනේ...මාව දාලා යන්න හිත හදාගත්තෙ කොහොමද රත්තරනේ මමයි වැරදි...මමයි වැරදි.....උඹව එක මොහොතකට හරි තනි කරපු මමයි වැරදි මගෙ දෙයියො.....

එයා අඩ අඩ කෑගහනවා...

මට ජීවත් වෙන්න ආසා හිතුනා... අනේ..දෙවියනේ...මට ජීවත් වෙන්න ආසා හිතුනා.....අඩන්න එපා මගෙ පන මම යන්නෙ නෑ කියලා කියන ගමන් මේ වැස්සෙම තුරුල් කර ගන්න ඕනා උනා.....ඒත්.....දෛවය කොයි තරන් නම් නපුරුද කියනවා නම් වැහි වතුරට මගෙ විතේන්ගෙ කකුල් වල හයිය හෝදන් ගියා....වැහි වතුරට මාව අල්ලන් උන්න ඒ අත් ලෙස්සෙන්න ආවා...පැත්තකින් පැල්මක් තිබුන වලාකුලු බැම්මෙ එයාගෙයි මගෙයි බරට තවත් පිපිරුමේ කට ඇරුනා....අනිවාර්යයෙන්ම එයාව මාවත් එක්කම වැටේවි...

මට බෑ...මට බෑ...මට බෑ කියන්නෙ එයාව මරාගන්න කොහොමටවත් බෑ..

චූටි මහත්තයා.....

මහ අනෝරා වැහි මැදම මම එයාට කතා කෙරුවා.....ඒ ඇස් ගොරකා ලෙලි වෙලා.....සීතලට මුලු දෙතොලම වෙව්ලනවා ...මුලු මූනම සුදු මැලි වෙලා.....

විතේ....න්....මට.....එක...පාරක්....ආදරෙයි ...කියපන්...රත්තරන් ...

සුදු ....අප්පො....මං..උඹට...මගෙ පන වගේ...ආදරෙයි...මගෙ තේශි.....අනේ...මට මේ අපරාදෙ කරන්නෙ එපා....මට මේ අපරාදෙ කරන්න එපා මගෙ රත්තරන් ....අනේ....තේශී.....අනේ.දළදා හාමුදුරුවනේ....ඔබවහන්සෙට වත් මගෙ දුක පේන්නෙ නැත්තෙ ඇයි හාමුදුරුවනෙ...මගෙ කොල්ලා මාව දාලා යන්න හදනවනේ ...මගෙ පිහිටට කවුරුත් නැත්ද දෙවියනේ....අනේ....මට උදව් කරපල්ලකො....

එයා අඩනවා....වෙනදට සෙනග උතුරන වැව රවුම අද පාලුවට ගිහින් තිබුනෙ මගෙම වෙලාවට.....එයාගෙම වෙලාවට අපේම වෙලාවට වෙනකොට ගෙයින් එලියට බහිනකොට ඉස් ඉස්සරෝම පීදුන රත් කෙහෙල් ගහ මලත් එක්කම කඩන් වැටුනෙ මගෙ අවසාන දවස අදම කියන්න උනා...

ඉතින් විතේන් ....මට හමුවුන හොදම හමුවීම උඹයි මගෙ රත්තරන් .....මට හමු උන හොදම හමු වීම උඹයි....ඒත්....මේක නෙවෙයි මගෙ රත්තරනෙ ඒ දවස...

චූටි මහත්තයා වැරදි වෙලාවක....හම්බ උන හොදම හමු වීම උඹයි මගෙ පන.....

පොරොන්දු වෙන්නම් සංසාරෙ

දුකක් නම් නොදී...

පරිස්සම් කරන් නුඹව

මා එක්කන් යමී...

මේ හිරිහැර ලෝකෙන් පිටවී...

අපි අපිටම පමනක් අයිති....

නැවතුමකදි කොහෙ හෝ හමුවී

විදගමු මේ ආදරේ...

අපි පතනා ජීවිත සමහර තැන්වල

මුණ ගැහුනත් මේ ලෝකෙ

හැම හමුවීමම කෙලවර වන්නෙ

හිමි වීමෙන් නොව අවසානෙ..

අල්ලන් යන්න බැරි අතක්.....

අරගෙන ඇවීද බොහො දුරක්

හංගන් මතක හුස්මෙ තියන්

"තනි වීම ප්‍රේමයක්..."

වැහි කද මැද මම විලාප තියන එයා දිහා බැලුවා....තවත් මගෙ බර දරන්න ඒ අත් හයිය නැතිවෙනකොට නහර වැල් පවා ඉලිප්පිලා තිබුනා.....

"චූටි මහත්තයා ....පරිස්සමින් මගෙ පන"

තේ.....ශි....හ්හ්හ්හ්...අනේ...මගෙ..දෙයියෝ.....හ්හ්.....

