WebNovels

Chapter 23 - 23

යයිද ...එයා කිව්වෙ මට කුන්ඩලනී ශක්තිය මතු කරගන්ඩ කියලා ....ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙ.....වැරදුනොත් මැරෙනව ඇරෙන්න දෙයක් නෑ...

මම අනන්තවත් කියනවා මාව මැරිල වත් යන්නෙ නෑනෙ කිය කිය....ඒත් ..මට මැරෙන්න බෑ...මට මගෙ කොලු පැටියව දාලා යන්න බෑ...මට...මට...අනේ මට අග්නිව දාලා යන්න බැ.....

මම ඉදගත්තා .....කාමරේ කහ පාට ලයිට් එක ඇවිලෙන්න ඕන හන්දා ඇවිලෙනවා....

මම ඇද දිහා බැලුවා...අග්නිගෙ කකුල් දෙක ඇදෙන් එලියෙ.....තියන මුරන්ඩු කමටයි මහන්තත්ත කමටයි පොඩ්ඩක් ඔය අඩු බඩු වල දිග අඩු කරගන්නෙවත් නෑ.....

" මොකද ....බිබික්කමව දොයිය කරවන්න ඕනෙද....."

ඒ අග්නි....මම හිතන්නෙ මට නින්දටවත් සැනසීමක් නෑ.....මම එයා දිහා රවලා බැලුව...

"උඹට නිදිමත නැති නම්...වරෙන් මම පහල කැලේට එක්ක යන්නම්.....මේ වෙලාවට ඒ හරියට කනාමැදිරියො එනවා...."

මේ මහ රෑ කනාමැදිරි බලන්න එහෙ යන්න...පිස්සුද අග්නි...අනික යක්කු විමානෙ....

" දැන් උඹ මේ ඉන්නෙ සුරදූතයෙක් එක්කද අධීර??මෝඩ කමත් කල්පගානක්ම අරන් ඇවිත්..."

මම අහක බලාගත්තා ....මට බෑ මගෙ අග්නි යකෙක් කියලා හිතන්න....යතාර්තෙ මොක උනත් මට බෑ....එයා යකෙක් කියලා හිතන්න...මොකද ...මං එයා එක්ක ආදරෙන් බැදෙන්න පටන් අරන් ඉවරයි ....ආයමත් මාව අවුරුදු ගානක් පස්සට ඇදිලා ගියා .....මට බෑ...මට එයා යකෙක් කියලා හිතන්න හයියක් නෑ වගෙ දැනුනා....

මට උඹ යකෙක් කියලා හිතන්න බෑ මගෙ අග්නි.....

"ඉතින් මැනිකෙ...මං යකෙක්නෙ.....උඹට මං ළඟ ඉන්නකොටත් බයද ?"

එයා අහනවා මං එයාගෙ ළඟ ඉන්නකොටත් බයද කියලා ....මන් එයා දිහා බලන් උන්නා....එයා මගෙන් උත්තරයක් බලන් ඉන්නවා....

නෑ.....මට බය නෑ මගෙ අග්නි...

මං මිමිනුවා ....

"එහෙනම් වරෙන්...."

ලමයා...?

"ලමයා එක පාරක් ඇඩුවොත් බලා ගන්න කිරි අම්මලා කී දෙනෙක් නම් ඉන්නවද ...ඇරත්...මං බලාගනෙ උඹෙ අර උරචක්කර කුමාරිත් ඇවිත්....'

මගෙ....මගෙ මොකා

"දැහැමිනි....දැහැමිනි ....ආන් ඒකි....බලපන්කො උඹට යන වනචර හිනාව....කුපාඩියා"

මොනවද අග්නි ඔය කියවන්නෙ....උඹ අනුන් කියන ඔක්කෝම අහන් ඉදලා මෙතන .....

"ඉතින් උඹලගෙ උන්ට තැනක් නොතැනක් නෑනෙ....අපිට ඇහෙනවා....අපිට පේනවා ....දැන් උඹලගෙ අම්මගෙන් පේන අහන්ඩ.....තෙල් සාත්තු කර ගන්ඩ එන උන් මේ පෝලිමට ඉදන් ඉන්නව....දේවාලෙ ඇතුලෙ හක්ගෙඩිය පිඹිනකොට ..උඹලගෙ අප්පා යක් බෙරෙ ගහනකොට ....උඹ දන්නවද මේ වෙරලු ගහ යට ඉන්න උන් කීයක් නම් බයට තිත්ත කුනුහර්ප පලනවද කියලා ...නෑනෙ....."

කපටි අග්නියා ආයම ඒකගෙ පන්ඩිත කපටි කතා කියන්ඩ ගත්ත...කපටි අග්නියා කොහෙන් බැලුවත් කෙරුවෙ උන්ගෙ උන්ව සාදාරනී කරනය කරපු එක වෙනකොට මං ඇදෙන් බැස්සා.....

"කොහෙද යන්නෙ ...?"

ඇයි දැන් කිව්වෙ අර කනාමැදිරියා බලන්ඩ යන් කියලා ...

"පුකෙ ලයිට් බලන්ඩ ඔච්චරම ආසද....?"

මගෙ දෙයියනෙ ..අනේ අග්නී...අනේ....ඔය කටට සීමාවක් තියා ගනින්කො අග්නි.....මූ ඔක්කොම අහන් ඉදලා කියවනවා දැන්....

