WebNovels

නුඹ ඍතුවක්

ANDRYRAFAELLO
98
chs / week
The average realized release rate over the past 30 days is 98 chs / week.
--
NOT RATINGS
10.7k
Views
VIEW MORE

Chapter 1 - 01

මහරාළ නුඹයි රට රකිනා

සෙත්කවිය වගේ සෙත සදනා

වෑ කන්ද පාමුලට කුරුළු පාලුවට

ආලය කරනා...

දුර පේනතෙක්ම දළු දාන...

මල් පිපුනු නව ලොවට එබෙනා

දියකැට පහන අරුම පසක් කොට අප්පච්චිලා ගියා....

හිරු කිරණ ඉරාගෙන සන්හිඳපාමුල

දොහොත් මුදුන් දෙන ගොවි දෙයියෝ

කිරි දොවන උදෑසන සුවද පුරෝගන ගම්මා....නෙ..

ගොවියන්ට තමයි මේ ගීතෙ....

දෙවියන්ට සදිසි මල්මාලෙ....

ගොවිබිම්‍ය අපේ දේවාලෙ...

දෙවියන්ට අපේ ගරු ප්‍රේමේ.....!!

මේ සතියට ඉස්කෝලේ නොයන තුන් වෙනි දවසෙ මම අදත් උදැල්ලට අත් දෙකම එකතු කරලා වැන්දා....

ගෙදරි බීලා ආව කහට කෝප්පෙ ඇරුනම උදේට කන්නවත් උන්නෙ නැති මම හවස තියන පන්තියට වත් යාගන්න බලාගන පලවෙනි උදලු පාර මඩට ගැහුවා.....හෙට දිහාවට වී ඉහාවි.....මීහරක් බානක් අදේට වත් ගෙනේවි...ඒත් මේ ඇබිත්තන් කුඹුරු කෑල්ලට කවුද මී හරක්බානක් දෙන්නෙ....

මම එහෙම්ම මගෙ ඉහට උඩින් තියන නිල්ම නිල්පාට ආකාසෙ දිහා බැලුවා....

තවම ඉස්කෝලේ පටන් අරන් නැතිව ඇති....

ඉහට උඩින් තිබුන නිල්පාට ආකාසෙ පාවෙන වලාකුලක් දිහා බලාගන හිටපු මං වලාකුලට විතරක් ඇහෙන්න මන් මිමිනුවා.....

(ඇසල ධනුද්දර සෙනවිරත්න ...)

ඔයිරාලෙ.....ඔයිරාමා....

ඔයිරාලේ...ඔයිරාමා.....ඔයිරාලෙ ඔයිරාමා...ඔයිරාමා...

එකම යායට තිබුනෙ කොලම කොලපාට ළපටි ගොයම් පැල ....ළපටි ගොයම පද්දව පද්දව තාලෙකට එන හුලන් රැල්ල වගේම...කන්ද උඩහට වෙන්න තියන පන්සල..බාගෙට ඉරනැගන් එනකොට නිල් ආකාසෙ ඒ හරියෙ විතරක් තිබුන තැඹිලි පාට.....තවමත් වී ඉහාපු නැති කුඹුරු වල මඩ පාට....ඉදහිටක අහසට ඉගිල්ලිලා යන කොකෙක්ගෙ අත් තටු වල කිරි පාට.....පන් වට්ටියක් හරි පන් මල්ලක් හරි අතෙ එල්ලන් නියර දිගේ එහා මෙහා යන බත් අම්මලා.....

මේ මං දකින ලෝකෙ....මේ තත්පර ගාන ඇතුලත මන් දකින ලොඉකෙ...ඒක වෙනම ලස්සනක්....ඒක වෙනම රසක්....කතා කරන්න කෙනෙක් නැති හන්දම මාත් එක්කම කතා කර කර මඩ ගොහුරෙ එරි එරි මම තව තව පස බුරුල් කෙරුවා .....

ලොක්කයියේ....හ්.....

ලොක්කයියේ...හ්...

මං උන්නෙ බිම බලාගන මඩ ගොහුරට කොට කොට වෙනකොට ඈතින් ඇහුන කට හඩත් එක්ක මං බෙල්ල උස්සලා බැලුවා....

සුද්දි...

පන් මල්ලක් උස්සන් නියර දිගේ දුවගන එන්නෙ මට උන්න එකම නංගි.....මට ලොක්කයියා....අයියා කියලා කතා කරන්න උන්න එකම නංගි....ඒකිත් අද ඉස්කෝලෙ ගිහින් නෑ...මං අහගනන මේකිව අම්මා උදේ කූද්දනවා....