එයගෙ අත අතෑරපු මම අවසානෙදි වැහි වතුර එක්ක නුවර වැවෙ වතුරකද දෙබෑ කරන් පහලට යනකොට එයා සෙන්ංකඩ අහස දෙදරවන්න කෑ ගැහුවා...

එච්චරයි .....මෙතනින් පස්සෙ උන්නෙ මායි වතුර කදයි වෙනකොට ජීවිතෙ කිසිම දවසක පීනලා නැති මාව සම්පූරනම වතුර වහගත්තා ....

නාස් කුහර ඇස් කන් කටවල් වලින් වතුර යනකොට මැරෙන්න බලන් වතුරට පනින්න ගියපු මට අවසානම තත්පරේදි එයා එක්ක ජීවත් වෙන්න ආස උනත් ඒ හැමදේටම මම පරක්කු වැඩි වෙනකොට වතුර කද මගෙ හුස්ම උදුරන්න මා එක්ක පොර බැදුවා...

මට මැරෙන්න ඕනේ....

කියන තරම් ලේසි නෑ හුස්ම අරින එක....

මගෙ පෙනහලු වලට වතුර පිරෙනකොට මම අපා දුක් වින්දා....නාස් පුඩුවලින් වතුර ඇතුලට යනකොට මාව එක පාරක් වතුරෙන් උඩ මතු උනා .....මැරෙන එකා පවා අවසානෙදි ජීවත් වෙන්න දගලනකොට මං කට ඇරලා හුස්මක් ගත්තා උනත් ඇගෙ බර මාව පහතට අදින කොට මාව ආයම වැවේ අඩියටම ගියා.....

හුස්ම හිර වෙනවා....

අන්දකාර වතුර කද මැද මොකුත්ම නොපෙන කොට මාව ආය පාරක් උඩට මතු උනත් හුස්ම අල්ලන්නවත් පන නැති මගෙ සර්වාංගෙම අවසානෙදි දරාගන්න අමාරුම වේදනාවක් එක්ක සැහැල්ලු වෙලා යනකොට අවසානෙදි මගෙ අවසානම හුස්ම කෙන්ද නුවර වැවට සින්නකර කෙරුවා.......

බීප්....බීප්.....බීප්....බීප්.....

ඩබ් ...ලබ්...ඩබ්....

ලබ්...ඩබ්....

ලබ්.....ඩබ්....

මට දැනුනා....මගෙ පපුව ගැහෙනවා...

මට දැනෙනවා වැහිලා තිබුන ඇස්පොයන් අස්සෙන් මගෙ ඇස් බෝල එහා මෙහා යනවා...මට දැනෙනවා...මගෙ ඇගිලි මට දරන්නවත් බැරි තරම් බර උනත් ඒවා හෙලවෙනවා....

සුදු අප්පො....සුදු මහත්තයා ...

වතුර පිරුන කන් වලට එයාගෙ කට හඩ හීනෙන් වගේ ඇහෙනකොට මැශින් ගොඩක සද්දෙ මැද මම හුස්ම අල්ලනවා මට දැනෙනවා....

එයාගෙ අල්ලෙ උනුසුම....ඒ දිගෑලි වගේම ඒ ඇස්වලින් වැටෙන උනුසුම් කදුලු බින්දු මගෙ නලලට වැටෙනකොට මම හුස්ම අල්ලනවා කියක මට දැනුනා.....මට තෙහෙට්ටුයි..මගෙ සර්වාගෙටම උහුලන්න අමාරු තරම් තෙහෙට්ටුයි...

මරු කටෙන් අහම්බෙන් ගොඩ ආව මට ඇස් ඇරගන්නවත් බැරි තරම් තෙහෙට්ටු වෙනකොට මට එයාගෙ ඇඩුම්බර කට හඩ....වගේම....

නිතේ.....ස්.....

ශෙනෝන්ගෙ...ගඩාපියගෙ බර උන කට හඩ.....ශෙනෝන්ගෙ..කට හඩ...මේ හැමදේම කන් අස්සෙන් ගියත් වතුර පිරුන වැලි ගියපු පෙනහැලි එක්ක මට හුස්ම අල්ලන්න අමාරු වෙනකොට මට මැශින් ගහලා තිබ්බා වගේම ඒ හැම දේම මට මහ වේදනාවක් ගෙනාවා.....

මගෙ...සුදු..මහත්තයා...මගෙ...රත්තරන් ....ඔයාගෙ...පන දිහා...එක පාරක්...බලපන්....රත්තරන්...මට...තව..

නම්...හයිය...නෑ....මගෙ...තේශී...