මං අග්නියව මරන්ඩ හැදුවා ....ඒකා දිවෙ කටේ නොගෑවි කුනුහර්ප කියනකොට මං දත්මිටි කාගන එයව කන්න හැදුවා ...ඒත් තත්පර ගානයි..අග්නි මාව ඇදල අරන් එයාගෙ කකුල් උඩින් ඉන්දව ගත්තා .....

" උඹ බයෙන් ද ඉන්නෙ ...."

ම්ම්...

" ඇයි....?"

ඔයා හොදටම දන්නවා...ඒක කරන්න..පුදුම තරම් ඉවසීමක් තියෙන්න ඕන කියලා...මාව මග මැරුනොතින් ..අග්නි....මට දැන් ජීවත් වෙන්න හේතු දෙකක් තියනවා....කිරිල්ලයක් බිත්තර දාල රකිනවා...කුරුල්ලා එක්ක කූඩුව හදනවා...පුංචි පැටව් එලියට එනකන් උන් බලන් ඉන්නවා...පාසි පුලුන්....උන්ට හොදයි කියලා හිතෙන හැම.දේම ගෙනත් කූඩුවෙ ගොටුවට දානව..ඇයි...පුංචි පැටව්ට ඇනෙයි කියලා ...බිත්තර පුපුරනවා.....පුංචි උන් එලියට එනවා...උන් ලොකු වෙනවා..අත් තටු හයි වෙනවා...අහසෙ පියාඹල බලානවා...උන් උන්ටම කියලා ලෝකයක් හදා ගන්නවා....කාලයත් එක්ක උන්ටම කියලා කූඩුවක් උන් හදාගන්නවා...ආයම කිරිල්ලි කුරුල්ලා එක්ක තනින්වෙනවා.....පුංචි පැටව් දැන් ලොකු වෙලා උන්ගෙම කූඩු හදන් ගිහින්.....මාත් ඒ වගේ...මාත් කූඩුවක් හැදුවා..අයිති නැති කිරිල්ලියක් එක්ක....හයිය ඇති කෝටු ගෙනත්..දිරාපු දෙබලක....ඒකි මට අයිති නැති හන්දා යන්න ගිහින්....ඒත්...මං ගාව පුංචි බිත්තරයක් ඉතුරුයි .....කුරුල්ලට කිරිල්ලි ඉතිරි උනා...හරියටම අප්පච්චිට අම්මා ඉන්නවා වගේ....ඒත් මට කව්ද ඉතිරි උනේ....මට අම්මා තාත්තගෙ ලෝකෙට ආයම රිංගන්න බෑ....

මට අහම්බෙන් උඹව හම්බුනා....අම්මියෙ...අම්මියේ ගගා අම්මා ඉල්ලලා අඩන කොල්ලට අප්පච්චි කෙනෙක් උනා...ජීවත් වෙන්න ආස හිතෙන හේතුවක් උඹ ආයම මට දුන්නා අග්නි...මට බෑ....මට....ආය බෑ.....කැඩුන කූඩුව කැඩිලා ගිය දෙන්...ඒත් ..ආයම අලුතෙන් හදන කූඩුවට කෝටු කෑලි ගේන මාව මරන්න එපා මගෙ අග්නි.....

මට ඇඩුනා....හිතපු නැති තැනකදි කදුලු වැටුනා...එයා අහන් උන්නා...මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්නා...මන්ත්‍ර සාස්ත්‍රය...එක එක භාවනා ක්‍රම කවදාවත් ආවට ගියාට කරන්න බැරි දෙයක් කියන එක මම දැනන් උන්නා....ඒක එයත් දන්නවා....කුන්ඩලනී හයිය කියන්නෙ ඒ වගෙ දෙයක් .....

කුන්ඩලනී ශක්තිය කියන්නෙ මේ මිහිපිට හුස්ම අල්ලන අපි හැමෝගෙම ඇගේ තියන ජීව ශක්තියක්...ඒත් නැති නම් ප්‍රාණ ශක්තියක්...මේ ශක්තිය පටන් ගන්නෙ කොදු ඇට පේලියෙ කෙලවරේ අධෝ මාර්ගෙට ඉහලින් තියන හරියෙන්...එක එක භාවනා ක්‍රම වල පිහිටෙන් මේ කුන්ඩලනී ශක්තිය මතු වෙන්න පටන් ගන්නවා...මෙ විදිහට මේ මතු උන කුන්ඩලනී ශක්තිය කොදු ඇට පේලිය හරහා ඉහලට නගින්න ගන්නවා..හරියටම ඉනි මගක් පඩියෙන් පඩිය ඉහලට නගිනවා වගේ මෙ ශක්තිය හරී හෙමින් කොදු ඇට පේලියෙ පුරුකෙන් පුරුක උඩු අතට නගින්න ගන්නවා...