ලොක්කයියෙ.....ලෙක්කයියෙ....

මොකද සුද්දි උඹ බෙරිහන් දෙන්නෙ...?

මිට දිග උදැල්ල මන් පැත්තකින් තියලා නලලට මතු උන දාඩිය බින්දුව මහපට ඇගිල්ලෙන් මරලා දැම්මා....

ඒ කෙරවලේ ඉදන් මේකෙරවලට වෙනකන් ඒකි ආවෙ දුවගනම වෙනකොට ඒකිගෙ කටෙ සද්දෙට තැන් තැන්වල උන්න කොක්කු සීසීකඩ පියාඹන් ගියා....කොලම කොල ළපටි ගොයම් ගස් අස්සෙන් කිරි සුදු කොක්කු පියාඹන් යනකොට මට උන් දිහා බලන්නද....නියර දිගේ දුවගන එන තවමත් වයස යන්තම් අවුරුදු එකොලහක් උන මගේ එකම නංගි දිහා බලන්න කියන සිතුවිලි දෙක අතර තත්පර ගානකට අතරමන් උනමං අවසානෙදි යන කොකාට යන්න දීලා ඉස්කෝලේ යන්නද නැත්තන් ඊයෙ රෑ නිදාගන්නකොට මං ලව්වම ගොතවග ගත්තු පිම්මට තිබුන කොන්ඩ කරල් දෙක වන වන දුවන් එන සුද්දි දිහා බලන් උන්නා....

ලොක්කයියෙ ....

මොකද බන්

අම්මා මේන් මේක දෙන්න කිව්වා ..අද වලව්වෙ පැනි ආප්ප පුච්චලා....අම්මා එකක් හංගගන උඹට ගිහින් දෙන්න කිව්වා....

මංඇදන් උන්න කොටකලිසමෙන් අත් පිහදගන්නකොට සුද්දි නියරෙ ඉදගත්තා ....

නැගිටපන් ඔතනින් ඇදුම් ගන්න දෙයක් නැති වේවි....

එක විනාඩියට දෙකට මොකුත් ගෑවෙන්නෙ නෑ....

මං සුද්දියා දිහා බලාගන උන්නා.....සුදු මුනෙ තිබුන එලිය හොරු අරන් ගිහින්....වෙනදට දිලිසෙන මූන අද අන්දකාර වෙලා ගිහින්....

ඊයෙ පෙරේදා වෙනකනුත් දිස්නෙ ගහපු ඒ මූනෙ දිස්නෙ නැති වෙලා ගිහින්... කනේ තිබුන අරුංගල් දෙක වෙනුවට තිබුනෙ කරපිංචා නැටි දෙකක්...දන්න දා ඉදන් අම්මගෙත් කන් පෙති වල හිල් වැහිලා.....කරපිංචා නැටි වලට උනත් හැමදාම පාලු කන්පෙත්තක නැගන් තනි රකින්න පුලුවන්ද ?

ගිනි වතුරට ඇබ්බැහි උන අප්පච්චි ගෙදර තියන හාළ් ඇටේ පවා උගස් කර කර බොන්න ගත්තදා ඉදන්.....අපි පුදුම දුකක් විදින්නෙ.....හොද සිහියෙන් ඉන්නකොට අප්පච්චි තරම් හොද මනුස්සයෙක් නැති උනත්....අවසිහියට ආව ගමන් අප්පච්චි හේතු නැතුව උනත් අම්මට ගැහුවා ...නැති සල්ලි පවා ගගහා ඉල්ලුවා ...

පෙරේදා වෙනකන් ඒකිගෙ කන් වල තිබුන අරුංගල් දෙක බලෙම්ම වගෙ ගලවන් යනකොට ඒකි බලාගන උන්නා ...

සුද්දි.....උඹ මොකද අද

පන් මල්ල ඌලෙ තියන් ළඟ තිබුන තනකොල ගහක් එක ඔට්ටු වෙන සුද්දියගෙන් මම ඇයි අද ඉස්කෝලේ නොගියෙ අහනකොට මේකි අර තනකොල ගහ ගලවන් ඉස්සරහා දත් වලට හිරකරගන්න ගමන් මගෙ දිහා බැලුවා...