එයා අඩනවා...එයා මට ඇස් අරින්න කියනවා...ඒ උනත්..මට ඇස් ඇරගන්නවත්...හයියක් නෑ...මට එයා දිහා බලන්න ඕනේ....මගෙ චූටි මහත්තයා...මට සමාවෙයන් කියන්න වත්..මට හයියක් නෑ....

මගෙ...තේශී...කොහොමද...රත්තරනේ...මාව දාලා යන්න හිත හදාගත්තේ...

මට දැනුනා...එයා මඑ නිරුවත් කරල තිබුන පපුවට..... වයර් ගොඩක් අමුනලා තිබුන පපුවට එයා ඔලුව තියන් ඉකි ගැහුවා....

දේදුන්නෙ පාට පාටින් ආදරේ බැන්දු....

සංසාරෙ වන්දනාවෙ ප්‍රේමයේ ළන්දු....

සන්ද්‍යාව් නිම් වලල්ලෙ....

මායාවෙ දෑස දැල්වෙ...

කවුරුන්දෝ ඈ නොවේදෝ

ඈමගේ නොවෙදෝ...

ගංගාවෙ ගීතයක් වී

ගිම්හානෙ මේඝයක් වී

සන්තාවේ අංගනාවී

ඈඅමාගෙ නේදො...

තේ...ශී...අනේ....රත්තරන්....මා දිහා ඇස් ඇරලා බලපන්.....ඩියෝන්...උඹේ නිතේස්ට කියපන්කො...මා දිහා බලන්න කියලා...ඩියෝන්....

එයා එයාගෙ දුක කියනවා....ඩියෝන් ලව්වා මාව ඇහැරවනවා.....

නිතේස්....අයි...යේ....ඇස්...අරින්නකො..අන්...කිව්වනෙ....මං....යන්න...එපා...කිව්ව..නෙ....නිතේ....ස්....ඇයි...මගෙ....ඔලුව කැක්කුම්....කරවන්නෙ...ඒයි....නිතේ....ස්...ඇස්...ඇරපන්කො.....අපිට.....උඹව...ඕනා.නේ....සෙනෝන්....සෙනෝන්...නිතේස්ටඇහැරෙන්න කියන්නකො....

මගෙ මූන පුරාවටම ඩියෝන්ගෙ චූටි ඇගිලි යනකොට එයා මට ඇහැරෙනන් ඇහැරෙන්න ගගා ඇඩුවා....පපුවටත් වඩා බර සුසුම් වගේම ඉකිගහන...බර උන කටහඩවල් මගෙ කන් දෙක පසාරු කරගන හදවතට ගියා....

සුදුමහත්...තයා....ඔය විදිහට...නපුරු...වෙන්න...එපා...මගෙ..

මැනික.....ඔය විදිහට මට...විදවන්න දෙන්න.....එපා...මගෙ තේශී.....මට ආදරෙයි කියපු උඹ කොහොමද රත්තරන් මාව දාලා යන්නෙ.....

එයා අඩනවැ.....ඒ උන්ත්...ඉහින් කනින් වතුර ගිහින් බාගෙට මැරිලා උන්න මට හුස්ම අල්ලන්න පුලුවන් උනෙත් මැශින් වල පිහිටෙන් වෙනකොට මගෙ ඇස්වලින් කදුලු වක්කරනවා ඇරෙන්න වෙන දෙයක් නැති කොට කතා කරගන්නවත් බැරි තරමට මගෙ හකු පාඩා තද වෙලා අනු වැටිලා තිබුනා.....

ටික්...ටික්...ටික්....ටික්....

හෝරා ගානක් පහු උනා.....පපුවට බර සුසුම් හඩවල් අඩු උනා...ඉකිබිදින සද්ද මේ හැම දේම අඩු උනා...ඒඋනත්...මට මගෙ පපුවට එයාගෙ අතක රස්නෙ දැනුනා....මගෙ හිස කෙස් වලට ....මගෙ ඔලු කටුවට එයාගෙ උනුසුම දැනුනා...මැරිලා ගියපු හැම ලේ නාලිකාවක්ම ආයම පනගහන් එනකොට පැය ගානක්....මගෙ ජීවිතේ එක්ක ඔට්ටු උන මම ගල් කැට එල්ලුව හා සමාන බර දැනුන ඇස් පියන් ඇර ගත්තා ....

ච්.....ච්...චූ....ටි...මහ....ත්

මම මිමිනුවා....එයාට...මගෙ ගාවම....නින්ද ගිහින් තිබුනා...

කැනියුලාව ගහපු අත හොලවගන්නවත් බැරි උනත්...මම මගෙ දුර්වල අත එයාගෙ කම්මුල උඩින් තිබ්බා....

ම්ම්ම්හුක්.....ම්ම්.....

මගෙ පන....එයාට තෙහෙට්ටුවටම නින්ද ගිහින්....