මේ කුන්ඩලනී ශක්තිය ආවට ගියාට සුලුවෙන් තකන්න පුලුවන් දෙයක් නම් නෙවෙ...මේක පුරුකෙන් පුරුක හරිම හෙමින් උඩු අතට නගින එක භයානක දෙයක්....මොකද මේ ශක්තිය උඩ අතට ගමන් කරනකොට ඒක සාමාන්‍ය මනුස්සයෙක්ට දරා ගන්න කොහොමත් බෑ....මේක මතු කරගන්නත්...උඩ අතට නග්ගන එකත් භයානක දෙයක්.....කුන්ඩලනී ශක්තිය උරගාන කෙනා නිරෝගී කෙනෙක් වෙන්න ඕනා..නිකන් නෙවෙ...ඉතාමත් නිරෝගි කෙනෙක් වෙන්න ඕනා..ඒ වගේම හොද ශරීර සම්පන්න...හයිය හත්තිය තියන කෙනෙක් වෙන්න ඕනා....අනිත් ලොකුම දේ....මේ කුන්ඩලනී ශක්තිය මතු කරගන්න භාවනාව පලපුරුද්ද අතින් අබමල් රේනුවක තරම් වත් වරදක් නැති ගුරුවරයෙක් ගාව පුරුදු වෙන්න ඕනා....

එහෙම නැතුව හිතුමනාපෙට කරන්න ගිහින් වෙන්නෙ මේ ශක්තිය තමාට පාලනේ කරගන්න බැරිව මේ ආත්මෙට ගොඩ ගන්න බැරි අංශභාග ලෙඩෙක් වෙන එක...නැත්තන් පපුවෙ අමාරුවෙන් එතනම මැරිලා වැටෙන්න උනත් ඉඩ තියෙන්න පුලුවන් ..

ඉතින් මේ කුන්ඩලනී ශක්තිය මතු කරගන්නකොට ඉහලට නගිනකොට ඉවසීම කියන දේ අන්තෙටම තියාගන හරීම සීරුවෙන් හෙමින් හෙමින් පුරුකෙන් පුරුක උඩට නග්ගන්න ඕනෙ...කලබල වෙලා වැඩ වැරදුනෝතින් ප්‍රඵලය ගැන නම්....සතුටුවෙන්න හිතන්නවත් බැහැ..

කුන්ඩලනී ශක්තිය ගැන තවත් ටිකක් ගැඹුරටම බැලුවොත් ....මේ කුන්ඩලනී ශක්තිය කියන්නෙ අපෙ සර්වාංගෙ තියන ස්නායු පද්දතියෙ ඇතුලෙ සිද්දවෙන යම් කිසි සැකැස්මක්..මේ ශ්ක්තිය හරියටම ප්‍රගුන කෙරුවොත්...ඒ කියන්නෙ ටක්කෙටම ඉගන ගත්තොත් අපේ හිතට එක එක දේවල් කරන්න පුලුවන් වෙනව...

භාවනාවෙදි හිත හයිය කරගන මොකක් හරි දෙයක් ප්‍රාර්තනාවක් කරනවා නම් මෙ ශක්තිය අවදිවෙලා ටිකෙන් ටික උඩු අතට නගින්න පටන් ගන්නවා...ඇත්තටම කිව්වොත් හරි විදිහටම බැලුවොතින් මෙතනදි වෙන්නෙ අපෙ සර්වාංගෙ ස්නායු පද්දතියෙ ඇතිවෙන එක්තරා ආකාරෙක රසායනීක වෙනස් වීමක්...ඒ කියන්නෙ ස්නායු පද්දතියෙ උත්පාදනය ඉක්මන් වීමක්....මේ විදිහට අපේ ස්නායු පද්දතිය වේගයෙන් වැඩ කරන්න ගන්නකො අපේ සින්තටික් හෝමෝනය වැඩි වැඩියෙන් වැඩකරන්න පටන් ගන්නවා...ඒකෙන් වෙන්නෙ අපේ මොලය වගේම මබස සාමාන්‍ය කෙනෙක්ට වඩා දහස්ගුනේකින් ස්නායු වැඩ කරන්න ගන්නවා ...අන්දකාරෙදි බලලුන්ට වඩා පේන්න ගන්නවා...රෑ දවල් විදිට පේන්න ගන්නවා ...කොටිම්ම කියනවා නම්...ක්ශුද්‍ර ජීවීන් පවා ඇස්වලට පේන්න ගන්නවා...භූතයො පවා පේන්න ගන්නවා ..කොටිම්ම කියනවා නම්...අපිට අපේ ඇස්වලට පේන පරාසෙ වැඩි වෙනවා ....කනට නෑහෙන දේ පවා ඇහෙන්න ගන්නවා ....ඈත ඉදන් කතා කරන දේ පවා ඇහෙන්න ගන්නවා...අපි කවුරු හරි කෙනෙක් ගැන හිතින් මතක් කරගන එයා එක්ක කතා කරන්න....ඒත් නැතිනම් එයා හිතනදේ පවා අපිට දැනෙන්න පටන් ගන්නවා ....අපිට එයාට මනසින් පනිවිඩයක් පවා යවන්න පුලුවන් වෙනවා ...මේකට අපි ටෙලිපති ක්‍රමය කියනවා....

මං හුස්මක් අරන් අග්නිගෙ උරහිසට ඔලුව ගහගත්තා ....මෙච්චර දෙයක් කරන්න.....

"උඹ හිත හයිය කර ගන්න ඕනා මගෙ අධීර....උඹ හිතහයිය කර ගන්න ඕනා..මං ඉන්නවා.....උඹට ඉගන ගන්න වෙනවා..හැබැයි වැලි කැටේක දෙයක් වත් උඹට තියා ගන්නෙ නැතිව ....උඹ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඕනා.....උඹ අමුනපු මාලෙ දිග උඹම දන්නවා....එක වර්ගෙක එක ඇටයක් කියන්නෙ දවසක්.....එකවර්ගෙක එක ඇට කාන්දරාවක් කියන්නෙ...එක මනුස්සයෙක් ...උඹ උන් වෙනුවෙන් පින් කරන්න ඕනා ....උඹ කඩවරගෙන් වර අරන්....මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඕනා මගෙ අධීර...උඹ අසමසමකෙනෙක් වෙන්න ඕනා....උඹ උඹවම හොයා ගන්න ඕනා...."