කියපන්....බලන් ඉන්න නෙවෙනෙ ඇහුවෙ...ඇයි කියපන්.....

මගෙ බඩ රිදෙනවා.....

උඹට කවදද කැක්කුම් නැත්තෙ.....උඹගෙ හොරකම...යන්න පුලුවන් කම තියන කොටනෙ යන්නෙ නැත්තෙ....

හොරකම නෙවෙ

එහෙනම්....

ඊයෙ හැන්දෑ ජාමෙ ඉදන් මගෙ බඩ කැක්කුම් කරනවා ලොක්කයියෙ....

ගස් ගල්ගානෙනැග නැග උඹ ගඩාගෙඩි ගිලිනකොට බඩ කැක්කුම් නොකර ඉදීවිද...

මං ආයමත් උදැල්ල අතට ගත්තා ...අරන් කොටන්න ගත්තා.....

ලොක්කයියෙ...

මොකද.....

අම්මා කිව්වෙ හෙටත් ලොක්කයියට ඉස්කෝලේ යන්න වෙන්නෙ නැති වෙයි කියලා ....

මං කොටන එක පැත්තක දාලා සුද්දි දිහාවට හැරුනා ....ආයමත් වලව්වෙ පරවැඩක් වෙන්න ඇති....

ඇයි ආය මොකටද ?

බේබි හාමුව හෙටලු වෙදාගාවට අරන් යන්නෙ ..

ඉතින් බේබි හාමුව ගෙනියන්නෙ මගෙ කකුල් වලින් කියලා මහ මැනිකෙ කිව්වද?

......

මං මේ ඉස්කෝලේ ගමන නවත්තලා දානවා .....අප්පච්චි කෙනෙක් උන්නට රෑ පුරාවටම බීලා උදේ ඉදන් බුදියනවා....උන්ට පර වැඩ කරන්න වෙලා තියෙන්නෙ අප්පච්චි හන්දා ගේ දොර පවා වලව්වට සින්න උන හන්දනෙ. 

බේබි මහත්තයව අරන් බෙහෙත් ගන්න යනවයි කියනවත් එක්කම මං අප්පච්චි එක්ක තිබ්බ තරහව පිට කර කර පොලව කොටන්න ගත්තා ...අප්පච්චි කෙනෙක් අදින්න ඕන බර මම අදින්නෙ....

එක අතකට මට හිතෙනවා ඒ වයසක වසර්තියට ඇති ලෙඩක් නෑ කියලා ලොක්කයියෙ ...

........

බේබි හාමුලු ....වයස තිස් ගානකුත් වෙන්න එනවා ....මූනෙ හිනා කදුලක් නෑ....එක්කො කොහෙන් හරි මැනිකෙක් හොයන් ඇවිත් බන්දලා දුන්න නම් ඉවරනෙ .

.......

පෙරේදා හවස මං ලව්වා තුන් පාරක් කාමරේ අතුගාව ගත්තා ...මං අතුගෑවා කියන්න කියන්න ඒකා නෑමයි කිව්වා ලොක්කයියෙ.....

.....

හිනවෙන්නෙ නෑ කතාබහක් නෑ...මුඩුමයා.....මුඩුමයො එක්ක මැනිකෙලා ඒවිද.....ඉරුගල්බන්ඩාර නෙවෙ මුඩුගල්බන්ඩාර කියලා නම දාන්න තිබුනෙ....

.......

මට තරහ ගිය බව දැනහත්තු සුද්දියා ඊලග පාර වලව්වෙ බේබි හාමුට දොස්තියන්න ගන්නකොට මං මොකුත්ම නොකිය මගෙ පාඩුවෙ මඩවගුර එක්ක ඔට්ටු වෙන්න ගත්තා ....ඒකිගෙ කතාව ඇත්ත....බේබි හාමුගෙ මූනෙ කොයිම වෙලාවක වත් හිනාවක් නම් තිබුන් නෑ කොයිවෙලෙත් උන්නෙ මූනම තද උන එකා වගෙ වෙනකොට බේබිහාමු ඉන්න වෙලාවට මට වලව්වට යන එක පවා අරහන් උනා...

මං තව උදලුපාරක් ගැහුවා .....සුද්දියා තවමත් බේබි හාමුට බනිනකොට දවස් තුනකට උඩින් හේතුවක් නැතුවම මට දොස් තිබ්බ ඉරුගල්බන්ඩාර වලව්වෙ කොයි වෙලෙත් මදකිපෙන බේබි හාමුගෙ උද්දච්ච මූන මතක් උනා.. .