.....ස්...සුදු ..අප්පො.....සුදු...මහත්තයා.....අනේ....මගෙ රත්තරනේ උඹට ඇහෙනවා නේද.....

ප...න...

මං..බලන්...උන්නා.....මම...බලන්.....උන්නා...දෙයියෝ....අනේ....මං....මේ ඇස් ගෙවෙනකන් බලන් උන්නා මගෙ මැනික....මං බලන් උන්නා..මගෙ සුදු අප්පො....

මේ හිත තනියෙන්.....

නුඹ එනකන්....

හිටිය තරම්....

නෑ...මං දන්නා....

වෙන කවුරුත් නුඹව තරම්....

ආදරයෙන්.....එදා....ඉදන්.....

නෑ...එකම එක...තත්පරයයි....එයා ඇස් ඇරිලා මාදිහා බලනකොට මම එයා දිහා අමාරුවෙන් ඇස් ඇරන් බලන් උන්නා වගේම එයා අඩ අඩම මං එනකන් බලන් උන්නා ගගා මාව ඉඹින්න ගත්තා ....මට එයාට් තුරුල් වෙන්න ඕනා...එ උනත් මම උන්නෙ තවමත් අඩපන වෙලා වෙනකොට මම එයා කියන හැමදෙම අහන් උන්නා...එයා අඩනවා....දුක කියනවා...මගෙ අත අරගන එයාගෙ ඔලුව උඩින් තියා ගත්තා .....

පොරොන්දු වෙයන්....පොරොන්දු වෙන්...මගෙ...රත්තරන් මාව දාලා යන්නෑ කියලා ...මට...මෙහෙම දුකක් දෙන්නෙ නැ කියලා පොරොන්දු වෙයන්ම් මගෙ සුදු අප්පො....මං උඹගෙ නිමලුත් වෙන්නම්...මම උඹට මගෙ ජීවිතේම දෙන්නම්....තේශි...අනේමැනික...

එයා මගෙන් පොරොන්දු ඉල්ලනවා...වේදනා දෙන ඇස්වලින් කදුලු වැක්කෙරෙනකොට මම ඇහෙන නෑගෙන ගානට උනත් එයාට උත්තර බදින්න කට ඇරියා...ඔක්සිජන් බට හින්දා ගහලා තිබුන මාස්ක එකට මම කියන එක එයාට ඇහෙන් නැති වේවි කියන බයට මම මාස්ක් එක ගැලෙව්වා ...හුස්ම අල්ලන්න අමාරු උනත් මට එයාට මම ආදරෙයි කියන්න ඕන උනා.....කවදාවත් දාලා යන්නෙ නෑ කියන්න ඕනා.උනා.....තව හුගක් දේවල් කියන්න ඕනා...උන...

ව්...තේ...න්.....ප..න....

අනෙ.....උඹට...අමාරුයි ...

ක...ම..ක්..නෑ...මට...මේක...කිය...න්නම

ඕනා....උඹ..මගෙ...ප...න...විතේ....න්.....මං...මං.... උඹට....ආදරෙයි ....මගෙ....විතේන් .....

එයාගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා....එයාගෙ ඇස්වලින් ඉවරයක් නැතිවම කදුලු වැක්කෙරෙනවා....එයා අඩ අඩ මගෙ උස් පහත් වෙන පපුව අතගානවා....අත ගගා මටන්ගනින බැරි තරම් හාදු තියනවා.....

ව්...තේ...න්....මං..පොරොන්දු ...වෙනවා....උඹව....කව...දාවත්...දාලා...යන්නෙ...නෑ.....කිය..ලා....මන් ...පොරොන්දු ....වෙනවා....ආය....අඩව...න්..නෑ....කියලා....

උඹගෙ....සුදු....අප්පො.....උඹට.....ආදරෙයි.....පන...ම්..මාව...තුරු....ල්...කර...

ගනින්කො.....වි...තේ...න්....

මගෙ....සුදු..මහත්තයා ...මං...මං...

ආදරෙයි .....නිතේශ් .....

හිනා වෙන්න බැරි තරමට....

හඩා ගන්න බැරි තරමට....

කතා කියන තරු දෑසට...

ලියා දෙන්න මදි අහසම.....

නුඹේ නමින්....මගෙ හදේ...

තැනූ මාලිගා.....තැනූ...මා...ලිගා.....

දෙතොල නම් ගොලුයි....

මුව කමල මල් සමයි.....

හිතට නෙතට

සුවද ගෙන තියා.....

නුඹ රහසින් ඇවිත්

මගෙ ලොවම හීනයක් කලා...

😘ඔන්න බෝනච් එක....

ආය...හෙච...ඈ...

ඒනම්..ඔය ළමයි...චැනචීමෙන් ජොයිය පුචා කරන්න...මේ ළමයත් බුජි.....

මම

Ferdeesha ❤️💚😘 ....

More Chapters