එයා මගෙ පිට දිගේ අත ගෑවා....අත ගාන ගමන් එකින් එක එකින් එක කියලා දුන්නා....කඩවර...කඩවර කියනකොටත් ඇගම හිරි වැටිලා යනවා...

මම නැගිට්ටා නැගුටලා මොකුත් නොකියම කාමරෙන් එලියට ආවා...ඉලව් රකින්න ආව ගෑනු නම් සාලෙ මැද නිදාගන උන්නා.....සාරන්‍යගෙ අම්මා අප්පච්චි ....නංගි මල්ලි උන්නෙ අපේ ගෙදර වෙනකොට මගෙ පැත්තෙන් ආව උන් සමහරක් සාලෙ මැද නිදාගන උන්නා මම ඒ උඩින් පැන පැන ඇවිත් ඉස්තෝප්පුවෙ නවතිනකොට මන් බලාගන දැහැමිනියා නොන්ඩි කොට කොට එහා මෙහා ගියා..

" පුදුම උනන්දුවක් තමා තියෙන්නෙ....බලපන්කො...අන්ඩ කඩාගන උනත් නහින හැටි...හරියට ඒකි මැරිලා වගේ....."

අග්නි...එයා ආයම ඇවිදින්.....නොන්ඩි කොට කොට යන දැහැමිනී දිහා බලන් නෝක්කාඩු කියවනකොට මම පඩියක් පහලට බැස්සා.....

" බලන්ඩ පලකො.....දුක අහන අයියා වගෙ ගිහින් අහපන් පුලුවන් නම්...දැහැමිනි...ඔයාගෙ කකුලට කොහොමද කියලා .....ඒකිගෙ කකුලට අමාරුවක් නැති හින්දනෙ ඔය රගපාන්නෙ....මේකි වගේම තමා අර කතා පොතෙ උන්න හිම ගෑනි ....මේකිලාගෙ බොරුවම තමයි..."

.අග්නියා ආයම බනිනවා...ආයම බනින්න පටන් අරන්...

ශිවන්...

මම හිතන්නෙ මගෙ කලදසාව හොද නෑ...අග්නියා පිටිපස්සෙ ඉදන් නහින්න හදනකොට දැහැමිනි විරිත්තන් වගේ මම ඉන්නදිහාවට ආවා....

"බලපන් මේකිගෙ දත් ඇන්ද කතර ගම ඉන්න වැදිරියක්ගෙ වගේ....."

අනේ අග්නී....

" ඇයි ....අමාරුද...ඔව්...ඉතින් පොඩි කාලෙ මොනමගුලෙදො බෝලයක් ගැන කිය කිය මාන්දම හැදිලා වැටුන එකීනෙ...ඒක නෙවෙ..මට කියපන්...හුත්තිගෙ පුතාගෙ ගෑනු සතා මොකාද කියලා ...?"

අනේ අග්නි..පොඩ්ඩක් ඉන්නකො....ඇයි මේ....ඇයි ඔහොම....

"ඇයි මං පොඩ්ඩක් ඉන්නෙ...ඇයි මං පොඩ්ඩක් ඉන්නෙ.....උඹට මොකද...ආ...මොකද උඹට....ආ එහෙමනෙ...එහෙමනේ...නේ....හ..හා...හා....ඉදපන්...ඒකි එක්කම ඉදපන්....."

අග්නී....අග්නී...

කියලා වැඩක් නැ....කියලා නම් වැඩක් නෑ....මේ අග්නිව නම් හදන්න බෑ....මං කියපු එක වචනයක් අල්ලගන අග්නියා තරහා උනා.....ඒකි එක්කම ඉදපන් කියපු අග්නි මාවත් හප්පන් යන්න ගිය පාරට මාව පඩියෙන් පහලට වැටුනා වගේම මං බලාගන මනුස්සයෙක්ගෙ අතේ තිබුන බුලත් වට්ටියක් උඩින් යනවා ඒ මනුස්සයා බය වෙලා ලතෝනි ගැහුවා...

මේ යකා හොදට ඉන්න මිනිස්සුන්වත් බය කරලා මරන්න හදන්නෙ.....

ශිවන්...බබා කෝ...

නිදි ....

අයියෝ ..පව් අප්පා...

ඇයි ....?මං අහන්නෙ ඇයි පව් කියන්නෙ...?

පව් කියන්නෙ පව්නෙ....මේ වයසෙදිනෙ අම්මෙක් ඕනේ ..

" ඉතින් අපේ එකාද අම්මා නැති එකම එකා කියලා අහපිය බස්සෙක් වගෙ ඉන්නෙ...."

අංකර කෙක්ක ආයම ඇවිත් තිබුනා..පිටිපස්සෙන් ඉදන් කොනිත්ත කොනිත්ත මට බැන බැන පිටිපස්සෙ ඉදන් එක එක දේවල් උගන්නකොට මාත් එයා කියන දේවල්ම.ආපිට රිපීට් කෙරුවා නැත්තන් මට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ .....