(තෙහස් ඉන්දර්/ඉන්ද්‍ර ඉරුගල්බන්ඩාර )

ලොක්කයියෙ...මේක කාපන් මන්‍ යනවා ...

..ගෙදර පලයන් අය මැනිකෙගෙ රෙද්ද අස්සෙ රිංගන්නෙ නෑ උඹ...ඉස්කෝලේ නොගිය එකෙ ගෙදර ගිහින් චක්කරෙ පාඩම් කරපන් ..

......

ගෙනාව පන් මල්ලත් බිම තියාපු සුද්දියා ඉදන් උන්න තැනින් නැගිටල යන්න ලැහැස්ති වෙනකොට මං ඒකිට ආයම වලව්වට යන්න එපා චක්කරෙ පාඩන් කරපන් කියනනගමන් මං ඒකිගෙ පැත්තට හැරුනා ..

මේන් මේක කාපන් ...පව් අම්මා උඹටමයි හංග ගත්තෙ...මං යනවා ...

ඉස්සරහට දාහන උන්න කොන්ඩ කරල් දෙක පස්සට විසි කරන ගමන් පන් මල්ල ඇස්වලින් පෙන්නන ගමන් අම්මා පව් කියලා යන්න හැරුනා ....

දෙවියනෙ ....සුද්දි....!!

ඒකි යන්න හැරුනා....හැබැයි මඩෙ උන්න මට කෑ ගැස්සුනා ....

සුද්දි ඔහොම නැවතියන් ....

ඇයි ලොක්කයියෙ.....

මඩෙ උන්න මං වටපිට බල බල විද්දිල්ලක් වගෙ වේගෙන් නියරට දිව්වා වගේම ඔලුවෙ ගැටගහන් උන්න ටී ශර්ට් එක ගලවලා ඒකිගෙ ඉනවටේ පටලවපු මං ඒකිගෙ කෙට්ටු අත උදලු මිටටම ගොරෝසු වෙලා තිබ්බ මගෙ අතට තද කරගත්තා ...

බිම බලාගනින්....

ඇ....ඇ...ඇයි ලොක්කයියෙ මේ...

කිව්වම අහලා බිම බලන් පය ඉක්මන් කරලා ගෙදර වරෙන් සුද්දි.....

උඹට මේ මක්ක වෙලාද ලොක්කයියෙ....අනෙ හිමින් යමන්කො ...බිම බලන් එන්නෙ කොහොමද ....අර මිනිස්සුත් බලන් ඉන්නවා ඇතිනෙ...ලොක්කයියෙ....අනෙ ...

ලොක්කයියෙ .....අතෑරපන්කො....

මං ඒකිගෙ අත අතාරිනවා තියා ඒකිට ඔලුවවත් උස්සන්න දුන්නෙ නෑ....වෙලෙ ඉදන් ගෙදරට වෙනකන් එක පිම්මට ඒකිව ඇදගන ගෙදර ආවා මං කෙල්ලව කාමරේට දාලා කුසියට දිව්වා ...

සුද්දි මේක තියාගනින්...මං ඉක්මනට අම්මව අඩගහන් එන්නම් උඹ එලියට එහෙම එන්නෙ නෑ.....

කැත්තක්....මේක මොකටද මට....ඇරත් මාව මේ කාමරේකට දැම්මෙ.....අනෙ ඇයි ලොක්කයියෙ....මේවා ....කියපන්කො.....

මට බයයිනෙ.....

 

පිරිමින්ට මුනිච්චි වෙන්න හොද නෑය කිව්වත් මගෙ නංගිගෙ පලවෙනි කිල්ලම උනෙ මං වෙනකොට කාමරේට දාලා දොරවහපු පාරට ඒකි බයවෙලා විතරක් නෙවෙ ඇස්වල කදුලුත් පුරවන් අනෙ ඇයි ලොක්කයියෙ. ..අනෙ ඇයි ලොක්කයියෙ කිය කිය මගෙ අතින් ඇද ඇද හොලවනවත් එක්කම මන් ඒ ඔලුවට අත තිබ්බා ...

උඹ කොටහළු වෙලා මගෙ නංගි.....

.

නුඹ ඍතුවක්.....

හැමෝම පරිස්සමින් සතුටින් ඉන්ඩො...

ආතරෙයි.....

මම

Jobby....

..nedeesha !