මගෙ කොලුවා විතරක් නෙවෙනෙ දැහැමිනි ඇම්ම නැති එකම ලමයා.....එයා ටික ටික හුරුවෙයි...ඔය දැනට අම්මියෙ ගෑවට එයාට ටිකකින් අමතකයි....

ම්ම්...ඔව්...ඒ උනාට...දරුවෙක්ට අම්මෙක් ඕනා නේද ශිවන් ...

" අම්මෙ....අම්මෙ....පුදුම සෙනෙහසක් තමා..දරුවා කෙසේ වෙතත් උඹට ගෑනියෙක් ඕනද කියලද දන්නෙ නෑ අහන්න ඕනෙ.....මොකද කියන්නෙ මැනිකේ...දෙන්නද මේකිගෙ පිටපුපුරලා යන්න එකක් ...."

අනේ..අග්නීහ්....

මම හිත යටින් කෑ ගගහා කකුලක් ඔතලා තිබුන දැහැමිනි දිහා බැලුවා..

දැහැමිනි ඔයා මොකද මේ තුවාල පිටින් මෙහෙ ආවෙ ...මෙතන ඕන තරම් මිනිස්සු ඉන්නවා ...ඔය කකුල් වල තුවාල වලට කිලි අහුවෙලා කකුල් තව වන වෙලා අවසානෙදි කපාගන්ඩද?

"කියපන් ඔව්වට පෙරේතයො වහයි කියලා ...."

මං එකක් කියනකොට අග්නියා පිටිපස්සෙන් ඉදන් තව හැටක් කියෙව්වා ....ඒ අනිකා ඒ..අංකරේටම තමා.....

මන් සුරයක් දාන් ඉන්නෙ....ඇරත් ලොකු අම්මලා මෙහෙනෙ තනියම යන්නත් බෑ.....මං මේ පාර මෙහෙ ආවෙ නවතින්න බලාගනමයි ...ලොකු අම්මත් දේවාලයක් පටන් ගන්න යන්නෙ...

"ආහක්.....ඔය කියන්නෙ ..අනේ ඉතින් මේකි....ලොකු අම්මා ලුනු ඉල්ලලා බඩගානකොටම තේරුනා...ඉතින් අපිට පාන්ද අහපන් මැනිකෙ...."

අග්නියා බනිනවා.....දැහැමිනියා මේ පාර යන්න නෙවෙ මෙහෙ ආවෙ කියනකොට මං මූන ඇඹුල් කරගත්තා ...මොකද ඒකිගෙ ගේ තියෙන්නෙ අපේ ගෙට ගෙවල් තුනකට එහායින්....දැන් ඒකිගෙ ලොකු අම්මත් දේවාලයක් කරන්නලු යන්නෙ...මරුවට හිටි.....දැන් ඉතින් දේවාලෙ අම්මන්ඩිලා කෙස් වලු පටලවගන්ඩ පටන් ගත්තොත් එහෙම....

හොදයි.....

"එච්චරයිද කියන්නෙ....තව බැනුකො ...ඔහොම කැද ගිලලා,වගෙ හොදයි කිව්වෙ...."

මං එන්න හැරුනා....දැහැමිනියා එතන බලන් ඉන්නකොට මං අනිත් පැත්තට හැරුනා...ඕකිට තව තව දේවල් කියන්න ගියෝතින් වෙන්නෙ තව තව මගුල් කියන එක වෙනකොට මං ඊට එහා මොකුත් නොකියා එන්න හැරුනා....

"ඒකිට බැනගන්න බෑ .උඹේ කටේ දත් හැලිලනෙ....කව්ද දන්නෙ ඕකි එක්ක අත් අල්ලන් උඩ පනින්න අදහස්ක් වත් තියනවද කියලා "

අග්නි ඇති අග්නි ඔය ....මං ඒකිට මොනවා හරි කිව්වා නන් ඒකි තවත් එල්ලි එල්ලි එනවා නේද....

....

ඒක හින්දා නේද මං වචනෙන් දෙකෙන් කියවලා ඉවර කෙරුවෙ ...

........

පොඩි එකෙක් වගෙ එල්ලෙන්න එපා අග්නී....

........

අග්නී....අග්නි....අහගනද ඉන්නෙ....

අග්නියා නෑ...මම මෙච්චර වෙලා කියවලා තියෙන්නෙ තනියම....ඒකට ඕනෙ එල්ලෙන්නමයි....

මං අග්නිට කතා කෙරුවා ....එක පාරක් දෙපාරක් නෙවෙ තුන් හතර පාරක් ....අග්නි නෙවෙ ආවෙ...

මගෙ පුතා ..

ආ....අම්..මා...

මේන් මේ කටු කෑලි ටික කුනු කූඩෙට දාපන්....

මන් පුලුවන් තරම් හිමීට අග්නී අග්නී ගෑවා ....ඒත් අග්නියා නෙවෙ ආවෙ ..අග්නියා ආයම කොහෙ හරි ගිහින්.....

මන් අග්නිට අඩ ගගහා කතා කරනවත් එක්කම මෙච්චර වෙලාම දේවාලෙ සුද්ද පවිත්‍ර කරපු අම්මා එලියට ආවා.....

අම්මා මැටි පහන් වල කටු උරේක දාගන ඇවිත් මගෙ අතට දුන්නා ...

අම්මා දැහැමිනීලත් දේවාලයක් දාන්න යනවලු නේ.....

මන් අම්මා දිහා බලාගන දැහැමිනීලත් දේවාලයක් දාන්න යනවා නේ අහනකොට අම්මා හිනා උනා....

ඇයි අම්මා හිනා වෙන්නෙ...

මගෙ පුතා....ඔව්වට හිනා නොවී අඩන්නද කියපල්ලකො.....උන් හිතන් ඉන්නෙ මේ මන්තර සාත්තරේ හිතු මනාපෙට ජප කරන එකක් කියලා ....උන් මොනවද මයෙ පුතා නොකෙරුවෙ .... මන් ඔව්වට මොකූත් කියන්ඩ ගියෙ නෑ..මොකද කොච්චර නැටුවත් අවසානෙදි උනුත් හති වැටෙන තැනක් එනවනෙ....ඔවුන් මේ සාත්තරේ විහිලුවකට අරන් .....උන් හදන්නෙ උන්ටම වස්,වද්දගන්ඩ....

අම්මා වචනෙකින් වත් නොබැන කොස්ස අරගන ආයම පාරක් අතු ගාලා දාලා අලුත් මැටි පහන් අව්ලලා හදුන් කූරක් පත්තු කෙරුවා ...මන් අතේ තිබුන බිදුන පහන් කෑලි අරන් ගිහින් කුනු පෙට්ටියට දැම්මා....

අම්මා කිව්ව කතාව සම්පූරනම ඇත්ත ..උන් මේ සාත්තරේ විහිලුවකට අරන්.....උන්ටම වස්වද්ද ගන්න යන්නෙ.....

අග්නී...

මං වෙරලු ගහ දිහා බැලුවා ....බලලා එයාට කතා කෙරුවා ඒත් එයා නෙවෙ ආවෙ....

අග්නී.....

මන් ආයම කතා කෙරුවා ...මගෙ අග්නියට පොඩ්ඩ ඇත්නම් ඇති...

හුලන් පාරට ලාවට එහා මෙහා වැනෙන වෙරලු ගහෙ අතු දිහා බලාගන මන් ආයම කතා කෙරුවා ....ඒත් එයා ආවෙ නෑ....එයා කිව්වත් වගේ පහල කැලේට ගිහින් වත්ද.....

මම බෙල්ල හරවලා ගොරකා ලන්ද දිහා බැලුවා....යක්කු විමානෙ....මට එයා නැතුව යන්නත් බෑ.....එයා නැතුව ගිහින් මැරුම් කන්නත් බෑ..... 

අග්නී .....ඔයා කොහෙද අග්නී .....

මම ආය ආයම කතා කෙරුවා....ඒත් එයා නෙවෙ ආවෙ...

කැරම් බෝර්ඩ් ගාව උන්න කොල්ලො එතනම පැදුරු එලාගන නිදාගන ඉන්නකොට වයසක උන්දෙක් විතරක් බුලත් චප්පයක් හපන ගමන් උන්නා....

මග් අග්නිට තරහා ගියපු පාර මාව දාල යන්න ගිහින් තියනකොට මම වෙරඋ ගහය පොඩ්ඩක් මෙහායින් පුටුවක් තියාගන කකුල් දෙකටත් තව පුටුවක් තියා ගත්තා ...

අග්නි කියනවා හත් දොහ පහු උනාම මැනික් ගගෙන් නාලා කඩවරට ගොටුවක් තියන්ඩලු...

මම කල්පනා කෙරුවා....වරමක් ගන්නවා කියන එක එසෙ මෙසේ දෙයක් නෙවෙ....ගිණි පාගන්ඩ...හම ගැලවෙන තරම් රස්නෙ කිරි මුට්ටි ඔලුවෙ හලාගන්ඩ....ඇරත්..කෙම්මුරේට අම්මා උනත් විදින දුක මම දකිනවනේ...ආවේසෙන් නටන නැටිලිවලට ඇගපත කොයිතරම් නම් කැක්කුම් ගන්නවද..

පෙරේත දිශ්ටි වැටුනම මොනතරම් නම් අමාරුද එලවගන්ඩ....

මම පුටු ඇන්දට ඔලුව ගහන් අහස දිහා බලාගන කල්පනා කෙරුවා ...වැහැපු හින්දා එන තෙත හුලගත් එක්ක සීතලක් ඇගට දැනුනා වගෙම යක්කු එලවනකොට දුවපු මහන්සියට මට නින්ද යන්න ආවා.....

අග්නී.....ඔයා කොහෙද මගෙ අග්නී.....

ඇස් පියන් වැහෙන්න ඔන්න මෙන්න තිබිලා මම අග්නිට කතා කෙරුවා ...එත් අග්නි නෙවෙ ආවෙ.....එයා ගිහින්....එයා යන්න ගිහින්.....ඒත් එයාට මේ පුංචි දේට නම් තරහගන්න ඕන කමක් කොහොමත් නෑ....එයා කොහෙද ගියේ .....??

මම කල්පනා කෙරුවා ...ඒත් කල්පනා කරන්නවත් මට බැරි උනා මගෙ ඇහි පිහාටු පුදුම විදිහට බර උනා.....මම පුටු ඇන්දට ඔලුව ගහගත්තා ....වෙරලු ගහෙ වෙරලු මල් සුවද එක්ක යක්ශ පෙරේතයන්ටම වෙන් උන කුයිලෙ ලාවට මගෙ නහයට දැනෙනකොට මං බලාගන දේවාලෙ වහල උඩ කවුරු හරි ඉදන් ඉන්නවා...

අ ..ග්...නී....

ඇස් දෙක පියවෙන්න තත්පර ගානක් තියලා මගෙ ඇස් දෙක වැහිලා ගියා. ....

"ටිලින්....ට්ලින්..."

ම්ම්ම්හ්හ් .....ම්ම්.....ශිහ්....

ටිලි....න්...

අහකට ..ශිහ් ...

හෝරාවක් වත් යන්න නැතිව ඇති මට නින්ද ගියා හැබැයි ඒ නින්ද සාමාන්‍ය නින්දකට වඩා හුගාක් ගැඹුරු නින්දක් උනා ...හරියටම කවුරු හරි මගෙ මූනට මත් වෙන දෙයක් අල්ලලා මාව සිහි නැති කෙරුවා හා සමාන නින්දක් උනා....

මගෙ මූනට තෙත ගතියක් දැනුනා ..ඒක හරියටම තෙත හුස්මක් වගේ...ඇහෙන නෑහෙන ගානට එන දම්වැල් සද්දයක් ....ආයම සීනු සද්දයක් එක තෙත හුස්මක්....පිබින සද්දයක් මට ඇහෙන කොට මම මූන කැසුවා...අත් දෙකෙම්ම මගෙ මූන වහගත්තා ...එහාට හැරුනා ..මෙහාට හැරුනා ඒ එක්කම මගෙ මූනට මොකක් හරි කොල අත්තක් වැටුනා මාව පුටුවෙනුත් ඇදලා බිමට දැම්මා....මගෙ ඇස් ඇරුනා .

ද් ..දෙ . ..යියනෙ ....

මට ඇහැරුනා ...ඇහැරුනාට වඩා මාව මැරිලා ගියා නම් හොදයි කියාලා හිතුනා...ඒ තෙත හුස්ම....සීනු සද්දෙ.....දම්වැල් සද්දෙ...පිඹින සද්දෙ....වෙනකාගෙන් වත් නෙවෙ...බාගෙට දල මතු උන දල ඇතෙක්ගෙන් .....

එ...එපා...එපා.....

මම පස්සෙන් පස්සට රීට්ටුවා.....එපා එපා කියලා කෑ ගැහුවා ..මම ගිරියෙන් කෑ ගැහුවා...ඒත්....මගෙ කට හඩ පිට උන් නෑ....වට පිටාව බැලුවත් නිදාගන උන්න උන් මාව දැක්කෙ නෑ...

දල ඇතා ඔලුව දෙපැත්තට වැනුවා .හරියටම පෙරහැරේ නටනවා හා සමානව...එක අඩියක් ඉස්සරහට ගන්නවා...දෙපැත්තට වැනෙනවා.... ඒකගෙ හොඩේ උස්සනවා ...කෑ ගහනවා.....කන් දෙක හොලවනවා...

අග්නී....අග් නී...අනෙ .අග්නී....අප්පච්චි ....අම්මා....අප්පච්චි ...

ඇතාගෙ වැඩේම ඉස්සරහට එනවා...ආයම පස්සට යනවා...ආයම ඉස්සරහට එනවා...ආයම පස්සට යනවා...දෙපැත්තට වැනෙන්වා...කන්දෙක හොලවනවා.....දූවිලි අහුරක් අරන් ඇගට දාගන්නවා....ආයම හොඩ වැල උස්සන් කෑ ගහනවා....

මම අග්නිට අඩ ගැහුවා ඒත් අග්නි නෙවෙ ආවෙ .....මම අම්මට අඩ ගැහුවා....අප්පච්චි ට කෑ ගැහුවා.....දෙයියනේ මගෙ කට හඩ....මගෙ කට හඩ නෑ....මගෙ කට හාඩ නැත්තටම නැති වෙලා...

අඩි දහයක් පහලවකටත් වඩා පස්සෙන් පස්සට ගියපු ඇතා ආයම දූව්ලි අවුස්සන් දුවන් එනකොට මම කෑ ගගහා පස්සෙන් පස්සට රීට්ටුවා ....මම කෑ ගැහුවා දුවා ගන්න හැදුවා....නැගිටලා දුවන්න හැදුවත් මට දුවන්න බැරි උනා...මාව කකුල් පැටලිලා වැටුනා වෙරලු ගහේ අතු එහෙන් මෙහෙන් පාත් වෙනකොට ගහේ උන්න මොන යකාද දන්නෙ නෑ මගෙ ඇගට වෙරලු අත්තකින් දමලා ගැහුවා ...

මේකත් අරන් ..පලය....න්...මේක....අරන්....පලයන්.....

 මම ගොත ගැහුවා...ගොත ගගහා කෑ ගැහුවා .....මේකත් අරන් පලයන් කිය කියෝම මම වෙරලු අත්ත උගෙ දිහාවට විසික් කෙරුවා ....ඒත් වැඩක් උනේ නෑ.....මට නැගිට ගන්න බෑ....කොහෙන් ආව ඇතෙක්ද කියලා මටවත් හිතා ගන්න බැරි වෙනකොට මම අනේ ..ලොකු උන්නැහෙ පලයන් ..පලයන් ගගා වැද වැටුනා...

ඒ නෙවෙ අහන්නෙ ..ඌ ආයම දෙපැත්තට වැනෙනවා...ආයම කන් හොලවනවා.....හොඩ වැල උඩට අරගන කෑ ගහනවා...

අනෙ....ලොකු ..උන්නැහේ පලයන් ....පුංචි එවුන් ඉන්නවා.....දුවා ගන්ඩ බැරි එවුනුත් ඉන්නවා....පුල්ලයාර දෙවි හාන්දුවන්ගෙ පිහිටෙන් .....ආපහු...පලයන්.....ආපිට ...පලයන් ....

මම අත් දෙක වැන්දා .....කද දෙවි...ඝන දෙවි...හැමෝගෙම පිහිට ඉල්ලුවා....ඇතා නෙවෙ මෙල්ල උනේ ....ඒකා ඇගට දූවිලි අහුරක් දාගන්නවා...පස්සට යනවා ...මම බලන් උන්නා...ඒකා පස්සට යනවා...මේ පාර නම්...කලින්ටත් වඩා පස්සට යනකොට මට දැනුනා මූ දුවගන ඇවිදින් මාව පාගනවා කියලා ....ඇතා යනවා...තව පස්සට යනවා....ඒකා හොඩේ උස්සන් කෑගහනවා.....වංගෙඩි කකුල් බිම ගහනවා...මම හිතුවා හරි ඒකා එනවා....උස්සගත්තු හොඩේ පහතට දාගන ඒකා කන් දෙක වන වනෝම දුවගන එනකොට මෙච්චර වෙලා කෑ ගගාහා බයේ උන්න මම නැගිට්ටා අතට වැලි අහුරක් වගේම කකුල්වල සෙරෙප්පු ගලවලා විසි කරපු මම ඔලුවට දාන් උන්න තොප්පිය ගලවලා විසික් කෙරුවා....ජීවිතේට අලියෙක් ඇතෙක් ගාවට නොගියපු මම මාව පාගන්න එන ඇතා දිහාවට අත දික්කරල මතුරන්න ගත්තා....

ඕන් පුරකන්ද වේලියානෙ දිරි...අලියා....දිරි.....

මං මැතිරුවා හැබැයි ඇත් වෙනුවට අලි.....ඒකා එනවා....එක අකුරක්.....ශබ්දයක් වෙනස් උනත් ඇති...හැම දේම වරදින්ඩ...අරකා එන්වා....කැගහගන....හොඩේ උස්සන් කන් පට ගස ගස.....කෑ ගහන් පිඹගන....මන් හිටගන උන්න තැනම හිට ගත්තා ....සම්පූරනම යටි පතුල පොලවට වගේම සම්පූරනම ඔලුව අහසට නිරාවරනය කරගන උන්න මම මාව පාගන්න එන ඇතා දිහාවට අත දික් කරලා එකගෙ කන් වලට ඇහෙන විදිහට...ඒකගෙ ඇස් දෙක දිහා බලාගන මැතිරුවා.....ඒකා උන්නෙ මගෙ හුස්මක දුර...දූවිලි කාගන ආව එන ඒකා හොඩේට අහුවෙන ඔක්කොම පොඩි පට්ටන් කරන් කාගන එනකොට මම නවතින්නෙ නැතිවම මැතිරුවා .....මන්තරයක් පුස්කොළ පොතක් අතගහපු නැති මම කොහොම මතුරනවද කියන්න මමවත් නොදන්න කොට මම මැතිරුවා ....

" ඕං ශ්‍රිං බුද්දස්ස ලෝකස්ස එන්කට්ටි කන්දසාමි යානෙ දිරි දිරි සුඃ ඕං ශ්‍රීං විෂ්ණු ජාහනී අලි ශීත ජාහරිං භගවතො සුඃ ඕං කුමන්තරී කිචංතරි නාලිකාලුං පඩත්තකානි බාහු ඉඩත්තර පුත්තරි නිඩත්තර උංයාල් තන්ති මගෙනෙ කිඩතරි අප්පා කිඩතරී ඒස්වාහඃ"

ඇතා නැවතුනා....රේස් එකේ දූවිලි කාගන ආව ඇතා නැවතුනා...හොඩේ ඉස්සුවා.....එක්කො මූ මට ගහගයි...නැත්තන් උස්සලා පොල්වෙ ගහලා පාගලා මරයි...

මම බලන් උන්නා.....උගෙ ඇස් ..මගෙ ඇස් එකම රේකාවක තියනකොට ඒකග් හුස්මට සමානවම මගෙ පපුව හයියෙන් ගැහුනා...

" ලවන්.....ඇති ඔය....!!!!"

මම දන්නෙ නෑ...මම ඇතාට කතා කෙරුවා .....පිඹ පිඹ උන්න ඇතා මගෙ කට හඩත් එක්කම ආපිට හොඩ පහත් කෙරුවා .....ඒ තත්පර ගානකින් ආයම හොඩේ උස්සලා ඔලුව අහස දිහාවට හරවන් පස්සෙ කකුල් කකුල් වලින් හිටන් අත් දෙක බාගෙට උස්ස ගත්තා වගේම ඒකා කට ඇරලා පලාතම දෙදුරුම් කන්න කෑ ගහනකොට ඒ ඇස්වලින් වැටුන කදුලක් මගෙ උරපත්තට වැටුනා....ඒ එක්කම මාව ඇදගන වැටුනා...

🐘 ආයම එන්නම්...ඈ....

ගුත් මෝනිම්....තූ....යූ...

කායයියා ...නැකිත්තෝ...

🤭🤭🤭🙈🙈

Ferdeesha ❤️💚😘 ...

More Chapters